ඊලඟ සතියේ ඉඳලම මං පොඩි කාර් හොයන්න පටන් ගත්තා. සති දෙක තුනක් යනකොට මෙන්න කළුබෝවිල පැත්තේ තැනක නියම කිරි ටොයියෙක් වගේ ඩයිහට්සු ෂැරේඩ් එකක් විකුණන්න තිබිලා හම්බ වුණා.
මේක බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු "වන් ඕනර්" කාර් එකක්. ගානත් මං හිතුවාට වැඩිය හොඳයි. මිස්ටර් පෙරේරා මගේ කොරොල්ලා එකට දෙන්න පොරොන්දු වුණු ගානට වඩා මේක ටිකක් වැඩියි නමුත් ඒක අවුලක් නැහැ, කාර් එක වටින නිසා.
මං පොඩ්ඩක් බඩුව අතගාලා බැලුවා. ටිප් ටොප් වගෙයි දැනුනේ. මගේ ෂැරේඩ් එකක් තියෙන ෆ්‍රෙන්තාට කෝල් කළා, ගෙදර ලඟ තිබුණු ෆෝන් බූත් එකකින්. මේ කාලේ මොබයිල් ෆෝන් තිබුනේ ලොකු බිස්නස්කාරයින්ට විතරයි.
http://kathandara.blogspot.com/2011/07/how-i-sold-my-red-corolla-and-bought.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, July 1, 2011
Wednesday, June 29, 2011
කාර් එකට බයර් කෙනෙක් - Someone wants to buy my car!
මේ කියන දවසේත්, සෙනසුරාදාවක් ද කොහෙද, මං නුගේගොඩ ගියා එලෝළු, කුළුබඩු ගන්න. මං සාමාන්‍යයෙන් කරන්නේ සුපර් මාකට් එක ඇතුලේ කාර් කට්ට දාලා, පයින් ගිහින් බඩු අරගෙන එනවා පොලෙන්. ඊට පස්සේ නාවල පාරේ තියෙ සතොසෙට ගිහින් ඉතුරු අඩුම කුඩුම ටික ගන්නවා.
එදා මං එලෝළු මළු අතේ කටේ එල්ලගෙන කාරෙක ලඟට එද්දී, කවුදෝ සුදු සරමක් සහ කමිසයක් ඇඳගත්තු පොරක් හිනා වී ගෙන මා ලඟට ආවා.
"සර්, මං මේ බැලුවේ සර් ගේ කාරෙක දිහා. විකුණන්නෙ හෙම අදහසක් නැද්ද සර්?"
"විකුණන්න නං අදහසක් තියෙනවා. ඇයි අහන්නේ?"
"නෑ සර්, විකුණනව නං, මං අඳුණන මහත්තයෙක් ඉන්නවා මේ ජාතියේ ම ටොයොටා එකක් හොයන."
ඒ කියනවාත් එක්කම කළු කලිසමකුයි, අත් කොට ෂර්ට් එකකුයි ඇඳපු මහත්තයෙක් එතනට ආවා.
http://kathandara.blogspot.com/2011/06/blog-post_29.html

Monday, June 27, 2011
රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale
වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!
ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.
කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.
වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.
http://kathandara.blogspot.com/2011/06/red-corolla-car-4-sale.html

Sunday, June 26, 2011
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.
කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.
--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා
බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.
--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා
බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
Friday, June 24, 2011
උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts
කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.
http://kathandara.blogspot.com/2011/06/liar-kathandara-locked-up-in-courts.html

Thursday, June 23, 2011
කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!
ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.
"කීයටද මගේ කේස් එක?"
"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."
පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.
නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම
මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.
http://kathandara.blogspot.com/2011/06/i-know-law.html

Tuesday, June 21, 2011
හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක්
නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!
මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.
මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.
මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?
මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.
වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.
බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.
ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.
http://kathandara.blogspot.com/2011/06/day-at-traffic-courts.html

