Friday, September 30, 2011

කොහෙද යන්නේ රුක්මණී? Where are you going my pretty maid?

"කොහෙද යන්නේ?" කියල අහන එක, අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් හරියට සුද්දෝ "හව් ආ යූ?" කියල අහනවා වගේ.

හැබැයි "හව් ආ යූ?" කියල ඇහැව්වාම, මොන මහලෙඩේ හැදිල තිබුණත්, "අයෑම් ෆයින්, තෑන්ක් යූ!" කියනවා මිසක් "අයෑම් නොට් වෙල්, අයි හෑව් අ හෙඩේක්" වගේ ඇත්ත කියන්න යන්න නම් හොඳ නෑ!

නමුත්, "කොහෙද යන්නේ?" කියල කවුරු හරි හිංගලෙන්ම අහන කොට නම් අපිට වෙනවා මොකක් හරි පිළිගත හැකි උත්තරයක් දෙන්න.

"ඇයි අහන්නේ? මගේ පුද්ගලික ගමන් බිමන් පිළිබඳ විස්තර මක්කටෙයි ඔහේට?" වගේ පොර ටෝක් දෙන්න යන එක නං ඇඟට ගුණ නෑ.

http://kathandara.blogspot.com/2011/09/where-are-you-going-my-pretty-maid.html

Thursday, September 29, 2011

අක්බාර් හෝල් එකට ටෙලිවිෂන් එකක් ලැබේ - All problems solved!

මට පේරාදෙනියේ ගිය ගමන් නතර වෙන්න නේවාසික පහසුකම් ලැබුනේ මාකස් ප්‍රනාන්දු හෝල් එකේයි. මේ හෝල් එක තිබුනේ කන්දක් මුදුනේ, මාර ලස්සන තැනක්. ඒත් ඉතිං දුර වැඩියි කම්මලට එතන ඉඳලා.

කොහොම හරි අන්තිමේ සෙකන්ඩ් ටර්ම් එකේ ඉඳලා යාන්තං අක්බාර්-නෙල් එකේ ගජේකට සෙට් වෙන්න පුළුවන් වුණා.

මේ කාමර පොඩියි. ඇඳන් දෙකයි, මේස දෙකයි, රවුම් මේසයයි ඇඳි පුටුවයි තිබ්බහම ඇවිදින්න ඉඩ නෑ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ.

හැබැයි මාකස් ප්‍රනාන්දු ශාලාවට වඩා අක්බාර් එකේ ඉන්න එකේ ෆැකල්ටියට ලඟ එකට අමතරව තව එක වාසියක් තිබුණා.

ඒක තමයි අක්බාර් එකේ තිබුණු ටෙලිවිෂන් එක!

http://kathandara.blogspot.com/2011/09/all-problems-solved.html

Wednesday, September 28, 2011

අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons

මං කාලෙකට කලින් ලියල පලකළ කඩ්ඩ හොර අයට දෙන එංගලන්තේ යන ශිෂ්‍යත්වයක් ගැන කතන්දරේ මතකයි නේද? ඒ වගේ තවත් කතාවක් කියන්නයි මේ සැට් වෙන්නේ.

අපේ පරණ ගම් පලාත කිට්ටුව හිටියා අංකල් කෙනෙක්. ඒ අංකලුයි, ඇන්ටියි දෙන්නම යුනිවසිටි හෙම ගිය දෙන්නෙක්. අංකල් ප්‍රයිවෙට් සැට්ටරේ තමයි වැඩ කරන්නේ. ඇන්ටි නං මං හිතන්නේ ආණ්ඩුවට කඹුරනවා කොළඹ දෙපාර්තමේන්තුවක. මේ දෙන්නම ලොකු මැනිජර් ලා.

මේ ජෝඩුවට හිටියා පුත්තු දෙන්නෙක්. (අංකල් හොඳ හපනෙක් වගේ, නේද?). මං මේ කොල්ලෝ දෙන්නාව පොඩි කාලේ ඉඳලා දන්නවා.

