Friday, November 29, 2013

මෙන්න මගෙන් නයෙක් - Catch it if you can!

නයෙක් දාන්න යැයි කවුදෝ නිර්නාමික බ්ලොග් පාඨකයෙක් මගෙන් ඉල්ලා තිබේ.

ඒ දුටු විට මගේ සිහියට ආවේ මේ "නයා ඇරීම" යන කතාව මා මුලින්ම දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී විභාගයකට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙක් සමග අම්මලා ගේ ගමේ යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. ගමන නම් අපුලය. බස් රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරලුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන වතුර පාරවලින්ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතු වලින් ද වටවූ සුන්දර ගම් පෙදෙසකටයි.

http://kathandara.blogspot.com/2013/11/catch-it-if-you-can.html

Tuesday, November 26, 2013

මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrines

මෙන්න මුලින් ම තුන් තේරවිල්ලක්.

"බුදු කුස්සිය"

මං දන්නා පිළිතුර පසුව දාන්නම්.

අද මං ලියන්න යන්නේ කතන්දරයක්ම නොවෙයි. පසුව කතන්දර කීපයකටම පාදක කරගන්න පුළුවන් පොඩි සටහන් කීපයක්.

http://kathandara.blogspot.com/2013/11/few-sketches.html

ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs

පසුගිය දවසක මට එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගමයක පොඩි සැඳෑ සාදයකට සහභාගීවීමට සිදුවිය.

පොඩිය කීවාට පොඩිමත් නැත.

සූ ගාලා සීයක් පමණ පිරිසක් එහි පැමිණ සිටියහ. මුලින්ම රටකජු බිකක් හැපීමටත්, දෙවනුව සින්දු වතුර කෝප්පයක් බීමටත්, ඉන්පසු සින්දු දෙකාමාරකට අත්වැල් ඇල්ලීමටත් අපට ඉඩ ලැබුනි.

බුෆේ ක්‍රමය බෙදාගත් බත් පිඟානක් අල්ලේ තියාගෙන වළඳා රෑ බෝවී ගෙදර ආවෙමු. සාදයේ හොඳම හරිය, එනම් බයිලා නැටීම අපට මිස් වීම නම් දුකකි.

http://kathandara.blogspot.com/2013/11/nepotistic-tribalism-and-obas.html

අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventure

මේක ඉතාම කෙටි කතන්දරයක්.

මාත් එක්ක අහවල් ඉස්කෝලේ දහයේ පන්තියට අළුතින් ඇතුල් වුණු සිසුන් සියයක් පමණ පිරිස අතර හිටි අයෙක් තමයි මුණවීර.

මුණවීරයි මායි දෙන්නාම එකිනෙකට ආසන්න ගම් දෙකක සිට දුම්රියෙන් පාසල් ආ නිසාත්, ඊටත් වඩා අපි දෙන්නාම එකම පන්ති කාමරයේ දහයේ, එකොලහේ සහ දොළහේ ශ්‍රේණිවල ඉගෙනුම ලබා උසස් පෙළ ලියූ නිසාත්, මුල් කාලයේ එකම ටියුෂන් පන්තිවලට ගිය නිසාත් හොඳ හිතවතුන් වුණා.

කොටින්ම පසු කාලයේ මුණවීර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු ගෙන් පුද්ගලික ටියුෂන් ගන්නට පටන් ගත් කාලේ එය කුඩා කණ්ඩායම් පන්තියක් කරන්නට ඔහුගෙන් ආරාධනාව ලැබූ එක් අයෙක් වුණේ මායි.

http://kathandara.blogspot.com/2013/11/munaweeras-adventure.html

රනිල් වීරයෙක් වෙන්නේ සහ මහින්ද ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද - වික්‍රමබාහු කියයි! - Have you seen this YouTube Clip?

නිවාඩු චාරිකාවේ මේ ගෙවෙන්නේ දෙවෙනි සතියයි.

මේ කාලය තුල අප මුහුණ පෑ ප්‍රධානම අභියෝග දෙකකි.

එකක් නම් තුන් වේලම කඩෙන් කෑමයි. විවිධ විකල්ප කෙතෙක් තිබුණත්, මේ වැඩේ ලේසි එකක් නොවේ!

අනිත් අභියෝගය නම් පසුගිය සතියම සූට් කේස් එකකින් ජීවත්වීමයි.

අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මා ගේ ගමේ ගොස් සති දෙක තුනක් ගත කිරීම සිරිතක්ව පැවතිණි. මේ කාලයේ අපට ඇඳීමට අවශ්‍ය ඇඳුම් අම්මා ට්‍රැවලින් බෑගයක් පුරවා ගෙන ගියා මට මතකයි.

http://kathandara.blogspot.com/2013/11/have-you-seen-this-youtube-clip.html

කාගෙද පී. නෝනිස්? - What if P Nonis?

නෝනිස් නමැත්තෙක් කළ කතාවක් ගැන ඔපීනියන් රැසක් ෆේස් බුකියේ දකින්නට ලැබුණි.

මේ දිනවල නිවසින් බැහැරව ස්වයං නිවුස්වාරණයකට අසුව සිටින බැවින් ඒ කිසිවක් වටහා ගැනීමට උත්සාහ නොකළද, මේ නෝනිස් නම නිසා පරණ මතකයන් කීපයක් අවදිවිය.

මේ එයින් දෙකකි.

කලකට ඉහත නෝනිස් නමින් ටියුෂන් ව්‍යාපාරික ගුරුවරයෙක් වී ලු.

මෙහි දී මා "ලූ" යැයි කීවේ මේ නෝනිස් ඉගැන්වූයේ සත්ව විද්‍යාව නිසා මැත්ස්කාරයෙක් වූ මට මේ කතාව අහන්නට ලැබුණු එකක් පමණක් වෙන නිසාවෙනි.

http://kathandara.blogspot.com/2013/11/what-if-p-nonis.html

මෙන්න බුද්ධාගමට අපහාස කරන්න කදිම අවස්ථාවක් - When will they release the sex video?

ඊයේ මං ඊ-මේල් බලන කොට යාළුවෙකුගෙන් පණිවිඩයක් ඇවිත් තිබුණා.

මේක ආරාධනාවක්!

නිකම්ම නිකං එකක් නොවෙයි මේක වාදයකට ආරාධනාවක්!!

නිකම්ම නිකං වාදයකටත් නොවෙයි. මේක කවි වාදයකට ආරාධනාවක්!

මේ කවි වාදයට ආරාධනාව ගෙනාපු කවි දෙක කියවපුවාම නං මට හිතුනේ මේක බුද්ධාගමට අපහාස කරන්න හොඳම අවස්ථාවක් ය කියලයි.

http://kathandara.blogspot.com/2013/11/what-if-p-nonis.html

ලව් සෝංග් එකක් ලියන හැටි - Lyrics writing for dummies

කතන්දරකාරයා ස්වීප් එකක් ඇදී මේ දිනවල ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ රටකජු-අයිස් චොක්ස් ඉන්ටිබල් එකක් දැන් ඇරඹී ඇති බව එදා මං කිව්වා.

මේ නිසා සුපුරුදු කතන්දර පසෙක දා මට හිතුණා අද දවසේ පලවෙන්න පොඩි පහේ සින්දු ලියන හැටි ගැන පාඩමක් සෙට් කරන්න.

මං මීට කලින් දවසක කියලා දුන්නා මතකද සින්දු ෆැක්ටරියක් ගැන පාඩමක්? අද පාඩම ඉගෙන ගන්න කලින් ඒ පාඩම පොඩ්ඩක් මතක් කරගෙන එන්න අමතක අය සහ එදා ඉස්කෝලේ ආපු නැති ළමයි.

http://kathandara.blogspot.com/2013/11/lyrics-writing-for-dummies.html

ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි - Stretching your dreams further

ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි කියලා ලියලා පටන් ගත්තට එහෙමමයි ම කියන්නත් බෑ තමයි ඉතිං.

මොකද ජොලිය කියන එක සාපේක්‍ෂ සංකල්පයක් නේ!

ඔබේ ජොලියේ ජොලිය ඔබටය.
මගේ ජොලියේ ජොලිය මටය.

මේකයි කතන්දරේ.

මේ දවස්වල මගේ එක ජොලියක් තමයි ලොතරැයියක් ගන්න එක. හැමදාම නොවෙයි, ජැක්පොට් එක එකසිය ගාණට වැඩි වැඩිවුණු දවසට තමයි මං ලොතරැයියක් ගන්නේ.

http://kathandara.blogspot.com/2013/11/stretching-your-dreams-further.html

වයිෆරේ එක්ක කේන්ති ගියාම හස්බන්ඩලා කරන හොර වැඩ - Things husbands do to please wives...

