Sunday, April 29, 2012

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits

දැන් අවුරුදු දහයකටත් එහා කාලෙක මං දවසක් කවි කීපයක් කුරුටු ගෑවා. ටිකක් පද ගැලපිලා එනකොට මේක නිකං සින්දුවක පදවැලක් වගේ සෙට් වෙලා ආවා.

ඔහොම තවත් කාලයක් ගියාට පස්සේ මං අතින් ඔයවගේ සින්දු අච්චුවේ කවි දහයක් දෙලහක් විතර ලියවුණාය කියමුකෝ. ඒ දවස්වල ඊ-කොමර්ස් වගේ කතා නැගලා යන හින්දා මට හිතුණා මේ රචනා ටික වෙබ් එකේ දැම්මොත් නවක ගායක ගායිකා කෂ්ටියගෙන් පොඩි පහේ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා නේද කියලා.

මගේ පලමු බ්ලොග් එක බිහිවුනේ ඒ විදියටයි.

ඒ මුල්ම ගීතයේ පදවැල මෙන්න මෙහෙමයි ලියවුනේ.

http://kathandara.blogspot.com.au/2012/04/one-seed-and-two-fruits.html

Friday, April 27, 2012

කොළඹ දී ලඟදීම ගරිල්ලා රස බොජුන් - Guerilla Dining in Colombo

කොළඹ නගරයේ ලඟදී විවෘත කරන්නට යන චේ (ගුවේරා) භෝජන ශාලාව ගැන ප්‍රවෘත්තිය ඇසූ මගේ මිතුරෙක් එතැන කෑමට තියේයැයි විශ්වාස කරන්නට හැකි විවිධ ආහාර පාන ගැන අපූරු විස්තරයක් ලියා තියෙනවා.

ඔහුගේ අවසර සහිතව ඒ සටහන කතන්දර බ්ලොග් එකේ දාන්න මං අදහස් කළා.

මේ නිර්මාණාත්මක කෑම වට්ටෝරුවේ රසය නොමරා එය ඉංගිරිසියෙන්ම මෙතන දාන්නම්.

http://kathandara.blogspot.com.au/2012/04/guerilla-dining-in-colombo.html

Thursday, April 26, 2012

හෙළුවෙන් බනිමු - මෙන්න හොඳ සුද්ද සිංහල වචන කීපයක් :: A few rarely heard Sinhala words

හෙළුවෙන් වනනවා කියන්නේ සිංහල භාෂාවෙන් වර්ණනා කරනවාය කියන එක බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් ඇත්තම කියනවා නං, හොඳට හෙළුවෙන් බණින්න නම් හෙළුව විතරක් මදි හොඳ සංස්කුරුත ටිකකුත් ඕනෑ!

මේ ලඟදී දවසක පරණ කතන්දර ගැණ අතීතාවර්ජනාවක ගැලිලා ඉන්න මොහොතම මතකයට ආවා හොඳ සිංහල වචන කීපයක්.

මේවා වැඩිපුර භාවිතයේ තියෙන වචන නෙමේ. ඒ නිසාම අභාවයට යන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ගූගල් එකේ සර්ච් කළාම මේ වචනවලින් සමහර ඒවා සිංහලෙන් ජාලගත වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්.

දැන් මෙන්න මගේ මතකයේ තියෙන වචන සෙට් එක.

http://kathandara.blogspot.com.au/2012/04/few-rarely-heard-sinhala-words.html

Tuesday, April 24, 2012

මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site

පහුගිය දොහක උදේ පාන්දරම මගේ එකවුන්ට් එකට ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.

"සුහද ආරාධනා 


ආයුබෝවන්! 


අන්තර්ජාලයේ වෙබ් පිටු අතර සැරි සරමින් සිටියදී එක තැනක මම නැවතුනෙමි. (http://kathandara.blogspot.com.au/). ඒ ඔබේ අනර්ඝ නිර්මාණ එකතුවත් සමගිනි. 


ඔබගේ නිර්මාණ ලොව පුරා විසිරී සිටින මිලියන 1.5 ක් වූ මනමාලයා ඩොට් කොම් ((The most favorite sri lankan web site) - සාමාජික පිරිසට රසවිදීමට අවස්ථාව ලබා දීමට අපි කැමැත්තෙමු. 


දැනට අප සමග බොහෝ නිර්මාණ කරුවන් පිරිසක් එකතු වී ඇත. 


ඔබේ නිර්මාණත් අප සමග බෙදාගැනීමට කැමතිනම් ඔබගේ දුරකථන අංකය සමග අපට පණිවිඩයක් තබන්න."

ඊ-මේලයේ අගින් තිබුණු සිග්නේචර් බ්ලොක් එක අනුව මේක මට එවලා තියෙන්නේ මනමාලයා ඩොට් කොම් එකේ කලමනාකරන අධ්‍යක්‍ෂක ළමයා!

මා වැනි බිළින්දා කිව්වලු.

