Thursday, February 16, 2012

මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans

අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.

මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.

සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?

ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.

ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.

http://kathandara.blogspot.com.au/2012/02/how-not-to-cook-beans.html

Monday, February 13, 2012

බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!

හැම තිස්සෙම ලංකාවට කෙලවන්න බලන් ඉන්න බැංකි මූන් ගොයියා දන්නවා නේද?

අර පොඩි ළමයින්ට මංචී බිස්කට් දෙන්නේ, අන්න එයා ගැන තමයි මේ කියන්නේ.

මෙන්න බැංකී මූන් ගේ නවතම කුමන්ත්‍රණය හෙලිවෙලා!

පොර මේ සෙට් වෙන්නේ අර බටහිර කුමන්ත්‍රණවාදී සමරිසි කෑලි ලංකාව වගේ රටවල්වලත් වැඩි දියුණු කරන්නයි. මෙයා දැනටම මේ වැඩ සටහන පටන් අරං තියෙන්නේ අප්‍රිකාවෙන්.

මෙන්න බලන්න බොරු නම් මේ ප්‍රවෘත්තිය.
http://kathandara.blogspot.com.au/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

Sunday, February 12, 2012

කකුල්, ආදරය, භාෂා ප්‍රයෝග සහ උපමා - Love and Legs (Sunday special extra story)

අම්මපා මොකක්ද මේ ඉංගිරිසියෙන් ගත්තාම ආදරයයි කකුලයි අතර තියෙන අමුතුම අමුතු සම්බන්ධය?

කෙල්ලෙක් කොල්ලෙක් හමුවුණු මොහොතේ මහා ආදරයක් ඇති වීමට කියන්නේ ෆෙල් ඉන් ලව් හෙඩ් ඕවර් හීල්ස් කියලයි.

කෙල්ල කොල්ලාව හරි, කොල්ලා කෙල්ලව හරි අතහැරලා සම්බන්ධය නතර කළාම ඒකට කියන්නේ බූට් එක දුන්නා කියලයි.

ඒවගේ ඒවා භාෂා ප්‍රයෝග. මේ පල්ලෙහා තියෙන කවියෙත් වෙනත් ආකාරයක පොඩි ප්‍රයෝගයක් තියෙනවා. කියවලා බැළුවොත් පෙනෙයි මොකක්ද කියලා.

http://kathandara.blogspot.com.au/2012/02/love-and-legs-sunday-special-extra.html

Friday, February 10, 2012

යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට අවවාද කීපයක් - Advice to university freshers

මුල් කාලේ කතන්දරවල මං ගිය විස්ස විජ්ජාලේ ගැන කියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන යෙදුමයි. පස්සෙන් පහු, පේරාදෙනිය ගැන කතන්දර කීපයක් වගේම කයි-කතන්දර බර ගනක් පල කෙරුවා.

මේ වෙනකොට නං ඉතිං මංතුමා මෙරට, නොරට යුනිවසිටි බර ගාණක අම්බානකුත් ටිකක් විතර චාටර් වෙච්ච පොරක් බව කතන්දර බ්ලොග් එක නිතිපතා කියෝන බහුතරයක් අය දන්නවා නේ.

දැන් නං මං ඔය "කැම්පස්-රම්පස්" වලින් අයින්වෙලා, දෙයියන් ගේ පිහිටෙන්, මගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ඉන්නේ ආණ්ඩුවට කඹුරලායි. ඒත් ඉතිං මට හිතුණා අද යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උපදෙස් කීපයක් දීලා දාන්න ඕනෑ කියලා.

ඕනැ නම් පිළිපැදපල්ලා, එපා නම්, ඒත් පිළිපැදපල්ලා!

http://kathandara.blogspot.com.au/2012/02/blog-post.html

Thursday, February 9, 2012

යුනිවසිටි යෑම සහ "යුනිවසිටි යෑම" - Get a life!

මං ඒ ලෙවල් පාස් වෙලා යුනිවසිටි යන්න සෙට් වෙන කාලේ පේරාදෙනිය ද, කටුබැද්ද ද කියලා තීරණය ගත්තු හැටි ගැන ලියපු කතන්දරේ හරය අපේ පාඨකයින්ගෙන් කීප දෙනෙකු නිවරදව වටහා ගෙන තිබුණේ නෑ.

ඒක නං ඉතිං මගේ වරද! අසන්නා කෙසේ තේරුම් ගත්තත් කියන්නා පැහැදිලිව කිව යුතුයි කියලා කියනවානේ.

ඒ ස්ටෝරි එකට තරමක් හෝ සමාන්තර බවක් තියෙන තවත් කතන්දරයක් මතක් වුණු නිසයි මේ ලියන්නේ.

ඔන්න මං කලක් සේවය කළ එක්තරා විශ්ව විද්‍යාලයක හිටියා දක්‍ෂ කෙල්ලෙක්. එයා විශේෂවේදී උපාධිය කරළා, ෆර්ස්ට් ක්ලාස් එකකින් පාස් වුණා. මාස කීපෙකට පස්සේ තිබුණු ඉන්ටර්වීව් එකකින් ඔන්න මේ දැරිවිය තේරුණා කථිකාචාර්ය තනතුරකට.

http://kathandara.blogspot.com.au/2012/02/get-life.html

Monday, February 6, 2012

හිටපු මිතුරා ගේ අන්දරය - Story of an ex-friend

පසුගිය දවසක මට බ්ලොග් ලෝකයේ මිතුරියකගෙන් ලැබුණු ඊ-මේලයක මෙන්න මෙහෙම තිබුණා.

