දැන් කාලෙක ඉඳලා ලංකාවෙන් මිනිස්සු බෝට්ටුවල නැගිලා ඕස්ට්‍රේලියාවට පලා යනවා සරණාගතයින් විදියට. මේ අයගෙන් බහුතරයක් දෙමළ මිනිස්සු.
තමන් ගේ ජීවිතය උගස් කරලා එහෙම අවදානම් ගමනක් යන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ?
දැන් අවුරුදු විසි ගාණකට කලින් ජේවීපී කලබල කාලේ මේ වගේ ඕස්ට්‍රේලියාවට සරණාගතයින් විදියට ගිහින් තියෙන්නේ බහුතරයක් සිංහල මිනිස්සු. ඒ අය ගිහින් තියෙන්නේ අද යන අය වගේ ජීවිතය පරදුවට තියලා බෝට්ටුවල නැගිලා නොවෙයි. බොහෝ විට ප්ලේන් එකේමයි.
ඒ විදියට සරණාගයින් ලෙස ඕස්ට්‍රේලියාව පැන්න චරිත කීපයක් වටා ගෙතුණු නවකතාවක් මට කියවන්න ලැබුණා මීට අවුරුදු හයකට විතර කලින්.
මෙන්න ඒ ගැන සඟරාවක පළවුණු විචාරයක් මං සාහිත්‍ය මාසය වෙනුවෙන් පළකරන පොත්-කතන්දරයක් විදියට.
http://kathandara.blogspot.com/2013/09/asura-advaiya-by-jagath-j-edirisinghe.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Saturday, September 14, 2013
ආනන්දෙට ඇතුලත් වීමේ විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත ගැන රචනයක් ලියූ කොල්ලා! - Dont judge a book by its cover!
සුසන්ත සුරන්ජිත් සහ මා මරදානේ ආනන්ද විද්‍යාලයේ දහයේ පන්තියට ඇතුලත් වූයේ එකට ය. එදා අපත් සමග අඩු වශයෙන් සිසුන් හැත්තෑ පස් දෙනෙක් පමණ පිරිසක් විදුහලට බඳවා ගත්තේ යැයි සිතමි.
අපේ පන්තිවල, නාත්තණ්ඩියේ සිට තෙලිජ්ජවිල දක්වා ද, පස්සර සිට කටුගස්තොට දක්වා ද විවිධ පාසල්වලින් පැමිණි සිසුහු වූහ. සුසන්ත එහි පැමිණ සිටියේ මීගමුව ප්‍රදේශයේ පාසලකිනි. මා ඊට පෙර වසරේ උගත්තේ ගනේමුල්ල ප්‍රදේශයේ පිහිටි මධ්‍යම විද්‍යාලයේ ය.
රටේ නොයෙකුත් පලාත්වල පිහිටි පාසල්වල ඒ දක්වා ඉගෙන ගත් අප මෙලෙස කොළඹ පාසලක ඉගෙනුම ලබන්නට පටන් ගත්තේ ඊට පෙර වසර අවසානයේ පැවති ආණ්ඩුවේ විභාගයෙන් අප ලද උසස් ප්‍රතිඵලවල ආනිසංශයෙන් බව කිව යුතුය.
http://kathandara.blogspot.com/2013/09/dont-judge-book-by-its-cover.html

Thursday, September 12, 2013
ගෙම්බෙකුට අයිති පොඩි කුමාරිහාමි ගෙම්බෙක් ගේ අයිතිකාරයෙක් වෙන ගාමිණී සමරකෝන් ගේ පොතක් ගැන විචාරයක් ලියයි! - Its all frog business
පොඩි කුමාරිහාමී බ්ලොග් එක ලියන ප්‍රවීනා පළිපාන ගැන නොදන්න අය ඉන්නවා ද මන්දා?
මේ කියන පොඩි කුමාරිහාමි පසුගිය දිනයක ඇගේ "ගෙඹි කුමාරයා" එක්ක විවාහ වුණු බවයි එයා ගේ බ්ලොග් එක කියවන අපි හැමෝටම තේරුණේ.
ගෙම්බෝ ගැන කතා කරන කොට අනිවාර්යෙන්ම මතක් වෙන නමක් තමයි "ගාමිණී ගේ විජිතය" ලියන ගාමිණී විජිත් සමරකෝන් කියන බ්ලොග්කාරයා. ගාමිණී කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි, තමන්ගේ නමින් පඳුරු මැඩියෙක් (ඔව්, ඒ කියන්නේ ගෙම්බෙක් තමයි) නම් කිරීමෙන් උපහාර ලබපු කීපදෙනාගෙන් එක් කෙනෙක්.
http://kathandara.blogspot.com/2013/09/its-all-frog-business.html

