සමහර වෙලාවට අපි අවට සිද්ධවෙන, දකින දේවල් සලකලා ඒ හා සම්බන්ධව විවිධ උපකල්පනයන් කරලා නිගමනයන්ට එළැඹෙනවා. ඊට පස්සේ ඒ නිගමන අනුව හිතලා තීරණ ගන්නවා.
පස්සේ බැලින්නම් අර මුලින් කරපු උපකල්පන වැරදියි. ඒ කියන්නේ නිගමන වැරදියි. ගත්තු තීරණවලින් පාඩුයි.
අද මේ කියන්න යන්නේ ඒ වගේ කතන්දරයක්.
ජෙනරික් මාතෘකාවක් දැම්මට මේ කතන්දරෙත් ඉතිං මගේම ජීවිත පොතෙන් පිටුවක් තමයි. ඒ කියන්නේ එක්තරා නිරීක්‍ෂණයක් ගැන වැරදි උපකල්පනයක් මත පදනම් වෙලා වැරදි නිගමනයක් කරලා, ඒ සම්න්ධව ගත්තු තීරණයක් නිසා මට සිද්ධ වුණු පාඩුවක් ගැනයි මේ කතන්දරේ.
එක පාඩුවක් නං බැරියෑ, දෙකක් ම!
http://kathandara.blogspot.com.au/2012/07/assumptions-can-go-wrong-and-cause.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, July 18, 2012
Monday, July 16, 2012
සුඋදිවේකහා - HBD2UKH
සිංහලයේ මහා සම්මත රාජ පරම්පරාවේ බලි, තරු, රාවණ යුගයේ සිට අද මහ දියසෙන් යුගය දක්වා සියළු තතු මනා ලෙස දන්නා මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ වරෙක මෙලෙස පැවසූහ.
"දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.
http://kathandara.blogspot.com.au/2012/07/hbd2ukh.html

Sunday, July 15, 2012
මං බ්ලොග් ලිව්වේ ඇයි සහ ලියන්නේ ඇයි? (කිසිදු විවාදාත්මක කරුණක් අඩංගු නැත!) - Past, present and the future
මාතෘකාව ගැන කතා කරන ගමන් ම තවත් දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි එදා නොකළ අනිත් දේ, එනම් ස්තුති කතාව.
මීට අවුරුදු තුනකට කලින් දවසක මට හිතුණා මගේ හිතේ තියෙන කතන්දර ගොන්න බ්ලොග් එකක් හරහා ලියලා දාන්න ඕනෑය කියලා. හොඳට ප්ලෑන් කරලා, සතියකට එක ගානේ කතන්දර මාස තුනක් දාන්න දහතුනක්ම කෙටුම්පත් කරලායි මේ වැඩේට බැස්සේ.
එක්කෝ නැකත හොඳයි නැත්තං පෙරමග සුබ ලකුණු තිබිලා තියෙනවා. තාමත් මං එදා වගේම ගමනේ.
තවත් එකක්. මං අන්වර්ථ නාමයක් යොදා ගත්තේ හැංගෙන්න නෙමේ, බ්ලොගයේ නමට අදාලව චරිතයක් නිර්මානය කරන්නයි. මං කවුද කියලා දන්නෝ දන්නවා.
http://kathandara.blogspot.com.au/2012/07/past-present-and-future.html

Wednesday, July 11, 2012
ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!
මා මුලින්ම පාසල් ගියේ අප ඒ දිනවල පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි කණිෂ්ඨ විද්‍යාලයටයි.
අපේ නිවස පිහිටා තිබුනේ ගමේ එක් කෙලවරක අවසාන ඉඩමේ නිසා මා ගිය ඒ පාසල අපේ ගමේ පාසල ලෙස හැඳින්වීම නිවරදි නැත. එය අල්ලපු වත්තේ පදිංචිව සිටි නාලන්ද පියතිලකගේ නම් ගමේ පාසලයි. නාලන්දගේ පියාත් මගේ පියාත් ඔවුන් කුඩා කාලයේ ඉගෙනුම ලබා ඇත්තේ මේ පාසලේ ය.
එක්තරා සීතල ජනවාරියක මුල් සතියේ සඳුදා උදෑසන හතට පමණ ඇරඹුණු මගේ අවුරුදු දාහතරක පාසල් දිවියෙන් මුල් වසර පහ ගෙවුනේ මේ කණිෂ්ඨ විද්‍යාලයේ ය.
අදින් හරියටම වසරකට පෙර දිනයක මා කණිෂ්ඨ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණියට සමත් වුණු කතන්දරය මම මෙහි ලියා පල කළෙමි.
අද මා මේ කියන්නට යන්නේ මා තුන්වෙනි ශ්‍රේණියේ සිට හතරවෙනි ශ්‍රේණියට සමත් වූ ආකාරයයි.
http://kathandara.blogspot.com.au/2012/07/leaping-into-fourth-year-of-existence.html

