Sunday, April 1, 2012

ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!

ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?

ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.

ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ඇහැ ගැටුණු එක ප්‍රවෘත්තියක් නිසා ඒ මගේ බයට යම්කිසි පදනමක් තියෙනවාය කියලයි දැන් මට හිතෙන්නේ.

අද කතන්දර දැනුම් සාගරේ සීරීස් එක යටතේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට මේ ලියන්න යන්නේ ඒ නිවුස් අයිටම් එකේ විස්තරයයි.

http://kathandara.blogspot.com.au/2012/03/exercise-orgasm-for-women.html

Saturday, March 31, 2012

විජේකොන් නාන්න යයි - Wijekoon goes for a bath

විජේකෝන් කියන්නේ කාලයක් මාත් එකක්ක එක හැලියේ බත් කාපු පොරක්. හොඳ හාදයා. අහිංසකයි. වලියට බර නෑ.

මට වඩා අවුරුදු පහක් හයක් විතරවත් සීනියර් මගේ මතකය අනුව. සීනියර් මැවිසුරුවෙක් වුණාට අපි සමසමාජයේ තමයි කල් ගත කලේ. සීනියොරිටි ඕනෑ නෑනේ එක චමරියේ ඉන්න කොට.

විජේකෝන් චමරියේ බාත්රූම් එකට නාන්න යනකොට තමයි බලං ඉන්න ලස්සන.

බාත්රූම් කියන කොට මතක් වුනේ අපි පොඩි කාලේ නං ඔය බාත්රූම් තිබුණේ නෑ අපේ ගෙවල්වල. වෙල අයිනේ ලිඳට ගිහින් තමයි නෑවේ. ගෙදර ලිඳ හරිඟ ගැඹුරුයි. ඒ හින්දා ඒකෙන් වතුර ගත්තේ උයන්න, මූණ හෝදන්න, රෙදි හෝදන්න සහ වැසිකිලි වැඩවලට විතරයි. කක්කි කොල තිබුණෙත් නෑනේ.

http://kathandara.blogspot.com.au/2012/03/wijekoon-goes-for-bath.html

Thursday, March 29, 2012

සාමා කෙල්ල ගේ ඇස් පෑදූ අම්මා - Raising kids the correct way

අපේ සමහරු ඉන්නවා, සියලු දේම පරිපූර්ණව, ක්‍රමානුකූලව, හැලහැප්පීම්වලින් තොරව, සිද්ධවෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න.

හීනෙන් නෙමේ ඇත්තටම, හැබැහින්!

පොඩි පොඩි දේවල් රෝං සයිඩ් ගියාම එක්කෝ මේ ගොල්ලන්ට ඒවා පේන්නේ නෑ, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. සිලෙක්ටිව් බ්ලයින්ඩ්නස් එකක් හෙවත් තෝරාගත් අන්ධභාවයකින් යුතුව.

හැබැයි ඔහොම ඉඳලා, ඉඳලා තමන්ට වඩාත් දැනෙන දෙයක් වැරදිලා ගියාම හොඳ සිහිය සැපත් වෙලා ලෝකේ පෙරළන්න එන තරමට කලබල වෙනවා.

මං මේ කියන්න යන කතන්දරය නම් ඒ තරම්ම භයානක දෙයක් ගැන නෙමේ. පොඩි චූට්ටං එකක්.

සාමා කෙල්ල කියන්නේ අපේ කාලේ කැම්පස් එකේ හිටිය යුවතියක්. මගේ හොඳ යාළුවෙක්.

http://kathandara.blogspot.com.au/2012/03/raising-kids-correct-way.html

Tuesday, March 27, 2012

ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority complex?

මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී හිටපු හොරණ පැත්තේ කඩෙන් සුදු කමිසයක් ගන්න ගිහින් අන්තිමට ජොක්කු සයිස් එක තෝරන්න වෙච්ච කතන්දරේ නං ඉතිං කතන්දර බ්ලොග් එක කියවන බහුතරයක් දෙනා කියෝලා තියෙනවානේ මේ වෙනකොට.

ඒකේ දාලා තියෙන ඔසී පිලේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ගේ ෆොටෝ එකට ගෑල්ළමයි සමහරු බයයි වගේ.

අද කියන්න යන්නේත් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බක් ගැන කතන්දරයක්.

මේ පාර සිද්ධිය වුනේ පිළියන්දල කඩේකදී. සාප්පුවේ නම නං හරියටම මතක නෑ. ටවුමේ කැස්බෑව පැත්තට වෙන්න කොළඹ යන්න බස් නවත්තන පැත්තේ තියෙන ලොකු කඩ කීපයෙන් එකක් මේක. පාරේ ඉඳලා කඩේට ඇතුල් වුණාට ඒ දවස්වල සල්ලි ගෙවා පිටවෙන්න තිබුණේ බිම් මට්ටමට වඩා යටින් තියෙන තට්ටුවක ඉඳලා පඩි නැගලයි.

