මේක මං අර අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලේට යන කාලේ වෙච්ච පරණ කතාවක්.
අපේ දහයේ පන්තියේ කෂ්ටිය ඒ පන්තියෙන් එකොලහේ පන්තියට නිකම්ම වගේ පාස් වෙලා උසස් පෙළ කරන්න පටන් ගත්තා.
පොඩි අප්සැට් එකකට තිබුණේ එදා මා එක්ක එකට ඉස්කෝලේ දහයේ පන්තියට ජොයින් වුණු කොල්ලන්ගෙන් බාගයක් විතරක් මැත්ස් පන්තියට එද්දී ඉතුරු අය බයෝ පන්තිවලට ගිය එකයි.
මට අද වගේ මතකයි අපි තුන් මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කෙලවරේ පන්තියේ ඉඳලා දෙකට බෙදිලා දෙමහල් ගොඩනැගිල්ලේ වෙනස් පන්ති දෙකකට ගිය හැටි.
http://kathandara.blogspot.com/2013/10/know-your-level.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Monday, October 28, 2013
Friday, October 25, 2013
මේ ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න - Any "Ask Aruni's" or "Aunt Agony's" out there?
කාලෙකට ඉස්සර මට මතකයි සන්ඩේ ඔබ්සවර් එකේ "ආස්ක් අරුණී" වගේ නමක් තියෙන කොලමක් ගියා. විවිධ සමාජීය සහ පුද්ගලික ප්‍රශ්න තියෙන අය මේ කොලම් එකට ඒ ප්‍රශ්නය කෙටියෙන් ලියලා යැව්වාම අරුණී ඒකට පිළිතුරක් දෙනවා.
මේ වගේ පාඨක ප්‍රශ්නවලට විසඳුම් දෙන කොලම් පස්සේ තරුණයා, කුමරී වගේ පත්තරවලත් ගියා. ඒ සමහර ඒවා නම් මට හිතුණේ පත්තරේ අයම ලියලා දානවාද මන්දා කියලයි.
මේ අරුණී ලා වගේ අයට සාමාන්‍යයෙන් කියන්නේ "ඇගනි ආන්ටිලා" කියලයි. ඒක මේ ආන්ටිලා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අසහන, ආතතිවලට විසඳුම් හොයන දේ හින්දා පට බැඳුණු නමක්.
දැන් "ඇගනි ආන්ටිලා" පත්තරවල නැති හින්දා ද, පත්තරවලට වඩා බ්ලොග් කියවන හින්දාද මන්දා එක්තරා නිර්නාමික පාඨකයෙක් කතන්දර බ්ලොග් එකට ප්‍රශ්නයක් එවලා තියෙනවා.
මෙන්න ඒ ප්‍රශ්නය.
http://kathandara.blogspot.com/2013/10/any-ask-arunis-or-aunt-agonys-out-there.html

වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?
ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.
මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.
මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.
ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.
http://kathandara.blogspot.com/2013/10/what-i-would-do-if-i-were-you.html

Monday, October 21, 2013
හා, මෙන්න තවත් එකක් - Yet another one of those!
"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.
මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.
http://kathandara.blogspot.com/2013/10/yet-another-one-of-those.html

ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!
සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.
ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.
මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.
මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.
http://kathandara.blogspot.com/2013/10/blog-post.html

Thursday, October 17, 2013
භීෂණයේ මල් පෝච්චි අතර සැඟව ගිය දයාබර මාරේ - No place for Mr Sensitive in this cruel world?
අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.
ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!
ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.
http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html

Tuesday, October 15, 2013
වයිෆ්ගෙන් ඇරියස්, ජොබ් එකේ ඇරියස් සහ බාහු - All in a days work
ඇරියස් කියන්නේ හිඟය කියන එකනේ.
සාමාන්‍යය භාවිතයේ එන ඇරියස් එකක් එන්නේ මොකක් හෝ තමන්ට හිමි දෙයක් කාලයක් තිස්සේ අහිමි වෙලා නොලැබී තිබිලා එක පාරටම සීන් එක වෙනස් වෙලා ඒ දෙය ආපහු හිමි වුණාම අර අහිමි වෙලා තිබුණු කාලේ නොලැබුණු ගොඩ එක පාරට ආපහු ලැබෙන කොටයි.
තේරෙන උදාහරණයකින් කියනවා නම්, යුද්දෙට මං ගියා, පවුල ගෙදර තියා වගේ අවස්තාවකින් පස්සේ භටයා ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙන්න නියමිතයි.
එහෙම නැතිනම්, පවුල ගෙදර තියලා පිටරට රස්සාවකට ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙනවා.
http://kathandara.blogspot.com/2013/10/all-in-days-work.html

