Friday, June 29, 2012

UPDATED: සන්ලයිට් ජිංගල් - Sunlight Jingle - කතන්දරකාරයා ගයයි!

ජිංගල් එකක් කියන්නේ අර වෙළඳ දැන්වීම් එක්ක යන පොඩි සින්දු කෑල්ලටයි. ඕවායින් සමහර ඒවා තියෙනවා නැගලා යන.

මට අද මතක් වුණා අපි පොඩි කාලේ රේඩියෝ එකේ ගිය සන්ලයිට් සබන් ජිංගල් දෙකක්.

මෙයින් එකක් නං මට සම්පූර්ණයෙන් මතකයි. අනිකේ නං අග හරිය හිස්.

මේවායේ ඕඩියෝ ට්‍රැක් නං මං හිතන්නේ නෑ හොයා ගන්න පුළුවන් කියලා. කියෝලා බලලා දන්ණ අය අඩු තැන් පුරවන්න කෝ!

මෙන්න මුල් එක.

http://kathandara.blogspot.com.au/2012/06/sunlight-jingle.html

Thursday, June 28, 2012

අපි නොදන්න ටැබූ (නමැති හිටපු බ්ලොග්කරුවා) හෙවත් රාවණා ගේ 2012 අවතාරය - Big Foot, Yetee and Taboo Subjects Blogger

ටැබූ, ටැබුවා, ටැබූ සර්, ටැබූකාරයා වැනි විවිධ නම් වලින් හැඳින්වුණු ටැබූ සබ්ජෙක්ට්ස් නමැති සිංහල බ්ලොග් අවකාශය දැපනේ දාගෙන හිටපු මහා බ්ලොග්කරුවා හිටි හැටියේම කැපිලා ගිහිල්ලා දැන් අවුරුද්දකට වැඩියි.

ඒ අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් මං ලියපු ලිපියට ප්‍රතිචාර දක්වපු අයගෙන් සමහරු තමන් ලඟ පරිස්සමින් සේව් කරලා තියාගෙන හිටපු පරණ ලිපි කමෙන්ටු විදියට එතන දැම්මා, ටැබූ ගේ රචනා විලාශය දැකලා නැති අයගේ ප්‍රයෝජනය පිණිස.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හදිස්සියේම වැහිල ගියාම මුලින්ම කියවුනේ ඒක හැක් වුණා කියලයි.

ඊට පස්සේ තියරියක් ආවා මේක සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් හැකිං එකක් ය කියලා. හේතුව- ඩප්පි සිරා වැනි වෙනත් ආරුඪ නාමයකින් පෙනී සිටින්නෙත් ටැබූම බව හෙලිවීමලු.

ඒ කොහොම වෙතත් ටැබූ සර් ඉතිං නොකියාම යන්න ගියා ගියාමයි.

දැන් මාස තුන හතරකට කලින් මට ඊ-මේල් දෙක තුනක්ම ආවා ටැබූ කියන්නේ අන්න අහවලාය කියලා සඳහන් වුණු. ඒ කතාව ඔප්පු කරන්න සුළු සුළු සාධකත් සපයලා තිබුණා, ඒ ඊ-මේල්වල.

http://kathandara.blogspot.com.au/2012/06/2012-big-foot-yetee-and-taboo-subjects.html

Wednesday, June 27, 2012

මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems

විවිධ පුද්ගලයින් ට විවිධ ප්‍රශ්න ඇත.

එක් පුද්ගලයෙකුට විවිධාකාරයේ ප්‍රශ්න රැසක් තියෙන්නට බොහෝ ඉඩකඩ ඇති අතර, පුද්ගලයින් රාශියකට පොදු ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්නට ද පුළුවන.

මේ අනුව, පුද්ගලයින් සහ ප්‍රශ්න අතර ඇත්තේ බහු-බහු සම්බන්ධයකි. එය අපට ඇති අමතර ප්‍රශ්නයක් නොව ඩේටාබේස් ඩිසයින් කරන්නන් ගේ ප්‍රශ්නයකි.

පුද්ගල ප්‍රශ්න ගැණ කතා කරනවා නම්, සපත්තු දා වැඩට යන මිනිසුන්ට ඇති එක්තරා ප්‍රශ්නයක් ගැන මම පසුගිය දිනයක ලියූවෙමි. ඒ සඳහා සුවිශේෂී විසඳුමක් ද ඉදිරිපත් කළෙමි.