ඒ විතරක් යෑ, මේ බලන්න කෝ මුළු අත්සන.

http://kathandara.blogspot.com.au/2012/04/invitation-to-kk-from-manamalaya-dot.html

Sunday, April 22, 2012

අපූරු බිත්තර තැම්බිල්ලක් - How to make a spicy boiled egg

අද සුවිශේෂී දවසක් හින්දා බිත්තරයක් තම්බන්න හිතුණා!

මේක සුවිශේෂී බිත්තර තැම්බිල්ලක්. නිකං බිත්තරයක් නෙමේ ස්පයිසී, කුළුබඩු රස සහිත බිත්තරයක්.

ඒ බිත්තර රෙසිපියට කලින් කියන්න දෙයක් තියෙනවා. අද සුවිශේෂී දවසක්ය කියලා මං මුලින් කිව්වේ මං මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දාන්න පටන් අරං අවුරුද්දක් ගතවීමයි. අද මේ පලවෙන්නේ 52 වෙනි සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයයි.

මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මට නිමිත්ත දුන් සංජුගේ සයිබර් සමාගමට මගේ ස්තුතිය.

දැන් මෙන්න බිත්තරේ තම්බන හැටි.

http://kathandara.blogspot.com.au/2012/04/how-to-make-spicy-boiled-egg.html

Friday, April 20, 2012

මහරගම බැංකුවක පෝලිමට XX ගහනවා ඇස් පනාපිට දුටුවෙමි! - Jackson goes to Bank

මේ කතන්දරේ ටයිටලයේ මුලින් තිබුණු ජැක් යන වචනය දැක රැවටී මෙහි කීප පාරක්ම පැමිණි අංකල්ලා ගෙන් සමාව අයදිමින් ටයිටලය වෙනස් කළෙමි. පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ. මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි. මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්. ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා. http://kathandara.blogspot.com.au/2012/04/jackson-goes-to-bank.html

Thursday, April 19, 2012

තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queue

පිලියන්දල කඩේකින් ජොක්කු තුන් දෙනෙක් ගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය ගැන කතන්දරේ ලියන වෙලාවේ මට මතක් වුණා තවත් අපූරු සිදුවීම් දෙකක්.

එක සිදුවීමක් වුනේ පිලියන්දලම තැපැල් කන්තෝරුවේ දී.

දෙවෙනි සිද්ධිය පිලියන්ද ඉඳලා 341 බස් එකේ ගියාම හමුවෙන මහරගම නගරයේ සම්පත් බැංකුවේ දී වුණු එකක්.

පිලියන්දල සහ මහරගම පලාත් ගැන මං කතන්දර දෙකතුනක්ම ලියලා තියෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ නම් මෙන්න මේ අයගෙන් අහන්න.

http://kathandara.blogspot.com.au/2012/04/blog-post.html

Tuesday, April 17, 2012

රස්ටිෆයින් වීම යනු කුමක්දැයි දන්නවාද? - Rastifying, WTF?

එක දවසක් මං දුව ගේ ඉස්කොලේ ඇරුණයිං පස්සේ එයත් එක්ක අත්‍යවශ්‍ය බඩු කීපයක් ගන්න ගියා ඒ ඉස්කෝලේ හරියේ තියෙන වෙලඳශාලා සංඛීර්ණයකට ගෙවත් ෂොපින් සැන්ටරේකට. ඔය නිකං ඇම්සී එක වගේ තැනක්.

අපි දෙන්නා එක කඩේකට ගිහින් එළියට ඇවිල්ලා කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනකොට මෙන්න වෙනත් ඉස්කෝලෙක කෙල්ලෝ දෙතුන් දෙනෙක් එතන චාටර් වෙවී ඉන්නවා.

පැය බාගේකට විතර පස්සේ අපි ආපහු එතනින් යනකොටත් මේ කෙල්ලෝ ටික එතනමයි.

"ෂීනි, ඔයා නං කවදාවත් මේ වගේ ෂොපින් සෙන්ටර්වල හරි වෙනත් තැන්වල හරි රස්තියාදු ගහන්න එපා!" මං දුවට කිව්වා.

"මොකක්ද තාත්ති රස්තියාදු ගහනවා කියන්නේ?"

http://kathandara.blogspot.com.au/2012/04/rastifying-wtf.html

Monday, April 16, 2012

බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!

කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.

තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?

එසේ නම් මෙන්න විසඳුම.

නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න.
ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.

ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/04/how-to-enjoy-sex-every-night.html

Friday, April 13, 2012

මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara

මං ජොක්කු ගැන කතන්දර කීපයක්ම මේ වෙනකොට ලියලා තියෙනව බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? එයින් දෙකකටම පාදක වුනේ මං කඩෙන් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ තමයි.

මේ ලඟදී දාපු ජොක්කු කඩේ කතාවට ආපු කමෙන්ට්වලින් අහලා තිබුණා, ඇයි මට මේ ජොක්කු ගන්න කඩේ ගියාමම මේ දේවල් වෙන්නේ කියලා.

ඒකට හේතුව මේකයි.

මංතුමා මාස කීපයකට පාරක් ජොක්කු ගන්න කඩේ යනවා.

