මගේ අංකල් ලා කීප දෙනෙක් ගැන මා මීට පෙර කතන්දර ලියා ඇත. ඒ කාලයෙන් පසුව මිය පරලොව ගිය එයින් එක අංකල් කෙනෙක් ගැන මතක සටහනක් තියන්ට ගිය විට එක්තරා බ්ලොග්කාරිනීයක් එය දුටුවේ මුග්ධ ප්‍රතිචාරයක් කියායි.
ඒ කෙසේ වෙතත් අද මා ලියන්න යන්නේ ද අංකල් කෙනෙක් ගැනය.
මේ අංකල් සෑහෙන්න විහිළුකාරයෙකි. දැන් නං ඉතිං පැන්ෂන්කාරයෙක් ද වේ. ඒත් විහිළුවලින් නම් දැන්මම පැන්ෂන් යන පාටක් පේන්නට නැත.
මගේ මේ විහිළුකාර අංකල් පැන්ෂන් යෑම ගැන කියූ අපූරු කතාවක් මම නැවත කතන්දරයක් ලෙස ලියා කලින් දවසක මේ බ්ලොගයේ පළ කළෙමි.
අපේ විහිළුකාර අංකල් මා දන්නා දවසේ සිටම හරි විහිළුකාරයෙකි.
http://kathandara.blogspot.com/2013/12/know-your-limits-people.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Sunday, December 29, 2013
Friday, December 27, 2013
අපිට කෙලවෙන්නේ ඇයි? - Meet real A/L heroes
ඉගෙන ගෙන විභාග පාස් වෙන්නට ඇති අමාරුව එසේ පාස් වුණු උන් හොඳින් දනිති. ෆේල්වුණු උන් ද එය දනිති. ෆේල් වුණු වුන් නොදන්නේ විභාගයක් පාස් වුණු විට හිතට දැනෙන ජොලියයි.
විභාග පාස් වුණු විටත් එයින් හොඳම ජොලිය එන්නේ පන්තියේ පළමුවෙනියා වී හෝ පාසලේ හෝ දිස්ත්‍රික්කයේ හෝ නැතිනම් සමස්ත ලංකාවේන පළමුවෙනියා වී පාස් වූ විටය.
මං පොඩි කාලේ පන්තියේ පළමුවෙනියා වීමේ ජොලිය විඳ ඇත්තෙමි. කතන්දරහාමිනේ නං ඊට වඩා ගොඩක් ඉහලින් ඇති පළමුවෙනි තැන් ද අරගෙන ඇත.
http://kathandara.blogspot.com/2013/12/meet-real-al-hereos.html

Wednesday, December 25, 2013
තරුණ හස්බන්ඩලාට වම්බටු ගැන පාඩමක් (වයිපරේ ලා නොබැලුවාට කමක් නැත) - Lets cook boys!
ලෝකයේ බටු ජාති කීපයක්ම තිබේ.
මෙයින් මා අකමැතිම බටු ජාතිය නම් තලන බටු හෙවත් එළබටු ය. ඒවා "එළ" යන සුපිරි වචනයට නිගා දෙවන බව මගේ අදහසයි. එළබටු මා පොඩි කාලේ සිටම අප්‍රිය කළ කෑමකි. අද ද එසේම ය.
මා දන්නා තරමට එළබටු වනාහී උයන්නට ද අපහසු බටු වර්ගයකි. ඒවායේ මැද ඇති ඇට සහිත මිශ්‍රනය අතේ ගෑවුනොත් කහන ගතියක් ඇති වෙන නිසා දෝ, මේ බටු පත්තර කොලයක් යට දමා පොල් ගෙඩියකින් තලනු මා පොඩි කාලේ දැක ඇත.
ඇත්තටම "එළ" බටු වර්ගය නම් තිබ්බටු ය. තිබ්බටු සහ හාල්මැස්සෝ දැමූ පොල් මැල්ලුම ඉතා රසවත් කෑමකි.
http://kathandara.blogspot.com/2013/12/lets-cook-boys.html

කෑවායින් කෑවේ නෑ මෙහෙම කෑමක් ("සිය වතු දේ - සුර රස දේ"):: Back to the roots
සාමාන්‍යයෙන් කියන්නේ "සියරට දේ - සුර සැප දේ" කියලා නේ. ඒ කතාවෙන් කියවෙන්නේ දේශීය නිෂ්පාදන තමයි හොඳම දේ කියලායි.
මේ කියන්නේ අර අපි පුංචි කාලේ තිබුණු ඝංඨාර මාක් එකේ සරොං ගැන හෝ දේශීය නිෂ්පාදන වෙන ගල් බමුණා, ගහපං මචං, අලහොදි හෝ කටුකම්බි ගැන විතරක් ය කියා වරදවා වටහාගන්න නම් හොඳ නෑ.
ලංකාවේ මිනිස්සු ලෝකේ කොයි හතර දිබ්බාගේ හිටියත් ලංකාවේ තේ ජාතිම හොයලා බොන්නේත් ඒ හින්දා විය යුතුයි.
http://kathandara.blogspot.com/2013/12/back-to-roots.html

