Tuesday, July 26, 2011

බැච් එකේ පොර කවුද?

ඔන්න දැන් අවුරුද්දකට දෙකකට කලින් දවසක කතන්දර හාමිනේයි, මායි ගියා පොඩි පහේ උත්සවයකට. ඔතන අපි දෙන්නා වගේ සොක්කෝ විතරක් නෙමේ තරමක් ලොකු ලොක්කෝ පවා ආපු තැනක්.

ටික වෙලාවකින් හාමිනේ මට ඇවිත් කතා කළා.

එන්න කතී (එහෙම කියන්නේ ආදරේට හොඳේ, දන්නවානේ?) මං ඔයාට කෙනෙක්ව ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න.

http://kathandara.blogspot.com/2011/07/blog-post_25.html

Sunday, July 24, 2011

කතන්දරකාරයා අනුර කුමාර දිසානායකගෙන් ඇසූ ප්‍රශ්නය - Anura Kumara Dissanayake F2F with KK

ඔන්න දැන් මාස කීපෙකට කලින් මට අවස්ථාවක් ලැබුණා පොඩි පහේ පොලිටිකල් රැස්වීමකට යන්න. පොඩි පහේ කිව්වේ එතනට ඇවිල්ලා හිටියේ කීප දෙනෙක් විතරක් නිසයි. අනික රැස්වීමක් කිව්වාට ඒක මේ ශාලාවක තිබුණු නරඹන්නන් පුටුවල ඉඳගෙන ඉන්න ජාතියේ එකක්.

මේ රැස්වීම තිබුනේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටවමු කියන අරමුණ යටතේ, ඒ ගැන කතා කරන්නයි. අනුර කුමාර දිසානායක තමයි එක කථිකයෙක්.

මං හිතන්නේ අනුරකාරයා පැයක් විතර කතා කළා. ඊට පස්සේ කතා කලේ එතනට ඇවිල්ලා හිටිය මේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන සංවිධානයේ අනිත් දේශපාලන ප්‍රවේගය නියෝජනය කරන අර්ජුන රණතුංග යි.

http://kathandara.blogspot.com/2011/07/anura-kumara-dissanayake-f2f-with-kk.html

Friday, July 22, 2011

වෙබ් කාලා වතුර බීම - Web eating, water drinking and my body fish dancing

.....
....
..
ඔන්න එක අවුරුද්දක අළුතින් සංගමයට කමිටුවක් පත්වුණා. වෙනත් වැඩකටයුතු එක්ක වෙබ් එකත් බාරවුනේ මගේ හොඳම හිතවතෙක් වෙන රෂ්මි ට. මිනිහා හිත හොඳ හාදයා. වැඩට පලට හොඳ උනන්දුවකුත් තියෙනවා.

අපේ වෙබ් සයිට් එක මං නග්ගල ගන්නං පොර කිව්වා.

මං මේ වැඩේට අල්ල ගන්න යන්නේ අළුතින් කැම්පස් එකෙන් අවුට් වුණු දෙන්නෙක්. වැඩි වයසක් නැති හොඳ තරුණ කොල්ලෝ වුණාට මුං දෙන්නම වෙබ් කාලා වතුර බීපු උං!

http://kathandara.blogspot.com/2011/07/web-eating-water-drinking-and-my-body.html

Thursday, July 21, 2011

රත්නායක මහත්තයා ගේ තවත් වැඩකිඩ - More adventures of Mr Ratnayake

රත්නායක කියන්නේ මගේ හොඳම යාළුවෙක් බව කතන්දර බ්ලොග් එක දිගටම කියවල තියෙන හැම දෙනෙක්ම දන්න කාරණයක්.

අළුතින් ආපු ඉන්නවනං අඩු වශයෙන් රත්නායක ජෝක්ස් ගැනවත් කියවල ආපහු මේ කතාවට එන්න.