Sunday, October 13, 2013
මෙන්න දවස පුරා පවතින අසරණ කාලකණ්ණිකමක් ඔබේ සිතටත් - How pathetic are we?
ඊයේ පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් මූණු පොත හරහා දැක මගේ සිතේ මුලින්ම ඇතිවුණේ මහා අසරණ හැඟීමකි. ඒ සමගම ආවේ මහා කාලකණ්ණි සිතුවිළි ගොඩකි.
ඒ අසරණ කාලකණ්ණිකම මෙය කියවන ඔබේ සිතටත් ගෙන එන්නයි මේ ලියන්නේ.
ප්‍රවෘත්තිය මේකයි.
ගිය අවුරුදදේ මුල් මාස දහය ඇතුළත පමණක් මැද පෙරදිග සිට මිනී පෙට්ටිවල ලංකාවට ආ ගෘහ සේවිකාවන් ගේ ගණන 463 දෙනෙක් ලු!
http://kathandara.blogspot.com/2013/10/how-pathetic-are-we.html

චේ ගුවේරා සමග ජීවිතේ මල් - Close to heart
අපේ සීයලා ගේ කාලේ, ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ විතර, අණුවන වැඩිහිටියෝ ඕනෑම රැඩිකල් හෝ නාහෙට අහන්නේ නැති හෝ තරුණ අයෙකුට බැණ වැදිලා තියෙන්නේ මුං සමසමාජකාරයෝ කියලයි.
ඒකට හේතුව ලංකාවේ තිස් ගණංවල යුධ විරෝධී, අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය හරහා ඇරඹුණු සමසමාජ සමාජවාදී දේශපාලනයයි.
පස්සෙන් පහු හැත්තෑ ගණං වෙනකොට ඔය කතාව මුං චේගුවේරාකාරයෝ කියලා වෙනස් වුණා.
http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html

ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?
පිංගුත්තර කියන්නේ ඒ කාලේ නං හොඳ පින්බර නමක් වෙන්න ඇති! නැත්තං මොන එකකට තමන් ගේ ළමයාට දෙමව්පියන් යුවලක් ඒ නම දායි ද නේද?
ඒත් අද ව්‍යවහාරයෙන් කියවා නම් පිංගුත්තර කියන්නේ මහා පව්කාර, අවාසනාවන්ත, කාලකණ්ණි මනුස්සයෙක්.
ඒ ඇයිද කියලා අහලා නැති අයට මං කෙටියෙන් කියන්නම්.
http://kathandara.blogspot.com/2013/10/was-pinguththara-gay.html

Tuesday, October 8, 2013
පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ - Skeletons in the closet revealed, what a shame!
මෙය කිසි දිනක මා නොලියන්නට සිටි ආකාරයේ කතන්දරයකි.
ඒ ඕපාදූපවලට මගේ ඇති අකමැත්ත නිසා මෙන්ම මා වලියට බර පුද්ගලයෙක් නොවන නිසාත් ය.
ඊටත් බ්ලොග්කාරයෙක් බ්ලොග් ලෝකයෙන් පිට මොනවා කළත් මට පාන් ද?
නමුත් දැන් නම් මේ විස්තරය නොලියාම බැරිය.
කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ඇතිය කියා සිංහල කියමණක් ඇත. ඉංගිරිසියේ ඇති මේ හා සමාන කියමන නම් ස්කෙලෙටන්ස් ඉන් ද ක්ලොසට් හෙවත් අල්මාරියේ සඟවා ඇති ඇටසැකිලි යන්නයි.
මේ කොයි යෙදුමෙනුත් අදහස් වෙන්නේ සඟවා ගෙන ඇති නින්දාසහගත රහස් යන්නයි.
මා මේ කියන බ්ලොග්කාරයා සිංහල බ්ලොග් ලෝකයේ කූප්‍රකට පොර ටෝක් කාරයෙකි. මොහු තමන්ම පුම්බා පෙන්නන්නට හදන්නේ නම් ඉතා උසස් රසිකත්වයක් ඇති, ප්‍රබුද්ධ පොරක් ලෙසයි.
ලද අවසරයකින් මූ ගේ අල්මාරියක් අවුස්සා බැලු මට නම් පෙණුනේ මූ ගේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි.
http://kathandara.blogspot.com/2013/10/skeletons-in-closet-revealed-what-shame.html

