අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.
මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.
මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.
http://kathandara.blogspot.com/2010/11/blog-post_30.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Tuesday, November 30, 2010
Sunday, November 28, 2010
පොතක් ලියන එක පණ යන වැඩක්. පුතෙක් හදන එකත් ඒ වගේම තමයි!
සෝමරත්න දිසානායක ගේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයේ මීයෙකු ගේ චරිතයක් රඟපාමින්, මෙන්න මේ සින්දුව කියන්නේ සුමින්ද සිරිසේන නළුවා.
"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා"
පොත් ලියන්න මීයොත් හරි දක්‍ෂයෝ තමයි. උන්ට තරං ඉක්මණින් පොත් ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චි ල ට වත්, චන්දි කොඩිකාර ල ට වත් පුළුවන් කමක් නෑ මං හිතන විදියට.
Read in full:
http://kathandara.blogspot.com/2010/11/w3lanka.html

Friday, November 26, 2010
උන්මාද චිත්‍රසේන අඳුණා ගන්න ක්‍රම
මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?
1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.
2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.
3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.
4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.
5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.
6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.
Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

Monday, November 22, 2010
අපේ සීයගේ තවත් වික්‍රමයක් - හාමුදුරුවෝ සරෙන්ඩර්!
ඩ්‍රයිවර් කරලා තියෙන්නේ කිසිම තැනක මිනිස්සු ගන්නවත්, බස්සන්නවත් නවත්තන්නේ නැතුව කෙලින්ම ඉස්පිරිතාලෙටම බස් එක අරං යන එකයි.
බස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය ගරුතර ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ හින්ද ඉස්පිරිතාලෙට කලින් තියෙන ටවුමෙ පන්සල ලගින් බහින්න බැරිවුණා.
බඩ දරු අම්මව ඉස්පිරිතාලෙ ලඟින් බස්සල, ආපහු එන අතරතුරේ, තරමක් තද වෙලා හිටිය හාමුදුරුවෝ කියවන්න පටන් ගත්ත.
Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html

Friday, November 19, 2010
බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ
ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.
ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.
ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.
ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.
Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_19.html

Thursday, November 18, 2010
ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්
අඳුණන ලෝයර්ස් ලා හෙම ඉන්නවද? බුදු අම්මෝ නේද?
මේ ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්.
ඔන්න මං හොඳට දන්න අඳුණන කියන, කොටින්ම එක කුසේ උපන් සහෝදරයෙක් කියල කියන්න පුළුවන්, පොර ළමයෙක් හිටිය. පොර කාලෙක ඉඳල මට නිව් ඉයර් කාඩ් එකක් එවනවා.
ඔහොම කාලයක් ගියාට පස්සේ මෑන් ඕපන් යුනිවසිටි එකේ ...............
කතන්දරේ කියවන්න
http://kathandara.blogspot.com/2010/11/blog-post_17.html

Monday, November 15, 2010
මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ
කළබල වෙන්න කාරියක් නෑ. මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ. මේක අපි හුඟදෙනෙක් පොඩි කාලේ, තුනේ පන්තියේදී විතර, අහල, දැකල, ලියල, බලල, ඉගෙන ගත්තු දෙයක්.
සමමිතිකත්වය ලස්සන බවේ මූලික පදනමනේ. අපි ලස්සනයි කියන හුඟ දෙනෙකුගේ මුහුණ හිතන්න බැරි තරමට සමමිතිකයි.
read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_15.html

Saturday, November 13, 2010
සුද්දියො එයිද මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?
ජාතින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කරන අරමුණෙන් නේ ඔය රුසියාවෙන් ලංකාව වගේ රටවල කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව.
ඉතිං අපේ පොරක් තමන් ගේ රුසියානු බිරින්දෑ, ශාෂා ත් එක්ක ලංකාවට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තා. දෙන්නම කොළඹ පැත්තේ රැකියාව කලේ.
Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_13.html

Thursday, November 11, 2010
ඉංගිරිසි දැනුම අඩු නිසා, මෙන්න ස්කොල් එක
ඔය ටෝෆල් වගේම තවත් ඉංගිරිසි විභාගයක් තමයි අයී.ඊ.එල්.ටී.එස්. මේක ලංකාවේ පැවැත්තුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මට ඕක කරන්නත් වුණා. ඒත් ඒ, ටෝෆල් කරලා අවුරුදු හතර පහකට පස්සේ නිසා වැඩි කරදරයක් වෙන්න වුනේ නෑ.
ඔය කාලේ මං වැඩ කරපු තැනට ආවා එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ස්කොල් එකක්. මාස හයක ටෙක්නිකල් training එකක් කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන. මේක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි හැඬල් කලේ.
http://kathandara.blogspot.com/2010/11/blog-post_11.html

වී.කේ. විරාජ්
විරාජ් ගේ වැඩ හරිම ඉක්මං. එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නිකං හන්ඩ්රඩ් මීටර්ස් දුවන්න පුරුදු වෙනවා වගේ. ඒ අතිං හරිම කාර්‍යක්‍ෂමයි. කතාවේ වේගය ඊට එහා. තත්පරේකට වචන හැටක් විතර කතාකරන්න පුළුවන්. ඒක නං හැබැයි එච්චර කාර්‍යක්‍ෂමයි දෙයක් නෙමේ. මොකද පොර අපි එක්ක කතා කරන කොට, එකම දේ දෙතුන් පාරක් කියන්න වෙනවා. ඒ නිසා අන්තිමේදී සාමාන්‍ය වේගයෙන්ම තමයි අදහස් හුවමාරුව වෙන්නේ.
http://kathandara.blogspot.com/2010/11/blog-post_09.html

Friday, November 5, 2010
රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න
"සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"
"අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"
Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html

Tuesday, November 2, 2010
ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුව
මං හිතන්නේ සිංහල බ්ලොග් කියවන හැම කෙනෙක් ම දන්න බ්ලොග් එකක් තමයි "ටැබූ හෙවත් ටැබූ සර්" ලියන ටැබූ සබ්ජෙක්ට්ස්.
ටැබූ ගේ බ්ලොග් එක මුළුමනින්ම කියවල නැති අයට මේ ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ලංකාවේ සමාජ දේශපාලන මාතෘකාය කියල ටැපලෙන්නත් පුළුවන්. නමුත්, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ.
මං මේ කියන්න යන්නේත්, ඒ වගේ කාරණයක් ගැන ලියවිලා, ගායනා කරල තියෙන සින්දුවක් ගැනයි.
මුළු කතන්දරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2010/11/blog-post.html

Subscribe to:
Posts (Atom)