Monday, January 9, 2012

මිනිහෙක් දවසකට කී පාරක් සෙක්ස් ගැන හිතනවද? - How many times a day does a man think about SEX?

මේ පුවත්පත් වාර්තාවේ කියවෙන විදියට මේ සමාජ සමීක්‍ෂණය පවත්වලා තියෙන්නේ මිනිස් මොලයේ සිතුවිලි ක්‍රියාකාරීත්වය ගැන අධ්‍යයනය කරන ඇමරිකා එක්සත් ජනපදයේ පර්යේෂකයින් පිරිසක්. මේ සඳහා සහභාගී වෙලා තියෙනවා විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සහ 25 අතර සිසුන් 300 දෙනෙක්.

පර්යේෂකයෝ මේ සිසුන්ට කියලා තියෙනවා තමන් ගේ සිතට ආහාර ගැන, නින්ද ගැන සහ සෙක්ස් ගැන සිතුවිලි දවස පුරා එන වාර ගණන සටහන් තියා ගන්න කියලා.

සමීක්‍ෂණයේ මූලිකම හොයා ගැනීම තමයි පිරිමින් ගැහැණුන් ට වඩා මූලික භෞතික අවශ්‍යතා ගැන හිතන බව.

සම්පුර්ණ ලිපිය මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2012/01/how-many-times-day-does-man-think-about.html

Sunday, January 8, 2012

මං කැමතිම පැරණි රසාංගයක් - We got a groovy kind of love

පෙරේදා සිකුරාදා ඇනෝනිමස් ආතල් බ්ලොග් එකේ ඇනෝනිමසයා මංතුමා ගැන ලියලා පල කරපු ලිපියට උඩින් පැය කීපෙකට පස්සේ තවත් එකක් දාලා තියෙන නිසා සමහර විට වැඩි දෙනා මගේ ටී-ෂර්ට් එකක් ගැන ලියවිලා තිබුණු ඒ "අපහාසාත්මක" මුල් ලිපිය දකින්න නැතුව ඇති.

මට ඒක කියෝලා ඇතිවුනේ පොඩි ජොලියක්.

ඊට පස්සේ බීට්ල් ගේ පෝස්ට් එකේ තියෙන සින්දුව අහන වෙලේ ඊට වඩා ජොලියක් ගියා.

ඒ මං කැමතිම පැරණි රසාංගයක් හදිසියේම මතක් වීම නිසයි. ඒ තමයි "ෆිල් කොලින්ස්" (Phil Collins) ගයන "ගෲවී කයින්ඩ් ඔෆ් ලව්" (Groovy kind of love) කියන සින්දුව.

http://kathandara.blogspot.com/2012/01/we-got-groovy-kind-of-love.html

Friday, January 6, 2012

සිගරැට් බීම ගැන මං අහලා තියෙන හොඳම කතන්දරේ මෙන්න - The best story about smoking!

සිගරැට් බීම ගැන මේ අති වැදගත් කතන්දරේ මට මතක් වුනේ ඔබා-මා ගේ කාල බොන්න සිගරට් එකක් දුන්නු කතාව කියවපු වෙලේයි. ඔබා-මා ගේ කතන්දරේ ඇත්ත නම් ගම් එක්ක පටලෝලා ඇත්ත වගේ නිර්මාණය කරලා ලියලා තිබුණත් මං නං ඒ කතාව අහලා තිබුනේ අමුවෙන්ම තමයි.

ඒ මොනවා වුනත් මෙන්න මේ පහලින් දාලා තියෙන කතන්දරේ තමයි මට හිතෙන විදියට සිගරැට් බීම ගැන ලෝකේ තියෙන හොඳම කතන්දරේ.

* * * *

ඔන්න මිනිස්සු දෙන්නෙක් මග රෑක වැස්සට කොටු වෙලා හිටියා කඩ මංඩියක අගු පිලක. නිකං 2011 උදුවප්-දුරුත්තේ වගේ මාර සීතලයි.

http://kathandara.blogspot.com/2012/01/best-story-about-smoking.html

Wednesday, January 4, 2012

තේරවිල්ලකි - ඔහෙලාට ඇහැක් නම් තෝරන්න : An original riddle from KK

අපේ සීයා ට එයාගේ තාත්තා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තාට අපේ සීයා මේක කියලා දෙන්න ඇති.

අපේ තාත්තා මට මේක කියලා දුන්නා මට තාම මතකයි.

මම මගේ පුතාටත් කියලා දුන්නා.

මගේ පුතාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

ඒ මගේ අනාගත මුණුබුරාත් දවසක එයා ගේ දරුවෙකුට මේක කියලා දේවි.

මේ මොකක්ද?

http://kathandara.blogspot.com/2012/01/original-riddle-from-kk.html

සමාවෙන්න කුරුළු අම්මේ - පින්තූර කතන්දරයක් : A picture story

මනුස්සයෝ ශිෂ්ඨාචාර පිහිටුවාගන්න කලින් ගල්ගුහා කාලේ ඉඳලාම සිතුවම්වලින් කතන්දර ලිව්වාය කියලානේ කියන්නේ. ඊට පස්සේ වුනත් ඔය පිරමීඩ්ස් වල වගේ දිග කතන්දර තියෙනවාලු ලියලා රූප මගින්. චීන භාෂාවේ අකුරක් අකුරක් පාසා චිත්‍රයක්.