පොඩි ජෝක් කෑලි කීපයක් සහ a good piece of satirical writing
හදිසියේම මට පොඩි ජෝක් කෑලි දෙක තුනක් මතක් වුණා.
1.
ඔන්න මිනිස්සු දෙන්නෙක් කතා බහ කරමින් ඉන්නවා.
"මගේ ගෑණි එක්ක නං බේරෙන්න බෑ මචං."
"ඇයි බං?"
"හැමදාම උදේට වැඩට එන්න හදන කොට මගෙන් සල්ලි ඉල්ලනවා බං?"
"ඉතිං?"
"ඔන්න මේකි පෙරේදා රුපියක් දාහක් ඉල්ලුවා, ඊයේ රුපියල් දෙදාහක් ඉල්ලුවා, අද ඉල්ලුවා රුපියල් පන්දාහක්ම."
"ඉතිං බං ඔය ගෑණි මොනවද ඔච්චර සල්ලිවලින් කරන්නේ?"
"කවුද බං දන්නේ, මං කවදාක්වත්ම දෙන එකක්යැ?"
http://kathandara.blogspot.com/2013/09/good-piece-of-satirical-writing.html

කඩේ යෑම සහ බීඇම්අයිසීඇච් යෑම - කටුබැද්දේ කොල්ලන් ගේ වැඩක් :: Book-Seeker SMS Service
මං කඩේ යෑම ගැන කතන්දර කීපයක් ම මීට කලින් ලියලා තියෙනවා. ඒ බොහොමයක් ඒවා මං කඩේ ගිය හැටි ගැන කතන්දර. අඩු වශයෙන් එකක් හෝ "කඩේ යෑම" ගැන කතන්දරයකුත් ඇති.
ඒවා කියවලා නැති අයටත්, කියෙව්වත් දැන් අමතක අයටත් ඒ කතන්දරවලට යන්න සබැඳි එක්ක ලයිස්තුවක් මං පල්ලෙහායින් දාන්නම්.
මේ දවස්වල නං මං සාමාන්‍යයෙන් කඩේ යන්නේ සතියෙකට එක පාරයි. ඒ සති අන්තයේ දවසක ගෙදරට අත්‍යවශ්‍ය එලවළු, පාන්, කිරි වගේ බඩු ටික ගෙන්නයි. සමහර විට සති මැද්දේත් දුවල ගිහින් පාන් ගෙඩියක් දෙකක් අරගෙන එනවා.
මං හිතන්නේ අපි කාගෙත් කඩේ යෑම කෙරෙන්නේ සාමාන්‍යයෙන් ඔය ආකාරයට තමයි.
http://kathandara.blogspot.com/2013/09/book-seeker-sms-service.html

Monday, September 9, 2013
ඡන්දෙට කැන්වසින් ආපු පාසල් මිතුරා (පොඩි ඉලෙක්ෂන් කතන්දරයක්) - Nalanda Piyathilake meets his match!
මේ සිද්ධිය වෙන කොට මට අවූරුදු විස්සක් විතර ඇති. මේ කියන කාලේ ආණ්ඩුව කියන මල්ටි-බිලියන් රුපියල් බිස්නස් එක රන් කෙරුවේ යූඇම්පී එකෙන්. සිරි-ලංකා කාරයෝ අර දාහත් වසරක සාපයට ද මොකක්දෝ එකට අහුවෙලා නන්නත්තාර් වෙලයි හිටියේ.
ඔන්න ඔය අතරේ මොකක්දෝ ඉලෙක්ෂන් එකක් තිබ්බා.
මේ දවස්වල යුනිවසිටියේ නිවාඩු කාලේ හින්දා මං ගෙදරයි හිටියේ.
අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදර. ඒ පරණ ගෙවල්වල තියෙනවා ඉස්තෝප්පු කාමරයක්. ඒක තමයි මටයි, මල්ලිටයි අයිතිවෙලා තිබුණේ.
http://kathandara.blogspot.com/2013/09/blog-post.html

පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි (පුදුමයි, ඒත් ඇත්තයි) - Fourth shade of September
මාතෘකාව දැක්කාම පුදුමයි නේද?
වීදුරු කළු කරපු ප්‍රාඩෝවල නැගිලා, ආරක්‍ෂකයෝ පුරෝපු ඩිෆෙන්ඩර් වලට මැද්දෙන් පාරේ දුවිලි අවුස්සාගෙන යන මන්තිරිලා දැකලා, ඒ ගැන අහලා තියෙන අපිට පාර්ලිමේන්තු මන්තිරියෙක් ගාල්ලේ ටවුමේ පයින් ඇවිදියි කිව්වාම පුදුම හිතෙන එක අහන්න දෙයක් නොවෙයි.
පුදුමයි, ඒත් ඇත්තයි! කියලා කියන්න පුළුවනි.
මං ඒ කතාව කියෙව්වේ 1970 දශකය පසුබිම් කරගෙන ලියවුණු නවකතාවකයි.
ඒ නවකතාව තමයි පාලිත ගනේවත්ත ලියූ "මාවත අබියස". දයාවංශ ජයකොඩි සමාගමේ 2009 නවකතා අත් පිටපත් තරගෙන් මුල් තැන ලැබිලා තියෙන්නේ මේ නවකතාවටයි.
http://kathandara.blogspot.com./2013/09/fourth-shade-of-september.html

Saturday, September 7, 2013
කටුනායක ඩියුටි ෆ්‍රී එකේ වෙච්ච කේස් එකක් හෙවත් ඔහේ විකිණෙන්නේ ඩොලර් කීයකටද? - How much would you sell yourself for?
රට යන දවසක කටුනායක එයාපෝට් එකේදී ගෑනු පරානයකට ෆෝම් කොළයක් පුරෝලා දෙන්න ගිය වෙලේ සිද්දවුණු හුටපටයක් ගැන කතන්දරේ ලියන වෙලාවේ දී තමයි මේ අද ලියන කේස් එක සිහියට සැපත් වුණේ!
මේක රට ගිහින් ආපහු එන දවසක වෙච්ච සංසිද්ධියක්.
බ්ලොග් ලියන කියවන අය අතරේ, සෑහෙන පිරිසක් කටුනායක හරහා ගමන් බිමන් කරලා තියෙන නිසා ඒ අයගෙන් සමහරුන්ට මේ වගේ විතරක් නොවෙයි මීටත් වඩා හොඳ අත්දැකීම්, කකුල් දැකීම් තියෙන්න ඉඩ තියෙනවා.
සුපුරුදු පරිදි ඔන්න එදාත් අපි කටුනායකින් ගොඩ බහින කොට මධ්‍යම රාත්‍රිය පහුවෙලා. පුළුවන් තරම් ඉක්මනින් මෙතනින් පැනගෙන ගෙදර ගිහින් නිදාගන්න කියලයි ඇගපත කියන්නේ.
ඒත් ඉතිං දන්නවානේ ගෙදර යන්න කලින් කරන්න අනිවාර්ය වැඩ කීපයක්ම තියෙනවා.
http://kathandara.blogspot.com/2013/09/how-much-would-you-sell-yourself-for.html

දූරුතු සිහිනයක් කියන්නේ හීතලට පේන හීනයක් ද? - A January Dream?
"සීතල කරයි උඳුවප් මහ දුරුත්තේ!" කියා කියමනක් අහලා ඇති නේද?
ලංකාව තියෙන්නේ උත්තරාර්ධ ගෝලයේ නිසා ශීත කාලය, එනම් සූර්යයා රටෙන් ඈතින්ම තියෙන කාලය, වෙන්නේ දෙසැම්බරයේ සිට පෙබරවාරිය දක්වා කාලයයි. ඒ කියන්නේ යුරෝපයේ, එංගලන්තයේ, ඇමරිකාවේ සුද්දන්ට ශීත සෘතුව ලබන කාලය ම යි.
සීතල කාලෙටනේ හීන පේන්නේ!
http://kathandara.blogspot.com/2013/09/january-dream.html

Thursday, September 5, 2013
හරක් මස් නොකති හෙවත් සුද්දී ගැන මගේ අදහස් - The second shade of Spring
හරකුන් වද දී මරනු දැක අප බොහෝ දෙනෙක් මා මුලින් දැක්වූ පරිදි කම්පා වුවද, පසුගිය දිනක බ්‍රිතාන්‍යයේ "චැනල් ෆෝ" නමැති නාලිකාවෙන් මිනිසෙක් ගසක බැඳ පිහියකින් කපනු සහ ඉන්පසු ඔහු මරා දමා තිබෙනු දැක කම්පා වූයේ අප කීයෙන් කී දෙනාද? අප බොහෝ දෙනෙකු දේශප්‍රේමී කඩතුරාවක් අස්සේ සැඟවී, තම හෘද සාක්ෂියට මුකවාඩම් බැඳ, ස්වයං මුළාවකින් සිත රවටා ගෙන, සිද්ධාර්ථ ගෞතම ලා, ධර්මාශෝක ලා, මාටින් නීමොලර් ලා කියූ වදනක් හෝ නොදන්නා සේ ඉඳිනු දැකීමට ලැබීම අප කළ අපරාපරියවේදනීය කර්මයක පටිසන් දීමක් යැයි සිතමි.
http://kathandara.blogspot.com/2013/09/second-shade-of-spring.html

