දැනට කාලයකට පෙර දවසක මම මිරිස් කුඩු ග්‍රෑම් 250 පැකට්ටුවක් මිලයට ගැනීම සඳහා පිළියන්දල පොලිසිය අසල පිහිටි කඩ කෑල්ලකට ගොඩ වැදුනෙමි.
මෙතන මිරිස් කුඩු පමණක් නොව වෙනත් සැර බඩු ද විකිණීමට ඇත. ඒ සැර බඩු අනෙක් තැන්වල ඇති බඩුවලට වඩා හොඳ යැයි සිතන නිසා දෝ මෙතනින් බඩු ගන්නට පිරිස සෑහෙන්න එන යන බවක් පෙණුනි.
මා මේ කඩ කෑල්ලේ ඒ සැර බඩු සහිත සුවිශේෂී කෙලවර පසුකර යන විට එහි ප්‍රදර්ශනය කරතිබූ එක්තරා දැන්වීමක් මගේ නෙත ගැටුණි.
එහි සඳහන් වුයේ (අවුරුදු 18 ට අඩු අයට පමණක් නොව) කාන්තාවන්ට ද සැර බඩු නොවිකුණන බවයි. කාන්තාවන්ට මිළට ගත හැක්කේ මිරිස් කුඩු වැනි දේ පමණකි.
http://kathandara.blogspot.com/2013/04/booze-is-bad-for-babes-boo-hoo-boo-hoo.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Saturday, April 6, 2013
Thursday, April 4, 2013
බීලා කනවාද, කාලා බොනවාද? - What's the lesser evil?
මේ කතන්දරය ලියන්න ආසන්නම හේතුව නම් ගිය සති අන්තයේ සිදුවීමක්. හැබැයි, ඒ කේස් එකේ අමුතුවෙන් ලියන්න දෙයක් නෑ. ඒකෙන් මතු වුණු අදට වැදගත් ප්‍රශ්නය තමයි ඔය උඩ මාතෘකාවට දාලා තියෙන්නේ.
"බීලා කනවාද, කාලා බොනවාද?"
බොන එකත් හොඳ නැහැ, වැඩිපුර කන එකත් හොඳ නෑ. නමුත් ඉතිං කන-බොන මිනිස්සු ඉන්න ලෝකයක් නේ තියෙන්නේ. ඒ හින්දා මේ කතාව තරමක් හෝ වැදගත් වේවිය කියලා මට හිතුණා.
අපේ ගොයියලා හුඟ දෙනෙක් බොන්න සෙට් වුනාම කිසිම චාරයක් නැතුව බීගෙන බීගෙන යනවා. අන්තිමේදී කන්න වෙලාව ආවම, කනවා නෙමෙයි නැගිට ගන්නවත් පන නෑ.
ඒ මදිවට කෑවා වුනත් මොනවා කනවාද කියලා සිහියක් පතක් නැතුවයි කන්නේ. අන්තමේදී අයිස් ක්‍රීම් කන්නේත් පිඟානට බෙදාගෙනයි සමහරු.
http://kathandara.blogspot.com/2013/04/whats-lesser-evil.html

Tuesday, April 2, 2013
බැඳපු අය ගේ විහිළුවක් - For married couples only
මේ මීට වසර කිහිපයකට පෙර කාලයක සිදුවීමකි.
ආසිරි සහ විශාකා යුවලගේ හොඳම මිතුරන් වුයේ සමරේ සහ රමණී යුවලයි.
සමරේ සහ රමණී යුවලට මේ කාලය වෙනවිට දරුවන් දෙදෙනකු සිටියහ. බාලම දියණියට යාන්තම් වසරකි. ආසිරි සහ විශාකා යුවලට සිටියේ එක් දියණියක් පමණි.
සෙනසුරාදා දිනයක් වූ එදින උදැසන ඇඳේ සිටම ආසිරි තම මිතුරු සමරේට දුරකතනයෙන් කතා කලේය.
"මචං, උදේම කතා කලේ පොඩි ආරංචියක් කියන්නයි."
"මොකක්ද මචං?"
"මචං, විශාකා ප්‍රෙග්නන්ට්."
http://kathandara.blogspot.com/2013/04/for-married-couples-only.html