දැන් ඉතිං ඩිජිටල් යුගයේ අපි යන යන තැන ෆොටෝ කොටනවා.

පින්තූරයක් වචන 1000ක් වටිනවා කියලා කතාවක් අහලා තියෙනවා නේද? එහෙම බැලුවොතින් මං මේ කතන්දර බ්ලොග් එකේ ලියන දිගම කතාවක් තමයි මේක.

http://kathandara.blogspot.com/2012/01/picture-story.html

Sunday, January 1, 2012

වසරේ මහා උභතෝකොටිකයට කතන්දරකාරයා ගේ විසඳුම - How to greet issue solved!

ලංකාවේ තියා ලෝකේ කොතැන හිටියත් සිංහල උංට සමරන්නට අවුරුදු උදාවන් දෙකක් ඇත.

එකක් අප්‍රියෙල් මැද එළැඹෙන සංස්කුරුතිමය එකය. අනික බටහිර කුමන්ත්‍රණයක් වන ජනවාරි පළමුවෙනිදා ට යෙදෙන ජනේරුවය.

දැන් මේ දෙකෙන්ම ගැලවී සිටිමට සිතීම නම් විහිළුවකි. පත්තරෙන්, රේදෙව්වෙන්, තලදසුනෙන් නොව බ්ලෝග්කාරී-විකාරරූපී ලෝකයෙන්ම මේ ඩබලම අපේ ඇස්, කන්, නාසා තුලින් අනුමස්තික්‍ෂ්කයටම කවයි. අපට කළ හැක්කේ යන්තම් ජාම් බේරා ගැනීමට සැලසුම්කර, ඒවා ක්‍රියාත්මක වේයැයි ඇඟිලි බැඳගෙන සිටීම පමණි.

http://kathandara.blogspot.com/2012/01/how-to-greet-issue-solved.html

ඒ-ලෙවල් ෆේල් වුණු මල්ලී ගේ කයි-කතන්දරවල අවසානය : End of a chapter!

ඔන්න කැම්පස් ඉන්න අයියා තමන්ගේ මල්ලී ඒ ලෙවල් වලට පාඩම් කරන හැටි දැකලා දුක හිතිලා මුලින්ම කවියක් ලිව්වා.

ඊට පස්සේ දෙවෙනි කවියකුත් ලිව්වා මල්ලී විභාගේ ෆේල් වුණාට පස්සේ. ඒ කවියේ අන්තර්ගත වුණු අදහසට දේශපාලනිකව විරුද්ධ වුණු අයියා ගේ බැචාලා දෙන්නෙකුත් ඔන්න කවි දෙකක්ම ලියලා පල කළා.

එකක් අයියාගෙන් මල්ලීට අවවාද සහිතව. අනික මල්ලීගෙන් අයියාට, අයියාගේ මෝඩ කතා වල වරද පෙන්නලා! ඒ කවි නං දැන් මට මතක නෑ.

මේ චැප්ටර් එක අවසාන කරමින් මෙන්න අයියා මල්ලී ට ලියපු අවසාන කවිය.

http://kathandara.blogspot.com/2011/12/end-of-chapter.html

Friday, December 30, 2011

මල්ලී උසස් පෙල විභාගේ ෆේල්! : Younger brother crashes A-Levels

කැම්පස් එකේ ඉගෙන ගන්න අයියා කෙනෙක් ඒ ලෙවල් විභාගේ කරන මල්ලී ට යවපු ලියුමක් ගැන මං දාපු කයි-කතන්දරේ මතකයි නේද?

ඉතිං ඔහොම ඔහොම ගිහින් මල්ලී විභාගේ කරලා, පස්සේ ප්‍රතිපල පිටවුණාම බැලින්නම් මෙන්න මූ විභාගේ ෆේල්. ඒ කියන්නේ කැම්පස් එක හතරමායිමක එන තත්වයක් නෑ ඒ ප්‍රතිපලවලින්.

http://kathandara.blogspot.com/2011/12/younger-brother-crashes-levels.html

Wednesday, December 28, 2011

ජොකා නිවරදිව ඇඳීමට තියොඩොලයිට්ටුවේ පිහිට - A Theodolite assisted method to correctly wear male underpants

කෙල්ලෝ ජංගි අඳිනවා වගේ නෙමේ කොල්ලෝ ජොකා අඳිනවා කියන්නේ පොඩි ආට් එකක් සහ සයන්ස් එකක් තියෙන ක්‍රියාවක්!

මොකද මූලිකව බැලුවොත් ජොකා අඳින්නේ ගොනා කානුවේ යන එක වලක්වා ගන්නනේ. දෙවෙනි හේතුව තමයි පරම්පරා කුට්ටම ආරක්‍ෂා කර ගන්න එක.

ඉතිං ඒ වැඩේ හරියට කෙරෙන්න නම් ඔය ජොකා ගේ හිල් දෙක අතරින් කකුල් දඬු දෙක දාලා ජොකා උඩට ඇද්දට පමණටම හරියන්නේ නෑ. ඉන් පෙර සහ ඉන් පසු නිවරදව කළ යුතු පොඩි පොඩි ඇජස්ට්මන්ට් තියෙනවා!

