Tuesday, July 30, 2013

කැම්පස් ගිය කොල්ලෙක් ගේ කතාවත් හෙවත් "වැරදිද ඇය? ඔබ කියන්න!" - Fate

මේක දැන් දශක දෙක තුනකට කලින් වෙච්ච ලව් කේස් එකක කතන්දරයක්. අද කාලේ නං, මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ෆේස් බුක් සහ ඊ-මේල් ආදිය නිසා මෙහෙම කේස් වෙනවා අඩුයි මගෙ හිතේ!

අපේ කතා නායකයා, නම බණ්ඩාර කියමුකෝ, ගම්බද පලාතක දුප්පත් පවුලක කොල්ලෙක්. හොඳ මීටරේ. කොටින්ම මං හිතන්නේ පොඩි කාලේම සිස්සස්සේ පාස්වෙලා ඒ පලාතේ තියෙන සෙන්ට්‍රල් එකකට ගිහින් තියෙනවා ඉගෙන ගන්න. පස්සේ උසස් පෙල කරන්න ඊටත් වඩා නගරබද මහා විද්‍යාලෙකට ගිහින්.

ඒ දවස්වල, ඒ පලාත්වල ඉස්කෝලවලින් පළමුවෙනි පාරට ළමයින් විශ්ව විද්‍යාලේ යන්න පාස් වෙන්නේ නෑ. හැබැයි, විශ්ව විද්‍යාලවල නම් ඒ පැත්තෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ අඩු නැතුව ඉන්නවා. ඒ හැමෝම දෙවෙනි පාරට උසස් පෙල කරපු අය.

http://kathandara.blogspot.com/2013/07/fate.html

Saturday, July 27, 2013

"සොමියට වරෙන් පුතා - ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" සින්දුව ප්‍රබුද්ධ ගීතයක් කරමුද? - From pop to classical

මේ ලඟදී අපේ මිතුරන් කණ්ඩායමක් අතරේ අර දශක ගණනාවකට කලින් දිවයින පත්තරේ ගිය ආකාරයේ ප්‍රබුද්ධ ගීතය සහ පීචං ගීතය අතර වෙනස ගැන ඊ-මේල්වලින් පොඩි විවාදයක් ගියා.

ඔය කියන "ප්‍රබුද්ධ - පීචං" විවාදයෙන් මට මතක කෑලි දෙකයි.

ජෝතිපාල කිව්වා පත්තරෙන් ඉන්ටර්වීව් කරන්න ආපු පොරට මෙහෙම.

"මල්ලී, ඒ මාස්ටර් ලා කියන්නේ ප්‍රබුද්ධ ගී. අපි කියන්නේ පීචං සින්දු!"

ඊලඟ සුමානේ සම්මුඛ සාකච්ඡාවක් දුන්නු නිහාල් නෙල්සන් කිව්වා මෙහෙම.

"මල්ලී ඔවුන් ගේ ගී ප්‍රබුද්ධ නම්, අපේ සින්දු සුප්‍රබුද්ධයි!"

ඉතිං මේ ගැන මතක් වෙලාද කොහෙද අපේ ඊ-මේල් වාදයට සහභාගී වුණු මගේ මිතුරෙක් වෙන දීපාල් ද සිල්වා මෙහෙම ලියා එව්වා.

http://kathandara.blogspot.com/2013/07/blog-post.html

Friday, July 26, 2013

රෝහණ විජේවීර සින්දු කියයි! - Rohana Wijeweera Musical Show in Moratuwa

මේ සිද්ධිය මං අහලා තියෙන ලූ කතාවක් මිස හරියටම දන්න කේස් එකක් නොවෙයි.

මේක වෙලා තියෙන්නේ මං පෙරේදා දාපු කවියේ දෙවෙනි කොටසින් කියවුණු මරණය වගේ මරණ රාශියක් සිද්ධවුණු 1988-89 කාල වකවානුවේ යි.

මගේ කවියේ මුල් කොටසින් කියවුණු 1983 ජූලි සිදුවීම්වලට සම්බන්ධයැයි චෝදනා කරලා ඉන් දවස් දෙක තුනකට පස්සේ ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුව ජේවීපී එක තහනම් කළා.

ඒ එක්කම බාහු ගේ නසසපයත්, කේපී ගේ කොපයත් තහනම් කෙරුණා. (මෙතන කේපී කියන්නේ ඔය අද ඉන්න කේපී නොවෙයි, මෙයා කේ.පී.ද සිල්වා!)

http://kathandara.blogspot.com/2013/07/rohana-wijeweera-musical-show-in.html

Wednesday, July 24, 2013

ජූලි-ගණේමුල්ල-දොලේකනත්ත-1983-1989 : Some wounds never heal

සාමාන්‍යයෙන් මං කවි විතරක් පල කරන්නේ නෑ බ්ලොග් එකේ, කයි-කතන්දර මිස.