ඔන්න ඔය බේස්මන්ට් එකේ සල්ලි ගෙවන තැනදී තමයි මේ සිද්ධිය වුනේ.

http://kathandara.blogspot.com.au/2012/03/superiority-complex.html

Sunday, March 25, 2012

සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?

ඔන්න දවසක් මගේ මිතුරෙකුගෙන් කෝල් එකක් ආවා.

"කතන්දර, පොඩි උදව්වක් ඉල්ලන්නයි කතාකළේ!"

"ඔව් මචං මක්කෙයි ඕනැ උදව්ව. ඇහැකි දෙයක් නං කරල දෙන්නං."

"අපොයි, මේක ඔහේට හොඳට පුළුවන් දෙයක්. මට සින්දුවක් කියන්න චාන්ස් එකක් තියෙනවා. ඒකට පදමාලාවක් ලියා ගන්න ඕනෑ."

"මං නං එහෙම සින්දුකාරයෙක් නං නෙමෙයි හැබැයි."

"නෑ, නෑ, එහෙම කියන්න එපා. මං මේකට මියුසික් කරවාගන්න ඉන්නේ සංගීත් ඔස්තාද් අහවලාට කියලයි. මේක උඹටත් හොඳයි."

"ඉතිං මං ලියල තියෙන පෙම් ගීයක් අර ගනිං කෝ."

"නෑ මචං එහෙම නෙමේ, මට ඕනෑ අසම්මත සිද්ධියක් ගැන සින්දුවක් කියන්නයි. අඩු ගානේ පොඩි කන්ට්‍රවසි එකක්වත් තියෙන."

http://kathandara.blogspot.com.au/2012/03/blog-post.html

චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Bing uses of "wee"

පරම්පරාවකට විතර වගේ කලින් අපේ මිතුරු රට ඉන්දියාවේ හිටියා මොරාජි දේශායි කියලා අගමැතිවරයෙක්. ඉන්දිරා ගාන්ධිව පරදවලා බලයට ආව එකටත් වැඩියෙන් පොර ප්‍රසිද්ධ වුනේ වෙනත් කාරණයකටයි.

පොර දිනපතා පානයක් ලෙස චූ බොනවා.

හැබැයි තමන් ගේ ම චූ!

චූ බීමෙන් ඖෂධීය ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත් මේ අදහස මුල් බැසගෙන තියෙනවා.

දැන් මෙන්න මේ විශ්වාසය ඇමරිකා එක්සත් ජනපදය දක්වාත් පැතිරිලා.

මං මේ ලඟදී කියවපු ප්‍රවෘත්තියක් මෙන්න.

http://kathandara.blogspot.com.au/2012/03/blog-post_24.html

Thursday, March 22, 2012

ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office

මං පේරාදෙනියෙන් අවුට් වෙලා දෙවෙනි ජොබ් එකට ගියේ කොළඹ ලොකු කොම්පැනියකටයි. මෙතන හිටිය හැමෝම ලොකු මැනේජර්ස් ලා. කොම්පැනියේ තිබුණු විවිධ බිස්නස් දහ පාලොස් ගාණක මැනේජ්මන්ට් සර්විසස් තමයි මෙතන ජොබ් එක.

ඉතිං මාත් ගියේ අත් දිග කමිසයක් ඇඳලා, ටයි එකකුත් දාලායි.

ඒ දවස්වල මට ටයි දෙකක් ම තිබුණා. පස්සේ පඩි ලැබුණාම තව එකක් ගත්තා!

උදේ පාන්දර හයාමාරට වගේ මං ගෙදරින් පිටත් වෙනවා, හැබැයි කමිසේ අත් නවාගෙන ටයි පොල්ල නවලා සාක්කුවේ දාගෙනයි යන්නේ. ඔෆීසියට ගිය ගමන්ම කරන්නේ ටොයිලට්ස් ලොබියේ කණ්ණාඩියකින් බලාගෙන ටයි පොල්ල බෙල්ලේ එල්ලාගන්න එකයි. ඒ වෙලාවට අපි වගේ කොල්ලෝ කී දෙනෙක්ම එතන ටයි බඳිනවා.

http://kathandara.blogspot.com.au/2012/03/girl-at-office.html

Tuesday, March 20, 2012

ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!

ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.

ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.

ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.