Saturday, December 21, 2013
ෂිහ් විතරක්! - අවුරුදු දාසයක කොල්ලෙකු ගේ ප්‍රේමාලාපයක් - Hot sixteen?
දැලි රැවුල එන, ෂරට් මැදලා අඳින, කොණ්ඩේ පීරණ කාලේ දී සහමර කොල්ලන්ට කවි ලියන්නත් හිතෙන බව මං කලින් දවසක කිව්වා.
මේ කවි අති බහුතරයම ඉතිං ලියවෙන්නේ කෙල්ලෝ ගැන තමයි.
මෙන්න ඒ වගේ කවියක්.
මේක ලියපු කුකවියා ගේ එදා වයස අවුරුදු දාසයයි, මාසයයි ලු.
http://kathandara.blogspot.com/2013/12/hot-sixteen.html

ඉස්කෝලේ යන කෙල්ල ගේ සිට ඉස්කෝලේ ටීචර් දක්වා සංක්‍රාන්තිය - Big, bigger, biggest
කෙල්ලෝ ලොකු ළමයි වෙනවාට වඩා කොල්ලෝ ලොකු ළමයි වෙන ක්‍රමය වෙනස් බව අපි දන්නවා.
ඒ විදියට ලොකු වුණාය කියලා අනිත් අයට දැන ගන්න ලැබෙන විදියත් වෙනස්.
අද මං කියන්න යන්නේ කොල්ලෙක්, දැලි රුවුල ඇවිල්ලා, කටහඬ වෙනස් වෙලා, කමිස මැදලා අඳින්න, කොණ්ඩේ පීරන්න පටන් අරගෙන යොවුන් වියට එළැඹිලා එතැනිනුත් එහාට පණින පිම්ම කොහොමද අඳුණා ගන්නේ කියලායි.
යොවුන් වියට ආවට පස්සේ පාසල් යන ගමනේ දී හමුවෙන පාසල් යන සම වයසේ කෙල්ලෝ දකින කොට හඳුන් පොත්ත කීං ගානවාද මොකක්ද මන්දා එකක් වෙනවා.
http://kathandara.blogspot.com/2013/12/big-bigger-biggest.html

Monday, December 16, 2013
කොල්ලා ලොකු වුණු බව උගේ තාත්තා දැනගත් හැටි - The secret is out
"එයා දැන් ලොකු ළමයෙක්" චිත්‍රපටියේ මාලනී ෆොන්සේකා ද, "අනුපමා" චිත්‍රපටියේ සුවිනීතා වීරසිංහ ද එලෙස විත්‍රපටිය සඳහා ලොකුවෙන විට ඔවුන් අවුරුදු තිස් ගණංවල කෙල්ලෝ වෙන්නට ඇත.
නමුත් අපේ සමවයසේ පාසලේ සිටි කෙල්ලන්ට නං ඔය සතියක් දෙකක් පාසල් නොපැමිණ සිටින්නට වෙන අසනීපය සෑදෙන්ට පටන් ගත්තේ අපි හතේ පන්තියේ අවසානයේ පමණ සිටියදී ය.
මා මිශ්‍ර පාසලට ගිය අවසාන වසරවෙන නමයේ පන්තියේ දී ද මේ ආකාරයෙන් පාසල් නොඑන ලෙඩේ සෑදෙන සිසුවියෝ වූහ. ඒ වසරේ අවසානයේ වුවද, ඒ ලෙඩේ නොසෑදුණ අය ද ඉන්නට ඇත.
http://kathandara.blogspot.com/2013/12/secret-is-out.html