මේක කියවන බැඳපු පිරිමි අය අත උස්සන්න.

මං හිතන්නේ නෑ තමන්ගේ වයිෆරේ එක්ක පොඩ්ඩක් හරි තරහ නොගිය හස්බන්ඩෙක් හොයා ගන්න පුළුවන් කියලා මේ තුන් ලෝකේ.

අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න එක ඊට වඩා ලේසි ඇති.

කොහොමටත් අබ එච්චර සුලබ කුලු හරකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවෙයි නේ!

මං කියන්නේ කසාද ජීවිතේදී එහෙම පොඩි තරහක්වත් නොගියොත් ඒක තමයි අස්වාභාවිකත්වය කියන එකයි.

මට සමහර වෙලාවට, ඒ කියන්නේ සති දෙකක විතර කාලෙකට දුර ගමණක් යන්න වගේ සැරසෙන වෙලාවලට පොඩි ආතති තත්වයක් එනවා.

http://kathandara.blogspot.com/2013/11/blog-post_10.html

Friday, November 8, 2013

දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?

මුලින්ම කියන්නං, මේ මනමාල බය කියන කෑල්ල මගේ එකක් නෙමේ. මං මේක අහුලා ගත්තේ ලියනගේ අමරකීර්ති ලියපු "අටවක පුත්තු" නවකතාවෙන්.

දැන් ඔය ගෑල්ළමයෙක් ගැන කොල්ලෙක් ගේ හිතේ ආදරබර මියුරු කල්පනාවක් ඇතිවෙන්නේ හරියටම කොයි කාලෙද කියන එකට නීතියක් නෑ නේ.

මේක එක්කෝ ඒ ලෙවල්ස් කරන කාලේ එන්න පුළුවන්.

නැතිනං, ඊට කලින් ඕ ලෙවල් කරන කාලේ එන්න පුළුවන්.

නැත්තං, ඊටත් කලින් ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්න කාලේ එන්නත් පුළුවන්.

මොන්ටිසෝරියේ දී වෙන්නත් පුළුවන්.

http://kathandara.blogspot.com/2013/11/was-that-love-or-what.html

විස්ස විජ්ජාල මාතාව නමදිමු? මොන විකාරක් ද ඕයි ඒ? - Worshiping a university, WTF?

පසුගිය දිනක ෆේස් බුකියේ සැරිසරන මොහොතක මගේ මිතුරෙකු විසින් එහි බෙදා හදා ගෙන තිබූ යූ-ටියුබ් වීඩියෝවක් නරඹන්නට අවස්ථාව ලැබුණි.

මා සිව් වසරක් කාලය ගත කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිළිබඳව පබැඳී ගැයුනු ගිතයක් පසුබිමෙන් යොදා ඡායාරූප රැසක් එකට ඈඳා නිමවා තිබුණු ඒ වීඩියෝව නරඹද්දී මට මුලින් සතුටක් ද, ඊලඟට විමතියක් ද, ඊටත් පසුව සිනහවක් ද ඇතිවිය. අවසානයේ මා සිතේ රැඳුණේ කෝපයක් සහ සංවේගයකි.

මගේ සිත සතුටින් පිනා යන්නට හේතු වූයේ ඒ වීඩියෝවේ පෙළ ගස්වා තිබුණු පෙර කී ඡායාරූප එකතුවයි. විශ්ව ඬිද්‍යාල බිමේ නෙක රූ විසිතුරු සහිත ඒ දසුන් මා නෙත ගැටෙන විට සිත අතීතයට දිව යෑම වැලැක්විය නොහැක. පුරා සිව් වසරකුත් මාස දෙකක් මා පේරාදෙනියේ ගතකළ දිවිය සිහියට නැගී සිත සතුටෙන් පිරී යාම පුදුමයට කරුණක් නොවේ.

මගේ සිතේ විමතියක් ඇති වූයේ පසුබිමෙන් ගැයුණු ගීතයේ පද වැල ඇසෙත්දී ය.

http://kathandara.blogspot.com/2013/11/worshiping-university-wtf.html

Tuesday, November 5, 2013

මුලින් උතුම් සුපෙම් කුසුම් පස්සේ උලව් ලව් හෙවත් මල ඉලව් වූ විට - When the tide turns

ඔය ලව් කරනවාය කියන මැන්ටල් සංසිද්ධිය තියෙනවා නේද? ඕක බොහෝ වෙලාවට කොරන කොට හරීම චෝක්. හැබැයි, එහෙන් මෙහෙන් චොර වෙලා, දියාරුවෙලා ගිහින් ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා.