ඉතිං ඔහොම කාලයක් ගිහින් ලොකු කොල්ලා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වුණා. ඒ අනුහසින් ඊළඟ අවුරුද්දේ ඉඳලා කොල්ලා යන්න පටන් ගත්තා කොළඹ පැත්තේ ලොකු ජනප්‍රිය ඉස්කෝලෙකට.

http://kathandara.blogspot.com/2011/09/uncle-and-his-two-sons.html

Tuesday, September 27, 2011

හොඳම කවි බූට් කවි ද? Realisation

සාහිත්‍ය මාසය වෙනුවනේ මං මේ කයි-කතන්දර පලකරන්න පටන් අරං සතියකට විතර පස්සේ මං දාපු එක කවියක්, ඊට කලින් දාපු ඒවට වැඩිය චෝයි කියල බින්දි කියල තිබුණා. මං එදා කිව්වේ, කොහෙමටත් බූට් කවි තමයි නියම රහ තියෙන්නේ කියලයි. හරියට විරහ ගී වගේ.

අමරදේවගේ කඳුළු කතාවේ නිමක් දුටුව දා කියන හැපි එන්ඩින් ලව් සෝන්ග් වඩා මං කැමති මගේ කඳුලින් ඔබේ දෙනුවන් දොවා ලන්නට වරම් නෑ කියන විරහ ගීතයටයි.

මට මතකයි රෝහණ බෝගොඩ කියලා ගායකයෙක් හිටියා (ලඟදී සින්දුවක් ඇහුනේ නෑ ඒකයි හිටියා කියලා ලිව්වේ) මිනිහා කියන්නේම විරහ ගී විතරයි.

http://kathandara.blogspot.com/2011/09/realisation.html

Monday, September 26, 2011

ඇස්ටෝම් ගෙදර හුරුල්ලෝ - Classes of fish

ඉස්සර මං පොඩි කාලේ ගම්වල තිබුණු මගුල් ගෙවල්වල සාමාන්‍යයෙන් කොටස් හතරක් තිබුණා.

1. මුලින්ම එන්නේ "නම් ප්‍රසිද්ධිය සහ නැකත් ගෙන ඒම". මේ උත්සවය තියෙන්නේ මනමාලිගේ ගෙදරයි. සහභාගීවෙන්නේ දෙපැත්තේම ඉතාම ලඟ ඥාතීන් විතරයි.

2. ඊලඟට තමයි "වෙඩිම", ඒ කියන්නේ අර පෝරුවේ සංසිද්ධිය හෙම තියෙන දවස, එන්නේ මේකත් තිබුනේ මනමාලි ගේ ගෙදරයි. එදාට තමයි මනමාලි ගේ පාර්ශවයේ සියළුම නෑදෑයෝ සහ හිතවතුන් එන්නේ. හැබැයි මනමාලයා ගේ පාර්ශවයෙන් එන්නේ ළඟම නෑයෝ සහ හොඳම හිතවතුන් විතරයි.

http://kathandara.blogspot.com/2011/09/classes-of-fish.html

Sunday, September 25, 2011

මෙන්න අර අහවල් ලිපිය "කොට කලිසං කාරයෝ" : Self appointed owners of my school need not read this!

සිකුරාදා කතන්දර බ්ලොග් එකේ පලවූ "ඉස්කෝලේ නම හංගන්නේ ඇයි?" කියන කතන්දරේ මං "වහෙං ඔරෝ" ක්‍රමයට සඳහන් කරපු මගේ සඟරා ලිපිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ දාන්න හිතුණා.

මෙන්න ඒක.

මේ ලියවිල්ලේ පාවිච්චි කරලා තියෙන භාෂා විලාසය ගැන නං ඉතිං සොරි තමා හොඳේ!

http://kathandara.blogspot.com/2011/09/self-appointed-owners-out-there-need.html

Saturday, September 24, 2011

ගෙදර යන්න කලින් දා - A day before the vacation

පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ අපේ පළමුවෙනි වසර ඇරඹුනේ ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ සඳුදා.

ඒ දවස්වල අධ්‍යයන අවුරුද්දකට වාර තුනක් තියෙනවා. මැද්දේ නිවාඩු දෙකයි, දෙසැම්බර් සහ අප්‍රියෙල්වල. වසර අවසානයේ තමයි විභාග.

මේ කවිය මං ලිව්වේ අප්‍රියෙල් මාසේ.

දැන් නං මේ කයි-කතන්දර (කියවපු අයට) එපාවෙලා ඇති නේද? මොනව කරන්නද ඉතිං සාහිත්‍ය මාසෙ වෙච්චි කොට?

