Tuesday, November 27, 2012

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි? රහස එළිවෙයි! - Not many people will get this?

මීට අවුරුදු තුනකට විතර කලින් නැන්දලා ගේ ගෙදර ගිය වෙලාවක පොඩි ළමයි විභාග ප්‍රශ්න පත්‍රවලට ලියපු උත්තර වගයක් ගැන පොඩි පොඩි කතන්දර ටිකක් අහන්න ලැබුණා.

ඉන් එකක් තමයි මේක.

සිදුහත් ගිහි ගෙය හැර ගියේ ඇයි?
එක ළමයෙක් දීලා තිබුණාය කියන උත්තරය මේකයි.
ගෙවල් කුලී ගෙවන්නට බැරි නිසාය.

http://kathandara.blogspot.com.au/2012/11/not-many-people-will-get-this.html

Saturday, November 24, 2012

මගේම වගේ (තවත්) බ්ලොග් එකක් - Another identity revealed?

නොදන්න නමකින් ලියන එක විදියක බ්ලොග් එකක් දැක්කාම ඒක ලියන්නේ කවුද කියලා හොයන එක අපේ බ්ලොග් ලෝකයේ සිරිතක්.

මේ කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තු කාලේ ඉඳලාම, බිස්නස් කාඩ් පවා මුද්‍රණය කරලා හම්බවෙන හම්බවෙන අයට බෙදන මගේ අනන්‍යතාවය හෙළිකරන්නට කාලෙකට ඉස්සර කීප දෙනෙක් පොර කෑවා.

පුදුමයකට වගේ ඒ සේරම ඈයෝ ඇනෝලා! ඒක නං වෙනමම සලකා බැලිය යුතු කාරණයක්.

ආරූඩ නම්වලින් ලියන බ්ලොග්කාරයින් ගේ සැබෑ නම් හොයාගෙන යද්දී අහක යන මිනිස්සුන්වත් අහුවෙනවා.

උදාහරණයක් විදියට "ටිකක් හිනාවෙන්න" ලියන අභීත වරක් ලිව්වා ටැබූ සබ්ජෙක්ට්ස් කියන (දැන් අතුරුදහන්) බ්ලොගය ලියන්නේ කතන්දරකාරයාද කියලා ප්‍රශ්න කරන ලිපියක්.

පහුගිය දිනවල ඇරඹිලා දැන් සෑහෙන විප්ලවයක් කරගෙන යන සමනල විප්ලවය බ්ලොගයත් ලියන්නේ මංතුමාය කියලා මයියා විතරක් නොවෙයි මාතලන් ගොයියා පවා හිතාගෙන ඉන්නවාය කියලා පහුගිය දවස්වල දාලා තිබුණු කමෙන්ට්ස් වලින් පෙනුණා!

http://kathandara.blogspot.com.au/2012/11/another-identity-revealed.html

උඹලට නම් ප්‍රශ්නයක් නෑනේ, මචං? - Beats all logic!

ඒ ලෙවල් ලියන්න කලින් ඉඳලාම මගේ හිතේ වැඩ කරපු ලොකුම ප්‍රශ්නයක් තමයි පේරාදෙනියේ ද, කටුබැද්දේ ද යන්නේ කියන එක.

මං එදා ඒ තීරණය ගත්තු හැටිත්, අද කාලේ ඔය ප්‍රශ්නයට මුහුණ දෙන කොල්ලෙකුට ඒ තීරණය ගන්න උදව්වෙන ඉඟි කීපයකුත් එක්ක කතන්දරයක් මං කලින් දවසක ලිව්ව නිසා නැවත අද කියන්න යන්නේ නෑ.

තමන් ගේ දුවට විශ්ව විද්‍යාලේ යන්න ගෙදරින් පිට නතරවෙන්න වෙනවාය කියලා අඬ-අඬ හිටපු ඇන්ටි කෙනෙකුට මං දුන්නු අවවාදයත් මේ කතාවට අදාලයි.

කොහොම හරි ඉතිං මං පේරාදෙනි ගියා!

http://kathandara.blogspot.com.au/2012/11/beats-all-logic.html

Sunday, November 18, 2012

ඉන්ටිබල් එකේ රටකජු කමු - Ice chocs anyone? (UPDATED)

මේ දවස්වල කතන්දර බ්ලොග් එකේ ඉන්ටිබල් එක, ඒ කියන්නේ ඉන්ටර්වල් එක එහෙම නැත්තං ඉන්ටර්මිෂන් එක.

