Wednesday, June 5, 2013

රතුපාට, නිල්පාට, කොලපාට පත්තර - What is your colour?

අද මං ලියන්න යන මේ කතන්දරේ මතක් වෙන්න ආසන්නම හේතුව තමයි දිණමිණ පත්තරේ වැඩකරන සමකය වටේ බ්ලොගයේ අයිතිකාර නලින් දිල්රුක්‍ෂ මගේ කතන්දර බ්ලොගයේ ලඟදී දාපු කමෙන්ටුවකට තුන්වන පාර්ශවයකින් ලබිලා තිබුණු ප්‍රතිචාරයක්.

"වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො...."

http://kathandara.blogspot.com/2013/06/what-is-your-colour.html

Sunday, June 2, 2013

ලෙඩ්ඩු මළත් අපිට මොටද? Soap-opera or Patient in need?

පසුගිය 28 වන දින (28.05.2013)රාත්‍රියේ දී නාවලපිටියේ පදිංචි පුහුණුවන හෙදියක දරුණු රිය අනතුරකට මුහුණ පා තිබුණා. අතිශය ජනාකීර්ණ කිරුළපණ මාර්ගයේ ධාවනය වෙමින් පැවති බස් රථයක ගමන් ගනිමින් සිටියදී , හදිසියේම ඇයව ඉන් ඉවතට විසි වී ඇද වැටුණේ ධාවනය වෙමින් පැවති මගේ මෝටර් රථය ඉදිරියටයි.

වැල්ලවත්ත පොලිසියේ නිලධාරියෙකු, බස් රථයේ රියදුරාගෙන් ප්‍රශ්න කරන අතරතුර දී මා මගේ මිතුරෙකුගේද සහය ඇතිව ඇයව ඉතා ඉක්මණින් රෝහල් ගත කිරීමට කටයුතු කලෙමි. ඒ සමස්ථ ශ්‍රී ලංකාවෙහිම ප්‍විශාලතම රෝහල වන කොළඹ ජාතික රෝහල වෙතටයි.

http://kathandara.blogspot.com/2013/06/soap-opera-or-patient-in-need.html

කමින් කලර් ගුඩ්! - තත්වය හොඳ අතට : Marching on...

මෙන්න අද කතන්දරය.

දිග කාලයක් එක තැනක රැකියාව කරන කොට කාලෙන් කාලෙට නොයෙකුත් කළමනාකරණ වැඩසටහන්වලට යන්න වෙනවා නේ. මං ඔය වගේ ගිය තැනකදී ලැබුණු හොඳ අත්දැකීමක් කලින් කතාවක කිව්වා මතකයි. මෙන්න ඒක: මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black

ඉතිං ඔය වගේ මං සහභාගී වුණු තවත් වැඩසටහනකදී අපිට මේ අභ්‍යාසය ලැබුණා.

http://kathandara.blogspot.com/2013/05/marching-on.html

දෙන්නම වැඩට යන විවාහකයින්ට ආදරබර ෆ්‍රයිඩ් රයිස් - Fried rice with love

මේක එච්චරම ලොකු කතන්දරයක් නොවෙයි. ඒත් මට නං ටිකක් විතර සංවේදී එකක්.

මේක කියවන කොල්ලන් ට කෙල්ලන් ට කෙසේ වෙතත් පවුල් පන්සල් වෙලා දෙන්නම වැඩට යන අයටත් කතාව ටිකක් හෝ දැනෙන්න ඉඩ තියෙනවා.

කවුරුත් වගේ කැමති ලේසියෙන්ම හදා ගන්න පුළුවන් කෑමක් තමයි ෆ්‍රයිඩ් රයිස් කියන්නේ. "පොෂ්" නමක් තිබුණට අන්තිම සරල කෑමක්!

හාල් ටික රයිස් කුකර් එකේ ඉදෙන්න දාලා, එලවලු ටිකක් කපලා තෙම්පරාදු කරන ගමන්ම ඒකට ඉඳුණු බතුත් එකතු කරලා ගත්තාම පැය බාගයක් යන්න කලින් පුළුවන් ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න.

http://kathandara.blogspot.com/2013/05/fired-rice-with-love.html

Tuesday, May 28, 2013

පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd

මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.

පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.

අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.

ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.

කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.

මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.

සීයා මෙය දැක ඇත.

http://kathandara.blogspot.com/2013/05/trotting-against-herd.html

ෆේස් බුකියේ ජෝක් - Facebook Jokes

පෙරේදා නුවරදී සිදුවුණු අවාසනාවන්ත සිද්ධිය නිසා ෆේස් බුකිය උණුසුම් වුණා.