පිරිමි කොල්ලෙක් ලොකු වුණු බව දැන ගන්නේ කෙසේද? - Boy becomes BIG boy
ඔය පිරිමි කොල්ලා කියන කෑල්ල මං උපුටා ගත්තේ විනෝද සමය අමාරිස් අයියා වැඩ සටහනකිනි.
අමාරිස් අයියා තම පුතාව පාසලට ඇතුලත් කිරීම සඳහා විදුහල්පති මුණ ගැසෙයි.
"මුලින්ම මේ ළමයා ගේ 'ඉන්ටැලිජන්ස්' බලන්න ඕනෑ!" විදුහල්පති පවසයි.
"චී මහත්තයා, ඒවා නං බලන්න දෙන්න බෑ!" ඒ ළමයා ගේ පියා ය.
"එහෙම කියලා බෑනේ. ඉන්ටැලිජන්ස් බලන්නම ඕනෑ ඉස්කෝලෙට ඇතුලත් කරගන්න."
"මොනවා බලන්නද මහත්තයෝ. ඔන්න මූ පිරිමි කොලුවානේ! මං දන්නේ නැද්ද? මං නේ ඕකාට ගම්මිරිස් පිම්බෙත්!"
ගම්බිරිස් පිඹින්නේ ළදරු කාලයේ දී ය. ළදරුවා ඉන් පසු ළමයෙක් වේ.
අද මගේ කතන්දරය මේ ළමාවියෙන් තරුණ වියට පෙළඹීම, එනම් ලොකු වීම ගැනය.
http://kathandara.blogspot.com/2013/12/boy-becomes-big-boy.html

Friday, December 13, 2013
දුක තමයි රංජනී - View from your astral body
මේක පොඩි කතන්දර කෑල්ලක් පමණි.
නමුත් මේ කතන්දර කෑල්ලේ තේරුම නං අවශ්‍ය පරිදි නිකං රබර් කෑල්ලක් වගේ දිග්ගස්සන්ට හැකිය.
මෙන්න කතන්දර කෑල්ල මුලින්ම.
අපේ ගම් පලාතේ පොඩි කලා කවයක් තිබේ. ඒ ගැන කතන්දරයක් මං කලින් ද ලියා ඇත.
මේ කලා කවයෙන් දැන් වසර කිහිපයක කලින් පොඩි අළුත් වැඩක් ඇරඹිණි. එය නම්, වසර අවසානයේ පවත්වන සාමාජික සාදයේ දී, ඒ වසරේ පොත් පත් ලියූ, ගී තැටි බිහි කළ, නාට්‍ය වේදිකාගත කිරීම සහ වෙනත් ටැන්ජිබල් කලාබර කටයුතු කළ අයව තවත් දිරි ගන්වනු පිණිස සහ ඔවුන් ගේ සේවය අගය කරනු පිණිස පොඩි සමරු ඵලකයක් දීමයි.
http://kathandara.blogspot.com/2013/12/view-from-your-astral-body.html

Wednesday, December 11, 2013
මොරටුව සරසවියේ අවනීතිය හෙලා දකිමු : Moratuwa University - Shame! shame!! shame!!!
මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ සිවිල් ඉංජිනේරු සංගමය විසින් මුද්‍රණය කරන්නට යෙදුණු "වෝටෙක්ස්" නමැති සමරු කලාපයේ ඇතුලත් වූ සරදම් කවි දෙපදයක් මෙසේය.
Ruined police Marxists X and Y say they stand for student rights any-where
But when it comes to the rights of an undergrad girl, they shit every-where!
ඒ කවියේ පසුබිම් කතතන්දර සහ සඟරාව මුද්‍රණයෙන් අනතුරුව ඇතිවූ සිදුවීම් ගැන අතුරු කතන්දර පිළිබඳ පසුව දවසක බැරිවීමකින් හෝ හිතුණොත් ලියමි.
කෙසේ නමුත්, මට අද ඒ කවි සරදම සිහිවූයේ එහි එන උපාධි අපේක්‍ෂක කෙල්ලෙකු ගේ අයිතීන් ගැන ඇති සඳහන හේතුවෙනි.
ඒ මේ පහත කියවෙන කාරණය නිසාය.
http://kathandara.blogspot.com/2013/12/moratuwa-university-shame-shame-shame.html

Monday, December 9, 2013
සමාන්තර විශ්වයේ (පැරලල් යුනිවර්ස්) සිටි මැන්ඩෙලා ලා ට මොකද වුනේ? - Mandela in parallel universe
හිරගෙට යන්නට පෙර මැන්ඩෙලා එවකට පැවති දකුණු අප්‍රිකානු නීතියට අනුව ත්‍රස්තවාදියෙකි. ආයුධ සන්නද්ධ අංශයකින් ද සමන්විත වූ දකුුණ අප්‍රිකානු කොන්ග්‍රසයේ නායකයෙකි. ඔහු ත්‍රස්තවාදීන් ලබන ආයුධ පුහුණුවක්ද ලැබූ අයෙකි. ඔහුට විරුද්ධව නැගුණු චෝදනා මත ඔහුව අත්අඩංගුවට ගෙන, නඩු අසා වැරදිකරු වීමෙන් පසුව, මා අසා ඇති පරිදි ජීවිතාන්තය දක්වා, සිරගෙට නියම විය.
ඒ අනුව මැන්ඩෙකලාව වීරයෙක් කරන්නට එවකට පැවති වර්ණභේදවාදී සුලුතර සුදු ආණ්ඩුව විශාල වැඩ කොටසක් කර ඇති බව පෙනේ.
අප අසා ඇති පැරලල් යුනිවර්ස්වල නම් ඔය කටයුතු කෙරෙන්නේ ඔය ආකාරයට නොවේ.
http://kathandara.blogspot.com/2013/12/mandela-in-parallel-universe.html