හිතවත් කතන්දර

ඔබ අඳුණන අයෙකු මට ඊයේ අහම්බෙන් මුණ ගැසුණා. අප ඔබ ගැන ද කතා කළා. ඒත් ඒ කතාවෙන් ඔහු ඔබේ මිතුරෙක්ද, තරහ කාරයෙක්ද කියානම් මට හිතාගන්නට බැරිවුණා!

මීට
බ්ලොග් ලෝකයේ මිතුරිය

ඉතිං, කවුද, කින්ද, මන්ද කියල නමක් ගමක් සඳහන් කරන්නේ නැතුව මං අඳුණන කෙනෙක් හමුවුණාය කියලා ඔහොම කිව්වාම මං කොහොමද ඒ කවුද කියලා හිතාගන්නේ?
http://kathandara.blogspot.com.au/2012/02/story-of-ex-friend.html

Sunday, February 5, 2012

තුන් කොන් ප්‍රේමය ගැන ගැයෙන සිංහල සින්දු - Sinhala songs about love triangles

පහුගිය සිකුරාදා මං පල කළ ලව් එෆෙයාර් එකේ තුන්වැන්නා කියන පෝස්ට් එකට චන්දි දාලා තිබුණු කමෙන්ට් එකේ සඳහනක් තිබුණා දයාරත්න රණතුංග ගේ සුප්‍රසිද්ධ ලව් ට්‍රෑංගල් සින්දුව ගැන.

ඒ ගැන හිතන කොට මට තව සින්දු කීපයක්ම මතක් වුණා. අද මේ ලියන්නේ ඒ සින්දුවල පදමාලා දාන්නයි, මං බලපු යූ ටියුබ් ක්ලිප්වලට ලින්ක්ස් දෙන්නයි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් හින්දා වෙන වැඩි කතන්දරයක් නෑ!

1. මෙන්න පළමුවන ත්‍රිකෝණ ප්‍රේම ගීතය. මේක තමයි ඔරිජිනල් එක!

සමකෝණී ත්‍රිකෝණයකි - දයාරත්න රණතුංග
පද රචනය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ

http://kathandara.blogspot.com.au/2012/02/sinhala-songs-about-love-triangles.html

Saturday, February 4, 2012

ආණ්ඩු විරෝධී බ්ලොග් ලියන්නන්ට අනතුරු හැඟවීමයි - ගුගල්කාරයෝ බ්ලොගර් පාවිච්චිකරන ආණ්ඩු විරෝධී බ්ලොගර්ස් ලා ව ආණ්ඩු මට්ටු කරන්නට සැරසෙති - Anti-Government bloggers be aware!

හොද වැඩේ!

ආණ්ඩු විරෝධී ලිපි ලියලා පල කරන්න ගුගල් ලා ගේ බ්ලොගර් සර්විස් එක පාවිච්චි කරන බ්ලොගර්ස් ලා ට කෙලවෙන්නයි යන්නේ.

අන්න ගූගල්කාරයෝ ආණ්ඩු විරෝධී බ්ලොග් ලිපි වාරණයක් දාන්න යනවා!

ආණ්ඩු විරෝධී ලිපිය ලියවෙන රටේ නීතියෙන් යම් බ්ලොග් එකක ලිපි තහනම් කළොත්, ඒ නීති පිළිපදිමින් ඒ රටේ ඉන්න උන්ට ඒ ලිපි නොපෙනෙන්න සෙට් කරන්නයි ගූගල් ලා හදන්නේ.

ට්විටර්කාරයෝ ඕක දැනටම කරනවා කියන්නේ.

මෙන්න මං බලපු නිව්ස්පේපර් කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/02/anti-government-bloggers-be-aware.html

Wednesday, February 1, 2012

හැම තිස්සෙම xxx වගේ අවංක මෝඩයෙක් වෙනවාද? නැත්තම් xx xxx වගේ අවස්ථානුකූලව කපටියෙක් වෙනවාද? - Is it worth being honest always?

මංතුමා නං හැම තිස්සෙම බලන්නේ අවංකව වැඩ කටයුතු කරන්නයි. හැබැයි අවංකව වැඩ කිරීමයි, අවංකව කතා කිරීමයි දෙකක් ය කියලා හිතෙන කේස් එකක් මේ ලඟදි දවසක සිදුවුණා.

මෙන්න ඒ සීන් එක.

ඔන්න අපේ යාළුවෙක් ඕගනයිස් කළා පොඩි පහේ විනෝද චාරිකාවක්. පික්නික් එකක් කියන්නත් පුළුවන්. දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර සිංහල අවුරුදු නිවාඩුව කාලේ. කට්ටිය බත්, කිරිබත්, හොඳි මාළු පිණි, කැවිලි පෙවිලි හදාගෙන ගිහින් දවස් තුන්කාලක් විතර පොඩ්ඩක් විනෝද වෙලා, විශේෂයෙන්ම ඉස්කෝලේ නිවාඩු කාලේ පොඩි අයට සෙල්ලං කරන්න ඉඩ සලසලා දෙන්නයි මේකේ ප්‍රධාන අරමුණ වුනේ.