රත්නායක මහත්තයයි, රමණී නෝනයි සම්බන්ධ සියළුම කතන්දර මං මේ පෝස්ට් එකේ යටින් උපලේඛනයක ලයිස්තුගත කරල තියෙනවා, කලින් කියවලා නැති අයට බලා කියා ගන්න.

අද මෙන්න රත්නායක මහත්තයා ගැන කතන්දර දෙකක්. මුල් කතාව නං පොඩ්ඩක් ප්‍රබන්ධයක් මගේ හිතේ. දෙවෙනි එක නං අමූලික ඇත්ත.

--------------------------------------------------------------------------------
ඔන්න රත්නායක මහත්තයා රමණී මැඩම්ව බඳින්න කලින් කාලේ එක දවසක් හවස් වෙලේ රමණී ලා ගේ ගෙදර ගිහින් තියෙනව. මේ කාලේ රත්නායක මහත්තයා හිටියේ මහරගම. රමණී ලා ගේ මහගෙදර පානදුරේ.

http://kathandara.blogspot.com/2011/07/more-adventures-of-mr-ratnayake.html

Monday, July 18, 2011

ඕස්ට්‍රේලියාව ට පැන්න අපේ උං ගේ කවි

මට හිතෙන විදියට උපන් රට දාල යනවාය කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හුඟ දෙනෙකා පිට රට පැන්නට හීනෙනුත් උපන් රටේ තමයි ජීවත් වෙන්නේ. පැළයක් උදුරල වෙන තැනක හිටෝල පැළකර ගන්න එක ලේසි වැඩක් යැ?

හැබැයි ඉතිං ඔය රට පනින එක නං අද ඊයේ එකක් නෙමේ.

ලංකාවේ ඉතිහාසය කියවන කොට අපිට මාට්ටුවෙන විජය ල, පඬුවස්දෙව් ල, පරාක්‍රමබාහු ල, නිස්සංකමලල ල, දුටුගැමුණු ල, වීදියේ බණ්ඩාර ල, අලකේශ්වර ල, සපුමල් ල, ශ්‍රී වික්‍රම ල කියන්නේ එක්කෝ තමන් උපන් රටෙන් ලංකාවට පැනපු එවුන් නැත්තං එහෙම පැනපු අය ගෙන් පැවතෙන එවුන්.

http://kathandara.blogspot.com/2011/07/australia-sinhala-poetic-impressions.html

Sunday, July 17, 2011

පැළඳ කඩු කස්තාන ගමට නම්බුව ගේන අපේ ආරච්චිල මැතිඳා වීරයා - විජේරත්න වරකාගොඩ සමග හෝරාවක්

මෝඩයාගේ පෙට්ටිය ලෙසින් හැඳින්වෙන ටෙලිවිෂනය සිරි ලංකාව ආක්රමණය කර මුළු මහත් ජන සමාජයේ ජීවන රටාවම වෙළඳ දැන්වීම් අතරට ඔබා ඇති විනාඩි පහේ ටෙලිනාට්යය කෑලි අතරේ අතරමං කරවන්න ට පෙර ගම්බද නගරබද වෙනසක් නොමැතිව බහුතරයක් සිංහල ජනතාව අතර පැතීරී තිබූ එක්තරා සුන්දර ඇබ්බැහිවීමක් විය.

එය නම් සඳුදා දිනවල රාත්‍රී අටයි තිහට ගුවන් විදුලි යන්ත්‍රය වටා එක් රොක් වීමයි. ඒ වෙනත් කර්තව්‍යයක් සඳහා නොව මුවන්පැලැස්ස නමැති ගුවන් විදුලි නාට්යය ශ්‍රවනය කිරීමටයි.

http://kathandara.blogspot.com/2011/07/blog-post_17.html

Wednesday, July 13, 2011

ඇති පදං බියර් බොන්න පුළුවන්...!!! - The day I visited Singha Beer factory in Bangkok

මං කාලයක් තායිලන්තේ ජීවත් වුණා නේ, අර මං නිතරම කියන පස්තාච්චි කුපාඩි කාලේ. මං රට ජාතිය වෙනුවෙන් මහණ වුනෙත් තායිලන්තේදී තමයි.