මේ කලාව සහ විද්‍යාව නිවරදිව ප්‍රගුණ කළ කෙනෙක් තමයි මගේ බැචා සහම්පති ජයසූරිය.

සහම්පතියා වුනත් ඒ ඇජස්ට්මන්ට්ස් සහිතව නිවරදිව ජොකා අඳින ක්‍රමවේදය හරියම විද්‍යාත්මකව සහ කලාත්මකව වැඩි දියුණු කරලා ගත්තේ පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලේ දී යි.

http://kathandara.blogspot.com/2011/12/theodolite-assisted-method-to-correctly.html

Monday, December 26, 2011

සුනාමියෙන් මියගිය අම්මෙක් වෙනුවෙන් ලියූවකි - Dedicated all lives lost in 2004 Tsunami

මගේ මිතුරියක ගේ ආදරණීය අම්මා 2004 සුනාමියේ දී අතුරුදහන් වුනා. එදා උදේ පොළට හෝ කඩේට ගියා මිසක් ඒ අම්මා ආපහු ගෙදර ඇවිත් නෑ. කුරිරු රළ පෙළ ඇයව ගිලගන්නට ඇති.

අද හත් වසරකට පසු ඒ මෑණියන් මෙන්ම එදා මිය ගිය සියළු දෙනාම සමරණ මේ මොහොතේ, මගේ මිතුරියට ගීතයක් ලෙස ගායනා කරන්නට මා ලියූ මේ කවිය පල කරන්නට හිතුණා.

http://kathandara.blogspot.com/2011/12/dedicated-all-lives-lost-in-2004.html

ආත්මාර්ථකාමීව හොඳ ළමයෙක් වෙන්න හිතන්න නම් එපා! අනෙක් අය ගැනත් හිතලා නරක ළමයෙක් වෙන්න!! - Think about others and be a bad person!!!

ලංකාවේ හැමෝම හොඳ වුනාය කියලා හිතන්න.

දැන් කවුරුත් වැරදි කරන්නේ නෑ. හොරකම්, අඬ දබර, මීනී මැරීම්, දුෂණ, චංචා, අල්ලස්, කුඩු, ගංජා, හොර මත්පැන්, ගණිකා නිවාස සේරම නැතිවෙනවා.

ඔන්න ඉස්සෙල්ලාම පොලීසියේ සෑහෙන දෙනෙකුට ජොබ් නැතිවෙනවා. නැත්තං ඒ ගොල්ලන්ව එලෝළු විකුණන්නවත් දාන්න වෙනවා.

http://kathandara.blogspot.com/2011/12/think-about-others-and-be-bad-person.html

Saturday, December 24, 2011

අනිච්ඡාවත සංඛාරා! - A pre-defined ending

මේක බණ කතාවක් නෙමේ. අර අපි කවුරු කවුරුත් දන්න උලව් ලව් මල ඉලව් ගැන කයි-කතන්දරයක්!

අමුතුවෙන් කියලා දෙන්න ඕනෑ නෑනේ, අනියත බව කියවෙන අනිච්ඡාවත සංඛාරා ගාථාව අපිට මතක්වෙන්නේ මෙලොව පවතින දෙයක් නැත්තටම නැතිවෙලා ගියාමයි. විශේෂයෙන්ම මරණ.

ඇතිවීම නැතිවීම සහ අනිත්‍යය ගැන කියනවා නම් මිනිස් සත්ව ජීවිත වගේම තවත් මේ ලෝක ධර්මයට අනුකූලව පවතින දෙයක් තමයි ආදර සම්බන්ධතා ඒ කියන්නේ ලව් සීන්.

ඕවාත් ඇතිවෙනවා, නැතිවෙනවා. ඒ තමා සාමාන්‍ය තත්වය. නොනැසී පවතින ලව් නැත්තෙත් නෑ. නමුත් බොහොමයක් ලව් අන්තිමේදී වැටෙන්නේ මල-ඉ-ලව් වර්ගයටයි!

http://kathandara.blogspot.com/2011/12/pre-defined-ending.html

Thursday, December 22, 2011

අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea

මේ අංකල් කාල් කියන්නේ කාලෝ ෆොන්සේකා සීයට ය කියල හිතන්න නම් එපා. එකක් මෙයා කාල්, කාලෝ නෙමේ. අනික මෙයා අංකල් කෙනෙක්.

අංකල් කාල් ගේ නම ඇත්තටම කාල් නෙමේ කළ්‍යාණරත්න. සමහරු ලේසියට කළ්‍යාණ කිව්වා. පස්සේ අංකල් ම කාල් කියලා නම හදාගත්තා. අර කටුබැද්දේ ප්‍රොෆෙක් හිටියේ ඇත්ත නම සමරසිංහ වගේ එකක් වුණාට සෑම් කියලා හඳුන්වන, අන්න ඒ වගේ තමයි කළ්‍යාණරත්න කාල් වුනේ.

අංකල් කාල් ගේ වැඩ නීට්. නිකං සුද්දා වගේ තමයි. අනික පොර තීරණ ගන්න බය නෑ. ඉතාමත් අවදානම් තීරණ ගන්නවා ඉතාමත්ම ක්‍ෂණිකව. වැඩේ කියන්නේ බය නැති මිනිහට යක්කුත් බයයි වගේ, අංකල්ට ලේසියෙන් වරදින්නේ නෑ.

