මාර වැඩේ!
මට අමතක වුණා!
හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.
මොකක්ද දන්නවාද?
අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.
දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා.
එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.
නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.
http://kathandara.blogspot.com/2014/05/for-all-husbands-and-wives-out-there.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, May 30, 2014
බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop
පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.
බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.
හතේ පන්තියේ දී විතර තමයි මට අර මිගදායේ කේස් එක වුණේ.
ඒ වගේ බුද්ධාගම ගුරුවරු අතරේ අටේ පන්තියේ බුද්ධාගම උගන්වපු ටීචර් වගේ හොඳ ගුරුවරුත් හිටියා.
http://kathandara.blogspot.com/2014/05/ant-and-honey-drop.html

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture
කලබල වෙන්න කාරි නෑ!
මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි.
මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.
දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.
මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා පරිවර්තක කටයුතු කෙරුවේ ආචාර්ය නන්දසේන රත්නපාල.
http://kathandara.blogspot.com/2014/05/killing-vs-torture.html

Saturday, May 24, 2014
සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!
විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය (Allied Health Sciences) කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!
එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා!
අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් තමයි.
උනුයි, මුනුයි නැතුව අරුං ආණ්ඩුවක් පිහිටෙව්වා වුනත් ඔය ප්‍රශ්ණ විසඳිල්ලේ වැඩි වෙනසක් වේවි ය කියලා මං හිතන්නේ නෑ.
http://kathandara.blogspot.com/2014/05/equals-and-unequals.html

ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy!
සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ.
හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!
දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක.
මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න වැඩේ හරි ගියේ නැති නිසා, කතන්දර හාමිනේ ගේ ගමන් පහසුව පිණිස පදිංචි වෙලා හිටියේ ගම්පහ අර රිමෝට් කොන්ට්‍රොල් ඇන්ටි ගේ ඇනෙක්සියේයි.
ඔය කියන කාලේදීම තමයි මං කලින් දවසක කියපු "අඩෝ! උඹ බැඳලා නේද යකෝ?" කියන කේස් එක වුණෙත්.
http://kathandara.blogspot.com/2014/05/free-and-easy-travel-plan-goes-crazy.html

කාන්තාවක් සමග මහ වැස්සේ කුඩයක් යට කිටි-කිටියේ තුරුලූ වී ඇවිද ගියෙමි - It is Spring again!
මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම. රාජේෂ් කන්නා සහ ෂර්මිලා තාගෝර් තමයි රඟපෑවේ.
මේකේ අළුත (හොරෙන්) බැඳපු ජෝඩුවක් ඉන්නවා. මිනිහා ඉන්දියන් එයාෆෝස් එකේ පයිලට් කෙනෙක්. පොර ගැණිගෙන් සමු අරගෙන ඩියුටි යනවා. ගියා ගියාමයි ආයේ එන්නේ නෑ!
පස්සේ මේ සිංගල් මදර් තමන්ගේ ඒ වෙනකොට කුසේ හිටිය දරුවාව හදා ගන්න කතාව තමයි මේ මූවි එකේ තියෙන්නේ මට මතක විදියට.
දිගටම ඩීවීඩී එක බලාගෙන යද්දී මට මෙතන පොඩි අවුලක් අවුලක් තියෙනවා වගේ දැනුණා.
http://kathandara.blogspot.com/2014/05/its-spring-again.html

Sunday, May 18, 2014
හැපි බර්ත්ඩේ බුදු සාදු! - Happy Birthday Buddha!
වෙසක් උත්සවය සමරන්න මං හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා ෆේස් බුකියේ දාලා තිබුණු ස්ටේටස් අප්ඩේට් එක දැක්ක සමහරු ඒ ගැන තරමක අප්‍රසාදය පළ කරලා තිබුණා.
අප්‍රසාදය ඒ විදියට තරමකින් නතර වුනේ නං ඉතිං ෆේස් බුකියේ ඉන්නේ පොතේ හැටියට යාළුවෝ නිසාත්, ඒ යාළුවන්ට ඇනෝනිමස් ආතල් ගන්න බැරි නිසාත් වෙන්න පුළුවනි!
මගේ උත්තරේ වුනේ මේකයි.
ඇයි ඉතිං ඒ හැපි බර්ත්ඩේ බුදු සාදු! සුභ පැතුමේ තියන වරද?
http://kathandara.blogspot.com/2014/05/happy-birthday-buddha.html