Wednesday, September 4, 2013
කෝච්චියේ ජෝඩු දමා ආවෙමි! - There is always a first time
ඊයේ හරි ජොලි දවසක්.
මොකද මගේ ජීවිතයේ පළමුවෙනි වරට කෝච්චියක දී ගෑණු පරාණයක් එක්ක ජෝඩු දාලා ආවා!
නිකං නොවෙයි, ලඟින් වාඩිවෙලා, හොඳින් හේත්තු වෙලා, නිකං බැඳපු ජෝඩුවක් වගේ.
මං වැඩට යන්නේ එන්නේ කෝච්චියේ බව කලින් කීප වතාවක්ම ලිව්වා මතකයි.
මං රස්සාවට කෝච්චියේ යන එන ගමන පටන් ගත්තු මුල් කාලේ කෙරුවේ ඒ වෙලාවේ පොත් බලපු එකයි. බාගයක් දුර පොත් බලනවා. අනිත් බාගේ දොයිය බබා කරනවා.
http://kathandara.blogspot.com/2013/09/there-is-always-first-time.html

කරල් ඇහිඳින්නෝ - The first shade of September
මෙන්න මං පොරොන්දු වූ විදියටම සැප්තැම්බරේ කතන්දර බ්ලොගය සරසන පළමුවෙනි විචාරය. මේක 2007 දී ලියපු එකක්.
බහුතරය නොවූවද, සංවේදී සිත් ඇත්තෝ ලොව බොහෝ ය. අනුන් ගේ දුකින් ඔවුන් සිත් සසල වේ. ඒ දුක, වේදනාව තමන්ගේ ම යැයි ඔවුනට හැඟේ. හදවත් බරවේ. සුසුම් ඉපදේ. නෙත් බොඳවේ.
සැබෑ සමාජ විප්ලවවාදියෝ ද සංවේදී සිත් ඇත්තෝ ය. අනුන්ගේ දුක, සමාජ අසාධාරණය දැක ඔව්හූ සැලෙති. කිපෙති. ඒ නැති කරනට සපථ කරති. සමහරු අවි ද අතට ගනිතිි. වනසති. අවසන අවිගත්තෝ වැනසෙති.
කවියෝ ද සංවේදී සිත් ඇත්තෝ වෙති. දීන දුක, සමාජ අසාධාරණය හමුවේ ඔව්හූ ද සසල වෙති. ඒ දුක වේදනාව තමන්ගේ ම යැයි සලකති. හදවතින් හඬති. සුසුම් හෙළති. බොඳවූ දෙනෙතින් යුතුව තම අත්දැකුම් සහ එනිසා ජනිත වූ හැඟුම් සමුදාය පොදු අත්දැකුමක් බවට පෙරළනු වස් කව් ගොතති. එමගින් සමාජ පෙරළියක් පතති.
මෙනයින් බලන කළ කවියා සොඳුරු විප්ලවවාදියෙක් බව පැවසිය හැක.
තම තුන්වන කාව්‍ය සංග්‍රහය වන ”කරල් ඇහිඳින්නෝ” කෘතිය පසුගිය දා (2007) එළි දැක්වූ ටියුඩර් අමරසේනයෝ එවැනි සොඳුරු විප්ලවවාදීන් අතර කවි කග අතැති මහා සෙන්පතියෙකි.
http://kathandara.blogspot.com/2013/09/first-shade-of-september.html

ඇනෝනිමස් ඉල්ලීමට අනුව සැප්තැම්බරයේ කතන්දර බ්ලොග් එක සැරසෙයි! : Fourteen shades of September - coming to a screen near you!
බ්ලොග් ලියන, කියවන අයට මේ "ඇනෝනිමස්ලා" කියන්නේ කවුද කියලා අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑ නේ?
මං මීට පෙර ඇනෝනිමස්ලා වර්ගීකරණයක් කරලා තියෙනවා. (හැබැයි හිත් පිත් නැති බොට් ඇනෝනිමස්ලා කියන්නේ නම් වෙනම ම කොටසක්.)
ඊට අමතරව ගුඩ් ඇනෝනිමස්ලා ට උපහාර පිණිස සුවිශේෂී කතන්දරයකුත්, නෝටි ඇනෝනිමස්ලාට (අපහාස පිණිස) කතන්දරයකුත් ලියලා පළකරලා තියෙනවා.
අද මේ හදන්නේ ඇනෝනිමස්ලා නිසා කතන්දර බ්ලොගයේ සිදුවෙන වෙනසක් ගැන කියන්නයි.
http://kathandara.blogspot.com/2013/09/fourteen-shades-of-september-coming-to.html