එහෙම යන්නේ දොස්තර ප්‍රේමකුමාර දුන්නු වෛද්‍ය උපදේශයක් මතයි.

මේ වෛද්‍ය උපදේශය ප්‍රේමකුමාර මට විතරක් පෞද්ගලිකව දීපු උපදේශයක් නෙමේ. පොදුවේ ලංකාවේ හැමෝටම දුන්නු උපදේශයක්.

කාලෙකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේද කොහෙද ප්‍රධාන පිටුවක තමයි මේ දොස්තර ප්‍රේමකුමාර ගේ වෛද්‍ය උපදේශය සහිත ලිපිය පලවුනේ.

http://kathandara.blogspot.com.au/2012/04/serious-medical-advice-from-dr.html

Thursday, April 12, 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records

මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

සම්පූර්ණ කතන්දරේ මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/04/page-from-guinness-book-of-records.html

Monday, April 9, 2012

කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RING

හැමදාම නෑ! හැමතැනම නෑ!!

මේ වගේ මහා බලසම්පන්න, අනුහස් සහිත මුදු රාජයෙක් දැක බලාගන්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

ඉස්සරනං මේ වගේ මුදු රාජයෝ කැවුතුකාගාරයේ වැඩ උන්නලු.. ඒවට වුණු දේ නං ඉතිං, දෙයියෝ දනී මං නොදනී.

මං දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයෙකු ගේ පෞඪ හිමිකාරයා මංතුමාය කියන එක.

මේක පරම්පරානුගත මුදු රාජයෙක්!

http://kathandara.blogspot.com.au/2012/04/lord-of-ring.html

Saturday, April 7, 2012

වයිෆ්ලා ට බයවෙන්න කාරණයක්! - All wives out there, take note.

ගෑණියෙක් තමන් ගේ කසාඳ බැඳපු මිනිහා එක්ක ලිංගිකව එකතුවෙන එන ප්‍රතික්‍ෂේප කරන එක කුරිරු කමක්!

ඒක නීතියෙන් දඬුවම් ලැබිය යුතු හිංසක ක්‍රියාවක්!!

මේ මං කියන දෙයක් නෙමේ. ඉන්දියාවේ උසාවියකින් තමයි ඔන්න ඔය තීන්දුවක් දීලා තියෙන්නේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් ඉදිරිපත් කරන කතන්දර දැනුම් සාගරෙන් දිය දෝත මෙන්න මේකයි.

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/04/all-wives-out-there-take-note.html

Friday, April 6, 2012

අනේ කොහෙන්ද මෙයා ඔයාට ඔච්චර කතන්දර? - Marching forward

කැප්ටන් ලා කිව්වහම වර්ග කීපයක් ම ඉන්නවා!

ස්පෝර්ට්ස් කැප්ටන්, හවුස් කැප්ටන් වගේ ඉස්කෝලවල ඉන්න ළමයි. අර්ජුන ලා, මයිකල් ක්ලාක් ලා වගේ රටේ ක්‍රීඩා කණ්ඩායම්වල නායකයෝ. ඒ එක කැප්ටන් ලා ජාතියක්.

අනිත් වර්ගය තමයි ආමි එකේ සහ නේවි එකේ ඉන්න කැප්ටන් කියන නිලධාරියෝ.

මෙතනදී ආමි කැප්ටන් කියන්නේ පහල නිලයක්. අර කොලොන්නාවේ කේස් එකට අහුවුනු කණ්ඩායමෙත් කැප්ටන් ලා හිටියාය කියලයි ලංකා-ඊ-නිවුස්කාරයෝ වාර්තා කරළා තිබුණේ.

ඒ අතින් බැලුවාම නේවි කැප්ටන් කෙනෙක් කියන්නේ ඉහල නිලයක්. කැප්ටන් හැඩොක් වගේ අය මුළු නැවටම අධිපති නේ.

මං දන්න නේවි කැප්ටන් කෙනෙක් හිටියා අපේ ගං පලාතේ. පොර අවුරුදු හතලිස් ගාන වෙනකොටම වගේ පැන්ෂොන් ගියා. ඒ ඔෆිසර් කෙනෙක් වගේම ජෙන්ටල්මන් කෙනෙක් විදියටයි.

පොර නියමිත කාලයට කලින් රිටයර් වෙන එක ගැන කියලා ලියපු ඊ-මේල් එකක් මටත් කියවන්න ලැබුණා. ඔෆිසර් කං කරනවාට වඩා ජෙන්ටල්මන් කෙනෙක් විදියට ඉන්න එක කොච්චර අමාරු වැඩක්ද කියන එක හොඳට තේරෙනවා ඒ ලියුම බැලුවාම.

අද කතන්දරේටත් සම්බන්ධ ඒ වගේ නේවි කැප්ටන් කෙනෙක්. හැබැයි අද කාලේ කෙනෙක් නෙමෙයි මෙයා රජ කාලේ කෙනෙක්.