Sunday, March 31, 2013
මුරලිදරනුත් පොරක් ද බං? - Is Muralitharan a hero?
ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් කරනු ලැබුවා යැයි කියවෙන දේශපාලන ප්‍රකාශයක් ගැන මේ දිනවල ලංකාවේ ජනතාව අතර යම් සංවාදයක් පවතී. ඔහු ගේ රුව සහ එම වදන් ඇතුලත් ග්‍රැෆික්ස් නිර්මාණ මුහුණු පොතේ හිටු කියා ෂෙයාර් වේ. ලයික් වේ. ඒ පිළිබඳව කමෙන්ට් කෙරේ.
සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලකරන්නට අද මේ කතන්දර කෑල්ල ලිවීමේ මගේ අරමුණ මුරලිදන්ගේ ඒ ප්‍රකාශය ගැන කිසිවක් කීම නම් නොවේ.
මුරලිදරන් ගේ ප්‍රකාශය ගැන කෙරෙන කතා බහේදී සමහරවිට පැන නැගිය හැකි ප්‍රශ්නයක් නම් මෙයයි.
"මුරලිදරනුත් පොරක්ද බං?"
මගේ අරමුණ අන්න ඒ ප්‍රශ්නයට පොඩි උත්තරයක් දීමයි.
http://kathandara.blogspot.com/2013/03/is-muralitharan-hero.html

Friday, March 29, 2013
ජා-ඇල ඇන්ටි ගේ චීන මොලේ - One dollar goes a long way
ඇත්තටම මේ ඇන්ටි ජා-ඇල කෙනෙක් නොවේ. නමුත් ඇන්ටි සම්බන්ධව මේ කතන්දරය මතක් වුනු වේලේ මට සිහිවූයේ ජා-ඇලයි.
එයට හේතුව නම් "ඔය මොලේ හොඳයි ජා-ඇලේ දාන්න!" යැයි අප කුඩා කාලේ අසා තිබුණු කියමන යැයි සිතමි.
මේ කතන්දරය කියවූ පසු ඔබට ද සමහර විට එලෙස සිතෙනු ඇත.
අප කුඩා කල වාසයකල නිවෙස්වල විදුලි බලය නොතිබුණි. අප රාත්‍රිය ගත කලේ භූමිතෙල් කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ සමහර දිනවල පැට්‍රොල්මැක්ස්වල ආධාරයෙනි.
විදුලිබලය නොමැති කල නල ජලය කොහෙන්ද? නිවසේ පාවිච්චිය සඳහා ලිදෙන් වතුර බාල්දයෙන් ඇද කළයකට දමා ගෙන ආ යුතුවිය. අපට තිබුනේ එක ඇලුමිනියම් කළයකි. එනිසා එයට දිනකට දෙතුන්වරක් වතුර ගෙන ආ යුතු විය.
http://kathandara.blogspot.com/2013/03/one-dollar-goes-long-way.html

Wednesday, March 27, 2013
හාෆ් ඩේ එකක් දැම්මෙමි - Half day casual leave
ඉස්සර මං අර කෝපරේසොමේ (බොසී යටතේ) වැඩ කරන කාලේ අපිට අවුරුද්දට දවස් හතක් අනියම් නිවාඩු තියෙනවා. ඊට අමතරව දවස් විසි එකක් ලෙඩ නිවාඩු තියෙනවා. තවත් දවස් හතක්ද කොහෙද ඇනුවල් ලීව්!
කැෂුවල් ලීව් දැම්මට ඔය ලෙඩ නිවාඩු විසි එකෙන් දවස් බාගයක් හරි ගන්න එක හැබැයි හරිම පාඩු වැඩක්.
මොකද දවස් විසි එකම ලෙඩ නිවාඩු දාන්නේ නැතුව ඉතුරු කර ගත්තොත් ඊලඟ අවුරුද්දේ ජනවාරියට දවස් තිහක අමතර පඩියක් බෝනස් විදියට ලැබෙනවා.
http://kathandara.blogspot.com/2013/03/half-day-casual-leave.html