Sunday, October 6, 2013
ඔබේ බොස් ඔබට වඩා වයසෙන් අඩුවීම ප්‍රශ්නයක්ද? - Being bossed around all day (and loving it)...!
සාමාන්‍යයෙන් අපි වැඩකරන ඔෆීස් එකේ, වැඩපොලේ ඉන්න අපේ බොස් කියන්නේ අපිට වඩා පලපුරුද්දෙන් වැඩි කෙනෙක් නේ.
ජොබ් කරන්න පටන් ගන්නකොට නං ඉතිං ඉන්න හැම බොස් ම අපිට වැඩිය වැඩිමහලු අය වීම අනිවාර්යයි.
පස්සෙන් පහු පහු වෙන කොට නං ඉතිං, තමන්ගේ බොසා තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.
මං මුලින් ම ජොබ් එකකට ගියේ රෙදි මහන තැනක. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිතුනයි. එතන මගේ බොස් ජර්මානුකාර නිෂ්පාදන මැවිසුරුවෙක්. පොර මං වගේ දෙගුණයක් විතර වයසයි.
http://kathandara.blogspot.com/2013/10/being-bossed-around-all-day-and-loving.html

Friday, October 4, 2013
රේඩියෝ මූණු සහ ටැලිවිෂොන් මූණු - I am made for TV, what do you mean I am not?
ටික කාලෙකට කලින් ජැක්සන් ඇන්තනි කියලා තිබුණා ලංකාවේ එෆ්එම් නාලිකාවල ඉන්නේ චාවලයෝ ය වගේ කතාවක්.
පොර කියන්නේ රේඩියෝ ෂෝ එකක් කරන්න නම් හොඳ මුඛරිකමක්, ඒ කියන්නේ තැනට සුදුසු පරිදි කතාකරන් පුළුවන් හොඳ කටක්, තියෙන්න අවශ්‍යයි. නමුත් රේඩියෝ කරන අය හිතාගෙන ඉන්නේ චාවාලකම, ඒ කියන්නේ තැන නොතැන නොබලා ඔහේ කතා කිරීම තමයි ඒකට සුදුසුකම කියලයි.
මුඛරිකම සහ වාචාලකම කෙසේ වෙතත් රේඩියෝ සහ ටෙලිවිෂන් ෂෝ ඉදිරිපත්කරන දෙගොල්ලෝ අතරේ තියෙන වෙනස ගැන සම්බන්ධකරලා සාමාන්‍යයෙන් කියවෙන කතාවක් තමයි අපි සමහරුන්ට තියෙන්නේ රේඩියෝ මූණු ය කියන එක.
රේඩියෝ මූණූ කියන්නේ අර ශත-පහක් වගේ මූණක් තියෙනවා කියන එක නම් නොවෙයි!
http://kathandara.blogspot.com/2013/10/i-am-made-for-tv-what-do-you-mean-i-am.html

Tuesday, October 1, 2013
දවස් තිහක අමාරුව සුවකරමින් මාසේ මාරු වුණා! - Oh, what a feeling!
අබේවර්ධන බාලසූරිය සහ ත්‍යාගා එම් එඩ්වඩ් ගයන ගීතයක එන නෑනා සහ මස්සිනා දෙබසක දී මස්සිනා මෙසේ කියයි.
http://kathandara.blogspot.com/2013/10/oh-what-feeling.html
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේමේ ගීතයේ කොල්ලන් අතර ගැයෙන නව නිර්මානයේ ඔය පද දෙක කියවෙන්නේ මේ ආකාරයටය.
මාසේ පෝය දා වාගෙයි ගම්මානේ
හෙට දින නුඹත් දීගෙක ගිය පසු නෑනේ
මාසේ මාරුවීමත් නවතිනවා නේ
http://kathandara.blogspot.com/2013/10/oh-what-feeling.html
තාත්තලා කියවන කුණුහරුප නොහොත් sex පොත් - Books with photos of semi-naked women
"මොනවාද ළමයෝ අර ඔයා ගේ තාත්තා කියවන පොත්? ඇඳුම් නැති ගෑණුන් ගේ පින්තුර තියෙන ඒවා!"
ඒ මගේ මිතුරෙකු වෙන සුසන්ත සුරන්ජිත් ගේ අම්මා ඔහුගෙන් ඇසූ පැණයකි.
සුසන්ත සුරන්ජිත් යනු හයවෙනි වසරේ දී ආනන්දෙට ඇතුලත් වීමේ තරග විභාගයට "ඩ්‍රැකියුලා ගේ මනාලියෝ" පොත පිළිබඳව රචනාවක් ලියූ අසරණ සිසුවා ය.
අම්මා පෙර කී ප්‍රශ්නය ඇසූ දා සුසන්ත ගේ පියා කියවමින් සිට ඇත්තේ උඩින් පලකර ඇති පොත්වලින් එකකි.
http://kathandara.blogspot.com/2013/09/sex-books-with-photos-of-semi-naked.html