අද කවිය විතරක් දාන්නේ, මේකේ කතන්දර දෙකම ඔහේලා අහලා, අහලා ම හොඳින් දන්න නිසායි.

http://kathandara.blogspot.com/2013/07/1983-1989-some-wounds-never-heal.html

Monday, July 22, 2013

අනුලා දේවිය ගේ සළුපට අහසට! - Written, directed and produced by Kathandarakaraya

කතන්දරකාරයා සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙයි!

තව ටික කාලෙකින් සරසවිය වගේ සිනමා පත්තරවල, දිනපතා සහ ඉරිදා පත්තරවල සිනමා අතිරේකවල, මාසික සඟරාවල දකින්න ලැබෙන හෙඩ් ලයින් නිවුස් එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.

ඇත්තටම නං මං චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හිතුවේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක. ඒ ප්ලෑන් එක හරි ගියා නම් අර බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු අබා විත්‍රපටියේ අධ්‍යක්‍ෂ වෙන්නේ මංතුමායි.

ගිය දේ ගියා!

චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන්නේ කවුරු හරි ලියපු තිර රචනයකට අනුව කවුරු හරි අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටියකට සල්ලි වියදම් කරන එකනේ?

දැන් ඉතිං කතන්දර බ්ලොග් එක අවුරුදු හතරක් කරගෙන ගිහිල්ලා, කතන්දර 850 ක් විතර ලියලා දාලා හොඳ ඇක්ස්පීරියන්ස් ලැබිලා තියෙන එකේ මට හිතුණා, එක එකාට කියලා චිත්‍රපටි ලියෝලා හදෝලා ගන්නේ නැතුව මංතුමාම කතාවක් ලියලා, අධ්‍යක්‍ෂණය කරලා, නිෂ්පාදනය කරගන්න.

මෙන්න මගේ විත්‍රපටියේ මාතෘකාව.

අනුලා දේවිය ගේ සළුපට අහසට

http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html

Saturday, July 20, 2013

බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?

විජය කුමාරතුංග කියන නළුවා මං පොඩි කාලේ මට පෙන්නන්න බැරි එකෙක්.

මට මතකයි පොර ඒ කාලේ සිරි ලංකා එකේ දේශපාලන රැස්වීමක කතාකරන්න ආවා. කොල්ලෝ කෙල්ලෝ හෙම පොර පස්සේ දිව්වා.

මං නෙමෙයි නිකමටවත් සැලුනේ.

මගේ යාළුවෙක් වෙච්ච සරත්චන්ද්‍ර ආපහු ඇවල්ලා කිව්වා ඌ විජය ගේ ෂර්ට් එක ඇල්ලුවා ය කියලා. මට හිතුනේ අනේ පව් කියලා විතරයි!

ටික කාළෙකට පස්සේ මටත් යම් දේශපාලනමය සිතුවිල් පහල වෙන්න පටන් ගත්තා. පස්සෙන් පහු විජය කුමාරතුංගත් මට හිතුණ විදියට නිවරදි දේශපාලනයක් පටන් ගත්තා.

අන්න එතකොට තමයි මට තේරුනේ "යකෝ, මූ කොච්චර සුපිරි නළුවෙක් ද?" කියලා.

ඒ විතරක් නොවෙයි!

http://kathandara.blogspot.com/2013/07/kathandara-is-bodu-bala-senna-sexist.html

Thursday, July 18, 2013

ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia

අප හුඟ දෙනෙක් සිතින්වත් ඉස්කෝලෙ ගිය කාලෙට ආපහු යන්න කැමතියි.

ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. එදාට වඩා හොඳට ඉස්කෝලේ වැඩ කරන්න, අර කියා ගන්න බැරි වුණු ඒවා කියා ගන්න, නපුරු ටීචර් ලා ගෙන් බේරිලා ඉන්න. ලයිස්තුව තව දිගයි!

මාත් විටින් විට ඉස්කෝලේ ගිය කාලේ ගැන කතන්දර ලියලා තියෙනවා.

ඒත් අද මං මේ කියන්න යන්නේ ඉස්කෝලේ කාලේ ගැන ලියවුනු පොතක් ගැනයි. මේක මං සඟරාවකට ලියපු පොත් විචාරයක්.

http://kathandara.blogspot.com/2013/07/kathandara-nostalgia.html

හරියටම අවුරුද්දකට පසු "සුඋදිවේකහා" කේස් එක නැවතත් ඇවිල්ලා! - HBDKH returns in verse!

දින තුනක ට්‍රිප් එකකින් පස්සේ වැඩ ගොඩවුණු හින්දාත් තවත් කේස් එකක් හින්දාත් මේ කවි ටික ලියලා පල කරන්නත් වෙනදාට වඩා පැය එකොළහක්ම පරක්කු වුණා.

ඒ කේස් එක (සුඋදිවේකහා) මොකක්ද කියලා දන්නෝ දනිති.

අද පෝස්ටුවේ අග හරියේ ලින්ක් එකක් ද ඇත!

http://kathandara.blogspot.com/2013/07/kathandara-hbdkh-returns-in-verse.html

Sunday, July 14, 2013

පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගැනීම - Wishing for smooth sailing from here

මං ඉස්කෝලේ යන කාලේ එක පන්තියක ඉඳන් අනිත් පන්තියට පාස් වෙන එකේ ජොලිය දැනුණේ එක පාරටම නොවෙයි, ටික ටිකයි.