ඔලුවේ කෙස් ගැන කේස් එක එහෙම වුණාට, පපුවේ මයිල් නං සැලකෙන්නේ පුරුෂ භාවයේ සංකේතයක් හැටියටයි.

http://kathandara.blogspot.com.au/2012/03/what-women-want.html

පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ - Toilet papers and cleanliness

ගලක් උඩ කක්කි කරපු පූසෙක් ඒ ගූ ගොඩ වහගන්න විදියක් නැතුව චාටර් වෙන විදිය ගැන කියවෙන "ගල-උඩ පැහැරූ බළලා වගේ!" කියන ආත්තෝපදේශ වැකිය දන්නවා නේද?

ඉස්සර වගේ නෙමේ මේ අන්තර්ජාල ඩිජිටල් කැමරා යුගයේදී ඒ කළ වැරදි සඟවාලා, සාක්‍ෂි පුච්චලා දැම්මත් වැඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

ඔය විදියට පූසෙක් කක්කා දානවා දැකපු හිම වලහෙක් ඒකට වලියක් ඇදලා.

ඔන්න එතකොට පූසාට සංකේතාත්මකව මල පැනලා මෙන්න මෙහෙම කීවලු.

"අනේ බොල හිම වලහෝ! කක්කා දාලා හෝදන්නේ නැතුව පස්ස පැත්ත කොලවලින් පිහදාන උඹද එන්නේ මේ මට උපදෙස් දෙන්න?"

ඔය කක්කි කළාට පස්සේ පස්ස පැත්ත පිහදාන කොල වර්ගයට කියන්නේ ටොයිලට් පේපර් කියලයි. සිංහලෙන් කියන්න පුළුවනි එක්කෝ "පුක්-කොල" නැත්තම් "කක්කි කොල" කියලා.

http://kathandara.blogspot.com.au/2012/03/toilet-papers-and-cleanliness.html

Saturday, March 17, 2012

පැන්සොන් මීටිම - When should a man retire?

ඔන්න පැන්සොන් වයස, ඒ කියන්නේ නොහැකි හෙවත් නාකි වයස එලැඹිලා එක පොරක් තමන් කරමින් හිටිය රස්සාවෙන් පැන්සොන් ගත්තලු. අන්තිම දවසේ ඔෆිස් එකේ තිබුණු පාටියෙන් පස්සේ හැමෝගෙන්ම සමුගෙන ඇවිත් පොර ගෙදර විවේක සුවයෙන් ඉන්න වෙලේ පොරගේ අවයව, අංගෝපාංග, පංචායුධ ටික හදිසි රැස්වීමක් කැඳවලා.

රැස්වීමේ මූලාසනය අරං තියෙන්නේ අවයවවල ප්‍රධානියෙක් වෙන මොලයයි.

"අද මේ රැස්වීම කැඳවන්න මූලිකම හේතුව වුනේ අපේ අයිතිකාර සුනෙත් විජේරත්න මහතාගේ විශ්‍රාම යෑමයි. ඔහු මේ අවුරුදු හැටක් වෙනතුරු වැඩපොල කරගත්තේ ඔහුගේ අවයව, අංගෝපාංග, පංචායුධ වෙන අපේ පිහිටෙනුයි. සුනෙත් විජේරත්න මහතාගේ අදහස නම් හෙට සිට ඉදිරි ජීවිතකාලය විවේක සුවයෙන් ගත කිරීමයි."

http://kathandara.blogspot.com.au/2012/03/when-should-man-retire.html

Wednesday, March 14, 2012

ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!

හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.

මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.

අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.

කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.

http://kathandara.blogspot.com.au/2012/03/dont-kill-messenger.html

Tuesday, March 13, 2012

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!

වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත් උපකුලපති තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ.

විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ අපේ රත්නායක මහත්තයායි.

මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.

එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක.

http://kathandara.blogspot.com.au/2012/03/vc-meets-his-match.html

Monday, March 12, 2012

මට දෙන්න හැකි දේවල් මෙන්න :: Wishlist Vs What you can offer

තමන් ගේ අත ගන්න එන කොල්ලෙකුගෙන් තමන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පොඩි කුමාරිහාමි දැරිවිය ලිපියක් දාලා තිබුණා.

ඒක දැකපු මාතලන් ගොයියත් ලයිස්තු ගත කරලා තිබුණා ගෑල්ළමයින්ට මොනවාද ඕනෑ කියලා පොරට හිතෙන දේවල්.

තමන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදන එක හරිම ජොලි වැඩේ. මේවාට ඉංගිරිසියෙන් කියන්නේ විෂ්-ලිස්ට් කියලායි.

අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන විෂ්-ලිස්ට් හැදීමට වඩා මං හිතන්නේ වැදගත් අපිට අනුන්ට දෙන්න, අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා ලයිස්තුගත කරන එක.

