Tuesday, March 8, 2011

කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක, කැම්පස් එකක් තිබුනේය. ඒ කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය. ඒ කොම්පියුර් සැන්ටර් එකේ කොම්පියුටර් තිබුනේය.

සාමාන්‍යයෙන් විද්‍යා පීඨවල අනාදිමත් කාලෙක ඉඳලා ඔය කොම්පියුටින් කියන විෂයය උගන්නනවා. ඒ මැත සබ්ජෙක්ට්ස් එකක කෑල්ලක් හැටියටයි.

http://kathandara.blogspot.com/2011/03/blog-post_07.html

Saturday, March 5, 2011

කතන්දරකාරයා නාඩි වාක්‍යම් සාස්තරේ අහපු හැටි

දැන් අවුරුදු කීපයකට කලින් මට පොඩි චාන්ස් එකක් ලැබුණා, නාඩි වාක්‍යම් කියන සාස්තරය අහන්න යන්න.

වැඩේ සෙට් වුනේ මෙහෙමයි.

මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක්. මිනිහට චන්ද්‍රගුප්ත කියලා මං ඒ නම දැම්මේ මිනිහා, ටිකක් නෙමේ හොඳටෝම, ඔය ගුප්ත විජ්ජා වැඩවලට කැමති හින්දයි.

කොටින් ම පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කාරයා බබෙක් ගැනත් පිස්සු වැටිලා හිටියා. බබා ගේ නම හායි ද කොහෙද? ඒ දවස්වල කටේ නිතරම තිබුනේ ඔය "හායි බබා" ගැනයි.

ඉතිං "හායි බබා" හම්බ වෙන්න ඉස්සර කාලේ පොර අපට නිතරම වගේ රස කර කර කියනවා ඔය නාඩි වාක්‍යම් අනාවැකි ගැන කතන්දර.

http://kathandara.blogspot.com/2011/03/blog-post.html

Thursday, March 3, 2011

කවියක් ගැන කතාවක්...!!!

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

සේරම කියවන්න මෙතනින්:

http://kathandara.blogspot.com/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

Sunday, February 27, 2011

කතන්දර සීයක ලයිස්තුවක්

මේ සිද්ධියේ මට තියෙන වැදගත් කම තමයි, මේ බ්ලොග් පෝස්ට් දෙකෙන් ම මට පොඩි තෑන්ක් යූ පාරක් ගානේ දාලා තිබීම.

ඉතිං, මේ පෝස්ට් දෙක කියවලා මට පොඩි පහේ අවංක ජොලියක් ආවා ය කිව්වොත් නිවරදියි.

ඒ සතුට වෙනුවෙනුත්, අභීතත්, පූසෙන් තුන් දෙනාත් එක්ක ඒ සතුට බෙදා ගන්නත් එක්ක මට හිතුණා පොඩි අමුතු වැඩක් කරන්න.

ඒක තමයි, මං ඉස්සරහට කතන්දර බ්ලොග් එකේ දාන්න හිතා ගෙන ඉන්න කතන්දර සීයක ලයිස්තුවක් පල කරන්න. මේක තමයි වෙන්ට කතන්දර සීය කියන්නේ. මතකනේ මං මේ ගැන කිව්වා මට රයිටර්ස් බ්ලොක් එක හැදුණු වෙලාවේ.

ඉතිං, මෙන්න ඒ වෙන්ට කතන්දර සීයේ ලයිස්තුව.

http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

Friday, February 25, 2011

කතන්දරහාමිනේ ට මෙව්ව එකක් ....

කවුද බලලා තියෙන්නේ "ගෝස්ට්" කියන මූවී එක? මේ මං කියන්නේ අර පැට්‍රික් ස්වාසී, ඩෙමී මෝ, වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාන චිත්‍රපටිය ගැනයි.

මේ මුවි එකේ කතාව මෙහෙමයි. ජොඩුවක් බැඳපු අළුත, මිනිහා රොබරියකට අහුවෙලා මැරෙනවා. හැබැයි ඇත්තටම මේක සෙට් කරපු එකක්. දෙන්නා ගේ ම යාළුවෙක් මේක සෙට් කරලා තියෙන්නේ මිනිහාව මරලා ගෑනිව අයිති කරගන්නයි.

මැරිච්ච මිනිහා ගෝස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඇත්ත එලි කරලා, තමන් ගේ හිටපු ගෑනිව, මේ කරදරෙන් බේරා ගන්න හදනවා.