ඔන්න ඉස්සෙල්ලාම මාසෙක විතර දිග නිවාඩු කාලයක් එනවානේ. ඉතිං අපිට මේ කාලෙට ලැබෙනවා නෑදෑ ගෙවල්වල යන්න. ගිහින් නතර වෙලා සතියක් දෙකක් ඉන්න.

ඒ කාලේ මං වැඩියෙන්ම කැමති ආච්චී ලා ගේ ගෙදර යන්නයි. ඒ කියන්නේ මගේ අම්මා ගේ දෙමව්පියන් ගේ ගෙදරයි.

එහේ තමයි අර පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා එකතු කරලා පෙට්ටගමක දාලා තිබුණේ!

http://kathandara.blogspot.com/2013/07/wishing-for-smooth-sailing-from-here.html

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come!

මං තුනේ පන්තියෙන් හතරට පාස් වුනේ කලර්ස් එක්ක. ඒ ගැන කතන්දරේ මීට අවුරුද්දකට විතර කලින් දවසක ලියා පලකළා මතකයි.

හතරේ පන්තියේ දී වුණු සිද්ධි කීපයක් ගැන කතන්දරත් මං හිතන්නේ මං මීට කලින් ලියලා තියෙනවා.

එයින් මුල් කතන්දරේ තමයි මයි ෆර්ස්ට් ක්‍රෂ් හෙවත් කතන්දරකුමාර ට මුල්ම පෙම් සිතුවිලි පහලවුණු කේස් එක.

ඒ සිද්ධියට අදාල ශානිකා කිරිබත්ගොඩයි, කතන්දර දෙක තුනකම චරිත මවපු නාලන්ද පියතිලකයි දෙන්නම මේ පාර වැටිලා තිබුණේ හතරවෙනි ශ්‍රේණියේ මං වැටුණු 4-A පන්තියටමයි.

නපුරු ගුරුවරයෙකු ගේ දරුණු වේවැල් පහරකට අසාධාරණ ලෙස ලක්වුණු කතන්දරකුමාර ගේ ඇඟේ ලේ සෙලවුණේත් මේ හතරවෙනි ශ්‍රේණියේ දී ම යි.

ඔය අතරේ පළමුවෙනි වාර විභාගය තිබුණා.

http://kathandara.blogspot.com/2013/07/grade-five-here-i-come-kathandara-blog.html

Wednesday, July 10, 2013

කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න - A love story in short


ස්වයංවරය කියන කේස් එක දන්නවානේ?

ඉස්සර රාජකුමාරිකාවන් ගේ අත පතා අවට රාජ්‍යවල කුමාරුවරු පෝලිමේ ආපුවාම ඒ අය අතරින් එක්කෙනෙක් තෝරාගන්න වරම ලැබෙන්නේ කුමාරිකාවටයි.

කුමාරවරු සිංහාසන වගේ පුටුවල උජාරුවට වාඩි වෙලා ඉඳිද්දී කුමාරිකාව සබේට ඇවිල්ල මල් මාලේ දානවා තමන් ගේ සිත ගත් පොරට.

ඊට පස්සේ කේස් ක්ලෝස්. කපල් එක හනිමූන් යනවා. පැරදිච්ච එවුන් දුකටත් එක්ක තරලසාර බඳුනක් බීලා අස්සයා පිටේ නැගලා ගමට යනවා.

ඔය වගේ දර්ශනයක් තිබුණා හද්ද පරණ සිංහල චිත්‍රපටියක. ගාමිණී ෆොන්සේකා කොණ්ඩයක් දාගෙන රඟපෑවේ.

http://kathandara.blogspot.com/2013/07/love-story-in-short.html

Sunday, July 7, 2013

කම්මැලිකමට හේතුව මොකක්ද? - Sunk in Laziness

අද මහා කම්මැලි දවසක්.

උදේ හතට විතර ඇහැරුණත් ඇඳෙන් බැස්සේ නමහමාරට. ඒකත් කලේ හාමිනේ රත්කරලා ආපහු ගෙනත් දුන්නු තේ මග් එකේ පිහිටෙන්. උදේට කෑවේ දහයට!

නිකං ඈලි මෑලි දුබල ගතියක් තමයි ගතට සිතට දැනෙන්නේ. ගමන බිමනත් නිකං අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ තමයි කෙරෙන්නේ. වෙනදා වගේ කඩිසරව ඩබල් එකේ ඇවිදින්න හිතෙන්නේ නෑ.

http://kathandara.blogspot.com/2013/07/sunk-in-laziness.html

Saturday, July 6, 2013

කතන්දරකාරයා කණ්ණාඩි පොළඟා වුණු හැටි - Four eyed monster

කුඩා කළ සියට එලෙස කියවීමට හුරුවීම ඉතා හොඳ දෙයක් බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් ඒ ඇබ්බැහි වීමේ යම් අනිසි ප‍්‍රතිපල ද ඇති බව මට නොබෝ කලෙකින් වැටහිණි.