Sunday, June 19, 2011
අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම
මහදැනමුත්තා ගේ වැඩිය ප්‍රසිද්ධ නැති ගෝලිච්චි ගේ නම දන්නවාද කියලා මං ලියපු කතන්දරේ මතක ඇතිනේ?
එතනදී මං කිව්වේ බ්ලොග් ලියන අරුණි ෂැපීරෝ නං මහදැණමුත්තා ගේ ගෝලියෙක් නෙමේ මහදැනමුත්තියක් ම ය කියලායි.
මං එහෙම කිව්වේ, අරුණී ඇමරිකාවේ ඉඳන් ලියන එයා ගේ බ්ලොග් එකෙන් අපිට දෙන දැනුම ගැන සලකලා යි. මං හිතන්නේ අරුණී ලියන බොහොමයක් කතන්දර, එයා ගේ සබ්මිට් නොකරපු පී.එච්.ඩී. තීසීස් එකේ තිබුණු ඒවා වෙන්න ඕනෑ.
මංතුමාත් ඔය තීසීස් සම්බන්ධයෙන් නම් ඉන්නේ අරුණී ගේ බෝට්ටුවේ ම තමයි. ඒත් මගේ තීසීස් එකේ බාගෙට ලියපු ඒවා මෙතන ලියන්න නං අදහසක් නෑ. මොකද මේක කතන්දර බ්ලොග් එකක් මිස බයිල බ්ලොග් එකක් නෙමේ නේ!
මේ දවස්වල අරුණී ලියාගෙන යනවා ධනවාදය ගැන ලිපි සීරීස් එකක්.
http://kathandara.blogspot.com/2011/06/blog-post.html

Saturday, June 18, 2011
කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts
ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.
කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.
සූ ගාලා සෙනග!
මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.
"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?
මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?
"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.
http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-goes-to-courts.html

Wednesday, June 15, 2011
කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding
මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.
බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.
මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.
ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.
http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-caught-speeding.html

Tuesday, June 14, 2011
කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla
ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)
මළ කෙලියයි කිව්වලු!
අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.
හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.
http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

Sunday, June 12, 2011
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed
වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.
ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.
බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.
මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.
ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.
"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."
http://kathandara.blogspot.com/2011/06/dr-vickramabahu-karunaratnes-identity.html

Saturday, June 11, 2011
හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!
මං වීරයා වගේ තට්ට තනියම ඉලෙක්ට්‍රික් බාස් ට කාරෙක පෙන්නන්න යන වෙලේ තමයි තඩි පැජරොයියෙක් කාරෙකේ පැත්තක්ම ඉරලා දැම්මේ.
මං ඒ ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරන වෙලේ මට කෝල් කරපු ඒ.එස්.පී කාරයෙක් පැජරොයියාගේ අයිතිකාර මහත්තයා සිංගප්පූරු ඉඳලා ආපු ගමන්ම වැඩේ ගොඩින් බේර ගමු කිව්වා!
මට ඇල්ලුවේ නෑ ඒ කතාව.
ඔන්න එතකොට මට මතක් වුණා මේ ඒ.එස්.පී. කාරයාව අඳුණනවා ය කියලා අපේ අල්ලපු ගෙදර අංකල් කියලා තිබුණු බව.
පැමිණිල්ල දාලා ගෙදර ගිය මං අංකල් ට විස්තරේ කියලා, එදාම හවස අංකල්වත් එක්කහු කරගෙන කාර් එකෙන්ම ගියා ඒ.එස්.පී. කාරයා ගේ ගෙදරට.
http://kathandara.blogspot.com/2011/06/how-lucky-i-am-to-have-car.html

Wednesday, June 8, 2011
කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla
ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.
හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.
බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.
http://kathandara.blogspot.com/2011/06/pajero-vs-corolla.html

Monday, June 6, 2011
කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!
මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.
පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.
ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.
http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html

