Thursday, May 31, 2012

හරීම ෂෝක් හස්බන්ඩෙක්! - What a wonderful husband!

කසාඳ බඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් දවසක මං බස් එකක යද්දී හරීම නෝටි හස්බන්ඩෙක්ය කියලා මගේ හිතවතුගේ අක්කා කෙනෙක් මංතුමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගත්තු කතන්දරේ මේ ලඟදී දවසක ආපහු කියවපු වෙලාවේ මට මතක්වුණා, මාව හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලාත් නිවරදි ලෙසින් අගැයීමකට ලක්වෙලා තියෙන බව.

මෙන්න අද ඒ කතන්දරේ!

හැබැයි මේ කතන්දරේ අද කියන්නේ, එදා කතන්දරකාරයා හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලා පැහැදිලිවම වටහාගෙන, ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරළා, විස්සෝප වෙලා, හූල්ලලා, කතන්දර හාමිනේ ගැනත් පොඩි පහේ ඉරිසියාවක් ඇතිකර ගත්තු දේවිකා වගේ අද මේ කතාව අහලා කිසිම ගෑල්ළමයෙක් තමන්ගේ මහත්තයා හෝ වෙන්ඩ මහත්තයා ගැන අහිතක් ඇතිකර නොගනීවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.

http://kathandara.blogspot.com.au/2012/05/what-wonderful-husband.html

Wednesday, May 30, 2012

පදම් වීම - Ageing

පදම් වීම

රතු ලේබල් හොඳයි.

හැබැයි,
රතු ලේබල්වලට වඩා
අවුරුදු දොලහක්ම පරණ
කළු ලේබල් හොඳයි!

ඊටත් වැඩියෙන් සුපිරියි
අපි නොදන්න ඩබල් බ්ලැක්.

... ....

http://kathandara.blogspot.com.au/2012/05/aging.html

Tuesday, May 29, 2012

වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි) - Sunday Special Extra (photos included)

මං ගිය සතියේ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳ වට රන් තරු" නම් නවකතාව කියෙව්වා. සාමාන්‍ය මල් කතාවකට වඩා මේකේ කතාවස්තුව වෙනස් වෙන්නේ කතාවට පසුබිම් වූ හැට-හැත්තෑ ගණංවල කොළඹ උතුර ප්‍රදේශයේ පරිසරය නිසයි. සාමාන්‍යයෙන් ගමේ බයියන් වූ අපි හුඟ දෙනෙකුට මේක අළුත් අත්දැකීමක් වේවි. කාලවකවානුවත් වැදගත් විවිධ දේශපාලන සිද්ධි නිසා.

මේ වගේම සාමාන්‍යයට වෙනස් අපූරු පරිසරයක් පදනම් වුණු කතාවක් තමයි මංජුල වෙඩිවර්ධන (වෙඩ්ඩා) ගේ "බත්තලංගුණ්ඩු" නම් වූ සුපිරි නවකතාව.

රංජිත් කුමාරගේ කතාවේ එක තැනක තියෙනවා "ටෙරිලින්" කමිස අඳින පොරක් ගැන. තව තැනක තියෙනවා, කමිස රෙද්දක් ගන්න පොරක් ලෝන් ගහන කතාවක්.

http://kathandara.blogspot.com.au/2012/05/sunday-special-extra-photos-included.html

Sunday, May 27, 2012

ඒ වං මේ සුතං! - අයියා ද? අංකල් ද? - මේක "ලූ" කතන්දරයක් : Thus Have I Heard!

"ලූ" කතන්දර කියන්නේ අපි අත්නොවිඳපු නමුත් වෙනත් කෙනෙකුගෙන් අහන්නට ලැබුණු කතන්දරවලට නේ.

ඒ අර්ථයෙන් මං අද කියන්න යන්නේ ලූ කතන්දරයයක්.

මේක මට මතක් වුනේ අද උදේ කෝචචියේ එද්දී ඊ-මේල්කාරී ලියලා තිබුණු සිතුවම් සහිත රෝඩ් රේජ් කතා වස්තුව සිහියට ආපු වෙලාවේදී යි.

ඔන්න එකමත් එක රටක හිටියාලු වයසක අම්මා කෙනෙක්. මේ අම්මාට හිටියාලු හොඳ නැඩ හැඩිදැඩි පුත්තු කීප දෙනෙක් ම. පුත්තු කිව්වාට මේ ගොල්ලෝ විවාහවෙලා දරුමල්ලෝත් ඉන්න තාත්තලා.

http://kathandara.blogspot.com.au/2012/05/thus-have-i-heard.html

Saturday, May 26, 2012

ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp

සමහරවිට ඌරොත් අඬනවා ඇති.

ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.

වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.

එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.

මම ඊරියක් සේ ඇඬුවෙමි.

මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.

http://kathandara.blogspot.com.au/2012/05/eliyakanda-torture-camp.html

Tuesday, May 22, 2012

බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!

මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් මෝඩයා ගේ පෙට්ටියේ කොටස් වශයෙන් ගිය ටෙලියක තිබුණු කෑල්ලක් තමයි ඔය උඩින් මාතෘකාවට දාලා තියෙන්නේ.

මේ කියන සීන් එකේ තිබුනේ, හොඳටම ඩෝප් වෙච්ච එකෙක් (කතාවේ හැටියට කෙල්ලගේ අයියද කොහෙද) ඔය කවි කෑල්ල කිය කිය පාරේ වැනි වැනී යන විතරයි.

ඒ ටෙලියේ තිබුණු වෙන කිසිම දෙයක් මට අද මතක නැති වුණත්, අවුරුදු දොළහකට පස්සේත්, ඒ කවි කෑල්ල තාමත් මතකයි.

ඒකට හේතුව මංතුමා කයි-කතන්දරවලට කැමති එක විතරක්ම නෙමේ.

අද අපේ කෂ්ටිය බහුතරයක් බුද්ධාගම ප්‍රැක්ටිස් කරන විදිය ගැන මුළු කතාවම ඔය කවි දෙපදයේ ඇතුලත් වෙනවාය කියලයි මට හිතෙන්නේ. අන්න ඒකයි!

http://kathandara.blogspot.com.au/2012/05/antidote-to-doubt-is-not-faith-but.html

Monday, May 21, 2012

විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

ඔය මාතෘකාවේ තියෙන ස්පර්ශකය (අකුරු හරිද මන්දා? - අකුරු නෙමේ වචනයම වැරදිලායි තිබුණේ. ඔන්න හැදුවා. වරද පෙන්නා දුන් සැමට ඉතා ස්තුතියි) කියන වචනේ අහල පුරුදු ඇති උසස් පෙළ ගණිතය කරපු අයට. ගණිතමය අර්ථ දැක්වීම කෙසේ වෙතත් මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි.

දේශපාලන පක්‍ෂ තියෙනවා නේද? මට නං ඔය එකක්වත් පෙන්නන්න බෑ. මොකද ඕවායේ ඉන්න වුන් කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එකයි. ගණිතමය වශයෙන් කිව්වොත් අම්බානකට සංඛීර්ණ මල්ටි ඩිමෙන්ෂන් චක්‍රාණුකූල පඨවල තමයි උන් ගමන් කරන්නේ.

මංතුමා ගැන කියනවා නං, අවුරුදු දහ අටේ දී විතර ඇති කරගත්තු දේශපාලන දිශානතිය තවම වෙනස්වෙලා නෑ. නැත්තම් එහෙම තමයි මට පේන්නේ, මට සාපේක්‍ෂව.

ඉතිං මං සරල රේඛාවක යනවා. දේශපාලන පක්‍ෂ සහ ඒවයේ පොරවල් උන්ගේ වක්‍රාණුකූල පඨවල ගමන් කරනවා.

http://kathandara.blogspot.com.au/2012/05/wth-is-that.html

Friday, May 18, 2012

කමින් කලර් ගුඩ් ගුඩ් හෙවත් පොඩි පහේ හඳුන්වා දීමක් - Introducing a new blog

මං මේ දවස්වල පරිනාමයේ පොඩ්ඩක් විතර ආපස්සට ගමන් කරලායි ඉන්නේ. ඒ කියන්නේ කතන්දර ලියන්නේ කෙලින්ම ලැප්ටොප් එකට නොවෙයි, පොඩි පොතක අත් අකුරිනුයි ලියන්නේ.

මේකට හේතුව තමයි මගේ හුරුබුහුටි අඟල් දාහතර සයිස් එකේ Acer ලැපා ගේ චාජ්කරන තැන කැඩුන එක. ඒක හදාගන්න වෙලාවක් නැති කම නිසා පරණ DELL මැෂිමකට බැස්සා. මේක කිලෝ හතරක විතර ලදරං බඩුවක්. කෝච්චියේ අරං යන්න බර වැඩියි.

අළුත් එකක් ගත්ත නං හොඳයි. ඒත් ඉතිං අපිට කෙහෙන්ද වින්චැට් කිරිල්ලියෝ?