විඳගන්න බැරිනම් විඳවන්නම වෙනවා!

http://kathandara.blogspot.com/2011/09/day-before-vacation.html

Friday, September 23, 2011

ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide!

තමන්ගේ ජීවිතයේ විවිධ අත්දැකීම් ඇසුරෙන් ලියන බ්ලොග්කාරයෝ හුඟ දෙනෙක් තමන් ඉස්කොලේ කාලෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබපු ටෙක් එක, ඉන්ස්ට්ටිටියුට් එක, යුනිවසිටිය ගැන එලිපිට නම සඳහන් කරමින් ලිව්වාට, බොහෝවිට ඊට වඩා කාලයක් තමන් ගත කළ ඉස්කෝලේ ගැන ලියන කොට නම ලියන්නේ නෑ.

මේ ලඟදී මං බ්ලොග් එකක කියෙව්වා පාසල් ගුරුවරයෙක් ළමයෙකුට කළ පහර දීමක් ගැන කතාවක්. ඒක දරුණු චෝදනාවක්. නීතියෙන් දඬුවම් දිය හැකි වරදක්. නමුත් මේ කතාවේ ඉස්කෝලේ මොකක්ද කියලා කෙලින්ම සඳහනක් නෑ. (පස්සෙ දැනගත් විදියට මේක "ලූ!" කතාවක්! ගීතක ගේ පාසල ගැන ගීතක ගේ අත්දැකීමක් නෙමේ).

මාත් ඇතුළු අපේ හුඟ දෙනෙක් යුනිවසිටිය ගැන නමින් ම ලියන්නයි, ඉස්කෝලේ ගැන කොලේ වහලා ලියන්නයි හේතුවක් තියෙනවා.

http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

Thursday, September 22, 2011

කොට ඒවද හොඳ, දිග ඒවද? - More short poems from my Peradeniya days

මං නං හිතන්නේ ඔය "කවිය කියන්නේ රසවත් වැකියකි!" ද මොකක්ද කියන පරණ සංස්කෘත පඬිවඳන නම් මහ පිස්සු කතාවක් තමයි.

මේක අහල කවි හදන්න හිතන සමහරු වාක්‍යයක් තුනට හතරට කඩල දාන්නත් ඉඩ තියෙනවා. එහෙම කවි ලියන්න පුළුවන් නම් මාසෙකට කවි පොත් දෙකක් විතර ලියන්න පුළුවනිනේ.

මේ පහලින් තියෙන "වෙනස" කියන කවිය ලියන්න මට මාස පහක් හයක් ගියා.

http://kathandara.blogspot.com/2011/09/more-short-poems-from-my-peradeniya.html

Wednesday, September 21, 2011

තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the bill

ඉස්කෝලේ යන කාලේ, ක්ලාස් යන කාලේ, පස්සේ වැඩිදුර ඉගෙන ගන්න කාලේ, යාළුවෝ එක්ක ගමන් බිමන් ගියාට, කඩවල්වලින් තේ බිව්වට, ඒ වියදම සේරම දෙනා නූලට බෙදා ගන්නවා නේ. මොකද ඒ කාලේ දෙමව්පියන් ගේ සල්ලි නේ අපි වියදම් කලේ!

පස්සේ ජොබ් කරන්න පටන් ගත්තු කාලේ නං ඉතිං පොඩි පොරත්වයක් ගහලා සමහර වෙලාවට හිතෙනවා අනුන්ගේ බිල් පවා ගෙවන්න.

මේ ඒ වගේ සිද්ධියක්.

http://kathandara.blogspot.com/2011/09/splitting-bill.html

Tuesday, September 20, 2011

බ්‍රහ්මදත්ත කාලේ සිට පැවතෙන තක්සලා වේ ගීතය අද නව රිද්ම (රැප්) සමග - Cover version of a golden oldie

අර බ්‍රහ්මදත්තලා (ඔව්, එක්කෙනෙක් නෙමේ කප්පරක් හිටියා එකම නම තියෙන රජ පොරවල්) බරණැස් නුවර රජ කොරන කාලේ රජ්ජුරූස් ලා ගේ පුත්‍ර රත්නර්ස් ලා ට, තව තව සිටු කෂ්ටියගේ කොල්ලන් ට යන්න දාල තිබුණ ප්‍රයිවේට් යුනිවසිටියක් තක්සලා කියන නගරේ.