කටුනායක එයාපෝට් එකේ සිදුවීමක් - What's wrong with Sinhala?
ඔය එයාපෝට් එකට අපි සමහරු ලේසියට කටුනායක එයාපෝට් එක කිව්වට ලංකාවේ ආණ්ඩුවේ ඔෆීෂියල් නම තමයි බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල කියන එක!
නමුත් ලංකාවෙන් පිට ගියාම බණ්ඩාරණායක, කටුනායක, අරණායක, මේනායක කියන ඔය නායක කෑලිවල තේරුමක් නැතුව යන නිසා, ඕක හැඳින්වෙන්නේ කළම්බු එයාපෝට් කියන සරල නමෙන්.
අද මං මේ කියන්න යන්නේ කටුනායක එයාපෝට් එකේ දී මං අත්විඳපු සරල සිදුවීමක් ගැන කතන්දරයක්.
මං මුලින්ම කටුණායක ගියේ අපේ තාත්තා උගන්නපු ඉස්කෝලේ වැඩකරපු සාදු කෙනෙක් සියම් රටේ වන්දනාවක ගිය දවසෙයි. සාදුව ඇරලවන්න ගුරු මණ්ඩලයේ කට්ටියක් වෑන් එකක් හයර් කරගෙන එයාපෝට් ගිය නිසා, මටත් තාත්තා එක්ක ගිහින් ප්ලේන් නග්ගනවා බලන්න චාන්ස් එකක් ලැබුණා.
ඒ ගමන ගියේ හවස් වරුවේ. මට මතකයි, අපි අර නැරඹුම් ශාලවේ ඉඳලා සාදු ගේ ප්ලේන් එක යනවා බලන් හිටිය හැටි.
http://kathandara.blogspot.com/2013/09/whats-wrong-with-sinhala.html

Friday, August 30, 2013
සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals
සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!
සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.
මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.
ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.
සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html

Thursday, August 29, 2013
මෙදා සැරේ කලින්ම බඩු ඇවිල්ලා - September come early!
දවස ගානේ එන දේවල් තියෙනවා, ඒ කියන්නේ ඉර පායනවා, සඳ පායනවා වගේ කේස්.
සතිය ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ නිකං ඉරිදා පත්තර සැට් එක වගේ දේවල්.
මාසෙ ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙ පඩිය වගේ දේවල්.
නමුත් සමහර දේවල් එන්නේ අවුරුද්දකට එක පාරයි.
http://kathandara.blogspot.com/2013/08/september-come-early.html

Tuesday, August 27, 2013
ඩ්‍රැකියුලාවියක් සමග ගත කළ මොහොතක් - A close encounter with Countess Dracula!
ඩ්‍රැකියුලා කිව්වාම මතක් වෙන්නේ අර යුරෝපයේ හිටියාය කියන සිටුවරයා හා සම්බන්ධ කතන්දර නේද?
ඒ විතරක් නෙමෙයි. සිරිලංකා ඩ්‍රැකියුලා ලා ත් ඉඳලා තියෙනවාලු!
"මහ හේනේ ඊරි යකා" කියලා කතන්දරයක් ගැන අහලා තියෙනවද? අන්න ඒක ලෝකල් ඩ්‍රැකියුලා කෙනෙක් ගේ කතාවක්. ලියලා තියෙන්නේ විමුක්ති කුමාරතුංග ගේ මව් පාර්ශවයේ සීයා හෙවත් හිටපු අගමැති සොලමන් බණ්ඩාරණායක. මං හිතන්නේ චිත්‍රපටියකුත් තිබුණා ඒ කතාවෙන් හදපු!
තවත් "ලෝකල්" ඩ්‍රැකියුලා ලා ඉන්නවා ඇති, ඒ අය ගැන කතන්දර ලියවිලා නොතිබුණාට!
http://kathandara.blogspot.com/2013/08/close-encounter-with-dracula.html

Sunday, August 25, 2013
කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත!
මාවලස් නමින් අප සැම හැඳින්වූ චරිතය මට හමුවූයේ සෑහෙන කාලයකට කලින් මා රජයේ සේවා ස්ථානයක මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගීවෙමින් සිටි කාලයක දී ය.
රජයේ රැකියාවට අමතරව මාවලස් ග්‍රොසරියක් ද රන් කළේය. දිවා කළ එහි වැඩ කළේ ඔහු ගේ ප්‍රිය බිරිඳයි. සැමියා ගේ වැඩ මුරය යෙදෙන්නේ සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තවලදී ය.
සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.
ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.
http://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html