ලව් එක නැගලා යන කාලේ පෙනුණු සුන්දර මල් ගොමු පස්සේ නිකං බුර බුරා නගින් ගිණි ජාලා වගේ වෙනවා.

කලින් ඇසුණු සවන සනසන ඒ කොවුල් ගී නාදය පස්සේ නිකං මාලිගාවත්ත ලී මෝලේ සද්දේ වගේ වෙනවා.

මුළු ලෝකෙම කණපිට ගහනවා.

http://kathandara.blogspot.com/2013/11/when-tide-turns.html

Sunday, November 3, 2013

මට ම අයිති මගේ ම නොවන ඉඩම් කෑල්ලේ ඔහේලාට නම් ඉඩ නැත, හරිය? - How big is your patch?

ළමයි හම්බවෙන්න ඉන්න ඔන්න මෙන්න ඉන්න බඩදරු අම්මලා ගේ වෝටර් බ්‍රේක් වුණා ය කියලා කියනවා අහලා තියෙනවා නේද?

මව් කුසේ ඉන්න කාලේ අපි හැමෝම ඉන්නේ වතුර බෑග් එකක පාවෙමින් ලු. ඒ සීල් කරපු වතුර බෑග් එක හිල්වෙන්නේ උපත සිදුවෙන්න ටික වෙලාවකට පෙරයි.

අර මොකාද මන්දා කියපු විදියට කොහෙමටත් සත්වයාගේ උපත සිදුවුනේ වතුරේ ය කියනවා නේ.

එහෙම වතුරෙන් ඉපදුනා වුණාට, වතුරට වඩා මිනිස්සුන්ගේ ආසාව තියෙන්නේ පොළොවටයි. ඉඩකඩම්වලටයි.

මං හිතන්නේ සෝවාන් වෙච්ච කෙනෙකු මිසක් මේ ලෝකේ ඉඩම්වලට ආශාවක් නැති මනුස්සයෝ නැතුව ඇති.

http://kathandara.blogspot.com/2013/11/how-big-is-your-patch.html

Friday, November 1, 2013

මෙන්න මෙහෙමයි එදා මං අනාගතේ ප්ලෑන් කෙරුවේ හෙවත් කිරි ඉහිරී යයි! - When I become the General Manager

මව් කිරෙන් ඇරුණ දා ඉඳලා අපි හැමෝම වගේ බොන්නේ කිරි පිටි නේ.

ඔය අතරේ දෙතුන් පාරක්, එක පාරකට මාස කීපය ගානේ එළකිරිත් බීලා තියෙනවා මං. ඒ අල්ලපු ගෙවල්වල එළදෙන්නු හිටිය වකවානුවලයි. එක පාරක් ලඟපාත ගෙදරක එළු දෙනක් පැටවෙක් දාපු කාලේ එළු කිරිත් බීලා තියෙනවා වගේ මතකයි.

නමුත් ජීවිතේ වැඩිකාලයක් බීලා තියෙන්නේ කිරිපිටි දියකරලායි.

අපි පොඩි කාලේ තිබුණු කිරිපිටි තේ වලට දාලා දිය කරන කොට කැට හැදෙනවා. කොච්චර හැඳි ගෑවත් ඒ සමහර කැට දියවෙන්නේ නෑ. ඒ කාලේ කිරි තේ හදලා ඉවර වෙලා පෙරන්නත් ඕනෑ මේ හින්දා.

මේ කිරිපිටි කැටි ගැගෙන එකට තිබුණු එක විසඳුමක් තමයි, තේ වතුරවලට කිරිපිටි දාන්නේ නැතුව කිරිපිරිවලට තේවතුර දාන එක.

http://kathandara.blogspot.com/2013/10/when-i-become-general-manager.html

Wednesday, October 30, 2013

පාලිත ලංකාගමගේ - අහෝ ඔබ කොහිද? :: My country, my car, my family, my petrol

විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ ආස්සරේ කෙරුවේ එකම වර්ගයේ සෙට් එකක් නේ. කොටින්ම ඒ බොහෝ දෙනෙක් අනුකලනය දන්නා අය.