මේ වගේ වෙලාවල් තියෙන්නේ ඔන්න ඔහේ රටකජු ටිකක් හෙම කාලා ඊලඟ සෙෂන් එක පටන් ගන්න කං බලා ඉන්න එකයි.

සමනල විප්ලවය ලියන ද රයිටර් ලේඛකයා නං කරන්නේ යු ටියුබ් එකේ තියෙන දිග චිත්‍රපටියක ලින්ක් එකක් එම්බෙඩ් කරලා දාන එකයි.

මංතුමා කරන්නේ ෆොටෝ දාන එක, ෆොටෝ මගින් තේරවිලි අහන එක.

http://kathandara.blogspot.com.au/2012/11/ice-chocs-anyone.html

හා, හා, එන්න පෝලිමේ - WTF is this?

තාමත් කතන්දර බ්ලොගේ ඉන්ටවල් එක තමයි දුවන්නේ.

අද අපි පොඩි ට්‍රිපක් යනවා. ආපසු එන්නේ ඉරිදා රාත්‍රියේ.

සමහරුන්ට මේ ඉන්ටවල් එකේ රටකජු කෑම ගැන තද වෙලා වගේ පේනවා ලැබුණු කඟෙන්ට්ස් වලින්.

අර සමනල විප්ලවයේ චරිත් කියනවා වගේ මටත් කියන්න තියෙන්නේ මෙච්චරයි.

"ඉතින් මට පාන්ද?"

http://kathandara.blogspot.com.au/2012/11/wtf-is-this.html

Thursday, November 15, 2012

තවත් නළු බට්ටෙක් - Yet another actor (posing for some racy photos)

මේ සතියේම මගේ වැඩේ නළුවන් ගේ ෆොටෝ දාන එකයි. පහුගිය ඉරිදා සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ෆොටෝ එක දාපු නළුවා කවුද කියලා දැකපු හුඟ දෙනෙක් ටක් ගාලා අඳුණා ගත්තා.

හැබැයි සඳුදා දාපු ෆොටෝ එක කාගෙද කියලා නං මගේ හෝඩුවාවල් නැත්තං කාටවත් අඳුණා ගන්න වෙන්නේ නෑ.

ඒ කවුද කියලා අඟහරුවාදා කිව්වා නේ.

මෙන්න අදත් නළුවෙකු ගේ ෆොටෝ කීපයක්.

http://kathandara.blogspot.com.au/2012/11/yet-another-actor-posing-for-some-racy.html

Wednesday, November 14, 2012

නළුවා ගේ රහස එළිවේ - Upatissa Who? You may well ask!

ඊයේ පින්තූර තේරවිල්ලේ විසඳුමයි මේ.

ඔය උඩින් තියෙන්නේ පොර ගේ සති කීපෙකට කලින් ගත්තු ෆොටෝ එකක්. දැන් මතකයි නේද මේ නළුවා කවුද කියලා.

මේ තමයි ...................

http://kathandara.blogspot.com.au/2012/11/upatissa-who-you-may-well-ask.html

හොඳයි මේ කවුද එහෙනම්? - Yesterday's one was easy, but who do you think is this?

ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට මං දාපු "මේ කවුද" ෆොටෝ එක බහුතරයක් පිරිස ටක් ගාලා ටක්කෙටම අඳුනා ගත්තා.

අද වැඩේ නම් එච්චර ලේසි වෙන්නේ නෑ.

මෙන්න ෆොටෝ එක.

http://kathandara.blogspot.com.au/2012/11/yesterdays-one-was-easy-but-who-do-you.html

කවුද මේ? සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක්! - Flash from the past

අද වැඩි විස්තර නෑ. සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා තේරවිල්ලක් විතරයි.

මේක පරණ පත්තර කෑල්ලකින් හොයා ගත් ඡායාරූපයක්.

http://kathandara.blogspot.com.au/2012/11/flash-from-past.html

Friday, November 9, 2012

ප්ලාස්ටික් කිඹුලා - Remember reading this?

"ලොකු පුතා ලැහැස්ති වෙන්න" මගේ මව කියනු මට ඇසේ. "අපි තව ටිකකින් ආච්චිලා ගේ ගෙදර යනවා!"