අර හිටපු ඇමරිකන් එක්සත් ජනපද ජනාධිපති කෙනඩිත් කියලා තියෙනවා නේ Ask not what your partner can do for you - ask what you can do for your partner වගේ තේරුමක් ගෙන දෙන කතාවක්.

මං මේ හදන්නේ මට මගේ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන ලයිස්තුවක් හදන්නයි.

මුළු කතන්දරේම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/03/wishlist-vs-what-you-can-offer.html

ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo

මොබයිල් ෆෝන් ලංකාවට ආපු කාලේ මට මතකයි, අපේ මස්සිනා ගඩොල් භාගයක් අරං එහෙ මෙහේ ගිය හැටි. ගෙදරකට ගොඩ වැදුණු ගමං පොර කරන්නේ ෆෝන් එක චාජ් කරන දාන එකයි. වාහන පදවන කොට ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා නීති තිබුණෙත් නෑ ඒ කාලේ.

දැන් නං ඉතිං අපි කාගේ අතේ පොඩි හුරුබුහුටි ෆෝන් තියෙනවානේ. යන යන තැන ඕක සාක්කුවේ දාගෙන ගියේ නැත්තං අත කැඩුණා වාගේ තමයි.

ගෙදරදී කෙසේ වෙතත් ඔෆීසියේ දී නං ඉතිං ෆෝන් එක තියෙන්නේ කලිසං සාක්කුවේ නිසා, දවසට දෙතුන් පාරක් චූ කරන්න, ඉඳලා හිටලා දවසක කක්කි කරන්න හෙම ටොයිලට් එකට යනකොටත් ෆෝන් එකත් අපිත් එක්ක යනවා.

එහෙව් වෙලාවක කෝල් එකක් හෙම ආවොත් මංතුමා නං කරන්නේ කෙලින්ම සයිලන්ස් මෝඩ් එකට දාන එකයි රිං ටෝන් සද්දේ නොඇසෙන්න.

මුළු කතන්දරේම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/03/phone-in-loo.html

Thursday, March 8, 2012

දුම්රිය නැවතුමේදී දුටු යුවතිය හෙවත් විකල් සිතින් ලියූ 000 පෙම් කවිය - Ambulance or Fire engine?

වෙනදට මං පලකරන්නේ කයි-කතන්දර. අද පොඩි වෙනසකට වගේ හිතුනා කතන්දරේ නැතුව කවිය විතරක් දාන්න.

දුම්රිය නැවතුමේදී දුටු යුවතිය හෙවත් විකල් සිතින් ලියූ 000 පෙම් කවිය

....

http://kathandara.blogspot.com.au/2012/03/000-ambulance-or-fire-engine.html

Tuesday, March 6, 2012

ආදරේ අද නෙමෙයි හෙට...! - Tomorrow never comes

සාමාන්‍යයෙන් නොකෙරෙන වැඩක් ගැන කියන්නේ "බාලගිරි අද නොවේ හෙට!" කියලානේ. ඕක ඉස්සර ලංකාවේ පොඩි ළමයි ඉන්න සිංහල ගෙවල්වල ලියලා තිබුණාලු! 'බාලගිරි දෝශය' කියන ළමා රෝගය වලක්වා ගන්න කෙමක් විදියටයි එහෙම කරලා තියෙන්නේ.

"ආදරේ අද නෙමෙයි හෙට!" කියන්නේ එහෙම කේස් එකක් නොවෙයි. මෙතන කියවෙන්නේ ඕනෑකමින්ම ලව් එක කල්දාන ට්‍රික් එකක් ගැන නෙමේ.

මේ බලන්නකෝ මේ කයිය කියෝලා!

ඕක නිකංම නිකං කයියක් නෙමේ, ගී පදමාලාවක්. ඇත්තටම කියනවා නං යුග ගීතයක්.

http://kathandara.blogspot.com.au/2012/03/tomorrow-never-comes.html

Sunday, March 4, 2012

දික්කසාද වෙන එක ගැන කියවෙන ගෑණු ජානයක් - Divorce gene of girls identified!

ලව් එකෙන් පස්සේ එන බූට් එක වගේම අපි අහල පුරුදු දෙයක් තමයි කසාදෙන් පස්සේ එන දික්කසාදේ.

කසාදය කියන වචනය ලන්දේසි හෙවත් ඕලන්ද ජාතිකයින් ගේ ඩච් භාෂාවෙන් සිංහලට ආපු එකක්. දික්කසාදේ කියන එකත් ඒ එක්කම එන්න ඇති. මොකද, එහෙම නැත්තං, කසාදය කියන්නේ විවාහයට නං දික්කසාදේ කියන්නේ විවාහය දික් කරනවා කියන එකට වෙන්න ඕනෑ නේ.