ඔය බණ කතාව හින්දා ලංකාවේ යුනිවසිටිවලටත් සාමාන්‍යයෙන් මේ තක්සලාව කියන නික් නේම් එක පාචිච්චි කෙරෙනව තවමත්, විශේෂයෙන්ම ඔය සාහිත්‍යමය වැඩ කටයුතුවලදී.

අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ.

http://kathandara.blogspot.com/2011/09/cover-version-of-golden-oldie.html

Monday, September 19, 2011

පරිප්පු හොද්දා - Dining @ Sangamtta Hall, Peradeniya

අපේ කාලේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නැවතිලා හිටිය සමහර කොල්ලෝ දවල්ට, රෑට භෝජනාගාරයේ දී කන්න ගිහින් මුළු මුදල ගෙවලා බත් පිඟානක් අරගන්නේ නැතුව ඒකෙන් 25%කටත් අඩුවෙන් ගෙවලා වෙන කෙනෙකුගේ පිඟානට "අඩු"වක් ගැනීම ගැන ලියපු කතන්දරේ මතකයි නේද?

මෙහෙමෙ "අඩු" කාපු සියළු දෙනාව සියළු දෙනාවම ඒක කලේ මුදල් පිරිමසා ගන්න බවට කිසිම සැකයක් නෑ. දෙමව්පියන් ගේ එවන සල්ලිවලින් යැපෙන ගමන් පූර්ණකාලීනව ඉගෙන ගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමේ ජීවිතයේ ඇතිවෙන අවශ්‍යතා ගැන බලන කොට.

එහෙම "අඩුව" ගහලා ඉතුරු වෙන සල්ලිවලින් කෑමෙන් පසු අතුරු පස විදියට සිගරුට් එකක් ගහන උනුත් හිටියා. එහෙම බැලුවොත්, තමන් අරං සිගරැට් නොබී, අනුංගෙන් බට් එක ඉල්ලගෙන බොන උං පවා කොච්චරක් කියල හිටියද?

http://kathandara.blogspot.com/2011/09/dining-sangamtta-hall-peradeniya.html

Sunday, September 18, 2011

ප්‍රීති මගින් සැලසුම කෙසේ වෙතත් ක්‍ෂණික මෝචනය! Proper planning Vs Premature ejaculation

"ප්‍රීති" කියන කොණ්ඩම් වර්ගය ගැන දැන්වීමක තිබිලා තමයි මං ජීවිතේ මුලින්ම සැලසුම් කිරීම කියන අමාරු වචනේ දැක්කේ.

ඒ දැන්වීම් පවුල් සංවිධාන සංගමයේ වැඩක්.

ඉතිං අපිට හිතුනේ සැලසුම් කරනවාය කියන්නේ ප්‍රමාණය කුඩා කරනවා (අපි දෙන්නයි, දරු දෙන්නයි) සහ දරුවන් දෙන්නා අතර පරතරය දික්කර ගන්නවා වගේ දෙයක් කියලයි.

මං හිතන්නේ ඒ දවස්වල ඉඳලාම තිබුණු ආණ්ඩුවලටත් හිතිලා නෑ, ලොකු ලොකු දේවල් පවා සැලසුම් කරන්න පුළුවන්ය කියන එක.

http://kathandara.blogspot.com/2011/09/proper-planning-vs-premature.html

Saturday, September 17, 2011

කයි-කතන්දර ~ ආදරය ගැන කෙටි කවි දෙකක් : Is love short?

මේ දවස්වල ෆේස් බුකියේ මං දැක්කා හයිකු වගේ කෙටි කවි පෝලිමේ ලියවෙනවා ටොන් ගණනේ, මාත් ලයික් කරල ඉන්න මොකක්ද කයියට බර ගෘප් එකක.

හයිකු කියන්නේ නම් එක්තරා මාත්‍රා රටාවකට අනුව බොහෝ විට පරිසරය ගැන ලියවෙන ජපන් කවි විශේෂයක්.

දැන් වගේම කාලෙකට ඉස්සර සිංහල කවියන් අතරත් මේ ආකාරයේ කෙටි කවි විශේෂයක් ඉතා හොඳින් ජනප්‍රිය වෙලා තිබුණා.