මට ඇතිවුණු වෙනත් ආකාරයක ප්‍රශ්නයක් වූයේ, "ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?" යන්නයි.

සියළු දෙනාට අටසිල් අරගෙන බ්‍රහ්මචරියාවෙන් කල් ගතකළහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න නම් ඉතා පැහැදිලිය.

http://kathandara.blogspot.com.au/2012/06/oh-these-problems.html

Sunday, June 24, 2012

ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය - Misfired!

මං දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා සාමාන්‍යයෙන් කතන්දර බ්ලොගේ කතන්දර පල කරන්නේ එක්තරා රටාවකටයි.

සඳුදා, බදාදා සහ සිකුරාදා සාමාන්‍ය කතන්දර දානවා. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දානවා. සතියකට හතරයි. අවුරුද්දකට දෙසිය අටයි.

ඔය කියන සතියේ හැමදාකම හරියට උදේ හයටයි කතන්දරේ පලවෙන්නේ. ඒක කරන්නේ බ්ලොගර් අයියාට පින් සිද්ධ වෙන්න ඔටෝ පබ්ලිෂින් සෙට් කරලායි කලින් දවසක රාත්‍රියේ දී.

කාලයක් තිබුණා මං සති දෙක තුනකට සෑහෙන්න කතා ලියලා කලින්ම සෙට් කරලා තියෙන. නමුත් දැන් නං එදා වේල ටුවර්ස් තමයි.

http://kathandara.blogspot.com/2012/06/misfired.html

සුදු කළු බේදය සිරි ලංකාවේ? - Black vs White: Sri Lankan Style

දකුණු අප්‍රිකාවේ තරම් දරුණු නොවුණට ලංකාවේත් මේ කළු සුදු බේදය තිබිලා තියෙනවා. තාමත් තියෙනවාද මන්දා?

අහලා තියෙනවා නේද මේ සින්දුව?

නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑලලුයි

අපේ අම්මාට පොඩි කාලේ ඉඳලාම ගෙදරට කියපු නම තමයි සුදු හාමිනේ. අවුරුදු දෙකේ තුනේ විතර කාලේ ඒයාට කවුද කියලා හමේ පාට අනුන්ගෙන් ගෑවෙනවාය කියලා. ඉතිං මේ පොඩි බබා එයා ගේ පැහැපත් පාට හමක් නැති මාමා කෙනෙකුට එයාව වඩා ගන්න දීලා ම නෑ.

http://kathandara.blogspot.com/2012/06/black-vs-white.html

Friday, June 22, 2012

UPDATED: මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing?

මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි.

මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්‍රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.

මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.

මේ කවුද? මොනවද කරන්නේ?

http://kathandara.blogspot.com/2012/06/who-is-this-whats-he-doing.html

Thursday, June 21, 2012

සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ : Love, Rejection, Arrack and Cemetery .OR. Love, Rejection, Prozac and Psychiatric Clinic?

මාසික සඟරාවකට මා ලියූ ලිපියක් "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" නමින් මං සඳුදා බ්ලොග් එකේ පළ කළා.

ඒකේ ප/ලි යේ මං ලිව්වේ මෙන්න මේකයි.

"මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බව ප්‍රීතියෙන් සඳහන් කරමි!"

එදා සඟරා ලිපියට ආපු ඒ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාර තුනක් විතර මට ඊයේ ලැබුණා.

http://kathandara.blogspot.com.au/2012/06/love-rejection-arrack-and-cemetery-or.html

Monday, June 18, 2012

ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs

කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා

දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

කතාවේ හැටියට සියල්ලටම මුලවී ඇත්තේ යහළු යෙහෙලියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහල පන්ති වල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන්ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්න ට පටන් ගන්නේ ඉහල පන්ති වලදී නොව සමහර විට ඉතා පහල පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිටම ය.

http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html

Sunday, June 17, 2012

සු කී වෙනුවෙන් නැගුණු කඳුලක් - Aung San Suu Kyi

වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.

චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.

මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.

ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා.

අංග් සාන් සූ කී ගේ ඒ කතාව මීට අවුරුදු විසි එකකට කලින් කරන්න තිබුණු කතාවක්.

