Monday, April 25, 2011

කටුබැද්ද කැම්පස් එකේ කුකුල්ලු දෙන්නා ගේ කතන්දරය

මේ සිද්ධිය දැන් කාලෙකට කලින් කටුබැද්දේ කැම්පස් එක ආශ්‍රිතව වෙච්ච එකක්. මට කිව්වේ ඒ පැත්තේ අවුරුදු හතරක් රස්තියාදු වෙලා තියෙන රත්නායක මහත්තයා.

1. මුලින්ම පරිසර වර්ණනාව. මේ විස්තර වෙන්නේ සුන්දර කටුබැද්ද ගම්මානයයි.

නෑසෙන ඇසෙන දුර මුහුදේ හෝ සද්ද
පිළියන්දල මොරටු පාරට අනුබද්ද
ටැක්නිකලය ගැන රට තුල පරසිද්ද
සිරිලක සොඳුරු ගම්මානෙකි කටුබැද්ද


මං රත්නායක මහත්තයා එක්ක වලියක් දා ගන්න ඕනැ වුණාම නං සාමාන්‍යයෙන් කියන්නේ කටුබැද්දේ මාළු ගඳයි, පේරාදෙනියේ මල් සුවඳයි කියලයි. අද මොකටද ඒවා නේද?

අනික ඔය ටැක්නිකල් කතාව කිව්වහමත් කට්ටන්ට මල පනිනවා!

මුල් කොටස සේරම මෙතනින්.

http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

Friday, April 22, 2011

වෙඩින් ප්‍රසන්ට් එකේ ප්‍රයිස් ටැග් එක - To remove or not to remove

කාලෙකට කලින් ඔන්න මට ආරාධනාවක් ලැබුණා මගුල් ගෙදරකට. මේක යාළුවෙකුගේ යාළුවෙකු ගේ වෙඩිමක්.

මගුල් ගෙවල්වලට නිකං යන සිරිතක් නෑනේ. ඉතිං මං කල්පනා කර කර හිටියා, මොකක්ද ගන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

ඔය අතරේ මට මගේ යාළුවාගෙන් දැන ගන්න ලැබුණා අළුත් ජෝඩුවේ ප්ලෑන් එක බැඳලා ටික කාලෙකින් ම පිටරට යන්නය කියලා මුලින් ඉගෙනීමට, පස්සේ අනිවා, ඩෙෆා පදිංචියටත් එක්ක.

පිටරට පදිංචි වෙන්න යන්න ඉන්න උන්ට, වීදුරු-පිඟන් බඩු, ඉලෙක්ට්‍රික් අයන්, බිත්ති ඔර්ලෝසු යනාදී සම්ප්‍රදානුකූල තෑගි ජාති දීලා වැඩක් නැහැ නොවැ.

එක දවසක් සින්දුවක් අහගෙන ආතල් එකේ ඉන්න වෙලාවක දී මට එක පාරටම තේරුණා මොකක්ද දෙන්න හොඳ ප්‍රසන්ට් එක කියලා.

http://kathandara.blogspot.com/2011/04/blog-post_22.html

Wednesday, April 20, 2011

කතන්දරකාරයා ගේ සමාජ සේවය - Blogging as a socila service

සතිෂ් මගේ හිතවතෙක්. පොර දවසක් මට කෝල් එකක් දාලා මෙහෙම කිව්වා.

"මචං, උඹේ කතන්දර බ්ලොග් එක මගේ ජීවිතේ බේරුවා බං!"

"ඒ ඇයි මොකද උනේ? උඹ මැරෙන්න ගියේ මක්වෙලාද?"

"නෑ මචං, තව පොඩ්ඩෙන් මැරෙන්නේ කම්මැලි කමේ. හොඳ වෙලාවට උඹ හින්දා ගොඩ ගියා!"

අහලා බැලින්නං මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

http://kathandara.blogspot.com/2011/04/blogging-as-social-service-for.html

Tuesday, April 19, 2011

සුගන්ධිකා ගේ XXX හොයපු චීන ක්‍රමය - A Chinese method to find XXX of females

චීන කැලැන්ඩරේ කියන්නේ අවුරුදු දොලහක නොනවතින චක්‍රයක්. හරියට අපි සූර්‍යයා වෘශ්චික, ධනු, මකර, කුම්භ වල රවුං ගහනවා වාගේ චීන කැලැන්ඩරේ අවුරුදු දොලහක සයිකල් එකක යනවා.

හැම අවුරුද්දම හැඳින්වෙන්නේ ඒ අවුරුද්ද අයිති සතෙකු ගේ නමින්. මේ සත්තු තමයි අශ්වයා, එළුවා, වඳුරා, කුකුළා, බල්ලා, ඌරා, මීයා, හරකා, කොටියා, හාවා, මකරා සහ සර්පයා.

හරකා (වෘෂභ) සහ මකරා විතරයි සමානකමකට තියෙන්නේ චීන රාශිවලයි අපි දන්නා රාශිවලයි.