මේ ඒ කාලයේ මංතුමා ලියපු කවි දෙකක්.

http://kathandara.blogspot.com/2011/09/is-love-short.html

Friday, September 16, 2011

මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!

පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ මාලඹේ දාලා තියෙනවා ය කියන ඇම්බීබීඇස් දෙන ස්ථානයයි.

අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන.

ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුනේ.

http://kathandara.blogspot.com/2011/09/case-for-private-universities.html

Thursday, September 15, 2011

අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලින් පලා යාමක් ද? Renunciation

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මං හිටපු කාලේ ගැන කියවෙන කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සති දෙකකටත් වැඩියෙන් ගතවුණා.

එහේ ගිය ගමන් ඇතිවුණු ඉච්ඡාභංගත්වයක් හරි ගෘහදායක ව්‍යාධිය හරි නිසා මුලින් මුලින් ලියවුනේ දුක්බර කවි තමයි. කවිය කියන්නේ කොහෙමටත් භාවාත්මක ප්‍රකාශනයක් නේ. ඒ එක්කම අතිශයෝක්තියත් නැතුවම බෑ, හරියට අර තිසර තන කේස් එකේ දී වගේ.

ඒ එක්කම ඉතිං කියන්නෝනැ, වැලිකතරේ, පතොක් ගස් අතරේ, කහමල්, රෝසමල් නොතිබුණේමත් නැතිය කියන වග!

http://kathandara.blogspot.com/2011/09/renunciation.html

Wednesday, September 14, 2011

රෂ්මි ලියන "ඊසි-පීසි" නවල් එක - Rashmi Kurukulasooriya's easy way to write a novel

රෂ්මි කුරුකුලසූරිය කියන්නේ මගේ හිතවතෙක්. පොර ඉතිං ඔය කයියට, කලාවට හිතැති, හිත හොඳ පොරක් කියලා හඳුන්වන්න පුළුවන්.

ඔන්න දවසක් රෂ්මි ගෙන් මට කෝල් එකක් ආවා.

"හලෝ! කතන්දර මං මේ කතා කරන්නේ පොඩි උදව්වක් ඉල්ලන්නයි."

"මොකක්ද රෂ්මි?"

"මං නවල් එකක් ලියන්න පටන් ගත්තා. දැන් තරමක් ලියල ඉවරයි. ඒකට කතන්දරගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනෑ වෙලා තියෙනවා."

"නවල් එකක් ලියනවා! මරුනේ රෂ්මි. ඒත් ඉතිං මගෙන් මොනවද ගන්න තියෙන උපදෙස්? මං නවල්ස් ලියලා නෑනේ."

http://kathandara.blogspot.com/2011/09/rashmi-kurukulasooriya-writes-novel.html

Tuesday, September 13, 2011

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවේ - The Spring springs at Pera desert!

මෙන්න පේරාදෙනියේ හිටපු අය, නොගිය අය, යන්න ඉන්න අය එන එකී නොකී සියළු දෙනාගේම සතුට හේතු වේ යැයි හිතෙන කවියක්.

සමහර විට හිතෙන්න පුළුවන් මං මේ සාහිත්‍ය මාසයේ දැම්ම හොඳම කවි පන්තියත් මේකය කියලා!

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවිය!

පෙර කරුමෙට මලකඩ පිරි කම්මලකට කොටු වූවා
බැලු බැලු හැම අතකින් කරදර දුක් සිත වෙත ආවා
සරසවි බිම ගැන ඇතිවුණු ප්‍රාර්ථනා බොඳ වූවා
සිසිලක් සැනසුම් සුවයක් ගැන හදවත මොර ගෑවා

මුළු ලිපියම මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/09/spring-sprungs-at-pera-desert.html

Monday, September 12, 2011

හාමිනේගෙන් කතන්දරකාරයා ට ගුටි හෙවත් ගෘහස්ථ ප්‍රචන්ඩත්වයේ සරදම් ස්වභාවය - The irony of domestic violence (but not funny)

මේ සිද්ධිය වුනේ ගිය ඉරිදා.

ඔන්න මං "සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි" වගේ උදේම නැගිටලා, ටොයිලට් වන්දනාවෙන් පස්සේ, හොඳ ළමයා වගේ කුස්සියට ගිහින් තේ වත්කළා.