Tuesday, July 10, 2012
කැම්පස් එකේ රැග් කතන්දරයක් :: ඔයා මගේ නංගී වගේමයි! - Cruelty at its best
මේ දවස්වල විශ්ව විද්‍යාල රැග ගැන නොයෙකුත් ඊ-මේල් යනාදිය සංසරණය වෙනවා.
ඒවා ඇත්ත වුනත් නැත්ත වුනත්, පහුගිය දශක දෙකක විතර කාලයේ සමාජයේ සිදුවුණු වෙනස්කම් නිසා රැග් එකත් දැන් අති දරුණු තත්වයකට ඇවිල්ලා වගේ.
මගේ අදහස නම්, මේ රැග් මලඉලව්ව නිසා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට වෙන හානිය අනිත් හැම දේකටම වඩා වැඩි නිසා ඔය අසම්මතයේ සම්ප්‍රදායට දැන් පුල්ස්ටොප් එක තියන්න කාලේ වගේ.
දැන් මෙන්න රැග් සීසන් එකේ කතන්දරයක්.
http://kathandara.blogspot.com.au/2012/07/cruelty-at-its-best.html

Monday, July 9, 2012
කලිසම නොගලවා ජොකා ගලවන්න හැකිද? - You may have seen this clip previously!
අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? සැබෑ ලෝකයේ ජීවත්වෙන අපි සියළු දෙනාම ඉස්සෙල්ලා ජොකා ඇඳලා ඊට උඩින් තමයි කලිසම අඳින්නේ.
හැබැයි සුපර්මෑන් නම් අපි ඔහේලාට වඩා වෙනස්.
පොර ගේ රතු ජොකා අඳින්නේ කලිසමට උඩිනුයි. බැට් මෑන් හරි, ස්පයිඩර් මෑන් හරි, වෙන මොකා මෑන් හරි ඒ විදියට ජොකා ඇඳන් ඉන්නවා මං නං දැකලා නෑ.
ඇත්තටම සුපර් වුමන් අඳින්නේ කොහොමද? දැකපු කාලයක් මතක නෑ!
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ලියවෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සුපර්මෑන්ට හැර අන් සියළු මෑන්ස්ලාට කරන්න බැරි දෙයක් ගැනයි.
http://kathandara.blogspot.com.au/2012/07/you-may-have-seen-this-clip-previously.html

Saturday, July 7, 2012
විස්ස විජ්ජාල පෙයාෆෙසර්ලා ගේ පඩි ගැන දැන් කාලේ හැදෙන ළමයි හිතන හැටි! - Oh these kids (and these University Professors)
ලඟදී දවසක බ්ලොග් එකක් කියොලා ඒකේ තිබුණු එක කතන්දරේකට මං කමෙන්ට් කෙරුවේ "දැන් කාලේ හැදෙන ළමයි!" කියලයි. (මේ බ්ලොග් එක Off the Tangent කියලයි මං හිතන් හිටියේ. නමුත් මට ඒ ලිපිය හොයා ගන්න බැරිවුණා!)
ඒ වෙලාවේ මට මතක් වුණා මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ සෑහෙන කාලයක් තියෙන මේ කතන්දරේ ලියලා දාන්න ඕනෑ කියලා.
මං හිතන්නේ ඔය "දැන් කාලේ හැදෙන ළමයි!" කියන කෑල්ලත් අර මං කලින් දවසක ලියපු තේරවිලි කතන්දරේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යන එකක්.
අපේ සීයා ගේ තාත්තා සීයා ගැන මෙහෙම කියන්න ඇති, සීයා මගේ තාත්තා ගැන කියන්න ඇති. තාත්තා මං ගැන මෙහෙම කියනවා මට මතකයි.
අන්තිමේදී මටත් මගේ දුව ගැන එහෙම කියන්න වුනා!
"දැන් කාලේ හැදෙන ළමයි!" කියලා දුව ගැන මට හිතුනේ මෙන්න මේ නිසයි.
http://kathandara.blogspot.com.au/2012/07/oh-these-kids-and-these-university.html