Sunday, March 24, 2013
ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us
ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.
ඇය: කතී (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?
මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?
ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.
මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.
ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?
මම: හ්ම්!
මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය වන මිල්ටන් පෙරේරා ගේ "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.
http://kathandara.blogspot.com/2013/03/roti-making-for-dummies-reference-for.html

Saturday, March 23, 2013
මූණු පොතේ ටැග් කිරීම සහ වැඩක් නොකර තැග් ගැසිම - Evil FB tagging
පසුගිය දා කොලඹ පැවති එක්තරා උපන් දින සාදයකි. එය විශ්‍රාමිකයෙකු ගේ හැට පස්වෙනි උපන් දිනයයි. මේ පුද්ගලයා ගේ ක්ලාස් මේටයෙකු වූ "අහවලා" ද මේ උපන් දින සාදයට පැමිණ ඇත. මගේ ඥාතියෙකු ගේ දෙමව්පිය යුවල ද "අහවලා" මෙන්ම මේ බර්ත් ඩේ බෝයි ගේ ක්ලාස් මේට් වීම හේතුවෙන් මේ සාදයට ඒ හේතුව නිසාම ඇරයුම් ලැබ සිටියහ.
මෙවැනි තැනකදී අනිවා ඩෙෆා සිදුවෙෆන පරිදි "අහවලා" සමග සිට සමූහ ඡායාරූප වලට මේ දෙමව්පිය යුවල ද පෙනී සිටියහ.
මගේ ඥාතියා පසුවදාම කලේ ඒ "අහවලා" වටකරගෙන තම දෙමව්පියන් සහ අනෙකුත් ක්ලාස් මේට්ස් ලා සිටින ඡායාරූප දෙකක් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒවාට මංතුමාව ටැග් කිරීමයි.
හතර විලිලැජ්ජාවකි.
http://kathandara.blogspot.com/2013/03/evil-fb-tagging.html

Thursday, March 21, 2013
වික්‍රමතුංග ගේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් - Gravis iocos et low-gradu iocos secundum Udareous Vickramathungeous
පසුගිය දා තම සංගීත දිවියේ පනස්වෙනි වසර සම්පූර්ණ කළ නිහාල් නෙල්සන් එක විදියක පොරකි.
පොර ගැන අප බොහෝ දෙනෙකු අසා ඇති එක කතාවක් මෙසේය.
කලෙක ඉහත, ඒ කියන්නේ ජෝතිපාල ද ජීවත්වෙන කාලයේ, සිංහල විදග්ධයෝ ඇසුවේ අමරදේව ගේ, වික්ටර් රත්නයාක ගේ, නන්දා මාලනී ගේ සින්දු ය. මේවා හින්දුස්ථාන සංගීයට අනුව නිමවුණු, ගැයුණු, තබ්ලා, වයලීන්, බටනලා වැනි පෙරදිග වාද්‍ය භාණ්ඩ මගින් සංගීතය සැපයුණු ප්‍රබුද්ධ ගීත විය.
ඒ ගී ගැයුවෝ ප්‍රබුද්ධ ගායකයෝ ය.
ඒ ගී ලියූවෝ ප්‍රබුද්ධ කවියෝ ය.
ඒ ගී අසා රස වින්දෝ ප්‍රබුද්ධ ශ්‍රාවකයෝ ය.
දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන අදහස් දැක්වූ ජෝතිපාල "ඒ අය ප්‍රබුද්ධ ගායකයෝ, අපි නිකං පීචං ගායකයෝ!" කියා තමන් පරාජය බාර ගෙන තිබුණි.
සම්පුර්ණ කතන්දරය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2013/03/gravis-iocos-et-low-gradu-iocos.html