කොහොම කොහොම හරි අතින් ලියපු කතන්දරත් මේ වෙනකොට හය හතක් තියෙනවා. නමුත් අද හිතුණා ඒ එකක්වත් නොදා වෙනමම කතන්දරයක් කියන්න ඕනෑ කියලා.

http://kathandara.blogspot.com.au/2012/05/introducing-new-blog.html

Thursday, May 17, 2012

පොඩි කොල්ලා කාලේ කතන්දර - Some childhood memories

තවම බ්ලොග් එක නිවරදි ගියර් එකට දාන්න හිත සන්සුන් නෑ.

ඒ මදිවට හාමිනේත් රාජකාරි වැඩකට දුරු රට ගිහින්. තව දවස් දෙකතුනකිනුයි එන්නේ.

ලියපු කතන්දර පහ හයක් තිබුණත් ඒවා පල කරන්න හිතෙන්නේ නෑ. ඒ වෙනුවට මට හිතුනා කාලෙකට කලින් මං සඟරාවකට ලියපු ලිපියක් යුනිකෝඩ් කරලා දාන්න.

මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ?

http://kathandara.blogspot.com.au/2012/05/some-childhood-memories.html

Tuesday, May 15, 2012

තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද? - Remembering Sanath "Observer" Wijewardene

මීට වසර එකහමාරකට පමණ පෙර 2010 නොවැම්බර් 20 දින (හරියටම මගේ පියාගේ උපන් දිනය දා) මට නාඳුණන පුද්ගලයෙකුගෙන් ඊ-මේල් පණිවිඩයක් ලැබුණි.

මා ලියූ ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කතන්දරයේ පසුබිම ගැන විමසමින් ඉංගිරිසියෙන් ලියවී තිබුණු ඒ ඊ-මේලය එවා තිබුනේ, තමන්ට ඊ-මේලයකින් ලැබුණු ටැබූගේ ලිපියක් ඔස්සේ හඹා ගොස් ඉන්පසුව කතන්දර බ්ලොග් අඩවියට වැරදීමකින් මෙන් පැමිණ පසුව සමස්ත සිංහල බ්ලොග් ලෝකයම සමතික්‍රමණය කළ සනත් විජේවර්ධන නමැති ලෝකයේ පුක පැත්තේ කොනේ පර්ත් නම් නගරයක වාසය කළ වයස අවුරුදු 57 ක පුද්ගලයෙකුගෙනි.

පසුව දුරකතනයෙන් එකිනෙකා අමතා ඇරඹුණු අපේ මිතුදම විවිධ බ්ලොග් සම්බන්ධ කරුණු ගැණ ඊ-මේල් මගින් කරන ලද ගනුදෙනු හරහා ඉදිරියට ඇදී ගියේය.

ttp://kathandara.blogspot.com.au/2012/05/remembering-sanath-observer.html

Sunday, May 13, 2012

දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.

බොරුයි කියලද හිතන්නේ?

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/05/father-of-nation.html

Friday, May 11, 2012

එන්න, එන්න! එක්වන්න!!! අනාගත ජනනායක දේශපාලුවන් වෙනුවෙන් අපට අද කළ හැකි වැදගත් කාර්යයක් - For our future leaders!

මං ඔය උඩින් තියෙන මාතෘකාව අද කතන්දරයට දැම්මේ හොඳට හිතලා මතලා බලලායි.

මගේ අරමුණ අද මගේ රටේ ඉන්නා ජනනායක දේශපාලුවන් මා වෙනුවෙන්, අප වෙනුවෙන්, රට වෙනුවෙන් කරගෙන යන ඉතා වැදගත් කාර්යභාරය ගැන හොඳ අවබෝධයක් වැටහීමක් තියෙන සහ ඒ එක්කම අනාගතයේ ජාතියේ පිණට රටේ බිහිවෙලා අපේ මතු පරම්පරාවල නායකත්වය දෙන්න නියමිත ජන නායකයින් වෙනුවෙන් අප අද කළයුතු වැඩ කොටසට උරදෙන්න බොක්කෙන්ම කැමති පිරිසක් මේ කතන්දරේ බලන්න ගෙන්නා ගන්නයි.

එහෙම නැතුව මෙතනට අද අර වෙනදට පල කෙරෙන ජොක්කු කතන්දර, චූ කතන්දර, කක්කා කතන්දර, බැඳපු උන්ට උපදෙස්, ලව් කරන්න උපදෙස් වගේ දේවල් බලන්න ආපු අයට නං අද වෙන්නේ හිස් අතින්ම ඔය පැත්තකින් තියෙන ලින්ක් එකක් ක්ලික් කරගෙන ආපහු යන්නයි.