Thursday, July 5, 2012
රාවණාගමනයේ දිනය හෙලි කළ ශ්‍රී රාවණා සුර රාජයා - The return of Ravana the Great, date revealed!
මගේ පිය පාර්ශවයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මහා උදළු රාජයා පිළිබඳ කතන්දර පුවත ඔබට මතක ඇතැයි සිතමි. වසර සියයක් පමණ කාලයක් අපට නොකඩවා සේවය සැපයීම හැර ඒ උදළු රාජයා ගේ වෙනස් හාස්කමක් නොමැත.
කුමකටද? ඒ ම මදෑ!
මගේ මව් පාර්ශවයෙන් පට හිමි වූ මහා බලසම්පන්න නවරත්න මුදු රාජයා නම් මහා හාස්කම් සහ අනුහස් සහිත වස්තුවකි.
අද මේ මංතුමා ලිඛිත බසෙන් ම ලියමින් මේ සැරසෙන්නේ ඒ නවරත්න මුදු රාජයාටත් වඩා බලසම්පන්න වස්තුවක් මා සතුව ඇති ඔබ සැමට දැනුම් දීමටයි.
http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html

Tuesday, July 3, 2012
සිංහල බ්ලොග් ලිවීම ගැන "අපි නොදන්නා ඇනෝ" ගේ මතය - Why blog? (by Anonymous)
චාමී ලියන රියර් ගේට් නොහොත් "පස්සා දොර" බ්ලොගය දන්නවා නේද? මේ ගැන මං ලිපියක් පල කලා දැන් අවුරුදු දෙකකට විතර කලින්.
පහුගිය දවසක චාමීට හදිසියේම මතක් වෙලා තමන් ගේ බ්ලොග් එකට අවුරුදු දෙකක් පිරිලා නේද කියලා. පොර ඒ ගැන ලියූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස "අපි නොදන්න ඇනෝ" කෙනෙක් සිංහල බ්ලොග් ලිවීම ගැන අදහස් දක්වලා තිබුණා.
ඒ අදහස් නැවතත් මෙතන දාලා ආපහු අවුස්සලා ගන්නයි මං මේ උත්සාහ කරන්නේ.
http://kathandara.blogspot.com/2012/07/why-blog-by-anonymous.html

Monday, July 2, 2012
ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!
ජිරාෆ් කිව්වාම අපිට මතක්වෙන්නේ බෙල්ල දිග උස ශාකභක්‍ෂක සතෙක්. අනිත් වෙජිටේරියන් සතුන්වෙන හරක්, මුවෝ, අශ්වයෝ වගේ එවුන් බෙල්ල පොළොවට හරෝගෙන බිම තියෙන තණකොල විතරක්නේ කන්නේ සාමාන්‍යයෙන්. හරක් නං පොල් පැළත් කනවා.
ජිරාෆ් ගේ බෙල්ල දිග්වෙලා තියෙන්නේ ගස්වල උඩ තියෙන අතුවල කොල කඩලා කන්නත් පුළුවන් වෙන විදියට ස්වභාවික පරිනාමයේ ප්‍රතිපලයක් විදියට කියලයි කියවෙන්නේ.
ඉතිං ජිරා මාමා කෙනෙක් වෙනවා කියන්නේ හරිම ජොලි ලයිෆ් එකක් නේද?
නිකංම නිකං "ලෝ හැඟින් ෆෲට්ස්" විතරක් නොවෙයි අර "නෙලා ගන්න බෑ, අපේ අත දිග නෑ" ආකාරයේ හොඳ හොඳ කැමවලටත් බැස්ටිය දෙන්න පුළුවනි!
ඔන්න ඔතන තමයි අපිට වැරදෙන තැන.
http://kathandara.blogspot.com.au/2012/07/pain-in-neck.html

