සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!
සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.
මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.
ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.
සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2013/08/my-two-cents-worth-about-rights-of.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, August 30, 2013
Thursday, August 29, 2013
මෙදා සැරේ කලින්ම බඩු ඇවිල්ලා - September come early!
දවස ගානේ එන දේවල් තියෙනවා, ඒ කියන්නේ ඉර පායනවා, සඳ පායනවා වගේ කේස්.
සතිය ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ නිකං ඉරිදා පත්තර සැට් එක වගේ දේවල්.
මාසෙ ගානේ එන දේවල් තියෙනවා. ඒ කියන්නේ මේ මාසෙ පඩිය වගේ දේවල්.
නමුත් සමහර දේවල් එන්නේ අවුරුද්දකට එක පාරයි.
http://kathandara.blogspot.com/2013/08/september-come-early.html

Tuesday, August 27, 2013
ඩ්‍රැකියුලාවියක් සමග ගත කළ මොහොතක් - A close encounter with Countess Dracula!
ඩ්‍රැකියුලා කිව්වාම මතක් වෙන්නේ අර යුරෝපයේ හිටියාය කියන සිටුවරයා හා සම්බන්ධ කතන්දර නේද?
ඒ විතරක් නෙමෙයි. සිරිලංකා ඩ්‍රැකියුලා ලා ත් ඉඳලා තියෙනවාලු!
"මහ හේනේ ඊරි යකා" කියලා කතන්දරයක් ගැන අහලා තියෙනවද? අන්න ඒක ලෝකල් ඩ්‍රැකියුලා කෙනෙක් ගේ කතාවක්. ලියලා තියෙන්නේ විමුක්ති කුමාරතුංග ගේ මව් පාර්ශවයේ සීයා හෙවත් හිටපු අගමැති සොලමන් බණ්ඩාරණායක. මං හිතන්නේ චිත්‍රපටියකුත් තිබුණා ඒ කතාවෙන් හදපු!
තවත් "ලෝකල්" ඩ්‍රැකියුලා ලා ඉන්නවා ඇති, ඒ අය ගැන කතන්දර ලියවිලා නොතිබුණාට!
http://kathandara.blogspot.com/2013/08/close-encounter-with-dracula.html

Sunday, August 25, 2013
කාන්තාවන්ට පමණක් සීමා වූ රහස් වැඩකට අත ගසා මහා විප්ලවයක් කළ පිරිමි පරාණය - What's common between buying sanitary napkins and condoms?
මෙය කාන්තාවන්ට පමණක් අදාල සනීපාරකක්‍ෂක තුවා ගැන කතන්දරයකි. කාන්තා සහ පිරිමි දෙපාර්ශවයටම වැදගත් කෙන්ඩොම් ගැන ද ඉතා වැදගත් සඳහනක් ඇත!
මාවලස් නමින් අප සැම හැඳින්වූ චරිතය මට හමුවූයේ සෑහෙන කාලයකට කලින් මා රජයේ සේවා ස්ථානයක මාස තුනක පුහුණු වැඩසටහනකට සහභාගීවෙමින් සිටි කාලයක දී ය.
රජයේ රැකියාවට අමතරව මාවලස් ග්‍රොසරියක් ද රන් කළේය. දිවා කළ එහි වැඩ කළේ ඔහු ගේ ප්‍රිය බිරිඳයි. සැමියා ගේ වැඩ මුරය යෙදෙන්නේ සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තවලදී ය.
සේවා ස්ථානයේ දී විවේක වේවාවල කැරම් ගසමින් විනෝදවෙන අතරතුර දී ග්‍රොසරියේ රසකතා අප හා පැවසීම මාවලස් මහතා නිතිපතා කළ කාර්යයකි.
ඔහු රසකරමින් පැවසූ එක් කතාවක් වූයේ ග්‍රොසරියට බඩු ගන්නට එන කාන්තාවන් එවකට කෝටෙක්ස් නම් වූ වෙළඳනාමයෙන් පොදුවේ හැඳින්වූ සනීපාරක්‍ෂක තුවා ඉල්ලන ආකාරයයි.
http://kathandara.blogspot.com/2013/08/whats-common-between-buying-sanitary.html