තුන් වසරැති බාල සොයුරා සමග මා මිදුලේ සෙල්ලම් කරමින් සිටි ස්ථානයට දිව එන ඇය ඔහු රැගෙන නිවස තුලට යයි. ඒ මල්ලීව ගමනට සූදානම් කිරීමට බව මට හැෙඟ්. මගේ වාරයට තව කල් ඇත.

එක් වසරැති බිළිඳා නිවස තුල තද නින්දේය. ටික වේලාවකින් ඔහු හඬන මිහිරි නාදය නොඇසුණි.

http://kathandara.blogspot.com/2012/11/remember-reading-this.html

Thursday, November 8, 2012

පෙම්වතිය ගේ මරණය - This should not happen to anyone

මරණයක් ගැන අහන්න ලැබීම කියන්නේ මාර දුක හිතෙන කේස් එකක්.

ඒ මැරිලා තියෙන්නේ තමන් ගේ පෙම්වතිය නම්?

කියලා වැඩක් නෑ නේද?

ඒ දවස්වල අපේ සීනියර් පොරක් (අපේ කාලේ අයියලා හිටියේ නැත!) ගඟෙන් එගොඩ කෙල්ලෙක් එක්ක යනවා මං දැකලා තියෙනවා.

කෙට්ටු උස, දිග ඇස් තියෙන, කළු ස්ටේ‍ර්ට් කොට කොණ්ඩයක් තියෙන ගෑල්ළමයෙක්ව හිතේ මවා ගන්න.

අන්න ඒ වගේ තමයි මේ කියන පෙම්වතිය.

http://kathandara.blogspot.com.au/2012/11/this-should-not-happen-to-anyone.html

Wednesday, November 7, 2012

ඔබාමා පෙන්ටගන් එකේ ලොකු පුටුව තමන් ගේ මල්ලීට දුන්නාද? - A page from my January 2009 Diary

එදා 2008 ඡන්දෙන් දිනපු ඔබාමා 2009 ජනවාරියේ දිවුරුම් දුන්නු දවසේ මං ඒ ගැන කයි කීපයක් ලිව්වා.

අද පොර ආපහු දිනපු බව ඇහුණු වෙලේ ඒ කවි ටික නැවත පාරක් කියවන්න හිතුණා. මේවා ලියලා ටික දවසකට පස්සේ ලැබුණ ඉල්ලීමකට අනුව කැනඩාවේ සඟරාවක පලකරන්න යවපු වෙලේ කත්තුරු ලා බය වෙලා පොඩ්ඩක් සැන්සර් කළා. ඒ කතන්දරේට ලින්ක් එකක් යටින් දාලා ඇති.

ඊට කලින් මෙන්න කවි ටික.

http://kathandara.blogspot.com.au/2012/11/page-from-my-january-2009-diary.html

Monday, November 5, 2012

There is a crocodile up in a tree - රඹුටන් ගහේ කිඹුලා

"Putha, Get ready!" my mother tells me "We are going to your grandparents place soon". She then grabs my three year old younger brother by hand and rushes inside the house probably to get him ready first. The baby must be sleeping inside the house; there is no crying for sometimes now.

I like to play with my younger brother in the front yard full of sand and pebbles under the tall Rambutan tree that never bears any fruit. Sometimes we get into fights – after all I am just thirteen months older than him - and my mother does not like that at all. The baby is just a baby turning two in a few months time. He too can join us when he grows a bit more.

My brother comes out dressed up. My mother calls me again from the well in the backyard. I can see she is pulling water out and filling a tub for my wash.

My mother calls me again.

http://kathandara.blogspot.com.au/2012/11/there-is-crocodile-up-in-tree.html

Saturday, November 3, 2012

බලහත්කාරයෙන් හිරු පුබුදාලිය හැකිද ? : Determination!

හැමදාම කවි පලකරන කොට කයි-කතන්දර කියලා නම් කරලා කවියට උඩින් කතන්දර දාන එකේ අද හිතුණා කයිය විතරක් දාන්න.

ඒ මේ කවියට උඩින් කතන්දරයක් ලියන්න බැරිකමක් හින්දා නොවෙයි.