හැබැයි මේ කතන්දරේ, මේ මං කියා ගෙන යනවට වැඩිය හරිම දුක හිතෙන කතාවක්.

http://kathandara.blogspot.com/2011/02/blog-post_25.html

Wednesday, February 23, 2011

කාලෝ ෆොන්සේකා බලකායේ අයට දෙන පඩියම සරොම් අස්සේ ජොකා බලකායට???

දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න කාලෝ ෆොන්සේකා ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා නොයෙකුත් ලිපි පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

Monday, February 21, 2011

ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?

අක්‍ෂි කුනීත දන් දීම විතරක් නෙමෙයි පොදු වශයෙන් පින ට දීම අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් අහල තියෙනවා නේ. ඒ එක්කම අපි අහල තියෙන දේවල් තමයි, දූෂණය, පුවත්පත් නිදහස නැතිකම, පුවත්පත් කලාවේදීන් මරා දැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම සහ සිය දිවි නසා ගැනීම් අතිනුත් කාලාන්තරයක ඉඳන් තවමත් ලංකාව ඉදිරියේ ම ඉන්න බව.

ඒක පුද්ගල අරක්කු සහ කෂියා පරිබෝජනය අතිනුත් අපිට වෙන්න ඕනැ කප් එක!

දැන් ඕවයෙ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන ගැන මගෙන් ප්‍රශ්ණ අහන්න එන්න එපා. මොකද මං මේ ලියන්න යන්නේ ඒව ගැන නෙමෙයි.

http://kathandara.blogspot.com/2011/02/blog-post_21.html

Sunday, February 20, 2011

කේක් ගෙඩි අප්පු ට ටෙටනස් ඉන්ජෙක්ෂන් එකක්!

දවසක් හේරත් සයිකලයකින් ද කොහෙද වැටිලා හොඳටම තුවාල වෙලා. මේ කාලේ හේරත් කැම්පස් එකේ කොල්ලෙක්.

ඉතිං පොර කරලා තියෙන්නේ යුනිවසිටි එකේ හෙල්ත් සෙන්ටර් එකට යන එකයි. එතන ඉන්න දොස්තර හොඳ හිත කෙලින්ම ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහලා. ආයේ සතියකින් හයකින් ද කොහෙද එන්න කිව්වලු දෙවෙනි ටෙටනස් ඉන්ජෙක්‍ෂන් එක ගහ ගන්න.

හේරත් ඉතිං කාර්ය බහුල පුද්ගලයා නේ කවදත්. පොර ට ඔය දෙවෙනි ඉන්ජැක්සොමේ වග අමතක වෙලා.

ඔය අතරේ හේරත් ගේ ක්ලාස් මේට් කෙනෙක් අළුතින් කැම්පස් එකට ඇවිත් තියෙනවා ස්ථාන මාරුවක් අරගෙන. මේ යාළුවා එන කොටම ඌට අසනීප වෙලයි ඇවිත් තියෙන්නේ.

වෙන මොකවත් නෙමේ අමාරුව -කේක් ගෙඩි අප්පු!

http://kathandara.blogspot.com/2011/02/blog-post_19.html

Thursday, February 17, 2011

අර ජොබ් එක මට ලැබුණා මචං, තෑන්ක්ස්!

කාලයක් තිබුණ මට සඳුද උදේ හරියට ම නමයට ඔෆිස් එකේ අනිවාර්යයෙන් ම කළ යුතු වැඩක් තියෙන.

මේක හරියට කරන්න නං, නිකං 8:55 ට විතර එතනට අත වන වනා ගිහින් බෑ. ඒ වෙලාව වෙනකොට, කලින් සතියෙ ඉදිරිපත් වුණු අස්-කොන් වැඩ සේරම අවසානයක් කරල, අළුත් සතියට වැඩ ප්ලෑන් කරල, ඒ සේරම කොම්පැනි ඉන්ට්‍රානෙට් එකේ සෙට් කරල තියන්න ඕනැ. එතකොට කරන්න තියෙන්නේ විනාඩි කීපයක් කලින් ගිහින් හරියට උදේ නමයට වැඩේ පටන් ගන්න එක විතරයි.