Friday, June 3, 2011
සීරියස්ලි ටියුබ් ලයිට් කතාවක්
පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.
මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.
ඒකටත් එක්ක නූතනය.
http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

Wednesday, June 1, 2011
සතිෂ් පෙරේරා බඳින්න කෙල්ලෙක් සෙවීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය
සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?
මම: මොකක්ද බං ඒ කතාව?
සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?
මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?
සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.
http://kathandara.blogspot.com/2011/06/satish-pereras-bride-finding.html

Tuesday, May 31, 2011
ඔසප්! ඔසප්!! ඔසප්!!! - මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි
නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.
නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.
ඉන් සැලුනේ තරුණයා නොවේ.
"මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"
ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.
http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

Friday, May 27, 2011
මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish
මං කලින් දවසක කියලා තියෙනවානේ නාඩි වාක්‍යය බලන්න ගිය කතන්දරේ?
ඉතිං මං ඔය කියන ස්ථානෙට ගිහිල්ලා රස්තියාදු වුණු දෙවෙනි දවසෙද කොහෙද මට තිබුණා පොඩි පහේ බඩගින්නක්.
වාසනාවට වගේ එතනම තිබුණා, මට මතක හැටියට ඔය සාස්තරකාරයෝ හිටපු ගොඩනැගිල්ලේ ම යට තට්ටුවේ තරමක හෝටලයක්.
ඔන්න ඉතිං මං ඇතුලට ගිහිල්ලා, වාඩිවෙලා, කෑමට දෙයක් ගැන අහලා බැලින්නම් මේක දකුණු ඉන්දියානු වර්ගයේ සයිවර් කඩයක්. තිබුනේ උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.
වඩේ ටිකක් ගේන්න කියලා, කෑල්ලක් කඩාගෙන, පිඟානට දා ගත්තු සාම්බාරු ටිකක ඩිප් කරලා කටේ ඔබා ගත්තා. තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.
http://kathandara.blogspot.com/2011/05/is-this-chicken-or-fish.html

Wednesday, May 25, 2011
එලෝළු ජීවිතේ - Living with vegetables
තවත් සමහරු ඉන්නවා, පොඩි කාලේ මස් මාංශ කෑවට පස්සේ විවිධ හේතු නිසා ඒක අතහැරලා වෙජිටේරියන් වුණු අය.
මගේ අම්මා එක්කෙනෙක්. අම්මා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මස්, මාළු කෑම අතහැරියා. සිල්ගන්න මහරගම ධර්මායතනයට යන්න පටන් ගත්තට පස්සෙද කොහෙද මේ වෙනස් වීම වුනේ. මුලින් චිකන්, මූදු මාළු සහ බිත්තර හැර අනිත් දේවල් නැවැත්තුවා. පස්සේ ඒවත් අල්ලලා දැම්මා.
උපන්දා සිට හෝ ජීවිතේ පස්සෙන් පහු හෝ මාංශ භක්‍ෂණය නොකර ඉන්න අයට මං නං කියන්නේ "එළවළු ජීවිත" කියලයි.
අද කතන්දරේ මේකයි.
ඔන්න එකමත් එක රටක හිටියා කුමාරයෙක්. මේ කුමාරයා ගේ නම කතන්දර. මේ කතන්දර කුමාරයාට එක දවසක් හම්බ වුණා පින්වන්ත කුමාරිකාවක්. (පින්වන්ත ය කිව්වේ ඇයි කියලා තව මොහොතකින් තේරෙයි!)
http://kathandara.blogspot.com/2011/05/living-with-vegitables.html

Monday, May 23, 2011
වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය
සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද?
ආයෙත් කියනවා නං, මස් කන අය එළවළු විතරක් කන අයට වඩා උසස්!
මෙහෙම කියන්නේ මං හෙම නෙමේ. වික්ටර් රත්නායකත් සාක්‍ෂි, සී.ටී. ප්‍රනාන්දු ත් සාක්‍ෂි.
http://kathandara.blogspot.com/2011/05/carnivorous-vs-herbivorous-or-is-it.html

