Monday, January 31, 2011

බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක

මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.

මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.

http://kathandara.blogspot.com/2011/01/writers-block.html

Wednesday, January 26, 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_26.html

Tuesday, January 25, 2011

තායි කෙල්ලෙක් දාගන්න - හොඳට තායි ඉගෙන ගන්න

කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි වැඩේට සෙට් වෙලා හිටිය තායිලන්තේ ජීවිතය ගැන කතන්දර කීපයක් ම කලින් ලියලා තියෙනවා. මෙන්න තවත් එකක්.

ඔය පස්තාච්චි ආයතනය තියෙන්නේ තායිලන්තේ වුණාට ඒකේ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර එන්න පුළුවනි තායි වචනයක්වත් ඉගෙන ගන්නේ නැතුව. හැබැයි ඉතිං, වචනයක් දෙකක් දැන ගත්තොත් වැඩ තරමක් ලේසි වෙනවා ආයතනයෙන් පිට සහ ආයතනය ඇතුලේ අනධ්‍යයන වැඩ කටයුතු සඳහා.

ඒ හින්දා අපි හුඟ දෙනෙක්, ගනං කරන්න, ආචාර කරන්න, චවන කීපයක් කියන්න ඉගෙන ගත්තා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_24.html

Saturday, January 22, 2011

රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හෙව්ව හැටි

මිනිහෙකු ගේ පඩියයි ගෑනියෙකු ගේ වයසයි අහන්න එපා කියලා උපදේශයක් තියෙනවා දන්නවා නේද?

මං ඕක හොඳට පිළිපදින කෙනෙක්. ඒ හින්දා මං පඩිය කීයද කියලා අහන්නේ ගෑනුන්ගෙන් විතරයි. වයස කීයද කියලා අහන්නේ පිරිමින්ගෙන් විතරයි.

අපේ රත්නායක මහත්තයා දන්නවානේ?

රත්නායක මහත්තයත් ගෑණුන්ගෙන් වයස අහන්නෙ නෑ, ඔය වෙන වෙන ප්‍රශ්ණ අහනව මිසක්.

http://kathandara.blogspot.com/2011/01/xxx.html

Friday, January 21, 2011

ලැට් මී සී දිස් චැක් - Lat me see da chack

ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.

වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.

ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.

මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.
http://kathandara.blogspot.com/2011/01/lat-mee-see-da-chack.html

Monday, January 17, 2011

ඇන්ටි ගේ TV එක සහ මගේ Remore Control එක

නමුත් ඇනෙක්සියේ ජීවිතේ පටන් ගත්තට පස්සේ මට ඇතිවුණු ප්‍රශ්ණේ තමයි ඇනෙක්සිය අයිතිකාර ඇන්ටි නොවරදවා ම සිංහල ප්‍රවෘත්ති නරඹන කෙනෙක් වීම. ඉතිං, අයි.ටී.එන්. එකේ ඔය වෙලාවට යන ප්‍රෝග්‍රෑම්ස් බලන්න විදියක් තිබුනේ නෑ ඇනෙක්සියට ආවට පස්සේ. කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා.

හැබැයි ඉතිං, දවසක් දෙකක් යනකොට මේ ප්‍රශ්ණය විසඳුණා.

READ:
http://kathandara.blogspot.com/2011/01/blog-post_16.html

Friday, January 14, 2011

ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං

අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.


මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ

ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ

මෙන්න බලන්න.

http://kathandara.blogspot.com/2011/01/blog-post_14.html

Thursday, January 13, 2011

කෙල්ලන් ට උපදෙස්

මේ විරිදු පෙල අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු එකක්.

ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න

හොඳමයි අම්මේ කියන්න

කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ

සිතට ගතිමි ඒ ඔවදන

බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය

ඒක සැබැයි සැබැයි සැබැයි

නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම

අපට මොටද රට කෝලං

හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න

එය සිංහල අපට කැතයි

බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ

පඬිවරයෙක් කියා තිබේ

සම්පූර්ණ විරිදු පෙල මෙතනින් කියවන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_12.html

Monday, January 10, 2011

මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!

තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.

එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.

ඒව තමයි මැනර්ස් කියන්නේ!

ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.

මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.

සම්පූර්ණ කතන්දරේම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post_10.html

Saturday, January 8, 2011

එච්චරයි!

පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.

මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.

ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, ......

කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ.

Read it in FULL:
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html

Friday, January 7, 2011

W3Lanka - ඇනෝනිමස් නැති ආතල් - ටැබූ - ඉන්ද්‍රනාම - ජෙප්පා - ශාස්තෲ

ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.

ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල.

ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා.

ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.

ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.

මුලු ලිපියම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/01/w3lanka.html

Wednesday, January 5, 2011

සුද්දා එනතුරු කට ඇරගෙන බලා සිටියෙමු!

මේ ලඟදිත් සාහිත්‍ය සම්මාන දිනපු සුමිත්‍රා රාහුබද්ද ඒ දවස්වල ලියල තිබුණ නවකතාවක් ඉටි පහන් කියල. මේ නවල් එකේ තිබුණෙ පියා නැති පොඩි ගැහැණු ළමයෙක් එක්ක ගමක ජීවත්වෙන අම්ම කෙනෙක් ගැනයි, ඒ ළමයා ලොකු වෙලා විශ්ව විද්‍යාලයට යන හැටි, එතෙනදි ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධවෙන හැටි සහ අවුරුදු ගානකට පස්සේ ඇගේ මරණය සිදුවෙන හැටි. කතාවෙ විදියට මේ දුව, කවුරුත් සුද්දි කියල හඳුන්නපු, ඉතා පැහැපත් ඡවි කළ්‍යාණයක් තිබුණු, ළමයෙක්.

මේ කතාවෙන් ටෙලිනාට්‍යයක් හදන්න ගත්තා අපේ සෝමරත්න අංකල්. පොර ඉස්සෙල්ලාම කලේ ඉටිපහන් කතාවට පෙර කතාවක්, ඒ කියන්නේ ප්‍රීකුවෙල් එකක්, ලිවීමයි. ඉතිං ඉස්සෙල්ලාම ඉටි පහන් කියලා අපි බලන්න ගත්තේ සුමිත්‍රා ගේ කතාව නෙමේ, සෝමා ලියපු පෙර කතාවයි.

මුලු කතන්දරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_04.html

Monday, January 3, 2011

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ඇනෙක්සිය

රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.

දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්

හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.

"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.

"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.

ඉතුරු ටික මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post.html

Friday, December 31, 2010

ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරි

ඉස්සර මං කල් මරපු වැඩපොලේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් ඇඳගෙන.

එදා ඉඳං සති දෙක තුනක් ඔන්න සුදු සාරි අඳිනවා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බහිනවා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරිවලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

Read in full:
http://kathandara.blogspot.com/2010/12/blog-post_31.html

Wednesday, December 29, 2010

මල් පොඩි වැඩියි ...!!!

කතන්දර හාමිනේ නං සාරි අඳින්නෙම නෑ හා සමානයි. අපේ වෙඩිම දවසෙයි, හෝම් කමින් එක දවසෙයි ඇන්දට පස්සේ ආයෙ සාරියක් ඇන්දේ මාස හයකට විතර පස්සේ යාළුවෙකු ගේ මගුල් ගෙදරක යන්නයි.

මං හා හා පුරා කියල එයාට තෑග්ගකට අරං දුන්නු සාරිය නං එයා කවදාවත් ඇන්දෙ නෑ!

මේ අපි බඳින්න ඉස්සර කාලේ. ඒ සාරිය ටික දවසකින්ම මාත් අඳුනන ඇන්ටි කෙනෙකුට තෑගි දුන්නා මං කඩෙන් ගන්න කොට දාල දුන්නු බ්‍රව්න් පේපර් බෑග් එකේ තියෙද්දීම.

මල් පොඩි වැඩියි කියන්නෙ!

Read the full story:
http://kathandara.blogspot.com/2010/12/blog-post_29.html

Tuesday, December 28, 2010

කටු කම්බි රෝල්

ඔන්න අපේ සීයයි, යාළුවෙකුයි ගිහින් තමන් ගේ වාරේ ආපුහාම සාත්තර කියන කුටිය ඇතුලට ගියා. බුලත් කොලේක තියල රුපියලකුත් ශත දහයක් තියන්න ඕනෑ පඬුරු විදියට.

ශත දහය දෙවියන්ට මගෙ හිතේ. නිකං 10% සම්තිං එකක් වගේ එකක්.

ඔන්න පඬුරු දුන්නු ගමං සාත්තරකාරය පරල වුණා.

"යුෂ්මතුන් මෙහි පැමිණ සිටින්නේ නැතිවූ යමක් පිළිබඳව අහන්නටයි."

Read it in full:
http://kathandara.blogspot.com/2010/12/blog-post_27.html

Sunday, December 26, 2010

දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!