එතැනින් චුතවෙලා එක එක ජොබ් කරන කාලේ විවිධ ආකාරයේ මිනිස්සු ආශ්‍රය කරන්න ලැබුණා.

මං අර ගෑණු බොස් හෙවත් බොසී යටතේ දැහැමෙන් සෙමෙන් රැකියාව කරගෙන ඉන්න කාලේ ඔතන හිටිය එක පොරක් තමයි මේ පාලිත ලංකාගමගේ කියන්නේ.

http://kathandara.blogspot.com/2013/10/my-country-my-car-my-family-my-petrol.html

Monday, October 28, 2013

ෆේස් බුකියෙන් ඉගෙන ගත්තු වැඩක් මෙන්න බ්ලොග් ලෝකයට - Show and tell

ෆේස් බුකිය කියන්නේ සමාජ සම්බන්ධතා අළුත් කරගන්න, අමතක නොකර පවත්වාගෙන යන්න උදව්වෙන තැනක් වගේම, වෙන කරන්න වැඩක් නැති අයට කාලේ කන්න හොඳ තැනක්.

මව්බිම නැත්තං තොට මරණය කියන කෂ්ටිය, පැණි හැලිවල වැටුණු ඇඹලයෝ වගේම එතන සාහිත්‍යට ඇල්මක් තියෙන අයත් ඉන්නවා.

මේ කියන සාහිත්‍යකාරයොත් බොහෝ විට කරන්නේ තමන් ලඟ තියෙන පොතක ෆොටෝ එකක් දාලා, හා අපි දැන් මේ ගැන කතා කරමු කියන එකයි.

ලස්සන මල්, දියඇලි, දර්ශන පසුබිමේ තමන් ගේ ෆොටෝ අරගෙන ඒවා ලයික් කරන කං බලා ඉන්නවා වගේම මේකත් ජොලි වැඩක්.

මාත් මේ වැඩේට දැන් සම්මාදම් වෙලයි ඉන්නේ.

ඉතිං මට හිතුණා මේ සද්කාර්යය කතන්දර බ්ලොග් එකෙත් පටන් ගන්න.

http://kathandara.blogspot.com/2013/10/show-and-tell.html

ජනක මිලාන් ගේ ජී ඇස් කිව් මැතමැටික්ස් - Know your (A) level

මේක මං අර අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලේට යන කාලේ වෙච්ච පරණ කතාවක්.

අපේ දහයේ පන්තියේ කෂ්ටිය ඒ පන්තියෙන් එකොලහේ පන්තියට නිකම්ම වගේ පාස් වෙලා උසස් පෙළ කරන්න පටන් ගත්තා.

පොඩි අප්සැට් එකකට තිබුණේ එදා මා එක්ක එකට ඉස්කෝලේ දහයේ පන්තියට ජොයින් වුණු කොල්ලන්ගෙන් බාගයක් විතරක් මැත්ස් පන්තියට එද්දී ඉතුරු අය බයෝ පන්තිවලට ගිය එකයි.

මට අද වගේ මතකයි අපි තුන් මහල් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ කෙලවරේ පන්තියේ ඉඳලා දෙකට බෙදිලා දෙමහල් ගොඩනැගිල්ලේ වෙනස් පන්ති දෙකකට ගිය හැටි.

http://kathandara.blogspot.com/2013/10/know-your-level.html

Friday, October 25, 2013

මේ ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න - Any "Ask Aruni's" or "Aunt Agony's" out there?

කාලෙකට ඉස්සර මට මතකයි සන්ඩේ ඔබ්සවර් එකේ "ආස්ක් අරුණී" වගේ නමක් තියෙන කොලමක් ගියා. විවිධ සමාජීය සහ පුද්ගලික ප්‍රශ්න තියෙන අය මේ කොලම් එකට ඒ ප්‍රශ්නය කෙටියෙන් ලියලා යැව්වාම අරුණී ඒකට පිළිතුරක් දෙනවා.

මේ වගේ පාඨක ප්‍රශ්නවලට විසඳුම් දෙන කොලම් පස්සේ තරුණයා, කුමරී වගේ පත්තරවලත් ගියා. ඒ සමහර ඒවා නම් මට හිතුණේ පත්තරේ අයම ලියලා දානවාද මන්දා කියලයි.