මං කියන්න ගිය කතාවට එන්න කලින් අංකල් කාල් ගේ චරිතය අඳුණාගන්න පොඩි උදාහරණයක් කියන්නම්.

http://kathandara.blogspot.com/2011/12/uncle-carl-makes-tea.html

අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea

මේ අංකල් කාල් කියන්නේ කාලෝ ෆොන්සේකා සීයට ය කියල හිතන්න නම් එපා. එකක් මෙයා කාල්, කාලෝ නෙමේ. අනික මෙයා අංකල් කෙනෙක්.

අංකල් කාල් ගේ නම ඇත්තටම කාල් නෙමේ කළ්‍යාණරත්න. සමහරු ලේසියට කළ්‍යාණ කිව්වා. පස්සේ අංකල් ම කාල් කියලා නම හදාගත්තා. අර කටුබැද්දේ ප්‍රොෆෙක් හිටියේ ඇත්ත නම සමරසිංහ වගේ එකක් වුණාට සෑම් කියලා හඳුන්වන, අන්න ඒ වගේ තමයි කළ්‍යාණරත්න කාල් වුනේ.

අංකල් කාල් ගේ වැඩ නීට්. නිකං සුද්දා වගේ තමයි. අනික පොර තීරණ ගන්න බය නෑ. ඉතාමත් අවදානම් තීරණ ගන්නවා ඉතාමත්ම ක්‍ෂණිකව. වැඩේ කියන්නේ බය නැති මිනිහට යක්කුත් බයයි වගේ, අංකල්ට ලේසියෙන් වරදින්නේ නෑ.

මං කියන්න ගිය කතාවට එන්න කලින් අංකල් කාල් ගේ චරිතය අඳුණාගන්න පොඩි උදාහරණයක් කියන්නම්.

http://kathandara.blogspot.com/2011/12/uncle-carl-makes-tea.html

කකා ට ඇස්වහද, කටවහද, සිත්වහද? Poor Kathandarakaraya bed-ridden

දැන් මේ සිංහල බ්ලොග් අවකාශයේ බ්ලොග් අඩවි 2,000 විතර තියෙනවාය කියලයි සංඛ්‍යාලේඛන පෙන්නන්නේ. පාසල් යන, කැම්පස් ඉන්න අය විතරක් නෙමේ පැන්ෂන් ගත්තු අයත් තම තම හැකි පමණින් මේ බ්ලොග් කර්වත්‍යයේ නියලිලා ඉන්නවා.

මං උසස් පෙළ කරපු ඉස්කෝලේ තිබුණු විසි තිස් ගානක් සංගම්වල වැඩ විවේවනය කරන්න සංගමයක් හදන්න යෝජනා කරපු "විවේචන ජිනසේන" ගුරුවරයා කොල්ලන් ගේ සරදමට අහුවුනත්, ඔය විවේචනය නැත්තම් විචාරය කියන එක මේ වගේ තැන්වලට අත්‍යවශ්‍යම දෙයක්. කතන්දර බ්ලොග් එකේත් වෙන වැරදි හදාගන්නේ ඒ වගේ කෙරෙන විවේචන වලින් තමයි.

උදාහරණයකට වගේ ඉස්සර අම්බානකට "නාසිසිස්ටික් පොරක්" වුණු මංතුමා දැන් බලන්නකෝ නිකං "ඩවුන්-ටු-අර්ත්" ක්‍ෂුද්‍ර ජීවියෙක් වගේ ඉන්න විදිහ විතරක්!

ඒකේ මුළු ප්‍රසංශාව යන්නේ අපේ ඇනෝවාලටයි.

http://kathandara.blogspot.com/2011/12/poor-kathandarakaraya-bed-ridden.html

උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි? :: Alcoholic Anonymous

මං කාලෙකට කලින් කතන්දරයකට දාපු මටාටා ටිටා කියන මාතෘකාව සමහර අයට තේරුණේ නෑ. ඒ සමහර විට ඒ ගොල්ලෝ ටිටාටා මටා නිසා වෙන්න ඇති!

ඒ කොහොම වෙතත් සුරාව, රහමෙර, මත්පැන් කියන වචන සෙට් එකෙන් හැඳින්වෙන ඇල්කොහොල් කියන්නේ නම් වැඩිපුර ආශ්‍රයට හොඳ බඩුවක් නං නෙවෙයි. අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ.

අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන්නේ සුරාමේරය මද පමණින් විතරක් පාවිච්චි කරන්න ඕනෑ එකක් කියලනේ! (බුදු අම්මෝ, දැන් මෙතන අර එදා දතේ පන්සලේ කතාව වගේ සීන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා).

http://kathandara.blogspot.com/2011/12/alcoholic-anonymous.html

උඹෙ පෙම්බර මිනිහ කට්වෙලා - (සමහර) පිරිමි නැට්ටම වදින්න බොන්නේ ඇයි? :: Alcoholic Anonymous

මං කාලෙකට කලින් කතන්දරයකට දාපු මටාටා ටිටා කියන මාතෘකාව සමහර අයට තේරුණේ නෑ. ඒ සමහර විට ඒ ගොල්ලෝ ටිටාටා මටා නිසා වෙන්න ඇති!

