මා ගමේ කණිෂ්ඨ පාසලේ උගත් කාලයේ එක්සත් ජනපදයේ ආධාර ක්රමයක් යටතේ නිපදවුණු විස්කෝත්තු තුන බැගින් අපට විවේක කාලයේ දී නොමිලේ ලැබුණි. ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු වර්ගය රසයෙන් කෙසේ වුවද හැඩයෙන් නයිස් විස්කෝත්තු සේ විය. එකල බහුතරයක් පාසල් සිසුන් දිවා කාලයේ තම කුස පුරවා ගත්තේ මේ විස්කෝත්තුවල පිහිටෙනි.
විස්කෝත්තු කෑමෙන් පසු මා පානය කළේ අම්මා උදෑසන මිශ්රකර ප්ලාස්ටික් බෝතලයක් පුරවා දෙන හැලිබොරේන්ජ් නම් වූ කෝඩියල් වර්ගයයි. කෝඩියල් නැති දවස්වල පාසලේ ළිදෙන් වතුර පනිට්ටුවක් ඇදගෙන රිසි සේ බීවෙමු. පහේ පන්තියේ දී පාසලේ ලිඳ සිඳී ගිය නිසා දෝ අපට පන්තියේ දී ම බොන්නට කලගෙඩියක් පුරා වතුර තිබුණි.
http://kathandara.blogspot.com/2014/06/gram-seller.html
අපි ඉස්කොේල යන කොට මේ ජාතියේ විස්තෝකු තිබුන් නැහැ..
ReplyDelete