Monday, April 25, 2011

කටුබැද්ද කැම්පස් එකේ කුකුල්ලු දෙන්නා ගේ කතන්දරය

මේ සිද්ධිය දැන් කාලෙකට කලින් කටුබැද්දේ කැම්පස් එක ආශ්‍රිතව වෙච්ච එකක්. මට කිව්වේ ඒ පැත්තේ අවුරුදු හතරක් රස්තියාදු වෙලා තියෙන රත්නායක මහත්තයා.

1. මුලින්ම පරිසර වර්ණනාව. මේ විස්තර වෙන්නේ සුන්දර කටුබැද්ද ගම්මානයයි.

නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද
පිළියන්දල මොරටු පාරට අනුබද්ද
ටැක්නිකලය ගැන රට තුල පරසිද්ද
සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද


මං රත්නායක මහත්තයා එක්ක වලියක් දා ගන්න ඕනැ වුණාම නං සාමාන්‍යයෙන් කියන්නේ කටුබැද්දේ මාළු ගඳයි, පේරාදෙනියේ මල් සුවඳයි කියලයි. අද මොකටද ඒවා නේද?

අනික ඔය ටැක්නිකල් කතාව කිව්වහමත් කට්ටන්ට මල පනිනවා!

මුල් කොටස සේරම මෙතනින්.

http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

Friday, April 22, 2011

වෙඩින් ප්‍රසන්ට් එකේ ප්‍රයිස් ටැග් එක - To remove or not to remove

කාලෙකට කලින් ඔන්න මට ආරාධනාවක් ලැබුණා මගුල් ගෙදරකට. මේක යාළුවෙකුගේ යාළුවෙකු ගේ වෙඩිමක්.

මගුල් ගෙවල්වලට නිකං යන සිරිතක් නෑනේ. ඉතිං මං කල්පනා කර කර හිටියා, මොකක්ද ගන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

ඔය අතරේ මට මගේ යාළුවාගෙන් දැන ගන්න ලැබුණා අළුත් ජෝඩුවේ ප්ලෑන් එක බැඳලා ටික කාලෙකින් ම පිටරට යන්නය කියලා මුලින් ඉගෙනීමට, පස්සේ අනිවා, ඩෙෆා පදිංචියටත් එක්ක.

පිටරට පදිංචි වෙන්න යන්න ඉන්න උන්ට, වීදුරු-පිඟන් බඩු, ඉලෙක්ට්‍රික් අයන්, බිත්ති ඔර්ලෝසු යනාදී සම්ප්‍රදානුකූල තෑගි ජාති දීලා වැඩක් නැහැ නොවැ.

එක දවසක් සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්න වෙලාවක දී මට එක පාරටම තේරුණා මොකක්ද දෙන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

http://kathandara.blogspot.com/2011/04/blog-post_22.html

Wednesday, April 20, 2011

කතන්දරකාරයා ගේ සමාජ සේවය - Blogging as a socila service

සතිෂ් මගේ හිතවතෙක්. පොර දවසක් මට කෝල් එකක් දාලා මෙහෙම කිව්වා.

"මචං, උඹේ කතන්දර බ්ලොග් එක මගේ ජීවිතේ බේරුවා බං!"

"ඒ ඇයි මොකද උනේ? උඹ මැරෙන්න ගියේ මක්වෙලාද?"

"නෑ මචං, තව පොඩ්ඩෙන් මැරෙන්නේ කම්මැලි කමේ. හොඳ වෙලාවට උඹ හින්දා ගොඩ ගියා!"

අහලා බැලින්නං මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

http://kathandara.blogspot.com/2011/04/blogging-as-social-service-for.html

Tuesday, April 19, 2011

සුගන්ධිකා ගේ XXX හොයපු චීන ක්‍රමය - A Chinese method to find XXX of females

චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ වල රවුං ගහනවා වාගේ චීන කැලැන්ඩරේ අවුරුදු දොලහක සයිකල් එකක යනවා.