දවසක් මේ නේවි කැප්ටන් ට තිබුණා සීමන් කෙනෙක්ව ඉහල නිලයකට උසස් කරන ඉන්ටර්වීව් එක පවත්වන්න. ඔන්න දැන් ඉන්ටර්වීව් එක යනවා.

http://kathandara.blogspot.com.au/2012/04/marching-forward.html

ටැබූ සබ්ජෙක්ට්ස් සිහිවී - Taboo, Taboo, where are you?

සිංහල බ්ලොග් ලෝකයේ පොරක් ලෙස කාලයක් තිස්සේ පිනුම් ගසමින් සිටි ටැබූ ලියූ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවිය එකපාරටම වගේ වහලා දාලා දැන් අවුරුද්දකුත් සති තුනක් විතර ගෙවිලා ගිහින්.

ටැබූ ගැන නොදන්නා බ්ලොග් කියවන කෙනෙක් ඉන්නවා නං ඒ පහුගිය අවුරුද්ද ඇතුලත මේ හොබිය පටන්ගත්තු කෙනෙක් විතරක් වෙන්න ඕනෑ.

මං මුලින් ටැබූ ගේ ලිපියක් කියෙව්වේ බූන්දිය හරහා ආපු ඊ-මේල් එකක ලින්ක් එකක් හරහා ගිහින් වගෙයි මට මතක. මං බ්ලොග් එකක් පටන් ගන්නත් ටැබූගේ බ්ලොගය එක හේතුවක් වෙන්න ඇති.

ටැබූ දේශපාලන ලිපිත් ලිව්වා. කතන්දරත් ලිව්වා. ඒ කතන්දරවලත් වැඩිපුර තිබුණේ දේශපාලනයයි. ඒ කියන්නේ පක්‍ෂ දේශපාලනයම නෙමේ. බොහොමයක් තහනම් මාතෘකා ගැන ලිවීමත් කතා කිරීමත් දේශපාලනය, ඒ කියන්නේ පොලිටික්ස්, තමයි.

http://kathandara.blogspot.com.au/2012/04/taboo-taboo-where-are-you.html

Thursday, April 5, 2012

පොඩි එකාට බයියං කැව්ව හැටි - Baby Kathandara at dinner time

පොඩි ළමයින්ට බත් කවන හැටි ගැන මේ වගේ කතන්දර නම් ඔහේලා කප්පරකට අහලා ඇති. නමුත් මේ කතන්දරේ, මට නං එක වැදගත්කමක් තියෙනවා. ඒක තමයි මේ කතන්දරේ පොඩි එකා කියන්නේ කතන්දරකාරයා පොඩිම පොඩි කාලේ චරිතය නොහොත් "කතන්දර බබා" වීම.

ඇත්තටම කියනවා නං අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වුණාට කියන මේ සිද්ධිය මගේ මතකයේ තිබුණේ නෑ. මේ කතන්දරේ මට මතක් කරලා දුන්නේ අපේ ඇන්ටි කෙනෙක්. (මේ කියන්නේ අර රුපියල් විස්සට පෙට්‍රල් ගන්න තාමත් බලං ඉන්න ඇන්ටි ගැනයි).

පොඩි උං බත් කැමට හොර බව ඉතිං අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මංතුමාත් ඉතිං ඒ කාලේ එහෙම තමයි. මොකද, බත් කියන්නේ වැලිතලපයැ නේද?

ඉතිං ළමයින්ට බත් කවාගන්න අම්මලා දාන පරම්පරානුගත අත්දුටු උපාය, රැවටිලි, දහංගැට සේරම වගේ අපේ අම්මාත් පාවිච්චි කරළා තියෙනවා.

ඒ එක උපක්‍රමයක් තමයි ගුණපාල.

http://kathandara.blogspot.com/2012/04/baby-kathandara-at-dinner-time.html

Tuesday, April 3, 2012

කසාදේ රැකගන්න අනිවාර්ය කොන්දේසියක් - A necessary condition for a successful marriage

ධම්පදයේ එන මනෝපුබ්බංගමා ධම්මා ගාථාවේ තියෙන චක්කංව වහතෝ පදං කෑල්ල දන්නවා නේද? ඒ ආකාරයට තමයි බොහොමයක් ලව්වලින් පස්සේ බූට් එන්නේත්, ඒ වගේම සමහර කසාදවලින් පස්සේ දික්කසාද එන්නේත්.

මුලින් ලව් කලකට පස්සේ මල ඉලව් වෙනවාට වඩා අඩු ප්‍රතිශතයකින් තමයි මුලින් කසාද කලකට පස්සේ දික්කසාද වෙන්නේ. මං කලින් දවසකත් කිව්ව විදියට මේකට නං හේතුව ඉතිං බැඳගත්ත බෙරේ ගහන්න වෙන්නේ තමන්ට කරුමය උරුමය වෙලා කියලා හිතන ඈයෝ වැඩි නිසයි.