අටේ පන්තියේ පොඩි කේස් එකක්! - Friend in law?
මේ සිද්ධිය වුනේ මට මතක හැටියට අටේ පන්තියේ දී.
හරියට මතක නැති වෙන්න හේතුව තමයි මං හයේ පන්තියේ ඉඳලා නමේ පන්තියට පාස් වෙන දවස වෙනතුරුම පන්තිය බාර ගුරුවරයා වෙනස් නොවුණු නිසයි.
ඒ විතරක් නොවෙයි අළුතින් ආපු සහ අස්වෙලා ගිය කීප දෙනා ඇරුණාම අපේ පන්තියේ හිටියේ එකම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකමයි.
http://kathandara.blogspot.com/2013/12/blog-post.html

මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක් - Twins, triplets and quadruplets
මං නයි ඇරීම ගැන කතන්දර ලියනවා දැන් සතියක් තිස්සේ නමුත් හරි හමන් නයෙක් අරින්න තාමත් බැරි වුණා.
අද නං ලියන්න යන්නේ අනගිරත්නගේ, මගේ තාත්තා ගේ, කූප්‍රකට බ්ලොග්කාරයා ගේ වයිෆරේ ගේ අනාදී අනුන් ගේ නයි ගැන නොවෙයි.
මේක මගේම නයෙක්. අළුත් භාෂා ව්‍යවහාරය අනුව "මගේ ම (නයෙක්) නොවන මගේ ම නයෙක්" කියලා කියන්න පුළුවනි.
කතන්දරකාරයා ගේ ය කියන ෆොටෝ කෑලි සමහරවිට මේ බ්ලොග් එකේ පලවෙනවා. මේ බොහෝ තැන්වල පොර ඇඳගෙන ඉන්නේ නිල්පාට ටී ෂර්ට් එකක්.
මේ ටී ෂරට් එක නිකම්ම නිකං නිල්පාට ටී ෂර්ට් එකක් නොවෙයි, සිංහල බ්ලොගර්ස් යුනියන් එකේ ලෝගෝ එක සහ යූආර්එල් එක තියෙන ඔෆීෂියල් ටී ෂර්ට් එකයි.
මේ බලන්න ඒ ෆොටෝ කීපයක් නැවත.
http://kathandara.blogspot.com/2013/12/twins-triplets-and-quadruplets.html

Tuesday, December 3, 2013
කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ නයි ඇරිය හැටි - නිකං නෙමෙයි දෙපත් නයෙක්! : A Blogger's wife boasts
මේ ඊයේ පෙරේදා පත්තරේක තිබුණා කවුදෝ ටියුෂන් මුදළාලි කෙනෙක් තමන්ගෙන් ටියුෂන් අරගෙන ඉහලින් විභාගේ ගොඩ දාපු දැරිවියකට රුපියල් ලක්‍ෂ හතලිහක කාරෙකක් අරගෙන දුන්නු සීන් එකක් ගැන කතන්දරයක්.
මේ ගැන ලිපියක් ලියන W3Lankaකාරයා කියලා තිබුණා සිසුන් 5,000 කට උගන්වන ටියුෂන් මුදළාලි කෙනෙකු ගේ මාසේ ආදායම ලක්‍ෂ හතලිහකටත් වඩා වෙනවාය කියලා.
ඒ කියන්නේ, එක ළමයෙක් එක විෂයකට මාසෙකට රුපියක් අටසීයක් ගෙවනවා කියන එකයි!
මට ඒ කතාව එකපාරටම විශ්වාස කරන්න බැරිවුනේ මේ කියන්නේ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙන්න පුළුවන් රට ගැන නේද කියලා මතක් වුණු නිසයි. මං හිතන්නේ ඒ සූට්ටං රුපියක් 2,500 කින් මාසයක් ජීවත්වෙනවා කියන්නේ උසස් පෙළ සබ්ජෙක්ට්ස් තුනකට ටියුෂන් ගාස්තු ගෙවන එකට වෙන්න ඕනෑ!
http://kathandara.blogspot.com/2013/12/bloggers-wife-boasts.html

