Showing posts with label පොත් කතන්දර. Show all posts
Showing posts with label පොත් කතන්දර. Show all posts

Wednesday, March 5, 2014

කොල ඉරුණු යුරෝපයේ චාරිකාව - Unfinished business

දැන් දවස් දෙක තුනකට කලින් බකමුණු කතා බ්ලොග් එකේ පලවුණු "රොමාගේ වාසනාව සහ බස්සාගේ අවාසනාව" කියන කතන්දරේ කියවන කොට තමයි මට මේ අද මං කියන්න යන කතන්දරේ සිහියට ආවේ.

මේක මං පොඩි කාලේ කියවපු පොතක් ගැනයි.

බස්සා බාගෙට කියවලා තිබුණු පොත වගේම මේ මං කියවපු පොතෙත් කොල ඉරිලා, කැඩිලා ගිහිණුයි තිබුණේ.

පොතේ මුල හරියේ කොල කීපයක් අඩුයි. ඒක නං වැඩියෙම අවුලක් වුණේ නෑ කතාව අල්ලාගෙන යන්න. නමුත් පොතේ අවසානය තිබුණු කොලත් කැඩිලා ගිහින් තිබුණු එකේ පාඩුව නම් දරාගන්න බැරි වුණා.

http://kathandara.blogspot.com/2014/03/unfinished-business.html