ලියන අප්පුලා ගේ කතන්දරයක් හෙවත් "මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ දේවල් ද?" - Writing for fun!
මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න.
මෙන්න අතීත සිද්ධිය
මේ කතන්දර බ්ලොග් ලියන්න කලින් මං මගේ පාසල් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන කතන්දර කීපයක් ලියලා තිබුණා. සඟරාවක් කරන පොරක් මට ලිපියක් ලියන්න කියලා ආරාධනාවක් කළ වෙලේ මං ඒවායින් දෙක තුනක් දුන්නා. පොරත් ඒවා පළ කළා.
http://kathandara.blogspot.com/2014/05/writing-for-fun.html

Tuesday, May 13, 2014
ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy
පසුගිය වසරේ මට සතියක පමණ කාලයක් ඉතාලියේ නගර දෙක තුනක සංචාරයක් කරන්නට පොට්ට චාන්ස් එකක් ලැබුණා.
මං ඒ කාලේ අහපු දැකපු දේවල් ගැන කතන්දර කීපයක්ම ලිව්වා සමහර විට ඔබ කියවන්නට ඇති. ඒ දවස්වල අමතක වුණු එක කාරණයක් අද අන්සතු දිනපොත බ්ලොගයේ චිතගොන් හි නැව් කැඩීම ගැන තිබුණු ලිපිය කියවද්දී හදිසියේ මතක් වුණු නිසයි මේ ලියන්නේ.
අපි ඉතාලියේ රෝමා නගරයේ විවිධ ඓතිහාසික තැන් නරඹන්නට ගියා දවස් හතර පහක්. ඒ වගේම ෆිරැන්සියා හෙවත් ෆ්ලොරන්ස්වල දවසකුත් වැනීසියා හෙවත් වෙනීස්වල දවස් දෙකකුත් කල් ගත කළා.
http://kathandara.blogspot.com/2014/05/bangladeshis-in-italy.html

ජේමිස් පැකර් කේස් එකේ වගේ ගෑණියි මිනිහයි විරසක වුණාම යාළුවෝ එක පැත්තක් ගන්න එක හරි ද? - Till death do them apart!
මේ කතන්දරේ (ඇත්තටම කතන්දර කීපයක්ම තියෙනවා මෙතන) සිහියට ආවේ මේ ඊයේ පෙරේදා අර ලංකාව ගලවා ගන්න එනවාය කියන දේවදුතයා වෙන ජේමිස් පැකර් ගොයියා දාවිත් ගින්ජල් කියන හාදයෙක් එක්ක කළාය කියන ගුස්ති පොරය ගැන ආරංචිය කණ වැටුණු වෙලේයි.
ජේමිස් සහ දාවිත් දෙන්නා ගජ යාළුවෝ ලු මේ වෙනකල් ම. කොටින්ම මුං දෙන්නාම තමයි මුං දෙන්නා ගේ දෙවෙන මනමාලයෝ විදියට ඉඳලා තියෙන්නේත්.
නමුත් දෙන්නා මේ මෑතකදී විරසක වුණා. ඒකට හේතුව ලෙස සැලකෙන්නේ ජේමිසා තමන්ගේ බිරිඳව දික්කසාද කිරීම යි. දැන් පොර ඊට වඩා තරුණ, රූමත් නිරූපිකාවක් එක්ක සෙට් වෙලා ලු.
මෙතනදී වෙලා තියෙන්නේ ජේමිසා ගේ දෙවෙනි මනමාලයා වෙච්ච දාවිතා තම මිතුරා ගේ හිටපු ගෑණි ගේ පැත්ත ගැනීමයි.
මේ වගේම පොඩි කේස් දෙකකට විතර මටත් මූණ දෙන්න වෙලා තියෙනවා.
http://kathandara.blogspot.com/2014/05/till-death-do-them-apart.html

කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!
කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.
ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.
ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.
ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.
මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!
http://kathandara.blogspot.com/2014/05/long-time-no-see.html

Thursday, May 8, 2014
බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakaraya
කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.
හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.
වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද?
කාලෙකට ඉස්සර ටීඑන්එල් චැනල් එකේ වාද බයිලා සීරීස් එකක්ම ගියා මට මතකයි. ඒක ඒ දවස්වල මං කැමතිම වැඩ සටහනක්.
http://kathandara.blogspot.com/2014/04/baila-from-kathandarakaraya.html

කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone!
මං මේ කතන්දර බ්ලොග් එක ලියන්න 2009 ජූලි මාසේ පටන් ගත්තේ මුලින්ම කතන්දර දහතුනක් ඩ්‍රාෆ්ට් කරලා ඉවර කරලායි. මගේ ප්ලෑන් එක වුනේ සතියකට එකක් ගානේ කතන්දර පළකරන්නයි. එතකොට මාස තුනකට බ්ලොග් එක රන් වෙනවා අවුලක් නැතුව.
නමුත් ප්‍රායෝගිකව ඒ විදියට නොවෙයි වැඩ සිද්ධ වුනේ.
ඒ ලියපු කතන්දරත් දැම්මා, අතුරු කතන්දරත් ලියවුණා. අළුතින් ඒවාත් එකතු වුණා. ඒ එක්කම සතියකට එකකට වඩා කතන්දර පළ කිරීමත් සිදුවුණා.
ඒ අතරතුරේ මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවත් එන්න එන්නම දිග් වුණා මිස කවදාකවත් හිඳුණේ නෑ, වරින්වර ආපු කම්මැලිකම් මිස!
http://kathandara.blogspot.com/2014/04/puffing-billy-just-passed-important.html

මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා! - In another 1000 years!
මේ කතන්දරය කියනව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ සිනමා ශාලාවක නොවෙතත් අඩුවශයෙන් මැතිවරණ චන්ද ප්‍රතිපල විකාශනය කෙරෙන දිනක දී වත් "ලොකුම හිනාව" නම් වූ සිනමා පටය නරඹා ඇතැයි මම සිතමි.
මා මේ ප්‍රහසනය නරඹා දැන් දිගු කලෙකි. එහි ආ දර්ශණවලින් මගේ මතකයේ රැඳී ඇති කරුණු අතර මිනිසුන් දෙදෙනෙක් පාන් සාදන බේකරියක් ඇතුලේ පාන් පිටි මිශ්‍රණය ඇඟ පුරා ගා ගනිමින් සටන් වැදුණු අයුරු ද, ප්‍රෙඩී සිල්වා ගේ "පරණ කෝට්, පරණ කෝට්" නම් අද ද ජනප්‍රිය විකට ගීතය ගයමින් කවුදෝ පාරක් දිගේ ගමන් කරනවා ද වේ.
http://kathandara.blogspot.com/2014/04/in-another-1000-years.html

Friday, April 11, 2014
පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්‍ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement!
පුක යනු කුණුහරුපයක් නොවන්නේ ඇයිදැයි පහදමින් මා ලිපියක් ලියා පළ කර වසර තුනක් සපිරෙන්නට තව ඇත්තේ දින දෙකකි.
ඊයේ පෙරේදා උසාවියක ද මේ ප්‍රශ්ණයම සාකච්චා වී ඇති බව විවිධ මූලාශ්‍ර මගින් මට දැන ගන්නට ලැබුණි.
පුක යනු කුණුහරුපයක් නොවන බව නැවත නැවතත් කියන්නට මට අවශ්‍යතාවයක් නැත.
එය එසේම ය.
නමුත් මේ සිද්ධියට සම්බන්ධව උසාවියේ දී කියවී ඇති වෙනත් කරුණක් ගැන කිව යුතුය.
http://kathandara.blogspot.com/2014/04/it-is-going-to-be-historical-judgement.html

පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්වලට තමන්ට වඩා බාල පරම්පරාව එක්ක ඇති අවුල මොකක්ද? : Grumpy old bigoted men - for no reason!
බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.
"නාකි විසේ ගෙටත් උසේ!" වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ වගේ කෙනෙකුගෙන් ඊට වඩා බාල අය බලාපොරොත්තුවෙන්නේ ජීවිතයට ආදර්ශයක්, නිවරදිව හිතන්න, ජීවත්වෙන්න අවවාද වගේ දේවල්.
අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අපට ඒ උදව් නිරතුරු ලැබුණා.
අපිට වඩා එක්කෝ වයසෙන් අඩු, නැතිනම් අත්දැකීමෙන් අඩු අය දැක්කාම අපි කරන්න ඕනෑ, "මුං මේකවත් දන්නේ නැති මැටි මෝල්ලු ටිකක්!" කියලා අවඥාවෙන්, අපහාසයෙන් කියන එක නොවේ.
http://kathandara.blogspot.com/2014/04/grumpy-old-bigoted-men-for-no-reason.html