Sunday, July 1, 2012
කසාඳ බැඳපු ගැණියෙකුට තමන් ගේ මිනිහාට කළ හැකි ලොකුම අපහාසය කුමක්ද? - The worst insulting thing a wife can say to her husband
මා අසා ඇති එක්තරා විහිළු කතාවක මෙසේ කියවෙයි.
ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.
Is that in?
ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දරුණුතම අපහාසය මෙසේය.
Is that all?
ඒ අපහාස සඳහා මගේ අද මාතෘකාවේ කියවෙන කසාඳ බැඳීමක් අදාල නොවේ.
එසේනම්, කසාඳ බැඳි ගැහැණියකට තම කසාද මිනිහා අමතා කළ හැකි මා මේ කියන අපහාසය කුමක්ද?
http://kathandara.blogspot.com.au/2012/06/worst-insulting-thing-wife-can-say-to.html

Friday, June 29, 2012
UPDATED: සන්ලයිට් ජිංගල් - Sunlight Jingle - කතන්දරකාරයා ගයයි!
ජිංගල් එකක් කියන්නේ අර වෙළඳ දැන්වීම් එක්ක යන පොඩි සින්දු කෑල්ලටයි. ඕවායින් සමහර ඒවා තියෙනවා නැගලා යන.
මට අද මතක් වුණා අපි පොඩි කාලේ රේඩියෝ එකේ ගිය සන්ලයිට් සබන් ජිංගල් දෙකක්.
මෙයින් එකක් නං මට සම්පූර්ණයෙන් මතකයි. අනිකේ නං අග හරිය හිස්.
මේවායේ ඕඩියෝ ට්‍රැක් නං මං හිතන්නේ නෑ හොයා ගන්න පුළුවන් කියලා. කියෝලා බලලා දන්ණ අය අඩු තැන් පුරවන්න කෝ!
මෙන්න මුල් එක.
http://kathandara.blogspot.com.au/2012/06/sunlight-jingle.html

Thursday, June 28, 2012
අපි නොදන්න ටැබූ (නමැති හිටපු බ්ලොග්කරුවා) හෙවත් රාවණා ගේ 2012 අවතාරය - Big Foot, Yetee and Taboo Subjects Blogger
ටැබූ, ටැබුවා, ටැබූ සර්, ටැබූකාරයා වැනි විවිධ නම් වලින් හැඳින්වුණු ටැබූ සබ්ජෙක්ට්ස් නමැති සිංහල බ්ලොග් අවකාශය දැපනේ දාගෙන හිටපු මහා බ්ලොග්කරුවා හිටි හැටියේම කැපිලා ගිහිල්ලා දැන් අවුරුද්දකට වැඩියි.
ඒ අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් මං ලියපු ලිපියට ප්‍රතිචාර දක්වපු අයගෙන් සමහරු තමන් ලඟ පරිස්සමින් සේව් කරලා තියාගෙන හිටපු පරණ ලිපි කමෙන්ටු විදියට එතන දැම්මා, ටැබූ ගේ රචනා විලාශය දැකලා නැති අයගේ ප්‍රයෝජනය පිණිස.
ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හදිස්සියේම වැහිල ගියාම මුලින්ම කියවුනේ ඒක හැක් වුණා කියලයි.
ඊට පස්සේ තියරියක් ආවා මේක සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් හැකිං එකක් ය කියලා. හේතුව- ඩප්පි සිරා වැනි වෙනත් ආරුඪ නාමයකින් පෙනී සිටින්නෙත් ටැබූම බව හෙලිවීමලු.
ඒ කොහොම වෙතත් ටැබූ සර් ඉතිං නොකියාම යන්න ගියා ගියාමයි.
දැන් මාස තුන හතරකට කලින් මට ඊ-මේල් දෙක තුනක්ම ආවා ටැබූ කියන්නේ අන්න අහවලාය කියලා සඳහන් වුණු. ඒ කතාව ඔප්පු කරන්න සුළු සුළු සාධකත් සපයලා තිබුණා, ඒ ඊ-මේල්වල.
http://kathandara.blogspot.com.au/2012/06/2012-big-foot-yetee-and-taboo-subjects.html