උදාහරණයක් විදියට ගිය අවුරුද්ද (2010) චීන කැලැන්ඩරේට අනුව කොටියා ගේ අවුරුද්ද. මේ අවුරුද්ද (2011) අයිති හාවාටයි. ලබන අවූරුද්ද මකරා ගේ.

අවුරුදු දොලහේ චක්‍රය ගතවෙලා ආපහු ඒ සත්තුන් ගේ අවුරුද්ද උදාවෙනවා. හරියට හැම මාස දොලහකටම පාරක් රවි මේසෙන් අයින් වෙලා ගොනාට අඳිනවා වාගේ.

ඉතිං මේ චීන කඩේ චීන කැලැන්ඩර් විස්තරේ බල බල ඉන්න කොට අපේ සුගන්ධිකා අක්කා කියපි

http://kathandara.blogspot.com/2011/04/xxx-chinese-method-to-find-xxx-of.html

Saturday, April 16, 2011

මැද්දෙන් ඔබන කෑල්ලේ ඒකාකාරීත්වය - How dull can the middle bit be?

මේ සේරම මට මතක් වුනේ ලඟදී පොතක් දොරට වැඩීමේ උත්සවයකට සහභාගී වෙන්න ගිය වෙලෙයි.

පොත ලියලා තිබුනේ මගේ හිතවතෙක් හින්දා සතියේ දවසක හවස් වරුවේ තිබුනත් කලින් ඔෆිස් එකෙන් පැනලා ඔන්න පැයක් විතර පරක්කු වෙලා හෝල් එකට ගියා.

මට මිස් වෙලා තිබුනේ මුලින් තිබිල තියෙන රස්තියාදුවයි, චාරිත්‍රාණුකූල තෙල් පහන් දැල්වීමේ සීන් එකයි විතරයි. මුල්ම දේශකයා කතාවේ මැද හරියේ හිටියේ.

ඔන්න පොර ගේ කතාව ඉවර වුණු හැටියේ මයික් එක ගත්තා සභාව මෙහෙයවන බූවා.

"විචාරක කතාවල ඒකාකාරීත්වය මැකීමට දැන් අප ඉදිරිපත් කරන්නේ රසවත් ගීතයක්!" පොර කියපි. "කතා අසා විඩාබර ඔබ සැනසීමට මෙන්න මගේ ආරාධනය අහවලාට".

ඔන්න අහවලා ගේ සින්දුව ඉවර වුණාම දෙවන දේශකයා ගේ කතාව පටන් ගත්තා.

http://kathandara.blogspot.com/2011/04/blog-post_16.html

Tuesday, April 12, 2011

පුක යනු කුණුහරුපයක් ද - Is PUKA a four letter word?

පුක කියන වචනය සාමාන්‍යයෙන් එලිපිට කියන එකක් නං නෙමේ. පඩය කියන්නෙත් නැතුව අධෝ වාතය කියන අය, පුක වෙනුවට අධෝ භාගය, පශ්චාත් භාගය, පස්ස පැත්ත, කක්ක පැත්ත, කක්කි පැත්ත වගේ වචන පාවිච්චි කරනවා ඇති.

නමුත්, ඒ එක වචනයකවත් පුක කියන වචනයේ තියෙන සරල, සුගම බව නෑ. ඒ වචනවල තියෙන්නේ මහ කෘතිකම ගතියක්. පුක කියල කියන කොට වගේ ස්වාභාවික ගතියක් නෑ.

අනිත් කාරණය තමයි, පුක කියන තනි වචනය විතරක් නෙමේ, ඕනැ පුකක් වගේ යෙදුමක් වෙනුවට වුනත්, ඕනැ පශ්චාත් භාගයක් කියල කියන එක නම් කීයටවත් ගැලපෙන්නේ නෑ.

Read in full:

http://kathandara.blogspot.com/2011/04/is-puka-four-letter-word.html

Sunday, April 10, 2011

හොඳ පොරක් ගෙන් හොඳ බ්ලොග් එකක් : සිහි සටහන් - Chanuka Wattegama writes his memoirs (Sihi Satahan)

මං නිතරම කතන්දර වල සඳහන් කරන රත්නායක මහත්තයා පාසල් ගිහින් තියෙන්නේ දුෂ්කර පලාතක. පාසල්වල හරියට ගුරු සම්පත් නැති, ටියුෂන් පන්ති නැති පරිසරයක් වුනත් පොර ඉංජිනියරින් කරන්න ගිහින් තියෙන්නේ පලමු පාරමයි.

ඒ හපන්කමට තරමක් හෝ පිහිට වෙලා තියෙන්නේ "සතර" කියන අධ්‍යාපනික පත්තරේ කියලයි රත්නායක මහත්තයා මට කිව්වේ.

ඔය "සතර" වගේම, ඊට පස්සෙ කාලෙක ඉගෙන ගත්තු සිසු සිසුවියන්ට උදව් වෙච්ච පත්තරයක් තමයි "විදුසර පත්තරේ".