මං හිතන්නේ, මං විතරක් නොවෙයි, ලෝකේ හතර දිග්බාගෙම ඉන්න අහස් ගණනක් මිනිස්සු, ගෑණු කඳුළු හෙලන්න ඇති.

http://kathandara.blogspot.com.au/2012/06/aung-san-suu-kyi.html

Friday, June 15, 2012

ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට කෙලවාගත් හැටි (පාරිභෝගික අවවාදය-මෙය තවත් Xක්කු කතාවකි) - The mind set of a teenager

මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.

ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.

හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.

එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.

දැන් මෙන්න අද කතන්දරය.

http://kathandara.blogspot.com.au/2012/06/x-mind-set-of-teenager.html

Wednesday, June 13, 2012

අයෑම් කමින්, අයෑම් කමින් - I am coming, I am coming!

දවස් දෙක තුනකට කලින් ඩ්‍රයි දවසක මං පොඩි ඩ්‍රයි කතා දෙකක් ලියලා දැම්මා. ඒ දෙකේම තිබුණේ ඉංගිරිසි වචන සිංහලෙන් ඇහිලා ඇති වුණු විහිළු සහගත තත්වයන් ගැනයි.

ඒ කතා දෙකම නිකං සරල ඒවා තමයි. ඒ එක්කම ඒවා ගොතපු කතාද ඇත්ත කතාද කිලත් මං දන්නේ නෑ.

හැබැයි මේ අද කියන්න යන අයෑම් කමින් කතන්දරය නම් ඇත්තම ඇත්ත සිද්ධියක්.

ඒ දවස්වල අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ගමේ බස් එක, එක පැත්තකට යන්නේ පැයකට එක පාරයි. ගෙදර ඉඳලා ගමණක් යන කොට ඒක වැරදුණොත් කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා අල්ලපු පාරේ යන බස් එකක් අල්ල ගන්න. ඉතිං, අපි කවුරුත් බස් ගමනාගමනය ගැන උදේ හවා උනන්දුවෙනුයි ඉන්නේ.

http://kathandara.blogspot.com.au/2012/06/i-am-coming-i-am-coming.html

Tuesday, June 12, 2012

කසාඳ බැඳපු නෝනාවරු හොඳින් දන්නා වූ පිරිමින් ගේ එක්තරා දැවෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් - A practical solution to a burning issue faced by most men

මේව ඉතිං කියලත් බෑ, නොකියත් බෑ.

ඇත්තම කියනවා නං මේ ප්‍රශ්නය හින්දා මං වඳ විඳින්නේ අද ඊයේ ඉඳලා නොවෙයි, කතන්දර හාමිනේ එක්ක විවාහ වෙන්න ඉස්සර කාලේ ඉඳලායි.

හැමදාම මේ ප්‍රශ්ණය හින්දා වැඩේ ප්‍රමාද වෙනවා. දැන් දැන් නම් අන්තිම දරුණු තත්වයකට ඇවිල්ලායි තියෙන්නේ. හාමිනේ මේ ගැන හොඳින්ම දන්නවා වුණාට, එයාට මගේ ප්‍රමාදය ගැන කිසිම තැකීමක් නෑ.

මේ ප්‍රධාන කතන්දරයට යන්න කලින් පොඩි අතුරු කතන්දර දෙකක් තියෙනවා කියන්න. සමහර විට ඔහේලා කලින් අහලාත් ඇති.

http://kathandara.blogspot.com.au/2012/06/practical-solution-to-burning-issue.html

Sunday, June 10, 2012

දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් - Jolly mood tune for a sad song!

දැන් අවුරුදු හත අටකට කලින් නිකං ඉන්න වෙලාවක මා අතින් පොඩි කයි-කෑල්ලක් ලියවුණා. ඒක පොඩ්ඩක් විතර දුක් ගීතයක්.

ඊට ටික කාලෙකට පස්සේ (2005) මං පටන් ගත්තු ගී පදමාලා බ්ලොග් එකේ මේක දාලා තියෙනවා දැකපු ඉතාලියේ හිටිය වෙන්ඩ ගායක ලෝලිත විජේසිංහ තනුවක් දාලා මියුසික් දාලා රෙකෝඩ් කරලා මට එව්වා 2007 ජූලි මාසයේ.