මේ අරුණී ලා වගේ අයට සාමාන්‍යයෙන් කියන්නේ "ඇගනි ආන්ටිලා" කියලයි. ඒක මේ ආන්ටිලා කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න, අසහන, ආතතිවලට විසඳුම් හොයන දේ හින්දා පට බැඳුණු නමක්.

දැන් "ඇගනි ආන්ටිලා" පත්තරවල නැති හින්දා ද, පත්තරවලට වඩා බ්ලොග් කියවන හින්දාද මන්දා එක්තරා නිර්නාමික පාඨකයෙක් කතන්දර බ්ලොග් එකට ප්‍රශ්නයක් එවලා තියෙනවා.

මෙන්න ඒ ප්‍රශ්නය.

http://kathandara.blogspot.com/2013/10/any-ask-arunis-or-aunt-agonys-out-there.html

වෙඩින් ගොයින් බයි අනුන් ගේ කාර් - What I would do, if I were you?

ඔන්න අපි යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු පහ හයකින් විතර අපේ බැචෙක්ගේ වෙඩිමකට මට ආරාධනාවක් ආවා.

මේ වෙනකොට අපේ බැචාලා තවත් දහ දොළොස් දෙනෙක් ම කසාද බැඳලා, සමහරු තාත්තලා බවට පරිවර්තනය වෙලාත් ඉවරයි.

මං අර පස්තාච්චි කුපාඩි වැඩවලට එහේ මෙහේ ගිහින් හිටිය හින්දා ඔය වෙඩිං ගොඩකට යන්න ලැබුණේ නෑ.

ඒ හින්දා, මේ වෙඩිම තිබුණේ දුර බැහැර පලාතක (මාතර කියමු) වුනත්, මේකට නොවරදවා යන්න ඕනෑ ය කියලා මං හිතා ගත්තා.

http://kathandara.blogspot.com/2013/10/what-i-would-do-if-i-were-you.html

Monday, October 21, 2013

හා, මෙන්න තවත් එකක් - Yet another one of those!

"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.

මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.

http://kathandara.blogspot.com/2013/10/yet-another-one-of-those.html

ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!

සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.

ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.

මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.

මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.

http://kathandara.blogspot.com/2013/10/blog-post.html

Thursday, October 17, 2013

භීෂණයේ මල් පෝච්චි අතර සැඟව ගිය දයාබර මාරේ - No place for Mr Sensitive in this cruel world?

අපේ තාත්තා මං පුංචි කාලේ ඉඳලාම මට මතක සැර පරුෂ පුද්ගලයෙක් විදියටයි. මටයි මල්ලිලා දෙන්නටයි ගෙදරදී වැඩිය කෑ ගහන්න දුන්නේවත් නෑ. නිතරම නොවුණත් ඉඳහිට හෝ අපි ගුටි කාලාත් තියෙනවා.

ඔහොම අවුරුදු ගාණක් ගතවෙලා අපි පොරවල් වුණාට පස්සේ කාලේ එක දවසක් මං දැක්කා අපේ තාත්තා අඬනවා. ඒ ලොකු කේස් එකකට නොවෙයි, මේ ටෙලිවිෂන් එකේ ගිය කතාවක් බලමින් ඉන්න අතරේ. කතාවේ සංවේදී කෑල්ලකට තාත්තාට දුක හිතිලා!

ඒ දවස්වල මං අසාධාරණය දැකලා කේන්තියෙන් පිපිරුණාට, දුක දැනිලා අඬලා නෑ.

http://kathandara.blogspot.com/2013/10/no-place-for-mr-sensitive-in-this-cruel.html

Tuesday, October 15, 2013

වයිෆ්ගෙන් ඇරියස්, ජොබ් එකේ ඇරියස් සහ බාහු - All in a days work

ඇරියස් කියන්නේ හිඟය කියන එකනේ.

සාමාන්‍යය භාවිතයේ එන ඇරියස් එකක් එන්නේ මොකක් හෝ තමන්ට හිමි දෙයක් කාලයක් තිස්සේ අහිමි වෙලා නොලැබී තිබිලා එක පාරටම සීන් එක වෙනස් වෙලා ඒ දෙය ආපහු හිමි වුණාම අර අහිමි වෙලා තිබුණු කාලේ නොලැබුණු ගොඩ එක පාරට ආපහු ලැබෙන කොටයි.