Friday, August 23, 2013
ඌ මොන බල්ලෙක් ද? මූ නේ බල්ලා! - Believable? Unbelievable?
මං පෙරේදා ලියා පළකරපු අන්විශ්වාසබල් කතන්දරේ හුඟ දෙනෙකුට විශ්වාසබල් එකක් බව පෙණුනා.
ඒකේ කිසිම අවුලක් නෑ!
කොහොමටත් විශ්වාශබල් සහ අන්විශ්වාසබල් අතර තියෙන වෙනස නිකං හරියට අර බාගෙට පිරුණු අසෝක වීදුරුව සහ බාගෙට හිස් අසෝක වීදුරුව අතර තියෙන වෙනසට සමානයි.
ඒ කියන්නේ දෙකේම තියෙන්නේ බාගයයි නිසා කොයික බිව්වත් එකයි කියන එක හෙම නොවෙයි!
මේ කියන්නේ, බාගෙට හිස් එකේ බාගයක් හිස් වෙලා තියෙන්නේ ඒ ටික දැනටම බීලා නිසා ඉතුරුවෙලා තියෙන බාගේත් ගැහුවොත්, අර බාගෙට පිරුණු එක විතරක් බොනවාට වඩා දෙගුණයක් ඩෝප් වෙන්න ඉඩ තියෙන නිසයි.
කලින් දාපු අයියගෙයි මල්ලිගෙයි කතන්දරේ අන්විශ්වාසබල් නොවුණු අය බලන්න මේ අද කතන්දරේ කොහොමද කියලා.
මේක පොඩ්ඩක් විතර ලූ කතන්දරයක්. නමුත් විශ්වාසවන්තිස්ට් මූලාශ්‍රයකින් ආපු එකක්.
http://kathandara.blogspot.com/2013/08/believable-unbelievable.html

Wednesday, August 21, 2013
අන්විශ්වාසබල් කේස් එකක් - Family Feud
අන්විශ්වාසබල් කියන්නේ මං හදපු අළුත් වචනයක් නොවෙයි. හැබැයි මේක මුලින්ම අද මෙතනින් දැනගන්න අයට ඕන්නං කතන්දර බ්ලොග් එකේ දැක්කාය කියලා කියන්න මං අවසර දෙනවා!
අන්විශ්වාසබල් කියන්නේ හොස්පිටිතාලේ වගේ ද්විභාෂාසංඝථක වචනයක්. විශ්වාස කරන්න බැරි (ඒත් සත්‍යමය) කියන තේරුම තමයි මේකෙන් දෙන්නේ. මේකේ විරුද්ධ පදය, එනම්, විශ්වාසබල් කියන්නේ විශ්වාසකරන්න පුළුවන් කියන අදහසටයි.
මේ කියන්න යන කේස් එක මට නං මුලින් අහපු දවසේ අන්ම-අන්විශ්වාසබල් එකක් වුණා. ඒ කියන්නේ අන්විශ්වාසබල් එකෙත් හොඳම එක!
බලන්න ඔහේලට කොහොමද හිතෙන්නේ කියලා?
මගේ හිතවතෙක් හිටියා (දැනුත් ඉන්නවා මුණු පොතේ, හැබැයි හමුවුණේ නෑ අවුරුදු දෙකකින් විතර) කාලයක් තිස්සේ දන්නා කියන.
සාමාන්‍යයෙන් මහේ ස්කේල් එකට අනුව හොඳ පොරක්!
http://kathandara.blogspot.com/2013/08/family-feud.html

Monday, August 19, 2013
ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ක පාරේ ඇවිදින කොට ගණිකාවක් දැක්කොත්? - Watch out when you are walking along with your girlfriend!
දවසක මං මහනුවර නගරයේ පාරක පදික වේදිකාවේ ඇවිදිනවා. අර "ගර්ල්ෆ්‍රෙන්ඩ්ට වැරදි නමකින් කතා කළොත්!" කියන කතන්දරේ දී වගේ මගේ අතේ එල්ලිලා වගේ ගෑල්ළමයෙක් එනවා.
ඔන්න මං දැක්කා අපේ ඉස්සරහින් පාර අයිනේ වට පිට බල බල ඉන්නවා රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්.
"අන්න ප්‍රොස්ටිටියුට් කෙනෙකේ!" මං මා එක්ක යන ගෑල්ළමයාට කිව්වා.
"කෝ කවුද?"
"අර ඉන්නේ අර රෝස පාර සාරියක් ඇඳගෙන තොල් රතුම රතු ගාපු කනේ ලොකු තෝඩු එල්ලාගෙන හිටපු ගෑණු කෙනෙක්. අන්න එයා!"
"අනේ ඉන්න බොරු නොකියා. එයා මේ කොහෙ හරි ගමණක් යන ගෑණු කෙනෙක් වෙන්න ඇති. අර හෑන්ඩ් බෑග් එකකුත් අරගෙන නේ ඉන්නේ."
http://kathandara.blogspot.com/2013/08/watch-out-when-you-are-walking-along.html

Saturday, August 17, 2013
ගණිකාවක් කියන්නේ මොකක්ද? - Lessons that help you grow up
"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"
තාත්තා උත්තරයක් දුන්නේ නෑ.
මං ආයෙත් ඇහැව්වා!
"තාත්තේ ගණිකාව කියන්නේ මොකක්ද?"
"මොකක්ද උඹ ඔය කියවන්නේ?"
"මේ අම්ම ගේ රසකතා පත්තරයක්!"
"කෝ දීපන් ඕක මෙහාට!"
තාත්තා මගෙන් පත්තෙරේ උදුරාගෙන කෙලින්ම ගියේ කුස්සියේ මොකක්ද වැඩක් කරමින් හිටිය අම්මා ලඟටයි.
http://kathandara.blogspot.com/2013/08/lessons-that-help-you-grow-up.html