එයට හේතුව නම් මා පුවත්පත් කියවන විට ඒවා දෙඇසට ඉතා ලංකරන බව තාත්තා ගේ ඇස ගැටීමයි.

"මාත් දැක්කා ලොකු පුතා හැම තිස්සේම පත්තරේ මූණේ ඇලවෙන තරමට ලං කරළා තමයි කියවන්නේ!" අම්මා ද තාත්තාගේ නිරීක්ෂණය තවත් තහවුරු කළාය.

මේ කාලය වෙන විට මගේ පියා හතළිස් හතලිස් ඇඳිරිය ලබා කණ්ණාඩි පලඳින්ට පටන් ගෙන බොහෝ කල් ගොස්ය.

"මං මෙයාව මේ සෙනසුරාදාම සිරිවර්ධන එකට එක්කරගෙන යනවා ඇස් බලවලා කණ්ණාඩි දෙකක් අරං දෙන්න" තාත්තා කීවේය.

http://kathandara.blogspot.com/2013/07/four-eyed-monster.html

Thursday, July 4, 2013

යාද්වි තිදාද ම්යනවි - topsy turvy!

ඔය මං දාලා තියෙන මාතෘකාව අප්සෙට් වගේ පේන අයට පස්සේ කේස් එක තේරේවි කියලා හිතනවා.

දැන් ඉස්කෝලවල තියෙනවා නේද විවිධ මොටෝ, ඒ කියන්නේ ආදර්ශ පාඨ?

ඉස්කෝල කිව්වාම ඉස්සෙල්ලාම කියන්න ඕනෑ, මං ජීවිතේ ඉස්කෝල තුනකට ගිහින් තියෙනවා.

වැඩිපුරම කාලයක්, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා අවුරුදු පහක්, හිටියේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ මං ගිය කාලේ මොටෝ එකක්, ඒ කියන්නේ ආදර්ශ පාඨයක් තිබුණේ නෑ. පසු කාලෙක ඉස්කෝලේ ලොකු මහත්තයා "සූර්යාලෝකයෙන් පුෂ්පයෝ පිබිදෙති, විද්‍යාලෝකයෙන් ශිෂ්‍යයෝ පිබිදෙති!" කියලා කෑල්ලක් දා ගත්තා.

http://kathandara.blogspot.com/2013/07/topsy-turvy.html

Tuesday, July 2, 2013

එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England

අපේ අංකල් කෙනෙක් මං පුංචි කාලේ මා එක්ක කියපු කතන්දර කීපයක් කිසිදු විශේෂ හේතුවක් නැතුවම මට අද සිහිවුණා.

ඇත්තටම මේ සිහිවීම මහා පුදුමයක්, මොකද මේ කියන අංකල්ව මං ජීවිතේටම දැකලා තියෙන්නේ එකෝම එක දවසයි, ඒකත් මං හතරේ පන්තියේ විතර ඉන්න කාලේ දවසකයි.

අංකල්ව මං ඉන් පස්සේ දැකලා නැත්තේ පොර ඉන්නේ එංගලන්තේ නිසයි. එදා මං පොරව දැක්කේ පොර නිවාඩුවකට එංගලන්තයේ ඉඳලා ආපු කාලෙකට මටත් මගුල් ගෙදරක් වැනි දෙයකට සහභාගී වෙන්න ඒ ආච්චිගේ ගෙදර ගිහින් රාත්‍රිය ගත කරන්න සිදුවුණු නිසයි.

ඉන් පස්සෙත් පොර විටින් විට ලංකාවට එන්න ඇති, නමුත් අපි දෙන්නගේ ජීපීඑස් කෝඩිනේට්ස් ආහපු සමපාත වෙලා නෑ මේ වෙනකම්ම.

මෙන්න අංකල් කියූ කතන්දර කීපයක්.

http://kathandara.blogspot.com/2013/07/once-upon-time-in-england.html

පිරිමින් ට පොදු ප්‍රශ්නයක් - A universal men's problem

ලෝකේ කොයි හතර දිග්බාගේ හිටියත් පිරිමින්ට පොදු එක්තරා ප්‍රශ්නයක් තියෙනවා.

මේක සෞඛ්‍යයට සම්බන්ධ ප්‍රශ්නයක්.

මං මේ කියන්නේ අර පත්තරවල තෙල් බේත් කාරයෝ දැන්වීම් දාලා පෙති, කරල්, ක්‍රීම් ජාති විකුණාගන්න බලන අප්‍රාණිකත්වය, නෂ්ටකාමය හෝ ක්‍ෂණික මෝචනය වගේ කේස් ගැන නොවෙයි.

මේක ඊට වඩා ජෙනරික් ප්‍රශ්නයක්.