Sunday, December 1, 2013
තාත්තා ගැන නයි පැට්ටෙක් - Is it wrong to boast about one's father?
තාත්තලා කියන්නේ දරුවන් ගේ වීරයෝ ය කියන කතාව අවිවාදාත්මක එකක්.
ඒ හින්දා තමන් ගේ තාත්තා ගැන පුතෙක් හෝ දුවෙක් පම්පෝරියක් ගැසීමේ කිසිම පුදුමයක් නෑ. මේ විදියට කියන කතාවක් නයෙක් ද නැද්ද කියන එක නම් මං අර කලින් කතන්දරයේ කිව්වා වගේ අසන්නාට සාපේක්‍ෂ කාරණයක්.
දැන් මෙන්න, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගැහැව්වා වගේ මගේ තාත්තා ගැන පොඩි නයි පැට්ටෙක්.
මගේ තාත්තා උපාධිධරයෙකි.
http://kathandara.blogspot.com/2013/11/is-it-wrong-to-boast-about-ones-father.html

Friday, November 29, 2013
මෙන්න මගෙන් නයෙක් - Catch it if you can!
නයෙක් දාන්න යැයි කවුදෝ නිර්නාමික බ්ලොග් පාඨකයෙක් මගෙන් ඉල්ලා තිබේ.
ඒ දුටු විට මගේ සිහියට ආවේ මේ "නයා ඇරීම" යන කතාව මා මුලින්ම දැනගත් ආකාරයයි.
මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී විභාගයකට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙක් සමග අම්මලා ගේ ගමේ යාමට අවස්ථාවක් ලැබුණි.
ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. ගමන නම් අපුලය. බස් රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරලුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන වතුර පාරවලින්ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතු වලින් ද වටවූ සුන්දර ගම් පෙදෙසකටයි.
http://kathandara.blogspot.com/2013/11/catch-it-if-you-can.html

Tuesday, November 26, 2013
මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrines
මෙන්න මුලින් ම තුන් තේරවිල්ලක්.
"බුදු කුස්සිය"
මං දන්නා පිළිතුර පසුව දාන්නම්.
අද මං ලියන්න යන්නේ කතන්දරයක්ම නොවෙයි. පසුව කතන්දර කීපයකටම පාදක කරගන්න පුළුවන් පොඩි සටහන් කීපයක්.
http://kathandara.blogspot.com/2013/11/few-sketches.html

ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs
පසුගිය දවසක මට එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගමයක පොඩි සැඳෑ සාදයකට සහභාගීවීමට සිදුවිය.
පොඩිය කීවාට පොඩිමත් නැත.
සූ ගාලා සීයක් පමණ පිරිසක් එහි පැමිණ සිටියහ. මුලින්ම රටකජු බිකක් හැපීමටත්, දෙවනුව සින්දු වතුර කෝප්පයක් බීමටත්, ඉන්පසු සින්දු දෙකාමාරකට අත්වැල් ඇල්ලීමටත් අපට ඉඩ ලැබුනි.
බුෆේ ක්‍රමය බෙදාගත් බත් පිඟානක් අල්ලේ තියාගෙන වළඳා රෑ බෝවී ගෙදර ආවෙමු. සාදයේ හොඳම හරිය, එනම් බයිලා නැටීම අපට මිස් වීම නම් දුකකි.
http://kathandara.blogspot.com/2013/11/nepotistic-tribalism-and-obas.html

අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventure
මේක ඉතාම කෙටි කතන්දරයක්.
මාත් එක්ක අහවල් ඉස්කෝලේ දහයේ පන්තියට අළුතින් ඇතුල් වුණු සිසුන් සියයක් පමණ පිරිස අතර හිටි අයෙක් තමයි මුණවීර.
මුණවීරයි මායි දෙන්නාම එකිනෙකට ආසන්න ගම් දෙකක සිට දුම්රියෙන් පාසල් ආ නිසාත්, ඊටත් වඩා අපි දෙන්නාම එකම පන්ති කාමරයේ දහයේ, එකොලහේ සහ දොළහේ ශ්‍රේණිවල ඉගෙනුම ලබා උසස් පෙළ ලියූ නිසාත්, මුල් කාලයේ එකම ටියුෂන් පන්තිවලට ගිය නිසාත් හොඳ හිතවතුන් වුණා.
කොටින්ම පසු කාලයේ මුණවීර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු ගෙන් පුද්ගලික ටියුෂන් ගන්නට පටන් ගත් කාලේ එය කුඩා කණ්ඩායම් පන්තියක් කරන්නට ඔහුගෙන් ආරාධනාව ලැබූ එක් අයෙක් වුණේ මායි.
http://kathandara.blogspot.com/2013/11/munaweeras-adventure.html