Thursday, August 15, 2013
ගර්ල් ෆ්‍රෙන්ඩ්ට වැරදි නමෙන් කතා කලොත්? - There are certain things you should never get mixed up!
අද අපේ ඔෆීසියේ පොඩි තේ පැන් සංග්‍රහයක් තිබුණා හවස් වරුවේ. සල්ලි එකතු කරලා, කේක් ගෙඩියක් ගෙනැල්ලා කෂ්ටිය සැට් වුනේ ෆෙයාවෙල් දෙකකුයි, වෙල්කම් එකකුයි, අවස්ථා තුනක්ම, එක දවසේ සමරන්නයි.
අපේ ඔෆීසියෙන් අස්වෙලා ලබන සඳුදා ඉඳලා අල්ලපු අමාත්‍යාංශයේ වැඩට යන අරවින්ද සුදසිංහ කියන හාදයා අපේ ඔෆීසියට ආවේ මීට මාස අටකට විතර කලින්.
පොරට දැන් කරන ජොබ් එකට වඩා තරමක පඩි වැඩි, ඒ එක්කම කරන්න වැඩියෙන් කැමති ජොබ් එකක් ලැබුණු නිසා අස්වෙලා යන බවයි කිව්වේ.
සාමාන්‍යයෙන් එකෙක් අස්වෙලා යන කොට උගේ මැනේජර් පොඩි කතාවක් කරන එක තමයි සිරිත. ඉතිං මේ කියන මැනේජර් කතාවක් කරලා සුභ පැතුවා අස්වෙලා යන පොරට.
"අරවින්ද මුණසිංහ මෙතන හිටි ටික කාලයේ සෑහෙන වැදගත් වැඩ කොටසක් කළා!" මැනේජර් කිව්වා.
http://kathandara.blogspot.com/2013/08/there-are-certain-things-you-should.html

Tuesday, August 13, 2013
කිරිපනු ගායට පරිප්පු බේතක් ද? - Piperazine Phosphate
අපේ පොල්වත්තේ ගෙදර ඇන්ටි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ විතර, පාසල් ළමයි කියපු සින්දුවක් ලු මෙන්න මේක.
එන සිකුරාදා
කොකු පණු දොස්තර
එනවලු ළමයිනි
ඩුං, ඩුං, ඩුං!
එදාට නෑවිත්
සිටියොත් ළමයිනි
දඬුවම් දෙනවලු
ඩුං, ඩුං, ඩුං!
ඒ කවියෙන් කියවෙන්නේ ඒ දවස්වල ලංකාවේ ළමයින් අතර පැතිරිලා ගිහින් තිබුණු කොකු පණු රෝගය සඳහා බේත් දෙන්නට පාසල්වලට පී.ඇච්.අයි මහත්තයා හෙවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එනවාය කියන කතාවයි.
http://kathandara.blogspot.com/2013/08/piperazine-phosphate.html

Saturday, August 10, 2013
හන්තානට පායන සඳ - රිවර්ස් ඇක්ෂන් කේස් එකක් :: A loser with a big L...!
මේ සින්දුවේ කේස් එක ඉතාම කෙටියෙන් කියනවා නම් එකට උසස් පෙළ කරපු තමන්ගේ පෙම්වතිය පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යද්දී, විභාගෙන් ෆේල් වෙච්ච අසරණ පෙම්වතෙක් ලව් එකෙනුත් තමන් ම පරාජය බාරගන්නා සිද්ධියක් තමයි මේකේ තියෙන්නේ.
කෙල්ලට විශ්ව විද්‍යාලයේ දී කුඩේ යටින් යන්න පොරක් සෙට් වේවා කියලා ප්‍රාර්ථනය කරන ගමන්, ඒ අළුත් කොල්ලා එක්ක ලවර්ස් ලේන් එකෙන් ගිහින් මහවැලි ගඟ අයිනේ ගස් යට තුරුළු වෙන කොට තමන් ගැන අමතක කරලා දාන්න කියලත් මේ පරාජිතයා කියනවා.
මං මේ කියන්න යන්නේ ඒකේ රිවර්ස් ඇක්ෂන් එක විදියට සලකන්න පුළුවන් කතන්දරයක්.
http://kathandara.blogspot.com/2013/08/loser-with-big-l.html