Sunday, September 29, 2013
කොන්දේ අමාරුවක් හැදිල තියෙනවද? - Back pain is the worst pain ever!
මං හිතන්නේ මේ ලෝකේ තියෙන නරකම අමාරුවක් තමයි මේ කොන්දේ අමරුව කියන්නේ.
මේක හැදෙන්න, තැනක්, නොතැනක්, වෙලාවක්, අවේලාවල්, වයසක්, දවසක්, අරකක්, මේකක් නෑ.
හැදුණොත් හැදුණා!
අද ඉරිදා මං උදේම නැගිටලා පොඩි ඇක්සයිස් පාරක් දැම්මා. සතියකට පාරක්වත් ඔය වගේ ඇක්සයිස් එකක් කරන එක හොඳයි.
සතියේ දවස්වල නං දවල් කැම වෙලාවේ පොඩ්ඩක් ඔෆීසිය අවට සිරි නරඹමින් ඇවිදගෙන යනවා පැය භාගයක් විතර.
නමුත් මේ සති අන්තයේ කරන්න පුළුවන් ඇක්සයිස් වැඩත් ඉතා වැදගත් නිසා සති දෙක තුනක් තිස්සේ ප්ලෑන් කරලා ඔන්න යාන්තම් අද ඒක කළා!
http://kathandara.blogspot.com/2013/09/back-pain-is-worst-pain-ever.html

සංස්කෘතික උප ඇමති ගේ නවකතා පොතෙන් අමු අමුවේ කොපි කර කෙටිකතාවක් ලියවේ! Short story plagiarised from deputy minister's novel
ලංකාවේ සංස්කෘතික කටයුතු බාර ඇමතිලා කියන්නේ සිය දිවි හිමියෙන් සංස්කෘතිය රැකගන්න ඇප කැප වෙලා ඉන්න කෂ්ටියක් බව අමුතුවෙන් නොකීවාට මුළු රටම දන්නා කාරණයක් නේ?
මට තේරෙන විදියට නම් රටේ සංස්කෘතිය කියන්නේ, රටේ ජීවත්වෙන විවිධාකාර ජන කොටස්වල ජීවිතය පදනම්වෙලා තියෙන සමාජ රටා, ඇදහිලි, චාරිත්‍ර වාරිත්‍ර, කලා කටයුතු යනාදී සියළුම දේ සම්බන්ධ ඉතාමත් පුළුල් විෂයකටයි.
නමුත් සාමාන්‍යයෙන් සංස්කෘතික කටයුතු කියන්නේ නම් ඔන්න ඔය ලේඛන කලාව, නර්තනය, සංගීතය, ජාතික උත්සව වගේ ටැන්ජිබල් දේවල්වලට යි.
හුඟක් ඉස්සර කාලෙක සංස්කෘතික ඇමතිවෙලා ඉඳලා තියෙනවා සේමගේ සයිමන් කුලතිලක කියලා පොරක්. දවසක් අමරදේව මාස්ටර්ව මේ ඇමතිට හඳුන්වලා දුන්නාම පොර කියනවා ලු, "ඉතිං සින්දු කිය කියම ඉඳලා වැඩක් නෑ නේද? ජොබ් එකක් කරන්න අදහසක් නැද්ද" කියලා!
http://kathandara.blogspot.com/2013/09/short-story-plagiarised-from-ministers.html

දයාසිරි ජයසේකර ගොයියා ලංකාවේ මීලඟ ජනාධිපතිකමට සුදුසු ද හොයන ක්‍රමය - The Peter Principle
අපේ ගම් පැත්තේ ඉඳලා තියෙනවා ඇස්. කේ. කේ. සුරියආරච්චි කියලා මනුස්සයෙක්.
පොර කොල්ලා කාලේම වගේ දේශපාලනයට බැහැලා මුලින්ම පලාතේ ගම් සභාවේ මැම්බර් කෙනෙක් වුණා ලු. පස්සේ පාර්ලිමේන්තුවට සිරිලංකා එකෙන් ඉල්ලලා පලාතේ මන්තිරි වුණා ලු. පස්සේ උප ඇමති කෙනෙක් විදියට ප්‍රමෝෂන් එකක් ලැබුණා ලු. මං හිතන්නේ කර්මාන්ත උප ඇමතිකම ද කොහෙද කෙරුවේ.
අන්තිමේ දී මේ පුද්ගලයා නතර වුණේ සිරිලංකා එකේ මහ ලේකම් වෙලායි!
රණසිංහ ප්‍රේමදාස කියන්නේත් ළමා සමාජයෙන් පටන් අරගෙන, අමධ්‍යප ව්‍යාපාරය, කම්කරු සංගමය, නගර සභාව හරහා පාර්ලිමේන්තුව ඇවිත්, උප ඇමති, අගමැති සහ ඊලඟට ජනාධිපති වුණු පොරක්.
ඔය වගේ පොඩි තැන්වලින් පටන් අරගෙන තම තමන් ගේ දක්‍ෂතා හින්දා ම උඩට ම නැගපු අය ගැන කේස් ස්ටඩීස් රාශියක් ම තියෙනවා ලිට්රේචර්වල.
ඕක සාමාන්‍යයෙන් වෙන්නේ මෙහෙමයි.
http://kathandara.blogspot.com/2013/09/peters-principle.html