බටහිර රටවල නං දික්කසාද ලංකාව වගේ රටවලට වඩා සුලබයි කියලයි කියන්නේ. අපේ ලංකාව වගේ රටවල්වල වෙලා තියෙන්නේ, විවිධ සමාජ ආර්ථික ප්‍රශ්ණ නිසා, විවාහයේ ප්‍රශ්ණ ඇති වුණත් ඔහේ අල්ලං යන එකයි.

http://kathandara.blogspot.com.au/2012/03/divorce-gene-of-girls-identified.html

Friday, March 2, 2012

කතන්දර හාමිනේ පශ්චාත් උපාධි කළ හැටි - What a cruel husband?

මේ කතන්දරේ කියෙව්වයින් පස්සේ සමහරු මට හොඳටෝම දොස් කියන්න, බනින්න, දෙහි කපන්න ඉඩ තියෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. කියන්න තියෙන කතන්දර කියන්න එපායැ?

පශ්චාත් උපාධි හෙවත් පස්තාච්චි වැඩේ කියන්නේ හැමෝගේම හිත යන දෙයක් නෙමේ. සමහරු මුල් උපාධිය අරගෙන කැම්පස් එකෙන් දොට්ට බහින්නේ ආයේ නං යුනිවසිටිවල පස් පාගන්නේ නෑ කියලයි. ඒත් තව පිරිසක් ඉන්නවා ජීවිතේට යුනිවසිටිවලින් එළියට බහින්නේ නැතුව එතනම ඉඳලා වයසට යන අයත්.

සමහර වෙලාවට තමන් කරන රස්සාවේ ඉහලට යන්නත් ඔය පස්තාච්චි වැඩ කරන්න අවශ්‍ය වෙනවා. එහෙම වුනත් ඒවා ගැන නොසොයා නිකං සාමාන්‍ය විදියට පොල් කඩ කඩ ඉන්න අයත් ඉන්නවා දුසිං ගාණක්.

මංතුමා කතන්දර හාමිනේව බැන්දේ එතුමිය විශ්ව විද්‍යාලයෙන් පිට වෙලා ජොබ් එකකට ගිය අළුතමයි. ඔය කියන්නේ මං පස්තාච්චි ඇදලා ආපු කාලේ!

ඇන්ටිගේ ඇනෙක්සියේ කල් යවලා, පස්සෙන් පහු අපේම තැනක් සෙට් කරගෙන අපි රාජා ගේ කඩේ පැත්තේ පදිංචියට ගිය කාලේ ඔන්න දවසක් කතන්දර හාමිනේට අයිඩියාස් එකක් ඇවිත් මට කතා කළා.

"කතී!"

"ඇයී?"

"මටත් හිතෙනවා කතී පෝස්ට් ග්‍රැජුවේට් කරන්න."

http://kathandara.blogspot.com.au/2012/03/what-cruel-husband.html

Thursday, March 1, 2012

බඳින්ඩමයි ට්‍රයි කළේ - Whaaat?

මේ කතාව කියන්න ඕනෑ ටිකක් පරිස්සමින්.

ඒකට එක හේතුවක් මාව පුද්ගලිකව දන්න අය මේකේ සුලමුල හොයන්න පටන් ගනීවි. ඒකෙන් ගැලවෙන්නත් ඕනෑ.

අනික් හේතුව තමයි, ලියන්නා කෙසේ කීවත් කියවන්නා තමන්ට ඕනෑ දේ අවභෝධ කරගන්නා හින්දා, මට අවශ්‍ය කාරණාව හරියටම සන්නිවේදනය කරන්නත් අවශ්‍ය වීම.

ලව් ගැන, බූට් ගැන මං ගොඩක් කතන්දර ලියලා තියෙනවා. ඒ වැඩි හරියක් කයි-කතන්දර, මගේ හන්තානේ කඳු පාමුල හස්තද්වාර පොත අනුසාරයෙන් ලියපුවා. මගේ විතරක් නෙමෙයි ඔය කාගේ කාගේත් ලව් කේස්වල උඩින් නොපෙනුණත් යටින් තියෙන්නේ තමන්ගේ හිතට ගැලපෙන කෙනෙක්ව තමන්ටම කියලා අයිතිකර ගැනීමේ තන්හාවයි. ඩෙස්මන් මොරිස් ගේ යාළුවා හිටියා නං කියයි ඒක මිනිස් සත්ව ප්‍රජාව ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවය මත ඇතිවෙන මෙව්ව එකක් කියලා.