Friday, August 9, 2013
උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?
අප්‍රිකාවේ එක්තරා ට්‍රයිබ් එකක බබෙක් ඉපදුණාම ඒ බබා ගේ තාත්තා පවුලේ තවත් වැඩිහිටියෙක් එක්ක බබාවත් වඩාගෙන යනවා ලු කැලේ මැද්දට. ගිහින්, බබාව අහසට උස්සලා බබා ට දාන නම කියලා කෑ ගහනවා ලු.
ඒ චාරිත්‍රය ඉටු කරලා බබාවත් අරං ආපහු ගමට එන ඒ දෙන්නා වෙන කාටවත් ඒ බබාට දාපු නම නොකියා රහසක් විදියට රැකගන්නවා ලු.
මේ බබා ට අර නමෙන් නැතුව වෙනත් නමකින් ලු කතා කරන්නේ.
කැලේ දී දාපු නම දන්නේ වැඩිහිටියෝ දෙන්නයි, කෑ ගැහිල්ල අහං හිටපු දෙයියයි විතරයි!
අපි දන්න කී දෙනෙකුට ඔය අප්‍රිකා නං දැමිල්ල දාලා තියෙනවා ද? අපි ඒ අයව දන්නේ උප්පැන්නේ තියෙන නමින් නොවෙයි වෙනත් නමකින්.
පර්සි මහේන්ද්‍ර, නන්දසිරි විජේවීර හොඳම උදාහරණ දෙකක්.
http://kathandara.blogspot.com/2013/08/not-grown-up-yet.html

Wednesday, August 7, 2013
පොඩි එකෙකු ගේ පොඩි සිතුවිල්ක් ගැන ලොකු කතන්දරයක් - My innocent little flower, I love you!
අපේ නිවසට කිලෝමීටර් තුනක් පමණ දුරින් ඇති කඩමණ්ඩියේ පිහිටා තිබූ එක් සාප්පුවක් පසුගිය දිනයක ගින්නෙන් පිලිස්සී විනාශ වී ගියේය.
ඒ සාප්පුව විදුලි උපකරණ යනාදිය විකුණන තරමක විශාල ප්‍රමාණයයේ එකකි. ංප ද විටින් විට එතැනින් පාරිභාගික භාණ්ඩ මිළ දී ගෙන තිබේ.
ඒ ගින්නෙන් සතියකට පමණ පසු මගේ පුතා සමග මම ඒ අසල මාර්ගයේ යමින් සිටියෙමි.
කඩයේ පිටුවපස කොටසට සහ එක් පැත්තකට සිදුවී තිබුණු මහත් වූ විනාශය අපට හොඳින් පෙනුණි. සේවකයන් කිහිප දෙනෙකු ඒ සුන්බුන් අස්කරමින් සිටියහ.
"අපරාදේ, කඩෙන් බාගයක් ම විනාසයි!" යනුවෙන් වදන් කිහිපයක් මගේ මුවින් පිටවුනේ දුක්මුසු ස්වරයකිනි.
"තාත්තේ!" පුතා මා ඇමතීය.
http://kathandara.blogspot.com/2013/08/my-innocent-little-flower-i-love-you.html

Sunday, August 4, 2013
කාලකණ්ණි සතුට සහ මාටින් නීමොලර් - Evil Happiness and Martin Niemoller
කාලකණ්ණි සතුට කියන යෙදුම මං මුලින්ම අහලා දැන් අවුරුදු කීපයක් වෙනවා. මං හිතන්නේ මේ කතන්දරේ කියවන බහුතර පිරිසක් ඒ යෙදුම කලින් අහලා ඇති.
නොදන්නා අයගේ ප්‍රයෝජනය සඳහා කියනවා නම්, කාලකණ්ණි සතුට කියන ඒකෙන් අදහස් කරන්නේ මෙන්න මේ වගේ එකක්.
හිතන්න ඔබ හොඳ සිතින් කාට හරි උපදෙසක් දෙනවා අනේ ඔහොම කරන්න නම් එපා, එහෙම කළොත් මෙන්න මේ වගේ නරක තත්වයක් උදාවේවි කියලා.
නමුත් ඒ අය ඒ උපදෙස නොබලා වැඩ කරනවා.
අන්තිමේ දී ඔබ කියූ අභාග්‍ය සම්පන්න දේ සිදු වෙනවා.
http://kathandara.blogspot.com/2013/08/blog-post.html