Wednesday, June 27, 2012
මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems
විවිධ පුද්ගලයින් ට විවිධ ප්‍රශ්න ඇත.
එක් පුද්ගලයෙකුට විවිධාකාරයේ ප්‍රශ්න රැසක් තියෙන්නට බොහෝ ඉඩකඩ ඇති අතර, පුද්ගලයින් රාශියකට පොදු ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්නට ද පුළුවන.
මේ අනුව, පුද්ගලයින් සහ ප්‍රශ්න අතර ඇත්තේ බහු-බහු සම්බන්ධයකි. එය අපට ඇති අමතර ප්‍රශ්නයක් නොව ඩේටාබේස් ඩිසයින් කරන්නන් ගේ ප්‍රශ්නයකි.
පුද්ගල ප්‍රශ්න ගැණ කතා කරනවා නම්, සපත්තු දා වැඩට යන මිනිසුන්ට ඇති එක්තරා ප්‍රශ්නයක් ගැන මම පසුගිය දිනයක ලියූවෙමි. ඒ සඳහා සුවිශේෂී විසඳුමක් ද ඉදිරිපත් කළෙමි.
මට ඇතිවුණු වෙනත් ආකාරයක ප්‍රශ්නයක් වූයේ, "ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?" යන්නයි.
සියළු දෙනාට අටසිල් අරගෙන බ්‍රහ්මචරියාවෙන් කල් ගතකළහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න නම් ඉතා පැහැදිලිය.
http://kathandara.blogspot.com.au/2012/06/oh-these-problems.html

Sunday, June 24, 2012
ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය - Misfired!
මං දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා සාමාන්‍යයෙන් කතන්දර බ්ලොගේ කතන්දර පල කරන්නේ එක්තරා රටාවකටයි.
සඳුදා, බදාදා සහ සිකුරාදා සාමාන්‍ය කතන්දර දානවා. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දානවා. සතියකට හතරයි. අවුරුද්දකට දෙසිය අටයි.
ඔය කියන සතියේ හැමදාකම හරියට උදේ හයටයි කතන්දරේ පලවෙන්නේ. ඒක කරන්නේ බ්ලොගර් අයියාට පින් සිද්ධ වෙන්න ඔටෝ පබ්ලිෂින් සෙට් කරලායි කලින් දවසක රාත්‍රියේ දී.
කාලයක් තිබුණා මං සති දෙක තුනකට සෑහෙන්න කතා ලියලා කලින්ම සෙට් කරලා තියෙන. නමුත් දැන් නං එදා වේල ටුවර්ස් තමයි.
http://kathandara.blogspot.com/2012/06/misfired.html

සුදු කළු බේදය සිරි ලංකාවේ? - Black vs White: Sri Lankan Style
දකුණු අප්‍රිකාවේ තරම් දරුණු නොවුණට ලංකාවේත් මේ කළු සුදු බේදය තිබිලා තියෙනවා. තාමත් තියෙනවාද මන්දා?
අහලා තියෙනවා නේද මේ සින්දුව?
නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑලලුයි
අපේ අම්මාට පොඩි කාලේ ඉඳලාම ගෙදරට කියපු නම තමයි සුදු හාමිනේ. අවුරුදු දෙකේ තුනේ විතර කාලේ ඒයාට කවුද කියලා හමේ පාට අනුන්ගෙන් ගෑවෙනවාය කියලා. ඉතිං මේ පොඩි බබා එයා ගේ පැහැපත් පාට හමක් නැති මාමා කෙනෙකුට එයාව වඩා ගන්න දීලා ම නෑ.
http://kathandara.blogspot.com/2012/06/black-vs-white.html

Friday, June 22, 2012
UPDATED: මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing?
මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි.
මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්‍රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.
මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.
මේ කවුද? මොනවද කරන්නේ?
http://kathandara.blogspot.com/2012/06/who-is-this-whats-he-doing.html