මං ඉගෙන ගත්තු ආයතනයෙන් ඔන්න දවසක් ඉන්ඩස්ට්‍රි විසිට් එකක් ලෑස්ති කළා. අපි ගියේ සිංහ බියර් හදන ෆැක්ටේරිය බලන්නයි.

ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියරිං ඉගෙන ගන්න අපිට අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ වගේ අධ්‍යයන චාරිකා. අනික බියර් හදනවා බලන්න යනවා කියන්නේ අන්තිම වැදගත් ගමනක් නේ!

http://kathandara.blogspot.com/2011/07/day-i-visited-singha-beer-factory-in.html

Tuesday, July 12, 2011

තුනේ පන්තියට පාස් වුනෙමි - Marching into the third year...!!!

මං පළවෙනියා ය කියල
අම්මට හරි ආස හිතිල
දෙනව කිව්ව තෑගි ගෙනල්ලා..!!

ඒ තාමත් ජනප්‍රිය "දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ" කියන ළමා සින්දුවේ කොටසක්.

ඔය පොඩි පන්තිවල හිටියට, ඒ දවස්වල අපිට අවුරුද්දට වාර විභාග තුනක් තියලා රිපොර්ට් කාඩ් පවා දෙනවා.

http://kathandara.blogspot.com/2011/07/marching-into-third-year.html

Sunday, July 10, 2011

ට්‍රැෆික් කෝට් කේස් එකක් ද? ට්‍රැෆික් දෙයියන්ව චැනල් කරන්න! - Channelling the Traffic God

කතන්දරකාරයාට වගේ මට රතුපාට කොරොල්ලා එකක් තියා හම ගිය මයිනර් එකක්වත් නෑ.

ඒ වුනාට ලයිසමක් තිබුනා කාලෙක ඉඳන්. ඒ විතරක් නෙවෙයි, අරවට තිත නොතියා මෝටර් සයිකල් පැදලා ඇක්සිඩන්ට් වෙලා උසාවියේ දඩ කාලා පුරුද්දකුත් එහෙම තිබුනා.

ඔය අතරවාරේ මං දවසක් එළවගෙන යනවා කැරවන් එකක්. මං යන්නෙ මැද ලේන් එකේ (මේ පාරේ ලේන් තුනක් තියනවා) ඔන්න හදිසියෙම දකුණු පැත්තෙ ලේන් එකේ ගිය ආමි ට්‍රක් එක, එක පාරටම වමට කපල මැද ලේන් එකට දැම්මා. මං හිතන්නෙ එතනිං කවුරුහරි යූ ටර්න් එකක් ගහන්න ඇති.

http://kathandara.blogspot.com/2011/07/channelling-traffic-god.html

Saturday, July 9, 2011

ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!)

මේ නෙට් එකෙන් ලව් කිරීම උගන්වන පාඩම් මාලාවේ පලමුවෙනි පාඩම බලපු අත්දැකීම් තියෙන සමහරු සාක්‍ෂි දුන්නා ඒ උපදෙස වැඩ කරන බව. ඒවත් අහලා කීප දෙනෙක් ම අත්හදා බලන්නත් පොරොන්දු වෙලයි තියෙන්නේ.

ඇත්තම කියනවා නං මේ පාඩම් මාලාවේ අංක බින්දුවේ සමාරම්භක පාඩමකුත් තිබුණා. ඒක කෙල්ලගෙන් අහලා, තරහ වෙන්න එපා කියන උත්තරේ ලැබුනහම කරන්න ඕනෑ දේ ගැනයි.

http://kathandara.blogspot.com/2011/07/2-advice-for-novice-lovers-males-only.html

ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ලා ගැන කියපු සවුදම් - Jackson Antony raps about Bathiya and Santhush with Kathandarakaraya

මේක මගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් සීරීස් එකේ තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයක් කියලා කියන්න පුළුවනි.