මේ පොදු පිරිමි ප්‍රශ්නය තමයි පිරිමි තමන් ගේ සෞඛ්‍යය ගැන නිසි අවධානය යොමු නොකිරීම.

http://kathandara.blogspot.com/2013/06/universal-mens-problem.html

Saturday, June 29, 2013

සීනි නැතුව තේ බොන්නම් - කෑම නැතුව හුලං කන්නම් : Only a Sri Lankan can do this?

පරම්පරාවකට දෙකකට කලින් 1975 විතර කාලේ ලංකාවේ තිබිලා තියෙන්නේ සිරිලංකා, කොමිනිස් සහ සමසමාජ සභාග ආංඩුවක්.

මේ දවස් වෙන කොට ලංකාවේ පොඩි දුර්භික්‍ෂයක් වගේ එකක් ඇවිත් කෑම බීම හිඟයක් ඇති වෙලා තියෙනවා. ඊට අමතරව, පිටරටින් බඩු ගෙන්වීම අන්තිමට සීමා කරලයි තිබිලා තියෙන්නේ.

මං කලින් කතන්දරේක කිව්වා වගේ ඉල්ලුමේ තරමට සැපයුමක් නැති වුණාම සාමාන්‍යයෙන් නම් බඩු මිල වැඩිවෙනවා. නමුත් ආණ්ඩුව මැදිහත් වෙලා මිල පාලනය ද අරක ද මේකද දැම්මාම වෙන්නේ කළු කඩ බිහිවීමයි.

http://kathandara.blogspot.com/2013/06/only-sri-lankan-can-do-this.html

Friday, June 28, 2013

ජීවිතං අනියතං, මරණං නියතං - නෙල්සන් මැන්ඩෙලා සහ මරණය : Certainty!

සිදුවෙන්නේ කවදාදැයි අප නොදන්නා නමුත්, නෙල්සන් මැන්ඩෙලා මතු යම් දවසක මිය යාන බව නම් අපි ඉඳුරාම දනිමු.

මරණය යනු අප හැමටම පොදු දෙයකි.

බුදු සාදු ද මිය ගියේය.
ජීසස්වද මරා දමන ලදී.

කේමදාස මිය ගියේය.
අමරදේව ද මිය යනු ඇත.

මෙලොව වසන අන් සියළු සත්වයන් මෙන්ම, කතන්දරකාරයා නම් චරිතයක් ආරූඩ කරගෙන මේ කතන්දර බ්ලොග් එකේ කතන්දර ලියන මා ද යම් දිනයක මිය යාමට නියමිතය.

එය අන් අය මට මතක් කර නොදුන්නත් මට ලේසියෙන් අමතක වෙන කාරණයක් නොවේ.

http://kathandara.blogspot.com/2013/06/certainty.html

Wednesday, June 26, 2013

අයියලා ට පොසොන් සරුද? - What I did on poya day

ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ මං පේරාදෙනියේ ඉන්න කාලේ විස්ස විජ්ජාලේ කොල්ලෙකුට කෙල්ලෙක් එවපු ලියුමක තිබුණු එක්තරා කෑල්ලක්.

"අවුරුදු සරු ද?", "නත්තල් සරු ද?" කියලා කන-බොන කේස් ගැන අහනවා මිස පොසොන් වගේ පෝය දවසක් ගැන එහෙමත් ප්‍රශ්න අහනවාය කියලා මං දැන ගත්තේ එදා තමයි.

වෙසක් ගැන නං ඉතිං සරුද කියලා තක්සේරු කරන්න පුළුවන් දන්සැල් ගැනවත් හිතලා.

සමහර විට ඒ ලියුම එවපු ගෑල්ළමයා අනුරාජපුරේ පැත්තේ අංශයක් වෙන්න ඕනෑ. ඒ පැත්තේ තමයි ඔය පොසොන් එකටත් දන්සැල් ගජරාමෙට දන්සැල් තිබුණේ ඒ කාලේ.

මේ කතාව ලියන්න ගත්තේ පොසොන් එක ගැන කියන්න නෙමෙයි, වෙසක් එක ගැන කියන්නයි.

http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-poya-day.html

Monday, June 24, 2013

මල්ගෝවා නොහොත් කෝලිෆ්ලවර් -කාලා වරෙං! : I am going to challenge the Iron Chef

ලංකාවේ භාවිතා වෙන භාෂා තුනම [සිංහල, දෙමළ, ඉංගිලිසි] සම්බන්ධ වචනයක් දන්නවද?

ඒක තමයි ගෝවාගෙඩිය.

ගෝ - පලයං
වා - වරෙං
ගෙඩිය - විවිධ තේරුම් ඇත!

ගෝවා කියන්නේ ඉතිං එලෝළුවක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. මල්ගෝවා කියන්නේත් එලෝළුවක්. නමුත් මේ දෙක අතර අර නෙළුම් අල සහ නෙළුම් මල් අතර වගේ සංජානේය සම්න්ධතාවයක් නෑ.

ගෝවා සහ මල් ගෝවා නිකං බාප්පා මහප්පලා ගේ පුත්තුන් ගේ පුත්තු වගේ ටිකක් දුරින් තමයි නෑ වෙන්නේ.