හාමිනේ ගේ ප්‍රියතම දම් පාට මග් එකට තේ එකක් හොඳ රහට හදලා ඔන්න ඇඳ ලඟට අරං ගියා.

මේ මග් එක මායි එයාට ගෙනත් දුන්නේ සේල් එකකින්, ඒ නිසා තමයි මං හොඳටම දන්නේ මේක හාමිනේ ගේ ප්‍රියතම මග් එක බව.

අනේ......!

හාමිනේ තවමත් ලස්සන සිහිනයක් බලමින් සුව නින්දේ!

http://kathandara.blogspot.com/2011/09/irony-of-domestic-violence-but-not.html

Sunday, September 11, 2011

ජෝ අබේවික්‍රම ගේ සරම එක්ක නෝ ජෝක්ස්, හරිය? - No jokes with Joe's Sarong!

ෆ්‍රෙඩී සිල්වා ගැන මං එදා ලියපු සමහර දේවල් මං ඉස්සෙල්ලාම කියවුයේ ඒ කාලේ සරසවිය පත්තරවල තිබිලයි. ඒ කාලේ සරසවියේ ජෝ අබේවික්‍රම ගැනත් නොයෙකුත් විස්තර සහිත ලිපි ගියා.

ඒ එක්කම, ප්‍රෙඩී සිල්වා වගේම ජෝ අබේවික්‍රමත් මුලින් ම නළුකම පටන් අරන් තියෙන්නේ විකට නළුවෙක්, එහෙම නැත්තං ජෝකර් කෙනෙක්, හැටියටයි. පස්සෙන් පහු තමයි පොර හොඳ සාරගර්භ, භාවපූර්ණ චරිතවලට පණ පොවන්න පටන් අරන් තියෙන්නේ.

http://kathandara.blogspot.com/2011/09/blog-post_11.html

Saturday, September 10, 2011

එළිමහන් සිරකඳවුරක සිරකරුවන් ගේ ප්‍රකාශය - A letter from an open prison

සන්දේශ කවිවල ගෑණුන් ගේ රූපය විස්තර කරල තියෙන විදිය දකින කොට තමයි තේරෙන්නේ කවි ලියන අය කොච්චරක් අතිශයෝක්තිය පාවිච්චි කරනවද කියන එක. දන්නවනේ අර තොටගමුවේ ශ්‍රී රාහුල ගේ නිසි පුළුලුකුල රිය සක’යුරු තිසර තන සීන් එක?

ඒ වගේ ජොලි කතා ලියනකොට කරනවාට වඩා වැඩේ කේස් කරල කවි ලියවෙන්නේ කවියෙන් දුක්බර තත්වයක් මවන්න ඕනෑ වුණාමයි.

මං පේරාදෙනියේ ගිහින් දෙවෙනි මාසේ විතර ලියපු මේ කවිය ඒකට හොඳ උදාහරණයක්.

http://kathandara.blogspot.com/2011/09/letter-from-open-prison.html

Friday, September 9, 2011

අඩුව ගැසීම (පේරාදෙනියේ කතන්දරයක් ) : Poverty-stricken students of Peradeniya

පේරාදෙනිය විශ්ව විද්යාලය තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම නේවාසිකාගාර පහසුකම් තියෙන විශ්ව විද්යාලය.

මේවා නේවාසිකාගාර, හෝල්ස් ඔෆ් රෙසිඩන්සස්. හොස්ටල්ස් නෙමේ.

හොස්ටල් තියෙන්නේ ඉස්කෝලවලයි. මං අවුරුදු හතරක් විතර කල් මරපු මරියකඩේ පැත්තේ ඉස්කෝලෙ නම් අන්න හොස්ටල් එකක් තිබුණා.

http://kathandara.blogspot.com/2011/09/poor-mans-meal.html

Thursday, September 8, 2011

වැලි කතරක මලක් පිපී - පේරාදෙනිය කතාව ඉදිරියට : Pera, oh, Pera!

පේරාදෙනිය විශ්ව විද්‍යාලය මල් උයනක්. හැබැයි ඒ ගඟෙන් උතුරු පැත්ත. මෙගොඩ, ඒ කියන්නේ අපේ කම්මල තිබුණු පැත්ත මට නම් පෙණුනේ වැලි කතරක් විදියටයි.