Saturday, August 3, 2013
අම්මා ඩුබායි ගිය පසු තාත්තා ගේ ජීවිතය දුවක ගේ ඇසින්! - With tears in my eye
ජැකෝනිස් අන්තෝනියස් සහ අනුලා බුලත්සිංහල රඟපාමින් ගායනා කරන "නෙයිනගේ සූදුව" කියන සින්දුව දන්නවා නේද?
ඒකේ තියෙන්නේ හිටපු අගමැති ජෝන් කොතලාවල (1954-1956) ගේ තාත්තා 'ජෝන් ජ්‍යෙෂ්ඨ කොතලාවල' පොලිස්කාරයෙක් වෙලා හිටිය කාලේ නෙයිනා කියන මදාවියා මරදානේ පවත්වාගෙන ගිය කැසිනෝ එකක් අල්ලපු විස්තරයයි.
ඒ සින්දු ජවනිකාව තිබුණේ දයානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කරපු "මධුර ජවනිකා" කියන වේදිකා නාට්‍යයේ යි.
"මධුර ජවනිකා" නාට්‍යයේ අරමුණ වුණේ රවණා ගේ යුගයේ සිට වත්මන් කාලය දක්වා ලංකා ඉතිහාසයේ එක් එක් අවස්ථාවන් නාට්‍යමය ආකාරයෙන් ඉදිරිපත් කිරීමයි.
නෙයිනගේ සූදුව සින්දුව එවැනි එක් ඓතිහාසික ජවනිකාවක්.
ඒ නාට්‍යයේම තිබුණු අවසාන ජවනිකාවක් තමයි ඩුබායි රටට රැකියාවක් සඳහා ගොස් කාන්තාවක් ආපසු ලංකාවට පැමිණෙන දර්ශනය.
http://kathandara.blogspot.com/2013/08/with-tears-in-my-eye.html

Thursday, August 1, 2013
අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් ද? - Superiority and inferiority complexes
පසුගිය දිනක මට ෆේස් බුක් එක හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.
කතන්දර අයියේ
අයියා ට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නං අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?
සී යූ ලේටර්.
මීට අහවලා
ෆේස් බුක් එකේ විස්තර සොය බලන විට මේ අහවලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි.
http://kathandara.blogspot.com/2013/07/superiority-and-inferiority-complexes.html

Tuesday, July 30, 2013
කැම්පස් ගිය කොල්ලෙක් ගේ කතාවත් හෙවත් "වැරදිද ඇය? ඔබ කියන්න!" - Fate
මේක දැන් දශක දෙක තුනකට කලින් වෙච්ච ලව් කේස් එකක කතන්දරයක්. අද කාලේ නං, මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ෆේස් බුක් සහ ඊ-මේල් ආදිය නිසා මෙහෙම කේස් වෙනවා අඩුයි මගෙ හිතේ!
අපේ කතා නායකයා, නම බණ්ඩාර කියමුකෝ, ගම්බද පලාතක දුප්පත් පවුලක කොල්ලෙක්. හොඳ මීටරේ. කොටින්ම මං හිතන්නේ පොඩි කාලේම සිස්සස්සේ පාස්වෙලා ඒ පලාතේ තියෙන සෙන්ට්‍රල් එකකට ගිහින් තියෙනවා ඉගෙන ගන්න. පස්සේ උසස් පෙල කරන්න ඊටත් වඩා නගරබද මහා විද්‍යාලෙකට ගිහින්.
ඒ දවස්වල, ඒ පලාත්වල ඉස්කෝලවලින් පළමුවෙනි පාරට ළමයින් විශ්ව විද්‍යාලේ යන්න පාස් වෙන්නේ නෑ. හැබැයි, විශ්ව විද්‍යාලවල නම් ඒ පැත්තෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ අඩු නැතුව ඉන්නවා. ඒ හැමෝම දෙවෙනි පාරට උසස් පෙල කරපු අය.
http://kathandara.blogspot.com/2013/07/fate.html

Saturday, July 27, 2013
"සොමියට වරෙන් පුතා - ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" සින්දුව ප්‍රබුද්ධ ගීතයක් කරමුද? - From pop to classical
මේ ලඟදී අපේ මිතුරන් කණ්ඩායමක් අතරේ අර දශක ගණනාවකට කලින් දිවයින පත්තරේ ගිය ආකාරයේ ප්‍රබුද්ධ ගීතය සහ පීචං ගීතය අතර වෙනස ගැන ඊ-මේල්වලින් පොඩි විවාදයක් ගියා.
ඔය කියන "ප්‍රබුද්ධ - පීචං" විවාදයෙන් මට මතක කෑලි දෙකයි.
ජෝතිපාල කිව්වා පත්තරෙන් ඉන්ටර්වීව් කරන්න ආපු පොරට මෙහෙම.
"මල්ලී, ඒ මාස්ටර් ලා කියන්නේ ප්‍රබුද්ධ ගී. අපි කියන්නේ පීචං සින්දු!"
ඊලඟ සුමානේ සම්මුඛ සාකච්ඡාවක් දුන්නු නිහාල් නෙල්සන් කිව්වා මෙහෙම.
"මල්ලී ඔවුන් ගේ ගී ප්‍රබුද්ධ නම්, අපේ සින්දු සුප්‍රබුද්ධයි!"
ඉතිං මේ ගැන මතක් වෙලාද කොහෙද අපේ ඊ-මේල් වාදයට සහභාගී වුණු මගේ මිතුරෙක් වෙන දීපාල් ද සිල්වා මෙහෙම ලියා එව්වා.
http://kathandara.blogspot.com/2013/07/blog-post.html