සමහර විට නිදාගෙන ඉන්න දේශපාලන සත්වයෝ කලබොල වුණොත් හෙම පස්සෙන් පහු මේකේ කතන්දරේ ලියන්නත් වේවි.

එතකං මෙන්න කවිය.

http://kathandara.blogspot.com.au/2012/11/determination.html

Thursday, November 1, 2012

සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු අගනා සේවය - My valuable service to Sinhala music

අවංකවම කියනවා නං සිංහල සංගීත ක්‍ෂේත්‍රයට මගෙන් වුණු සේවය කියලා නිම කරන්න බැරි තරමට විශාල එකක්.

ඒ සේවය මං කෙරුවේ ඉඳලා හිටලා ආධුනික ගායකයෙකුගේ සින්දුවකට පදමාලාවක් ලියලා දීම හරහා නොවෙයි. ඒ ආකාරයේ කිසිදු මහන්සිවීමකින් තොරවයි.

ඒ කතාව මෙහෙමයි.

http://kathandara.blogspot.com.au/2012/10/my-valuable-service-to-sinhala-music.html

Tuesday, October 30, 2012

අපොයි පොත්වලට ගිය සල්ලි හෙවත් සිව් වසරක් මරදානේ - You may not like this!

අධ්‍යාපන පොදු සහතික පත්‍ර විභාගය හෙවත් අ.පො.ස. විභාගෙට ඉස්සර අපේ බාප්පාලා ගේ කාලේ හදලා තිබුණු සරදම් නමක් තමයි අපොයි පොත්වලට ගිය සල්ලි කියන එක.

දැනුත් ඔය අපොයි පොත්වලට ගිය සල්ලි කියලා සමහර වෙලාවකට කියවෙනවා සමහර පොත් සල්ලිවලට අරං කියවලා ඉවරවුණාට පස්සේ.

අද මේ හදන්නේත් පොතක් ගැන වචනයක් ලියන්නයි.
http://kathandara.blogspot.com.au/2012/10/you-may-not-like-this.html

Sunday, October 28, 2012

වැඩිදුර විස්තර අහන්නෙ නෑ, ඇහුවොත් නොකියා යන්නේත් නෑ - Once upon a time

ඔය මාත්‍යකාව නං අර ජීප්සීස් ලා කියපු කුරුමිට්ටෝ සින්දුවේ පද දෙකක් බව කවුරුත් දන්නවා. (ඒ සින්දුව පස්සේ සුද්දෝ කොපි කළ බවත් අපි දන්නවානේ?).

මොකක් හෝ හේතුවක් හින්දා ඒ පද දෙක මගේ හිතට ආවා අද කයි-කතන්දරේ ලියන්න වාඩිවෙන කොටම.

මේ කවිය මං පේරාදෙනියේ දෙවන වසරේ ඉන්න කාලේ ලියපු එකක්. මං මේකෙන් සින්දුවක් හදන්න සංගීතකාරයෙකුට බාර දීලයි තියෙන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.

http://kathandara.blogspot.com.au/2012/10/once-upon-time.html

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්! : කුමරි බඹසර සහ කුමර බඹසර අතර මිල වෙනස - What a shame!

මේ නිවුස් අයිටම් එක දැකලා මගේ ඇඟ සීතල වෙලා ගියා.

අයියෝ, පිරිමිකම බල්ලට ගිහින්!

බලන්න කුමරි බඹසර සහ කුමර බඹසර අතර මාකට් ප්‍රයිස් එකේ වෙනස.

http://kathandara.blogspot.com.au/2012/10/what-shame.html

Tuesday, October 23, 2012

නැන්දම්මා සහ ලේලි කියන සින්දු (වගේ ඒවා) මෙන්න - A story in verse

මං ඊයේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කිව්වා විදියට තාත්ත සහ පුතා, නංගී සහ අයියා, අක්කා සහ මල්ලී, නෑනා සහ මස්සිනා, මාමා සහ බෑනා කියන සින්දු තිබුණත් නැන්දම්මා සහ ලේලි කියන සින්දු නම් මේ ලෝකයේ ඇත්තෙම නෑ වගේ.

සමහරු මගෙන් ඉල්ලලා තිබුණා නැන්දම්මා සහ ලේලි කියන සින්දුවක් ලියන්න කියලත්.