මේ වෙලාවේදී මට මතක් වෙනවා චන්ත්‍ර අනගිරත්න ගේ කවි පන්තියක කොටස්.

http://kathandara.blogspot.com.au/2012/02/whaaat.html

Tuesday, February 28, 2012

ගෑනිටම හරියන මිනිහා, මිනිහටම හරියන ගෑනි - The best couple ever!

සඳුන් ගසේ සමන් වැලක් එතෙනවා වගේ කියලා කියන්නත් පුළුවන් දිවේ නොගෑවී.

ස්වීඩනයේ මානසික රෝගී සිරමැදිරියක ඉන්න මිනී මරලා මස් කාපු පොරක් තමයි ඉසාකින් ජොන්සන් කියන්නේ. එතනම රඳවා ගෙන ඉන්න මිෂේල් ගස්ටාෆ්සන් කියන්නේ මිනී මරලා ලේ බීපු ගෑණියෙක්.

මේ දෙන්නා ඔන්න විවාහ ගිවිස ගෙන!

ඉසාකින් ජොන්සන් ගේ විවාහ යෝජනාව මිෂේල් ගස්ටාෆ්සන් පිළිඅරගත්තාලු.

මේ බලන්නකෝ ප්‍රවෘත්තිය.

http://kathandara.blogspot.com.au/2012/02/best-couple-ever.html

මොහිදීන් බෙග් ට මොකද වුනේ? - What happened to Mohideen Beig?

මොහිදීන් බෙග් ගැන සඳහනක් තිබුණු කතන්දරයක් මං ලිව්වා මේ බ්ලොග් එකේ මුල කාලෙදීම. ඒ තමා අර රේඩියෝ එකේ යන සින්දුවල වචන වැරදියට ඇහෙන කෂ්ටිය කරන වැරදි ගැන කතන්දරේ.

ඒ දවස්වලම වෙන්ඩ කතන්දර ලයිස්තුවට ඇතුලත් කර ගත්තට අද අවුරුදු දෙකකටත් පස්සේ තමයි මේ කතාව ලියන්න අවස්ථාවක් ආවේ!

ඔන්න මං එක දවසක් බස් එකක නැගිලා යනවා බොරුල්ලේ පැත්තේ ඉඳලා. මං හිතන්නේ මේක 154 ක් හෝ 193 ක් වෙන්න ඕනෑ. සුරංජිත් ට්‍රැවල්ස් වගේ ප්‍රයිවේ්ට් එකක්.

වෙලාව දහයට, එකොලහට ඇති. බස් එකේ දාලා තිබුණේ රේඩියෝ එක, එස්එල්බීසී වෙළඳ සේවය වගේ එකක්.

ඔන්න සින්දුවක් පටන් ගත්තා

http://kathandara.blogspot.com.au/2012/02/what-happened-to-mohideen-beig.html

Saturday, February 25, 2012

අල්ලපු ගෙදර ළමයින්ට චොකලට් ගෙනිච්චෙමි - Another lesson learnt!

චොකලට් කන්න කවුද අකමැති?

රත්නායක මහත්තයායි, රමණී නෝනයි ඇර මං දන්න හැමෝම වගේ චොකලට් කනවා. ඊට අමතරව තව කීප දෙනෙකුත් ඉන්නවා කෝටා එක ඉවරවෙලා හින්දා දැන් චොකලට් වගේ පැණිරහ ජාති වැඩිපුර නොකන. රත්නායක යුවල නං චොකලට් නොකන්නේ දිවේ වැරැද්දක් නිසා මිසක කෝටා ප්‍රශ්ණයක් හින්ද නං නෙමෙයි.

ඔය සීනි කෝටා එක ඉවරවෙලා ඉන්න අයට ඒක වෙලා තියෙන්නේ පැණිරහ ජාති කන්න ගියාම විචාරයකින් තොරව කාපු හින්දා වෙන්න පුළුවනි. කෑම බීම වගේ දේවල් වලදී හුඟක් වෙලාවට හෙණේට හිටින්නේ පොඩි කාලේ ඉඳලා පුරුදු වෙච්ච විදිය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

අද කතන්දරේ මීට අවුරුදු දෙක තුනකට විතර කලින් වෙච්ච වැඩක්.

අපේ අල්ලපු ගෙදරක ඉන්න පොරක් එක දවසක් පාරේ යද්දී මං පොඩි කරදරේක වැටුණු වෙලාවේ මට පොඩි පහේ උදව්වක් කළා. පොර නොහිටින්න මං එදා අනාථ වෙනවා.

ඉතිං පහුවදා හවස් කරේ මං පොර ගේ ගෙවල් පැත්තේ ගොඩ වැදුණා. නිකං නෙමේ මේ මිත්‍රයාට පොඩි පහේ තෑග්ගක් අරගෙනයි!

http://kathandara.blogspot.com.au/2012/02/another-lesson-learnt.html

Wednesday, February 22, 2012

පොඩිරාජා ගේ වෙඩින් ඇනිවසරිය - Podi Raja's Wedding Anniversary

පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.

රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!

පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.

ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.

http://kathandara.blogspot.com.au/2012/02/podi-rajas-wedding-anniversary.html

Tuesday, February 21, 2012

මොකක්ද මේ හස්තද්වාරය කියන්නේ? What the heck is "Hasthadwaraya"?

මං කතන්දර බ්ලොග් එකේ කතන්දර මැද්දේ ඉඳලා හිටලා කවියක් දෙකක් දැම්මා මුල් දවස්වල ඉඳලාම.

ඒත් ඉතිං, අපේ සමහරු ඉන්නවා නේ කවි නොතේරෙන. අන්න ඒ අයගේ පහන් සංවේගය පිණිස මං පස්සේ පටන් ගත්තා රනින් කමෙන්ට්‍රියක් එක්කම කවි දාන්න අර දෙව්ලොව ගිය ගමන කවි-කතන්දරයත් එක්ක.

ඊට පස්සේ 2010 සාහිත්‍ය මාසය අල්ලලා කවි රස හඳුණන ඔබා-මා ට පවා එපා වෙන විදියට කයි-කතන්දර තොගයක් ම පලකළා.

ඒ කාලේ ඉඳලා දාපු ගොඩක් කයි-කතන්දරවල අගින් මෙන්න මෙහෙම පලවුණා පොඩි අකුරෙන්.

"පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලා කවයේ නිර්මාණ පුවරුවේ මුල්වරට පලවිය. පසුව හස්තද්වාරයෙන් නිකුත් කෙරුණු හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී."

මේ "හස්තද්වාරය" කියන්නේ මංතුමා මගේ පාවිච්චිය සඳහා නිර්මාණය කරගත්තු අළුත් වචනයක්. ඒ හින්දාම මේක අපේ සමහර පාඨකයින්ට මීටර් වුනේ නෑ.

ඒ අයගේ දැනගැනීම පිණිස "හස්තද්වාරය" වචනය නිර්වචනය කරන්නයි මේ ලියන්නේ.

http://kathandara.blogspot.com.au/2012/02/what-heck-is-hasthadwaraya.html

ලව් පලහිලව්වක අවසාන සිතුවිල්ලක් - Terminal thoughts

ලව් කියන ඒවා විවිධාකාරයි.

සමහර වෙලාවට මෙන්න මේ වගේ.

දැක්ක ගමන් හිත බැඳුණා,
වාසනාවේ දොර ඇරුණා,
දැන් මට තේරේ,
හා හා තේරේ
ආදරේ තේරේ
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා
සොයා සොයා ආවේ ඒ සෙව්ව මැණික හමුවුණා
ඔයා තමයි බඹා කෙටූ එක්කෙනා

ඒ කියන්නේ ලව් ඇට් ෆස්ට් සයිට්. නමුත් බොහොමයක් වෙලාවට මෙහෙමත් වෙනවා.

කවට කමට ඔබෙයි මගෙයි නම කියා
යහළු ළමයි විහිළු තහළු මට කියා
ඔබ ආදරේද ඇහැව්වා
මං දන්නේ නැතැයි කිව්වා

http://kathandara.blogspot.com.au/2012/02/terminal-thoughts.html

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ රාමනාදන් ශාලාවේ මහා කළබගෑනියක් - Campus Rumpus @ Ramanathan Hall, Peradeniya University

පේරාදෙනිය යුනිවසිටියේ එක කෙලවරක වගේ තමයි රාමනාදන් නේවාසිකාගාරය තියෙන්නේ. ඒක මුලින්ම හදලා තියෙන්නේ කොල්ලන් ට ඉන්නයි. ඒක නේ පිරිමි නමක් තියෙන්නේ.

මුල් කාලේ කෙල්ලෝ ඉඳලා තියෙන්නේ ගෑනු නම් තියෙන සංඝමිත්තා එකෙයි, හිල්ඩා ඔබේසේකර එකෙයි විතරයි ලු.

පස්සේ විශ්ව විද්‍යාලයේ කෙල්ලෝ ප්‍රතිශතය වැඩිවෙන කොට රාමනාදන් ශාලාවට කෙල්ලෝ දාලා තියෙනවා.

මේ වගේම දැන් කෙල්ලෝ ඉන්න මුලින් කොල්ලෝ හිටපු හෝල් එකක් තමයි විජේවර්ධන එක. ඒකත් පිරිමි නමක් නේ.