අපේ යාළුවා, සුමී කියමුකෝ, තමන් ගේ යාළුවන්ටයි, යාළුවන් ගේ යාළුවන්ටයි කතා කරලා තිබුණු නිසා අන්තිමේදී මෙතනට එදා පවුල් විස්සක් විතර එකතු වුණා.

http://kathandara.blogspot.com.au/2012/02/xxx-xx-xxx-is-it-worth-being-honest.html

Monday, January 30, 2012

හාමිනේ ගේ බඩු ලයිස්තුව හෙවත් අපි නොදන්න ස්ප්‍රැට්ස්! - What on earth are Sprats?

මේ සිද්ධිය වුනේ කතන්දර ජෝඩුව බැඳලා අවුරුදු එකහමාරකට විතර පස්සේ අපේ රෝස බබා උපන්න කාලයේ.

මුල් කාලේ කතන්දර ජෝඩුව ගෙදරට අවශ්‍ය බඩු ගත්තේ හන්දියේ රාජා ගේ කඩෙන් එහෙම නැත්තං ගෑණිගේ කඩෙන්. පස්සෙන් පහු රතු කොරොල්ලා එකක් ගත්තු නිසා නුගේගොඩට ගිහින් පොළෙන් එළවළුයි, සතොසෙන් ගෙදරට අවශ්‍ය ග්‍රොසරීස් ටිකයි ගේන්න පුළුවන් වුණා.

සාමාන්‍යයෙන් කඩේ යනකොට ගේන්න ඕනෑ බඩු ලයිස්තුවක් ලියන පුරුද්දක් මට නෑ. ඔය ලයිස්තු හදන එක හාමිනේ නම් හරිම කැමති දෙයක්. මුල් කාලේ කඩේ ගියේ දෙන්නා ජෝඩු දාලා නිසා මට ඒ හදපු ලයිස්තු බල බල ෆලෝ කරන එක කවදාකවත් ප්‍රශ්ණයක් වුනේ නෑ.

දැන් ඉතිං මේ කියන දවස වෙනකොට රෝස බබා ගෙදර ඇවිත් නිසා මට තනියමයි නුගේගොඩ යන්න වුනේ.
http://kathandara.blogspot.com/2012/01/what-on-earth-are-sprats.html

Sunday, January 29, 2012

"බිජා" අසල "ජරා" - කතන්දර දැනුම් සාගරේ : To Jarrah via Bija

ආ කොහොමද කෂ්ටිය?

ඔන්න මං අද ඔයාලට ගෙනාවා අළුත්ම අළුත් පින්තුර දෙකක් හොඳේ. මේක කතන්දර කතා ගංගාව දැනුම් සාගරයක් බවට හරවන මහා ප්‍රයත්නයේ තවත් එකමත් එක ෂෝට් කට් එකක්.

මේවා මට එව්වේ මගේ හොඳම යාළුවෙක් ඊයක. මේ ෆොටෝ දෙක දැක්ක ගමන්ම මට මුලින් හිතුණේ "චිකේයියා, මහ කැතම කැත දෙයක්!" කියලයි. ඇයි අනේ "බිජා හරියේ ජරා!" කිව්වාම කාටද ඊයා කියලා නොකියවෙන්නේ?

හරිම කැත් හිත් නේද?

මෙන්න එහෙනම් ඕගොල්ලොම බලා ගන්නකෝ.

සේරම කියවනන මෙතනින්.
http://kathandara.blogspot.com/2012/01/to-jarrah-via-bija.html

බූට් එකෙන් ඔබ්බට - Is love blind?

ආලය අන්ධයි කියලා කිව්වේ කවුද 'විලියොං සකුරුපිය' ද නැත්තං ස්ටීව් වොන්ඩර් ද?

මොකා කිව්වත් කතාව ඇත්තයි!

ඕකට විද්‍යාත්මක හේතුව මගේ හිතේ, ඇහැට වැටෙන ආලෝක කදම්භ විශ්ලේෂණය කරලා අතාත්වික ප්‍රතිබිම්භ ඇහැ ඉස්සරහ මවන්න අවශ්‍ය මොලේ ශෛල ටික, මොලේ අයිතිකාරයා ලව් කේස්වල පැටලුනාම කරන්න සිද්ධ වෙන අමතර වැඩවලට යොදවන්න වෙන එක වෙන්න ඕනෑ.

හිටපු බ්ලොග්කරු ටැබූකාරයා හිටියා නම් පැහැදිලි කරලා අහගන්න තිබුණා!

"ආලය අන්ධයි!" කියන කතාව, කවියකින් කියන්න පුළුවන් මෙන්න මේ විදියට. මේ කවියේත් හඳ ගැන සඳහනක් තියෙන්නේ ඇයි කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

සේරම කියවනන මෙතනින්.
http://kathandara.blogspot.com/2012/01/is-love-blind.html

Friday, January 27, 2012

අමාවක සහ පසලොස්වක නොහොත් පිස්සු ඩබල් - Lunacy and the full moon

හඳ නගින බහින විදිය අනුව මුහුදේ වඩදිය බාදිය ඇතිවෙන එක අපිට නිරීක්‍ෂණයෙන් නිගමනයට එන්න පුළුවන් ස්වභාවික සංසිද්ධියක්.