ඒ මුල් කාලේ "විදුසර" කියවපු අය හොඳට දන්න නමක් තමයි මං හිතන්නේ "චානුක වත්තේගම".

චානුක වත්තේගම කියන්නේ පොරක්. චා පොරක් නෙමේ හොඳ පොරක්.

http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html

Saturday, April 9, 2011

විලිලැජ්ජාව නැතුව හැදෙන දැං කාලේ අවලං කෙල්ලෝ - (මේ කතන්දරේ අහවලා ගැන නෙමේ)

එදා අපේ ඇන්ටිලා කෙල්ලෝ කාලේ මිනි ගවුම් ඇන්දා. අද අපේ ඇන්ටිලා අඳින්නේ පොළොව පිහදාන තරමට දිග සායවල්. අද කෙල්ලෝ නං අඳින්න කැමති ටයිට් ජීන්ස් බවයි පේන්නේ. ඒ ජෙනරේෂන් ගැප් එක උඩින් පේන හැටි.

ඊට වඩා දරුණු අදහස් සහ මත ගැටුම්. අද තරුණ පරම්පරාවේ වැරදිමයි පේන්නේ අද නාකි පරම්පරාවට. ඒක සදාකාලික සත්‍යයක් වගේ.

ජෙනරේෂන් ගැප් එක තිබුණට කමක් නෑ කියමු. ඒක වලක්වන්න බෑ වගේ නේ.

වයසට යනකොට ගෑණු මිනිස්සු ටිකක් විතර ග්‍රම්පි වුනාට කමක් නෑ කියමු. ඒකත් ඉතිං ස්වභාවයනේ.

හැබැයි තමන් ගේ තරුණ කාලේ ගැන අමතක කරන එක තමයි වරද!

අද කතන්දරේ මේකයි.

http://kathandara.blogspot.com/2011/04/blog-post_08.html

Thursday, April 7, 2011

හොම්බට අණින බණ...!!!

ඉස්සර මට මතකයි, අපි ආච්චිලා ගේ ගෙදර ඉන්න කාලේ ආච්චී රේඩියෝ එකෙන් බණ අහනවා සතියකට දෙතුන් පාරක් ම.

ඒ අහපු සේරම බණ එකම රටාවක ඒවා.

මීට අවුරුදු දහයකට කලින් විතර වගේ තමයි මං මුලින්ම ඒ රටාවෙන් වෙනස් වුණු, ජනප්‍රිය රටාවේ, ඒ කියන්නේ පොපියුලර් නැත්තම් පොප් බණක් ඇහැව්වේ.

අර පිටකොටුවේ විකුණන්න තියෙන වී.සී.ඩී. බණ, උඩින් ඒ.සී., යටින් ඒ.සී., ඩබල් ඒ.සී. කතන්දර කෑලි.

අද මං කියන්න යන්නේ ඒ සේරටම වැඩිය වෙනස්, අනේ අපොයි බණක් ගැණයි. මේ කතන්දරේ ලියන්න හේතුව වුනේ අපේ දුකා සගයා ලඟදි ලියපු බණ කතන්දරේ තමයි.

ඔන්න අපේ තාත්තා ගේ හත් දවසේ දානයට කලින් දා රාත්‍රියේ අපි චාරිත්‍රාණුකූලව සිදු කරන බණ දේශණාව යොදා ගත්තා. වැඩම කලේ සෑහෙන පළපුරුදු හාමුදුරු නමක්.

මුළු කතන්දරේ ම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/04/blog-post_06.html

Tuesday, April 5, 2011

මටාටා ටිටා - රා බොමු ද?

කිතුල් මල් කපල, මැදල, තෙලිජ්ජ අරගෙන රා පෙරනවා කියන්නේ හොඳට එලිමහනේ හැමෝටම පේන්න කරන්න සිද්ධ වෙන වැඩක් නේ. රා පෙරීම ගැන රටේ නීති තද කිරීම නිසා, හොර රහසේ කළ හැකි කෂියා නිෂ්පාදනය සහ කෂියා බීම මිනිස්සු අතර වැඩි වුණු බවයි පොදු පිළිගැනීම.

"සීනි කරිඤ්ඤං", "ගල් බමුණා", "අල හොඳි", "දෙංඤං මචං" වගේ අතීත කාල කෂියා වර්ග පරදවලා "කටු කම්බි" බජාර් එකට ඇවිල්ලා රජ කරන්න පටන් ගත්තේ, ඔය රා බිස්නස් බැස්සට පස්සෙලු.

ආයෙ කිතුලක් මදින්න ඉඩ දුන්න වුනත්, කෂියා ගහලා ඇඟ කුරෝලු කර ගත්තු උන් නම් කොච්චර කළත් ආපහු රා කට්ට ගහන්න සෙට් වෙයි ද කියන එක නං සැකයි.