හැම අවුරුද්දම හැඳින්වෙන්නේ ඒ අවුරුද්ද අයිති සතෙකු ගේ නමින්. මේ සත්තු තමයි අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා.

හරකා (වෘෂභ) සහ මකරා විතරයි සමානකමකට තියෙන්නේ චීන රාශිවලයි අපි දන්නා රාශිවලයි.

උදාහරණයක් විදියට ගිය අවුරුද්ද (2010) චීන කැලැන්ඩරේට අනුව කොටියා ගේ අවුරුද්ද. මේ අවුරුද්ද (2011) අයිති හාවාටයි. ලබන අවූරුද්ද මකරා ගේ.

අවුරුදු දොලහේ චක්‍රය ගතවෙලා ආපහු ඒ සත්තුන් ගේ අවුරුද්ද උදාවෙනවා. හරියට හැම මාස දොලහකටම පාරක් රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා වාගේ.

ඉතිං මේ චීන කඩේ චීන කැලැන්ඩර් විස්තරේ බල බල ඉන්න කොට අපේ සුගන්ධිකා අක්කා කියපි

http://kathandara.blogspot.com/2011/04/xxx-chinese-method-to-find-xxx-of.html

Saturday, April 16, 2011

මැද්දෙන් ඔබන කෑල්ලේ ඒකාකාරීත්වය - How dull can the middle bit be?

මේ සේරම මට මතක් වුනේ ලඟදී පොතක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගී වෙන්න ගිය වෙලෙයි.

පොත ලියලා තිබුනේ මගේ හිතවතෙක් හින්දා සතියේ දවසක හවස් වරුවේ තිබුනත් කලින් ඔෆිස් එකෙන් පැනලා ඔන්න පැයක් විතර පරක්කු වෙලා හෝල් එකට ගියා.

මට මිස් වෙලා තිබුනේ මුලින් තිබිල තියෙන රස්තියාදුවයි, චාරිත්‍රාණුකූල තෙල් පහන් දැල්වීමේ සීන් එකයි විතරයි. මුල්ම දේශකයා කතාවේ මැද හරියේ හිටියේ.

ඔන්න පොර ගේ කතාව ඉවර වුණු හැටියේ මයික් එක ගත්තා සභාව මෙහෙයවන බූවා.

"විචාරක කතාවල ඒකාකාරීත්වය මැකීමට දැන් අප ඉදිරිපත් කරන්නේ රසවත් ගීතයක්!" පොර කියපි. "කතා අසා විඩාබර ඔබ සැනසීමට මෙන්න මගේ ආරාධනය අහවලාට".

ඔන්න අහවලා ගේ සින්දුව ඉවර වුණාම දෙවන දේශකයා ගේ කතාව පටන් ගත්තා.

http://kathandara.blogspot.com/2011/04/blog-post_16.html

Tuesday, April 12, 2011

පුක යනු කුණුහරුපයක් ද - Is PUKA a four letter word?

පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ. පඩය කියන්නෙත් නැතුව අධෝ වාතය කියන අය, පුක වෙනුවට අධෝ භාගය, පශ්චාත් භාගය, පස්ස පැත්ත, කක්ක පැත්ත, කක්කි පැත්ත වගේ වචන පාවිච්චි කරනවා ඇති.

නමුත්, ඒ එක වචනයකවත් පුක කියන වචනයේ තියෙන සරල, සුගම බව නෑ. ඒ වචනවල තියෙන්නේ මහ කෘතිකම ගතියක්. පුක කියල කියන කොට වගේ ස්වාභාවික ගතියක් නෑ.

අනිත් කාරණය තමයි, පුක කියන තනි වචනය විතරක් නෙමේ, ඕනැ පුකක් වගේ යෙදුමක් වෙනුවට වුනත්, ඕනැ පශ්චාත් භාගයක් කියල කියන එක නම් කීයටවත් ගැලපෙන්නේ නෑ.