අනිත් හැමෝටම ආදර්ශයක් වෙමින් හොඳ යුගදිවි ගත කරන අයත් අපි අතරේ ඉන්නවා.

http://kathandara.blogspot.com.au/2012/04/necessary-condition-for-successful.html

Sunday, April 1, 2012

ව්‍යායාම කිරීමෙන් ගෑණුන් ට ලිංගික සුරතාන්ත තෘප්තිය ලැබේ! - Exercise orgasm for women!

ඔය අමුතු ටැලිවිෂොං චැනල්වල තියෙන අමුතු ආකාරයේ දිගම දිග ඇඩ්වර්ටීස්මන්ට්වලින් බඩ බස්සගන්න උදව්වෙනවාය කියලා මාකට් කරන ඇක්සයිස් ගැජට්-බැජට් දැකලා තියෙනවා නේද?

ඉඩ ලැබුණු ලැබුණු විදියට ඇවිදිනවා මිස මං නං කවදාකවත් ඔය මැෂින්වලින් ඇක්සයිස් කරලා නෑ. මැෂින්වලට කෙසේ වෙතත් ඔය මැෂින් ඇතුව හෝ නැතුව හෝ ව්‍යායාම කරන ගෑණු ගැණ නං මගේ හිතේ කොනක පොඩි බයක් තිබුණා.

ගිය සතියේ දවසක පත්තරයක් බලමින් ඉන්න වෙලාවේ ඇහැ ගැටුණු එක ප්‍රවෘත්තියක් නිසා ඒ මගේ බයට යම්කිසි පදනමක් තියෙනවාය කියලයි දැන් මට හිතෙන්නේ.

අද කතන්දර දැනුම් සාගරේ සීරීස් එක යටතේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් විදියට මේ ලියන්න යන්නේ ඒ නිවුස් අයිටම් එකේ විස්තරයයි.

http://kathandara.blogspot.com.au/2012/03/exercise-orgasm-for-women.html

Saturday, March 31, 2012

විජේකොන් නාන්න යයි - Wijekoon goes for a bath

විජේකෝන් කියන්නේ කාලයක් මාත් එකක්ක එක හැලියේ බත් කාපු පොරක්. හොඳ හාදයා. අහිංසකයි. වලියට බර නෑ.

මට වඩා අවුරුදු පහක් හයක් විතරවත් සීනියර් මගේ මතකය අනුව. සීනියර් මැවිසුරුවෙක් වුණාට අපි සමසමාජයේ තමයි කල් ගත කලේ. සීනියොරිටි ඕනෑ නෑනේ එක චමරියේ ඉන්න කොට.

විජේකෝන් චමරියේ බාත්රූම් එකට නාන්න යනකොට තමයි බලං ඉන්න ලස්සන.

බාත්රූම් කියන කොට මතක් වුනේ අපි පොඩි කාලේ නං ඔය බාත්රූම් තිබුණේ නෑ අපේ ගෙවල්වල. වෙල අයිනේ ලිඳට ගිහින් තමයි නෑවේ. ගෙදර ලිඳ හරිඟ ගැඹුරුයි. ඒ හින්දා ඒකෙන් වතුර ගත්තේ උයන්න, මූණ හෝදන්න, රෙදි හෝදන්න සහ වැසිකිලි වැඩවලට විතරයි. කක්කි කොල තිබුණෙත් නෑනේ.

http://kathandara.blogspot.com.au/2012/03/wijekoon-goes-for-bath.html

Thursday, March 29, 2012

සාමා කෙල්ල ගේ ඇස් පෑදූ අම්මා - Raising kids the correct way

අපේ සමහරු ඉන්නවා, සියලු දේම පරිපූර්ණව, ක්‍රමානුකූලව, හැලහැප්පීම්වලින් තොරව, සිද්ධවෙන ලෝකයකයි අපි ජීවත් වෙන්නේ කියලා හිතාගෙන ඉන්න.

හීනෙන් නෙමේ ඇත්තටම, හැබැහින්!

පොඩි පොඩි දේවල් රෝං සයිඩ් ගියාම එක්කෝ මේ ගොල්ලන්ට ඒවා පේන්නේ නෑ, නැත්තං නොදැක්කා වගේ ඉන්නවා. සිලෙක්ටිව් බ්ලයින්ඩ්නස් එකක් හෙවත් තෝරාගත් අන්ධභාවයකින් යුතුව.

හැබැයි ඔහොම ඉඳලා, ඉඳලා තමන්ට වඩාත් දැනෙන දෙයක් වැරදිලා ගියාම හොඳ සිහිය සැපත් වෙලා ලෝකේ පෙරළන්න එන තරමට කලබල වෙනවා.

මං මේ කියන්න යන කතන්දරය නම් ඒ තරම්ම භයානක දෙයක් ගැන නෙමේ. පොඩි චූට්ටං එකක්.

සාමා කෙල්ල කියන්නේ අපේ කාලේ කැම්පස් එකේ හිටිය යුවතියක්. මගේ හොඳ යාළුවෙක්.

http://kathandara.blogspot.com.au/2012/03/raising-kids-correct-way.html

Tuesday, March 27, 2012

ජොක්කු ගන්න ආයෙත් කඩේ ගියා - Superiority complex?

මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී හිටපු හොරණ පැත්තේ කඩෙන් සුදු කමිසයක් ගන්න ගිහින් අන්තිමට ජොක්කු සයිස් එක තෝරන්න වෙච්ච කතන්දරේ නං ඉතිං කතන්දර බ්ලොග් එක කියවන බහුතරයක් දෙනා කියෝලා තියෙනවානේ මේ වෙනකොට.

ඒකේ දාලා තියෙන ඔසී පිලේ ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් ගේ ෆොටෝ එකට ගෑල්ළමයි සමහරු බයයි වගේ.

අද කියන්න යන්නේත් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බක් ගැන කතන්දරයක්.

මේ පාර සිද්ධිය වුනේ පිළියන්දල කඩේකදී. සාප්පුවේ නම නං හරියටම මතක නෑ. ටවුමේ කැස්බෑව පැත්තට වෙන්න කොළඹ යන්න බස් නවත්තන පැත්තේ තියෙන ලොකු කඩ කීපයෙන් එකක් මේක. පාරේ ඉඳලා කඩේට ඇතුල් වුණාට ඒ දවස්වල සල්ලි ගෙවා පිටවෙන්න තිබුණේ බිම් මට්ටමට වඩා යටින් තියෙන තට්ටුවක ඉඳලා පඩි නැගලයි.

ඔන්න ඔය බේස්මන්ට් එකේ සල්ලි ගෙවන තැනදී තමයි මේ සිද්ධිය වුනේ.

http://kathandara.blogspot.com.au/2012/03/superiority-complex.html

Sunday, March 25, 2012

සංගීත් ඔස්තාද් අහවලා නොහොත් ගණිකාවකට බැඳි පෙම - How long is too long?

ඔන්න දවසක් මගේ මිතුරෙකුගෙන් කෝල් එකක් ආවා.

"කතන්දර, පොඩි උදව්වක් ඉල්ලන්නයි කතාකළේ!"

"ඔව් මචං මක්කෙයි ඕනැ උදව්ව. ඇහැකි දෙයක් නං කරල දෙන්නං."

"අපොයි, මේක ඔහේට හොඳට පුළුවන් දෙයක්. මට සින්දුවක් කියන්න චාන්ස් එකක් තියෙනවා. ඒකට පදමාලාවක් ලියා ගන්න ඕනෑ."

"මං නං එහෙම සින්දුකාරයෙක් නං නෙමෙයි හැබැයි."

"නෑ, නෑ, එහෙම කියන්න එපා. මං මේකට මියුසික් කරවාගන්න ඉන්නේ සංගීත් ඔස්තාද් අහවලාට කියලයි. මේක උඹටත් හොඳයි."

"ඉතිං මං ලියල තියෙන පෙම් ගීයක් අර ගනිං කෝ."

"නෑ මචං එහෙම නෙමේ, මට ඕනෑ අසම්මත සිද්ධියක් ගැන සින්දුවක් කියන්නයි. අඩු ගානේ පොඩි කන්ට්‍රවසි එකක්වත් තියෙන."

http://kathandara.blogspot.com.au/2012/03/blog-post.html

චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Bing uses of "wee"

පරම්පරාවකට විතර වගේ කලින් අපේ මිතුරු රට ඉන්දියාවේ හිටියා මොරාජි දේශායි කියලා අගමැතිවරයෙක්. ඉන්දිරා ගාන්ධිව පරදවලා බලයට ආව එකටත් වැඩියෙන් පොර ප්‍රසිද්ධ වුනේ වෙනත් කාරණයකටයි.

පොර දිනපතා පානයක් ලෙස චූ බොනවා.

හැබැයි තමන් ගේ ම චූ!

චූ බීමෙන් ඖෂධීය ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත් මේ අදහස මුල් බැසගෙන තියෙනවා.

දැන් මෙන්න මේ විශ්වාසය ඇමරිකා එක්සත් ජනපදය දක්වාත් පැතිරිලා.

මං මේ ලඟදී කියවපු ප්‍රවෘත්තියක් මෙන්න.

http://kathandara.blogspot.com.au/2012/03/blog-post_24.html

Thursday, March 22, 2012

ඔෆීසියේ දී දුටු යුවතිය - Girl at the office

මං පේරාදෙනියෙන් අවුට් වෙලා දෙවෙනි ජොබ් එකට ගියේ කොළඹ ලොකු කොම්පැනියකටයි. මෙතන හිටිය හැමෝම ලොකු මැනේජර්ස් ලා. කොම්පැනියේ තිබුණු විවිධ බිස්නස් දහ පාලොස් ගාණක මැනේජ්මන්ට් සර්විසස් තමයි මෙතන ජොබ් එක.

ඉතිං මාත් ගියේ අත් දිග කමිසයක් ඇඳලා, ටයි එකකුත් දාලායි.

ඒ දවස්වල මට ටයි දෙකක් ම තිබුණා. පස්සේ පඩි ලැබුණාම තව එකක් ගත්තා!

