Sunday, October 31, 2010

මැදපු කමිස මොකුත් නැති එකේ රහස

මං පෙරේද පෝස්ට් කරපු මැදපු කමිස මොකුත් නැත කියන කතන්දරේ නැගල ගියා. එදා පොරොන්දු වුණු විදියට මං මේ ලියන්න යන්නේ මගේ ඇඳුම් ගොඩේ මැදපු කමිස මොකුත් නැති එකේ රහස මොකක්ද කියලයි.

එදා කිව්ව වගේ මම් තුමාවත්, කතන්දර හාමිනේවත් සාමාන්‍යයෙන් ඇඳුම් මදින්නේ නෑ. මං හිතන්නේ මං තුමා නං අවුරුද්දකට එක දවසක්වත් මැදපු කමිසයක් ඔෆිස් ඇඳන් ගිහින් නෑ.

http://kathandara.blogspot.com/2010/10/blog-post_31.html

Tuesday, October 26, 2010

බින්දු බින්දු බින්දු බින්දු බින්දු ..................

ඕනෑම බෝතලයක තියෙන, අරක්කු හෝ ජින් හෝ වයින් හෝ බියර් හෝ සේරම වීදුරුවලට දාගත්තට පස්සෙත් අඩු ගණනේ තවත් බින්දු දාහතරක් ඒ බෝතලේ ඉතුරුවෙලා තියෙනවා, තියෙනවා ම යි...!!!

කොහොමද මං දන්නේ?

http://kathandara.blogspot.com/2010/10/blog-post_26.html

Monday, October 25, 2010

අරුණි ශපීරෝ ගේ උත්තරය

මගේ ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියන කතන්දරේ ට අරුණි ශපීරෝ මුලින් දාපු කමෙන්ට් එක ගැන සයිබර් යායේ බුද්ධි ගේ පිළිතුරට අරුණි ශපීරෝ ආයෙත් උත්තරයක් ලියාලා.

http://kathandara.blogspot.com/2010/10/blog-post_23.html

Friday, October 22, 2010

ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද?

ඕනෑම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් හරි උප පජ්ඣ වේදනීය කර්මයක් හරි, ඉතාම ලේසියෙන් අහෝසි කර්මයක් කරගන්න පුළුවන් - පොඩි ඇනටොමිකල් අවශ්‍යතා දෙක තුනක් සපුරන්න ඇහැකි නං.

හොඳින් නම්‍යශීලි කශේරුකාවකුයි, ඇනලිටිකල් ග්ලෝබ් එක මියුට් කරපු මස්තිශ්කයකුයි, දෑත් ශක්තිමත් කරන්න තරමේ මසල් පවර් එකකුයි විතරයි අවශ්‍ය වෙන්නේ.

Read it in full:
http://kathandara.blogspot.com/2010/10/blog-post_21.html

Tuesday, October 19, 2010

ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ?

මල්ලියි, තාත්තයි බර අවි යොදා ගන්නෙ නැතුව කරපු මකුණු සමූල ඝාතන මහා මානුෂික මෙහෙයුමට මටත් හවුල් වෙන්න වුණා.

දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.

ඒ තල්මහ පොර වෙලා හිටිය කාලේ විනාස කරපු හාල්මැස්සො කන්දරාව ගැන කාටද අනේ මතක?

Read in full:
http://kathandara.blogspot.com/2010/10/blog-post_19.html

Sunday, October 17, 2010

ලංකාවේ ඉඳල පිටරට ගිහින් එන අයත් විවිධ නවකතා ලියනව. මේ පාර සාහිත්‍ය සම්මානයක් ලැබුණු සුමිත්‍රා රාහුබද්ද ගේ කන්දක් සේමා නවකතාවත් ඒ වගේ එකක් නේ. එහෙම වුනාට ඒව බොහෝ විට ද්විතියික මූලාශ්‍ර මත ලියවුණු ඒවා නේ. ප්‍රාථමික මූලාශ්‍ර මත කතා ලිව්වොත් ඒවා නිකං සංචාර සටහන් විතරයි.

ඒ අනුව බලන කොට පිටරට ජීවත්වෙන සිංහල මිනිස්සු තමන්ගේ අත්දැකීම මත පදනම්වෙලා තමන්ම ලියන කතා ඒ රටවල් ගැන දැන ගන්න සාපේක්‍ෂව හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.

මේ "තිරස තරණ" පොතේ එක එක විදියේ රස මවන කෙටිකතා තියෙනවා. මං නං ඉතිං කැමති උත්ප්‍රාසයට නේ. ඒ හින්දා මගේ හිත ගියේ මේකෙ තියෙන ලක්‍ෂ්මන් රන්දෙනිය ලියපු කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන කියන කෙටිකතාවටයි.

Read More:
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

Tuesday, October 12, 2010

හබරල ගාලේ කබරගොයි විවාදය

මේ ජන හඬ වැඩ සටහනේ මං බලපු විනෝදාත්මකම විවාදය තිබුනේ ඒ දවස්වල විපස්සේ ක්රියාකාරිකයෙක් වුණු මහින්ද යි, විජය, චන්ද්රිකා එක්ක දේශපාලනේ කරල පස්සේ ප්රේමදාසවාදියෙක් වුණු ආණ්ඩු පස්සේ ඔසී යි අතරේ.