කොටින්ම වෙනදාට කතන්දරයකට ලින්ක් එකක් පමණක් දා නිහඬ වෙන මාත් කීප වරක්ම ස්ටේටස් අප්ඩේට් කර, උත්තර ප්‍රති උත්තර සපයා සෑහෙ කාලයක් නාස්ති කර ගත්තා.

මෙන්න මා දැමූ කෑලි කීපයක්.

http://kathandara.blogspot.com/2013/05/facebook-jokes.html

Friday, May 24, 2013

මා පන්සිල් ගත් අන්තිම දා - No broken promises anymore!

කොළඹ මරදානේ ආනන්ද විද්‍යාලය සැලකෙන්නේ බෞද්ධ පාසලක් හැටියට ය.

මෙයට හේතුව නම් ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට යටත්ව තිබූ සමයේ ඔවුන් ගේ අනුදැනුම ද ඇතිව මිෂනාරිවරුන් පවත්වාගෙන යමින් තිබූ කතෝලික හා කි‍්‍රස්තියානි ආගමික විද්‍යාලයන් ට විකල්පයක් ලෙස ආනන්ද, මහින්ද, ධර්මරාජ, මියුසියස් යනාදී පාසල් සමූහය බෞද්ධ පවුල්වල සිසුන් ට ආගමික පසුබිම ද සහිතව හොඳ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පිහිටුවා තිබූ හෙයිනි.

ලංකාවේ ප‍්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ආගම එක් විෂයයක් ලෙස සැලකේ. මා මුලින් උගත් උගත් කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයේ සහ ගලහිටියාව මැදි විදුහලේ මේ සඳහා තිබුණේ එක් තේරීමක්, එනම් බුද්ධාගම, පමණකි.

http://kathandara.blogspot.com/2013/05/no-broken-promises-anymore.html

අද මං ස්ට්‍රයික් - මෙන්න මගේ ඉල්ලීම් : I am on strike today and here are my demands!

අද (මැයි 21 අඟහරුවාදා) මං ස්ට්‍රයික් කරන්න තීරණය කළා.

ඒ නිසා හෙට (මැයි 22 බදාදා ට) කලින් ප්ලෑන් කරගෙන හිටපු විදියට ඒරොප්පේ කතන්දරයක් පල කෙරෙන්නේ නෑ.

හැබැයි මගේ ස්ට්‍රයික් එකේ මූලික ඉල්ලීම විදුලි පරිභෝජන ගාස්තු සඳහා සහනාධාරයක් දීලා විදුලි ගාස්තු අඩු කරන්න කියන එක නම් නෙමෙයි.

http://kathandara.blogspot.com/2013/05/i-am-on-strike-today-and-here-are-my.html

Tuesday, May 21, 2013

හිතේ හැටියට බියර් බොන්න ඕනෑ නම්, සසර වසන තුරු නිවන් දකින් තුරු ජර්මනියේ ඉපදෙමු! - Amber, amber everywhere!

බොන එක නරක වැඩක්. කතා දෙකක් නෑ.

ඕනැම බේබද්දෙක් එකඟවෙයි ඒකට.

පස් පව් කියන ඒවා පහම මනින්නේ එකම ස්කේල් එකෙන් නම්, සුරාමේරය පස් පවෙන් සීයෙට විස්සක්. හැබැයි මේක පස් පව් ලයිස්තුවේ අන්තිම එක. පානාතිපාතා, අදින්නාදානා ස්කේල් එකෙන් මනින්න නිකං බෑ, බෑ වගේ කියලාත් හිතෙනවා.

මං නං දන්නේ නෑ, හැබැයි සමහර විට අභිධර්මේ තියෙනවා ඇති පස්පව් මනින්න වේටඩ් ස්කේල් එකක් තියෙනවාද නැද්ද කියලා.

කොහොම වුණත්, සුරාමේරේ ගැන කියනවා නං මං හිතන්නේ කසිප්පු බීවාම තමයි වැඩිම පව් සිද්ධ වෙන්නේ. කටුස්සෝ, හිකනල්ලු වැටුණු ඒවා බිව්වොත් බෝනස් පව් ලැබෙනවාත් ඇති. අරක්කු, රා වලට පව මදක් අඩු වෙන්නත් ඉඩ තියෙනවා.


http://kathandara.blogspot.com/2013/05/amber-amber-everywhere.html

Sunday, May 19, 2013

බුද්ධාගං සංස්ථාව විවේචනය කිරීමට මූලික අයිතිය ඇත්තේ කාටද? - Self-critisism Vs criticising others

මේ කතන්දරේ මට මතක් වුනේ මං පෙරේදා දාපු "බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - Me good you bad concept" කියන සටහනට ආපු ප්‍රතිචාර සහ ඒ සටහනේ මං සඳහන් කරපු නිර්-ආගමිකයෝ බ්ලොග් එකේ රිටිගල ජයසේන ලියපු ලිපියට ඇවිත් තිබුණු ප්‍රතිචාර කියවද්දී යි.