ඒ ඉල්ලීම ඉටු කරන තුරු මට හිතුණා, නැන්දම්මා සහ ලේලි කියන සින්දු කෙසේ වෙතත් ඒ ලඟින් යන ජනශ්‍රැතියේ එන කවි දෙක තුනක් දාන්න.

මේ කේස් එක අපි හුඟ දෙනෙක් දන්නවා. මුල් කවිය තමයි වඩාත් ප්‍රසිද්ධ.

http://kathandara.blogspot.com/2012/10/story-in-verse.html

නැන්දම්මයි ලේලියි සින්දු කියන්නේ ම නැද්ද? - The MiL Vs DiL issue

අද හවස් වෙලේ වෙහෙස මහන්සි වී හති අරිමින් ඉන්න වෙලේ අපූරු දෙයක් මතක් වුණා. මතකනේ මං මීට කලින් සිංහල ලෙස්බියන් සින්දුව ගැන, ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක් ගැන වගේ සින්දු ගැන කතන්දර රාශියල් ලියලා තියෙනවා. (දිග ලයිස්තුවක් ප/ලි යේ ඇත) අද කතන්දරේත් ඒ වගේ සින්දු ගැන එකක්.

http://kathandara.blogspot.com/2012/10/blog-post.html

"උපහාර" සහ "අභිමාන" (ඇඩ්වර්ටීස්මන්ට් එකක් නොවේ) - No advertisements here, yet!

මගේ වැඩිහිටි පරම්පරාවේ බහුතරයක් ගුරුවරු. අනිත් අය හුඟ දෙනෙක් රජයේ සේවකයෝ. මේකට හේතුව කියන්නයි මං මගේ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරේ ලිව්වේ.

මේ ගොල්ලෝ දැන් පැන්සොං!

ඒ වුණාට දැන් අවුරුදු දෙක තුනක ඉඳලා කට්ටියම හරිම ක්‍රියාශීලීයි. උදේ ඉඳලා හවස් වෙනතුරු විතරක් නොවෙයි හවස් වෙලා වුණත් එහෙන් කෝල් මෙහෙට, මෙහන් කෝල් අරහෙට, අරහෙන් කෝල් එහෙට, වැඩ කෝටියයි. ගෙවල් නිකං කොමියුනිකේෂන් වගේ.

මේකට හේතුව තමයි "උපහාර".

kathandara.blogspot.com/2012/10/no-advertisements-here-yet.html

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ - Great expectations may lead to great disapprointments

මේකත් කොල්ලෝ හුඟ දෙනෙකුගේ පොදු අත්දැකීමක් වෙන්න ඕනෑ.

හැබැයි මොබයිල් ෆෝන් නැති කාලේ.

කොහේ හරි බස් හෝල්ට් එකකට වෙලා වාතවෙවී ඉන්නවා. අන්තිමේදී හිතේ දුක දරාගෙන ගෙදර යනවා.

මෙන්න මං වයස විසි දෙකේදී විතර ලියපු කවියක්.

මගෙ තනියට උඹ අඬපං බකමූණෝ
http://kathandara.blogspot.com/2012/10/great-expectations-may-lead-to-great.html

Wednesday, October 17, 2012

පොඩි සාදු ගේ වලත්ත කතාව - Thus Have I Heard (a story from yesteryear)

මට මේ කතන්දරේ කිව්වේ අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි. මේක එයා ඉස්කෝලේ ගිය කාලේ කතාවක්. මං හිතන විදියට 1958, 59 කාලේ වෙන්න ඕනෑ.

ඇන්ටිලා ගේ ඇච්.ඇස්.සී. පන්තියේ ඉඳලා තියෙන්නේ ළමයි කීප දෙනයි. ඒ ඉස්කෝලේ මධ්‍ය විද්‍යාලයක් වුණාට කොඹලට දුර ගම්බද පළාතක නිසාත්, ඒ කාල වකවානුවේ අධ්‍යාපන තත්වය අනුවත් ඒ විදියට කීප දෙනෙක් ඉඳීම පුදුමයක් නොවෙයි.

http://kathandara.blogspot.com/2012/10/thus-have-i-heard-story-from-yesteryear.html

Tuesday, October 16, 2012

ඉංගිරිසි සින්දු ඇහීම - Sunday Special Extra with LR

මං දහයේ පන්තියෙට කොඹළ ඉස්කෝලෙට ගියාම ඔන්න අපේ පන්තියේ උන්නු කොල්ලෝ ඉංගිරිසි සින්දු ගැන කතා කරනවා ඇහුණා.