Friday, August 23, 2013
ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! - Believable? Unbelievable?
මං පෙරේදා ලියා පළකරපු අන්විශ්වාසබල් කතන්දරේ හුඟ දෙනෙකුට විශ්වාසබල් එකක් බව පෙණුනා.
ඒකේ කිසිම අවුලක් නෑ!
කොහොමටත් විශ්වාශබල් සහ අන්විශ්වාසබල් අතර තියෙන වෙනස නිකං හරියට අර බාගෙට පිරුණු අසෝක වීදුරුව සහ බාගෙට හිස් අසෝක වීදුරුව අතර තියෙන වෙනසට සමානයි.
ඒ කියන්නේ දෙකේම තියෙන්නේ බාගයයි නිසා කොයික බිව්වත් එකයි කියන එක හෙම නොවෙයි!
මේ කියන්නේ, බාගෙට හිස් එකේ බාගයක් හිස් වෙලා තියෙන්නේ ඒ ටික දැනටම බීලා නිසා ඉතුරුවෙලා තියෙන බාගේත් ගැහුවොත්, අර බාගෙට පිරුණු එක විතරක් බොනවාට වඩා දෙගුණයක් ඩෝප් වෙන්න ඉඩ තියෙන නිසයි.
කලින් දාපු අයියගෙයි මල්ලිගෙයි කතන්දරේ අන්විශ්වාසබල් නොවුණු අය බලන්න මේ අද කතන්දරේ කොහොමද කියලා.
මේක පොඩ්ඩක් විතර ලූ කතන්දරයක්. නමුත් විශ්වාසවන්තිස්ට් මූලාශ්‍රයකින් ආපු එකක්.
http://kathandara.blogspot.com/2013/08/believable-unbelievable.html

Wednesday, August 21, 2013
අන්විශ්වාසබල් කේස් එකක් - Family Feud
අන්විශ්වාසබල් කියන්නේ මං හදපු අළුත් වචනයක් නොවෙයි. හැබැයි මේක මුලින්ම අද මෙතනින් දැනගන්න අයට ඕන්නං කතන්දර බ්ලොග් එකේ දැක්කාය කියලා කියන්න මං අවසර දෙනවා!
අන්විශ්වාසබල් කියන්නේ හොස්පිටිතාලේ වගේ ද්විභාෂාසංඝථක වචනයක්. විශ්වාස කරන්න බැරි (ඒත් සත්‍යමය) කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. මේකේ විරුද්ධ පදය, එනම්, විශ්වාසබල් කියන්නේ විශ්වාසකරන්න පුළුවන් කියන අදහසටයි.
මේ කියන්න යන කේස් එක මට නං මුලින් අහපු දවසේ අන්ම-අන්විශ්වාසබල් එකක් වුණා. ඒ කියන්නේ අන්විශ්වාසබල් එකෙත් හොඳම එක!
බලන්න ඔහේලට කොහොමද හිතෙන්නේ කියලා?
මගේ හිතවතෙක් හිටියා (දැනුත් ඉන්නවා මුණු පොතේ, හැබැයි හමුවුණේ නෑ අවුරුදු දෙකකින් විතර) කාලයක් තිස්සේ දන්නා කියන.
සාමාන්‍යයෙන් මහේ ස්කේල් එකට අනුව හොඳ පොරක්!
http://kathandara.blogspot.com/2013/08/family-feud.html

Monday, August 19, 2013
ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පාරේ ඇවිදින කොට ගණිකාවක් දැක්කොත්? - Watch out when you are walking along with your girlfriend!
දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා.
ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්.
"අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා.
"කෝ කවුද?"
"අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!"
"අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ."
http://kathandara.blogspot.com/2013/08/watch-out-when-you-are-walking-along.html

Saturday, August 17, 2013
ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up
"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"
තාත්තා උත්තරයක් දුන්නේ නෑ.
මං ආයෙත් ඇහැව්වා!
"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"
"මොකක්ද උඹ ඔය කියවන්නේ?"
"මේ අම්ම ගේ රසකතා පත්තරයක්!"
"කෝ දීපන් ඕක මෙහාට!"
තාත්තා මගෙන් පත්තෙරේ උදුරාගෙන කෙලින්ම ගියේ කුස්සියේ මොකක්ද වැඩක් කරමින් හිටිය අම්මා ලඟටයි.
http://kathandara.blogspot.com/2013/08/lessons-that-help-you-grow-up.html