Monday, April 7, 2014
බැන්දට පස්සේ අසරණ කොල්ලන්ට වෙන දේවල් - You figure it out!
මැරෙන එකත් පණ යන වැඩක් ය කියන කතාව අහලා ඇතිනේ? ඒ වගේම කතාවක් තමයි බඳින එකත් පණ යන වැඩක් ය කියන එක. හැබැයි ඒ කොයි පණ ද කියලා නම් අහන්න එපා!
අපේ බැච් එකේ අවුට් වුණාට පස්සේ ඉස්සෙල්ලාම බැන්ද පොරව (අවුට් වෙන්න කලින්ම බැඳපු එකෙකුත් හිටියා!) මට උගේ වෙඩිමෙන් පස්සේ මුණ ගැසුනේ සෑහෙන කාලෙකට පස්සෙයි. ඊලඟට බැඳපු එකාව නම් උගේ හෝම් කමින් එක දවසේ මුණ ගැසුණා. එදා පොර කීවේ "මචං, දන්නවා නම් මීට කලින් බඳින්නේ!" කියලායි.
නමුත් ඉතිං බැන්ඳායින් පස්සේ ජීවිතය කොහොමද කියලා හරිහැටිම දැන ගන්න නම් බැඳලා බලන්නම ඕනෑ.
http://kathandara.blogspot.com/2014/04/you-figure-it-out.html

පැරසිටමෝල් පෙත්තක්වත් නැතුව ඔළුවේ කැක්කුමක් සමතික්‍රමණය කළෙමි! - Man, am I the man, man?
හිසරදය, ඉරුවාරුදාව, ඔළුවේ කැක්කුම කියන නම් වලිනුත් සමහර වෙලාවට හැඳින්වෙන ඔය "හෙඩේක්" කියන සංසිද්ධිය තියෙනවා නේද?
ඕක අපි මේ ලෝකෙට බිහිවෙලා ජීවත් වෙනවා කියන එක දන්න කියන දවස්වල ඉඳලා අපිට විටින් විට කරදර, කෙනෙහිලි, හිරිහැර කරපු ලෙඩක් නේ. මං හිතන්නේ අපේ ජීවිතවල අවසානය දක්වාමත් හෙඩේක් කියන එව්වා අප අතර හැර නොයන පාටක් තමයි තියෙන්නේ.
දවස් දෙකකට හෝ තුනකට පාරක් කතන්දරයක් ලියලා මේ බ්ලොග් එකේ පළකරපු මට ඒ බ්ලොග්කාරිය ඊයේත් බැරිවෙලා, අදත් තව පොඩ්ඩෙන් බැරිවෙන්න ගියේ ඔය කියන හෙඩේක් එකක් හින්දයි.
http://kathandara.blogspot.com/2014/04/man-am-i-man-man.html

Wednesday, April 2, 2014
දිවිහිමියෙන් මව්බිම සුරුකීම - මොන මෝඩ, ප්‍රතිගාමී, මඤ්ඤං කතාවක්ද ඒ? - Blinded by patriotism!
ඉස්සර අපි පොඩි කාලේ නව වසරේ පාසල් යන්න අළුත් සපත්තු හෙම ගෙදරින් අරං අපිට දෙනවානම් අපිව කඩේ එක්කං යන අම්මාට තාත්තා කියන්නේ ඩී.අයි. සපත්තු අරන් දෙන්න කියලායි. මොකද හොඳ හම් සපත්තු කල් පවතිනවා ලු!
ඒත් අපි නං කැමති බාටා ගන්නයි. ඒ බාටා සපත්තු ගන්න කොට ඒ එක්ක වෛර්ණයෙන් මුද්‍රිත පාසල් කාලසටහනක් නොමිලේම ලැබෙන නිසයි. ඒ කාලසටහනේ "පළමුව බාටා දෙවනුව පාසලට" කියලා ලියලා, ඒක කාටූන් එකකින් විස්තරාත්මකව ඇඳලා තියෙනවාත් මට මතකයි.
ඔය "පළමුව බාටා දෙවනුව පාසලට" කියන වාක්‍යය තමයි බාටාකාරයෝ ඒ කාලේ උංගේ සේල්ස් ස්ලෝගන් එක විදියට දාගෙන තිබුණේ.
http://kathandara.blogspot.com/2014/04/blinded-by-patriotism.html