Tuesday, March 19, 2013
දුමින්ද කඩේ යයි - Duminda goes shopping
දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.
කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.
1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම
අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.
http://kathandara.blogspot.com/2013/03/duminda-goes-shopping.html

Monday, March 18, 2013
තායි කෑම රස බැලුවෙමි - Delicacies from Thailand
කාලෙකට පස්සේ තායි කෑම ජාති කීපයක රස බලන්න පුළුවන් වුණා.
මේකයි කේස් එක.
අපේ අසල්වැසි අංකල් කෙනෙකුගෙයි ඒ ඇන්ටිගෙයි වෙඩින් ඇනිවසරි එක ගිය සුමානේ තිබිලා තියෙන්නේ. අපි දැන ගෙන හිටියේ නෑ, අංකල්ලා ගේ දුව කියනකම්ම.
ඉතිං ඒ හේතුව පිට දාලා අද සෙනසුරාදා හෝටලයකට ගිහින් කෑම ගනිමු කියලා යෝජනාවක් ආවා.
හාමිනේයි, මායි දෙන්නත් එක පයින් කැමති වුණා වැඩේට. මොකද, උයන්න ඕනැත් නෑනේ!
ඉතිං අපි පිරිසම ගියේ තායි කෑම තියෙන හෝටලේකටයි.
මංතුමා නම් වැඩිපුර මේ තායි කෑම කන්න කැමති නෑ. මොකද අර පස්තාච්චි කුපාඩි කාලේ තායිලන්තේදී ඔරිජිනල් තායි කෑම කාලා තියෙන කෙනෙකුට, මේ හෝටල්වල තියෙන තායි කෑම ටිකක් වෙනස් බවකුයි දැනෙන්නේ.
අද නං හැබැයි කෑම වේල නැගලා ගියා.
මෙන්න අපි කාපු ඒවා.
http://kathandara.blogspot.com/2013/03/delicacies-from-thailand.html

Friday, March 15, 2013
කොලඹ දියකිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka
මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියකි.
කොලඹ දියකිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු

ජන්මෙ ද නැත්තං පරිසරය ද - මහැදුරුකාරයෙකු ගේ කතාවක් : Genetic or environmental factors?
පෙරේදා මං දාපු අතිජාත, සහජාත සහ අවජාත Genes or environment? කතන්දරේ ලියන වෙලාවේ පරණ කතන්දර දෙක තුනක්ම සිහිවුණා.
මෙන්න ඒවායින් කීපයක්.
මේ මුල් කතන්දරේ නං තුනේ පන්තියේ බුද්ධාගම පොතෙන් හැමෝම කියවලා ඇති.
ඔන්න එක කැලේක කුරුළු කූඩුවක ගිරා පැටව් දෙන්නෙක් හිටියා. දවසක් මහ සැඩ සුළඟකින් මේ කූඩුව කැඩිලා එක පැටියෙක් හුළගේ පාවෙලා ගිහින් තාපසයින් ඉන්න කුටියක් ලඟ වැටුණා. තාපසයෝ මේ ගිරා පැටියාව තමන් ගේ කුටියේ හදා වඩා ගත්තා.
අනිත් ගිරා පැටියා හුළගේ පාවෙලා ගිහින් වැටුණේ පල් හොරු රැලක් ඉන්න ගල් ගුහාවක් ලඟයි. මූ එතන හැදුණා.
http://kathandara.blogspot.com/2013/03/genetic-or-environmental-factors.html