රනිල් වීරයෙක් වෙන්නේ සහ මහින්ද ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද - වික්‍රමබාහු කියයි! - Have you seen this YouTube Clip?
නිවාඩු චාරිකාවේ මේ ගෙවෙන්නේ දෙවෙනි සතියයි.
මේ කාලය තුල අප මුහුණ පෑ ප්‍රධානම අභියෝග දෙකකි.
එකක් නම් තුන් වේලම කඩෙන් කෑමයි. විවිධ විකල්ප කෙතෙක් තිබුණත්, මේ වැඩේ ලේසි එකක් නොවේ!
අනිත් අභියෝගය නම් පසුගිය සතියම සූට් කේස් එකකින් ජීවත්වීමයි.
අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මා ගේ ගමේ ගොස් සති දෙක තුනක් ගත කිරීම සිරිතක්ව පැවතිණි. මේ කාලයේ අපට ඇඳීමට අවශ්‍ය ඇඳුම් අම්මා ට්‍රැවලින් බෑගයක් පුරවා ගෙන ගියා මට මතකයි.
http://kathandara.blogspot.com/2013/11/have-you-seen-this-youtube-clip.html

කාගෙද පී. නෝනිස්? - What if P Nonis?
නෝනිස් නමැත්තෙක් කළ කතාවක් ගැන ඔපීනියන් රැසක් ෆේස් බුකියේ දකින්නට ලැබුණි.
මේ දිනවල නිවසින් බැහැරව ස්වයං නිවුස්වාරණයකට අසුව සිටින බැවින් ඒ කිසිවක් වටහා ගැනීමට උත්සාහ නොකළද, මේ නෝනිස් නම නිසා පරණ මතකයන් කීපයක් අවදිවිය.
මේ එයින් දෙකකි.
කලකට ඉහත නෝනිස් නමින් ටියුෂන් ව්‍යාපාරික ගුරුවරයෙක් වී ලු.
මෙහි දී මා "ලූ" යැයි කීවේ මේ නෝනිස් ඉගැන්වූයේ සත්ව විද්‍යාව නිසා මැත්ස්කාරයෙක් වූ මට මේ කතාව අහන්නට ලැබුණු එකක් පමණක් වෙන නිසාවෙනි.
http://kathandara.blogspot.com/2013/11/what-if-p-nonis.html

මෙන්න බුද්ධාගමට අපහාස කරන්න කදිම අවස්ථාවක් - When will they release the sex video?
ඊයේ මං ඊ-මේල් බලන කොට යාළුවෙකුගෙන් පණිවිඩයක් ඇවිත් තිබුණා.
මේක ආරාධනාවක්!
නිකම්ම නිකං එකක් නොවෙයි මේක වාදයකට ආරාධනාවක්!!
නිකම්ම නිකං වාදයකටත් නොවෙයි. මේක කවි වාදයකට ආරාධනාවක්!
මේ කවි වාදයට ආරාධනාව ගෙනාපු කවි දෙක කියවපුවාම නං මට හිතුනේ මේක බුද්ධාගමට අපහාස කරන්න හොඳම අවස්ථාවක් ය කියලයි.
http://kathandara.blogspot.com/2013/11/what-if-p-nonis.html
මේක ආරාධනාවක්!
නිකම්ම නිකං එකක් නොවෙයි මේක වාදයකට ආරාධනාවක්!!
නිකම්ම නිකං වාදයකටත් නොවෙයි. මේක කවි වාදයකට ආරාධනාවක්!
මේ කවි වාදයට ආරාධනාව ගෙනාපු කවි දෙක කියවපුවාම නං මට හිතුනේ මේක බුද්ධාගමට අපහාස කරන්න හොඳම අවස්ථාවක් ය කියලයි.
http://kathandara.blogspot.com/2013/11/what-if-p-nonis.html
ලව් සෝංග් එකක් ලියන හැටි - Lyrics writing for dummies
කතන්දරකාරයා ස්වීප් එකක් ඇදී මේ දිනවල ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ රටකජු-අයිස් චොක්ස් ඉන්ටිබල් එකක් දැන් ඇරඹී ඇති බව එදා මං කිව්වා.
මේ නිසා සුපුරුදු කතන්දර පසෙක දා මට හිතුණා අද දවසේ පලවෙන්න පොඩි පහේ සින්දු ලියන හැටි ගැන පාඩමක් සෙට් කරන්න.
මං මීට කලින් දවසක කියලා දුන්නා මතකද සින්දු ෆැක්ටරියක් ගැන පාඩමක්? අද පාඩම ඉගෙන ගන්න කලින් ඒ පාඩම පොඩ්ඩක් මතක් කරගෙන එන්න අමතක අය සහ එදා ඉස්කෝලේ ආපු නැති ළමයි.
http://kathandara.blogspot.com/2013/11/lyrics-writing-for-dummies.html

ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි - Stretching your dreams further
ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි කියලා ලියලා පටන් ගත්තට එහෙමමයි ම කියන්නත් බෑ තමයි ඉතිං.
මොකද ජොලිය කියන එක සාපේක්‍ෂ සංකල්පයක් නේ!
ඔබේ ජොලියේ ජොලිය ඔබටය.
මගේ ජොලියේ ජොලිය මටය.
මේකයි කතන්දරේ.
මේ දවස්වල මගේ එක ජොලියක් තමයි ලොතරැයියක් ගන්න එක. හැමදාම නොවෙයි, ජැක්පොට් එක එකසිය ගාණට වැඩි වැඩිවුණු දවසට තමයි මං ලොතරැයියක් ගන්නේ.
http://kathandara.blogspot.com/2013/11/stretching-your-dreams-further.html

වයිෆරේ එක්ක කේන්ති ගියාම හස්බන්ඩලා කරන හොර වැඩ - Things husbands do to please wives...
මේක කියවන බැඳපු පිරිමි අය අත උස්සන්න.
මං හිතන්නේ නෑ තමන්ගේ වයිෆරේ එක්ක පොඩ්ඩක් හරි තරහ නොගිය හස්බන්ඩෙක් හොයා ගන්න පුළුවන් කියලා මේ තුන් ලෝකේ.
අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න එක ඊට වඩා ලේසි ඇති.
කොහොමටත් අබ එච්චර සුලබ කුලු හරකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවෙයි නේ!
මං කියන්නේ කසාද ජීවිතේදී එහෙම පොඩි තරහක්වත් නොගියොත් ඒක තමයි අස්වාභාවිකත්වය කියන එකයි.
මට සමහර වෙලාවට, ඒ කියන්නේ සති දෙකක විතර කාලෙකට දුර ගමණක් යන්න වගේ සැරසෙන වෙලාවලට පොඩි ආතති තත්වයක් එනවා.
http://kathandara.blogspot.com/2013/11/blog-post_10.html

Friday, November 8, 2013
දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?
මුලින්ම කියන්නං, මේ මනමාල බය කියන කෑල්ල මගේ එකක් නෙමේ. මං මේක අහුලා ගත්තේ ලියනගේ අමරකීර්ති ලියපු "අටවක පුත්තු" නවකතාවෙන්.
දැන් ඔය ගෑල්ළමයෙක් ගැන කොල්ලෙක් ගේ හිතේ ආදරබර මියුරු කල්පනාවක් ඇතිවෙන්නේ හරියටම කොයි කාලෙද කියන එකට නීතියක් නෑ නේ.
මේක එක්කෝ ඒ ලෙවල්ස් කරන කාලේ එන්න පුළුවන්.
නැතිනං, ඊට කලින් ඕ ලෙවල් කරන කාලේ එන්න පුළුවන්.
නැත්තං, ඊටත් කලින් ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්න කාලේ එන්නත් පුළුවන්.
මොන්ටිසෝරියේ දී වෙන්නත් පුළුවන්.
http://kathandara.blogspot.com/2013/11/was-that-love-or-what.html

විස්ස විජ්ජාල මාතාව නමදිමු? මොන විකාරක් ද ඕයි ඒ? - Worshiping a university, WTF?
පසුගිය දිනක ෆේස් බුකියේ සැරිසරන මොහොතක මගේ මිතුරෙකු විසින් එහි බෙදා හදා ගෙන තිබූ යූ-ටියුබ් වීඩියෝවක් නරඹන්නට අවස්ථාව ලැබුණි.
මා සිව් වසරක් කාලය ගත කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිළිබඳව පබැඳී ගැයුනු ගිතයක් පසුබිමෙන් යොදා ඡායාරූප රැසක් එකට ඈඳා නිමවා තිබුණු ඒ වීඩියෝව නරඹද්දී මට මුලින් සතුටක් ද, ඊලඟට විමතියක් ද, ඊටත් පසුව සිනහවක් ද ඇතිවිය. අවසානයේ මා සිතේ රැඳුණේ කෝපයක් සහ සංවේගයකි.
මගේ සිත සතුටින් පිනා යන්නට හේතු වූයේ ඒ වීඩියෝවේ පෙළ ගස්වා තිබුණු පෙර කී ඡායාරූප එකතුවයි. විශ්ව ඬිද්‍යාල බිමේ නෙක රූ විසිතුරු සහිත ඒ දසුන් මා නෙත ගැටෙන විට සිත අතීතයට දිව යෑම වැලැක්විය නොහැක. පුරා සිව් වසරකුත් මාස දෙකක් මා පේරාදෙනියේ ගතකළ දිවිය සිහියට නැගී සිත සතුටෙන් පිරී යාම පුදුමයට කරුණක් නොවේ.
මගේ සිතේ විමතියක් ඇති වූයේ පසුබිමෙන් ගැයුණු ගීතයේ පද වැල ඇසෙත්දී ය.
http://kathandara.blogspot.com/2013/11/worshiping-university-wtf.html