පොර ගේ වොයිස් එක නං මරු. ඒත් මට හිතුනේ සින්දුවේ තනුව සහ සංගීතය අනුව නං මේකට දුක් ගිතයක් කියලා කියන්න බෑ කියලයි.

http://kathandara.blogspot.com/2012/06/jolly-tune-for-sad-song.html

Saturday, June 9, 2012

ලංකාවේ ඉඳල පිටරට ගිහින් එන අයත් විවිධ නවකතා ලියනව. මේ පාර සාහිත්‍ය සම්මානයක් ලැබුණු සුමිත්‍රා රාහුබද්ද ගේ කන්දක් සේමා නවකතාවත් ඒ වගේ එකක් නේ. එහෙම වුනාට ඒව බොහෝ විට ද්විතියික මූලාශ්‍ර මත ලියවුණු ඒවා නේ. ප්‍රාථමික මූලාශ්‍ර මත කතා ලිව්වොත් ඒවා නිකං සංචාර සටහන් විතරයි.

ඒ අනුව බලන කොට පිටරට ජීවත්වෙන සිංහල මිනිස්සු තමන්ගේ අත්දැකීම මත පදනම්වෙලා තමන්ම ලියන කතා ඒ රටවල් ගැන දැන ගන්න සාපේක්‍ෂව හොඳ ක්‍රමයක් කියලයි මට හිතෙන්නේ.

මේ "තිරස තරණ" පොතේ එක එක විදියේ රස මවන කෙටිකතා තියෙනවා. මං නං ඉතිං කැමති උත්ප්‍රාසයට නේ. ඒ හින්දා මගේ හිත ගියේ මේකෙ තියෙන ලක්‍ෂ්මන් රන්දෙනිය ලියපු කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන කියන කෙටිකතාවටයි.

Read More:
http://kathandara.blogspot.com/2010/10/blog-post_16.html

මේක ලියවුනේ පුදුම දුකක් දැණුනු වෙලාවකයි - Fate?

මගේ මිතුරු යුවලක් ගැන ඔවුන්ගෙන් ම අහන්නට ලැබුණු එක්තරා දුක්බර පුවත් පිළිබඳව ඇතිවුණු කණගාටුව නිසයි මේක ලියවුනේ.

වැඩි විස්තර ලියන්නේ නෑ.

කියෝලා බලන්න.

http://kathandara.blogspot.com.au/2012/06/blog-post.html

Friday, June 8, 2012

මෙන්න විසි එක්වෙනි සියවසේ සයිබර් ලව් එකකින් ලැබුණු බූට් එකක් ගැන කයි කතන්දරයක් - When Cyber Love Fails!

සාහිත්‍ය ලෝකයේ වැජඹෙන මගේ හිතවතෙක් දැනට අවුරුදු ගණනාවකට කලින් කොටස් වශයෙන් පලවුණු නවකතාවක් ලිව්වා එක්තරා සඟරාවකට.

ඒ නවකතාවේ තමයි මං මුලින්ම දැක්කේ තනිකරම සයිබර් ලෝකයේ ඇතිවෙන පොඩි පහේ ලව් එකක් ගැන ප්‍රබන්ධයක ඇතුලත් වෙනවා.

ඒ කතාවේ කොල්ලයි කොල්ලයි දෙන්නාගේ සම්බන්ධය තනිකරම යන්නේ චැට් ලෝකයේ.

පසුකාලෙක බ්ලොග් ලෝකයේත් මේ වගේ ලව් ගැන කතන්දර ගියා තමයි, නමුත් මං මේ කියන්නේ 2004 පමණ කාලයේ. මට හිතාගන්න බැරිවුණා සැබවින් නොදැකපු දෙන්නෙක් කොහෙමාද ලව් කරන්නේ කියලා.

http://kathandara.blogspot.com.au/2012/06/when-cyber-love-fails.html

Wednesday, June 6, 2012

ඩ්‍රයි දවසකට ඩ්‍රයි කතා දෙකක් - Dry Jokes

වසර තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලිපි දහසකටත් වඩා පල කරමින් පවත්වාගෙන යන W3Lanka බ්ලොග් අඩවියේ සංස්කාරක අජිත් පැරකම් ජයසිංහ ලියූ ශාස්තෘ පොත ගැන මා ලියූ කතන්දරය නිසා මහා ආන්දෝලනයක් ඇති විය.

කොටින්ම ටැබූ පවා මා සමග වලියට පැමිණියේය.

ඒ ලිපිය නිස මා ලද අවලාදවලට පිළිතුරු ලෙස මා ලියූ අසව්, අසව් නමැති ලිපිය මා අවසාන කළේ මෙලෙසිනි.