Read in full:

http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

Sunday, April 10, 2011

හොඳ පොරක් ගෙන් හොඳ බ්ලොග් එකක් : සිහි සටහන් - Chanuka Wattegama writes his memoirs (Sihi Satahan)

මං නිතරම කතන්දර වල සඳහන් කරන රත්නායක මහත්තයා පාසල් ගිහින් තියෙන්නේ දුෂ්කර පලාතක. පාසල්වල හරියට ගුරු සම්පත් නැති, ටියුෂන් පන්ති නැති පරිසරයක් වුනත් පොර ඉංජිනියරින් කරන්න ගිහින් තියෙන්නේ පලමු පාරමයි.

ඒ හපන්කමට තරමක් හෝ පිහිට වෙලා තියෙන්නේ "සතර" කියන අධ්‍යාපනික පත්තරේ කියලයි රත්නායක මහත්තයා මට කිව්වේ.

ඔය "සතර" වගේම, ඊට පස්සෙ කාලෙක ඉගෙන ගත්තු සිසු සිසුවියන්ට උදව් වෙච්ච පත්තරයක් තමයි "විදුසර පත්තරේ".

ඒ මුල් කාලේ "විදුසර" කියවපු අය හොඳට දන්න නමක් තමයි මං හිතන්නේ "චානුක වත්තේගම".

චානුක වත්තේගම කියන්නේ පොරක්. චා පොරක් නෙමේ හොඳ පොරක්.

http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html

Saturday, April 9, 2011

විලිලැජ්ජාව නැතුව හැදෙන දැං කාලේ අවලං කෙල්ලෝ - (මේ කතන්දරේ අහවලා ගැන නෙමේ)

එදා අපේ ඇන්ටිලා කෙල්ලෝ කාලේ මිනි ගවුම් ඇන්දා. අද අපේ ඇන්ටිලා අඳින්නේ පොළොව පිහදාන තරමට දිග සායවල්. අද කෙල්ලෝ නං අඳින්න කැමති ටයිට් ජීන්ස් බවයි පේන්නේ. ඒ ජෙනරේෂන් ගැප් එක උඩින් පේන හැටි.

ඊට වඩා දරුණු අදහස් සහ මත ගැටුම්. අද තරුණ පරම්පරාවේ වැරදිමයි පේන්නේ අද නාකි පරම්පරාවට. ඒක සදාකාලික සත්‍යයක් වගේ.

ජෙනරේෂන් ගැප් එක තිබුණට කමක් නෑ කියමු. ඒක වලක්වන්න බෑ වගේ නේ.

වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු. ඒකත් ඉතිං ස්වභාවයනේ.

හැබැයි තමන් ගේ තරුණ කාලේ ගැන අමතක කරන එක තමයි වරද!

අද කතන්දරේ මේකයි.

http://kathandara.blogspot.com/2011/04/blog-post_08.html

Thursday, April 7, 2011

හොම්බට අණින බණ...!!!

ඉස්සර මට මතකයි, අපි ආච්චිලා ගේ ගෙදර ඉන්න කාලේ ආච්චී රේඩියෝ එකෙන් බණ අහනවා සතියකට දෙතුන් පාරක් ම.

ඒ අහපු සේරම බණ එකම රටාවක ඒවා.

මීට අවුරුදු දහයකට කලින් විතර වගේ තමයි මං මුලින්ම ඒ රටාවෙන් වෙනස් වුණු, ජනප්‍රිය රටාවේ, ඒ කියන්නේ පොපියුලර් නැත්තම් පොප් බණක් ඇහැව්වේ.

අර පිටකොටුවේ විකුණන්න තියෙන වී.සී.ඩී. බණ, උඩින් ඒ.සී., යටින් ඒ.සී., ඩබල් ඒ.සී. කතන්දර කෑලි.

අද මං කියන්න යන්නේ ඒ සේරටම වැඩිය වෙනස්, අනේ අපොයි බණක් ගැණයි. මේ කතන්දරේ ලියන්න හේතුව වුනේ අපේ දුකා සගයා ලඟදි ලියපු බණ කතන්දරේ තමයි.