Thursday, June 21, 2012
සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ : Love, Rejection, Arrack and Cemetery .OR. Love, Rejection, Prozac and Psychiatric Clinic?
මාසික සඟරාවකට මා ලියූ ලිපියක් "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" නමින් මං සඳුදා බ්ලොග් එකේ පළ කළා.
ඒකේ ප/ලි යේ මං ලිව්වේ මෙන්න මේකයි.
"මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බව ප්‍රීතියෙන් සඳහන් කරමි!"
එදා සඟරා ලිපියට ආපු ඒ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාර තුනක් විතර මට ඊයේ ලැබුණා.
http://kathandara.blogspot.com.au/2012/06/love-rejection-arrack-and-cemetery-or.html

Monday, June 18, 2012
ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs
කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා
දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.
කතාවේ හැටියට සියල්ලටම මුලවී ඇත්තේ යහළු යෙහෙලියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහල පන්ති වල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන්ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් පෙනේ.
නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්න ට පටන් ගන්නේ ඉහල පන්ති වලදී නොව සමහර විට ඉතා පහල පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිටම ය.
http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html

Sunday, June 17, 2012
සු කී වෙනුවෙන් නැගුණු කඳුලක් - Aung San Suu Kyi
වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.
චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.
මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.
ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා.
අංග් සාන් සූ කී ගේ ඒ කතාව මීට අවුරුදු විසි එකකට කලින් කරන්න තිබුණු කතාවක්.
මං හිතන්නේ, මං විතරක් නොවෙයි, ලෝකේ හතර දිග්බාගෙම ඉන්න අහස් ගණනක් මිනිස්සු, ගෑණු කඳුළු හෙලන්න ඇති.
http://kathandara.blogspot.com.au/2012/06/aung-san-suu-kyi.html

Friday, June 15, 2012
ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට කෙලවාගත් හැටි (පාරිභෝගික අවවාදය-මෙය තවත් Xක්කු කතාවකි) - The mind set of a teenager
මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.
ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.
හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.
එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.
දැන් මෙන්න අද කතන්දරය.
http://kathandara.blogspot.com.au/2012/06/x-mind-set-of-teenager.html

Wednesday, June 13, 2012
අයෑම් කමින්, අයෑම් කමින් - I am coming, I am coming!
දවස් දෙක තුනකට කලින් ඩ්‍රයි දවසක මං පොඩි ඩ්‍රයි කතා දෙකක් ලියලා දැම්මා. ඒ දෙකේම තිබුණේ ඉංගිරිසි වචන සිංහලෙන් ඇහිලා ඇති වුණු විහිළු සහගත තත්වයන් ගැනයි.
ඒ කතා දෙකම නිකං සරල ඒවා තමයි. ඒ එක්කම ඒවා ගොතපු කතාද ඇත්ත කතාද කිලත් මං දන්නේ නෑ.
හැබැයි මේ අද කියන්න යන අයෑම් කමින් කතන්දරය නම් ඇත්තම ඇත්ත සිද්ධියක්.
ඒ දවස්වල අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ගමේ බස් එක, එක පැත්තකට යන්නේ පැයකට එක පාරයි. ගෙදර ඉඳලා ගමණක් යන කොට ඒක වැරදුණොත් කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා අල්ලපු පාරේ යන බස් එකක් අල්ල ගන්න. ඉතිං, අපි කවුරුත් බස් ගමනාගමනය ගැන උදේ හවා උනන්දුවෙනුයි ඉන්නේ.
http://kathandara.blogspot.com.au/2012/06/i-am-coming-i-am-coming.html

Tuesday, June 12, 2012
කසාඳ බැඳපු නෝනාවරු හොඳින් දන්නා වූ පිරිමින් ගේ එක්තරා දැවෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් - A practical solution to a burning issue faced by most men
මේව ඉතිං කියලත් බෑ, නොකියත් බෑ.
ඇත්තම කියනවා නං මේ ප්‍රශ්නය හින්දා මං වඳ විඳින්නේ අද ඊයේ ඉඳලා නොවෙයි, කතන්දර හාමිනේ එක්ක විවාහ වෙන්න ඉස්සර කාලේ ඉඳලායි.
හැමදාම මේ ප්‍රශ්ණය හින්දා වැඩේ ප්‍රමාද වෙනවා. දැන් දැන් නම් අන්තිම දරුණු තත්වයකට ඇවිල්ලායි තියෙන්නේ. හාමිනේ මේ ගැන හොඳින්ම දන්නවා වුණාට, එයාට මගේ ප්‍රමාදය ගැන කිසිම තැකීමක් නෑ.
මේ ප්‍රධාන කතන්දරයට යන්න කලින් පොඩි අතුරු කතන්දර දෙකක් තියෙනවා කියන්න. සමහර විට ඔහේලා කලින් අහලාත් ඇති.
http://kathandara.blogspot.com.au/2012/06/practical-solution-to-burning-issue.html