Thursday, September 26, 2013
කසාද වයිෆ් ගෙදර නැති වෙලාවට මහත්තුරු කන බොන හැටි - Secret men's business!
බ්ලොග් ලියන, කියවන අයගෙන් වැඩි පිරිසක් කසාද බැඳපු පිරිමි කියලයි මට තේරිලා තියෙන්නේ. මං මේ කියන්න යන්නේ මොකක් ගැනද කියලා මගේ ඒ සහෝදර පිරිස දන්නවා.
එතකොට බැඳපු කාන්තා පක්‍ෂය? ඒ අයටත් මං මේ කියන්න යන කේස් එක ගැන තරමක හෝ අවබොධයක් ඇති.
මේ කියන්න යන්නේ, තමන් ගේ කසාද වයිෆ් පැය දෙක තුනකටවත් නිවසෙන් පිට ගියොත්, ඒ කාල සීමාවට දවසේ දිවා ආහාර වේලාව හෝ රාත්‍රී කැම වේලාව යෙදුනොත්, ගෙදර තනිවෙන කසාද මිනිහා කන්නේ බොන්නේ කොහොමද, මොනවාද කියන දැවැන්ත ප්‍රශ්නය ගැනයි!
මේ වැඩේ මට කලින් දෙතුන් වතාවක් වෙලා තියෙනවා.
http://kathandara.blogspot.com/2013/09/secret-mens-business.html

ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?
සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට විවිධාකාරයේ නවකතා පල කෙරුණා. මා හිතන විදියට ඒවායින් වඩාත් ම සාර්ථක වුනේ "අපි නොදන්න ලේඛකයා" ලියපු සමනල විප්ලවය කියන නවකතාවයි.
සමනල විප්ලවයේ ඒ සාර්ථකත්වයට මුලිකම හේතුව ඒ දේශපාලන නවකතාවේ අන්තර්ගතයේ තිබුණු ආකර්ශනය බව අවිවාදාත්මකයි.
ඒ එක්කම තවත් වැදගත් හේතුවක් වුනේ, ලේඛකයා මේ නවකතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරපු නවතම ආකාරය මගින්, සාමාන්‍ය අච්චුවේ රේඛීය කතාවක් කොටස් වශයෙන් කාල පරතරයක් එක්ක කියවන විට පාඨකයාට දැනෙන වෙහෙස සහ දුරස්තබව සමතික්‍රමණය වීමයි.
මේ ලඟදී මං ෆේස් බුක් එකේ දැක්කා ජනක රත්නායක විත්‍ර ඇඳලා කොටස් වශයෙන් පලකරපු එක්තරා චිත්‍රකතාවක රචකයා වුණු චානුක වත්තේගම මෙහෙම කියලා තිබුණා.
මා ජනක රත්නායකට කතාවක් ලියන කාලයේ ඔහු හැමදාමත් කීවේ "මල්ලි කුතුහලය දැනෙන තැනකින් සතියේ කතාව ඉවර කරන්න" කියාය.
සාමාන්‍ය අච්චුවේ කතාවක් සතිපතා කොටස් වශයෙන් පල කරන්න ලියන එක අමාරු වැඩක්. කතාව පලවෙන්නේ මාසික සඟරාවක වුණොත් ඒ වැඩේ තවත් අමාරු එකක් වෙනවා.
http://kathandara.blogspot.com/2013/09/so-what-happened-next.html