Tuesday, March 12, 2013
අතිජාත, සහජාත සහ අවජාත - Genes or environment?
මට හිතෙන විදියට නම් මේ අවජාත යන වචනය කසාදෙන් පිට අනියම් සම්බන්ධකමකින් දරුවෙකු ලැබීම යන්න හැඳින්වීමට යොදා ගැනීම වැරදියි.
පිරිමියෙක් සහ ගැහැණියෙක් ලිංගිකව එක්වීම සහ එමගින් දරුවෙකු පිළිසිඳ ගැනීම යන ස්වභාවික ක්‍රියාදාමය කසාද බැඳලා හිටියාද නොහිටියාද කියන කෘතිම රාමුවට අහුවෙන දෙයක් නොවෙයි.
ඒ ආකාරයට අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙකු අවජාත වචනයේ නියම අරුත වන මාපියන්ට වඩා පහත් ගතිගුණ ඇත්තෙකු වේය කීමත් අතාර්කිකකයි. ඇත්තටම එවැනි දරුවෙකුට වෙනත් ඕනෑම දරුවෙකුට වාගේම දෙමව්පියන්ට වඩා උසස් ගතිගුණ පිහිටීමටත් එක හා සමාන ඉඩක් තියෙනවා.
http://kathandara.blogspot.com/2013/03/genes-or-environment.html

Sunday, March 10, 2013
කොච්චි, කෝච්චි සහ කෝපරේට් නිදිමත මැද්දේ කතන්දරකාරයා ගේ දවස ගෙවුණු හැටි - Red hot chillies
ඉස්සර අපි සමහරු දිනපොත් නැත්තම් ඩයරි ලිව්වා මතකද? පස්සේ කාලේ කම්මැලිකමටම මං නම් මේ වැඩේ අතහරලා දැම්මා.
දැන් ඉතිං බ්ලොග් ලිව්වාට ලියන්නේ බොහෝවිට පරණ කතන්දර මිසක් එදිනෙදා සිදුවෙන දේවල් නොවෙයිනේ.
හැබැයි බ්ලොග් එහෙම නැත්නම් වෙබ් ලොග් එහෙම නැත්නම් ජාල සටහන් කියන එකේ මුල් අරුත නම් ජාලයේ දින සටහන් කියන එකයි මට හිතෙන විදියට.
ඒ මොනවා වුනත් මට අද හිතුණා මංතුමා ගේ ජීවිතයේ 2013 මාර්තු 6 බදාදා දිනය ගෙවි ගිය හැටි ගැන කෙටි සටහනක් ලියලා දාන්න ඕනෑ කියලා කතන්දර බ්ලොග් එකට.
http://kathandara.blogspot.com/2013/03/red-hot-chillies.html

හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migraine
කාන්තා දිනය වෙනුවෙන් ය කියලා පෙරේදා ලියන්නා ලියා තිබූ "දෙයියෝ සාක්කි" කතන්දරේ කියෙව්වද?
ඒ කතන්දරේ කතානායිකාව සිය සැමියා සමග මේ කියන දිනයේ උදේත් සවසත් එක දවසක දෙපාරක්ම sex කරනවා.
මේ කතන්දරයට ප්‍රතිචාරයක් දාපු තිසර මෙන්න මෙහෙම කියලා තිබුණා.
"දවසට දෙපාරක් ඔච්චර කැමැත්තෙන් වැඩේට පැනලා එන්නේ පිරිමියෙක් ගෑනියෙක් වෙච්ච දවසට තමයි ඉතිං... නැත්තං 'අනේ අද ඔලුවේ කැක්කුමයි', 'මහන්සියි', 'අද හොඳ නෑ'... අර ෆේමස් ලිස්ට් එකක් තියෙන්නෙ ඔය ගැන.."
http://kathandara.blogspot.com/2013/03/sex-sex-therapy-for-migrane.html