මෙන්ම මුලින්ම මගේ කතන්දරේ.

මේ සිද්ධිය වුනේ මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටිය කාලේ. ඒ අවුරුද්දේ අපේ වාර්ෂික ප්‍රිය සම්භාෂණයට බෑන්ඩ් එකක් හොයා ගන්න අපිට ඕනෑ වුණා.

http://kathandara.blogspot.com/2013/05/self-critisism-vs-criticising-others.html

Thursday, May 16, 2013

බුද්ධාගං කල්ට්වල නෝනා මහත්තුරු - "Me good you bad" concept

කල්ට් (cult) කියන වචනය සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ එක්කෝ සාමාන්‍ය ප්‍රවාහයේ ආගමක වෙනස් විදියට කටයුතු කරන පිරිස් හෝ නැත්තම් වෙනස්ම ඇදහිලි තියෙන සුළුතර ආගමික කොටස් හඳුන්වන්නයි.

ලංකාවේත් කාලෙන් කාලෙට බුද්ධාගමේ වගේම ක්‍රීස්තියානි ආගමේත් මේ වගේ කල්ට් මතුවෙනවා.

ඔය වගේ සමහර කල්ට්වලට බැඳෙන අය වැඩියෙන්ම උනන්දුවෙන්නේ ලෝකෝත්තර වශයෙන් රිටර්න්ස් ලැබෙන මෙගා පරිමානයේ පිං අතේ වැඩ කරන්නයි. ඒ විතරක් නොවෙයි, ඒ එක්කම ඒ අය බලනවා මේ වගේ වටිනා කියන පිං අතේ වැඩවලට තමන්ගේ යාළු මිත්‍රයින්වත් අල්ලා ගන්න. එහෙම කරන්නේ තමන්ට ලැබෙන්නට නියමිත මෙගා රිටර්න්ස් තමන්ගේ හිතවතුන්ටත් ලබා දෙන පරහිතකාමී චින්තනය නිසායි.

http://kathandara.blogspot.com/2013/05/me-good-you-bad-concept.html

ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක් - A Roman Circus Act

ඉතාලියේ දී දැක්ක කෝච්චි ගැනයි, පුංචි පුංචි කාර් ගැනයි ලියපු එකේ මේ අද කියන්න යන කතන්දර දෙක නොකිව්වොත් හොඳ නෑ කියලා හිතුණා.

පුංචි කාලේ හයේ පන්තියේදී ද කොහෙද සමාජ අධ්‍යයනය විෂයට පුරාණ ශිෂ්ඨාචාර ගැන කතා කරද්දී අපි ඉගෙන ගත්තා මතකයි රෝමය ගැන.

රෝමය ගොඩ නැගුවේ රොමියුලස් සහ රීමස් කියන සහෝදරයෝ දෙන්නාලු. ඒ දෙන්නගෙන් රොමියුලස් ගේ නම තමයි රෝමෙට දාලා තියෙන්නේ. ජනප්‍රවාදයේ හැටියට රොමියුලස් සහ රීමස් දෙන්නව පොඩි කාලේ ඉඳලා කිරි දීලා හදා ගෙන තියෙන්නේ වෘක දේනුවක්.

මට ඒ සමාජ අධ්‍යයනය පාඩම මතක් වුනේ රෝම නගරයේ ඇවිදින කොට දැක්ක මෙන්න මේ රූපේ දැක්කාමයි.

http://kathandara.blogspot.com/2013/05/roman-circus-act.html

Monday, May 13, 2013

කොයි කෙල්ලට ද වැඩියෙන් හිත යන්නේ? - A question of taste!

මං හිතාගෙන හිටියේ දැන් සති තුනක විතර කාලයක් තිස්සේ ලියපු විදියට අදත් මගේ ඒරොප්පේ අත්දැකීමක් ලියලා දාන්නයි.

ඒත් පාන්දරින් නැගිටලා සේරටම කලින් මං පෙරේදා දාපු ඒරොප්පේ කෝච්චි කතන්දරේට ඊයේ රෑ ඇවිත් තිබුණු කමෙන්ටු ටික අනුමත කරලා ඊට පස්සේ බ්ලොග් රීඩරයට ගියාම තමයි ඔය උඩින් දාලා තියෙන ස්ක්‍රීන් ඩම්ප් එක ඇස ගැටුනේ.