Sunday, May 22, 2011
මෙහි අළුත් මාළු විකිණීමට තිබේ!
අපේ මුල් කතන්දරේ හිටිය තාත්තයි පුතාටයි පස්සේ කාලෙක හිතුණා මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕනෑ කියලා. මාළු වෙළදාමටයි හිත ගියේ.
ඉතිං දෙන්නා ගමේ හන්දියේ මාළු ලෑල්ලක් අටවලා, පෑලියගොඩට ගිහින් පාමංකඩ විල්සන් කරු ගේ කඩෙන් කිලෝ එක රුපියල් පනහ ගානේ දීලා මාළු ගෙනල්ලා විකුණන්න පටන් ගත්තා.
ටික ටික බිස්නස් දියුණු වෙනකොට, දෙන්නට හිතුණා පොඩි පහේ බෝඩ් ලෑල්ලකුත් ගහන්න.
දෙන්න කතාවෙලා බෝඩ් එකක් ඇඳලා හයි කළා.
http://kathandara.blogspot.com/2011/05/fresh-fish-for-sale-here-dudes.html

Friday, May 20, 2011
මැරෙන එකත් පණ යන වැඩක්!
නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!
මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.
එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුනේ නෑ. බැස්සට ඇවිදින්න හිතුනේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.
http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

Wednesday, May 18, 2011
මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය
මෙන්න මං ලියපු සින්දුවක්. මාතෘකාව මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය.
පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ
ඉතුරු ටිකයි, MP3 එකයි මෙන්න මෙතන.
http://kathandara.blogspot.com/2011/05/inhumane-song-written-about-humane-war.html

Tuesday, May 17, 2011
කැමති නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න!
මේ කවි ටික මං ලිවුවේ දැනට අවුරුදු දෙකකට විතර කලින් (ජූලි 2009).
මේක මං මීට කලින් දාපු දිව්‍යලෝකේ ගිය ගමන, කටුබැද්දේ කුකුල්ලු දෙන්නා වගේ කයි කතන්දරයක් නං නෙමේ. ඒ හින්දා රනින් කමෙන්ට්‍රියක් දෙන්නේ නං නෑ.
ඒ එක්කම තට්ටෙන් සොමිය දීම, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා වගේ පුද්ගලික අත්දැකීමක් ගැන ලියවුණු කවි පන්තියකුත් නෙමේ.
කයි-කතන්දරයක් කෙසේ වෙතත් කවි-ප්‍රහේලිකාවක් කියලා කියන්න පුළුවනි.
ඉස්සර කාලේ එක්තරා ගුරුවරයෙක් කියන්න පුරුදු වෙලා හිටියා වගේ, ඕනැ නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න.
http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

Thursday, May 12, 2011
උෙග අමයි ຺න්‍ෙන්
සාමාන්යෙයන් අම මතක් කරල බຒනව කියන්‍ෙන් සිරාම සිරා බැනිල්ලක් ෙන්.
ෙක නං එෙහම බැනිල්ලක් ගැන කතන්දරයක් ෙනෙ.
ෙකාෙහාම වුනත් ඉතිං අපිට බනින්න හිෙතන්‍ෙන් නං හිෙත් ෙක්න්තියක් ආවහමය කියන එක කාටත් ෙපා຺ සත්යයක්.
මට නං වැຌය ෙක්න්ති යන්‍ෙන් මා එක්කම නිසා වැຌෙයන්ම බැන ගන්න හිෙතන්‍ෙන් මටමයි!
තමන්ට බැණ ගත්තත් අනුන්ට බැන්නත්, ඒක ෙහාඳ පුද්දක් නං ෙනෙ.
Read the full story:
http://kathandara.blogspot.com/2011/05/blog-post.html