තේරෙන උදාහරණයකින් කියනවා නම්, යුද්දෙට මං ගියා, පවුල ගෙදර තියා වගේ අවස්තාවකින් පස්සේ භටයා ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙන්න නියමිතයි.

එහෙම නැතිනම්, පවුල ගෙදර තියලා පිටරට රස්සාවකට ගිහින් අවුරුදු දෙකකට විතර පස්සේ ආපහු ගෙදර ආවාම ඔන්න ඇරියස් හම්බ වෙනවා.

http://kathandara.blogspot.com/2013/10/all-in-days-work.html

Sunday, October 13, 2013

මෙන්න දවස පුරා පවතින අසරණ කාලකණ්ණිකමක් ඔබේ සිතටත් - How pathetic are we?

ඊයේ පුවත්පතක පළවුණු ප්‍රවෘත්තියක් මූණු පොත හරහා දැක මගේ සිතේ මුලින්ම ඇතිවුණේ මහා අසරණ හැඟීමකි. ඒ සමගම ආවේ මහා කාලකණ්ණි සිතුවිළි ගොඩකි.

ඒ අසරණ කාලකණ්ණිකම මෙය කියවන ඔබේ සිතටත් ගෙන එන්නයි මේ ලියන්නේ.

ප්‍රවෘත්තිය මේකයි.

ගිය අවුරුදදේ මුල් මාස දහය ඇතුළත පමණක් මැද පෙරදිග සිට මිනී පෙට්ටිවල ලංකාවට ආ ගෘහ සේවිකාවන් ගේ ගණන 463 දෙනෙක් ලු!

http://kathandara.blogspot.com/2013/10/how-pathetic-are-we.html

චේ ගුවේරා සමග ජීවිතේ මල් - Close to heart

අපේ සීයලා ගේ කාලේ, ඒ කියන්නේ දෙවෙනි ලෝක යුද්ධ කාලේ විතර, අණුවන වැඩිහිටියෝ ඕනෑම රැඩිකල් හෝ නාහෙට අහන්නේ නැති හෝ තරුණ අයෙකුට බැණ වැදිලා තියෙන්නේ මුං සමසමාජකාරයෝ කියලයි.

ඒකට හේතුව ලංකාවේ තිස් ගණංවල යුධ විරෝධී, අධිරාජ්‍ය විරෝධී සූරියමල් ව්‍යාපාරය හරහා ඇරඹුණු සමසමාජ සමාජවාදී දේශපාලනයයි.

පස්සෙන් පහු හැත්තෑ ගණං වෙනකොට ඔය කතාව මුං චේගුවේරාකාරයෝ කියලා වෙනස් වුණා.

http://kathandara.blogspot.com/2013/10/close-to-heart.html

ගෑණු නොරිස්සූ සිරි කාලකණ්ණි පිංගුත්තරයා සමරිසි "ගේ" පොරක් ද? - Was Pinguththara gay?

පිංගුත්තර කියන්නේ ඒ කාලේ නං හොඳ පින්බර නමක් වෙන්න ඇති! නැත්තං මොන එකකට තමන් ගේ ළමයාට දෙමව්පියන් යුවලක් ඒ නම දායි ද නේද?

ඒත් අද ව්‍යවහාරයෙන් කියවා නම් පිංගුත්තර කියන්නේ මහා පව්කාර, අවාසනාවන්ත, කාලකණ්ණි මනුස්සයෙක්.

ඒ ඇයිද කියලා අහලා නැති අයට මං කෙටියෙන් කියන්නම්.

http://kathandara.blogspot.com/2013/10/was-pinguththara-gay.html

Tuesday, October 8, 2013

පොර ටෝක් දෙන කූප්‍රකට බ්ලොග්කාරයෙක් ගේ නින්දිත රහස් හෙළිවේ - Skeletons in the closet revealed, what a shame!

මෙය කිසි දිනක මා නොලියන්නට සිටි ආකාරයේ කතන්දරයකි.

ඒ ඕපාදූපවලට මගේ ඇති අකමැත්ත නිසා මෙන්ම මා වලියට බර පුද්ගලයෙක් නොවන නිසාත් ය.

ඊටත් බ්ලොග්කාරයෙක් බ්ලොග් ලෝකයෙන් පිට මොනවා කළත් මට පාන් ද?

නමුත් දැන් නම් මේ විස්තරය නොලියාම බැරිය.