දරු දුක කියන්නේ දරුවන් ගෙන් ලැබෙන දුක ද නොහොත් ලෝකෙන්ම පජාති දුක! - Parenting - What not to do
සාමාන්‍යයෙන් නම් "දරු දුක" කියන්නේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන්ගේ හදවතේ ඇති වෙන දුකයි.
දරුවන්ට ලෙසක් දුකක් හැදුණාම, දරුවන් අනතුරක වැටුණාම, දරුවන් තාවකාලිකව හෝ තමන් අතහැරලා ගියාම, එහෙමත් නැත්නම් අකාලයේ වියෝ වුණාම දෙමව්පියන් කම්පාවට පත්වෙන එක, දෙමව්පියන්ට "දරු දුක" දැනෙන එක, සාමාන්‍ය මනුශ්‍ය ස්වභාවයක්.
දරුවන් නැති අයටත් ඒ නැති නිසාම "දරු දුක" දැණෙනවා.
මට හිතෙන්නේ "දරු දුකේ" තවත් ප්‍රභේදයක් තියෙනවාය කියලයි. ඒක තමයි, දරුවන් ගේ නොකටයුතුකම් නිසා, දරුවන්ගෙන් සිදුවෙන කරදර නිසා දෙමව්යන් ඇතිවන සැබෑ දුක!
මං පෙරේදා දාපු විෂම චක්කරයේ පෝස්ටුවට අදාල දෙවෙනි කතන්දරයයි මේ.
http://kathandara.blogspot.com/2014/03/parenting-what-not-to-do.html

Friday, March 28, 2014
පිටුදැක අවසන් කළ යුතු විෂම චක්කරය - Stop it right there!
දැන් අවුරුදු දෙකකට කලින් මං මේ බ්ලොග් එකේ තේරවිල්ලක් පල කළා. ඒක ඔරිම ඔරිජිනල් එකක් හින්දා අපේ කෂ්ටියට තෝරන්න සෑහෙන කාලයක් ගියා. මෙන්න ඒක කතන්දරේට පාර.
ඒ තේරවිල්ලෙන කියවුණේ පරම්පරාවෙන් පරම්පරාවට යන චක්කරයක් ගැනයි.
අද මං මේ කියන්න යන්නේත් ඒ වගේම චක්කරයක් ගැනයි.
හැබැයි මේක විෂම චක්කරයක්. අප විසින් පිටු දැක අවසන් කළ යුතු විෂම චක්කරයක්!
මෙන්න මං කියන්න යන පළමුවෙනි කතන්දරය.
http://kathandara.blogspot.com/2014/03/stop-it-right-there.html

අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව - One step forward, two steps backward?
මේ දිනවල ලෝක ශූරතා විස්සයි විස්සේ ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්වේ. කලාතුරකින් ක්‍රිකට් මැච් නරඹන, ඊටත් වඩා කලාතුරකින් ක්‍රිකට් ක්‍රීඩා කරන මා එසේ කලාතුරකින් ක්‍රීඩාකරන විට පා දඟ පන්දු යවන්නේ වමතිනි. පන්දුවට පහරදෙන්නේ ද වමතිනි.
වමත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ වෙනත් ජාතික කණ්ඩායම්වල ද සිටියද ඒ සුළුතරයකි.
බහුතරයක් ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ලෝකයේ බහුතරයක් පුද්ගලයෝ ද දකුණත්කාරයෝ ය. මා ද පෑනකින් පැන්සලකින් ලියන්නේ දකුණු අතෙනි. බත් කන්නේ ද දකුණතිනි.
http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

Wednesday, March 26, 2014
බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට - Childhood story-time
ඒ කාලේ මට අවුරුදු හතක් විතර ඇති. ඒ කියන්නේ මගේ මල්ලිලා ට වයස හයක් සහ හතරහමාරක් වගේ ඇති.
එදා රෑ අපේ අම්මා කුස්සියේ උයමින් හිටියා. අපේ තාත්තාගේ මහ ගෙදර කුස්සිය කියන්නේ පොඩි කාමරයක් නිකං අඩි 8x12 වගේ. ඒකේ එක පැත්තක බිම ලිප් තුනක් හදලා තිබුණා. උඩින් තිබුණේ ලීවලින් හදලා තිබුණු දුම. ඒ දුමේ තමයි හැලිවලං තිබුණේ.
කුස්සියේ අනිත් පැත්තේ මුළු ඉඩම පිරෙන්න ලොකු ලී පෙට්ටියක් තිබුණා අපේ තරමටම උස. ඒ පෙට්ටියේ තිබුණේ ආච්චී ගේ කුඹුර වගා කරලා ලබා ගන්න වී අස්වැන්නයි.
http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