ජැක්සන් ඇන්තනි හෙවත් ජැකා හෙවත් පනාපුත්‍ර කුහුඹු පැණියා මා එක්ක මේ සාකච්ඡාවට සහභාගී වුනේ මීට අවුරුදු කීපයකට කලින් 2006 දී යි.

මං අහපු මේ ප්‍රශ්ණ ඒ කාලේ ට ගැලපෙන ඒවා බව කරුණාවෙන් සලකන්න.

http://kathandara.blogspot.com/2011/07/blog-post.html

කාර් කේස් එක ක්ලෝස් වෙයි - Car Kathandara Mega Series Finale'

අද මේ කාර් මෙගා කතන්දරේ අවසානයක් දකින්නයි යන්නේ. කතාවත් ඉවර කරනවා. සේරම ලූස් ස්ට්‍රින්ග්ස් ටිකත් ගැට ගහලා දානවා.

මෙතෙක් කතාව සේරම ෆ්ලෑෂ් බැක් එකක් විදියට ඕනෑ නෑ නේද? කෙටියෙන් කියනව නං කාර් එක ලේසියෙන් විකුණන්න ගිහින් වුනේ, තියෙන කාරෙකත් නැතිවෙන තැනට බඩු සෙට් වීමයි.

ෆර්නැන්ඩු ලා මට ෂැරේඩ් එක විකුණනවා කියලා දුන්නු පොරොන්දුව කැඩුවාය කියලා මට පුළුවන් ද මං පෙරේරා ට රතු කොරොල්ලා කාර් එක විකුණනවාය කියලා දුන්නු පොරොන්දුව කඩන්න?

ඒක නිකං හරියට ගෝතමාලාවේ ත්‍රස්තවාදියෝ නීති විරෝධී ත්‍රස්ත ක්‍රියා කරන කොට ගෝතමාලාවේ ආණ්ඩුවත් රාජ්‍ය ත්‍රස්තවාදී වැඩ කරලා ඒක සාධාරණීකරණය කරනවා වගේ වැඩක් නේ.

http://kathandara.blogspot.com/2011/07/car-kathandara-mega-series-finale.html

කාර් කේස් එකේ අප්සෙට් සීන් කෝන් එකක් - How not to sell your car

පෙට්‍රල් කන කොරොල්ලා එක ඕනෑ වෙලාවක ගන්න මිස්ටර් පෙරේරා කැමති වුණා නේ.

බ්‍රෑන්ඩ් නිව් ඉම්පොර්ට් කරපු වන් ඕනර් ඩයිහට්සු ෂැරේඩ් කිරි ටොයියෙක් ව ඔබ්සෝවර් එකෙන් හම්බ වෙච්ච ගමන් මං කලේ විසිපන්දාහක ඇඩ්වාන්ස් එකක් දීලා අඟහරුවාදා හවස ඇවිත් කෑෂ් දීලා කාරෙක අරගෙන යන්න කතා කරගත්තු එකයි.

පෙරේරා පොරොන්දු වුණු විදියටම සඳුදා එන්නං කීවා කොරොල්ලා එක ගන්න.

http://kathandara.blogspot.com/2011/07/how-not-to-sell-your-car.html

Friday, July 1, 2011

රතු කොරොල්ලා එක විකුණා ඩයිහට්සු ෂැරේඩ් එකක් ගත්තු හැටි - How I sold my red Corolla and bought a Daihatsu Charade

ඊලඟ සතියේ ඉඳලම මං පොඩි කාර් හොයන්න පටන් ගත්තා. සති දෙක තුනක් යනකොට මෙන්න කළුබෝවිල පැත්තේ තැනක නියම කිරි ටොයියෙක් වගේ ඩයිහට්සු ෂැරේඩ් එකක් විකුණන්න තිබිලා හම්බ වුණා.