පහුගිය දවසක මට පොඩි චෑන්ස් එකක් ලැබුණා මල්ගෝවා උයන්න.

http://kathandara.blogspot.com/2013/06/i-am-going-to-challenge-iron-chef.html

Friday, June 21, 2013

පොඩි මෙව්ව එකක් ගැන මෙව්ව එකක් - I think you are in love!

දැන් ඔය ගද්‍ය සහ පද්‍ය කියලා ජාති දෙකක් ගැන අහලා තියෙනවා නේද?

පද්‍ය කියන්නේ නං ඉතිං කවි කියන එකනේ. ගද්‍ය කියන්නේ සාමාන්‍ය ලියවිල්ලටයි.

සමහර විට ඔය ගද්‍ය පද්‍ය ජාති දෙක අතර වෙනස හරියටම කියන්න බෑ වගේ. සමහර සටහන් ගද්‍යට වඩා ප්ද්‍ය වගේ. සමහර ඒවා පද්‍යට වඩා ගද්‍ය වගේ. මේවට ගද්‍ය කියන්නත් බැහැ, පද්‍ය කියන්නත් බැහැ, ගද්‍ය-පද්‍ය කියන්නත් බැහැ, පද්‍ය-ගද්‍ය කියන්නත් බැහැ.

උඩ මාතෘකාවේ මං මෙව්වා එකක්කියලා ලිව්වේ ඒ නිසයි.

කාලෙකට ඉස්සර දවස ගානේ පරිහරණය කරපු පරණ සටහන් පොතක් හම්බ වුණා අහම්බෙන් වගේ පොත් ගොඩක් අදින අතරේදී.

මේ ඒ පොතේ තිබුණු මෙව්ව එකක්.

http://kathandara.blogspot.com/2013/06/i-think-you-are-in-love.html

Wednesday, June 19, 2013

රෝම ශිෂ්ඨාචාරයේ පරිහානියට හේතුව ජොක්කු ප්‍රශ්නයක් ද? - A hereto unknown reason for the decline of Roman Empire

පහුගිය අප්‍රියෙල් මාසයේ ඉතාලියේ මං ගතකල සතියක පමණ කාලයේ දී ලැබූ අත්දැකීම් කිහිපයක් ගැන කතන්දර පසුගිය දිනවල පලකළා මතකයි නේ?

ඒවා කියවපු නැති අයට මෙන්න නැවතත් අවස්ථාව.

1. ඉතාලියේ පුංචි පුංචි කාර්
2. ඒරොප්පේ කෝච්චිනේ හලෝ කෝච්චි
3. ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල
4. ඉතාලියේ රෝම නගරයේ අරුම පුදුම දසුනක්
5. රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි

ඔය අන්තිමට තියෙන ඉතාලි පොලොන්රුව කතන්දරේ දී මං කිව්වා වගේ මීට ශතවර්ශ තිස් ගානකට කලින් තමයි රෝම පුරාණ ශිෂ්ඨාචාරය දියුණු වෙන්න පටන් අරගෙන තියෙන්නේ.

ඊට පස්සේ රෝම අධිරාජ්‍යය බිහිවෙලා රෝමන්ස් ලා මුලු යුරෝපයම වගේ යටත් කරගෙන ඉඳලා තියෙනවා කාලයක් ස්පාඤ්ඤයේ සිට ආමේනියාව දක්වාත්, මිසරයේ සිට එංගලන්තය දක්වාත්.

සියවස් ගණනාවක් තම බල පරාක්‍රමය පතුරවා ගෙන හිටියත් රෝම අධිරාජ්‍යය පසු කාලයක අභාවයට ගිහින් තියෙනවා, විශේෂයෙන්ම සතුරු උවදුරු සහ වෙනත් විවිධ හේතු නිසා.

http://kathandara.blogspot.com/2013/06/x-hereto-unknown-reason-for-decline-of.html

Tuesday, June 18, 2013

හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!

සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.

එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.

මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.

මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.

http://kathandara.blogspot.com/2013/06/socialism-piss-off-mate.html

Sunday, June 16, 2013

කැලැන්ඩර් දාහතර, අවුරුදු විසි අට සහ මඩ පුවක් ගඳ - Regurgitation, oh, yum!

මේක අමුතුම කතන්දරකාරයක්!

දන්නවද අපි 2002 කැලැන්ඩරයක් පරිස්සම් කරලා අරං තියාගෙන හිටියා නම් මේ අවුරුද්දෙත් (2013) පාවිච්චි කරන්න තිබුණු බව?

දැන් පවතින කැලැන්ඩර ක්‍රමය අනුව අපිට ඕනෑ කැලැන්ඩර් දාහතරක් විතරයි. ඒ සෙට් එක හැම අවුරුදු විසි අටකටම පාරක් රීපීට් වෙනවා. සමහර කැලැන්ඩර් තුන්පාරක්, සමහර ඒවා දෙපාරක්, නමුත් සමහර ඒවා ඒ විසි අටේ චක්කරේ දී එකෝම එක පාරයි එන්නේ.