ඒකෙන් නං කොල්ලන්ව අයින් කරන්න හේතුව පිටිපස්සේ තියෙන රේල් පාරේ කෝච්චියක ගිය සිරිමා බණ්ඩාරනායකට පේන්න කොල්ලෝ පෝලිමට පුක එලියේ දාගෙන හිටිය නිසාය කියලා කතාවක් තියෙනවා. නමුත් ඇත්තටම ඒකට හේතුව ආමි යුනිට් එකකුයි, යුනිවසිටි කොල්ලෝයි අතර වෙච්ච මහා රණ්ඩුවක් ලු! (මේ කියන්නේ පරම්පරාවකට ඉස්සර කාලේ. ඒ හින්දා දෙපැත්තටම වැඩි ඩැමේජ් එකක් වෙලා නෑ.)

http://kathandara.blogspot.com.au/2012/02/campus-rumpus-ramanathan-hall.html

Thursday, February 16, 2012

මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans

අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.

මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.

සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?

ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.

ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.

http://kathandara.blogspot.com.au/2012/02/how-not-to-cook-beans.html

Monday, February 13, 2012

බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!

හැම තිස්සෙම ලංකාවට කෙලවන්න බලන් ඉන්න බැංකි මූන් ගොයියා දන්නවා නේද?

අර පොඩි ළමයින්ට මංචී බිස්කට් දෙන්නේ, අන්න එයා ගැන තමයි මේ කියන්නේ.

මෙන්න බැංකී මූන් ගේ නවතම කුමන්ත්‍රණය හෙලිවෙලා!

පොර මේ සෙට් වෙන්නේ අර බටහිර කුමන්ත්‍රණවාදී සමරිසි කෑලි ලංකාව වගේ රටවල්වලත් වැඩි දියුණු කරන්නයි. මෙයා දැනටම මේ වැඩ සටහන පටන් අරං තියෙන්නේ අප්‍රිකාවෙන්.

මෙන්න බලන්න බොරු නම් මේ ප්‍රවෘත්තිය.
http://kathandara.blogspot.com.au/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html

Sunday, February 12, 2012

කකුල්, ආදරය, භාෂා ප්‍රයෝග සහ උපමා - Love and Legs (Sunday special extra story)

අම්මපා මොකක්ද මේ ඉංගිරිසියෙන් ගත්තාම ආදරයයි කකුලයි අතර තියෙන අමුතුම අමුතු සම්බන්ධය?

කෙල්ලෙක් කොල්ලෙක් හමුවුණු මොහොතේ මහා ආදරයක් ඇති වීමට කියන්නේ ෆෙල් ඉන් ලව් හෙඩ් ඕවර් හීල්ස් කියලයි.

කෙල්ල කොල්ලාව හරි, කොල්ලා කෙල්ලව හරි අතහැරලා සම්බන්ධය නතර කළාම ඒකට කියන්නේ බූට් එක දුන්නා කියලයි.

ඒවගේ ඒවා භාෂා ප්‍රයෝග. මේ පල්ලෙහා තියෙන කවියෙත් වෙනත් ආකාරයක පොඩි ප්‍රයෝගයක් තියෙනවා. කියවලා බැළුවොත් පෙනෙයි මොකක්ද කියලා.

http://kathandara.blogspot.com.au/2012/02/love-and-legs-sunday-special-extra.html

Friday, February 10, 2012

යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට අවවාද කීපයක් - Advice to university freshers

මුල් කාලේ කතන්දරවල මං ගිය විස්ස විජ්ජාලේ ගැන කියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන යෙදුමයි. පස්සෙන් පහු, පේරාදෙනිය ගැන කතන්දර කීපයක් වගේම කයි-කතන්දර බර ගනක් පල කෙරුවා.

මේ වෙනකොට නං ඉතිං මංතුමා මෙරට, නොරට යුනිවසිටි බර ගාණක අම්බානකුත් ටිකක් විතර චාටර් වෙච්ච පොරක් බව කතන්දර බ්ලොග් එක නිතිපතා කියෝන බහුතරයක් අය දන්නවා නේ.

දැන් නං මං ඔය "කැම්පස්-රම්පස්" වලින් අයින්වෙලා, දෙයියන් ගේ පිහිටෙන්, මගේ දාඩිය මහන්සියෙන් කීයක් හරි හොයාගෙන ඉන්නේ ආණ්ඩුවට කඹුරලායි. ඒත් ඉතිං මට හිතුණා අද යුනිවසිටි යන කොල්ලන්ට කෙල්ලන්ට පොඩි උපදෙස් කීපයක් දීලා දාන්න ඕනෑ කියලා.

ඕනැ නම් පිළිපැදපල්ලා, එපා නම්, ඒත් පිළිපැදපල්ලා!

http://kathandara.blogspot.com.au/2012/02/blog-post.html