මෙඩිකල් ෆැකල්ටියේ ශිෂ්‍යාව මානසික රෝගියාගෙන් ඇසූ පැණය - Ah, these medical faculty chicks, don't we love them all?
ඔන්න දැන් ටික කාලකෙට කලින් මට සිද්ධ වුනා හොස්පිටිතාලෙක සතියක් දෙකක් තපින්න.
වරදවා වටහා ගන්න එපා, ඒක මගේ උවමනාවකට වෙච්ච දෙයක් නොවෙයි. නමුත් එහෙම නොකර ඉන්න මට හැකියාවක් තිබුණෙත් නෑ.
ඔන්න මට ටිකක් සනීප වේගෙන එනකොට, නහයෙන්, බෙල්ලෙන් දාපු බට ගලෝලා, එහෙන් මෙහෙන් හයි කරපු වයර් ගලෝලා දැඩි සත්කාර ඒකකයේ හිටපු මාව දැම්මා වෙන වාට්ටුවකට.
මේකේ එක කාමරයක ඇඳන් හතර ගානේ තියෙනවා. එක ඇඳක හිටියා අංකල් කෙනෙක්.
මේ කියන හොස්පිටිතාලේ ශික්ෂණ රෝහලක්. ඒ කියන්නේ විශ්ව විද්‍යාලේ වෛද්‍ය පීටර් ශිෂ්‍ය, ශිෂ්‍යාවෝ මෙතන නිරතුරු ගැවසෙනවා.
ඔන්න මේ වගේ ශිෂ්‍යාවෝ දෙන්නෙක් ආවා මං හිටපු කමරේට. ඒ දැක්කා විතරයි අර අංකල් කට ඇද කරගත්තා.
http://kathandara.blogspot.com/2013/09/ah-these-medical-faculty-chicks-dont-we.html

Monday, September 23, 2013
නිකං දුන්නත් මේ පොත නං නොදකින් - රෝහණ විජේවීර ප්‍රෝඩාව : Dont buy this book
මං මේ වෙනකොට කතන්දර බ්ලොග් එකේ පොත්-කතන්දර දහපාළහක් ම පලකරලා තිබුණාට ඒ එකක්වත් පොතක නරකක් කියපු ඒවා නම් නොවෙයි.
හැමදේට ම පළමුවෙනි පාරක් තියෙනවානේ. අද ඒ දවසයි.
මෙන්න මගේ අවවාදය මුලින් ම.
ඔය උඩින් කවරේ දාලා තියෙන ඔරුවල බන්දු ගේ නමින් දයාවංශ ජයකොඩි සමාගම පළකරපු පොත, ඒකේ නම විතරක් දැකලා නම්, මිළ දී ගන්න නම් එපා.
මේක මාර රැවටිල්ලක්!
http://kathandara.blogspot.com/2013/09/dont-buy-this-book.html

ඡන්දෙන් පැරදුණු අයට කෑමෙන් පසු කන්න සුවිශේෂී අතුරුපසක් - Easy to make dessert to wash your election blues away
දැන් ඉතිං අපේ අයියලා සමහරු ඡන්දේ දිනලා හෝ ගාලා සතුටෙන් ඇති. අනිත් කෂ්ටිය නම් අම්බානකට පැරදිලා දුකෙන් පුං පිට කර කර ඇති.
අපේ අම්මා කියලා තියෙනවා ඉස්සර කාලේ යුඇම්පී එක ඡන්දෙන් පැරදුණාම, සිරි ලංකාකාරයෝ කරන්නේ යුඇම්පී අය ගේ ගෙවල්වලට කිතුල් අතු දානවාලු. මොකද අලියෝ කිතුල් කොල කන්න ආසා නිසා.
හැත්තෑ හතේ මුළු රටම වගේ යූඇම්පීකාරයෝ දිනපු පාරනම් හොඳ හොඳ කෑම කන්න දුන්නානේ සිරිලංකාකාරයින්ට!
මට හිතුණා ඊට වැඩිය හොඳයි කියලා පැරදුණු අයට අද ඉරිදා දවල්ට බත් කාලා කන්න රහම රහ අතුරුපසක් හදන හැටි කියලා දෙන එක.
මේ අතුරුපස අම්බානක රහ වුණත් හදන්න හරිම ලේසියි.
http://kathandara.blogspot.com/2013/09/easy-to-make-dessert-to-wash-your.html