Wednesday, March 6, 2013
රූපියල් සීයට හෙළකම පාවාදීම නොහොත් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra's Indian Tour
දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තටම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ වේ.
ලංකාපුත්‍ර මැතිණිය ද එසේමය.
ලංකාපුත්‍ර ලා ගේ සිව් පාර්ශවයෙන්ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත්‍ර ලා මුළු ඇඟ පුරාම හෙළ ලේ තියෙන අය වීමයි.
ඔය ආන්ද්‍ර ප්‍රදේශයෙන්, කේරලයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත්‍ර ලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.
http://kathandara.blogspot.com/2013/03/mr-and-mrs-lankaputhras-indian-tour.html

Monday, March 4, 2013
මේක සුනිල් ආරියරත්න නන්දා මාලනී ට ලියපු සින්දුවක් ද? - Is this a song about Anuradhapura or about an aging woman?
මෙන්න අද කතන්දරේ.
අපේ ළමා සමාජයේ කොන්සර්ට් එකට මොනවාගේ අංගයක් ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණය කරන්න පොඩි සාකච්ඡාවක් තිබුණා. මේ පාර කොන්සර්ට් එකේ තේමාව ඉතිහාසය නිසා එක එක පන්තිවලින් ඉතිහාසයේ විවිධ වකවානු ගැන සඳහන් වෙන අයිටම් කෙරුණොත් හොඳයි කියන එක තමයි පොදු අදහස වුනේ.
අපේ පන්තියට බාරවුනේ අනුරාධපුරය ගැන සම්තින් කරන්නයි.
"අපි අනුරාධපුරේ ගැන හොඳ සින්දුවකට ඩාන්ස් එකක් කරමු!" එක යෝජනාවක් ආවා.
http://kathandara.blogspot.com/2013/03/song-about-anuradhapura-or-about-aging.html

Saturday, March 2, 2013
පිස්සන් වර්ගීකරණය - Four categories of loonies
කතන්දර බ්ලොග් එකේ මං කියවන බ්ලොග් රෝල කොටස් හතරකට පහකට කඩලායි තියෙන්නේ.
ගෑල්ළමයි ලියන බ්ලොග්, මං කියවන පොලිටිකල් බ්ලොග්, මං කියවන කතන්දර බ්ලොග් සහ මං (සමහර විට) කියවන කවි බ්ලොග් තමයි ඒවායින් මූලිකම කොටස්.
මේ ලියන 28 බ්‍රහස්පතින්දා දවල් වෙනකොට මෙන්න බොලේ මේ බ්ලොග් රෝලේ පොලිටිකල් බ්ලොග් කොටසේ හැර අනිත් තැන් වලින් අපිට පිස්සු ඕයි කියලා පෝස්ට් මතුවෙන්න පටන් ගත්තා.
සංජුට, දිල්සරාට, බීට්ල්ට, ඕනයාට, අමිලට, සුදු පූසාට, පසන්ට, ලීෂාන්ට විතරක් නොවෙයි අනේ අපොයි ඇනෝනිමස් ආතල්ටත් පිස්සු ලු!
හැබැයි පොලිටිකල් ලිපි ලියන පැරාට, මාතලන්ට, කළාමැදිරියාට, ලූප්හෝල්ට, දයල් බතීට, චාර්මීට, බූවාට හෙම තවම බෝවෙලා නෑ!
මේක දැකලා මට මතක් වුණා පිස්සන් ගැන පරණ විශ්ලේෂණයක්.
http://kathandara.blogspot.com/2013/03/four-categories-of-loonies.html