Friday, July 26, 2013
රෝහණ විජේවීර සින්දු කියයි! - Rohana Wijeweera Musical Show in Moratuwa
මේ සිද්ධිය මං අහලා තියෙන ලූ කතාවක් මිස හරියටම දන්න කේස් එකක් නොවෙයි.
මේක වෙලා තියෙන්නේ මං පෙරේදා දාපු කවියේ දෙවෙනි කොටසින් කියවුණු මරණය වගේ මරණ රාශියක් සිද්ධවුණු 1988-89 කාල වකවානුවේ යි.
මගේ කවියේ මුල් කොටසින් කියවුණු 1983 ජූලි සිදුවීම්වලට සම්බන්ධයැයි චෝදනා කරලා ඉන් දවස් දෙක තුනකට පස්සේ ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුව ජේවීපී එක තහනම් කළා.
ඒ එක්කම බාහු ගේ නසසපයත්, කේපී ගේ කොපයත් තහනම් කෙරුණා. (මෙතන කේපී කියන්නේ ඔය අද ඉන්න කේපී නොවෙයි, මෙයා කේ.පී.ද සිල්වා!)
http://kathandara.blogspot.com/2013/07/rohana-wijeweera-musical-show-in.html

Wednesday, July 24, 2013
ජූලි-ගණේමුල්ල-දොලේකනත්ත-1983-1989 : Some wounds never heal
සාමාන්‍යයෙන් මං කවි විතරක් පල කරන්නේ නෑ බ්ලොග් එකේ, කයි-කතන්දර මිස.
අද කවිය විතරක් දාන්නේ, මේකේ කතන්දර දෙකම ඔහේලා අහලා, අහලා ම හොඳින් දන්න නිසායි.
http://kathandara.blogspot.com/2013/07/1983-1989-some-wounds-never-heal.html

Monday, July 22, 2013
අනුලා දේවිය ගේ සළුපට අහසට! - Written, directed and produced by Kathandarakaraya
කතන්දරකාරයා සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙයි!
තව ටික කාලෙකින් සරසවිය වගේ සිනමා පත්තරවල, දිනපතා සහ ඉරිදා පත්තරවල සිනමා අතිරේකවල, මාසික සඟරාවල දකින්න ලැබෙන හෙඩ් ලයින් නිවුස් එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.
ඇත්තටම නං මං චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හිතුවේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක. ඒ ප්ලෑන් එක හරි ගියා නම් අර බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු අබා විත්‍රපටියේ අධ්‍යක්‍ෂ වෙන්නේ මංතුමායි.
ගිය දේ ගියා!
චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන්නේ කවුරු හරි ලියපු තිර රචනයකට අනුව කවුරු හරි අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටියකට සල්ලි වියදම් කරන එකනේ?
දැන් ඉතිං කතන්දර බ්ලොග් එක අවුරුදු හතරක් කරගෙන ගිහිල්ලා, කතන්දර 850 ක් විතර ලියලා දාලා හොඳ ඇක්ස්පීරියන්ස් ලැබිලා තියෙන එකේ මට හිතුණා, එක එකාට කියලා චිත්‍රපටි ලියෝලා හදෝලා ගන්නේ නැතුව මංතුමාම කතාවක් ලියලා, අධ්‍යක්‍ෂණය කරලා, නිෂ්පාදනය කරගන්න.
මෙන්න මගේ විත්‍රපටියේ මාතෘකාව.
අනුලා දේවිය ගේ සළුපට අහසට
http://kathandara.blogspot.com/2013/07/written-directed-and-produced-by.html

Saturday, July 20, 2013
බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?
විජය කුමාරතුංග කියන නළුවා මං පොඩි කාලේ මට පෙන්නන්න බැරි එකෙක්.
මට මතකයි පොර ඒ කාලේ සිරි ලංකා එකේ දේශපාලන රැස්වීමක කතාකරන්න ආවා. කොල්ලෝ කෙල්ලෝ හෙම පොර පස්සේ දිව්වා.
මං නෙමෙයි නිකමටවත් සැලුනේ.
මගේ යාළුවෙක් වෙච්ච සරත්චන්ද්‍ර ආපහු ඇවල්ලා කිව්වා ඌ විජය ගේ ෂර්ට් එක ඇල්ලුවා ය කියලා. මට හිතුනේ අනේ පව් කියලා විතරයි!
ටික කාළෙකට පස්සේ මටත් යම් දේශපාලනමය සිතුවිල් පහල වෙන්න පටන් ගත්තා. පස්සෙන් පහු විජය කුමාරතුංගත් මට හිතුණ විදියට නිවරදි දේශපාලනයක් පටන් ගත්තා.
අන්න එතකොට තමයි මට තේරුනේ "යකෝ, මූ කොච්චර සුපිරි නළුවෙක් ද?" කියලා.
ඒ විතරක් නොවෙයි!
http://kathandara.blogspot.com/2013/07/kathandara-is-bodu-bala-senna-sexist.html