මේ 2013 අවුරුද්දේ කැලැන්ඩරේ පරිස්සම් කරලා තියාගත්තොත් ආපහු ඒක 2019 දී පාවිච්චි කරන්න පුළුවනි!

http://kathandara.blogspot.com/2013/06/regurgitation-oh-yum.html

Friday, June 14, 2013

රෝමයේ සිට කිලෝ මීටර් විසිපහක් දුර ගෙවා පොලොන්නරුවට ගියෙමි! - Photos from Ostia Antica

රෝමයේ මං ගතකරපු සතියක විතර කාලය ඇතුලත ගිය හොඳම ගමණක් තමයි පොලොන්නරුව බලන්න ගිය එක!

උදේ ගියා, හවස් වෙන කොට ආපහුත් ආවා.

මේ බොරු නොවෙයි කියන්නේ. ඇත්තටම කියනවා නම් රෝමයේ ඉදලා පොලොන්නරුවට දුර කිලෝ මීටර් විසිපහක්වත් නැති තරම්.

මං මේ පොලොන්නරුව කියලා කියන්නේ ඊයේ මං කියපු ඉතාලියේ ඉසුරුමුණි පෙම් යුවල මට හමුවුණු ඔස්ටියා ඇන්ටිකා නටඹුන් නගරය ගැනයි.

http://kathandara.blogspot.com/2013/06/photos-from-ostia-antica.html

Wednesday, June 12, 2013

ඉතාලියේ දී මා දුටු ඉසරුමුණි පෙම් යුවල - An Italian Affair

(පාරිභෝගික අවවාදය - ජුංඩක් විතර නරක ෆොටෝ එකක් ඇත!)

ඉසුරුමුණි පෙම් යුවල ගැන ඉතිං අපි කවුරුත් දන්නවා නේ. අර චිත්‍රාල් සෝමපාල ගේ දෙමව්පියෝ සින්දුවක් හෙමත් සින්දුවකිනුත් කියන්නේ විස්මිත ගල්වඩුවාණෙනි ඔබ හට අප ණය ගැති නොවෙදෝ කියලා.

අපි දන්නේ නැත්තේ එච්චර ලස්සන ඒ මියුරල් එකද මොකක් ද එක ගලේ කොටපු ගල්වඩු කලාකරුවාගේ නමයි.

මට නං ඔය ඉසුරුමුණි පෙම් යුවල ගැන තාමත් විසඳුනේ නැති ප්‍රශ්න දෙක තුනක් තියෙනවා.
ඇයි ඔය කපල් එකට අපි පෙම් යුවල කියන්නේ?
ඇයි ඒ ගොල්ලෝ කසාද බැඳලා නැද්ද?
කොහොමද අපි ඒක දන්නේ?
මොකද කසාද බැඳපු එවුන් තුරුල් වෙලා ඉන්නේ නැත්ද?
කසාද බැඳපු එවුන්ට තුරුලු වෙලා ඉන්න හොඳ නැද්ද?
අනික පෙම් යුවලක් නම් ඔය වගේ කැලේ පැත්තකට ගියාම සිරස් තලයක ඉඳීවිද?

http://kathandara.blogspot.com/2013/06/italian-affair.html

Tuesday, June 11, 2013

කියන්න කවුද ඔබ කියා - What I did on Sunday

පෙරේදයි, ඊයේයි අදයි නිවාඩු පාඩුවේ වත්තේ පිටියේ පොඩි පොඩි වැඩ දෙකතුනක් කර කර හිටියා. ඒ හින්දා සුපුරුදු පරිදි කතන්දරයක් වෙලාවට දා ගන්නත් ඉඩක් ලැබුනේ නෑ අද.

ඊයේ වැඩපල අතර පොඩි විවේකයක් ගන්න වෙලේ අපූරු යුටියුබ් වීඩියෝ එකක් බලන්න ලැබුණා.

මතකයි නේද දැන් මාසෙකට විතර ඉස්සෙල්ලා ලංකාවේ මියුසික් වීඩියෝ ත්‍යාග ප්‍රදානෝත්සවය තිබුණා. අර සෝමා මාමා පරක්කු වෙලා ඇවිල්ලා පොඩි සයිස් එකක් දැම්මේ? අන්න ඒක.

ඉස්සර අපි පොඩි කාලේ සින්දු ඇහැව්වේ රේඩියෝ එකේ යන ඒවා. ඒ කියන්නේ එතන වැඩ කරපු අංකල් ලා ට, ඇන්ටි ලා ට ඕනෑ ඒවා. හැබැයි ඔහෙලා ගේ ඉල්ලීම් තීරයකුත් තිබුණා. ඒවායෙන් සින්දු ඉල්ලන ගාමා ගාමිණී සුබසිංහ වගේ අයත් හිටියා.

http://kathandara.blogspot.com/2013/06/what-i-did-on-sunday.html

Sunday, June 9, 2013

ඇන්ටි ද හරි, මං ද හරි? - Is committing suicide a part of natural selection?