මේ ලඟදි, අපේ රත්නායක මහත්තයා ගේ ගෙදරට ආපු කෂ්ටියකගෙන්, වයින් පොඩ්ඩක් බොමුද කියල ඇහැව්වහම, ඒ නෝන කිව්වලු, අනේ, වයින් නම් බිව්වට වැඩක් නෑ අනේ, කිසි ගතියක් නෑ! කියලා.

වයින් වලට වයින් නොවෙන කෂ්ටිය ගේ කැමැත්ත ජින් වලටයි මයෙ හිතේ!

මුළු කතනදරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2011/04/blog-post.html

Sunday, April 3, 2011

නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි අනේ - Kandy side Avocado very very cheap, anae...!!!

පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.

හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.

ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.

සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.

ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.

කතන්දරේ සේරම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/04/kandy-side-avocado-very-very-cheap-anae.html

Friday, April 1, 2011

අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා

මේ අයියයි මල්ලියි දෙන්නා අහසට පොළොව වගේ දෙන්නෙක්.

අයිය උසස් පෙලට කෙරුවේ බයෝ. ඒ පින් බලෙන් පේරාදෙනියේ ගිහින් පස්සේ ඇත්ගොව්වෙක් වුණා.
මල්ලී උසස් පෙලට කෙරුවේ මැත්ස්. ඒ පව පටිසන් දීලා මොරටුවේ ගිහින් මේ කියන කාලේ වෙනකොට යකඩ තලන කම්මලකයි කල් මැරුවේ.

අයියා හිටියේ කොළඹට සෑහෙන්න දුරින්.
මල්ලී හිටියේ කොළඹට සෑහෙන්න නුදුරින්.

අයියා මේ වෙන කොට බැඳලා නෑ.
මල්ලී මේ වෙන කොට බැඳලා.

අයියා ගමේ යන්නේ මාසෙකට පාරයි.
මල්ලී හැම සතියේම ගමේ යනවා.

අයියා හොඳ අහිංසක පොර.

ඔන්න දවසක් මල්ලී වැඩ කර කර ඉන්න අතරේ කෝල් එකක් ආවා. ෆැක්ටරියේ ඉස්සරහ සෙකුරිටි ඔෆිස් එකෙන්.

මල්ලිව හම්බ වෙන්න අමුත්තෙක් ඇවිත්.

http://kathandara.blogspot.com/2011/03/blog-post_31.html

Wednesday, March 30, 2011

බැඳපු එවුන් ගේ මල් කැඩිලි

මේ කතාව බැඳපු එවුන් ගේ මල් කැඩිලි පිළිබඳවයි. පොඩි එවුන් බැලුවාට ප්‍රශ්ණයක් නෑ කියල කිව්වේ, බලන්න එපා කිව්වත් බලනවා, මොකුත් නොකියා හිටියත් බලනවා, කිසි වෙනසක් නැති නිසයි.

මං අර කොල්ලන් ට පමණයි - කෙල්ලන්ට බැලීම තහනම් කියලා දාපු කතන්දරෙත් කෙල්ලෝ බැලුවා.

ඒ වගේම, ගෙදර අවුලක් - කාන්තා පක්‍ෂය මේක බලන්න එපා !කියල දාපු කතන්දරේ කාන්තාවෝ නොබලා හිටියේ නෑ.

අනික කොහොමටත් අද පොඩි එවුන් පවා පස්සෙ දවසක ලොකු බැඳපු එවුන් වෙන්න නියමිතයි නේ. ඒ නැති වුණත්, මේ කතාවේ කිසිම ඇඩල්ට්ස් ඔන්ලි දෙයක් නෑ.

මෙන්න කතන්දරේ:

http://kathandara.blogspot.com/2011/03/blog-post_29.html

Sunday, March 27, 2011

මෙලෝ රහක් නැති වාර්තාවක් - සමාවෙන්න - Keeping Kathandara Blog in Check

ඉරිද කියන්නේ මෙලෝ සතෙක් බ්ලොග් බලන්නේ නැති දවසක් කියලයි "මගේ ලෝකයේ" අයිතිකාර "රංග" කියන්නේ.

වෙන ඉරිදා දවස් වගේ නෙමේ නේ අද ඉරිදා. ඊයේ රෑ මැච් එක බල බල ඉඳලා තාමත් නිදිමතයි. මේ දවස්වල දවසක් ඇර දවසක් හරියටම උදේ හයට දාන කතන්දරේ අද ඉරිදා සෙට් කරන එකත් ඒ හින්දා මග හැරුණා.

කොහොමටත් අද තියෙන්නේ අළුත් ම කතන්දරයක් නෙමේ, ටිකක් පරණ එකක්. හැබැයි හුඟ දෙනෙකුට මේක මග ඇරිලා ඇති නිසායි ආපහු දාන්නේ.

මේ කතන්දරය ගෙතෙන්නේ, මගේ වැරදි හොයන්න බාර ගත්තු කීප දෙනෙක් (හෝ එක් කෙනෙක්) දාපු ප්‍රශ්ණයක් නිසයි.