Saturday, March 22, 2014
මැදිවිය යනු කුමක්ද? - What is the middle age?
මට මැදිවිය යනු කුමක්ද කියන ප්‍රශ්ණය තදින්ම යලිත් හිතුණේ ඊයේ මං සඳහන් කරපු මියගිය පීටර් පෙරේරා ගේ "මැදිවිය ද තරුණය!" කියන බ්ලොග් එකේ නම හින්දයි.
මට මතකයි මං පුංචි කාලේ අපේ තාත්තා ගේ, බාප්පලා ගේ වයසට මාත් කවදා හරි පත්වෙනවා නේද කියලා ගැන හිතුණාම බුදු අම්මෝ කියලා කියනවා. දැන් මගේ ඒ කියන වයසටත් වැඩිය වැඩිමල්, වයස දොළහක් වෙන මගේ පුතාටත් මං ගැන එහෙම හිතෙනවා විය යුතුයි.
නමුත්, දැන් තමයි ඇත්තටම හිතෙන්නේ ඒ මොන විහිළුවක් ද කියලා!
මොනවා වුනත් මේ මැදිවිය කියන්නේ මොකක්ද?
http://kathandara.blogspot.com/2014/03/what-is-middle-age.html

මැදිවිය ද තරුණය! නමුත් අද තරමක් දුක හිතුණු දවසක් - Death of a blogger
මාස කීපයකට කලින් දවසක මං කතන්දරයක් ලිව්වා අර අමරසිරි පීරිස් ගේ "හන්තානට පායන සඳ" සින්දුවේ රිවර්ස් ඇක්ෂන් එක ගැන.
දවසකට විතර පස්සේ මං වෙන බ්ලොග් එකක මාතෘකාවක මේ ගැන කියවෙනවා දැකලා ඒ මොකක්ද කියා බලන්න ගියාම තමයි මුලින්ම "මැදි වියද තරුණය!" කියන බ්ලොග් එක ඇස ගැටුණේ.
ඒ බ්ලොග් එකේ දුරු රටක ඉන්න මැදිවියේ පිරිමියෙක් ලංකාවේ ඉන්නා තමන් කාලෙකට ඉස්සර ලව් කරපු නමුත් දැන් විවාහක ඉස්කෝලේ හාමිනේ කෙනෙකුට ලියන ලියුම්වල අනුසාරයෙන් කියවුණේ තරමක දුක්බර ආදර කතාවක්.
http://kathandara.blogspot.com/2014/03/death-of-blogger.html

බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක් - Political debates among middle-aged people
පොඩි කාලේ වැඩිහිටියන්ගෙන් කතන්දර අසා රස විඳ නොමැති අය වේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. "අනේ, කතන්දරයක් කියන්නකෝ?" යනුවෙන් කෙරෙන අපේ ඉල්ලීම් ඇතැම් විටෙක ඔවුනට කරදරයක් වෙන්නටද ඇත. නමුත් ඒ ඉල්ලීම් සෑම විටෙකම පාහේ ඉටු කෙරිණි.
මා කුඩා කාලයේ තාත්තාගෙන් කතන්දරයක් කියන්නැයි ඉල්ලූ විට ඔහු කියූ ඉබි පැටවුන් ගේ කතන්දරය ගැන මම මීට පෙර දිනක කීවෙමි. ඒ කෙසේ වෙතත් තාත්තා අපට නොයෙකුත් ඉතිහාස කතන්දර රාශියක් කියා දුන්නේය. ඉතිහාසය තාත්තා ගේ ප්‍රියතම විෂයක් විය.
මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ මට "බල්ලා බත් කයි, කොල්ලා හූ කියයි!" යනුවෙන් වාක්‍යයක් පවසා නිර්මාණාත්මක ලේඛනය ගැන පාඩමක් කියා දුන් නැන්දා ඔබට මතක ඇතැයි සිතමි.
http://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html