ඉතිං මෙතනින් ඉස්සරහට මේ කතන්දරේ කියවන්නේ ජාතිමාමක, දේශමාමක හැඟීමක් තියෙන අය විතරයි කියා මං හිතනවා.

http://kathandara.blogspot.com.au/2012/05/for-our-future-leaders.html

Thursday, May 10, 2012

ලව් ලැටර් හුටපටයක් - You are the Jury (Love letter case)

මං මේ කියාගෙන එන්නේ ආසිරි මහත්තයා ගේ සහ විශාකා නෝනා ගේ නිවසේ වැඩට ආපු සුසන්තා කෙල්ල ගේ කතන්දරයයි.

ඇත්තටම කෙල්ලගේ මුල් නම සුසන්තා නෙමෙයි ආසිරි. ඒත් ඒ නම පාවිච්චි කරන්න තියෙන පැහැදිලි ප්‍රශ්ණය නිසා කෙල්ලගේම නමේ දෙවෙනි කොටස වන සුසන්තා කියලා කියන්න පටන් අරගෙන තියෙනවා වැඩට ආපු මුල් දවසේ ඉඳලාම.

ඒ නමේ කේස් එකේ අවුලක් තියෙනවාද කියලා අදහස් දක්වපු හැම දෙනාටම ස්තුතියි.

දැන් මෙන්න ආසිරි-විශාකා යුවල ගේ නිසි අවසරයෙන් යුතුව පලකෙරෙන මේ කතාවේ දෙවෙනි කොටස.

http://kathandara.blogspot.com.au/2012/05/you-are-jury-love-letter-case.html

Tuesday, May 8, 2012

ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක කේස් එකක්) - You are the Jury (name change)

මෙතන ඇත්තටම ඔහේලාගෙන් තීන්දු එකක් නෙමේ දෙකක්ම අවශ්‍යයයි. එකක් අද, අනික බදදා.

මං ඉස්සෙල්ලා අද කතන්දරේ කියන්නම්. ඊට පස්සේ මේ කතාවේ කතානායක, කතානායිකා යුවල කරපු වැඩ දෙකක් ගැන පාඨක ඔබේ ප්‍රතිචාරය දෙන්න.

කතානායක මහත්තයා ගේ නම ආසිරි. නෝනා විශාකා. දෙන්නා බැඳලා ටික කාලෙකින් මේ යුවලට දරුවෙක් උපන්නා.

මාස තුන හතරක් ගෙදර ඉඳලා බබා බලා ගත්තු නෝනා ඔන්න ආපහු කන්තෝරු යන කාලය උදාවුණා.

බබාව බලාගන්න මේ ජෝඩුවගේ ඇන්ටි කෙනෙක් කැමති වුණා. ඊට අමතරව ගෙදර දොරේ උයන පිහන, අස්පස් කරන, වැඩපොළ ටික කරගන්න උදව්වෙන්න දුර ගම්පලාතකින් ගෑණු කෙනෙක්ව හොය ගත්තා බොහෙම අමාරුවෙන්.

http://kathandara.blogspot.com.au/2012/05/you-are-jury-name-change.html

Monday, May 7, 2012

ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් - Some photos sent by Taboo

ටැබූ නමෑති හිටපු බ්ලොග්කරුවා අතුරුදහන් වෙලා අවුරුද්දක් පිරීම නිමිත්තෙන් මං ලියපු කෙටි ලිපියට ලැබුනේ පුදුම ප්‍රතිචාරයක්.

ඒ දවස්වල බ්ලොග් කියවපු අයට ටැබූ කවදාකවත් අමතක නොවෙන බවයි ඒකෙන් පෙනුනේ.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක විදියට මට හිතුනා ටැබූ නමැති බ්ලොග්කරුවා මට එවූ ෆොටෝ කීපයක් පල කරන්න.

කළබල වෙන්න එපා මේ ෆොටෝවල නං කිසිම ටැබූ කමක් නෑ.

අනික මේවා ටැබූ මට මේ ඊයේ පෙරේදා එවපු ඒවා නෙමේ. මීට අවුරුදු දෙකකට විතර කලින් 2010 ජූනි මාසේ එවපු ඒවා වගයක්.

මං ඒ දවස්වල ලියමින් හිටිය ලව් කතන්දරවලට දාන්න කියලයි මට මේවා එව්වේ.

ඔය උඩින් දාලා තියෙන්නේ එයින් එක ෆොටෝ එකක්. මෙන්න බලන්න ඉතුරු ටික.

http://kathandara.blogspot.com.au/2012/05/some-photos-sent-by-taboo.html

Thursday, May 3, 2012

කසාද බැඳපු එවුන් ට තවත් උපදෙස් හෙවත් සින්ක් එකේ රැවුල් කොට - More advice for married men

කතන්දර බ්ලොගයේ පලවුණු ඒවායින් ඉහලම ප්‍රතිචාරයක් ලැබුණු පෝස්ට් දෙකක් තමයි:

1. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 0
2. පෙම් කිරීමට උපදෙස් - පාඩම් අංක 1

ඔය පාඩම් පිළිපැදලා ජයගත්තු අයත් ඉන්නවා කියලයි පස්සේ ආරංචි වුනේ.