"හෙට සිට බිස්නස් ඈෂ් යුෂුවල්!"

http://kathandara.blogspot.com.au/2012/06/dry-jokes.html

ලාම් පු රේ ප්යාර් කෙරේ - Hindi movies and songs

නවසිය හැට හැත්තෑ ගණං වල තිබිලා තියෙනවා ලංකාවේ හින්දි සින්දු පිස්සුවක්. මේකට මූලික හේතුව තමයි හින්දි චිත්‍රපටිවල ජනප්‍රියත්වය. ඒ හින්දි සින්දු සේරම වගේ චිත්‍රපටි ගීත.

මගේ අම්මා ගේ නංගී, පුංචි අම්මා, ඒ හැට ගණං වල අග කාලේ වගේ ලොකු මොනිටර් පොතක් අරගෙන හින්දි සින්දු සිංහලෙන් ලියාල හින්දි නළු-නිළියන් ගේ රූප අලෝලා එක විකාරයක් කරපු පොතක් තාමත් තියෙනවාද කොහෙද!

ඒ කාලේ අලි මදිවට හරක් කිව්වා වගේ ඒ ජනප්‍රිය හින්දි සින්දුවල තනුවලට සිංහල වචන දාලා අපේම සින්දු විදියට කියලා ජෝති අංකල්ලා, ඇන්ජලීන් ඇන්ටිලාත් සෑහෙන්න ජනප්‍රිය වුණා.

http://kathandara.blogspot.com.au/2012/06/hindi-movies-and-songs.html

Saturday, June 2, 2012

සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!

තුනේ පන්තියේ බුද්ධාගම පොතේ කියවුණු පරිදි සිදුහත් බබා ඉපදී සුළු කලකින් බබාලයි අම්මා මිය ගියාය.

ඒ බබා ගේ අවාසනාවයි!

ඒ "බබා ගේ අවාසනාව" කතාව බුද්ධාගම පොතේ කෙලින්ම නොකියවුණද එය අප විසින් විසින් තම තම නැණ පමණින් යුතුව අවබෝධ කර ගත යුතු කාරණයකි.

අපේ පුතු පැටියා ඉපදෙන්නට සති දෙකකට කලින් එන්ඩ බබාලයි වෙන්ඩ අම්මා විරැකියාවට පත්විය. ඒ තමන් කරමින් සිටි ජොබ් කට්ටෙන් ඉල්ලා අස්වීමෙනි. එය බබා ගේ වාසනාවයි. මක්නිසාද යත් අම්මා සමග මාස දහයක්ම උදේ හවා තුරුළු වී සිටින්නට පැටියාට හැකිවීමයි.

http://kathandara.blogspot.com/2012/06/lucky-child-unlucky-mother.html

Thursday, May 31, 2012

හරීම ෂෝක් හස්බන්ඩෙක්! - What a wonderful husband!

කසාඳ බඳින්නත් අවුරුදු දෙකකට විතර කලින් දවසක මං බස් එකක යද්දී හරීම නෝටි හස්බන්ඩෙක්ය කියලා මගේ හිතවතුගේ අක්කා කෙනෙක් මංතුමා ගැන වැරදි වැටහීමක් ඇතිකර ගත්තු කතන්දරේ මේ ලඟදී දවසක ආපහු කියවපු වෙලාවේ මට මතක්වුණා, මාව හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලාත් නිවරදි ලෙසින් අගැයීමකට ලක්වෙලා තියෙන බව.

මෙන්න අද ඒ කතන්දරේ!

හැබැයි මේ කතන්දරේ අද කියන්නේ, එදා කතන්දරකාරයා හරීම ෂෝක් හස්බන්ඩෙක්ය කියලා පැහැදිලිවම වටහාගෙන, ඒ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරළා, විස්සෝප වෙලා, හූල්ලලා, කතන්දර හාමිනේ ගැනත් පොඩි පහේ ඉරිසියාවක් ඇතිකර ගත්තු දේවිකා වගේ අද මේ කතාව අහලා කිසිම ගෑල්ළමයෙක් තමන්ගේ මහත්තයා හෝ වෙන්ඩ මහත්තයා ගැන අහිතක් ඇතිකර නොගනීවා කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරමිනුයි.

http://kathandara.blogspot.com.au/2012/05/what-wonderful-husband.html

Wednesday, May 30, 2012

පදම් වීම - Ageing

පදම් වීම

රතු ලේබල් හොඳයි.