වෙන්ඩ සින්දුව වෙච්ච වගයි! - Yet another dream comes true!
අමරසේකරකාරයා ගේය පද සාහිත්‍යය ගැන මොනවා කිව්වත් මං හිතන විදියට නම් කවියක් සින්දුවක් වෙනවා කියන්නේ ඒ කවිය කාලයක් පවතින්න, කීප දෙනෙකුගේ හෝ හිතේ මතකයේ රැඳිලා තියෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙනවා.
කොටින්ම මෑත යුගයේ හොඳම සිංහල කවියා විදියට සැලකෙන මහගම සේකර ගේ කවිවලට වඩා පොදු ජනයා අතර රැඳී තියෙන්නේ, ඒ කියන්නේ දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, පොර ලියපු, අමරදේව ලා, නන්දා මාලිනී ලා ගායනා කරපු සින්දු තමයි.
ගේය පද කියන්නේ සිංහල කාව්‍යය නමැති කෙත පුරන් කරන වල්පැල ය කියලා අමරසේකරකාරයා කියන කොට මට නං එහෙනං බම්බු ගහ ගනිං කියලා කියන්න හිතෙන්නේ ඒකයි.
http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html

Saturday, March 15, 2014
කාරෙකෙන් ගිය අංකල් ගේ කතන්දරය මෙන්න සුද්ද සිංහලෙන්ම - Keep away from Carbon Monoxide
මං පෙරේදා ලියපු අර ශල්‍යකර්මයකට පස්සේ සිහිය එන මනුස්සයෙක් එතකොට අහල පහල හිටිය ලස්සන ගෑණු කෙනෙක් තමන්ගේ බිරිඳය කියලා දැන ගෙන පුදුමවෙන "ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!" කතන්දරය කියවපු පාඨක අංකල් කෙනෙක් තමන් මේ ඊයේ පෙරේදා විඳපු අත්දැකීමක් මට ලියලා එවලා තිබුණා.
මේ කතාව අපි හැමෝටම කවදා හරි දවසක, කවදා හරි වෙලාවක, ඉතා වැදගත් වෙන්න ඉඩ තියෙන නිසා, අද දාන්න හිටිය මගේ විදුහල්පති අංකල් කෙනෙක් ගැන කතාව පසුවට කල් දලා, ඊට වඩා වැදගත් මේ ප්‍රායෝගික වැදගත්කමක් තියෙන කතන්දරේ පලකරන්න හිතුණා.
මෙන්න ඒ කතන්දරේ. අවධානයෙන් කියවන්න.
http://kathandara.blogspot.com/2014/03/carbon-monocide.html

Wednesday, March 12, 2014
ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!
මේ කතන්දරේ මං දැනගෙන ටික දවසක් වෙනවා. නමුත් අදයි මේක ලියලා දාන්න වෙලාවක් ලැබුණේ.
දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?
ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.
http://kathandara.blogspot.com/2014/03/brownie-points-forever.html

Monday, March 10, 2014
කතන්දරකාරයා කියවන බ්ලොග් - Not just a "my car, my petrol" case
අන් සෑම බ්ලොග්කරුවන් මෙන්ම මම ද බ්ලොග් පාඨකයෙක් මි. පාඨකයෙකු ලෙස මා කියවන බ්ලොග්වල ලයිස්තුව මේ බ්ලොගයේ දකුණු අත පැත්තේ දක්වා ඇත.
මුළදී මෙය තිබුණේ එක ලයිස්තුවක් ලෙසයි. පසුව සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ බ්ලොග් කියවනයේ පොලිටිකල් බ්ලොග් වෙන් කොට ඒවා කුස්සිය පැත්තේ කාමරයට දැමූ පසු මා කළේ මගේ ලයිස්තුවේ තිබූ පොලිටිකල් බ්ලොග් වෙනමම ලයිස්තුවකට ගොනුකොට එය ඉදිරියට ගැනීමයි.
එයින් මද කලකට පසු කාන්තාවන් ලියන බ්ලොග්වලට කරන සැලකීමක් ලෙස මා කළේ මගේ ලයිස්තුවේ තිබූ ඒ කැටගරියේ බ්ලොග් එකට ගොනු කොට ඒ ගොනුවට ඉහළම ස්ථානය දීමයි. මෙදිනම සෙසු බ්ලොග් මා කියවන කතන්දර සහ මා කියවන කවි ලෙස වෙන් වෙන්ව ගොනු කළෙමි.
http://kathandara.blogspot.com/2014/03/not-just-my-car-my-petrol-case.html

Subscribe to:
Posts (Atom)