ඒ කොහොම වෙතත් සුරාව, රහමෙර, මත්පැන් කියන වචන සෙට් එකෙන් හැඳින්වෙන ඇල්කොහොල් කියන්නේ නම් වැඩිපුර ආශ්‍රයට හොඳ බඩුවක් නං නෙවෙයි. අතේ දුරින් තියාගන්න එක තමයි හොඳ.

අපි පොඩි කාලේ ඉඳලාම අහලා තියෙන්නේ සුරාමේරය මද පමණින් විතරක් පාවිච්චි කරන්න ඕනෑ එකක් කියලනේ! (බුදු අම්මෝ, දැන් මෙතන අර එදා දතේ පන්සලේ කතාව වගේ සීන් එකක් වෙන්නත් ඉඩ තියෙනවා).

http://kathandara.blogspot.com/2011/12/alcoholic-anonymous.html

Saturday, December 17, 2011

අම්මා බුදු වේවා! හැබැයි කාගේ අම්මාද කියලා නං අහන්න එපා? - My mother's the best!

නන්දා නැන්දා ගේ මෙන්න මේ සින්දුව අහලා තියෙනවා නේද?

"නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නොනා නොනා නේන්න නෝනා.."

සොරි, සොරි, තැටි වාදන යන්ත්‍රයේ පොඩි ප්‍රමාද දෝශයක් වුනේ. සමාවෙන්න. මෙන්න නිවරදි ගීතය.

"මට මව් පදවිය ලැබුණු දිනේදී
ඔබේ අගේ මට දැනුණා,
අම්මේ.. ඔබේ.. අගේ.. මට දැනුණා!"

කෙල්ලෝ අම්මලා වුණාට පස්සේ තමයි තමන්ගේ අම්මලා ගේ අගේ දැනෙන්නේ කියලයි මේ සින්දුවෙන් ඇත්තටම කියවෙන්නේ.

අම්මලා වැඩිපුර ආදරේ පුතාලට හින්දා ද කොහෙද කොල්ලෝ නම් අම්මලා ගේ අගේ පොඩි කාලේ ඉඳලාම දන්නවා.

හූ! හූ!! කෙල්ලනේ.., හූ, හූ!!!

ඉතිං ඔන්න මං දන්න එක්තරා ඇන්ටි කෙනෙක් හිටියා. මේ ඇන්ටි කවි ලියන්න සෑහෙන උනන්දුවක් තියෙන කෙනෙක්.

http://kathandara.blogspot.com/2011/12/my-mothers-best.html

අම්මා බුදු වේවා! හැබැයි කාගේ අම්මාද කියලා නං අහන්න එපා? - My mother's the best!

නන්දා නැන්දා ගේ මෙන්න මේ සින්දුව අහලා තියෙනවා නේද?

"නෝනා, නාන්න නන් නාන්න නෝනා,
නොනා නොනා නේන්න නෝනා.."

සොරි, සොරි, තැටි වාදන යන්ත්‍රයේ පොඩි ප්‍රමාද දෝශයක් වුනේ. සමාවෙන්න. මෙන්න නිවරදි ගීතය.

"මට මව් පදවිය ලැබුණු දිනේදී
ඔබේ අගේ මට දැනුණා,
අම්මේ.. ඔබේ.. අගේ.. මට දැනුණා!"

කෙල්ලෝ අම්මලා වුණාට පස්සේ තමයි තමන්ගේ අම්මලා ගේ අගේ දැනෙන්නේ කියලයි මේ සින්දුවෙන් ඇත්තටම කියවෙන්නේ.

අම්මලා වැඩිපුර ආදරේ පුතාලට හින්දා ද කොහෙද කොල්ලෝ නම් අම්මලා ගේ අගේ පොඩි කාලේ ඉඳලාම දන්නවා.

හූ! හූ!! කෙල්ලනේ.., හූ, හූ!!!

ඉතිං ඔන්න මං දන්න එක්තරා ඇන්ටි කෙනෙක් හිටියා. මේ ඇන්ටි කවි ලියන්න සෑහෙන උනන්දුවක් තියෙන කෙනෙක්.

http://kathandara.blogspot.com/2011/12/my-mothers-best.html

Friday, December 16, 2011

සුභලාලක තිස්ස උගත් පාඩම් නොදන්නා අද කාලේ රජවරු

මං මේ කියන්න යන්නේ හතරේ පන්තියේ සිංහල පොතේ තිබුණු යසලාලක තිස්ස රජා සහ ගේට් මුඩ්ලියර් සුභ ගේ කතාව නෙමේ.

මේක දශක ගණනාවකට කලින් සයිමන් නවගත්තේගම ලියා නිෂ්පාදනය කළ අද ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ නව නිෂ්පාදනයක් ලෙසින් රඟ දැක්වෙන මං 2010 දී නැරඹූ සුභ සහ යස වේදිකා නාට්‍යයේ එන කතාවේ මගේ වර්ෂන් එකකුයි.