Thursday, August 15, 2013
ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරදි නමෙන් කතා කලොත්? - There are certain things you should never get mixed up!
අද අපේ ඔෆීසියේ පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා හවස් වරුවේ. සල්ලි එකතු කරලා, කේක් ගෙඩියක් ගෙනැල්ලා කෂ්ටිය සැට් වුනේ ෆෙයාවෙල් දෙකකුයි, වෙල්කම් එකකුයි, අවස්ථා තුනක්ම, එක දවසේ සමරන්නයි.
අපේ ඔෆීසියෙන් අස්වෙලා ලබන සඳුදා ඉඳලා අල්ලපු අමාත්‍යාංශයේ වැඩට යන අරවින්ද සුදසිංහ කියන හාදයා අපේ ඔෆීසියට ආවේ මීට මාස අටකට විතර කලින්.
පොරට දැන් කරන ජොබ් එකට වඩා තරමක පඩි වැඩි, ඒ එක්කම කරන්න වැඩියෙන් කැමති ජොබ් එකක් ලැබුණු නිසා අස්වෙලා යන බවයි කිව්වේ.
සාමාන්‍යයෙන් එකෙක් අස්වෙලා යන කොට උගේ මැනේජර් පොඩි කතාවක් කරන එක තමයි සිරිත. ඉතිං මේ කියන මැනේජර් කතාවක් කරලා සුභ පැතුවා අස්වෙලා යන පොරට.
"අරවින්ද මුණසිංහ මෙතන හිටි ටික කාලයේ සෑහෙන වැදගත් වැඩ කොටසක් කළා!" මැනේජර් කිව්වා.
http://kathandara.blogspot.com/2013/08/there-are-certain-things-you-should.html

Tuesday, August 13, 2013
කිරිපනු ගායට පරිප්පු බේතක් ද? - Piperazine Phosphate
අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ විතර, පාසල් ළමයි කියපු සින්දුවක් ලු මෙන්න මේක.
එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!
එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!
ඒ කවියෙන් කියවෙන්නේ ඒ දවස්වල ලංකාවේ ළමයින් අතර පැතිරිලා ගිහින් තිබුණු කොකු පණු රෝගය සඳහා බේත් දෙන්නට පාසල්වලට පී.ඇච්.අයි මහත්තයා හෙවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එනවාය කියන කතාවයි.
http://kathandara.blogspot.com/2013/08/piperazine-phosphate.html

Saturday, August 10, 2013
හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...!
මේ සින්දුවේ කේස් එක ඉතාම කෙටියෙන් කියනවා නම් එකට උසස් පෙළ කරපු තමන්ගේ පෙම්වතිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යද්දී, විභාගෙන් ෆේල් වෙච්ච අසරණ පෙම්වතෙක් ලව් එකෙනුත් තමන් ම පරාජය බාරගන්නා සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.
කෙල්ලට විශ්ව විද්‍යාලයේ දී කුඩේ යටින් යන්න පොරක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනය කරන ගමන්, ඒ අළුත් කොල්ලා එක්ක ලවර්ස් ලේන් එකෙන් ගිහින් මහවැලි ගඟ අයිනේ ගස් යට තුරුළු වෙන කොට තමන් ගැන අමතක කරලා දාන්න කියලත් මේ පරාජිතයා කියනවා.
මං මේ කියන්න යන්නේ ඒකේ රිවර්ස් ඇක්ෂන් එක විදියට සලකන්න පුළුවන් කතන්දරයක්.
http://kathandara.blogspot.com/2013/08/loser-with-big-l.html

Friday, August 9, 2013
උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?
අප්‍රිකාවේ එක්තරා ට්‍රයිබ් එකක බබෙක් ඉපදුණාම ඒ බබා ගේ තාත්තා පවුලේ තවත් වැඩිහිටියෙක් එක්ක බබාවත් වඩාගෙන යනවා ලු කැලේ මැද්දට. ගිහින්, බබාව අහසට උස්සලා බබා ට දාන නම කියලා කෑ ගහනවා ලු.
ඒ චාරිත්‍රය ඉටු කරලා බබාවත් අරං ආපහු ගමට එන ඒ දෙන්නා වෙන කාටවත් ඒ බබාට දාපු නම නොකියා රහසක් විදියට රැකගන්නවා ලු.
මේ බබා ට අර නමෙන් නැතුව වෙනත් නමකින් ලු කතා කරන්නේ.
කැලේ දී දාපු නම දන්නේ වැඩිහිටියෝ දෙන්නයි, කෑ ගැහිල්ල අහං හිටපු දෙයියයි විතරයි!
අපි දන්න කී දෙනෙකුට ඔය අප්‍රිකා නං දැමිල්ල දාලා තියෙනවා ද? අපි ඒ අයව දන්නේ උප්පැන්නේ තියෙන නමින් නොවෙයි වෙනත් නමකින්.
පර්සි මහේන්ද්‍ර, නන්දසිරි විජේවීර හොඳම උදාහරණ දෙකක්.
http://kathandara.blogspot.com/2013/08/not-grown-up-yet.html