හැබැයි,
රතු ලේබල්වලට වඩා
අවුරුදු දොලහක්ම පරණ
කළු ලේබල් හොඳයි!

ඊටත් වැඩියෙන් සුපිරියි
අපි නොදන්න ඩබල් බ්ලැක්.

... ....

http://kathandara.blogspot.com.au/2012/05/aging.html

Tuesday, May 29, 2012

වාර්ෂික තොග ගණං බැලීම නොහොත් ගෙජ්ජි සරම් (ඡායාරූප සහිතයි) - Sunday Special Extra (photos included)

මං ගිය සතියේ ඒ.ඩී. රංජිත් කුමාර ලියූ "සඳ වට රන් තරු" නම් නවකතාව කියෙව්වා. සාමාන්‍ය මල් කතාවකට වඩා මේකේ කතාවස්තුව වෙනස් වෙන්නේ කතාවට පසුබිම් වූ හැට-හැත්තෑ ගණංවල කොළඹ උතුර ප්‍රදේශයේ පරිසරය නිසයි. සාමාන්‍යයෙන් ගමේ බයියන් වූ අපි හුඟ දෙනෙකුට මේක අළුත් අත්දැකීමක් වේවි. කාලවකවානුවත් වැදගත් විවිධ දේශපාලන සිද්ධි නිසා.

මේ වගේම සාමාන්‍යයට වෙනස් අපූරු පරිසරයක් පදනම් වුණු කතාවක් තමයි මංජුල වෙඩිවර්ධන (වෙඩ්ඩා) ගේ "බත්තලංගුණ්ඩු" නම් වූ සුපිරි නවකතාව.

රංජිත් කුමාරගේ කතාවේ එක තැනක තියෙනවා "ටෙරිලින්" කමිස අඳින පොරක් ගැන. තව තැනක තියෙනවා, කමිස රෙද්දක් ගන්න පොරක් ලෝන් ගහන කතාවක්.

http://kathandara.blogspot.com.au/2012/05/sunday-special-extra-photos-included.html

Sunday, May 27, 2012

ඒ වං මේ සුතං! - අයියා ද? අංකල් ද? - මේක "ලූ" කතන්දරයක් : Thus Have I Heard!

"ලූ" කතන්දර කියන්නේ අපි අත්නොවිඳපු නමුත් වෙනත් කෙනෙකුගෙන් අහන්නට ලැබුණු කතන්දරවලට නේ.

ඒ අර්ථයෙන් මං අද කියන්න යන්නේ ලූ කතන්දරයයක්.

මේක මට මතක් වුනේ අද උදේ කෝචචියේ එද්දී ඊ-මේල්කාරී ලියලා තිබුණු සිතුවම් සහිත රෝඩ් රේජ් කතා වස්තුව සිහියට ආපු වෙලාවේදී යි.

ඔන්න එකමත් එක රටක හිටියාලු වයසක අම්මා කෙනෙක්. මේ අම්මාට හිටියාලු හොඳ නැඩ හැඩිදැඩි පුත්තු කීප දෙනෙක් ම. පුත්තු කිව්වාට මේ ගොල්ලෝ විවාහවෙලා දරුමල්ලෝත් ඉන්න තාත්තලා.

http://kathandara.blogspot.com.au/2012/05/thus-have-i-heard.html

Saturday, May 26, 2012

ඊරියක් සේ ඇඬුවෙමි (දුබල සිත් ඇත්තෝ මෙය නොබලත්වා!) - Eliyakanda Torture Camp

සමහරවිට ඌරොත් අඬනවා ඇති.

ඒත් මට මට හිතුණා මට එදා ඇඬුණු හැටි විස්තර කන්න හොඳම විශේෂණ පදය ඊරියෙක් වගේ කියා ලියන එකය කියලා.

වැලපුණෙමි කියලා ලිව්වා නං මං මෙතන ලියන්නේ වැළහින්නක් සේ කියලයි.

එහෙම ස්ත්‍රී ලිංගික පදයක් දාන්නේ ඊරියන්ට, වැළහින්නන්ට අපහාසෙකට හෙම නෙවෙයි. මට කොච්චර තදින් ඇඬුණාද කියලා ටක්කෙටම තේරෙන්න ලියන්න ඕනෑ හින්දයි.

මම ඊරියක් සේ ඇඬුවෙමි.