ගෑල්ළමයි දෙන්නෙක් ලියන බ්ලොග් දෙකක් එක ලඟින් පළවෙලා තිබුණා.

මගේ හිත ගියේ ඒ දෙන්නා තමන් ගේ පෝස්ට්වලට තෝරාගෙන තිබුණු පින්තූර දෙකේ තිබුණු සමානත්වයට සහ ඒ එක්කම ඒවායේ තිබුණු වෙනස්කම්වලටයි.

http://kathandara.blogspot.com/2013/05/question-of-taste.html

Saturday, May 11, 2013

ඒරොප්පේ කෝච්චි නේ හලෝ කෝච්චි - Train-spotting in Europe

කියලා වැඩක් නෑ! අන්න බඩු, ඒරොප්පේ කෝච්චි තමයි හලෝ කෝච්චි!

බොරු නං අර හැලපකාරයාගෙන් අහලා බලන්න.

මං පහුගිය අප්‍රියෙල් මාසේ අන්තිම සති දෙකේ විතර ඒරොප්පේ යට හරියේ ඉඳලා මැදක් විතර වෙනකං ගියා කෝච්චියෙන්.

ඒ කියන්නේ රෝමා වල ඉඳලා ෆිරැන්සිවලට, ආපහු රෝමෙට, පස්සේ වැනීසියාවලට, එතනින් මිලානෝ හරහා සූරිච්වලට, එතනින් ෆ්‍රෑන්ක්ෆර්ට්වලට. ෆ්‍රෑන්ක්ෆර්ට් ඉන්න අතරේ හයිඩල්බර්ග් වලට පොඩි ට්‍රිප් එකකුත් ගියා.

ඔය සේරම එකතු වුණාම සුළු පටු දුරක් නොවෙයි කිලෝමීටර් දෙදාහක් විතර. අපි මේ ගමන්වලට දවස් පහක් රටවල් තුනක් ඇතුලේ යන්න පුළුවන් ටිකට් අරගෙනයි ගියේ.

http://kathandara.blogspot.com/2013/05/train-spotting-in-europe.html

Thursday, May 9, 2013

ඉතාලියේ පුංචි පුංචි කාර් - Small is beautiful?

මේ කතන්දර බ්ලොග් එක 2011 දී කියවපු අයට මතක ඇති මං ලියපු රතු කොරොල්ලා කාර් එකේ කතන්දරේ.

ඉතින් ඒ රතු කාරෙක විකුණලා සති තුනකින් විතර මං සෑහෙන්න කට්ටක් කාලා හොයා ගත්තා නිසාන් මාච් කියන පොඩි සයිස් එකේ කාර් කට්ටක්.

ආණ්ඩුවේ රස්සා කරන අපි වගේ අය පොඩි කාර් ගැන හිතන්නේ වෙන හේතුවක් නිසා නොවෙයි, පෙට්‍රල් කේස් එක නිසයි.

කොරොල්ලා එකේ ලීටරේකට කිලෝමීටර් දහයක් යන්න බැරි වුණාට, නිසාන් මාච් එකේ පාළහක් විතර ගියෑකි. ඒ කියන්නේ සියයට පණහක වාසියක් නේ.

http://kathandara.blogspot.com/2013/05/small-is-beautiful.html

Tuesday, May 7, 2013

ජර්මනියේ දී මුණ ගැහුණු ඉන්දියානු ටැක්සිකාරයා - Still in Germany

ජර්මනියේ සිට ගෙදර බලා එන දවසේත් අන්තිම මොහොත දක්වා අපි ෆ්‍රැන්ක්ෆර්ට් නගරයේ වීදි සංචාරයේ යෙදුණා.

ජර්මානුකාරයෙක්ව කනෙක්ට්-ෆෝ ගේම් එකකින් පරදවන්නට මට ඉඩ ලැබුණේ ඒ අතරතුරේ දී යි.

ආපසු එන ගුවන් යානය පිටත්වෙන්නේ රාත්‍රීයේයි. නමුත් අපි උදේම බෑග් පැක් කරලා, හෝටලයෙන් බිල් ගෙවලා, බෑග් ටික ස්ටෝරු කාමරයක තියලායි නගරය බලන්න පිටත් වුනේ.