අද මගෙ කතන්දරේත් දොස්තර ලෙඩ්ඩු සෙල්ලමක් ගැන.

ඔන්න එක දොස්තර කෙනෙක් හිටිය, පොර ළමයින් ගේ ලෙඩ ගැන ප්‍රසිද්ධ කෙනෙක්.

ඔන්න දවසක් පොරට තමන්ගේ ළමයව පෙන්නන්න තාත්ත කෙනෙක් ඇවිත්.

"අර - ඩොක්ටර් හේවා - ව හම්බ වෙන්න පුළුවන් ද අද?"

"ඩොක්ටර් හේවා, කවුද ඒ? එහෙම ඩොක්ටර් කෙනෙක් මෙහෙ නෑනේ?"

Read in full:
http://kathandara.blogspot.com/2010/12/dr-hewas-real-identity-revealed.html

Friday, December 24, 2010

මං දන්න කෙටිම කෙටි ලව් එෆෙයාර් එක

සමහරු ලව් කරන්නේ එක පාරයි. ඒ මුල්ම ලව් ප්‍රොජෙක්ට් එක ඉවරවෙන්නේ කසාද බැඳලා. පස්සෙන් පහු දරු මල්ලො ලැබිල, නාකි වෙලා, මිය පරලොව යනකං මහා දීර්ඝ කාලයක් ඒ වගේ ප්‍රේම සම්බන්ධ පවතිනවා වෙන්න පුළුවනි. ඒ වගේ දීර්ඝතම ලව් එෆෙයාර්ස් ගැන නම් ඉතිං ලෝකේ වාර්තා අපමණයි.

අද මං මේ කියන්න යන්නේ මං දන්න කෙටිම කෙටි ප්‍රේම සම්බන්ධය හෙවත් ලව් එෆෙයාර් එක ගැනයි. මේක තමයි තාමත් ලෝක වාර්තාව උසුලන්නේ, මං හිතන විදියට.

Read it in full:
http://kathandara.blogspot.com/2010/12/world-record-shortest-love-affair-set.html

Tuesday, December 21, 2010

මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?

අපි පොඩි කාලේ ඉඳලා ම අහලා තියෙන විදියට මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ, එහෙම නැත්තං ශිෂ්‍යයෝ විතරයි නේ.

දන්නවනේ, රබ්බඩ අයියා, පුවක් බඩිල්ලා, පොල් බෑ මූණා, කෝටු කිතයියා සහ ඉඳිකටු පැංචා කියන කෂ්ටිය. කාලෙකට කලින් කතාවක තවත් නමක් තිබුණා වගේ මතකයකත් තියෙනවා. නමුත් උන්නැහැහේ ගේ නම නං සිහියට එන්නේ නෑ.

මට ලඟදි ආරංචියක් ආවා ඔය මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ විතරයි කියන එක බොරුවක් ලු, මහදැණමුත්තාගේ ගෝල පිරිස අතරේ ශිෂ්‍යාවක් දෙන්නෙකුත් හිටියාලු කියලා.

http://kathandara.blogspot.com/2010/12/blog-post_21.html

Tuesday, November 30, 2010

ණයකාරයෙක් වෙන්න ගිය හැටි

අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.

මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.

මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.

http://kathandara.blogspot.com/2010/11/blog-post_30.html

Sunday, November 28, 2010

පොතක් ලියන එක පණ යන වැඩක්. පුතෙක් හදන එකත් ඒ වගේම තමයි!

සෝමරත්න දිසානායක ගේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයේ මීයෙකු ගේ චරිතයක් රඟපාමින්, මෙන්න මේ සින්දුව කියන්නේ සුමින්ද සිරිසේන නළුවා.

"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා"

පොත් ලියන්න මීයොත් හරි දක්‍ෂයෝ තමයි. උන්ට තරං ඉක්මණින් පොත් ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චි ල ට වත්, චන්දි කොඩිකාර ල ට වත් පුළුවන් කමක් නෑ මං හිතන විදියට.

Read in full:

http://kathandara.blogspot.com/2010/11/w3lanka.html

Friday, November 26, 2010

උන්මාද චිත්‍රසේන අඳුණා ගන්න ක්‍රම

මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?

1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.

2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.

3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.

4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.

5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.

6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.

Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_26.html

Monday, November 22, 2010

අපේ සීයගේ තවත් වික්‍රමයක් - හාමුදුරුවෝ සරෙන්ඩර්!