මං දවස් කීපයකට කලින් පල කරපු "ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ" කතාවට ඊට දවස් තුනකට පස්සේ කමෙන්ටුවක් දාපු "WhoAmI" කියවන්නිය මෙන්න මෙහෙම කියනවා.

==========මෙලෝ රහක් නැති ඒ වාර්තාව මෙතනින් කියවන්න=====================

http://kathandara.blogspot.com/2011/03/keeping-kathandara-blog-in-check.html

Friday, March 25, 2011

කම්මලේ අළුත් කොල්ලා ගේ වැඩ කිඩ!

අළුත් ඉංජිනේරු මහත්තයා වැඩට ගන්න කලින් මෙතන ලීඩ් කරං ඉඳලා තියෙන්නේ පරණ ෆෝමන් කෙනෙක්. පොර මේ මැෂින් ගොඩේම අවුරුදු විසිපහකටත් වඩා කට්ට කාපු ගොබිලෙක්.

අළුතෙන් ආපු කොල්ලා, මේ ෆෝමන්කාරයා ට අල්ලලා නෑ. හේරත් මොනවා කිව්වත් ෆෝමන්කාරයා ඌට ඕනැ විදියට තමයි වැඩේ ගෙනියන්නේ. අනිත් වැඩකරන පොරවලු ඉතිං ෆෝමන් ට තමයි වැඩි සෙනේ.

ඒ අතර, මැෂින් ෂොප් එකේ අයිතිකාරයා බර බරේ දානවා, වැඩ කෙරෙන පිළිවෙල, ජොබ් හැන්ඩල් කරන හැටි දියුණු කරන්න කියලා.

හේරත් හොඳ මීටර්කාරයා නේ!

කතන්දරේ සේරම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/03/blog-post_25.html

මල්ලී ඔයා කොහෙද ස්ටඩි කලේ?

ඔන්න මේ ලඟදී පාසල් අධ්‍යාපනය හමාර කරපු අවුරුදු විස්සක විතර කොල්ලෙක් අපිට හමුවුණා. අපේ එකෙක් උගෙන් ඇහැව්වා ඔය ප්‍රශ්ණේ.

අපේ එකා: මල්ලී ඔයා කොහෙද ස්ටඩි කලේ?
කොල්ලා: ස්ටඩි කළා කියල නං කියන්න බෑ අයියේ. මං ගියේ නං XX කොලේජ් එකටයි.

කතන්දරේ සේරම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/03/blog-post_23.html

Monday, March 21, 2011

ගෑනි ගේ කඩේ ද? රාජා ගේ කඩේ ද?

ඒ පලාතේ පදිංචියට ගිය මුල් දවස්වල අපි ගියේ රාජා ගේ කඩේට නෙමේ, අනිත් එකටයි. ඒ කඩේ කලේ තරුණ සුන්දර කාන්තාවක්. බඩු අරං සල්ලි දෙන ගමන් "තෑන්ක් යූ!" කියලත් කියනවා.

හැබැයි එකම ප්‍රශ්ණේ තිබුනේ, මේක අර එලියේ ඉඳලා පොඩි කොටුවක් අස්සෙන් බඩු ගන්න ජාතියේ කඩයක්. අපිට බඩු පේන්නේ අඳුරු කඩේ අස්සේ රාක්කවල තියෙනවා විතරයි.

බෝඩ් එකක් තිබුනේ නැති නිසා, මං මේ කඩේට නම දැම්මා "ගෑනි ගේ කඩේ" කියලා.

මේ පොඩි කොටුව ඇතුලෙන් ගණුදෙනු සේරම වෙන නිසා ද කොහෙද මෙතන පොඩි පෝලිමක් වගේත් හැදෙනවා. හැබැයි, අයිතිකාරයාට ඕනෑ අනු පිලිවෙලටයි බඩු දෙන්නේ කවුරු මුලින් ආවත්. දවසෙන් දෙකෙන් කවුරු මට ඉස්සරහ හිටියත් මට මුල් තැන ලැබුණා.

ඒ කියන්නේ කවුරු එතන හිටියත්, මං ගියාම "ආ ඔයාට මොනවද ඕනෑ" කියලා මේ මනුස්සයා බඩු විකුණනවා. වැඩේ ලේසි වුනාට හැබැයි ඉතිං ඒකේ මට පොඩි පහේ අප්සෙට් එකක් දැනුණා. නිකං ලැජ්ජයි, ලැජ්ජයි වගේ ගතියක්.

http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html

Saturday, March 19, 2011

අයියගෙයි මල්ලිගෙයි වාසගම් වෙනස්...???

අනාදිමත් කාලෙකට කලින් ආනන්ද විද්‍යාලයේ ක්‍රිකට් ටීම් එකේ ඉඳලා තියෙනවා "සරත් ප්‍රනාන්දු" කියලා කොල්ලෙක්.

පොර ගේ මල්ලී ගිහින් තියෙන්නේ XXXX විද්‍යාලය ට යි. ක්‍රිකට් ගැහැව්වා විතරක් නෙමේ, මල්ලී ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ කැප්ටන් වෙලාත් හිටියා.