ඉතිං අපිට තිබුනේ, නගරයෙන් ටැක්සියක් අරගෙන හෝටලයට ගොස් වහාම බෑග් ටික පටවාගෙන එයාපෝට් එකට යන එක විතරයි.

http://kathandara.blogspot.com/2013/05/still-in-germany.html

Sunday, May 5, 2013

යුධ අපරාධකාරයා ගේ රඟපෑම අවසාන වෙයි? - War criminals' good guy acting will end one day!

ජර්මනියේ දී මං දැක්ක දුම් බොන තැන් ගැනයි, ජර්මානුකාරයින්ව පරද්දපු හැටි ගැනයි, තන්ඩූරි චිකන් එක්ක බාස්මතී බත් කාපු හැටි ගැනයි කතන්දර ලියන අතරේ එක්තරා ජර්මානු ප්‍රවෘත්තියක් මගේ ඇස ගැටුණා.

කාටද මතක අනූවේ දශකයේ විතර මං හිතන්නේ අයිටීඑන් එකේ ගියා ඩෙරික් (Derrik) කියලා ජර්මානු රහස් පරීක්‍ෂක කතා මාලාවක්.

මං මේ සීරීස් එක ඒ දවස්වල හරිම ආශාවෙන් බැලුවේ ඒ කතාවල තිබුණු අපූරුබව නිසයි. මේ ඩෙරික් කියන පොලිස් රහස් පරීක්‍ෂකයා අපරාධ (බොහෝ විට මේවා මිනීමැරුම්) විසඳුවේ සම්මත ක්‍රමවලින් පරීක්‍ෂණ කරලා නොවෙයි.

කතාව බලන අපිට කිසි සේත්ම සැක නොසිතෙන පුද්ගලයින් එක්ක සාමාන්‍ය සාකච්ඡා කරලා එක පාරටම මිනීමරුවා එළිදරව් කරගන්නවා නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වෙන්න.

http://kathandara.blogspot.com/2013/05/war-criminal-acting-will-end-one-day.html

Saturday, May 4, 2013

ෆ්‍රෑන්ක්ෆර්ට් හි දී ජර්මන්කාරයින්ව පැරද්දූ කතන්දරකාරයා - Kathandarakaraya conquers Frankfurt

දැන් දින දෙක තුනකට උඩදී දවසක ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් නගරයේ මහ වීදිය වන සෙයිල් හි දී ජර්මානුකාරයින් එක්ක සටනක් දීලා දිනන්න කතන්දරකාරයාට පුළුවන් වුනා.

මේක මේ තුවක්කු වලින්, කඩුවලින් කරන් ද්වන්ධ සටනක් නොවෙයි. ඒත් පොඩි පහේ සටනක්.

ඔපරේෂන්වලට වඩා ස්ට්‍රැටජි වැදගත් වෙන සටනක්.

ඔය උඩින් ඡායාරූපයේ තියෙන්නේ ඒ ගෙම් එකට ගන්නා රාමුව සහ ඉත්තෝ ටිකයි. මේකේ නම "කනෙක්ට් ෆෝ".

නොදන්න අයට කියනවා නම් මේක සෙල්ලම් කරන්නේ මෙහෙමයි.

http://kathandara.blogspot.com/2013/05/kathandarakaraya-conquers-frankfurt.html

දින එකොළහකට පසු බත් කටක් කෑවෙමි - Oh, what a feeling

රටවල් දෙක තුනක පොඩි පහේ සංචාරයක යෙදෙන්න හිතාගෙන ගෙදරින් පිටවුනේ අප්‍රියෙල් මාසේ දහතුන්වෙනිදා හවස.

එදා දවල්ට ගෙදර දී බත් කෑවට පස්සේ කන්ඩ ලැබුනෙම එක එක ජාතියේ කඩෙයි-අප්පම් විතරයි.

බත් ඇටයක් කියලා ඇහට දැක්කේ කොහෙදෝ රෙස්ටෝරන්ටුවක දී කතන්දරහාමිනේ සල්ලි-සල්ලි කියලා බලන්නේ නැතුව ඕඩර් කරපු රිසටෝ එක විතරයි. ඒත් ඒ බත් ඇටවල පෙනුම දැක්කාම ඒකෙන් රහ බලන්න වත් හිතුනේ නෑ.

මට උදේට බත් කෑම නං අරහං. ඒත් දවල්ට හෝ රෑට එක වේලක් හරි බත් නැත්තං නිකං දවස හරියට ගෙවුනේ නෑ වගේ දැනෙනවා.

http://kathandara.blogspot.com/2013/04/oh-what-feeling.html

Monday, April 29, 2013

දුම්බීම සහ තුවක්කු - Smoking Guns

මෙය ද මා කලින් ලියූ "ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලංකන් ගුවන් යානයක් දුටුවෙමි!" කතන්දරය සේම ඉතා කෙටි කතන්දරයකි.