ඩ්‍රයිවර් කරලා තියෙන්නේ කිසිම තැනක මිනිස්සු ගන්නවත්, බස්සන්නවත් නවත්තන්නේ නැතුව කෙලින්ම ඉස්පිරිතාලෙටම බස් එක අරං යන එකයි.

බස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය ගරුතර ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ හින්ද ඉස්පිරිතාලෙට කලින් තියෙන ටවුමෙ පන්සල ලගින් බහින්න බැරිවුණා.

බඩ දරු අම්මව ඉස්පිරිතාලෙ ලඟින් බස්සල, ආපහු එන අතරතුරේ, තරමක් තද වෙලා හිටිය හාමුදුරුවෝ කියවන්න පටන් ගත්ත.

Read in full:

http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html

Friday, November 19, 2010

බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ

ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.

ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.

ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.

ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.

Read in full:
http://kathandara.blogspot.com/2010/11/blog-post_19.html

Thursday, November 18, 2010

ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්

අඳුණන ලෝයර්ස් ලා හෙම ඉන්නවද? බුදු අම්මෝ නේද?

මේ ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්.

ඔන්න මං හොඳට දන්න අඳුණන කියන, කොටින්ම එක කුසේ උපන් සහෝදරයෙක් කියල කියන්න පුළුවන්, පොර ළමයෙක් හිටිය. පොර කාලෙක ඉඳල මට නිව් ඉයර් කාඩ් එකක් එවනවා.

ඔහොම කාලයක් ගියාට පස්සේ මෑන් ඕපන් යුනිවසිටි එකේ ...............

කතන්දරේ කියවන්න

http://kathandara.blogspot.com/2010/11/blog-post_17.html

Monday, November 15, 2010

මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ

කළබල වෙන්න කාරියක් නෑ. මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ. මේක අපි හුඟදෙනෙක් පොඩි කාලේ, තුනේ පන්තියේදී විතර, අහල, දැකල, ලියල, බලල, ඉගෙන ගත්තු දෙයක්.

සමමිතිකත්වය ලස්සන බවේ මූලික පදනමනේ. අපි ලස්සනයි කියන හුඟ දෙනෙකුගේ මුහුණ හිතන්න බැරි තරමට සමමිතිකයි.

read in full:

http://kathandara.blogspot.com/2010/11/blog-post_15.html

Saturday, November 13, 2010

සුද්දියො එයිද මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?

ජාතින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කරන අරමුණෙන් නේ ඔය රුසියාවෙන් ලංකාව වගේ රටවල කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව.

ඉතිං අපේ පොරක් තමන් ගේ රුසියානු බිරින්දෑ, ශාෂා ත් එක්ක ලංකාවට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තා. දෙන්නම කොළඹ පැත්තේ රැකියාව කලේ.

Read in full:

http://kathandara.blogspot.com/2010/11/blog-post_13.html

Thursday, November 11, 2010

ඉංගිරිසි දැනුම අඩු නිසා, මෙන්න ස්කොල් එක

ඔය ටෝෆල් වගේම තවත් ඉංගිරිසි විභාගයක් තමයි අයී.ඊ.එල්.ටී.එස්. මේක ලංකාවේ පැවැත්තුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මට ඕක කරන්නත් වුණා. ඒත් ඒ, ටෝෆල් කරලා අවුරුදු හතර පහකට පස්සේ නිසා වැඩි කරදරයක් වෙන්න වුනේ නෑ.

ඔය කාලේ මං වැඩ කරපු තැනට ආවා එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ස්කොල් එකක්. මාස හයක ටෙක්නිකල් training එකක් කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන. මේක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි හැඬල් කලේ.

http://kathandara.blogspot.com/2010/11/blog-post_11.html

වී.කේ. විරාජ්

විරාජ් ගේ වැඩ හරිම ඉක්මං. එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නිකං හන්ඩ්රඩ් මීටර්ස් දුවන්න පුරුදු වෙනවා වගේ. ඒ අතිං හරිම කාර්‍යක්‍ෂමයි. කතාවේ වේගය ඊට එහා. තත්පරේකට වචන හැටක් විතර කතාකරන්න පුළුවන්. ඒක නං හැබැයි එච්චර කාර්‍යක්‍ෂමයි දෙයක් නෙමේ. මොකද පොර අපි එක්ක කතා කරන කොට, එකම දේ දෙතුන් පාරක් කියන්න වෙනවා. ඒ නිසා අන්තිමේදී සාමාන්‍ය වේගයෙන්ම තමයි අදහස් හුවමාරුව වෙන්නේ.

http://kathandara.blogspot.com/2010/11/blog-post_09.html