මේක බ්‍රෑන්ඩ් නිව් ගෙනාපු "වන් ඕනර්" කාර් එකක්. ගානත් මං හිතුවාට වැඩිය හොඳයි. මිස්ටර් පෙරේරා මගේ කොරොල්ලා එකට දෙන්න පොරොන්දු වුණු ගානට වඩා මේක ටිකක් වැඩියි නමුත් ඒක අවුලක් නැහැ, කාර් එක වටින නිසා.

මං පොඩ්ඩක් බඩුව අතගාලා බැලුවා. ටිප් ටොප් වගෙයි දැනුනේ. මගේ ෂැරේඩ් එකක් තියෙන ෆ්‍රෙන්තාට කෝල් කළා, ගෙදර ලඟ තිබුණු ෆෝන් බූත් එකකින්. මේ කාලේ මොබයිල් ෆෝන් තිබුනේ ලොකු බිස්නස්කාරයින්ට විතරයි.

http://kathandara.blogspot.com/2011/07/how-i-sold-my-red-corolla-and-bought.html

Wednesday, June 29, 2011

කාර් එකට බයර් කෙනෙක් - Someone wants to buy my car!

මේ කියන දවසේත්, සෙනසුරාදාවක් ද කොහෙද, මං නුගේගොඩ ගියා එලෝළු, කුළුබඩු ගන්න. මං සාමාන්‍යයෙන් කරන්නේ සුපර් මාකට් එක ඇතුලේ කාර් කට්ට දාලා, පයින් ගිහින් බඩු අරගෙන එනවා පොලෙන්. ඊට පස්සේ නාවල පාරේ තියෙ සතොසෙට ගිහින් ඉතුරු අඩුම කුඩුම ටික ගන්නවා.

එදා මං එලෝළු මළු අතේ කටේ එල්ලගෙන කාරෙක ලඟට එද්දී, කවුදෝ සුදු සරමක් සහ කමිසයක් ඇඳගත්තු පොරක් හිනා වී ගෙන මා ලඟට ආවා.

"සර්, මං මේ බැලුවේ සර් ගේ කාරෙක දිහා. විකුණන්නෙ හෙම අදහසක් නැද්ද සර්?"

"විකුණන්න නං අදහසක් තියෙනවා. ඇයි අහන්නේ?"

"නෑ සර්, විකුණනව නං, මං අඳුණන මහත්තයෙක් ඉන්නවා මේ ජාතියේ ම ටොයොටා එකක් හොයන."

ඒ කියනවාත් එක්කම කළු කලිසමකුයි, අත් කොට ෂර්ට් එකකුයි ඇඳපු මහත්තයෙක් එතනට ආවා.

http://kathandara.blogspot.com/2011/06/blog-post_29.html

Monday, June 27, 2011

රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale

වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!

ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.

කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.

වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.

http://kathandara.blogspot.com/2011/06/red-corolla-car-4-sale.html

Sunday, June 26, 2011

http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html

අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.

කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.

--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා

බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.

http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html

Friday, June 24, 2011

උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts

කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.

http://kathandara.blogspot.com/2011/06/liar-kathandara-locked-up-in-courts.html

Thursday, June 23, 2011

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!

ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.

"කීයටද මගේ කේස් එක?"

"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."

පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.

නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම

මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.

http://kathandara.blogspot.com/2011/06/i-know-law.html

Tuesday, June 21, 2011

හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක්

නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!

මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.

මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.

මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?

මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.

වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.

බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.

ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.

http://kathandara.blogspot.com/2011/06/day-at-traffic-courts.html

Sunday, June 19, 2011

අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම

මහදැනමුත්තා ගේ වැඩිය ප්‍රසිද්ධ නැති ගෝලිච්චි ගේ නම දන්නවාද කියලා මං ලියපු කතන්දරේ මතක ඇතිනේ?

එතනදී මං කිව්වේ බ්ලොග් ලියන අරුණි ෂැපීරෝ නං මහදැණමුත්තා ගේ ගෝලියෙක් නෙමේ මහදැනමුත්තියක් ම ය කියලායි.