ඒ මොනවා වුනත් බැඳපු මිනිහා වෙච්චි, මං නං වඩාත් කැමති බැඳපු අයට උපදෙස් එක්ක මං ලියපු මෙන්න මේ ලිපිවලටයි.

1. බැඳපු අයට මල් කඩන්න උපදෙස්
2. නිරුවතින් රණ්ඩුවීම
3. සතියකට පාරක්වත් - අළුත් නීතිය
4. ගෙදර වැඩට උදව් වෙන අයට නිතිපතා කම්සැප

අද මේ ලියන්න යන්නේත් ඒ හා සමානවම වැදගත් උපදෙස් කීපයක්. අදත් පසුබිම් කතන්දරේ නෑ, උපදෙස් විතරයි.

http://kathandara.blogspot.com.au/2012/05/more-advice-for-married-men.html

Tuesday, May 1, 2012

හැම මගුලකටම බලපාන දේශපාලනේ කසාදෙට බලාපනා එක අහන්නත් දෙයක්ද? - Politics and Marriage

දේශපාලනේ නැති තැනක්, නොගෑවිච්ච තැනක් නෑනේ.

කෞතුකාගාරයේ ඉඳලා කැවුතුකාගාරය දක්වාම, අකාරයේ ඉඳලා විකාරය දක්වාම, සූතිකාගාරයේ ඉඳලා ආදාහනාගාරය දක්වාම, මංගලාරාමයේ ඉඳලා චාරිකාරාමය දක්වාම, මල්වත්තේ ඉඳලා පොල්වත්ත දක්වාම, අර්ජුන රණතුංග ගේ ඉඳලා මයිකල් ක්ලාක් දක්වාම දේශපාලනේ.

එහෙව් එකේ කසාදෙටත් දේශපාලනේ බලපාන බව කිව්වොත් ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.

කසාදේ ගැන කියන කොට මට නං මතක්වෙන්නේ රත්නායක මහත්තයා ගේ බොස් ගේ ලයිස්තුවට මං එකතු කරපු නම්බර් සීරෝ කොන්දේසියයි. ඒක අති වැදගත් එකක් තමයි, හැබැයි මං මේ අද කියන්න යන්නේ ඒ සේරටම වඩා වෙනස් කතාවක්.

තියරියක් කියලා කියන්නත් පුළුවනි.

ඒ කියන වෙනස තමයි, බාහිර පරිසරයේ සාධක පවුල් ජීවිතේට බලපාන හැටි ගැන මේ තියරියෙන් කියවෙන එක.

දැන් මෙන්න මගේ තියරිය.

http://kathandara.blogspot.com.au/2012/04/politics-and-marriage.html

Sunday, April 29, 2012

එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක් - One seed and two fruits

දැන් අවුරුදු දහයකටත් එහා කාලෙක මං දවසක් කවි කීපයක් කුරුටු ගෑවා. ටිකක් පද ගැලපිලා එනකොට මේක නිකං සින්දුවක පදවැලක් වගේ සෙට් වෙලා ආවා.

ඔහොම තවත් කාලයක් ගියාට පස්සේ මං අතින් ඔයවගේ සින්දු අච්චුවේ කවි දහයක් දෙලහක් විතර ලියවුණාය කියමුකෝ. ඒ දවස්වල ඊ-කොමර්ස් වගේ කතා නැගලා යන හින්දා මට හිතුණා මේ රචනා ටික වෙබ් එකේ දැම්මොත් නවක ගායක ගායිකා කෂ්ටියගෙන් පොඩි පහේ ඉල්ලුමක් එන්න ඉඩ තියෙනවා නේද කියලා.

මගේ පලමු බ්ලොග් එක බිහිවුනේ ඒ විදියටයි.

ඒ මුල්ම ගීතයේ පදවැල මෙන්න මෙහෙමයි ලියවුනේ.

http://kathandara.blogspot.com.au/2012/04/one-seed-and-two-fruits.html

Friday, April 27, 2012

කොළඹ දී ලඟදීම ගරිල්ලා රස බොජුන් - Guerilla Dining in Colombo

කොළඹ නගරයේ ලඟදී විවෘත කරන්නට යන චේ (ගුවේරා) භෝජන ශාලාව ගැන ප්‍රවෘත්තිය ඇසූ මගේ මිතුරෙක් එතැන කෑමට තියේයැයි විශ්වාස කරන්නට හැකි විවිධ ආහාර පාන ගැන අපූරු විස්තරයක් ලියා තියෙනවා.