යසලාලක තිස්ස රජ සැප විඳිමින් (ඒ කියන්නේ බ්ල්ක් ලේබල් ජොනී වෝකර්, ෂිවාස් රීගල් වගේ ඒවායෙන් අනුමත වෙමින්) ඉන්න කාලේ ගමේ පොරක් ඇවිත් මාලිගාවේ සෙකුරිටි වැඩකට සෙට් වෙනවා. පොර ගේ නම සුභ. වැඩේ කියන්නේ සුභ හැඩරුවෙන් යස වගේමයි, කෂ්ටිය රුවටෙන තරමටම.

යස රජා මුලින් හිතන්නේ පොර ගේ තාත්තා ඔය පසල් දනව්වල සැරිසරන කොට පොඩ්ඩක් ආස්සරේ කරපු කොන්කුබයින් කෙනෙක් ගේ පුතෙක් ය සුභ කියන්නේ කියලා.

හැබැයි සුභ කියන්නේ ඊට වෙනස් කතාවක්. සුභ ගේ තාත්තා කොල්ල කාලේ රජ මාලිගාවේ වැඩ කළා ලු!

http://kathandara.blogspot.com/2011/12/blog-post_15.html

පතෝල සහ බණ්ඩක්කා නොහොත් සෙල්ලන්ද කොල්ලො? - Vegetable salads and fruit salads

මං තුනේ පන්තියේ ඉන්න කාලේ වගේ මට තෑග්ගකට ලැබුණා පාට කරන චිත්‍ර පොතක්. ඒ එක්කම දිය සායම් පෙට්ටියකුත් තිබුණා.

මේ පොතේ පාට කිරීම සඳහා දී තිබුණු එක ලයින් ඩ්‍රෝවින්ස් එකකින් නිරූපනය වුනේ එළවළු වට්ටියක් හිස උඩ තබාගත් කාන්තාවක් නොහොත් වට්ටි අම්මා කෙනෙක්.

"හරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
උදයෙම ගෙනෙයි වම්බටු තුඹ බණ්ඩක්කා"

ඒ වට්ටි අම්මා ගේ චිත්‍රය යටින් තිබුණු කවි පද දෙක.

අපේ ගමෙත් හිටියා වට්ටි අම්මා කෙනෙක්. එයා කළේ ගමේ ගෙවල්වල ඇවිදලා පලතුරු, ගැටපොලොස්, කොස්, තැඹිලි වගේ දේවල් එකතු කරගෙන බස් එකේ තොටලඟ ට අරගෙන ගිහින් විකුණන එකයි.

http://kathandara.blogspot.com/2011/12/vegetable-salads-and-fruit-salads.html

පතෝල සහ බණ්ඩක්කා නොහොත් සෙල්ලන්ද කොල්ලො? - Vegetable salads and fruit salads

මං තුනේ පන්තියේ ඉන්න කාලේ වගේ මට තෑග්ගකට ලැබුණා පාට කරන චිත්‍ර පොතක්. ඒ එක්කම දිය සායම් පෙට්ටියකුත් තිබුණා.

මේ පොතේ පාට කිරීම සඳහා දී තිබුණු එක ලයින් ඩ්‍රෝවින්ස් එකකින් නිරූපනය වුනේ එළවළු වට්ටියක් හිස උඩ තබාගත් කාන්තාවක් නොහොත් වට්ටි අම්මා කෙනෙක්.

"හරි හැඩකාරි වෙල අද්දර මැගි අක්කා
උදයෙම ගෙනෙයි වම්බටු තුඹ බණ්ඩක්කා"

ඒ වට්ටි අම්මා ගේ චිත්‍රය යටින් තිබුණු කවි පද දෙක.

අපේ ගමෙත් හිටියා වට්ටි අම්මා කෙනෙක්. එයා කළේ ගමේ ගෙවල්වල ඇවිදලා පලතුරු, ගැටපොලොස්, කොස්, තැඹිලි වගේ දේවල් එකතු කරගෙන බස් එකේ තොටලඟ ට අරගෙන ගිහින් විකුණන එකයි.

http://kathandara.blogspot.com/2011/12/vegetable-salads-and-fruit-salads.html

Monday, December 12, 2011

පාමසියේ දී මුණ ගැහුණු සීයා ගේ කතා වස්තුව - Curb Your Enthusiasm

බීටීන් ද බුෂ් හෙවත් පඳුර වටේ තලන්නේ නැතුව කෙලින්ම කතාවට එන්නම් කෝ පොල්ලෙන් ඔළුවට ගහනවා වගේ.

ඔන්න මට දවසක් අවශ්‍ය වුණා ෆාමසියකින් බේත් වගයක් ගන්න. උදේ ගෙදරින් පිටත්වෙන කොට හාමිනේ තුණ්ඩුව අතට දීලා මතක් කළා.

අපේ වැඩපොල අහලක පාමසියක් නෑ. ආපහු ගෙදර එන අතරමග බොරැල්ල වගේ තැන්වල වාත වෙන එකත් තේරුමක් නෑ හැන්දෑ ජාමේ. ඉතිං ගෙදර ලඟට එනකම්ම තුණ්ඩුව මගේ උඩ සාක්කුවේ.