Tuesday, November 5, 2013
මුලින් උතුම් සුපෙම් කුසුම් පස්සේ උලව් ලව් හෙවත් මල ඉලව් වූ විට - When the tide turns
ඔය ලව් කරනවාය කියන මැන්ටල් සංසිද්ධිය තියෙනවා නේද? ඕක බොහෝ වෙලාවට කොරන කොට හරීම චෝක්. හැබැයි, එහෙන් මෙහෙන් චොර වෙලා, දියාරුවෙලා ගිහින් ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා.
ලව් එක නැගලා යන කාලේ පෙනුණු සුන්දර මල් ගොමු පස්සේ නිකං බුර බුරා නගින් ගිණි ජාලා වගේ වෙනවා.
කලින් ඇසුණු සවන සනසන ඒ කොවුල් ගී නාදය පස්සේ නිකං මාලිගාවත්ත ලී මෝලේ සද්දේ වගේ වෙනවා.
මුළු ලෝකෙම කණපිට ගහනවා.
http://kathandara.blogspot.com/2013/11/when-tide-turns.html

Sunday, November 3, 2013
මට ම අයිති මගේ ම නොවන ඉඩම් කෑල්ලේ ඔහේලාට නම් ඉඩ නැත, හරිය? - How big is your patch?
ළමයි හම්බවෙන්න ඉන්න ඔන්න මෙන්න ඉන්න බඩදරු අම්මලා ගේ වෝටර් බ්‍රේක් වුණා ය කියලා කියනවා අහලා තියෙනවා නේද?
මව් කුසේ ඉන්න කාලේ අපි හැමෝම ඉන්නේ වතුර බෑග් එකක පාවෙමින් ලු. ඒ සීල් කරපු වතුර බෑග් එක හිල්වෙන්නේ උපත සිදුවෙන්න ටික වෙලාවකට පෙරයි.
අර මොකාද මන්දා කියපු විදියට කොහෙමටත් සත්වයාගේ උපත සිදුවුනේ වතුරේ ය කියනවා නේ.
එහෙම වතුරෙන් ඉපදුනා වුණාට, වතුරට වඩා මිනිස්සුන්ගේ ආසාව තියෙන්නේ පොළොවටයි. ඉඩකඩම්වලටයි.
මං හිතන්නේ සෝවාන් වෙච්ච කෙනෙකු මිසක් මේ ලෝකේ ඉඩම්වලට ආශාවක් නැති මනුස්සයෝ නැතුව ඇති.
http://kathandara.blogspot.com/2013/11/how-big-is-your-patch.html

Friday, November 1, 2013
මෙන්න මෙහෙමයි එදා මං අනාගතේ ප්ලෑන් කෙරුවේ හෙවත් කිරි ඉහිරී යයි! - When I become the General Manager
මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ.
ඔය අතරේ දෙතුන් පාරක්, එක පාරකට මාස කීපය ගානේ එළකිරිත් බීලා තියෙනවා මං. ඒ අල්ලපු ගෙවල්වල එළදෙන්නු හිටිය වකවානුවලයි. එක පාරක් ලඟපාත ගෙදරක එළු දෙනක් පැටවෙක් දාපු කාලේ එළු කිරිත් බීලා තියෙනවා වගේ මතකයි.
නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලායි.
අපි පොඩි කාලේ තිබුණු කිරිපිටි තේ වලට දාලා දිය කරන කොට කැට හැදෙනවා. කොච්චර හැඳි ගෑවත් ඒ සමහර කැට දියවෙන්නේ නෑ. ඒ කාලේ කිරි තේ හදලා ඉවර වෙලා පෙරන්නත් ඕනෑ මේ හින්දා.
මේ කිරිපිටි කැටි ගැගෙන එකට තිබුණු එක විසඳුමක් තමයි, තේ වතුරවලට කිරිපිටි දාන්නේ නැතුව කිරිපිරිවලට තේවතුර දාන එක.
http://kathandara.blogspot.com/2013/10/when-i-become-general-manager.html

Subscribe to:
Posts (Atom)