Saturday, September 21, 2013
සමන් දිසානායක ගේ සුරඟන කුමරිය - September book review series continues
"මිල්ස් ඇන්ඩ් බූන්" කියලා ඉංගිරිසි නවකතා පොත් වර්ගයක් තියෙනවා. පත්තර කඩදාසිවල ලාබෙට ප්‍රින්ට් කරලා වර්ණවත් කවරයක් එක්ක එන මේ පොත් හැම එකක ම වගේ තියෙන්නේ සරල ආදර කතන්දර කියලයි කියවෙන්නේ. අර කොල්ල පෝසත් කෙල්ල දුප්පත්, කොල්ල දුප්පත් කෙල්ල පෝසත් යනාදී විවිධ වර්ගවලට අයිති පෙම් කතන්දර, දන්නවනේ? අන්න ඒ වගේ එව්වා!
මං සෑහෙන කාලෙකට කලින් මේ ජාතියේ "මිල්ස් ඇන්ඩ් බූන්" පොතකින් පිටු කිහිපයක් කියෝලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොත් ලියවෙන්නේ, මාකට් වෙන්නේ කාන්තා වෙළඳ පොල අරමුණු කරගෙනයි.
මේ ජාතියේ කතා වලට සිංහලෙන් "මල් කතා" කියල කියන්න පුළුවනි. මෙතනදී මල් කියන්නේ ගෑල්ළමයි සම්බන්ධ නිසයි, අර මල් පාත්තිය, මල් කඩනවා යනාදී යෙදුම්වල එනවා වගේ.
http://kathandara.blogspot.com/2013/09/blog-post_21.html
සායි බබා ගේ අහවල් අවයවය සහ පිං පඬුරුවල බලේ - The easiest and cheapest way to get away with traffic offences
මේ පෙරේදා ද කොහෙද කතරගම දෙයියා ගේ බර්ත් ඩේ එක දවසේ පොරගේ අවතාරයක් බලන්න කෂ්ටිය හෝ ගාලා සෙට් වුනාට, පාටියට දෙයියා ආවේ නෑ. පුජා භාණ්ඩ, පඬුරු ටික ඒජන්ට් ලා දම්මලා ගත්තා විතරයි. ඒත් මං කියන්නේ නෑ කතරගම ගොයියා හොරෙක් ය කියලා.
ඇත්ත හොරු සෙට් එක තමයි කතරගමයියාව අපේ මෝඩ අයියලාට කිලෝ ගාණට විකුණනාගෙන කන කපටි නැකත්කාරයෝ, ආචාරියෝ සහ කපුවෝ.
හැබැයි පහුගිය දවස්වල මිය ගිය සායි බබා කියන ඉන්දියන්කාරයා නම් පට්ට හොරෙක්. (වයසින් වැඩිමහල් කෙනෙක් හින්දා මං බබයියා කියන්නම්).
http://kathandara.blogspot.com/2013/09/easy-way-to-get-away-with-traffic.html

ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"
අන්න මන්දනාත් රටින් ගිහිල්ලා. අහන්න දෙයක්යැ? ලසන්ත ගිය පාරේ යන්න කවුද කැමති, නේද?
සුදු වෑන් ගැන, ජාවාරම්කාර දේශපාලුවන් ගැන, මරා දැමෙන පත්තරකාරයින් ගැන, ඇස් කන් ඇරගෙන ජීවත්වෙන අයට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
නමුත් ඒ කියපු දේවල් ගැන ලියවුණු නවකතා නම් මං කියවලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයින් එකක් තමයි හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" කියන නවකතාව.
හේමාල් ජයවික්‍රම පේරාදෙනියේ ඉගෙන ගත්තු ඉංජෙක්. පොර නැගී එන ගායකයෙක්. කවි, කෙටිකතාත් ලියනවා. දැන් මේ ලඟදී ඉඳලා අංකුර නවකතාකාරයෙක්.
මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන පොත්-කතන්දර සීරීස් එකේ අද එපිසෝඩ් එක විදියට හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" නවකතාව ගැන පොඩි විචාරයක්.
http://kathandara.blogspot.com/2013/09/story-from-marvel-land.html

Wednesday, September 18, 2013
ඔහේලා පොත් කන්නේ උයලා ද? මලවලා ද? සම්බෝල හදලා ද? නැත්තං අච්චාරු දාලා ද? - In defence of the September Book fair
මට මතකයි මට අවුරුදු දහයක් විතර කාලේ අපේ මුළු පවුලම ගියා මගුල් ගෙදරක කැස්බෑව පැත්තේ. අපේ අම්මාගේ පැත්තේ ඥති ගෙදරක දුවෙක් බඳින වෙඩිමේ හෝම් කමින් එකද කොහෙද?
පවුලේ වැඩක් නිසා අපි උදේම එහේ ගියා. ඒ ගෙදර ඉස්තෝප්පු කාමරේ තිබිලා මට හම්බ වුණා පොතක්. මේක ළමයින් සඳහාම ලියපු නවකතාවක්. පොඩි ළමයි කීප දෙනෙක් කැලේ ගිහින් අතරමංවෙන කතාවක් තමයි තිබුණේ. මට දැන් හිතෙන විදියට මේ පොත තමයි දොන් පීටර් පියනම ලියපු "වනගත ළමෝ".
ඉතිං ඒ පොත හම්බු වුණු මොහොතේ ඉඳලාම මං කෙරුවේ පොත කියොපු එකයි. නමුත් කියවලා ඉවර කරන්න කලින් අපිට මනාල යුවල එක්ක හෝම් කමින් ගමන යන්න සිදුවුණා.
බාගෙට කියෝපු පොත දාලා මං ඒ ගෙදරින් පිටත් වුණේ පුදුම දුකකින්.
http://kathandara.blogspot.com/2013/09/in-defence-of-september-book-fair.html