Sunday, June 10, 2012
දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් - Jolly mood tune for a sad song!
දැන් අවුරුදු හත අටකට කලින් නිකං ඉන්න වෙලාවක මා අතින් පොඩි කයි-කෑල්ලක් ලියවුණා. ඒක පොඩ්ඩක් විතර දුක් ගීතයක්.
ඊට ටික කාලෙකට පස්සේ (2005) මං පටන් ගත්තු ගී පදමාලා බ්ලොග් එකේ මේක දාලා තියෙනවා දැකපු ඉතාලියේ හිටිය වෙන්ඩ ගායක ලෝලිත විජේසිංහ තනුවක් දාලා මියුසික් දාලා රෙකෝඩ් කරලා මට එව්වා 2007 ජූලි මාසයේ.
පොර ගේ වොයිස් එක නං මරු. ඒත් මට හිතුනේ සින්දුවේ තනුව සහ සංගීතය අනුව නං මේකට දුක් ගිතයක් කියලා කියන්න බෑ කියලයි.
http://kathandara.blogspot.com/2012/06/jolly-tune-for-sad-song.html

Saturday, June 9, 2012
ලංකාවේ ඉඳල පිටරට ගිහින් එන අයත් විවිධ නවකතා ලියනව. මේ පාර සාහිත්‍ය සම්මානයක් ලැබුණු සුමිත්‍රා රාහුබද්ද ගේ කන්දක් සේමා නවකතාවත් ඒ වගේ එකක් නේ. එහෙම වුනාට ඒව බොහෝ විට ද්විතියික මූලාශ්‍ර මත ලියවුණු ඒවා නේ. ප්‍රාථමික මූලාශ්‍ර මත කතා ලිව්වොත් ඒවා නිකං සංචාර සටහන් විතරයි.
ඒ අනුව බලන කොට පිටරට ජීවත්වෙන සිංහල මිනිස්සු තමන්ගේ අත්දැකීම මත පදනම්වෙලා තමන්ම ලියන කතා ඒ රටවල් ගැන දැන ගන්න සාපේක්‍ෂව හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.
මේ "තිරස තරණ" පොතේ එක එක විදියේ රස මවන කෙටිකතා තියෙනවා. මං නං ඉතිං කැමති උත්ප්‍රාසයට නේ. ඒ හින්දා මගේ හිත ගියේ මේකෙ තියෙන ලක්‍ෂ්මන් රන්දෙනිය ලියපු කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන කියන කෙටිකතාවටයි.
Read More:
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

මේක ලියවුනේ පුදුම දුකක් දැණුනු වෙලාවකයි - Fate?
මගේ මිතුරු යුවලක් ගැන ඔවුන්ගෙන් ම අහන්නට ලැබුණු එක්තරා දුක්බර පුවත් පිළිබඳව ඇතිවුණු කණගාටුව නිසයි මේක ලියවුනේ.
වැඩි විස්තර ලියන්නේ නෑ.
කියෝලා බලන්න.
http://kathandara.blogspot.com.au/2012/06/blog-post.html

Friday, June 8, 2012
මෙන්න විසි එක්වෙනි සියවසේ සයිබර් ලව් එකකින් ලැබුණු බූට් එකක් ගැන කයි කතන්දරයක් - When Cyber Love Fails!
සාහිත්‍ය ලෝකයේ වැජඹෙන මගේ හිතවතෙක් දැනට අවුරුදු ගණනාවකට කලින් කොටස් වශයෙන් පලවුණු නවකතාවක් ලිව්වා එක්තරා සඟරාවකට.
ඒ නවකතාවේ තමයි මං මුලින්ම දැක්කේ තනිකරම සයිබර් ලෝකයේ ඇතිවෙන පොඩි පහේ ලව් එකක් ගැන ප්‍රබන්ධයක ඇතුලත් වෙනවා.
ඒ කතාවේ කොල්ලයි කොල්ලයි දෙන්නාගේ සම්බන්ධය තනිකරම යන්නේ චැට් ලෝකයේ.
පසුකාලෙක බ්ලොග් ලෝකයේත් මේ වගේ ලව් ගැන කතන්දර ගියා තමයි, නමුත් මං මේ කියන්නේ 2004 පමණ කාලයේ. මට හිතාගන්න බැරිවුණා සැබවින් නොදැකපු දෙන්නෙක් කොහෙමාද ලව් කරන්නේ කියලා.
http://kathandara.blogspot.com.au/2012/06/when-cyber-love-fails.html