Tuesday, May 10, 2011
පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 - කොල්ලන්ට පමණයි
කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.
දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.
දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.
http://kathandara.blogspot.com/2011/05/1.html

මුවහත නැති මොට්ට කියත - The tale of the blunt saw
ආණ්ඩුවේ සේවකයින් ට තියෙන පුහුණු වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණා පහුගිය සතියේ දවස් තුනක් පුරාම. මාත් එක්ක තවත් විසි පස් දෙනෙක් ඇවිත් හිටිය මේ කෝස් එකට රජයේ අනෙකුත් ආයතනවලින්.
එතන දේශනවලදී කියවුණු, ඇහුණු දේ අපමණයි.
එයින් ඉතාම පොඩි දෙයක් බෙදා හදා ගන්නයි මේ සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එක ලියන්නේ.
මේකයි කතන්දර කෑල්ල.
http://kathandara.blogspot.com/2011/05/tale-of-blunt-saw.html

Wednesday, May 4, 2011
කතන්දරකාරයා ට චරිත සහතිකයක් - A character certificate for Mr Kathandara Karaya
සන්ඩේ ඔබ්සර්වර් එකේ ජොබ් බලන ගමන්ම මට හිතුණා කෝකටත් කියලා, බොසී ගෙනුයි, බොසී ගේත් බොස් වෙන ඒජීඑමෙකු ගෙනුයි රෙෆරන්ස් ලියුම් අරං තියාගන්න ඕනැ කියල. එතකොට ඔය හදිසියේ වත් ඉන්ටර්වීව් එකක් සෙට් වුනොත් පෙන්නන්න පුළුවනි නේ.
ඒජීඑමා ගෙන් ලියුමක් ඉල්ලුවාම පොර කියපි, "කතන්දර ඔයා එකක් ඩ්‍රාෆ්ට් කරල දෙන්න, මං ඒකට අනුව ලියුම හදන්නං!" කියල. පොර සමහර විට අදහස් කරන්න ඇත්තේ, මගේ සුදුසුකම්, පලපුරුදුකම් වැඩිය හොඳින් දන්නේ මංතුමා ම නිසා, ඒ ගැන නිවරදි වාර්තාවක් ලියුමට ඇතුළත් කරන එකයි මගෙ හිතේ.
ඒ මොනවා වුණත් මාත් අතට ආපු චාන්ස් එක අත හැරියේ නෑ. ගිහිල්ලා ලිව්වා මගේ චරිත සහතිකේ.
මගේ බයෝ ඩේඩා පොඩ්ඩක් දලා, වැඩපොළේ කරපු වැඩ විස්තර කරලා හෙම අන්තිමට ලිව්වා මෙන්න මෙහෙම.
http://kathandara.blogspot.com/2011/05/character-certificate-for-mr-kathandara.html

Monday, May 2, 2011
පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද?
කලින් දවසක මං ස්ථිර වශයෙන්ම කිව්වනේ පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ කියලා.
හැබැයි පx කියන්නේ නම්, අමු කුණුහරුපයක්. ඒකයි ඔය ටයිටල් එකේ තියෙන්න ඕනෑ "ක" යන්න වෙනුවට මං x සලකුණ දැම්මේ.
මං නමේ පන්තියේ ඉගෙන ගන්න කාලේ වැඩිය ටියුෂන් පන්ති ව්යාපාරය ලංකාවේ පැතිරිලා තිබුණේ නෑ. කොළඹ පැත්තේ නං තියෙන්න ඇති.
අපි කොළඹින් හැතැප්ම දහතුනක් විතර විශාල දුරකින් තිබුණු ගමකයි පදිංචි වෙලා හිටියේ. ඒ ළඟ ටවුමේ නං, පොඩි පොඩි කඩ තිබුණා, ඔය ඉංගිරිසි, ගණිතය වගේ උගන්වන.
http://kathandara.blogspot.com/2011/05/x.html

Subscribe to:
Posts (Atom)