එසේම මට ඉතා වැදගත් කරුණු කිහිපයක් ම සිහියට නැංවූවකි.

ඊයේ හවස් වරුවේ විදෙස් රටක දුම්රිය පොලක දී අප දුටුවේ දුම් බොන්නන් සඳහා වෙනමම ස්ථානයක් සකසා ඇති බවයි.

දුම් බොන අය එතැනට පැමිණ සිගරැට්ටු දල්වාගෙන මහා හදිසියකින් මෙන් විෂ දුම් පෙනහැළි තුලට ඇතුළු කර ගනිති. අනතුරුව එතැණින් පිටවී තමන් ගේ ගමන යති.

නමුත් ඒ ප්‍රදේශය අසලින් යන්නන්ට දුම්වලින් ගැළවීමක් නැත.

http://kathandara.blogspot.com/2013/04/smoking-guns.html

ඒරොප්පේ ගුවන් තොටකදී ශ්‍රී ලන්කන් ගුවන් යානයක් දුටුවෙමි! - Metallic memories

රජයේ සේවකයෙකු වූ මගේ තාත්තාට ඒ දිනවල සිය පවුලම සමග දුම්රියෙන් දුර ගමන් යාම සඳහා වසරකට ප්‍රවේශ පත්‍ර, එනම් වොරන්ට්ස්, තුනක් ලැබුණි.

ආර්ථිකමය වශයෙන් එහි තිබූ වාසිය ඉතා අඩු වුවද, මේ වොරන්ට්ස් නිසා රජයේ සේවයේ නියුතු දෙමව්පියන් සිටි පවුල්වලට ලැබුණු සැබෑම වාසිය වූයේ තුන්වරක් කෙසේ වෙතත් වසරකට එක් වරක් හෝ දුම්රියෙන් දිග ගමණක් යෑමට අවස්ථාව ලැබීමයි.

එපමණක් නොවේ, ඒ වොරන්ට්ස් දෙකක් පමණ උපයෝගී කොට ගෙන එවකට රජයට අයිති ගුවන් සේවාවක් වූ එයා සිලෝන් යානයකින් කොළඹ සහ කන්කසන්තුරේ අතර ගුවන් ගමනක් යෑමට ද පහසුකම තිබුණි.

මා මුලින්ම ගුවනින් ගියේ ඒ ආකාරයට ය.

http://kathandara.blogspot.com/2013/04/blog-post.html

කතන්දරකාරයා අතුරු දහන් වේ! - Kathandarakaraya missing in action

කාරුණික නිවේදනයයි.

කතන්දරකාරයා දැන් දින කිහිපයක සිට ආගිය අතක් නැත.

මොහු පසුගිය ඉරිදා අබුඩාබි ගුවන් තොටුපලේ සිටි බව සැලවී ඇත.

අවසන් රට දකින විට ඇඳ සිටියේ නිල් පැහැති ටී ෂර්ටයක් සහ කළු කලිසමකි.

http://kathandara.blogspot.com/2013/04/kathandarakaraya-missing-in-action.html

රා බොමු, කවි කියමු! - Vi auguro un felice anno nuovo!

සති දෙකක පොඩි නිවාඩුවක් අරගෙන පොඩි පහේ චාරිකාවක් යන්න සැලසුම් කරලා තිබුණත් බ්ලොග් එක පාලුවට යවන්න දුක හිතුණු හින්දා පොඩි කඩල-රටකජු පාරක් දාන්නයි මේ සැට් වෙන්නේ. මේක කයි-කතන්දරයක් කියලා කියන්නත් පුළුවනි.

මං ජීවිතේටම රා බීලා තියෙන්නේ එක දවසයි. ඒ කිතුල්ගල අර බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන චිත්‍රපටියේ ලොකේෂන් එකේ දී යි. ඒ දවස්වල ඩේවිඩ් ලීන් ලා ත් රා ගහන්න ඇති එතනදී.

මං එදා ඉගෙන ගත්තු රා ගැන සින්දුවක නැවත ප්‍රචාරයක් මෙන්න.

(තාලයඃ මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

http://kathandara.blogspot.com/2013/04/vi-auguro-un-felice-anno-nuovo.html

කයි කතන්දරවල රහස - Sugar coating poetry

පසුගිය අවුරුදු තුනහමාරක කාලය ඇතුලත මං කතන්දර බ්ලොග් එකේ පොඩි පොඩි එක්ස්පරිමන්ට් කරලා තියෙනවා.