මට එලෙස ඇඬුණේ රෝහිත මුණසිංහ ලියූ "එළියකන්ද වද කඳවුර" පොත කියවද්දීය.

http://kathandara.blogspot.com.au/2012/05/eliyakanda-torture-camp.html

Tuesday, May 22, 2012

බුදු දහම නිසා සමහරු නිවන් ගියා, බුදු පිළිම නිසා සමහරු හිරේ ගියා - Antidote to doubt is not faith but enquiry!

මීට අවුරුදු දහයකට දොළහකට විතර කලින් මෝඩයා ගේ පෙට්ටියේ කොටස් වශයෙන් ගිය ටෙලියක තිබුණු කෑල්ලක් තමයි ඔය උඩින් මාතෘකාවට දාලා තියෙන්නේ.

මේ කියන සීන් එකේ තිබුනේ, හොඳටම ඩෝප් වෙච්ච එකෙක් (කතාවේ හැටියට කෙල්ලගේ අයියද කොහෙද) ඔය කවි කෑල්ල කිය කිය පාරේ වැනි වැනී යන විතරයි.

ඒ ටෙලියේ තිබුණු වෙන කිසිම දෙයක් මට අද මතක නැති වුණත්, අවුරුදු දොළහකට පස්සේත්, ඒ කවි කෑල්ල තාමත් මතකයි.

ඒකට හේතුව මංතුමා කයි-කතන්දරවලට කැමති එක විතරක්ම නෙමේ.

අද අපේ කෂ්ටිය බහුතරයක් බුද්ධාගම ප්‍රැක්ටිස් කරන විදිය ගැන මුළු කතාවම ඔය කවි දෙපදයේ ඇතුලත් වෙනවාය කියලයි මට හිතෙන්නේ. අන්න ඒකයි!

http://kathandara.blogspot.com.au/2012/05/antidote-to-doubt-is-not-faith-but.html

Monday, May 21, 2012

විනාඩි විසිපහක් තියෙනවාද? නොහොත් ස්පර්ශකය - WTH is that?

ඔය මාතෘකාවේ තියෙන ස්පර්ශකය (අකුරු හරිද මන්දා? - අකුරු නෙමේ වචනයම වැරදිලායි තිබුණේ. ඔන්න හැදුවා. වරද පෙන්නා දුන් සැමට ඉතා ස්තුතියි) කියන වචනේ අහල පුරුදු ඇති උසස් පෙළ ගණිතය කරපු අයට. ගණිතමය අර්ථ දැක්වීම කෙසේ වෙතත් මේකේ සරල අදහස නම් නිකං ගෑවිලා යනවා කියන එකයි.

දේශපාලන පක්‍ෂ තියෙනවා නේද? මට නං ඔය එකක්වත් පෙන්නන්න බෑ. මොකද ඕවායේ ඉන්න වුන් කරන්නේ වැල යන පැත්තට මැස්ස ගහන එකයි. ගණිතමය වශයෙන් කිව්වොත් අම්බානකට සංඛීර්ණ මල්ටි ඩිමෙන්ෂන් චක්‍රාණුකූල පඨවල තමයි උන් ගමන් කරන්නේ.

මංතුමා ගැන කියනවා නං, අවුරුදු දහ අටේ දී විතර ඇති කරගත්තු දේශපාලන දිශානතිය තවම වෙනස්වෙලා නෑ. නැත්තම් එහෙම තමයි මට පේන්නේ, මට සාපේක්‍ෂව.

ඉතිං මං සරල රේඛාවක යනවා. දේශපාලන පක්‍ෂ සහ ඒවයේ පොරවල් උන්ගේ වක්‍රාණුකූල පඨවල ගමන් කරනවා.

http://kathandara.blogspot.com.au/2012/05/wth-is-that.html

Friday, May 18, 2012

කමින් කලර් ගුඩ් ගුඩ් හෙවත් පොඩි පහේ හඳුන්වා දීමක් - Introducing a new blog

මං මේ දවස්වල පරිනාමයේ පොඩ්ඩක් විතර ආපස්සට ගමන් කරලායි ඉන්නේ. ඒ කියන්නේ කතන්දර ලියන්නේ කෙලින්ම ලැප්ටොප් එකට නොවෙයි, පොඩි පොතක අත් අකුරිනුයි ලියන්නේ.