හොඳ වෙලාවට මට මතක් වුණා පොඩි පාමසි කෑල්ලක් තිබුණා නේද කෝට්ටේ පාරට හරෝපු ගමන්ම වගේ කියලා.

http://kathandara.blogspot.com/2011/12/curb-your-enthusiasm.html

Sunday, December 11, 2011

බුඩ්ඩි පරීක්‍ෂණය - Check your IQ

මට මතකයි මං පහේ පන්තියේ ඉන්න කාලේ අපිට තිබුණා ආණ්ඩුවේ විභාගයක්. එකෙන් පාස් වුණාම තමයි ටවුමේ තියෙන ලොකු ඉස්කෝලේට යන්න පුළුවන් වෙන්නේ.

ඒ විභාගෙට තියෙන්නේ සිංහල, ගණිතය සහ "බුඩ්ඩි පරීක්‍ෂණය" කියලා අපේ පන්තිය භාර මුණසිංහ ටිචර් කිව්වා.

අපි හුඟ දෙනෙකුට තේරුණේ නෑ මේ "බුඩ්ඩි පරීක්‍ෂණේ" කියන්නේ මොකක්ද කියලා. ටීචර් කලේ පන්තියේ පාවිච්චිට පොතක් ගෙනාපු එකයි.

මේක රෝනියෝ කරපු පොතක්. ඒකේ තිබුණු ප්‍රශ්ණ මෙහෙමයි. ඔන්න එක එක විදියේ කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා පේලියට ඇඳලා හතරක්. ඒවා ඇතුලේ තවත් කොටු, තිත්, ත්‍රිකෝණ තියෙනවා. දැන් අපෙන් අහන්නේ ඊලඟට එන්නේ මොන වගේ රූපයක්ද කියලා පහලින් දීලා තියෙන රූප හතරෙන් තෝරන්න කියන එකයි.

http://kathandara.blogspot.com/2011/12/check-your-iq.html

Saturday, December 10, 2011

පේරා පොරවල් සහ කට්ටෝ - Deciding between Peradeniya and Katubedda

දෙතුන් පාරක්ම එහෙන් මෙහෙන් ටච් කරපු කතන්දරයක් ටිකක් විස්තරාත්මකව කියන්නයි මේ යන්නේ.

මුලින්ම මං අර සිවකුමාර් ගේ ප්‍රශ්නය ගැන ලියද්දී තමයි පේරා පොරවල් සහ කට්ටෝ කියලා මට ලියවිලා තිබුනේ. ඒ හිතලා ලියලා නෙමේ නිරායාසයෙන් ම ලියවුණු කෑල්ලක්. ඒකට හේතුව මංතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු පොරක් වීම බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

ඔතන කට්ටෝ කියන්නේ කටුබැද්දේ (ඔෆිෂියලි කියනවා නම් මොරටුව විශ්ව විද්‍යාලයේ) ඉගෙන ගත්තු පොරවල්වලටයි.

අපේ කාලේ උසස් පෙලට මැත්ස් කරලා වැරදිලා හරි හොඳට පාස් වෙච්ච කොයි එකාටත් එක දවසක බැරෑරුම් තීරණයක් ගන්න වුනා. ඒක තමයි ඉංජිනියරින් ඩිග්‍රියට ඉගෙන ගන්නවානම් ඇතුළත් වෙන්න අයැදුම් කරන්නේ පේරාදෙනියට ද, කටුබැද්දට ද කියන එක. ඒ කියන්නේ මනාප ලයිස්තුවේ උඩින් ම දාන්නේ ඔය තැන් දෙකෙන් මොකක්ද කියන එක තීරණය කිරීම. (දැන් නං මං හිතන්නේ රුහුණ සහ තව තිප්පොලකුත් තියෙනවද කොහෙද!)

http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

Thursday, December 8, 2011

පොඩි චීනෙට ගොස් පැමිණි හාමිනේගෙන් මට ලැබුණු තෑගි - KK is showered with presents

පහුගිය දොහේක අපේ හාමිනේ ට රටෙන් පිට යන්න වුනා රාජකාරි වැඩකට. දවසක් දෙකකට නෙමෙයි දවස් හයකට!

හාමිනේ නැතුව දවස් හයක්ම ඉන්නවා කියන්නේ ලේසි පාසු වැඩක් නෙමේ. හිතේ දුක ඉහවහා යනවා. කලේ පැන් නැත සින්දුව දාලා වැඩකුත් නෑ. ඇයි, මේ නෑගම් ගියා නෙමේ නේ? අපේ නෑයෝ කොයින්ද පොඩි චීනේ තියා මහ චීනේවත්?

හාමිනේ පොඩි චීනේ ගියේ මහා ලොකු සම්මන්ත්‍රණයකට සහභාගී වෙන්නයි. නිකං නෙමේ අර රතු කාර් එකේ ගෙදර ආපු රෝස බබාවත් අරගෙනයි ගියේ.

ඉතිං, අම්මා එනකං පුතු පැටියායි, හාමිනේ එනකං ලොකු පැටියායි දෙන්නාම බලං හිටියා නිදිමරාගෙන. ඒකෙන් පාඩුවක් උනේ නම් නෑ.