උදේ පාන්දර හයාමාරට වගේ මං ගෙදරින් පිටත් වෙනවා, හැබැයි කමිසේ අත් නවාගෙන ටයි පොල්ල නවලා සාක්කුවේ දාගෙනයි යන්නේ. ඔෆීසියට ගිය ගමන්ම කරන්නේ ටොයිලට්ස් ලොබියේ කණ්ණාඩියකින් බලාගෙන ටයි පොල්ල බෙල්ලේ එල්ලාගන්න එකයි. ඒ වෙලාවට අපි වගේ කොල්ලෝ කී දෙනෙක්ම එතන ටයි බඳිනවා.

http://kathandara.blogspot.com.au/2012/03/girl-at-office.html

Tuesday, March 20, 2012

ඇඟ පුරාම මයිල් නං ගෑල්ළමයි කරේ! - What women want!

ඔළුවේ කෙස් යන්නේ පිරිමි හෝමෝනය වෙන ටෙස්ටෙස්ටොරාන් පමණට වඩා වැඩි වුණාම බව දන්නවානේ? එහෙම අයට ඊස්ටජන් කියන ගෑනු හෝමෝනය ඉන්ජෙක්ෂන් කරගෙන ඕනෑ නං කෙස් වවා ගන්න පුළුවනි ලු.

ඊස්ටජන් ඇඟ පුරාම තියෙන සුන්දර කාන්තාවෝ වැහි වලාකුළු වගේ කෙස් කළඹින් යුක්තව ඔය ඉන්නේ පාර තොටේ, ටෙලිවිෂන් තිරයේ බැබලී බැබලී.

ඒත් මං හිතන්නේ නෑ කොච්චර තට්ටේ පෑදුණත් පිරිමියෙක් කැමතිවෙයි කියලා ඊස්ටජන් ඉන්ජෙක්ෂන් ගහගන්න.

ඔලුවේ කෙස් ගැන කේස් එක එහෙම වුණාට, පපුවේ මයිල් නං සැලකෙන්නේ පුරුෂ භාවයේ සංකේතයක් හැටියටයි.

http://kathandara.blogspot.com.au/2012/03/what-women-want.html

පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ - Toilet papers and cleanliness

ගලක් උඩ කක්කි කරපු පූසෙක් ඒ ගූ ගොඩ වහගන්න විදියක් නැතුව චාටර් වෙන විදිය ගැන කියවෙන "ගල-උඩ පැහැරූ බළලා වගේ!" කියන ආත්තෝපදේශ වැකිය දන්නවා නේද?

ඉස්සර වගේ නෙමේ මේ අන්තර්ජාල ඩිජිටල් කැමරා යුගයේදී ඒ කළ වැරදි සඟවාලා, සාක්‍ෂි පුච්චලා දැම්මත් වැඩක් නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ?

ඔය විදියට පූසෙක් කක්කා දානවා දැකපු හිම වලහෙක් ඒකට වලියක් ඇදලා.

ඔන්න එතකොට පූසාට සංකේතාත්මකව මල පැනලා මෙන්න මෙහෙම කීවලු.

"අනේ බොල හිම වලහෝ! කක්කා දාලා හෝදන්නේ නැතුව පස්ස පැත්ත කොලවලින් පිහදාන උඹද එන්නේ මේ මට උපදෙස් දෙන්න?"

ඔය කක්කි කළාට පස්සේ පස්ස පැත්ත පිහදාන කොල වර්ගයට කියන්නේ ටොයිලට් පේපර් කියලයි. සිංහලෙන් කියන්න පුළුවනි එක්කෝ "පුක්-කොල" නැත්තම් "කක්කි කොල" කියලා.

http://kathandara.blogspot.com.au/2012/03/toilet-papers-and-cleanliness.html

Saturday, March 17, 2012

පැන්සොන් මීටිම - When should a man retire?

ඔන්න පැන්සොන් වයස, ඒ කියන්නේ නොහැකි හෙවත් නාකි වයස එලැඹිලා එක පොරක් තමන් කරමින් හිටිය රස්සාවෙන් පැන්සොන් ගත්තලු. අන්තිම දවසේ ඔෆිස් එකේ තිබුණු පාටියෙන් පස්සේ හැමෝගෙන්ම සමුගෙන ඇවිත් පොර ගෙදර විවේක සුවයෙන් ඉන්න වෙලේ පොරගේ අවයව, අංගෝපාංග, පංචායුධ ටික හදිසි රැස්වීමක් කැඳවලා.

රැස්වීමේ මූලාසනය අරං තියෙන්නේ අවයවවල ප්‍රධානියෙක් වෙන මොලයයි.

"අද මේ රැස්වීම කැඳවන්න මූලිකම හේතුව වුනේ අපේ අයිතිකාර සුනෙත් විජේරත්න මහතාගේ විශ්‍රාම යෑමයි. ඔහු මේ අවුරුදු හැටක් වෙනතුරු වැඩපොල කරගත්තේ ඔහුගේ අවයව, අංගෝපාංග, පංචායුධ වෙන අපේ පිහිටෙනුයි. සුනෙත් විජේරත්න මහතාගේ අදහස නම් හෙට සිට ඉදිරි ජීවිතකාලය විවේක සුවයෙන් ගත කිරීමයි."

http://kathandara.blogspot.com.au/2012/03/when-should-man-retire.html

Wednesday, March 14, 2012

ඇත්තටම මේක ලියුවේ කව්ද? මහා ආන්දෝලාත්මක නිර්මාණයක්! - Don't kill the messenger!