මේ මල්ලී ගේ නම මොකක්ද?

මේ කතන්දරේ බලන්න.
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

Thursday, March 17, 2011

මැවිසුරු ඊලියන් ද සිල්වා සැදූ සිප්යුරු වචන සැට් එකෙන් කොටසක්

මං මීට කලින් දාපු ගෑනු බොස් හෙවත් බොසී කතාවේ මැවිසුරුවා කියන වචනය යොදාගත්තා ඉංජිනේරුවා (engineer) කියන තේරුම දෙන්න.

මේ වචනය හදලා තියෙන්නේ ඊලියන් ද සිල්වා. පොරත් මැවිසුරුවෙක්. අර "පිස්සු පුසා" වගේ ටෙලිවිෂන් ෂෝ සිංහලෙන් හදපු, "හඳයා" විත්‍රපටිය හදපු, ටයිටස් තොටවත්ත ගේ සහෝදරයා.

දැන් මෙන්න ඊලියන් ද සිල්වා හදපු අපි එදිනෙදා පාවිච්චි කරන වචන සැට් එකක් ඒවායේ ඉංගිරිසි වචනත් එක්ක.

http://kathandara.blogspot.com/2011/03/blog-post_17.html

Tuesday, March 15, 2011

ගෑනු බොස් ලා හෙවත් බොසී ලා - Who wants to work under a lady boss?

සාමාන්‍ය ජීවිතයේ අපිව කවුරුත් බොස් කරනවාට අපි අකමැති වුණත්, වෘත්තීමය වශයෙන් ඒකෙන් ගැලවෙන්න බෑ.

කාන්තාවන් ට සම තැන ලැබීම ගැන ලංකාව ඉතිං අති ප්‍රසිද්ධයි නේ. ඒ හින්දා අපි වැඩ කරන බොහෝ තැන්වල ගෑනු බොස් ලා හෙවත් බොසී ලා ඉන්නවා.

බොසී ලා ගැන කියන කොට මට මතක්වෙන ප්‍රශ්ණයක් තමයි කාන්තාවකට වඩා හොඳ කාන්තා බොස් කෙනෙක් ද, නැත්තං පිරිමි බොස් කෙනෙක්ද? කියන එක.

ඒ ප්‍රශ්ණයට උත්තර හොයන්න කලින් මෙන්න මේ කතන්දරේ කියවල ඉන්නකෝ.

http://kathandara.blogspot.com/2011/03/who-wants-to-work-under-lady-boss.html

Sunday, March 13, 2011

කතන්දර බ්ලොග් එක හැක් කරන්න යනවාලු - බුදු අම්මෝ, මාව බේරා ගනියෝ!

මගේ කතන්දර බ්ලොග් එක හැක් කරන බව කියා කවුදෝ පින්වතෙක් පණිවිඩයක් එවා තිබේ.

නිකං ආවට ගියාට නෙමේ, බියොන්ඩ් ද ෆ්‍රේම් බ්ලොග් එක හැක් කර ඒ හරහා ය.

මම බියෙන් ඇලලී සිටිමි. හදවත ඩුග්, ඩුග් ගා ගැසේ. තවත් මොකක්ද මන්දා බරක් ද දැනේ.

මේ අය මට වෛර කරන බව පෙනේ. මට පරුෂ වචනයෙන් ද අමතා ඇත. හේතුව පැහැදිලි නැත.

මට කීමට ඇත්තේ පහත දැක්වෙන ධම්මපදයේ ගාථා තුන පමණි.

http://kathandara.blogspot.com/2011/03/hack-me-if-you-can.html

Friday, March 11, 2011

දුටුගැමුණු ගෙ පුතා සාලිය ගේ ලව් එක ඉලව් නොවුණි!

දැන් ඔන්න අපි අහල තියෙන කතන්දරවල විදියට දුටුගැමුණු ගෙ පුතා තමයි සාලිය. පොර දවසක් තමන්ගෙ වැයික්කියෙ ටුවර් එකක් යද්දි අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් පරම්පරාවේ අංශය දැක්ක.

ඒ දැක්ක විතරයි කෙලින් ම - හෙඩ් ඕවර් හීල්ස් - පොර අර කෙල්ලට දැපනෙ වැටුන. ලව් ඔන් ෆර්ස්ට් සයිට් කියන මහා බලසම්පන්න රසායන විද්‍යා සංසිද්ධිය දන්නවනෙ? ඒකයි එතනත් වුනේ අනිවාර්යයෙන් ම.

දෙන්න සොමියෙ ලව් කරන්න ඇති අශෝක මල් වනය මැද්දේ. මොකද ඒ දවස්වල පොලිසියෙන් එනවයැ කපල්ස් අල්ලන්න. ආවත් ඉතිං, රජා ගේ පුතා දැක්කම සැලියුට් එකක් ගහල යන්න යයි.