ඒ වගේම කතාවක් තමයි ඔය හඳ මෝරන කාලෙට පිස්සන් ගේ පිස්සුව තදවෙනවා කියන එකත්.

පිස්සෝ බහුතරයක් කවිවලට කැමතියි. ඒ වගේම කවි ලියන උන් බහුතරයක් එක්තරා ආකාරයක පිස්සන් ය කියලා කියන්නත් පුළුවනි.

ඉතිං, එහෙව් එකේ අපිට අහන්න කියවන්න දකින්න ලැබෙන කවිවල නිතරම හඳ ගැන සඳහන් වෙන එක අහන්නත් දෙයක්ද?

පෙම් කවි ලියන පිස්සෝ හඳ සමාන කරන්නේ පෙම්වතියගේ මූණටයි.

ඇගේ ආදරය හරියට හඳේ කිරණ වගේ සෞම්‍යයයි.
ඇයට තරහා ගියාම නිකං හඳ වළාකුලකින් වැහුණ වගේ.
අනේ මට ඇය නමැති හඳ ලඟ චූට්ටංම චුට්ටං තරුවක් වෙලා ඉන්න ඇත්තං!

ඔන්න ඔය වගේ සිලිං-බිලිං කතා කවි වල තියෙනවා අපි දැකලා තියෙනවා.

සම්පුර්ණ කයි-කතන්දරය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2012/01/blog-post.html

Thursday, January 26, 2012

රත්නායක මහත්තයාගෙන් රමණී නෝනා ට වැදගත් උපදෙසක් - Ramani gets an important advice

අර තිලොවට තිලක වූ, ශාඛ්‍ය සිංහ වූ, සමන්ත භද්‍ර වූ, කරුණා නිධාන වූ, මෛත්‍රී නිවාස වූ, ත්‍රිභූවන චුඩා මාණික්‍යයක් බඳු වූ අප මහා බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ වසන කාලේ ඒ පළාතේ හිටිය එක්තරා කෙල්ලෙකුට කසාද බඳින්න කලින් දවසේ තමන්ගේ තාත්තණ්ඩිගෙන් "ඇතුලත ගිනි පිටත නොදෙනු, පිටත ගිනි ඇතුලත නොදෙනු!" කියලා මොලේ කොලොප්පං වෙන ක්‍රිප්ටික් උපදෙසක් ලැබුණු බව කියවෙන පුරාණ කතන්දරේ බුද්ධාගම පාඩමක දී වගේ අහලා තියෙනවාමතකද?

මතක නං කියන්න බලන්න, කවුද එහෙම ඒ උපදෙස් ලැබූ කෙල්ල?

විශාකා ද,
නැත්තං බන්දුල මල්ලිකා ද?

ඔය දෙන්න ගෙන් කෙනෙක් මිස අපි අඳුණන රමණී නෝනා නම් නෙවෙයි.

කතන්දරේ සේරම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2012/01/ramani-gets-important-advice.html

Monday, January 23, 2012

ඉඳල වැඩක් නැතෝ! මගේ දුව ආට්ස් සබ්ජෙක්ට්ස් කරන්න යනෝ!! A disaster strikes Kathandara household!!!

මගේ හදවත බරයි බරයි වගේ. සිත දුකෙන් පිරිලා. වෙලාවෙන් වෙලාවට හෝස් ගාලා හුස්මක් යනවා. මුළු ඇඟම කඩා වැටෙන්න යනවා වගේ.

ඒ මදිවට ඇස් තෙත් වෙලා!

අනේ ඇයි මේ වගේ දුක්බර දෙයක් සිද්ධ වුනේ?

මගේ දුවට එච්එස්සී වලට ආට්ස් කරන්න ඕනෑ ලු.

විද්‍යා විෂයද කලාවද?
කලාව කිව්වොත් මළා වගේ!
චී, චී, චී ලැජ්ජ නැද්ද
අපේ එකෙක් කලාව කරන්න?
කවුද උඹ දිහා බලන්නේ?
විද්‍යාවයි ගණං ගන්නෙ
අඩු තරමේ වාණිජවත්?
(ඉතිං පුතේ නම්බුවක් නේ
ෆේල් වුණත් විද්‍යාවෙන් විභාගේ කරළා!)

මුළු ලිපියම මෙතනින් බලන්න:

http://kathandara.blogspot.com/2012/01/disaster-strikes-kathandara-household.html

Sunday, January 22, 2012

උගත් පාඩම් අංක එක හෙවත් ගෙට් යුවර් ප්රයොරීටීස් ඉන් ඕඩර් - Get your priorities in order

මොකක් හරි හොඳයි කියලා අපිට හිතෙන, නැත්තං වෙනත් එකෙකුට යහපතක් වෙයි කියලා හිතෙන වැඩක් කරන්න ගිහින් එක්කෝ සම්පූර්ණයෙන්ම වැඩේ අල කරගත්තාම හරි, එහෙම නැත්තං ඒ වැඩේ ගැන හොඳක් අහනවා වෙනුවට බැණුම් විතරක්ම අහන්න වුණාම හරි, අපිට හිතෙනවා, "ඔන්න හොඳ පාඩමක් ඉගෙන ගත්තා!" ය කියලා!