එයින් සාර්ථක ප්‍රතිපල ලැබුණු එක අත්හදා බැලීමක් තමයි මේ කයි කතන්දර කියන්නේ.

මෙන්න ඒ කයි-කතන්දර ගැන කතන්දරය!

සමහරු නොදන්නවා වෙන්න පුළුවනි, නමුත් මං මුලින්ම බ්ලොග් එකක් පටන් ගත්තේ 2005 දීයි. ඒ මං ලියපු ගී පදමාලා දාන්නයි.

ඒ දවල්වල ඔය යුනිකෝඩ් ද අරවද මේවද නොතිබුණු නිසා මං කෙරුවේ කපුටා ෆොන්ට් එකෙන් කොටපු මගේ කවි ඉමේජ් විදියට බ්ලොග් එකට දාපු එකයි. ඒවාට වැටුණු කමෙන්ට්ස් කීපය වැටුනෙත් එක්කෝ තනිකර ඉංගිලිසියෙන්, නැතිනම් සිංගිලිසියෙන්!

http://kathandara.blogspot.com/2013/04/sugar-coating-poetry.html

මෝහනය වෙන්නේ මෝඩයෝ ද? Hypnosis and fools

කතුවරී ලියනගේ කියන අළුත් බ්ලොග්කාරිය ගේ "මගේ නවකතා" බ්ලොග් එකේ යන "අඳුන් සිහින" කතාවේ කොටස් කිහිපයක් කියෙව්වාට පස්සෙයි මේ කතන්දරේ ලියන්න හිතුනේ.

"අඳුන් සිහින" නවකතාවේ ප්‍රධාන චරිතය වෙන රිදීමා කියන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවට පොඩ්ඩක් මතක අමතක ලෙඩක් තියෙනවා වගේ පේනවා. ඒකට බේතක් ගන්න එක්කරගෙන යන්නේ නැතුව රිදීමා ගේ යාළුවෝ කරන්නේ එයාව මෝහනය කරන්න සෙට් වෙන එකයි.

මෝහනය වුණාට පස්සේ අමතක මතකය මතක් වෙනවා වෙන්න ඕනෑ!

මිනිස්සුන්ව ගෑණුන්ව මේ වගේ මෝහනය කරලා නොයෙකුත් විකාර රංගනවල යොදවන වීඩියෝ එමට තියෙනවා යූ ටියබ් එකේ දැකලා ඇතිනේ?

http://kathandara.blogspot.com/2013/04/hypnosis-and-fools.html

Tuesday, April 9, 2013

ඇනෝනිමස් පුදුම ආතල් - Get a life mate!

අපේ පුතා ගේ වයස තවමත් අවුරුදු දොළහක් නැත. ඒත් ඔහු පාසල නිමවී නිවසට එන්නේම කම්පියුටරය ගැන සිහින මවමිනි. මා නෝර්ටන් මාමා ගේ පිහිටෙන් විවිධ සම්බාධක පනවා නොතිබුණා නම් රාත්‍රියේ නින්දට යන තෙක්ම මයින්ක්‍රාෆ්ට් කරමින් ඉන්නට ඔහුට හැකිය.

කයිය ගැහැව්වාට මා ද මේ බ්ලොග් කෙරුවාව සඳහා දවසෙන් පැයක් දෙකක් වැය කරමි. ලිවීම විනෝදාංශයකි. සථත අභ්‍යාසයකි. ලිවීමෙන් මෙන්ම කියවීමෙන් ද මානසික සුවයක් ලැබේ. කොටින්ම කියනවා නම් ආතල් වැඩකි.

හැබැයි ඔය ආතල් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

http://kathandara.blogspot.com/2013/04/get-life-mate.html

Monday, April 8, 2013

සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම - Bald and Beutiful

සිංහල බ්ලොග් ලෝකයේ විවිධ කෑම, බැම සාදා ගන්නා අන්දම ගැන විවිධාකාරයේ ලිපි පලවෙන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කතන්දර බ්ලොගයේ ද විටින් විට එවැනි කුකිං කතන්දර මා ලියා ප්‍රසිද්ධ කරන්නේ හස්බන්ඩලාට ඒවා උපයෝගී කර ගෙන තමන්ගේ වයිෆර් ලා ගෙන් ලකුණු කීපයක් ලබා ගැනීමට උදව් උපාකර වීමේ පරමාභිලාෂයෙනි. වෙන්ඩ හබීලාටත් ඒ කතන්දර මතු දිනයක ප්‍රයෝජනවත් වෙනවා ඇත.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය ඒ ආකරයේ සටහනක් නොවේ. නමුත්, මෙහි පහත සඳහන් ආකාරයට සාදාගන්නා ලද තට්ට ගෙඩිවලට ද කාන්තාවන් හෙඩ් ඕවර් හීල්ස් කැමති වෙනවාට කිසිදු සැකයක් නැත.