ඒත් මට නං ඒවා එච්චරම නැගලා ගියේ නෑ. වෙන මොකවත් හින්දා නොවෙයි, සින්දුවල තියෙන වචන පැහැදිලි නැති හින්දා.

ටිකක්වත් තේරුණේ බොනී-එම් කියන ගෲප් එකේ සින්දු විතරයි.

http://kathandara.blogspot.com/2012/10/sunday-special-extra-with-lr.html

නාඹර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අවවාදයක් - An important advice to all young people out there

තිස් හතලිස් ගණංවල ඉන්ණ අයත් තරුණ තමයි හැබැයි මෙතන මං නාඹර තරුණ කියන එකෙන් අදහස් කරන්නේ දහ අට පන්නලා විසි ගණංවල ඉන්න කොලු කුරුට්ටන්වයි.

පොතකින් පිටුවක් කියන්නේ ජීවිතයෙනුත් කොටසක්.

පිටු පෙරලෙනවා, වයසට යනවා.

පිටුවල සටහන් කරපු පරණ දේවල් පස්සේ කාලෙකදී කියවන කොට දැනෙන්නේ අමුතුම ආකාරයක නවතාවයක්. රසයක්. ආශ්වාදයක්. ජොලියක්.

හැකි හැම වෙලාවකම මේ විදියට අතීතයට ගිහිල්ලා ඒ රසය විඳගන්න අපි හුඟ දෙනෙක් කැමතියි.

http://kathandara.blogspot.com/2012/10/important-advice-to-all-young-people.html

Friday, October 12, 2012

කොකෝ ඇට වස්තුව - Story of Coco-Nuts...!!!

මගේ පශ්චාත් උපාධි ජීවිතයේ දෙවෙනි රැකියාව වූයේ කළමණාකරන පුහුණුව ලබන්නෙක් ලෙස කොළඹ සමාගමක මා ලද පත්වීමයි.

සතියක් පමණ යනතෙක් ප්‍රධාන කාර්යාලයේ පර්යේෂණ සහ ප්‍රවර්ධන කලමණාකරු යටතේ පොත් පත් කියවමින් කල් ගත කළ මට දෙවෙනි සතියේ සිට සති දෙකක අධ්‍යායනයක් සඳහා සමාගමේ එක් කම්මලකට යාමට සිදුවිය.

මෙකී කම්මල පිහිටා තිබුණේ නුවර ප්‍රදේශයේ දුරස්තරව වූ බැවින් ඒ කාලය තුල මට කම්මල් බිමේ පිහිටා තිබූ බංගලාවේ නවාතැන් ගත හැකි බව දැනුම් දෙන ලදී.

සඳුදා උදෑසන දුම්රියෙන් නුවරට ගිය මා දුම්රිය ස්ථානයේ සිට සමාගමේ මෝටර් රථයෙන් කම්මල බලා ගියෙමි.

http://kathandara.blogspot.com/2012/10/story-of-coco-nuts.html

බහුතරයක් පිරිමින්ට එක දවසක් හරි හිතෙන දෙයක් මෙන්න - Most men would say this one day!

කාලෙකින් කයි-කතන්දරයක් දාලා කෂ්ටියව කෝප කරන්න බැරිවුණු නිසා අද බ්‍රහස්පතින්දා අවේලාවේ හිතුණා ඒකම කරලා බලන්න.

මේක පේරාදෙනියේ තර්ඩ් ඉයර් එකේ විතර කේස් එකක්. ඇත්තම කියනවා නම් සෙකන්ඩ් ඉයර් එකේ ඉඳලා තර්ඩ් ඉයර් එකට ඇදිලා ගිය කේස් එකක්.

දැන් නම් ඉතිං මතකයක් විතරයි!

මෙන්න කවිය. මේක මට විතරක් අයිති කවියක් නොවෙයි.

මට ෂුවර්, මේ කයි-කතන්දරේ කියවන පිරිමින්ගෙන් බහුතරයත් කවදා හරි මේ කවියේ වෙන වර්ෂන් එකක් ලියලා තියෙනවා කියලා!

http://kathandara.blogspot.com/2012/10/most-men-would-say-this-one-day.html

Wednesday, October 10, 2012

සිල්වත් සාදු ගේ රහස - Brain drain?