ජීප්සීස් ලා ගේ "නුඹ නාඩන් හොඳ පාඩම්" සින්දුවෙත් මේ ගැන වෙනත් ආකාරවල උදාහරණ කීපයක්ම තියෙනවා.

නමුත් ඇත්තටම අපි හොඳ පාඩම් ඉගෙනගත්තු බොහොමයක් වෙලාවල්වල දී ඒ බව අපිට කෙලින්ම තේරෙන්නේ නෑ. සමහරවිට මාස ගණනක්, අවුරුදු ගණනක් ගිහින් ආපහු හැරිල බලන කොටයි ඒ උගත් පාඩම් ගැන තේරෙන්නේ.

ඒ වෙන කොට නොදැනුවත්වම වගේ අපි ඒ උගත් පාඩම නැවත නැවත පාවිච්චි කරලා ඒකෙන් ප්‍රයෝජන අරගෙන ඇති පදම්.

අද සන්ඩේ සැපැෂල් ඇක්ස්ට්‍රා එකට මට හිතුණා මංතුමා ඒ වගේ උගත් පාඩමක් ගැන ලියන්න.

http://bit.ly/yUZuQS

Friday, January 20, 2012

ලංකාවේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණයට විසඳුම පුද්ගලික විශ්ව විද්‍යාල නොවේ, මෙන්න මේකය! දැවෙන ප්‍රශ්ණයකට කතන්දරකාරයා ගෙන් පිදුරු ගොඩක්!! - Private money for higher education industry

මොකක්ද මෙතන කේස් එක?

ලංකාවේ උසස් අධ්‍යාපනයේ ප්‍රශ්ණයක් තියෙනවා. ඒක තමයි උසස් පෙල සමත් වෙන විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලබා ගන්න ඕනෑකම තියෙන හැමෝටම විශ්ව විද්‍යාලවල ඉඩ නැති වීම.

ඒකට හේතුව මොකක්ද?

හේතුව තමයි විශ්ව විද්‍යාල සඳහා රජයෙන් දෙන ප්‍රතිපාදන උසස් පෙල පාස් හැමෝටම විශ්ව විද්‍යාලවල නොමිලේ උගන්වන පහසුකම් සපයන්න ප්‍රමාණවත් නැති වීම

ඇයි ඉතිං ආණ්ඩුව එහෙම නොකරන්නේ? වෙන අපේම ආණ්ඩුවක් ගෙනාවොත් වැඩේ ෂේප් නේද?

ආණ්ඩුවලට සල්ලිවලින් කරන්න වෙනත් වැඩ ඇති පදං තියෙනවා හලෝ. අනික මුං ගිහින් අරුං ආවත් ඕවායේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

ලෝකේ අනිත් රටවල වගේ පෞද්ගලික විශ්ව විද්‍යාල දැම්මම වැඩේ ෂේප් වෙයි නේද?

ලෝකේ ඔය කියන තරමට පෞද්ගලික ව්‍යාපාර විදියට කරගෙන යන විශ්ව විද්‍යාල සංඛ්‍යාවක් නෑ මං දන්න තරමට නං.

එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව වගේ පිටරටකට ගිහින් පුද්ගලික විශ්ව විද්‍යාලයක ඉගෙන ගන්න කෙනෙක් ඉන්නව නං හොයල දෙන්න මට නිකං බේතකට වගේ.

ශතවර්ෂ හතක් අටක් පරණ විශ්ව විද්‍යාල තියෙන මුළු බ්‍රිතාන්‍යටම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බකින්හැම් සහ බීපීපී. මුළු ඕස්ටේ‍ර්ලියාවේම තියෙන්නේ පුද්ගලික විශ්ව විද්‍යාල දෙකයි. බොන්ඩ් සහ නොට්‍රඩාම්. ඒවා කවුරුත් අහල පුරුදු නම් නෙමේ!

ඕස්ටේ‍ර්ලියාවට, එංගලන්තයට යන අපේ රටේ කොල්ලො කෙල්ලෝ හැමෝම වගේ ඉගෙන ගන්නේ රජයේ විශ්ව විද්‍යාලවලයි!

http://kathandara.blogspot.com/2012/01/private-money-for-higher-education.html

Thursday, January 19, 2012

රමණී නෝනා හොඳ වැඩක් කරපු හැටි - Ramani method of conflict resolution

හාමිනේ පොඩි චීනේ ගිය දවස්වල මටයි පුතු පැටියටයි කෑම හදල දුන්නු නිසා කියනවා නෙමේ, රමණී නෝනා කියන්නේ ආදර්ශයට ගත යුතු හොඳ ගුණ යහපත් කෙනෙක්.

මෙන්න ඒ ගැන හොඳම උදාහරණයක් සපයන මට මතක් වුණු තරමක් පරණ පොඩි පහේ කතන්දරයක්.