Wednesday, June 6, 2012
ඩ්‍රයි දවසකට ඩ්‍රයි කතා දෙකක් - Dry Jokes
වසර තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලිපි දහසකටත් වඩා පල කරමින් පවත්වාගෙන යන W3Lanka බ්ලොග් අඩවියේ සංස්කාරක අජිත් පැරකම් ජයසිංහ ලියූ ශාස්තෘ පොත ගැන මා ලියූ කතන්දරය නිසා මහා ආන්දෝලනයක් ඇති විය.
කොටින්ම ටැබූ පවා මා සමග වලියට පැමිණියේය.
ඒ ලිපිය නිස මා ලද අවලාදවලට පිළිතුරු ලෙස මා ලියූ අසව්, අසව් නමැති ලිපිය මා අවසාන කළේ මෙලෙසිනි.
"හෙට සිට බිස්නස් ඈෂ් යුෂුවල්!"
http://kathandara.blogspot.com.au/2012/06/dry-jokes.html

ලාම් පු රේ ප්යාර් කෙරේ - Hindi movies and songs
නවසිය හැට හැත්තෑ ගණං වල තිබිලා තියෙනවා ලංකාවේ හින්දි සින්දු පිස්සුවක්. මේකට මූලික හේතුව තමයි හින්දි චිත්‍රපටිවල ජනප්‍රියත්වය. ඒ හින්දි සින්දු සේරම වගේ චිත්‍රපටි ගීත.
මගේ අම්මා ගේ නංගී, පුංචි අම්මා, ඒ හැට ගණං වල අග කාලේ වගේ ලොකු මොනිටර් පොතක් අරගෙන හින්දි සින්දු සිංහලෙන් ලියාල හින්දි නළු-නිළියන් ගේ රූප අලෝලා එක විකාරයක් කරපු පොතක් තාමත් තියෙනවාද කොහෙද!
ඒ කාලේ අලි මදිවට හරක් කිව්වා වගේ ඒ ජනප්‍රිය හින්දි සින්දුවල තනුවලට සිංහල වචන දාලා අපේම සින්දු විදියට කියලා ජෝති අංකල්ලා, ඇන්ජලීන් ඇන්ටිලාත් සෑහෙන්න ජනප්‍රිය වුණා.
http://kathandara.blogspot.com.au/2012/06/hindi-movies-and-songs.html

Saturday, June 2, 2012
සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!
තුනේ පන්තියේ බුද්ධාගම පොතේ කියවුණු පරිදි සිදුහත් බබා ඉපදී සුළු කලකින් බබාලයි අම්මා මිය ගියාය.
ඒ බබා ගේ අවාසනාවයි!
ඒ "බබා ගේ අවාසනාව" කතාව බුද්ධාගම පොතේ කෙලින්ම නොකියවුණද එය අප විසින් විසින් තම තම නැණ පමණින් යුතුව අවබෝධ කර ගත යුතු කාරණයකි.
අපේ පුතු පැටියා ඉපදෙන්නට සති දෙකකට කලින් එන්ඩ බබාලයි වෙන්ඩ අම්මා විරැකියාවට පත්විය. ඒ තමන් කරමින් සිටි ජොබ් කට්ටෙන් ඉල්ලා අස්වීමෙනි. එය බබා ගේ වාසනාවයි. මක්නිසාද යත් අම්මා සමග මාස දහයක්ම උදේ හවා තුරුළු වී සිටින්නට පැටියාට හැකිවීමයි.
http://kathandara.blogspot.com/2012/06/lucky-child-unlucky-mother.html

Subscribe to:
Posts (Atom)