ඔහුගේ අවසර සහිතව ඒ සටහන කතන්දර බ්ලොග් එකේ දාන්න මං අදහස් කළා.

මේ නිර්මාණාත්මක කෑම වට්ටෝරුවේ රසය නොමරා එය ඉංගිරිසියෙන්ම මෙතන දාන්නම්.

http://kathandara.blogspot.com.au/2012/04/guerilla-dining-in-colombo.html

Thursday, April 26, 2012

හෙළුවෙන් බනිමු - මෙන්න හොඳ සුද්ද සිංහල වචන කීපයක් :: A few rarely heard Sinhala words

හෙළුවෙන් වනනවා කියන්නේ සිංහල භාෂාවෙන් වර්ණනා කරනවාය කියන එක බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? නමුත් ඇත්තම කියනවා නං, හොඳට හෙළුවෙන් බණින්න නම් හෙළුව විතරක් මදි හොඳ සංස්කුරුත ටිකකුත් ඕනෑ!

මේ ලඟදී දවසක පරණ කතන්දර ගැණ අතීතාවර්ජනාවක ගැලිලා ඉන්න මොහොතම මතකයට ආවා හොඳ සිංහල වචන කීපයක්.

මේවා වැඩිපුර භාවිතයේ තියෙන වචන නෙමේ. ඒ නිසාම අභාවයට යන්නත් ඉඩ තියෙනවා. කොටින්ම ගූගල් එකේ සර්ච් කළාම මේ වචනවලින් සමහර ඒවා සිංහලෙන් ජාලගත වෙලා තියෙන්නේ හරිම අඩුවෙන්.

දැන් මෙන්න මගේ මතකයේ තියෙන වචන සෙට් එක.

http://kathandara.blogspot.com.au/2012/04/few-rarely-heard-sinhala-words.html

Tuesday, April 24, 2012

මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site

පහුගිය දොහක උදේ පාන්දරම මගේ එකවුන්ට් එකට ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.

"සුහද ආරාධනා 


ආයුබෝවන්! 


අන්තර්ජාලයේ වෙබ් පිටු අතර සැරි සරමින් සිටියදී එක තැනක මම නැවතුනෙමි. (http://kathandara.blogspot.com.au/). ඒ ඔබේ අනර්ඝ නිර්මාණ එකතුවත් සමගිනි. 


ඔබගේ නිර්මාණ ලොව පුරා විසිරී සිටින මිලියන 1.5 ක් වූ මනමාලයා ඩොට් කොම් ((The most favorite sri lankan web site) - සාමාජික පිරිසට රසවිදීමට අවස්ථාව ලබා දීමට අපි කැමැත්තෙමු. 


දැනට අප සමග බොහෝ නිර්මාණ කරුවන් පිරිසක් එකතු වී ඇත. 


ඔබේ නිර්මාණත් අප සමග බෙදාගැනීමට කැමතිනම් ඔබගේ දුරකථන අංකය සමග අපට පණිවිඩයක් තබන්න."

ඊ-මේලයේ අගින් තිබුණු සිග්නේචර් බ්ලොක් එක අනුව මේක මට එවලා තියෙන්නේ මනමාලයා ඩොට් කොම් එකේ කලමනාකරන අධ්‍යක්‍ෂක ළමයා!

මා වැනි බිළින්දා කිව්වලු.

ඒ විතරක් යෑ, මේ බලන්න කෝ මුළු අත්සන.

http://kathandara.blogspot.com.au/2012/04/invitation-to-kk-from-manamalaya-dot.html

Sunday, April 22, 2012

අපූරු බිත්තර තැම්බිල්ලක් - How to make a spicy boiled egg

අද සුවිශේෂී දවසක් හින්දා බිත්තරයක් තම්බන්න හිතුණා!

මේක සුවිශේෂී බිත්තර තැම්බිල්ලක්. නිකං බිත්තරයක් නෙමේ ස්පයිසී, කුළුබඩු රස සහිත බිත්තරයක්.

ඒ බිත්තර රෙසිපියට කලින් කියන්න දෙයක් තියෙනවා. අද සුවිශේෂී දවසක්ය කියලා මං මුලින් කිව්වේ මං මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දර දාන්න පටන් අරං අවුරුද්දක් ගතවීමයි. අද මේ පලවෙන්නේ 52 වෙනි සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයයි.

මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මට නිමිත්ත දුන් සංජුගේ සයිබර් සමාගමට මගේ ස්තුතිය.