ඔන්න රමණී නෝනා තමන්ගේ දෙවෙනි ජොබ් එකට ගිය අළුත එක සති අන්තයේ දවසක අපි ඒ පැත්තේ ගියා.

"කොහොමද රමණී අළුත් ජොබ් එක?"

"කියන්න නං වරදක් නෑ කතන්දර."

"කොහොමද එතැන වැඩ කරන අනිත් උං? හොඳයිද? අපි අඳුණන පොරවල් හෙම ඉන්නවද?"

"සේරම වගේ හොඳ කට්ටිය වගෙයි පේන්නේ. ඒත් එක මනුස්සයෙක් නං ඉන්නවා අනේ මං ගිය දවසේ ඉඳලා මා එක්ක නයි වෛරයක් තියෙන විදියටයි හැසිරෙන්නේ."

"ඇයි ඔයා එක්ක රංඩුවට ආවාද? නැත්තං බැන්නද?"

http://kathandara.blogspot.com/2012/01/ramani-method-of-conflict-resolution.html

Monday, January 16, 2012

කතන්දර බ්ලොගයට සයිබර් ප්‍රහාරයක් - 网络攻击在说书人的博客 - Cyber attack on Kathandara blog

මං කතන්දර ඔටෝ පලවෙන්න සෙට් කරන්නේ උදේ හයට. මුල් පැය දෙක තුනේ සෙනග අඩුයි. ටික ටික කෂ්ටිය එන්න පටන් අරං උදේ දහය විතර වෙනකොට තමයි උපරිමය එන්නේ. මේ දවස්වල ඒ උපරිමය පැයකට හිට්ස් එකසිය පනහක් විතර තියෙනවා.

ඇතුලේ තියෙන ලින්ක්ස්විතින් එකෙන් එන හිට්ස් අතහැරියම වැඩිපුර හිට්ස් එන තැන් ගත්තොත් සිංහල බ්ලොග් සංසදය, ගූගල් රීඩරය, ලාංකීය සින්ඩිය, කොත්තු, ෆේස් බුකිය සහ අඹ ගහ සින්ඩිය කැපී පේනවා.

ඔය සේරම කතා අවුල් වෙන වැඩක් තමයි අද වුනේ.

http://kathandara.blogspot.com/2012/01/cyber-attack-on-kathandara-blog.html

Sunday, January 15, 2012

කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for stories

කතන්දරකාරයා ගැන එක එකා, එක එක විදියේ කතන්දර ලියනවා තමයි මේ කාලේ. වැඩියෙන්ම මේකට වග කියන්න ඕනෑ අර ඇනෝනිමසයා කියන ගොබිලායි.

පොර කාලෙකට ඉස්සෙල්ලා ලියපු පොරමඩලාව වැඩසටහන් පිටපතේ සාකච්ඡාව මෙහෙයවන්න අරං තිබුණේ කතන්දරකාරයාවයි.

ඊලඟට, 2011 මහා කක්කා සම්මාන උළෙලක් තියලා, ඒකේ මහා කක්කා සම්මානය කතන්දර බ්ලොගයට දුන්නා.

තව සතියක් යන්නත් කලින් මේකා කළේ, මං ගැනයි මගේ බ්ලොග් එක ගැණයි වර්ණනා කරලා සිංහල බ්ලොග් අවකාශයේ කතන්දරකරුවාගේ භූමිකාව කියලා ලිපියක් දාන එක.

එතනින් ඇරියේ නෑ, ඊලඟට මූ මගේ ඇස්බීයූ ටී-ෂර්ට් එක ගැන මහා මුසාවාදයක් පතුරවන පෝස්ටයක් දැම්මා.

ඉවරයි කියලද හිතේ?

http://kathandara.blogspot.com/2012/01/when-story-teller-becomes-source-for.html

කවුද ඩෝ කතන්දරකාරයා ගැන කතන්දර ලියන්නේ? When the "Story-Teller" becomes a source for stories

කතන්දරකාරයා ගැන එක එකා, එක එක විදියේ කතන්දර ලියනවා තමයි මේ කාලේ. වැඩියෙන්ම මේකට වග කියන්න ඕනෑ අර ඇනෝනිමසයා කියන ගොබිලායි.

පොර කාලෙකට ඉස්සෙල්ලා ලියපු පොරමඩලාව වැඩසටහන් පිටපතේ සාකච්ඡාව මෙහෙයවන්න අරං තිබුණේ කතන්දරකාරයාවයි.

ඊලඟට, 2011 මහා කක්කා සම්මාන උළෙලක් තියලා, ඒකේ මහා කක්කා සම්මානය කතන්දර බ්ලොගයට දුන්නා.

තව සතියක් යන්නත් කලින් මේකා කළේ, මං ගැනයි මගේ බ්ලොග් එක ගැණයි වර්ණනා කරලා සිංහල බ්ලොග් අවකාශයේ කතන්දරකරුවාගේ භූමිකාව කියලා ලිපියක් දාන එක.

එතනින් ඇරියේ නෑ, ඊලඟට මූ මගේ ඇස්බීයූ ටී-ෂර්ට් එක ගැන මහා මුසාවාදයක් පතුරවන පෝස්ටයක් දැම්මා.