Thursday, July 18, 2013
ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
අප හුඟ දෙනෙක් සිතින්වත් ඉස්කෝලෙ ගිය කාලෙට ආපහු යන්න කැමතියි.
ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. එදාට වඩා හොඳට ඉස්කෝලේ වැඩ කරන්න, අර කියා ගන්න බැරි වුණු ඒවා කියා ගන්න, නපුරු ටීචර් ලා ගෙන් බේරිලා ඉන්න. ලයිස්තුව තව දිගයි!
මාත් විටින් විට ඉස්කෝලේ ගිය කාලේ ගැන කතන්දර ලියලා තියෙනවා.
ඒත් අද මං මේ කියන්න යන්නේ ඉස්කෝලේ කාලේ ගැන ලියවුනු පොතක් ගැනයි. මේක මං සඟරාවකට ලියපු පොත් විචාරයක්.
http://kathandara.blogspot.com/2013/07/kathandara-nostalgia.html

හරියටම අවුරුද්දකට පසු "සුඋදිවේකහා" කේස් එක නැවතත් ඇවිල්ලා! - HBDKH returns in verse!
දින තුනක ට්‍රිප් එකකින් පස්සේ වැඩ ගොඩවුණු හින්දාත් තවත් කේස් එකක් හින්දාත් මේ කවි ටික ලියලා පල කරන්නත් වෙනදාට වඩා පැය එකොළහක්ම පරක්කු වුණා.
ඒ කේස් එක (සුඋදිවේකහා) මොකක්ද කියලා දන්නෝ දනිති.
අද පෝස්ටුවේ අග හරියේ ලින්ක් එකක් ද ඇත!
http://kathandara.blogspot.com/2013/07/kathandara-hbdkh-returns-in-verse.html

Sunday, July 14, 2013
පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගැනීම - Wishing for smooth sailing from here
මං ඉස්කෝලේ යන කාලේ එක පන්තියක ඉඳන් අනිත් පන්තියට පාස් වෙන එකේ ජොලිය දැනුණේ එක පාරටම නොවෙයි, ටික ටිකයි.
ඔන්න ඉස්සෙල්ලාම මාසෙක විතර දිග නිවාඩු කාලයක් එනවානේ. ඉතිං අපිට මේ කාලෙට ලැබෙනවා නෑදෑ ගෙවල්වල යන්න. ගිහින් නතර වෙලා සතියක් දෙකක් ඉන්න.
ඒ කාලේ මං වැඩියෙන්ම කැමති ආච්චී ලා ගේ ගෙදර යන්නයි. ඒ කියන්නේ මගේ අම්මා ගේ දෙමව්පියන් ගේ ගෙදරයි.
එහේ තමයි අර පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා එකතු කරලා පෙට්ටගමක දාලා තිබුණේ!
http://kathandara.blogspot.com/2013/07/wishing-for-smooth-sailing-from-here.html

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come!
මං තුනේ පන්තියෙන් හතරට පාස් වුනේ කලර්ස් එක්ක. ඒ ගැන කතන්දරේ මීට අවුරුද්දකට විතර කලින් දවසක ලියා පලකළා මතකයි.
හතරේ පන්තියේ දී වුණු සිද්ධි කීපයක් ගැන කතන්දරත් මං හිතන්නේ මං මීට කලින් ලියලා තියෙනවා.
එයින් මුල් කතන්දරේ තමයි මයි ෆර්ස්ට් ක්‍රෂ් හෙවත් කතන්දරකුමාර ට මුල්ම පෙම් සිතුවිලි පහලවුණු කේස් එක.
ඒ සිද්ධියට අදාල ශානිකා කිරිබත්ගොඩයි, කතන්දර දෙක තුනකම චරිත මවපු නාලන්ද පියතිලකයි දෙන්නම මේ පාර වැටිලා තිබුණේ හතරවෙනි ශ්‍රේණියේ මං වැටුණු 4-A පන්තියටමයි.
නපුරු ගුරුවරයෙකු ගේ දරුණු වේවැල් පහරකට අසාධාරණ ලෙස ලක්වුණු කතන්දරකුමාර ගේ ඇඟේ ලේ සෙලවුණේත් මේ හතරවෙනි ශ්‍රේණියේ දී ම යි.
ඔය අතරේ පළමුවෙනි වාර විභාගය තිබුණා.
http://kathandara.blogspot.com/2013/07/grade-five-here-i-come-kathandara-blog.html