Friday, March 1, 2013
කතන්දරකාරයා ගේ නිරුවත හෙළිවේ (ඇඩම්ස් ඔන්ලි) - Kathandara Karaya in drag (with photos)
මේ දවස්වල සිංහල බ්ලොග් ලෝකයේ වැඩ කෝටියයි.
නිරුවත හෙළිවෙනවා.
පුකත්වය හෙලිවෙනවා.
ඒ අල්ල පනල්ලේ ඒ අනං මනං ගැන කතන්දරත් ලියවෙනවා.
මං ලියපු බාලචන්ද්‍ර දරුවාගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් කියන ලිපිය පලවුණාට පස්සේ ඒ කාරණය ටයිටලේට අරගෙන ශිශිර නිද්‍රාවෙන් මේ ළඟදී අවදි වුණු ඇනෝනිමස් ආතල්කාරයා පොඩි ලියුං කෑල්ලක් ලියලා දාලා තිබුණා.
ඒකේ තිබුණු උත්ප්‍රාසය තේරුම් ගන්න තරම් මස්තිස්ක වත්කමක් නොතිබුණු සමහර ඇනෝලා ඒ ගැන කියපු එක එක කතාවලට විනෝද සමයත් පරාදයි. අර කාලෙකට කලින් වර්ගපූර්ණිකාව බ්ලෝග් එක ගැන අපූරු කමෙන්ට්ස් දාපූ විදූ ගොයියාව සිහිවෙන ජාතියේ කමෙන්ට්ස් පවා ලැබිලා තිබුණා ඇනෝනිමස් ආතල් ගේ ලිපියට.
ඔය කේස් එක යන අතරේ මට මතක් වුණා ඇත්තටම කතන්දරකාරයා ගේ නිරුවත එළිවෙච්ච දවසක්.
මෙන්න ඒ ගැන පොඩි විස්තරයක් ඡායාරූප සහිතව.
http://kathandara.blogspot.com/2013/02/kathandara-karaya-in-drag-with-photos.html

Wednesday, February 27, 2013
පුකත්වය යනු කුමක්ද සහ පුකත්වය හෙළිදරව් වීම - Arseholedness exposed!
පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.
ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.
http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

Saturday, February 23, 2013
නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!
අප සැම උපන්නේ නිරුවතිනි.
එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.
මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.
නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.
http://kathandara.blogspot.com/2013/02/nakedness-exposed.html

බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් - Balachandran, humans and evil beings
ඊයේ මම ඇඬුවෙමි.
ඒ බාලචන්ද්‍රන් මරාදැමීමට පෙර හා පසු ඡායාරූප දැක ඒ සම්න්ධයෙන් පලවී තිබුණු වාර්තාව කියවීමෙන් පසුවය.
එලියකන්ද වධකාගාරය ගැන රෝහිත මුණසිංහ ලියූ පොත කියවා ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.
මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.
මා ඊයේ ඇඬුවේ ලොව සියළු පුතුන් සහ පියවරුන් වෙනුවෙනි.
මේ පුවත අසා කම්පා නොවුනු පුතෙකු, පියෙකු හෝ මවෙකු සිටීදැයි පුවත් වෙබ් අඩවිවල, බ්ලොග් අඩවිවල දමා තිබුණු ප්‍රතිචාර නොකියවූයේ නම් මට සිතා ගත නොහැකි වෙනු ඇත.
http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

Tuesday, February 19, 2013
තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only
අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.
අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.
"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.
"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.
http://kathandara.blogspot.com/2013/02/bladder-control-for-women-only.html

Saturday, February 16, 2013
තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
අර පහේ පන්තියේ සිස්සස්සෙට තියෙන අංක රටා ගණං මතක ළමයි අත උස්සන්න බලන්න.
ඔන්න එක සරල උදාහරණයක්.
1,3,5,7
දැන් ඔහෙලාට තියෙන්නේ මේ රටාවේ ඊලඟට එන අංකය හොයන්නයි.
(පහ පාස් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න උත්තරයඃ 9)
මෙන්න තව එකක්.
1,3,7,15 (උත්තරය 31)
මෙන්න තවත් එකක්.
1,2,6,42 (උත්තරය 1806)
ඔය ආකාරයට පහ පාස් අයට වුණත් අමාරු ඉලක්කම් රටා ගණං සෙට් කරන්න පුළුවනි.
රටා කියන ඒවා ඉලක්කම් වලට විතරක් නොවෙයි අදාල වෙන්නේ.
සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට නම් දාන්නෙත් රටාවකට.
මං දන්න එක පවුළක සහෝදරවරු හතර දෙනෙක් යුනිවසිටියේ හිටියා.
http://kathandara.blogspot.com/2013/02/blog-post.html