සාලිය ගේ තාත්ත ට මේ ලව් අෆෙයාර් එක ආරංචි වුනා ට පස්සෙ තමයි වැඩේ චා වුනේ.

http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

Wednesday, March 9, 2011

මගේ එකවුන්ට් එක හැක් කරපු හැටි!

මේ දවස්වල සිංහල බ්ලොග් අවකාශයේ හරි හරි වැඩ තමයි වෙන්නේ. වෙලාවකට සසර කලකිරෙන තරමට ම දරුණුයි.

ඉස්සෙල්ලාම, මොහොමඩ් කියලා ලියවී ගෙන ගිය බ්ලොග් එකේ අන්තර්ගතය වෙනස් වුණා -දැඩි තර්ජනයක් කෙරෙන වාක්‍ය කීපයකට. මොහොමඩ් ගේ ලිපි වලට විරුද්ධ අය විසින් ඒ බ්ලොග් එක හැක් කරලා, විකෘති කරපු විදියකුයි පේන්න තිබුනේ. සමහරු හරිම සතුටු වුනා ඒක දැකලා.

පිස්සා ගේ පලාමල්ලේ මේ ගැන ලිපියක් පලවුණා -ෆස්ට් දේ කේම් කවියේ අදහස වගේ අදහසක් තමයි ඒකේ තිබුනේ. ඊ ලඟට වුනේ පිස්සා ගේ පලාමල්ලටත් පෙර කී සන්තෑසියම ලැබීමයි.

පිස්සා ආපසු ආවත් -දවස් දෙකක් යනකොට ආයේ බ්ලොග් එක හැක් වුණා. ඊ ලඟට වුනේ, ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එකත් හැක් වීමයි.

Tuesday, March 8, 2011

කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය

ඔන්න එකමත් එක කාලෙක, එකමත් එක රටක, කැම්පස් එකක් තිබුනේය. ඒ කැම්පස් එකේ කොම්පියුර් සැන්ටරයක් තිබුනේය. ඒ කොම්පියුර් සැන්ටර් එකේ කොම්පියුටර් තිබුනේය.

සාමාන්‍යයෙන් විද්‍යා පීඨවල අනාදිමත් කාලෙක ඉඳලා ඔය කොම්පියුටින් කියන විෂයය උගන්නනවා. ඒ මැත සබ්ජෙක්ට්ස් එකක කෑල්ලක් හැටියටයි.

http://kathandara.blogspot.com/2011/03/blog-post_07.html

Saturday, March 5, 2011

කතන්දරකාරයා නාඩි වාක්‍යම් සාස්තරේ අහපු හැටි

දැන් අවුරුදු කීපයකට කලින් මට පොඩි චාන්ස් එකක් ලැබුණා, නාඩි වාක්‍යම් කියන සාස්තරය අහන්න යන්න.

වැඩේ සෙට් වුනේ මෙහෙමයි.

මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක්. මිනිහට චන්ද්‍රගුප්ත කියලා මං ඒ නම දැම්මේ මිනිහා, ටිකක් නෙමේ හොඳටෝම, ඔය ගුප්ත විජ්ජා වැඩවලට කැමති හින්දයි.

කොටින් ම පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කාරයා බබෙක් ගැනත් පිස්සු වැටිලා හිටියා. බබා ගේ නම හායි ද කොහෙද? ඒ දවස්වල කටේ නිතරම තිබුනේ ඔය "හායි බබා" ගැනයි.

ඉතිං "හායි බබා" හම්බ වෙන්න ඉස්සර කාලේ පොර අපට නිතරම වගේ රස කර කර කියනවා ඔය නාඩි වාක්‍යම් අනාවැකි ගැන කතන්දර.

http://kathandara.blogspot.com/2011/03/blog-post.html

Thursday, March 3, 2011

කවියක් ගැන කතාවක්...!!!

වසවර්තියෙකු වුව ජනපති වෙනු පිණිස
ඡන්දය ඉල්ලනා විට බෝසත්ය යස
බෝසත් කෙනෙකු වුව ජනපති වූ විගස
වසවර්තියා වැඩි හොඳ බව නැත කුකුස

ඡන්දෙට කලින් මැති දුටු සඳ කුමක් වැනී
කලකින් නුදුටු හිත මිතුරෙක් දැක්ක වැනී
ඡන්දෙන් පසුව මැති දුටු සඳ කුමක් වැනී
අළුගෝසුවා රෑ මැද හමුවුනා වැනී

සේරම කියවන්න මෙතනින්:

http://kathandara.blogspot.com/2011/03/kathandara-kaaraya-learns-lesson-again.html

Sunday, February 27, 2011

කතන්දර සීයක ලයිස්තුවක්

මේ සිද්ධියේ මට තියෙන වැදගත් කම තමයි, මේ බ්ලොග් පෝස්ට් දෙකෙන් ම මට පොඩි තෑන්ක් යූ පාරක් ගානේ දාලා තිබීම.

ඉතිං, මේ පෝස්ට් දෙක කියවලා මට පොඩි පහේ අවංක ජොලියක් ආවා ය කිව්වොත් නිවරදියි.