දැන් මෙන්න බිත්තරේ තම්බන හැටි.

http://kathandara.blogspot.com.au/2012/04/how-to-make-spicy-boiled-egg.html

Friday, April 20, 2012

මහරගම බැංකුවක පෝලිමට XX ගහනවා ඇස් පනාපිට දුටුවෙමි! - Jackson goes to Bank

මේ කතන්දරේ ටයිටලයේ මුලින් තිබුණු ජැක් යන වචනය දැක රැවටී මෙහි කීප පාරක්ම පැමිණි අංකල්ලා ගෙන් සමාව අයදිමින් ටයිටලය වෙනස් කළෙමි. පිලියන්දල තැපැල් කන්තෝරුවේ තියෙන මයියොක්කා අල වර්ගයේ අපූරු පෝලිමේ දී ජැක් වදින අතරේ පොලිමෙන් පිට අයට සේවාවන් සැපයෙන හැටි ගැන මං ලියපු කතන්දරේම දිගුවක් තමයි අද මේ කියන්න යන්නේ. මේ සිද්ධිය වුනේ මහරගම හයිලෙවල් පාරේ තියෙන එක්තරා බැංකුවකදීයි. පුද්ගලික බැංකුවක් වන උංගේ නම අදාල නැති නිසා නොලියමි. මං බැංකුවට ගිය වෙලේ හොඳ වෙලාවට වගේ වැඩිය සෙනගක් හිටියේ නෑ. පෝලිමේ හිටියේ දෙන්නයි. එක්කෙනෙක් කවුන්ටරේ ගණුදෙණු කරනවා. ඊලඟට හිටියා ගෑණු පරාණයක්. ඔන්න මාත් ගිහින් තුන්වෙනියාට පෝලිමට එකතු වුණා. http://kathandara.blogspot.com.au/2012/04/jackson-goes-to-bank.html

Thursday, April 19, 2012

තැපැල් කන්තෝරුවේ දී සහ බැංකුවේ දී ජැක් වදින හැටි - Jackson in the Queue

පිලියන්දල කඩේකින් ජොක්කු තුන් දෙනෙක් ගන්න ගිහිල්ලා වෙච්ච අකරතැබ්බය ගැන කතන්දරේ ලියන වෙලාවේ මට මතක් වුණා තවත් අපූරු සිදුවීම් දෙකක්.

එක සිදුවීමක් වුනේ පිලියන්දලම තැපැල් කන්තෝරුවේ දී.

දෙවෙනි සිද්ධිය පිලියන්ද ඉඳලා 341 බස් එකේ ගියාම හමුවෙන මහරගම නගරයේ සම්පත් බැංකුවේ දී වුණු එකක්.

පිලියන්දල සහ මහරගම පලාත් ගැන මං කතන්දර දෙකතුනක්ම ලියලා තියෙන්නේ ඇයි කියලා දැන ගන්න ඕනෑ නම් මෙන්න මේ අයගෙන් අහන්න.

http://kathandara.blogspot.com.au/2012/04/blog-post.html

Tuesday, April 17, 2012

රස්ටිෆයින් වීම යනු කුමක්දැයි දන්නවාද? - Rastifying, WTF?

එක දවසක් මං දුව ගේ ඉස්කොලේ ඇරුණයිං පස්සේ එයත් එක්ක අත්‍යවශ්‍ය බඩු කීපයක් ගන්න ගියා ඒ ඉස්කෝලේ හරියේ තියෙන වෙලඳශාලා සංඛීර්ණයකට ගෙවත් ෂොපින් සැන්ටරේකට. ඔය නිකං ඇම්සී එක වගේ තැනක්.

අපි දෙන්නා එක කඩේකට ගිහින් එළියට ඇවිල්ලා කොරිඩෝර් එක දිගේ ඇවිදගෙන යනකොට මෙන්න වෙනත් ඉස්කෝලෙක කෙල්ලෝ දෙතුන් දෙනෙක් එතන චාටර් වෙවී ඉන්නවා.

පැය බාගේකට විතර පස්සේ අපි ආපහු එතනින් යනකොටත් මේ කෙල්ලෝ ටික එතනමයි.

"ෂීනි, ඔයා නං කවදාවත් මේ වගේ ෂොපින් සෙන්ටර්වල හරි වෙනත් තැන්වල හරි රස්තියාදු ගහන්න එපා!" මං දුවට කිව්වා.

"මොකක්ද තාත්ති රස්තියාදු ගහනවා කියන්නේ?"

http://kathandara.blogspot.com.au/2012/04/rastifying-wtf.html

Monday, April 16, 2012

බැඳපු මිනිස්සුන් ට සැමදා කම් සැප ගෙන දෙන රහස එලිවේ - How to enjoy sex every night...!!!

කසාද බැඳපු මිනිස්සුන්ට කෙරෙන සුවිශේෂී නිවේදනයයි.