එතන ඉඳලා වැඩේ අනිත් හරිය ස්මූත් සේලිං!

http://kathandara.blogspot.com/2011/02/blog-post_17.html

Tuesday, February 15, 2011

වැල්-අදින්නන් ගේ දිනය : Valentine's Day

බැරි වෙලාවත් ඊයේ රෑ වැලන්ටයින් දිනයේ කැම්පස් කොල්ලෝ පාටියක් දාලා පොඩි වලියක් ගියා කියලා හිතන්න.

මුං හිටිය නං දායි, "වැල්-අදින්නන් ගේ (Valentine's Day) රාත්‍රිය දා මහ ගුටි කෙලි" කියලා.

http://kathandara.blogspot.com/2011/02/valentines-day.html

Sunday, February 13, 2011

ඇත්තටම සල්ලි සහ මල්ලක් අරං - කතන්දරකාරයා කඩේ ගිය හැටි

මේ කාලේ ලංකාවේ භාවිතය අනුව කඩේ යනවා ය කියන වචනයට ඇත්තේ අපි පොඩි කාලයේ දැන සිටි තේරුම නොවේ.

මේ පද පෙරලිය වුනේ කවදාදැයි මට හරියටම කිව නොහැක. ලූෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිල යති" වේදිකා නාට්‍යයේ අඩංගු, රොඩ්නි වර්ණකුල ගයන "කඩේට පලයං චෑන් වූන්" යන ජනප්‍රිය ගීතය මේ කඩේ යෑම යන පදය ජනප්‍රිය කරන්නට උපකාරී වූවා විය හැක.


Read in full:
http://kathandara.blogspot.com/2011/02/blog-post_13.html

Friday, February 11, 2011

හොඳ රණමුඛ ලා....!

"මීලඟට ඉහල පේරුවේ ඥාතීන් වෙනුවෙන් පියසේන රණවක මහතා කතාකරනවා ඇති..." ඇම්.සී. කාරයා එනවුන්ස් කළා.

තත්පර කිහිපයකින් පස්සේ ඔන්න පියසේන රණවක මහතා ගේ කතාව ඇරඹෙනවා ඇහෙනවා.

"ඥාති මිත්‍රාදීන් ඇතුළු අවමංගල සභාවෙන් අවසරයි. ඉහල පේරුවේ ඥාති සමූහයා වෙනුවෙන් කණගාටුව ප්‍රකාශ කිරීමට කලින් මට එක් කරුණක් කියන්නට තියෙනවා."

හැබැයි මං මළ දාට නං ඔය සෙල්ලං බෑ.
ඔය බොරු පම්පෝරි වැඩ කරන්න ආවොත් මොකා උනත් කමක් නෑ කණට දෙකක් දෙනවා!

http://kathandara.blogspot.com/2011/02/blog-post_11.html

Wednesday, February 9, 2011

හිච්චි නංගී ලොකු උණා...!!!

මං අර නුවර තිප්පොලේ ඉන්න කාලේ, දවසක් හදිසියේම කැම්පස් එක වැහැව්වා. ඊරියගම බෝඩිමක හිටපු දෙවන වසරේ අපිට ගෙදර යන්න හදිස්සියක් තිබුනේ නෑ. ඉතිං අපි එක්ක හිටපු එකෙක් ගෙදරට ටැලිගිරැං එකක් ගැහැව්වා මෙන්න මෙහෙම.

"විශ්ව විද්‍යාලය වැහැව්වා. මට කරදරයක් නැහැ. පසුව ගෙදර එන්නම්."

කරදරයක් නැති නං ඇයි ටැලිගිරං ගහන්නේ කියලා හිතලා මෙන්න බොලේ පහුවදාම පොර ගේ තාත්තා බෝඩිමට එනවා මහා කලබලෙන්!

http://kathandara.blogspot.com/2011/02/blog-post_09.html

Monday, February 7, 2011

කම් හෝම් -විමලා

ඔන්න ටික දවසක් ගියා. මං සති අන්තයේ දවල් වරුවක හොඳ ක්‍රෑමක් දාගෙන ඉන්න වෙලේ, මෙන්න බොලේ මගේ කාමරයේ දොරට ගහපි සෙකුරිටි පොරක්.

"යූ හෑව් අ කේබල්!" ඌ කියපි!