මං එහෙම කිව්වේ, අරුණී ඇමරිකාවේ ඉඳන් ලියන එයා ගේ බ්ලොග් එකෙන් අපිට දෙන දැනුම ගැන සලකලා යි. මං හිතන්නේ අරුණී ලියන බොහොමයක් කතන්දර, එයා ගේ සබ්මිට් නොකරපු පී.එච්.ඩී. තීසීස් එකේ තිබුණු ඒවා වෙන්න ඕනෑ.

මංතුමාත් ඔය තීසීස් සම්බන්ධයෙන් නම් ඉන්නේ අරුණී ගේ බෝට්ටුවේ ම තමයි. ඒත් මගේ තීසීස් එකේ බාගෙට ලියපු ඒවා මෙතන ලියන්න නං අදහසක් නෑ. මොකද මේක කතන්දර බ්ලොග් එකක් මිස බයිල බ්ලොග් එකක් නෙමේ නේ!

මේ දවස්වල අරුණී ලියාගෙන යනවා ධනවාදය ගැන ලිපි සීරීස් එකක්.

http://kathandara.blogspot.com/2011/06/blog-post.html

Saturday, June 18, 2011

කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts

ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.

කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.

සූ ගාලා සෙනග!

මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.

"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?

මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?

"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.

http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-goes-to-courts.html

Wednesday, June 15, 2011

කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding

මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.

බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.

මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.

ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.

http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-caught-speeding.html

Tuesday, June 14, 2011

කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla

ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)

මළ කෙලියයි කිව්වලු!

අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.

හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.

http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

Sunday, June 12, 2011

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed

වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.

ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.

බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.

මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.

ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.

"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."

http://kathandara.blogspot.com/2011/06/dr-vickramabahu-karunaratnes-identity.html

Saturday, June 11, 2011

හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!

මං වීරයා වගේ තට්ට තනියම ඉලෙක්ට්‍රික් බාස් ට කාරෙක පෙන්නන්න යන වෙලේ තමයි තඩි පැජරොයියෙක් කාරෙකේ පැත්තක්ම ඉරලා දැම්මේ.

මං ඒ ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරන වෙලේ මට කෝල් කරපු ඒ.එස්.පී කාරයෙක් පැජරොයියාගේ අයිතිකාර මහත්තයා සිංගප්පූරු ඉඳලා ආපු ගමන්ම වැඩේ ගොඩින් බේර ගමු කිව්වා!

මට ඇල්ලුවේ නෑ ඒ කතාව.

ඔන්න එතකොට මට මතක් වුණා මේ ඒ.එස්.පී. කාරයාව අඳුණනවා ය කියලා අපේ අල්ලපු ගෙදර අංකල් කියලා තිබුණු බව.

පැමිණිල්ල දාලා ගෙදර ගිය මං අංකල් ට විස්තරේ කියලා, එදාම හවස අංකල්වත් එක්කහු කරගෙන කාර් එකෙන්ම ගියා ඒ.එස්.පී. කාරයා ගේ ගෙදරට.

http://kathandara.blogspot.com/2011/06/how-lucky-i-am-to-have-car.html

Wednesday, June 8, 2011

කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla

ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.

හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.

බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.

http://kathandara.blogspot.com/2011/06/pajero-vs-corolla.html

Monday, June 6, 2011

කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!

මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.

පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.

ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.

http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html

Friday, June 3, 2011

සීරියස්ලි ටියුබ් ලයිට් කතාවක්

පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.

මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.

ඒකටත් එක්ක නූතනය.

http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

Wednesday, June 1, 2011

සතිෂ් පෙරේරා බඳින්න කෙල්ලෙක් සෙවීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය

සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?

මම: මොකක්ද බං ඒ කතාව?

සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?

මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?

සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.

http://kathandara.blogspot.com/2011/06/satish-pereras-bride-finding.html