ඔන්න අපේ තාත්තා ගේ හත් දවසේ දානයට කලින් දා රාත්‍රියේ අපි චාරිත්‍රාණුකූලව සිදු කරන බණ දේශණාව යොදා ගත්තා. වැඩම කලේ සෑහෙන පළපුරුදු හාමුදුරු නමක්.

මුළු කතන්දරේ ම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/04/blog-post_06.html

Tuesday, April 5, 2011

මටාටා ටිටා - රා බොමු ද?

කිතුල් මල් කපල, මැදල, තෙලිජ්ජ අරගෙන රා පෙරනවා කියන්නේ හොඳට එලිමහනේ හැමෝටම පේන්න කරන්න සිද්ධ වෙන වැඩක් නේ. රා පෙරීම ගැන රටේ නීති තද කිරීම නිසා, හොර රහසේ කළ හැකි කෂියා නිෂ්පාදනය සහ කෂියා බීම මිනිස්සු අතර වැඩි වුණු බවයි පොදු පිළිගැනීම.

"සීනි කරිඤ්ඤං", "ගල් බමුණා", "අල හොඳි", "දෙංඤං මචං" වගේ අතීත කාල කෂියා වර්ග පරදවලා "කටු කම්බි" බජාර් එකට ඇවිල්ලා රජ කරන්න පටන් ගත්තේ, ඔය රා බිස්නස් බැස්සට පස්සෙලු.

ආයෙ කිතුලක් මදින්න ඉඩ දුන්න වුනත්, කෂියා ගහලා ඇඟ කුරෝලු කර ගත්තු උන් නම් කොච්චර කළත් ආපහු රා කට්ට ගහන්න සෙට් වෙයි ද කියන එක නං සැකයි.

මේ ලඟදි, අපේ රත්නායක මහත්තයා ගේ ගෙදරට ආපු කෂ්ටියකගෙන්, වයින් පොඩ්ඩක් බොමුද කියල ඇහැව්වහම, ඒ නෝන කිව්වලු, අනේ, වයින් නම් බිව්වට වැඩක් නෑ අනේ, කිසි ගතියක් නෑ! කියලා.

වයින් වලට වයින් නොවෙන කෂ්ටිය ගේ කැමැත්ත ජින් වලටයි මයෙ හිතේ!

මුළු කතනදරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2011/04/blog-post.html

Sunday, April 3, 2011

නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි අනේ - Kandy side Avocado very very cheap, anae...!!!

පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.

හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.

ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.

සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.

ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.

කතන්දරේ සේරම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/04/kandy-side-avocado-very-very-cheap-anae.html

Friday, April 1, 2011

අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා

මේ අයියයි මල්ලියි දෙන්නා අහසට පොළොව වගේ දෙන්නෙක්.

අයිය උසස් පෙලට කෙරුවේ බයෝ. ඒ පින් බලෙන් පේරාදෙනියේ ගිහින් පස්සේ ඇත්ගොව්වෙක් වුණා.
මල්ලී උසස් පෙලට කෙරුවේ මැත්ස්. ඒ පව පටිසන් දීලා මොරටුවේ ගිහින් මේ කියන කාලේ වෙනකොට යකඩ තලන කම්මලකයි කල් මැරුවේ.

අයියා හිටියේ කොළඹට සෑහෙන්න දුරින්.
මල්ලී හිටියේ කොළඹට සෑහෙන්න නුදුරින්.

අයියා මේ වෙන කොට බැඳලා නෑ.
මල්ලී මේ වෙන කොට බැඳලා.

අයියා ගමේ යන්නේ මාසෙකට පාරයි.
මල්ලී හැම සතියේම ගමේ යනවා.

අයියා හොඳ අහිංසක පොර.

ඔන්න දවසක් මල්ලී වැඩ කර කර ඉන්න අතරේ කෝල් එකක් ආවා. ෆැක්ටරියේ ඉස්සරහ සෙකුරිටි ඔෆිස් එකෙන්.

මල්ලිව හම්බ වෙන්න අමුත්තෙක් ඇවිත්.

http://kathandara.blogspot.com/2011/03/blog-post_31.html