ගීතක ට, මරුමුස් ට, මකරා ට, බිඟුවා ට, මධුරංග ට, චමිත ට සහ අනෙකුත් අයට කොහොම පෙනුනාද මන්දා?

මොනවා වුනත්, වැලි කාන්තාරවලත් තෙතමනය තියෙනවා! මල් පිපෙනවා!

මෙන්න ඒ කාලේ ලියපු කවියක්. මං හිතන්නේ පේරා ගිහින් දෙවෙනි මාසේ විතර.

http://kathandara.blogspot.com/2011/09/pera-oh-pera.html

ගෑණුන් ගේ තන සහ සාහිත්‍ය මාසය - Boobs and Literature, what a nice mix!

දැන් ඔය උඩින් තියෙන මාතෘකාවේ තියෙන තන කියන වචනය දැකපු ගමන් චකිතයක් ඇතිවෙන අයත් ඉන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් තන කියන වචනේ පුක කියන එක වගේ කුණුහරුපයක් ය කියලා.

පුක කියන එක කුණුහරුපයක් නෙමේ කියලා මං කලින් දවසක ලියලා තියෙනවා නේ. ඇත්තම කියනවා නම් පුකයි, තනයි අතර නම් ලොකු සම්බන්ධයක් නෑ.

හැබැයි නේකඩ් ඒප් (නිරුවත් වානරයා) පොතේ ඩෙස්මන් මොරිස් කියලා තියෙනවා ගෑණුන් ගේ තන් සහ තට්ටම අතර සමානත්වයක් තියෙනවා කියලා. ඒ එක්කම තොල් සහ භගමණිය අතරත් සමානත්වයක් තියෙනවාලු.

http://kathandara.blogspot.com/2011/09/boobs-and-literature-what-nice-mix.html

Tuesday, September 6, 2011

පේරාදෙනියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ සිට ලියමි : Homesickness

මේ කවියත් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගතකළ මුල් සති දෙක ඇතුලත ලියපු එකක්.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේයි. එතන ඉඳන් ගඟෙන් එගොඩ ෆැකල්ටියට යනවා කියන්නේම මාර රැග් එකක්.

ඇයි ඕයි, අක්බාර් එකේ ඉන්න වුන්ට විනාඩි දෙකක්වත් යන්නේ නැති ගමනට අපිට විනාඩි විස්සක් යනවා. තද වෙනවා, නේද?

http://kathandara.blogspot.com/2011/09/homesickness.html

පොඩි කුමාරිහාමිට ලොකු ප්‍රශ්ණයක් : A big question for a little princes to answer - please help her out

සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න පොඩි කුමාරිහාමි කියන්නේ නමින් පොඩි වුණාට ලොකු වැඩ කරන්න පුළුවන් කෙනෙක්.

එයාට පුළුවන් වුනා බ්ලොග් ලියන කියවන සෑහෙන පිරිසක් තමන් ගේ වලව්වේ සහායට ගන්න. කවිකාර, ගජනායක, අතපත්තු, බස්නායක, සළුවඩන, දණ්ඩනායක. බුදු අම්මෝ ඉන්න නිළමේලා, මැණිකේලා!

අන්දරේ විතරයි ද මන්දා අඩු?

http://kathandara.blogspot.com/2011/09/big-question-for-little-princes-to.html

එළාරවයි දුටුගැමුණුයි යාළු කරමුකෝ - A "childish" view on Ellaran-Dutugemunu war?

ඔන්න එකමත් එක කාලෙක (දැන් අවුරුදු ගණනාවක කලින්), එකමත් එක රටක (කොළඹ ට නුදුරු පැත්තක් හොඳේ!) තිබුණු එකමත් එක පාසලක, එකම පන්තියේ හිටියා හොඳ යාළුවෝ දෙන්නෙක්. එක්කෙනෙක් විනෝදන්, අනිත්කෙනා දයාලන්. විනෝදන් සිංහල, දයාලන් දෙමල.

මේ දෙන්නා අටේ පන්තියේ විතර ඉන්දැද්දී, ඉස්කෝලේ වර්ෂාවසාන විවිධප්‍රසංගයට මේ පන්තියෙන් නාට්‍යයක් ඉදිරිපත් කරන්න යෝජනාවුණා. පන්තිය භාර ගුරුවරයා මේ සඳහා තෝරාගත්තු කතන්දරේ තමයි එළාර-දුටුගැමුණු සීන් එක.