මෙන්න සෙක්සි තට්ට ගෙඩියක් සාදා ගන්නා අන්දම.

http://kathandara.blogspot.com/2013/04/how-to-cut-your-hair-sexy-to-attract.html

Saturday, April 6, 2013

මේරේ සුරා මහිලා පමා දශ්ඨානා : මත්පැන් බීමෙන් කාන්තාවන්ට පව් වැඩියෙන් සිදුවේ! - Booze is bad for babes, boo, hoo, boo, hoo!

දැනට කාලයකට පෙර දවසක මම මිරිස් කුඩු ග්‍රෑම් 250 පැකට්ටුවක් මිලයට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය අසල පිහිටි කඩ කෑල්ලකට ගොඩ වැදුනෙමි.

මෙතන මිරිස් කුඩු පමණක් නොව වෙනත් සැර බඩු ද විකිණීමට ඇත. ඒ සැර බඩු අනෙක් තැන්වල ඇති බඩුවලට වඩා හොඳ යැයි සිතන නිසා දෝ මෙතනින් බඩු ගන්නට පිරිස සෑහෙන්න එන යන බවක් පෙණුනි.

මා මේ කඩ කෑල්ලේ ඒ සැර බඩු සහිත සුවිශේෂී කෙලවර පසුකර යන විට එහි ප්‍රදර්ශනය කරතිබූ එක්තරා දැන්වීමක් මගේ නෙත ගැටුණි.

එහි සඳහන් වුයේ (අවුරුදු 18 ට අඩු අයට පමණක් නොව) කාන්තාවන්ට ද සැර බඩු නොවිකුණන බවයි. කාන්තාවන්ට මිළට ගත හැක්කේ මිරිස් කුඩු වැනි දේ පමණකි.

http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html

Thursday, April 4, 2013

බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?

මේ කතන්දරය ලියන්න ආසන්නම හේතුව නම් ගිය සති අන්තයේ සිදුවීමක්. හැබැයි, ඒ කේස් එකේ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. ඒකෙන් මතු වුණු අදට වැදගත් ප්‍රශ්නය තමයි ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ.

"බීලා කනවාද, කාලා බොනවාද?"

බොන එකත් හොඳ නැහැ, වැඩිපුර කන එකත් හොඳ නෑ. නමුත් ඉතිං කන-බොන මිනිස්සු ඉන්න ලෝකයක් නේ තියෙන්නේ. ඒ හින්දා මේ කතාව තරමක් හෝ වැදගත් වේවිය කියලා මට හිතුණා.

අපේ ගොයියලා හුඟ දෙනෙක් බොන්න සෙට් වුනාම කිසිම චාරයක් නැතුව බීගෙන බීගෙන යනවා. අන්තිමේදී කන්න වෙලාව ආවම, කනවා නෙමෙයි නැගිට ගන්නවත් පන නෑ.

ඒ මදිවට කෑවා වුනත් මොනවා කනවාද කියලා සිහියක් පතක් නැතුවයි කන්නේ. අන්තමේදී අයිස් ක්‍රීම් කන්නේත් පිඟානට බෙදාගෙනයි සමහරු.

http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html

Tuesday, April 2, 2013

බැඳපු අය ගේ විහිළුවක් - For married couples only

මේ මීට වසර කිහිපයකට පෙර කාලයක සිදුවීමකි.

ආසිරි සහ විශාකා යුවලගේ හොඳම මිතුරන් වුයේ සමරේ සහ රමණී යුවලයි.

සමරේ සහ රමණී යුවලට මේ කාලය වෙනවිට දරුවන් දෙදෙනකු සිටියහ. බාලම දියණියට යාන්තම් වසරකි. ආසිරි සහ විශාකා යුවලට සිටියේ එක් දියණියක් පමණි.

සෙනසුරාදා දිනයක් වූ එදින උදැසන ඇඳේ සිටම ආසිරි තම මිතුරු සමරේට දුරකතනයෙන් කතා කලේය.

"මචං, උදේම කතා කලේ පොඩි ආරංචියක් කියන්නයි."

"මොකක්ද මචං?"

"මචං, විශාකා ප්‍රෙග්නන්ට්."

http://kathandara.blogspot.com/2013/04/for-married-couples-only.html