ඔසී නං දැන් ජීවතුන් අතර නෑ. ගාමිණී මැරුණු කොටි බෝම්බෙන් පරලොව ගියා. ඒ දවස්වල හිටපු මහින්දත් දැන් ඉතිං නෑනේ. මං කියන්නේ අර මානව හිමිකම් ගැන කියන්න ජිනීවා ගිය, ආණ්ඩුවේ මිනී මැරුම් වලට විරුද්ධව පා ගමන් ගිය කෙනා ගැනයි.

Read it in full:

http://kathandara.blogspot.com/2010/10/blog-post_13.html

Saturday, October 9, 2010

පෙට්‍රෝල් ලීටරයක් රුපියල් විස්සකට?

ඔන්න දවසක් මං හවස බොරැල්ලෙන් බැස්සාම පිටකෝට්ටේ පැත්තට එන බස් එකක් ගන්න, එතන හන්දියේ මහා දේශපාලන රැස්වීමක් -විපස්සේ කස්ටියගේ.

මං සාමාන්‍යයෙන් කැමති නුගේගොඩ සුපර්මාකට් එක ලඟ තියෙන රැස්වීම් බලන්නයි. හැබැයි බොරැල්ලේ තිබුණු කීපෙකුත් බලල තියෙනවා. මං මේ කියන්න යන රැස්වීමට අමතරව බොරැල්ලේ දී බලපු පොඩි පොකට් රැස්වීමක් තමයි දැන් ලොක්කෝ වුනත්, ඒ දවස්වල සොක්කෝ වුණු චම්පකගෙයි, රතනගෙයි පරිසර පාටියේ රැස්වීමක්.

Click here for the full story:

http://kathandara.blogspot.com/2010/10/blog-post_10.html

Wednesday, October 6, 2010

විකල්ප පත්තර යුගයේ අවසානය ලඟා වේ වූ හැටි!!!

එක්දහස් නමසිය අනූ හතරේ පැවැත්වුණු මහ මැතිවරණය මං මුළ ඉඳලම හොඳට ෆලෝ කරපු මුල්ම මැතිවරණයයි. ඊට කලින් මට මතක හැටියට 1989 ද කොහෙද තිබුණු මැතිවරණය නම් මට මිස් වුණා. ඉතිං ඒකටත් හරියන්න 1994 දී, පත්තරවල ගිය දේශපාලන ලිපි කියෙව්වා, දේශපාලන රැස්වීම් බලන්න ගියා. රූපවාහිනියේ අළුතින් පටන්ගත් රතු ඉර වගේ දේශපාලන විවාද බැලුවා.

ෆුල් ඉලෙක්ෂන් ආතල් එකක් ගත්ත කියල කියන්න පුළුවන් -අද භාෂාවෙන් කියනවා නං.

පත්තර ගැන කියනව නං, ඒ දවස්වල මගේ ප්‍රියතම පත්තර වුනේ සුනන්ද දේශප්‍රිය කතෘ වුණු, මර්ජ් එකෙන් කරපු යුක්තිය යි, වික්ටර් අයිවන් කරපු රාවය යි තමයි.

මතක තියාගන්න මේ අදට අවුරුදු දාසයකට කලින් කාලෙක කතාවක් හොඳේ. අවුරුදු දාසයක් කියන්නේ සද්දන්තයෝ, කුරුමිට්ටෝ වෙන, ලොකු අතුල ලා, වුට්ටංම, චුට්ටං අතුල ලා වෙලා යන තරමේ දීර්ඝ කාලයක්.

ඉතුරු හරිය මෙතනින් බලන්න.

http://kathandara.blogspot.com/2010/10/blog-post_06.html

කතන්දරකාරයා

Tuesday, October 5, 2010

මනමේ කුමාරි ගේ කන්‍යාභාවය ගැන ඔරිජිනල් කතන්දරේ ඔන් ලයින් අහන්න!


මං දෙපාරකට කියපු මනමේ කුමාරි ගේ කන්‍යාභාවය ගැන කතන්දරේ මතකයි නේද?

මෙන්න මුල් කොටස.

මෙන්න අවසාන කොටස.

කාට හරි ඕනි නං එදිරිවීර සරච්චන්ද්‍ර ගේ මනමේ නාට්‍යයේ අහන්න, ඒ සේරම සවුන්ඩ් ට්‍රැක්ස් තියෙනවා sinhalajukebox එකේ.

මෙන්න කෙලින්ම ලින්ක් එකක්.

http://www.sinhalajukebox.org/cgi-bin/songs.cgi?searchstring=maname+part&action=Search&compose=1&ignorecase=1

කතන්දරකාරයා

ප/ලි
කතන්දර හාමිනේ, කොළු, කෙලී සහ මගේ පුංචි අම්මා ද සමග මාලඹේ පැත්තේ සතියක විතර ට්‍රිප් එකක් යන නිසා කතන්දර පල කිරීම ට බාධා පැමිණීමට ඉඩ ඇත.

මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් මෝඩම් සරණං ගච්ඡාමී!