ඒ දවස්වල ඉඳලාම මේ "එළාර-දුටුගැමුණු සීන් එක" නැගලා යන කතන්දරයක්.

http://kathandara.blogspot.com/2011/09/childish-view-on-ellaran-dutugemunu-war.html

පේරාදෙනියේ යන්නට පෙර මනෝ ලෝකයේ දී ලියූ කවියක් - A day dream

මං අද උදේ දාපු කවියේ පසුපස තියෙන කතන්දරේ වැඩිපුර ලිව්වේ නෑ.

නමුත් ඒ ගැන අදහස් දක්වලා තිබුණු එහේ හිටපු ගීතක සහ මරුමුස් දෙන්නත් ඒ වගේම ලඟදී යන්න ඉන්න චතු ගේ හිත සනසන්න මට හිතුණා මේ කවියත් දාන්න.

මේක මං පේරාදෙනියේ කැම්පස් යන්න මාස පහකට විතර කලින් ලියාපු එකක්. මේ වෙන කොට මං ඒ පැත්ත පලාතේවත් ගිහින් තිබුනේ නෑ, වැස්සකටවත්.

තනිකර මනෝ ලොකයක ඉඳලා ලියපු කවියක් කියලා කියන්න පුළුවනි.

http://kathandara.blogspot.com/2011/09/poor-mans-meal_03.html

පේරාදෙනියේ කයි-කතන්දරයක් : Down the memory lane

යුනිවසිටි ගිය කොයි කෙල්ලත්, කොයි කොල්ලත් ඒ ගමන යන්නේ සෑහෙන්න බලාපොරොත්තු හිතේ තියා ගෙනයි. ඒ ලෙවල් කරන කාලේ කාපු කට්ට නිසා, ඇත්තටම හිතෙන්නේ දැන් ඉතිං ජීවිතේ මල් කියල තමයි.

ගිහිල්ලම බලන්න ඕනෑ ඒකේ රඟේ!

මෙන්න මං පේරාදෙනියේ ගිහින් සතියකින් දෙකකින් ලියපු තවත් කවියක්.

http://kathandara.blogspot.com/2011/09/down-memory-lane.html

Friday, September 2, 2011

කතන්දරකාරයා ගේ බස් රේඩියෝ කතාබස් ඉන්ටර්වීව් එක මෙතනින් අහන්න - KK on BuzzRadio KathaBuzz

ඊයේ සැප්තැම්බර් මස පළමුවෙනිදා බස් රේඩියෝ කතාබස් වැඩ සටහන තුලින් ප්‍රචාරය වුණු කතන්දරකාරයා ගේ සම්මුඛ සාකච්ඡාව මෙතනින් අහන්න.

http://blog.buzzradio.lk/2011/09/buzz.html

සාකච්ඡාව මෙහෙයවන්නේ ජනප්‍රිය නිවේදක වැප් නිශාන්ත.

-කතන්දරකාරයා

කල්පාන්තයක ආරම්භයක් - පේරාදෙනියේ දී ලියූ කවි

මේ කවිය මං ලිව්වේ පේරාදෙනියේ ඉංජිනේරු පිඨයට මුලින්ම ගිය දිනය ගැනයි.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ. උදේම නැගිටලා සීතලේම ඇඟ හෝදලා, සුදු ඇඳුම් ඇඳගෙන, පානුයි පරිප්පුයි ගිලලා, කඳු බැහැලා, ගඟ තරණය කරලා මං එදා උදේ හත හමාරට විතර ඔය උඩින් තියෙන රොකට් එන්ජිම තියෙන තැනට ගියා මට අද වගේ මතකයි!

අවුරුදු දාහතරක පාසල් ගමණක් අවසාන කරලා, වයස අවුරුදු දහනමයක තරුණයෙක් විදියට, එදා ඒ ගමන ගියේ කොච්චර සතුටක් හිතේ පුරෝගෙනද?

මුළු ලෝකෙම ජයගත්තා වගේ, හිමාල කන්ද තරණය කළා වගේ හැඟිමක් තමයි හිතේ තිබුණේ!

http://kathandara.blogspot.com/2011/09/blog-post.html