මෙන්න මට ලැබුණු තෑගිවලින් කොටසක්!

http://kathandara.blogspot.com/2011/12/kk-is-showered-with-presents.html

Wednesday, December 7, 2011

හොඳ හොඳ චීන කෑම මෙන්න බලලා කෙල ගිලින්න - Photos from Mrs Kathandara's trip to Taipei

සැප්තැම්බරයේ වෙච්ච "කලේ පැන් නැති සීන් එක" නිසා පරිප්පු විතරක් නෙමේ, "ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස්" සහ "බීෆ් කතන්දර ස්ටයිල්" හදන හැටි ගැනත් සිතුවම් සහිත කතන්දර දාන්න ලැබුණා.

පස්සෙන් පහු බොම්බිලි කරවල උයන්න ගිහින් නම් වැඩේ මුළුමණින්ම චා වුණානේ.

නොවැම්බරයේ දී රමණී රත්නායක ගේ කෑම සංග්‍රහය ලැබුවේ 'කලේ පැන් නැත!' ට ලඟින් යන කේස් එකක් වුණු නිසයි.

ඒක තමයි අපේ ඊ-මේල් කවිකාරි ලා, ජනූ ලා ට වගේ කතන්දර හාමිනේත් කොණ්ඩේ බැඳපු කෂ්ටිය ඉන්න දිහාට පොඩි පහේ ට්‍රිප් එකක් සෙට් වීම.

මේක මහ චීනෙට නං නෙමේ, පොඩි එකට, අර තායිවාන් කියන්නේ. අන්න ඒ කියන දීපංකරේට.

http://kathandara.blogspot.com/2011/12/blog-post.html

Monday, December 5, 2011

මේ බල්ලා බැඳ දමනු - Tie up this mad dog!

බල්ලෙක් කෑවොත් ඉතිං මළා තමයි!

මොකද බල්ල ට පිස්සු ද දන්නේ නෑනේ?

අපේ තාත්තා ගේ හොඳම යාළුවෙක් ගේ වයිෆ් ගෙදර හිටපු බල්ල ට රෑ බත් දෙන්න ගිය වෙලේ උගේ නැට්ට පැගිලා ඌ හපලා තියෙනවා පොඩ්ඩක්. වැඩි තුවාලයක් නොතිබුණු නිසා ගණං අරං නෑ.

සතියකට විතර පස්සේ බල්ලත් මැරිලා හිටියා ලු.

අනේ, ඒ නැන්දාත් ටික දවසකින් ජලභීතිකාව හෙවත් පිස්සු බලු රෝගය හැදිලා මළා.

http://kathandara.blogspot.com/2011/12/tie-up-this-mad-dog.html

Sunday, December 4, 2011

බඩු නැවක්, මල් පාත්තියක්, ගූ හැත්තෑවක් - සමූහ නාම පද හෙවත් කලෙක්ටිව් නවුන්ස් : Collective nouns

එක වාගේ බඩු ගොඩක් එකට තියෙන කොට මේ හැම එකම වෙන වෙනම හඳුන්වන්නේ නැතුව සමූහ නාමපදයක් හෙවත් ඉංගිරිසියෙන් කළෙක්ටිව් නවුන් (collective nouns) එකක් භාවිතා කරන්න ඕනෑ නේ.

ඉංගිරිසියෙන් වගේම සිංහලෙනුත් එක එක භාණ්ඩ සහ සත්ව සමූහ සඳහා මේ වගේ සුවිශේෂී පද තියෙනවා.

මං මේ වෑයම් කරන්නේ ඒ වගේ භාවිතයේ තියෙන සමූහ නාම පද ටිකක් ලියලා ඒ ගොඩට අළුතින් නිර්මාණාත්මක පද එකතු කරන්න පුළුවන් දැයි බලන්නයි.

මිනිසුන් ඇතුළු සතුන් කණ්ඩායම් හඳුන්වන්න සිංහලෙන් කෝකටත් තෛලය වගේ බොහෝ විට පාවිච්චි වෙන්නේ රංචුව කියන සමූහ නාම පදයයි.

http://kathandara.blogspot.com/2011/12/collective-nouns.html

Saturday, December 3, 2011

තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!

මගේ තාත්තා ගුරුවරයෙක්. අවුරුදු තිස් අටක් රජයේ සේවය කරලායි විශ්‍රාම ගියේ.

තාත්ත අධ්‍යාපනය අතින් පොරක් කියන්න පුළුවනි. මොකද, ඒ කාලේ ගමේ තිබුණ වර්නකියුලර් අධ්‍යාපනය ලබලා කරන්න තිබුණු හොඳම ජොබ් එක තමයි ගුරුවරයෙක් වීම. අවූරුදු දහනමයෙන් ඒ වෘත්තිය අරඹලා, මරදානේ කාර්මික විද්‍යාලය, මීරිගම ගුරු අභ්‍යාස විද්‍යාලය, ස්වයං අධ්‍යාපනය සහ විද්‍යෝදය විශ්ව විද්‍යාලය හරහා තාත්තා ගිය ගමන තාත්තා ගේ සමකාලීනයෝ කවුරුවත් නොගිය ගමණක්!

ඒ වුණාට තාත්තා කවදාකවත් අපිට උගන්වන රාජකාරිය බාර අරගෙන පොත් බලපං, ගනං හදපං වගේ නීති දාන්න ආවේ නෑ.

http://kathandara.blogspot.com/2011/12/thaththe-please-forgive-me.html