ඉවරයි කියලද හිතේ?

http://kathandara.blogspot.com/2012/01/when-story-teller-becomes-source-for.html

Saturday, January 14, 2012

හොට් ගොසිප් නිවුස් - කතන්දරකාරයා අමරදේව ගේ නිවස මිල දී ගැනීමට යයි - Hot gossip about Amaradeva

කතන්දර ජෝඩුව බැඳපු අළුත ඇනෙක්සි හොයලා හොයලා, අන්තිමේදී ඇන්ටිගේ ඇනෙක්සියට පදිංචියට ගියා. නමුත් ඉතිං හැම ජෝඩුවේ ම වගේ අපේ හිතේ වැඩ කළෙත් අපේම කියලා කූඩුවකට යන එකයි.

දෙමව්පියන් ගේ පිහිටෙන් උරුම වුණු ඉඩං කෑලි දෙකක් ගං පලාත් දෙකේ තිබුණු නිසා, ඒකෙන් එකක් විකුණලා "කොඹළ හරියෙන්" ගෙයක් ගන්නයි අදහස් කළේ.

ඉතිං කාලයක් තිබුණා, මං හැම ඉරිදාම සන්ඩේ ඔබ්සෝවර් එකේ ක්ලැසිෆයිඩ් ඇඩ්වටීස්මන්ට් කියවලා අයිතිකාරයින්ට කෝල් කරන.

ඔන්න එක ඉරිදාවක බැලින්නම් තිබුණා නුගේගොඩ හරියේ ගෙයක් ඇඩ්වර්ටයිස් කරලා. පරචස් මෙච්චරයි, ගේ මෙහෙමයි, අනුලා එක මෙච්චර ලඟයි යනාදී වශයෙන් විස්තර ගොඩයි.

හිතට අල්ලා ගිය හින්දා මං දැම්ම කෝල් එකක්. ගෑනු කෙනෙක් තමයි අනිත් පැත්තෙන් උත්තර දුන්නේ.

http://kathandara.blogspot.com/2012/01/hot-gossip-about-amaradeva.html

Thursday, January 12, 2012

වයි-ෆයි ලැප්ටොප් නිසා ශුක්‍රානු මැරෙන්න පුළුවනි - ඔබේ පරම්පරාව රැකගන්න : Wi-Fi Laptops nuke Sperms?

වයි-ෆයි නිසා ඇතිවෙන විද්‍යුත්චුම්භක විකිරණය නිසා ශුක්‍රාණු විනාශ වෙන්න ඉඩ තියෙනවාය කියලා අන්න විද්‍යාඥයින් පිරිසක් අනතුරු හඟවලා.

මේ ආර්ජන්ටියානු විද්‍යාඥයින් කණ්ඩායම කරලා තියෙන පරීක්‍ෂණය ඉතාව සරල දෙයක්. ඉන්ටර්නෙට් එකට වයි-ෆයි මගින් සම්බන්ධ කරපු ලැප්ටොප් කම්පියුටරයක් යටින් හොඳ නීරෝගී සම්පන්න මිනිසුන් 29 දෙනෙකුගෙන් ගත්තු ශුක්‍රාණු සාම්පල් තියලා ඩවුන්ලෝඩ් බට්න් එකක් ප්‍රෙස් කරලා.

පැය හතරකට පස්සේ බලනකොට ශුක්‍රාණුවලින් කොටසක් අකර්මන්‍ය වෙලා බවයි පෙනිලා තියෙන්නේ.

Full article:
http://kathandara.blogspot.com/2012/01/wi-fi-laptops-nuke-sperms.html

Monday, January 9, 2012

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?

මේ පුවත්පත් වාර්තාවේ කියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.

පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන, නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.

සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.

සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2012/01/how-many-times-day-does-man-think-about.html

Sunday, January 8, 2012

මං කැමතිම පැරණි රසාංගයක් - We got a groovy kind of love

පෙරේදා සිකුරාදා ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඇනෝනිමසයා මංතුමා ගැන ලියලා පල කරපු ලිපියට උඩින් පැය කීපෙකට පස්සේ තවත් එකක් දාලා තියෙන නිසා සමහර විට වැඩි දෙනා මගේ ටී-ෂර්ට් එකක් ගැන ලියවිලා තිබුණු ඒ "අපහාසාත්මක" මුල් ලිපිය දකින්න නැතුව ඇති.

මට ඒක කියෝලා ඇතිවුනේ පොඩි ජොලියක්.

ඊට පස්සේ බීට්ල් ගේ පෝස්ට් එකේ තියෙන සින්දුව අහන වෙලේ ඊට වඩා ජොලියක් ගියා.

ඒ මං කැමතිම පැරණි රසාංගයක් හදිසියේම මතක් වීම නිසයි. ඒ තමයි "ෆිල් කොලින්ස්" (Phil Collins) ගයන "ගෲවී කයින්ඩ් ඔෆ් ලව්" (Groovy kind of love) කියන සින්දුව.

http://kathandara.blogspot.com/2012/01/we-got-groovy-kind-of-love.html

Friday, January 6, 2012

සිගරැට් බීම ගැන මං අහලා තියෙන හොඳම කතන්දරේ මෙන්න - The best story about smoking!