තම බිරිඳ සමඟ නිතිපතා කම්සුව විඳින්නට උවමනාද?

එසේ නම් මෙන්න විසඳුම.

නිතිපතා ගෙදර අතුපතු ගා පිරිසිදු කරන්න.
ඒ පින එදින රාත්‍රියේම වාගේ පල දෙනු ඇත.

ඇයි, බොරුයි කියලද හිතන්නේ? එහෙනං බලමු මෙන්න මේ පත්තර කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/04/how-to-enjoy-sex-every-night.html

Friday, April 13, 2012

මාස හයකට වරක් ඔබේ ජොකා මාරු කරන්න - වෛද්‍ය ප්‍රේමකුමාර ගෙන් උපදෙසක් :: Serious medical advice from Dr Premakumara

මං ජොක්කු ගැන කතන්දර කීපයක්ම මේ වෙනකොට ලියලා තියෙනව බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? එයින් දෙකකටම පාදක වුනේ මං කඩෙන් ජොක්කු ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ තමයි.

මේ ලඟදී දාපු ජොක්කු කඩේ කතාවට ආපු කමෙන්ට්වලින් අහලා තිබුණා, ඇයි මට මේ ජොක්කු ගන්න කඩේ ගියාමම මේ දේවල් වෙන්නේ කියලා.

ඒකට හේතුව මේකයි.

මංතුමා මාස කීපයකට පාරක් ජොක්කු ගන්න කඩේ යනවා.

එහෙම යන්නේ දොස්තර ප්‍රේමකුමාර දුන්නු වෛද්‍ය උපදේශයක් මතයි.

මේ වෛද්‍ය උපදේශය ප්‍රේමකුමාර මට විතරක් පෞද්ගලිකව දීපු උපදේශයක් නෙමේ. පොදුවේ ලංකාවේ හැමෝටම දුන්නු උපදේශයක්.

කාලෙකට කලින් ඉරිදා ලංකාදීප පත්තරේද කොහෙද ප්‍රධාන පිටුවක තමයි මේ දොස්තර ප්‍රේමකුමාර ගේ වෛද්‍ය උපදේශය සහිත ලිපිය පලවුනේ.

http://kathandara.blogspot.com.au/2012/04/serious-medical-advice-from-dr.html

Thursday, April 12, 2012

පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records

මව් පාර්ශවයේ මුත්තණුවන්ගෙන් කතන්දරකාරයාට හිමි වූ මහා බලසම්පන්න, මහා අනුහස් සහිත නවරත්න මුදු රාජයා ගැන කතන්දරය කියවූ මගේ ප්‍රියම්භිකා කතන්දර හාමිනේ තොමෝ "කතී, ඔයාට ඔයාගේ තාත්තාගේ පරම්පරාවෙන් ලැබුණු උදැල්ල ගැනත් ලියන්නකෝ, ඩාල්!" යැයි මගෙන් ඉල්ලා සිටියහ.

එතුමිය ගේ ඉල්ලීමක් කෙලෙසක නම් මංතුමා පැහැර හරින්නද?

එනිසා මෙසේ ලියමි.

මේ කියන උදැල්ල එසේ මෙසේ එකක් නොවේ. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික භාණ්ඩයකි. කොටින්ම අර කැවුතුකාගාරයෙන් සුදුවෑන්කරණය වුණු කඩු වෙනුවට එතැන තියන්නට පවා හොඳ එකකි.

සම්පූර්ණ කතන්දරේ මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/04/page-from-guinness-book-of-records.html

Monday, April 9, 2012

කතන්දරකාරයා ගේ මහා බලසම්පන්න, අනුහස් සහිත, පරවේණීගත මුදු රාජයා - The lord of the RING

හැමදාම නෑ! හැමතැනම නෑ!!

මේ වගේ මහා බලසම්පන්න, අනුහස් සහිත මුදු රාජයෙක් දැක බලාගන්න වෙන්නේ ඉතාමත්ම කලාතුරකින්.

ඉස්සරනං මේ වගේ මුදු රාජයෝ කැවුතුකාගාරයේ වැඩ උන්නලු.. ඒවට වුණු දේ නං ඉතිං, දෙයියෝ දනී මං නොදනී.

මං දන්න දෙයක් තියෙනවා. ඒ තමයි, මහා බලසම්පන්න අනුහස් සහිත, පරවේණීගත මහා නවරත්න මුදු රාජයෙකු ගේ පෞඪ හිමිකාරයා මංතුමාය කියන එක.

මේක පරම්පරානුගත මුදු රාජයෙක්!

http://kathandara.blogspot.com.au/2012/04/lord-of-ring.html