හීනයක් බලමින් කෝච්චියේ යද්දී පරණ මතකයක් අවදිවුණා!

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨ කලා කවයට අයිති නිර්මාණ පුවරුව ගැන මං විටින් විට කියලා තියෙනවානේ.

මගේ කයි-කතන්දරවල තියෙන කයි පද කෑලි අති බහුතරය මුලින්ම පලවුනේ ඔය කියන කලාකවය නිර්මාණ පුවරුවේ තමයි.

අපේ ෆයිනල් ඉයර් එකේදී වගේ මෙන්න මේ පල්ලෙහා තියෙන කවිය ඒකේ පලවෙලා තිබුණා.

කවියේ අදහස නිසාත්, පද ගැළපුමේ අපූර්වත්වය නිසාත් මට මේ කවිය විටින් විට සිහි වෙනවා.

http://kathandara.blogspot.com.au/2012/03/dont-kill-messenger.html

Tuesday, March 13, 2012

වයිස් චාන්සලර් ගේ පඩිය කීයද? - VC meets his match!

වයිස් චාන්සලර් හෙවත් වීසී හෙවත් උපකුලපති තමයි යුනිවසිටියේ සර්ව බලධාරී ලොක්කා. හරියට ලංකාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල චාන්සලර් හෙවත් කුලපති කියලා තනතුරක් තිබුණාට ඒක නිකං නමට විතරක් තියෙන සෙරමෝනියල් තනතුරක් විතරයි. හරියට ඉන්දියාවේ ජනාධිපති වගේ.

යුනිවසිටිවල එදිනෙදා පරිපාලනය පිලිබඳ හැම තීන්දුවක් ම වගේ ගන්නේ වීසී ගේ අනුදැනුම සහ අත්සන එක්කයි. කොල්ලන් ගේ පන්ති තහනම් කළාම හෙම වීසීට විරුද්ධව පෙළපාලි යන්නේ ඒ හින්දනේ.

විශ්ව විද්‍යාලයක හිටපු වීසී කෙනෙක් හා සම්බන්ධ මේ කතාව මට කිව්වේ අපේ රත්නායක මහත්තයායි.

මේ රත්නායක විශ්ව විද්‍යාලයෙන් අවුට්වෙලා වෙනත් විශ්ව විද්‍යාලයක වැඩ කරන්න පටන් ගත්තු අළුත. අවුට් වෙච්ච ගමං ඉතිං බොහෝ දෙනෙකුට ගන්න පුළුවන්නේ තාවකාලික උපදේශක (ඉන්ස්ට්‍රක්ටර්) හෝ ප්‍රදර්ශක (ඩිමොස්ටේ‍ර්ටර්) තනතුරු.

එහෙම ජොබ් එකකට ආපු පොරක් තමයි රේඛීය විජේනායක.

http://kathandara.blogspot.com.au/2012/03/vc-meets-his-match.html

Monday, March 12, 2012

මට දෙන්න හැකි දේවල් මෙන්න :: Wishlist Vs What you can offer

තමන් ගේ අත ගන්න එන කොල්ලෙකුගෙන් තමන් බලාපොරොත්තු වෙන දේවල් ගැන පොඩි කුමාරිහාමි දැරිවිය ලිපියක් දාලා තිබුණා.

ඒක දැකපු මාතලන් ගොයියත් ලයිස්තු ගත කරලා තිබුණා ගෑල්ළමයින්ට මොනවාද ඕනෑ කියලා පොරට හිතෙන දේවල්.

තමන් බලාපොරොත්තුවෙන දේවල් ගැන ලයිස්තු හදන එක හරිම ජොලි වැඩේ. මේවාට ඉංගිරිසියෙන් කියන්නේ විෂ්-ලිස්ට් කියලායි.

අපි අනුන්ගෙන් බලාපොරොත්තුවෙන දේවල් ගැන විෂ්-ලිස්ට් හැදීමට වඩා මං හිතන්නේ වැදගත් අපිට අනුන්ට දෙන්න, අනුන් වෙනුවෙන් කරන්න පුළුවන් මොනවාද කියලා ලයිස්තුගත කරන එක.

අර හිටපු ඇමරිකන් එක්සත් ජනපද ජනාධිපති කෙනඩිත් කියලා තියෙනවා නේ Ask not what your partner can do for you - ask what you can do for your partner වගේ තේරුමක් ගෙන දෙන කතාවක්.

මං මේ හදන්නේ මට මගේ සහකාරියට දෙන්න පුළුවන් දේවල් ගැන ලයිස්තුවක් හදන්නයි.

මුළු කතන්දරේම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/03/wishlist-vs-what-you-can-offer.html