දන් දුන්නොත් පින් ලැබේද? (බුද්ධාගමට අපහාස කරන ලිපියක් නොවේ) - The power of giving, oh yeah!
පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.
මට කොහේදෝ දැක්කා කවුද ලියලා තියෙනවා අපේ සමහරු පන්සල් ගිහින් වැඳලා පින් පෙට්ටියට රුපියලක් දාලා පාරට ආපු ගමන් රැපියල් විස්සක් දීලා ලොතරැයියක් ගන්නවාය කියලා ඒ කරපු පින එදාම රෑට පල දීලා කෝටි දෙකක් දිනාගන්න ලැබුණොත් කියලා!
ඔය කතා දෙක මං ලිව්වේ මේ සාහිත්‍ය මාසයේ අද පොත්-කතන්දරය ලෙස මං ඉදිරිපත් කරන විචාරයට මුල පිරීමක් විදියටයි.
දැන් මෙන්න කියවන්න අද පොත්-කතන්දරේ.
http://kathandara.blogspot.com/2013/09/power-of-giving-oh-yeah.html

ටින් ටින් ටොයියා සහ සමරිසි ටින් ටින් - Is Tin Tin Gay?
මා සේවය කළ එක්තරා ආයතනයක සුරුබුහුටි රූමත් ගෑල්ළමයෙකු සේවය කළා ය. ස්වර්ණ වර්ණයෙන් ද, මේඝ සේ වූ කේෂාවෙන් ද, චන්ද්‍රයා සේ වූ නලළින් ද, හංසයින් වන් ළමැදින් ද, මුතුවන් දත් දෙපලින් ද, හක් ගෙඩියක් බඳු වූ බෙල්ලෙන් ද යුතු වූ ඇය පැරණි ගීතයක එන උපමා සමූහයක් අපට සිහිපත් කළ ලලනාවකි.
ඇයට ඒ සේවා ස්ථානයේ සම වයසේ පිරිස අතර පටබැඳී තිබුණු නාමය "ටින්-ටින්" නම් විය.
මෙහි දී "ටින්-ටින්" යනුවෙන් අදහස් වුයේ අප හුඟ දෙනෙක් හොඳින් දන්නා අඳුණන කාටූන් චරිතයක් වූ "ටින් ටින්" නම් බෙල්ජියම් ජාතික පුවත්පත් වාර්තාකරු නොවේ. මේ කියන ගෑල්ළමයා ටින්-ටින් ගේ හැඩරුව ඇති ටොම් බෝයියෙක් නොව සුරූපී ලලනාරත්නයකි.
එසේ නම් ඇයට "ටින්-ටින්" ඇයි නම් පට බැඳී තිබුණේ ඇයි?
http://kathandara.blogspot.com/2013/09/is-tin-tin-gay.html

Sunday, September 15, 2013
පාන් නොකා, පාන් ජොකා හැර වෙනත් පාන් කේස් තිබේද? - In praise of poor man's staple food
පාන් යනු අතීතයේ සිටම පැවතෙන සුමිහිරි ආහාරයක් බව එක්දාස් නමසිය හයේ ඉපදුණු මගේ සීයා පසුව ගුරුවරයෙක් ලෙස සේවය කළ කාලයේ සිදුවූ පාන් ජොකා කේස් එකෙන් පෙනුණි.
ජානගතව ඇති නිසා විය හැකි පරිදි, පාන් කෑමට මම ද ප්‍රිය කරමි. මින් වසර තුනකටත් වඩා පෙර දිනයක පාන් ගෙඩියක් ම කෑ කතන්දරය මා ලිව්වේ ද එනිසා ය.
අද මා සැරසෙන්නේ පාන් කෑම පිළිබඳ මගේ මතකයන් කීපයක් පෙළ ගැස්සීමටයි.
මෙය තනිකරම පුද්ගලික සටහනකි. සමහරුන්ට ගෝචර නොවිය හැක. (ඉතිං මට පාන් යැ?)
http://kathandara.blogspot.com/2013/09/in-praise-of-poor-mans-staple-food.html

Subscribe to:
Posts (Atom)