Monday, February 11, 2013
පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senaga
"ඉනි අවන්" කරපු අශෝක හඳගම කාළෙකට කලින් "අක්‍ෂරය" කියලා මූවි එකක් කළා. ඒක තහනම් කළ නිසා හුඟ දෙනෙක් ඩීවීඩී එක දැකලා ඇතිනේ?
අක්‍ෂරය කිව්වාම මට මතක් වුනේ අක්‍ෂර සෙනග කියන පොත. මේක නිර්මාණ එකතුවක්. ප්‍රකාශනය කෙරුවේ බූන්දි කාරයෝ.
සයිබර් අවකාශයේ ලේඛන කලාව ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් බූන්දි [boondi.lk] වෙබ් සයිට් එක සහ ගූගල් ගෲප් එක ගැන දන්නවා වෙන්න ඕනෑ.
බූන්දි වෙබ් සයිට් එක 2008 ආරම්භ කරපු දවසේ දොරට වැඩිය "අක්‍ෂර සෙනග" ග්‍රන්ථයට රසික සූරියආරච්චි ලියපු හැඳින්වීම මෙන්න.
http://kathandara.blogspot.com/2013/02/leaf-out-of-akshara-senaga.html

Sunday, February 10, 2013
කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama
සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.
අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.
http://kathandara.blogspot.com/2013/02/new-song-by-hemal-jayawickrama.html

Thursday, February 7, 2013
අහවල් ඉස්කෝලේ ටීචර් - In Her Majesty's Service
මගේ වැඩිහිටි පරම්පරාවේ රැකියා කළ බාප්පලා, මාමලා, නැන්දලා, පුංචි අම්මලා, ආච්චීලා, සීයලා අතුරෙන් අති බහුතරය ගුරුවරුන් ය.
මා දන්නා තරමින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ පවුල්වල තත්වයද එලෙස වෙනු ඇත.
එයට හේතුව මා ලියූ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියූවෙමි.
වසර දහනවයේ දී රජයේ උප ගුරුවරයෙකු ලෙස රැකියා කිරීම ඇරබූ මගේ පියා පසුව මරදානේ කාර්මික විද්‍යාලය, මීරීගම ගුරු විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය වැනි තැන්වලින් කප් ගැසූවද දිගටම ගුරු වෘත්තියේ රැඳී සිටියේ ය.
http://kathandara.blogspot.com/2013/02/in-her-majestys-service.html

Sunday, February 3, 2013
සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog
මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.
මේක බල්ලෙක් ගැන කතාවක්!
නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!
නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!
http://kathandara.blogspot.com/2013/02/homosexual-pariah-dog.html

Friday, February 1, 2013
සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
මේ පහත තියෙන්නේ මට ඊයේ පෙරේදා දවසක ඊ-මේල් එකකින් ලැබුණු ඡායාරූපයක්.
මේක මං හිතන්නේ අවුරුදු හතලිහකට විතර කලින් ගත්තු එකක් වෙන්න ඕනෑ.
මටයි තව මිතුරන් කීප දෙනෙකුටයි මේක එවපු මගේ මිතුරා මෙතන ඉන්න අංකල්ලා පස් දෙනා අඳුණා ගන්න කියලා පොඩි චැලේන්ජ් එකක් කළා.
මං තුමා ඒ ප්‍රහේලිකාවේ 60% ක්ම විසඳුවා.
මෙන්න ඒ ෆොටෝ එක. කියන්න පුළුවනිද බලන්න මේ පස්දෙනා කවුද කියලා.
http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html

Subscribe to:
Posts (Atom)