මෙන්න මේකයි කේස් එක.

ගිය සතියේ දවසක මං උදේ කෝච්චියට නගින්න ඉන්න වෙලේ කොල්ලෙක් ආවා ස්ටේෂන් එක ඇතුලටම බයිසිකලේක නැගිලා. මූ ඊලඟට ප්ලැට්ෆෝම් එක දිගේ වේගයෙන් සයිකලය පදින්න ගත්තා එක කොනකට. නිකං නෙමේ ඉස්සරහ රෝදේ උස්සලා තනි රෝදෙන්.

ඊට පස්සේ ඒ කොනේ ඉඳලා ආයෙත් මේ කොනට වේගයෙන් එන්න ගත්තා. ආයෙත් අර විදියටම මුලින් රෝද දෙකෙන් අඩි කීපයක් එනවා. ඊට පස්සේ ඉස්සරහා රෝදේ උස්සල අර සර්ක්සවල වගේ තනි රෝදෙන් එනවා.

ඕක දැකපු හුඟ දෙනෙකුට හිතෙන්න ඇති අනේ මේ වගේ මෝඩයෙක් කියලා.

"අර කොල්ලා හිතන් ඉන්නේ ඌ මහ වීරයෙක් කියලයි. නමුත් ඌ මහා මෝඩයෙක්!" මං මා එක්ක හිටිය අපේ ඇන්ටි එක්ක කිව්වා. (මෙයාට මං ඇන්ටි කිව්වට එහෙම කියන්නේ වයස නිසා නොවෙයි කියන කරන දේවල් ගැන හිතලායි!)

"හැබැයි දැන් කෝච්චියක් ආවොත් මේ ළමයා හැප්පෙන්නත් ඉඩ තියෙනවා නේ!" ඇන්ටි කිව්වා.

http://kathandara.blogspot.com/2013/06/is-committing-suicide-part-natural.html

Friday, June 7, 2013

අල්ලපු පන්සලේ සාදු බණින හැටි මෙන්න - Go ahead, Make my day!

මේක අපේ රත්නායක මහත්තයා මා එක්ක කාලෙකට කලින් කියපු කතන්දරයක්.

මේ කතන්දරේ මං අර "අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!" කියන ලිපිය දාපු දවසේ "කැපිටල් ඇනෝ" නමින් අපි දන්නා අංකල් ඇවිත් මෙලෝ හසරක් නැති කමෙන්ටුවක් දාන වෙලේ මතක් වුණත්, පස්සේ ආයේ අමතක වෙච්ච පාර මේ ඊයේ පෙරේදා මහසෝන් පිල්ලිය කියන තවත් පාඨකයෙකු ගේ කමෙන්ටුවක් නිසා යලි සිහියට ආවා.

මහාසෝන් පිල්ලිය මා එක්ක ගේම ඉල්ලන්නේ මං හාමුදුරු කෙනෙකු ගේ හොඳ කියලා ලියපු කතන්දරයක ලින්ක් එකක් දාන්න කියලයි. ඒකට උත්තර විදියට මං මේ තාක් කල් මං ලියලා පල කරලා තියෙන කතන්දර අටසිය ගානෙන් හාමුදුරුවරු, බුද්ධාගම සහ පන්සල් කියන කරුණු ගෑවිලාවත් යන කතන්දර විසි පහක ලයිස්තුවක් දැම්මා.

ඉතිං ඒ එක්කම මේ කතාවත් මතක් වෙච්ච හින්දා ඒක ලියලා දාන්නයි මේ සැරසෙන්නේ.

http://kathandara.blogspot.com/2013/06/go-ahead-make-my-day.html

Wednesday, June 5, 2013

රතුපාට, නිල්පාට, කොලපාට පත්තර - What is your colour?

අද මං ලියන්න යන මේ කතන්දරේ මතක් වෙන්න ආසන්නම හේතුව තමයි දිණමිණ පත්තරේ වැඩකරන සමකය වටේ බ්ලොගයේ අයිතිකාර නලින් දිල්රුක්‍ෂ මගේ කතන්දර බ්ලොගයේ ලඟදී දාපු කමෙන්ටුවකට තුන්වන පාර්ශවයකින් ලබිලා තිබුණු ප්‍රතිචාරයක්.

"වරායෙ ගුදම ගිණි ගත්ත හැටි හොයපංකො, හාමුදුරුවො ගිණි ගත්ත ගමන් කොළඹ ගේන්න නුවර හෙලිකොප්ටරයක් රෙඩි වෙලා තිබුනෙ කොහොම කියලා හොයපංකො, කොල්ලුපිටියෙ මස් කඩ කඩපු සිදුවීමෙ පැමිණිලි පොලිසිය භාරගත්තෙ නැත්තෙ ඇයි කියලා හොයපංකො, මරා රාවය ගන්නෙ කෝටි කීයකටද කියලා හොයපංකො....හොයලා අර දීනමිණේ ලියහංකො...."

http://kathandara.blogspot.com/2013/06/what-is-your-colour.html