කේබල් කියන්නේ රටකින් රටකට යවන ටෙලිගිරැං වලට නේ.

http://kathandara.blogspot.com/2011/02/blog-post_07.html

Sunday, February 6, 2011

සද්ද පඩ ගඳ නෑ, ගඳ පඩ සද්ද නෑ

දැන් ඔය පඩ කියන්නේ සාමාන්‍යයෙන් ඈනුමක්, කිඹුහුමක්, කැස්සක් යනවා වගේ ස්වාභාවික සිදුවීමක් නේ. ඒ වුනාට වැඩේ වෙන්නේ කටෙන් නෙමේ. ඒ පළමුවෙනි වරද!

ඒ වගේම, පඩයක් යනවා කියන්නේ නිකං චූ බරක් එනවා වගේ ශරීර කෘත්‍යයක් ගැන අපිට එන පොඩි සංඥාවක්. ඒ හින්දා ඕක කළබල වෙන්න දෙයක් නෙමේ. නමුත් ඉතිං, වූ බරක් හැදුනාම වගේ නෙමේ පඩේක සද්දෙයි, ගඳයි දෙකම තියෙනවානේ. ඒ තමා දෙවෙනි වරද!

මෙන්න මේ වගේ වරදවල් හින්දා, ප්‍රසිද්ධියේ පඩයක් ඇරීම සිලාචාර නොවන දෙයක් සහ නොදැනිම වගේ පඩයක් යෑම ලජ්ජාවට හේතුවෙන දෙයක් විදියට තමයි සැලකෙන්නේ.

Read the full story:

http://kathandara.blogspot.com/2011/02/blog-post_05.html

Thursday, February 3, 2011

අන්න බලන්න රුපියල් පහේ වටිනාකම!


මේ කතන්දරේ කියවපු අළුත ජොබ් වලට ගිය, තනිකඩ කොල්ලන් ට කෙල්ලන් ට මං දෙන අවවාදය මේකයි.

දැන් ඔය ලඟදී ම එනවාය කියනවා නේද, අළුතින් රුපියල් පන්දාහේ නෝට්ටු?

ඒවා ආපු දා ඉඳලා, අතට එන එක පන්දාහේ කොලයක් වත් වියදම් කරන්න එපා. කෙලින්ම දාන්න බැංකුවේ ලාච්චුවට!

ඔබට ආශ්චර්යමත්, සුභ අනාගතයක් ලැබෙනවා සිකුරුයි!

http://kathandara.blogspot.com/2011/02/blog-post_03.html

Monday, January 31, 2011

බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක

මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.

මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.

http://kathandara.blogspot.com/2011/01/writers-block.html

Wednesday, January 26, 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_26.html

Tuesday, January 25, 2011

තායි කෙල්ලෙක් දාගන්න - හොඳට තායි ඉගෙන ගන්න

කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි වැඩේට සෙට් වෙලා හිටිය තායිලන්තේ ජීවිතය ගැන කතන්දර කීපයක් ම කලින් ලියලා තියෙනවා. මෙන්න තවත් එකක්.

ඔය පස්තාච්චි ආයතනය තියෙන්නේ තායිලන්තේ වුණාට ඒකේ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර එන්න පුළුවනි තායි වචනයක්වත් ඉගෙන ගන්නේ නැතුව. හැබැයි ඉතිං, වචනයක් දෙකක් දැන ගත්තොත් වැඩ තරමක් ලේසි වෙනවා ආයතනයෙන් පිට සහ ආයතනය ඇතුලේ අනධ්‍යයන වැඩ කටයුතු සඳහා.

ඒ හින්දා අපි හුඟ දෙනෙක්, ගනං කරන්න, ආචාර කරන්න, චවන කීපයක් කියන්න ඉගෙන ගත්තා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_24.html

Saturday, January 22, 2011

රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හෙව්ව හැටි

මිනිහෙකු ගේ පඩියයි ගෑනියෙකු ගේ වයසයි අහන්න එපා කියලා උපදේශයක් තියෙනවා දන්නවා නේද?

මං ඕක හොඳට පිළිපදින කෙනෙක්. ඒ හින්දා මං පඩිය කීයද කියලා අහන්නේ ගෑනුන්ගෙන් විතරයි. වයස කීයද කියලා අහන්නේ පිරිමින්ගෙන් විතරයි.

අපේ රත්නායක මහත්තයා දන්නවානේ?

රත්නායක මහත්තයත් ගෑණුන්ගෙන් වයස අහන්නෙ නෑ, ඔය වෙන වෙන ප්‍රශ්ණ අහනව මිසක්.

http://kathandara.blogspot.com/2011/01/xxx.html

Friday, January 21, 2011

ලැට් මී සී දිස් චැක් - Lat me see da chack

ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.

වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.

ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.

මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.
http://kathandara.blogspot.com/2011/01/lat-mee-see-da-chack.html

Monday, January 17, 2011

ඇන්ටි ගේ TV එක සහ මගේ Remore Control එක

නමුත් ඇනෙක්සියේ ජීවිතේ පටන් ගත්තට පස්සේ මට ඇතිවුණු ප්‍රශ්ණේ තමයි ඇනෙක්සිය අයිතිකාර ඇන්ටි නොවරදවා ම සිංහල ප්‍රවෘත්ති නරඹන කෙනෙක් වීම. ඉතිං, අයි.ටී.එන්. එකේ ඔය වෙලාවට යන ප්‍රෝග්‍රෑම්ස් බලන්න විදියක් තිබුනේ නෑ ඇනෙක්සියට ආවට පස්සේ. කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා.

හැබැයි ඉතිං, දවසක් දෙකක් යනකොට මේ ප්‍රශ්ණය විසඳුණා.

READ:
http://kathandara.blogspot.com/2011/01/blog-post_16.html

Friday, January 14, 2011

ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං

අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.


මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ

ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ

මෙන්න බලන්න.

http://kathandara.blogspot.com/2011/01/blog-post_14.html

Thursday, January 13, 2011

කෙල්ලන් ට උපදෙස්

මේ විරිදු පෙල අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු එකක්.

ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න

හොඳමයි අම්මේ කියන්න

කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ

සිතට ගතිමි ඒ ඔවදන

බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය

ඒක සැබැයි සැබැයි සැබැයි

නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම

අපට මොටද රට කෝලං

හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න

එය සිංහල අපට කැතයි

බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ

පඬිවරයෙක් කියා තිබේ

සම්පූර්ණ විරිදු පෙල මෙතනින් කියවන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_12.html

Monday, January 10, 2011

මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!

තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.

එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.

ඒව තමයි මැනර්ස් කියන්නේ!

ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.

මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.

සම්පූර්ණ කතන්දරේම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post_10.html

Saturday, January 8, 2011

එච්චරයි!

පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.

මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.

ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, ......

කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ.

Read it in FULL:
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html

Friday, January 7, 2011

W3Lanka - ඇනෝනිමස් නැති ආතල් - ටැබූ - ඉන්ද්‍රනාම - ජෙප්පා - ශාස්තෲ

ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.

ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල.

ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා.

ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.

ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.

මුලු ලිපියම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/01/w3lanka.html

Wednesday, January 5, 2011

සුද්දා එනතුරු කට ඇරගෙන බලා සිටියෙමු!

මේ ලඟදිත් සාහිත්‍ය සම්මාන දිනපු සුමිත්‍රා රාහුබද්ද ඒ දවස්වල ලියල තිබුණ නවකතාවක් ඉටි පහන් කියල. මේ නවල් එකේ තිබුණෙ පියා නැති පොඩි ගැහැණු ළමයෙක් එක්ක ගමක ජීවත්වෙන අම්ම කෙනෙක් ගැනයි, ඒ ළමයා ලොකු වෙලා විශ්ව විද්‍යාලයට යන හැටි, එතෙනදි ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධවෙන හැටි සහ අවුරුදු ගානකට පස්සේ ඇගේ මරණය සිදුවෙන හැටි. කතාවෙ විදියට මේ දුව, කවුරුත් සුද්දි කියල හඳුන්නපු, ඉතා පැහැපත් ඡවි කළ්‍යාණයක් තිබුණු, ළමයෙක්.

මේ කතාවෙන් ටෙලිනාට්‍යයක් හදන්න ගත්තා අපේ සෝමරත්න අංකල්. පොර ඉස්සෙල්ලාම කලේ ඉටිපහන් කතාවට පෙර කතාවක්, ඒ කියන්නේ ප්‍රීකුවෙල් එකක්, ලිවීමයි. ඉතිං ඉස්සෙල්ලාම ඉටි පහන් කියලා අපි බලන්න ගත්තේ සුමිත්‍රා ගේ කතාව නෙමේ, සෝමා ලියපු පෙර කතාවයි.

මුලු කතන්දරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_04.html

Monday, January 3, 2011

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ඇනෙක්සිය

රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.

දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්

හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.

"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.

"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.

ඉතුරු ටික මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post.html