මේ කතාව මට මතක් වුනේ සමනල ලේඛකයා ලියන "සමනල විප්ලවය" කියන පැරලල් ලෝක බ්ලොග් නවකතාවේ එක එපිසෝඩයක් කියෝපු වෙලාවෙයි.

හැබැයි මේ කතන්දරේ නං පැරලල් ලෝක කේස් එකක් නොවෙයි, හැබෑ ලෝකයේ වෙච්ච හැබෑම එකක්.

මං කියෝපු මේ කියන සමනල විප්ලවය එපිසෝඩ් එකේ තිබුණේ පැරලල් ලෝකයේ මන්ත්‍රී පොරක් මහණ වෙන එක ගැනයි.

මේ ලෝකේත් සමහරු වැඩිහිටි වයසේ දී මහණ වෙනවා තමයි. හැබැයි ලංකාවේ අද ඉන්න බහුතරයක් හාමුදුරුවරු මං හිතන්නේ පොඩි වයසේ දී ම මහණ දම් පුරන්න පටන් ගත්තු අයයි.

http://kathandara.blogspot.com/2012/10/brain-drain.html

Tuesday, October 9, 2012

ලංකාවේ මාධ්‍ය නිදහස පිළිබඳ නලින්ද සිල්වා ගේ අදහස - Nalinda Silva talks about press freedom in Sri Lanka

මංතුමා දාසයයි මාසයේ දී හෝ ගාලා කවි ලියන්න පටන්ගත්තු බව මීට කලින් කියලා තියෙනවානේ.

ඔහොම කවි දුසිමක් දෙකක් විතර ලිව්වාට පස්සේ මං කෙරුවේ ඒවා හාෆ් ෂීට්වල ලියලා පත්තරවලට දාපු එකයි.

එහෙම කවි දැම්මත් පළ වුනේ නෑ කියලා මං නෙමේ දුර්මුඛ වුනේ. ගෙදරින් ශත කීපයක් ලැබුණු ගමන්ම මුද්දර කවර අරං තව තව කවි දැම්මා.

මගේ කවි පල නොවුනේ ඇයි කියලා මට එදා තේරුණේ නෑ. මං හිතුවේ ඒ කවි වලට වඩා හොඳ කවි පත්තරේ පලවුණු නිසා මගේ කවිවලට ඉඩ නොලැබුණා කියලයි.

http://kathandara.blogspot.com/2012/10/nalinda-silva-talks-about-press-freedom.html

විදුලිබල ප්‍රශ්නයට මුදළාලි ගේ විසඳුම - Mudalali's solution to solve the power crisis!

දැන් නං ඒක මිනිස්සුන්ට අමතක වෙලා වගේ වුණාට පහුගිය දවස්වල හරිම නොරච්චෝල් කරච්චලයක් නේ තිබුණේ.

කොටින්ම අර මං ලියල පළ කරපු එදා අපි සහ අද චීන්නු කියන කයි-කතන්දරේට කමෙන්ට් කරන්න ආපු කළාඳුරු ඇනෝලාටත් සිහිවුණේම ඔය කරච්චලේ කේස් එකයි.

අච්චර වැදගත් මගේ සංයුක්ත කවිය ගැන නෝ කතා!

ඔය නොරච්චෝල් ගල් අඟුරු කරච්චලේ ලංකාවට ආවේ ළඟදී නේ. අපි පොඩි කාලේ ඉඳලාම අහලා තිබුණේ ලංකාවේ විදුලිය නිපදවෙන්නේ ජලවිදුලිය විදිහටයි කියලායි. දන්නවානේ අර ලක්‍ෂපාන සහ විමලසුරේන්ද්‍ර ගැන කතන්දර හෙම?

ඉස්සර කාලේ විදුලිබලය ඉල්ලුමට වඩා කොච්චර සැපයුම වැඩි වුණාද කියනවා නම්, හොට් ප්ලේට්වලින් උයන්නය කියලා කොළඹ පැත්තේ උන්නු අයට උපදෙස් දුන්නාලු විදුලි බල මංඩලයෙන්.. .!!!

http://kathandara.blogspot.com/2012/10/mudalalis-solution-to-solve-power-crisis.html