Wednesday, July 10, 2013
කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න - A love story in short
ස්වයංවරය කියන කේස් එක දන්නවානේ?
ඉස්සර රාජකුමාරිකාවන් ගේ අත පතා අවට රාජ්‍යවල කුමාරුවරු පෝලිමේ ආපුවාම ඒ අය අතරින් එක්කෙනෙක් තෝරාගන්න වරම ලැබෙන්නේ කුමාරිකාවටයි.
කුමාරවරු සිංහාසන වගේ පුටුවල උජාරුවට වාඩි වෙලා ඉඳිද්දී කුමාරිකාව සබේට ඇවිල්ල මල් මාලේ දානවා තමන් ගේ සිත ගත් පොරට.
ඊට පස්සේ කේස් ක්ලෝස්. කපල් එක හනිමූන් යනවා. පැරදිච්ච එවුන් දුකටත් එක්ක තරලසාර බඳුනක් බීලා අස්සයා පිටේ නැගලා ගමට යනවා.
ඔය වගේ දර්ශනයක් තිබුණා හද්ද පරණ සිංහල චිත්‍රපටියක. ගාමිණී ෆොන්සේකා කොණ්ඩයක් දාගෙන රඟපෑවේ.
http://kathandara.blogspot.com/2013/07/love-story-in-short.html
Sunday, July 7, 2013
කම්මැලිකමට හේතුව මොකක්ද? - Sunk in Laziness
අද මහා කම්මැලි දවසක්.
උදේ හතට විතර ඇහැරුණත් ඇඳෙන් බැස්සේ නමහමාරට. ඒකත් කලේ හාමිනේ රත්කරලා ආපහු ගෙනත් දුන්නු තේ මග් එකේ පිහිටෙන්. උදේට කෑවේ දහයට!
නිකං ඈලි මෑලි දුබල ගතියක් තමයි ගතට සිතට දැනෙන්නේ. ගමන බිමනත් නිකං අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ තමයි කෙරෙන්නේ. වෙනදා වගේ කඩිසරව ඩබල් එකේ ඇවිදින්න හිතෙන්නේ නෑ.
http://kathandara.blogspot.com/2013/07/sunk-in-laziness.html

Saturday, July 6, 2013
කතන්දරකාරයා කණ්ණාඩි පොළඟා වුණු හැටි - Four eyed monster
කුඩා කළ සියට එලෙස කියවීමට හුරුවීම ඉතා හොඳ දෙයක් බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් ඒ ඇබ්බැහි වීමේ යම් අනිසි ප‍්‍රතිපල ද ඇති බව මට නොබෝ කලෙකින් වැටහිණි.
එයට හේතුව නම් මා පුවත්පත් කියවන විට ඒවා දෙඇසට ඉතා ලංකරන බව තාත්තා ගේ ඇස ගැටීමයි.
"මාත් දැක්කා ලොකු පුතා හැම තිස්සේම පත්තරේ මූණේ ඇලවෙන තරමට ලං කරළා තමයි කියවන්නේ!" අම්මා ද තාත්තාගේ නිරීක්ෂණය තවත් තහවුරු කළාය.
මේ කාලය වෙන විට මගේ පියා හතළිස් හතලිස් ඇඳිරිය ලබා කණ්ණාඩි පලඳින්ට පටන් ගෙන බොහෝ කල් ගොස්ය.
"මං මෙයාව මේ සෙනසුරාදාම සිරිවර්ධන එකට එක්කරගෙන යනවා ඇස් බලවලා කණ්ණාඩි දෙකක් අරං දෙන්න" තාත්තා කීවේය.
http://kathandara.blogspot.com/2013/07/four-eyed-monster.html

Thursday, July 4, 2013
යාද්වි තිදාද ම්යනවි - topsy turvy!
ඔය මං දාලා තියෙන මාතෘකාව අප්සෙට් වගේ පේන අයට පස්සේ කේස් එක තේරේවි කියලා හිතනවා.
දැන් ඉස්කෝලවල තියෙනවා නේද විවිධ මොටෝ, ඒ කියන්නේ ආදර්ශ පාඨ?
ඉස්කෝල කිව්වාම ඉස්සෙල්ලාම කියන්න ඕනෑ, මං ජීවිතේ ඉස්කෝල තුනකට ගිහින් තියෙනවා.
වැඩිපුරම කාලයක්, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා අවුරුදු පහක්, හිටියේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ මං ගිය කාලේ මොටෝ එකක්, ඒ කියන්නේ ආදර්ශ පාඨයක් තිබුණේ නෑ. පසු කාලෙක ඉස්කෝලේ ලොකු මහත්තයා "සූර්යාලෝකයෙන් පුෂ්පයෝ පිබිදෙති, විද්‍යාලෝකයෙන් ශිෂ්‍යයෝ පිබිදෙති!" කියලා කෑල්ලක් දා ගත්තා.
http://kathandara.blogspot.com/2013/07/topsy-turvy.html

Subscribe to:
Posts (Atom)