කාගෙ කාගේ කිල්ලෝටවලත් හුණු ඇතිය කියා සිංහල කියමණක් ඇත. ඉංගිරිසියේ ඇති මේ හා සමාන කියමන නම් ස්කෙලෙටන්ස් ඉන් ද ක්ලොසට් හෙවත් අල්මාරියේ සඟවා ඇති ඇටසැකිලි යන්නයි.

මේ කොයි යෙදුමෙනුත් අදහස් වෙන්නේ සඟවා ගෙන ඇති නින්දාසහගත රහස් යන්නයි.

මා මේ කියන බ්ලොග්කාරයා සිංහල බ්ලොග් ලෝකයේ කූප්‍රකට පොර ටෝක් කාරයෙකි. මොහු තමන්ම පුම්බා පෙන්නන්නට හදන්නේ නම් ඉතා උසස් රසිකත්වයක් ඇති, ප්‍රබුද්ධ පොරක් ලෙසයි.

ලද අවසරයකින් මූ ගේ අල්මාරියක් අවුස්සා බැලු මට නම් පෙණුනේ මූ ගේ කටේ නරිවාදම් රෙද්ද පල්ලෙන් බේරෙන බවයි.

http://kathandara.blogspot.com/2013/10/skeletons-in-closet-revealed-what-shame.html

Sunday, October 6, 2013

ඔබේ බොස් ඔබට වඩා වයසෙන් අඩුවීම ප්‍රශ්නයක්ද? - Being bossed around all day (and loving it)...!

සාමාන්‍යයෙන් අපි වැඩකරන ඔෆීස් එකේ, වැඩපොලේ ඉන්න අපේ බොස් කියන්නේ අපිට වඩා පලපුරුද්දෙන් වැඩි කෙනෙක් නේ.

ජොබ් කරන්න පටන් ගන්නකොට නං ඉතිං ඉන්න හැම බොස් ම අපිට වැඩිය වැඩිමහලු අය වීම අනිවාර්යයි.

පස්සෙන් පහු පහු වෙන කොට නං ඉතිං, තමන්ගේ බොසා තමන්ට වඩා වයසින් අඩු කෙනෙක් වෙන්නත් ඉඩ තියෙනවා.

මං මුලින් ම ජොබ් එකකට ගියේ රෙදි මහන තැනක. ඒ දවස්වල මගේ වයස අවුරුදු විසිතුනයි. එතන මගේ බොස් ජර්මානුකාර නිෂ්පාදන මැවිසුරුවෙක්. පොර මං වගේ දෙගුණයක් විතර වයසයි.

http://kathandara.blogspot.com/2013/10/being-bossed-around-all-day-and-loving.html

Friday, October 4, 2013

රේඩියෝ මූණු සහ ටැලිවිෂොන් මූණු - I am made for TV, what do you mean I am not?

ටික කාලෙකට කලින් ජැක්සන් ඇන්තනි කියලා තිබුණා ලංකාවේ එෆ්එම් නාලිකාවල ඉන්නේ චාවලයෝ ය වගේ කතාවක්.

පොර කියන්නේ රේඩියෝ ෂෝ එකක් කරන්න නම් හොඳ මුඛරිකමක්, ඒ කියන්නේ තැනට සුදුසු පරිදි කතාකරන් පුළුවන් හොඳ කටක්, තියෙන්න අවශ්‍යයි. නමුත් රේඩියෝ කරන අය හිතාගෙන ඉන්නේ චාවාලකම, ඒ කියන්නේ තැන නොතැන නොබලා ඔහේ කතා කිරීම තමයි ඒකට සුදුසුකම කියලයි.

මුඛරිකම සහ වාචාලකම කෙසේ වෙතත් රේඩියෝ සහ ටෙලිවිෂන් ෂෝ ඉදිරිපත්කරන දෙගොල්ලෝ අතරේ තියෙන වෙනස ගැන සම්බන්ධකරලා සාමාන්‍යයෙන් කියවෙන කතාවක් තමයි අපි සමහරුන්ට තියෙන්නේ රේඩියෝ මූණු ය කියන එක.

රේඩියෝ මූණූ කියන්නේ අර ශත-පහක් වගේ මූණක් තියෙනවා කියන එක නම් නොවෙයි!

http://kathandara.blogspot.com/2013/10/i-am-made-for-tv-what-do-you-mean-i-am.html