මේකට හේතුව තමයි මගේ හුරුබුහුටි අඟල් දාහතර සයිස් එකේ Acer ලැපා ගේ චාජ්කරන තැන කැඩුන එක. ඒක හදාගන්න වෙලාවක් නැති කම නිසා පරණ DELL මැෂිමකට බැස්සා. මේක කිලෝ හතරක විතර ලදරං බඩුවක්. කෝච්චියේ අරං යන්න බර වැඩියි.

අළුත් එකක් ගත්ත නං හොඳයි. ඒත් ඉතිං අපිට කෙහෙන්ද වින්චැට් කිරිල්ලියෝ?

කොහොම කොහොම හරි අතින් ලියපු කතන්දරත් මේ වෙනකොට හය හතක් තියෙනවා. නමුත් අද හිතුණා ඒ එකක්වත් නොදා වෙනමම කතන්දරයක් කියන්න ඕනෑ කියලා.

http://kathandara.blogspot.com.au/2012/05/introducing-new-blog.html

Thursday, May 17, 2012

පොඩි කොල්ලා කාලේ කතන්දර - Some childhood memories

තවම බ්ලොග් එක නිවරදි ගියර් එකට දාන්න හිත සන්සුන් නෑ.

ඒ මදිවට හාමිනේත් රාජකාරි වැඩකට දුරු රට ගිහින්. තව දවස් දෙකතුනකිනුයි එන්නේ.

ලියපු කතන්දර පහ හයක් තිබුණත් ඒවා පල කරන්න හිතෙන්නේ නෑ. ඒ වෙනුවට මට හිතුනා කාලෙකට කලින් මං සඟරාවකට ලියපු ලිපියක් යුනිකෝඩ් කරලා දාන්න.

මේකේ භාෂා ශෛලිය වෙනස්. සොරි හොඳේ?

http://kathandara.blogspot.com.au/2012/05/some-childhood-memories.html

Tuesday, May 15, 2012

තන අග පිණි බිඳුවක් නොවන්නේ කොයි පණ ද? - Remembering Sanath "Observer" Wijewardene

මීට වසර එකහමාරකට පමණ පෙර 2010 නොවැම්බර් 20 දින (හරියටම මගේ පියාගේ උපන් දිනය දා) මට නාඳුණන පුද්ගලයෙකුගෙන් ඊ-මේල් පණිවිඩයක් ලැබුණි.

මා ලියූ ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා කතන්දරයේ පසුබිම ගැන විමසමින් ඉංගිරිසියෙන් ලියවී තිබුණු ඒ ඊ-මේලය එවා තිබුනේ, තමන්ට ඊ-මේලයකින් ලැබුණු ටැබූගේ ලිපියක් ඔස්සේ හඹා ගොස් ඉන්පසුව කතන්දර බ්ලොග් අඩවියට වැරදීමකින් මෙන් පැමිණ පසුව සමස්ත සිංහල බ්ලොග් ලෝකයම සමතික්‍රමණය කළ සනත් විජේවර්ධන නමැති ලෝකයේ පුක පැත්තේ කොනේ පර්ත් නම් නගරයක වාසය කළ වයස අවුරුදු 57 ක පුද්ගලයෙකුගෙනි.

පසුව දුරකතනයෙන් එකිනෙකා අමතා ඇරඹුණු අපේ මිතුදම විවිධ බ්ලොග් සම්බන්ධ කරුණු ගැණ ඊ-මේල් මගින් කරන ලද ගනුදෙනු හරහා ඉදිරියට ඇදී ගියේය.

ttp://kathandara.blogspot.com.au/2012/05/remembering-sanath-observer.html

Sunday, May 13, 2012

දරුවන් අනූ දෙදෙනෙකු ජාතක කළ ආඩම්බරකාර තාත්තා - Father of a nation?

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් මං ඔබ සැම වෙත කතන්දර දැනුම් සාගරයෙන් බිඳුවක් ලෙස ගෙන එන්නේ අවුරුදු නමයක කාලයක් තුල ළමුන් අනූ දෙදෙනෙකු හැදූ වයස අවුරුදු හතලිස් දෙකක අපූරු තාත්තා කෙනෙක් ගැන විස්තරයකුයි. මෙයින් ළමුන් අසූ දෙදෙනෙකු දැනට ඉපදිලා. අනිත් දහදෙනා මග එනවා.

බොරුයි කියලද හිතන්නේ?

මෙන්න මං කියවපු පත්තර කෑල්ල.

http://kathandara.blogspot.com.au/2012/05/father-of-nation.html