ඒ සතුට වෙනුවෙනුත්, අභීතත්, පූසෙන් තුන් දෙනාත් එක්ක ඒ සතුට බෙදා ගන්නත් එක්ක මට හිතුණා පොඩි අමුතු වැඩක් කරන්න.

ඒක තමයි, මං ඉස්සරහට කතන්දර බ්ලොග් එකේ දාන්න හිතා ගෙන ඉන්න කතන්දර සීයක ලයිස්තුවක් පල කරන්න. මේක තමයි වෙන්ට කතන්දර සීය කියන්නේ. මතකනේ මං මේ ගැන කිව්වා මට රයිටර්ස් බ්ලොක් එක හැදුණු වෙලාවේ.

ඉතිං, මෙන්න ඒ වෙන්ට කතන්දර සීයේ ලයිස්තුව.

http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

Friday, February 25, 2011

කතන්දරහාමිනේ ට මෙව්ව එකක් ....

කවුද බලලා තියෙන්නේ "ගෝස්ට්" කියන මූවී එක? මේ මං කියන්නේ අර පැට්‍රික් ස්වාසී, ඩෙමී මෝ, වූෆී ගෝල්ඩ්බර්ග් රඟපාන චිත්‍රපටිය ගැනයි.

මේ මුවි එකේ කතාව මෙහෙමයි. ජොඩුවක් බැඳපු අළුත, මිනිහා රොබරියකට අහුවෙලා මැරෙනවා. හැබැයි ඇත්තටම මේක සෙට් කරපු එකක්. දෙන්නා ගේ ම යාළුවෙක් මේක සෙට් කරලා තියෙන්නේ මිනිහාව මරලා ගෑනිව අයිති කරගන්නයි.

මැරිච්ච මිනිහා ගෝස්ට් කෙනෙක් විදියට ඇවිල්ලා ඇත්ත එලි කරලා, තමන් ගේ හිටපු ගෑනිව, මේ කරදරෙන් බේරා ගන්න හදනවා.

හැබැයි මේ කතන්දරේ, මේ මං කියා ගෙන යනවට වැඩිය හරිම දුක හිතෙන කතාවක්.

http://kathandara.blogspot.com/2011/02/blog-post_25.html

Wednesday, February 23, 2011

කාලෝ ෆොන්සේකා බලකායේ අයට දෙන පඩියම සරොම් අස්සේ ජොකා බලකායට???

දැන් ඔය කොට ගවුම් තහනම් කරන්න යනවාය, ගවුම් වල දිග තීරණය කරන්න කාලෝ ෆොන්සේකා ලොක්කට බාර දීලාය කියල පහුගිය දවස්වල ලොකු හා හෝවක් ගියා මතකද?

ආණ්ඩුවෙන් දාන්න යනවාය කියූ ඒ අවනීතිය ගැන බැනලා නොයෙකුත් ලිපි පවා ලියවුණා. තමන්ට ඕනෑ කොට ගවුමක් ඇඳීමේ කාන්තා පක්‍ෂයේ අයිතිය ගැන පිරිමි පක්‍ෂයේ පුදුම සපෝට් එකක් තිබුනේ.

පුදුමේ කියන්නේ ඒ එක්කම දානවාය කියපු තවත් සංස්කෘතික පොලිස් නීතියක් ගැන වැඩි කතා බහක් ඇති වුනේ නෑ. මේක හැබැයි අපේ පිරිමින් ට බලපාන නීතියක්.

යට ඇඳුම් නැතුව සරොම් ඇඳීම තහනම්!

http://kathandara.blogspot.com/2011/02/blog-post_23.html

Monday, February 21, 2011

ඇයි ගෑනු කියන්නේ බබ්බු ද?

අක්‍ෂි කුනීත දන් දීම විතරක් නෙමෙයි පොදු වශයෙන් පින ට දීම අතින් ලංකාව ලෝකයේ ඉදිරියෙන් ඉන්න බව අපි කවුරුත් අහල තියෙනවා නේ. ඒ එක්කම අපි අහල තියෙන දේවල් තමයි, දූෂණය, පුවත්පත් නිදහස නැතිකම, පුවත්පත් කලාවේදීන් මරා දැමීම, මාධ්‍ය ආයතන ගිනි තැබීම සහ සිය දිවි නසා ගැනීම් අතිනුත් කාලාන්තරයක ඉඳන් තවමත් ලංකාව ඉදිරියේ ම ඉන්න බව.

ඒක පුද්ගල අරක්කු සහ කෂියා පරිබෝජනය අතිනුත් අපිට වෙන්න ඕනැ කප් එක!

දැන් ඕවයෙ සංසන්දනාත්මක සංඛ්‍යා ලේඛන ගැන මගෙන් ප්‍රශ්ණ අහන්න එන්න එපා. මොකද මං මේ ලියන්න යන්නේ ඒව ගැන නෙමෙයි.

http://kathandara.blogspot.com/2011/02/blog-post_21.html