Wednesday, August 7, 2013
පොඩි එකෙකු ගේ පොඩි සිතුවිල්ක් ගැන ලොකු කතන්දරයක් - My innocent little flower, I love you!
අපේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති කඩමණ්ඩියේ පිහිටා තිබූ එක් සාප්පුවක් පසුගිය දිනයක ගින්නෙන් පිලිස්සී විනාශ වී ගියේය.
ඒ සාප්පුව විදුලි උපකරණ යනාදිය විකුණන තරමක විශාල ප්‍රමාණයයේ එකකි. ංප ද විටින් විට එතැනින් පාරිභාගික භාණ්ඩ මිළ දී ගෙන තිබේ.
ඒ ගින්නෙන් සතියකට පමණ පසු මගේ පුතා සමග මම ඒ අසල මාර්ගයේ යමින් සිටියෙමි.
කඩයේ පිටුවපස කොටසට සහ එක් පැත්තකට සිදුවී තිබුණු මහත් වූ විනාශය අපට හොඳින් පෙනුණි. සේවකයන් කිහිප දෙනෙකු ඒ සුන්බුන් අස්කරමින් සිටියහ.
"අපරාදේ, කඩෙන් බාගයක් ම විනාසයි!" යනුවෙන් වදන් කිහිපයක් මගේ මුවින් පිටවුනේ දුක්මුසු ස්වරයකිනි.
"තාත්තේ!" පුතා මා ඇමතීය.
http://kathandara.blogspot.com/2013/08/my-innocent-little-flower-i-love-you.html

Sunday, August 4, 2013
කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර් - Evil Happiness and Martin Niemoller
කාලකණ්ණි සතුට කියන යෙදුම මං මුලින්ම අහලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මං හිතන්නේ මේ කතන්දරේ කියවන බහුතර පිරිසක් ඒ යෙදුම කලින් අහලා ඇති.
නොදන්නා අයගේ ප්‍රයෝජනය සඳහා කියනවා නම්, කාලකණ්ණි සතුට කියන ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ එකක්.
හිතන්න ඔබ හොඳ සිතින් කාට හරි උපදෙසක් දෙනවා අනේ ඔහොම කරන්න නම් එපා, එහෙම කළොත් මෙන්න මේ වගේ නරක තත්වයක් උදාවේවි කියලා.
නමුත් ඒ අය ඒ උපදෙස නොබලා වැඩ කරනවා.
අන්තිමේ දී ඔබ කියූ අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා.
http://kathandara.blogspot.com/2013/08/blog-post.html

Saturday, August 3, 2013
අම්මා ඩුබායි ගිය පසු තාත්තා ගේ ජීවිතය දුවක ගේ ඇසින්! - With tears in my eye
ජැකෝනිස් අන්තෝනියස් සහ අනුලා බුලත්සිංහල රඟපාමින් ගායනා කරන "නෙයිනගේ සූදුව" කියන සින්දුව දන්නවා නේද?
ඒකේ තියෙන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල (1954-1956) ගේ තාත්තා 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' පොලිස්කාරයෙක් වෙලා හිටිය කාලේ නෙයිනා කියන මදාවියා මරදානේ පවත්වාගෙන ගිය කැසිනෝ එකක් අල්ලපු විස්තරයයි.
ඒ සින්දු ජවනිකාව තිබුණේ දයානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කරපු "මධුර ජවනිකා" කියන වේදිකා නාට්‍යයේ යි.
"මධුර ජවනිකා" නාට්‍යයේ අරමුණ වුණේ රවණා ගේ යුගයේ සිට වත්මන් කාලය දක්වා ලංකා ඉතිහාසයේ එක් එක් අවස්ථාවන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.
නෙයිනගේ සූදුව සින්දුව එවැනි එක් ඓතිහාසික ජවනිකාවක්.
ඒ නාට්‍යයේම තිබුණු අවසාන ජවනිකාවක් තමයි ඩුබායි රටට රැකියාවක් සඳහා ගොස් කාන්තාවක් ආපසු ලංකාවට පැමිණෙන දර්ශනය.
http://kathandara.blogspot.com/2013/08/with-tears-in-my-eye.html

Thursday, August 1, 2013
අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් ද? - Superiority and inferiority complexes
පසුගිය දිනක මට ෆේස් බුක් එක හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.
කතන්දර අයියේ
අයියා ට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නං අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?
සී යූ ලේටර්.
මීට අහවලා
ෆේස් බුක් එකේ විස්තර සොය බලන විට මේ අහවලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි.
http://kathandara.blogspot.com/2013/07/superiority-and-inferiority-complexes.html

Subscribe to:
Posts (Atom)