සිගරැට් බීම ගැන මේ අති වැදගත් කතන්දරේ මට මතක් වුනේ ඔබා-මා ගේ කාල බොන්න සිගරට් එකක් දුන්නු කතාව කියවපු වෙලේයි. ඔබා-මා ගේ කතන්දරේ ඇත්ත නම් ගම් එක්ක පටලෝලා ඇත්ත වගේ නිර්මාණය කරලා ලියලා තිබුණත් මං නං ඒ කතාව අහලා තිබුනේ අමුවෙන්ම තමයි.

ඒ මොනවා වුනත් මෙන්න මේ පහලින් දාලා තියෙන කතන්දරේ තමයි මට හිතෙන විදියට සිගරැට් බීම ගැන ලෝකේ තියෙන හොඳම කතන්දරේ.

* * * *

ඔන්න මිනිස්සු දෙන්නෙක් මග රෑක වැස්සට කොටු වෙලා හිටියා කඩ මංඩියක අගු පිලක. නිකං 2011 උදුවප්-දුරුත්තේ වගේ මාර සීතලයි.

http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html

Wednesday, January 4, 2012

තේරවිල්ලකි - ඔහෙලාට ඇහැක් නම් තෝරන්න : An original riddle from KK

අපේ සීයා ට එයාගේ තාත්තා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තාට අපේ සීයා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තා මට මේක කියලා දුන්නා මට තාම මතකයි.

මම මගේ පුතාටත් කියලා දුන්නා.

මගේ පුතාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

ඒ මගේ අනාගත මුණුබුරාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

මේ මොකක්ද?

http://kathandara.blogspot.com/2012/01/original-riddle-from-kk.html

සමාවෙන්න කුරුළු අම්මේ - පින්තූර කතන්දරයක් : A picture story

මනුස්සයෝ ශිෂ්ඨාචාර පිහිටුවාගන්න කලින් ගල්ගුහා කාලේ ඉඳලාම සිතුවම්වලින් කතන්දර ලිව්වාය කියලානේ කියන්නේ. ඊට පස්සේ වුනත් ඔය පිරමීඩ්ස් වල වගේ දිග කතන්දර තියෙනවාලු ලියලා රූප මගින්. චීන භාෂාවේ අකුරක් අකුරක් පාසා චිත්‍රයක්.

දැන් ඉතිං ඩිජිටල් යුගයේ අපි යන යන තැන ෆොටෝ කොටනවා.

පින්තූරයක් වචන 1000ක් වටිනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? එහෙම බැලුවොතින් මං මේ කතන්දර බ්ලොග් එකේ ලියන දිගම කතාවක් තමයි මේක.

http://kathandara.blogspot.com/2012/01/picture-story.html

Sunday, January 1, 2012

වසරේ මහා උභතෝකොටිකයට කතන්දරකාරයා ගේ විසඳුම - How to greet issue solved!

ලංකාවේ තියා ලෝකේ කොතැන හිටියත් සිංහල උංට සමරන්නට අවුරුදු උදාවන් දෙකක් ඇත.

එකක් අප්‍රියෙල් මැද එළැඹෙන සංස්කුරුතිමය එකය. අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය.

දැන් මේ දෙකෙන්ම ගැලවී සිටිමට සිතීම නම් විහිළුවකි. පත්තරෙන්, රේදෙව්වෙන්, තලදසුනෙන් නොව බ්ලෝග්කාරී-විකාරරූපී ලෝකයෙන්ම මේ ඩබලම අපේ ඇස්, කන්, නාසා තුලින් අනුමස්තික්‍ෂ්කයටම කවයි. අපට කළ හැක්කේ යන්තම් ජාම් බේරා ගැනීමට සැලසුම්කර, ඒවා ක්‍රියාත්මක වේයැයි ඇඟිලි බැඳගෙන සිටීම පමණි.

http://kathandara.blogspot.com/2012/01/how-to-greet-issue-solved.html

ඒ-ලෙවල් ෆේල් වුණු මල්ලී ගේ කයි-කතන්දරවල අවසානය : End of a chapter!

ඔන්න කැම්පස් ඉන්න අයියා තමන්ගේ මල්ලී ඒ ලෙවල් වලට පාඩම් කරන හැටි දැකලා දුක හිතිලා මුලින්ම කවියක් ලිව්වා.

ඊට පස්සේ දෙවෙනි කවියකුත් ලිව්වා මල්ලී විභාගේ ෆේල් වුණාට පස්සේ. ඒ කවියේ අන්තර්ගත වුණු අදහසට දේශපාලනිකව විරුද්ධ වුණු අයියා ගේ බැචාලා දෙන්නෙකුත් ඔන්න කවි දෙකක්ම ලියලා පල කළා.

එකක් අයියාගෙන් මල්ලීට අවවාද සහිතව. අනික මල්ලීගෙන් අයියාට, අයියාගේ මෝඩ කතා වල වරද පෙන්නලා! ඒ කවි නං දැන් මට මතක නෑ.

මේ චැප්ටර් එක අවසාන කරමින් මෙන්න අයියා මල්ලී ට ලියපු අවසාන කවිය.

http://kathandara.blogspot.com/2011/12/end-of-chapter.html