ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.
මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.
හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.
මොකද සෑහෙන්න කල් තියෙනවානේ!
http://kathandara.blogspot.com/2012/09/end-of-world-young-lovers-point-of-view.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, September 28, 2012
Thursday, September 27, 2012
පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?
මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.
හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.
පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.
හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!
http://kathandara.blogspot.com/2012/09/first-class-second-class-and-third.html

Sunday, September 23, 2012
බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous
"ගුඩ් ඩේ ඕල්, මයි නේම් ඊස් කතන්දරකාරයා ඇන්ඩ් අයෑම් ඒ බ්ලොග්කොහොලික්.
අයි හෑව් බීන් ට්‍රයින් ටු ගිව් අප් බ්ලොගින් ෆෝ අබවුට් ත්‍රී මන්ත්ස් නව් ඇන්ඩ් හෑව් ෆයිනලි රියලයිස්ඩ් දැට් අයෑම් ඇඩික්ටඩ් ටු බ්ලොගින්."
ඔන්න ඕක තමයි සත්‍යය.
බොරුවට තමන් ගේ සිත තමන්ම රවට්ටා ගන්න ට්‍රයි කළාට ඔන්න ඕක තමයි සත්‍යය.
ඇඩික්ටඩ්, ඇඩික්ටඩ්, ඇබ්බැහි වෙලා!
බේරිල්ලක් නෑ, ගැළවිල්ලක් නෑ.
කරත්ත රෝදේ වගේ පස්සෙන් ම එනවා. චක්කංව වහතෝ පදං!
http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

Saturday, September 22, 2012
නෙට් නැති දෙදිනක ජොලිය - Two days without Internet, oh, what a feeling!
අන්තිමට කතන්දරයක් දැම්මේ - සැප්තැම්බර් 17 දා! ඉන්ටර්නෙට්, වෙබ්, ස්කයිප් අනං මනං නැතුව ගෙඩි දවස් දෙකක් ම ගෙවුණා!
අම්මේ, ඒකේ තිබුණු ජොලිය...!!!
http://kathandara.blogspot.com/2012/09/two-days-without-internet-oh-what.html

Friday, September 21, 2012
එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!
ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.
ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.
මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.
හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.
මෙන්න ඒ කාලේ ලියපු කවියක්.
http://kathandara.blogspot.com/2012/09/that-was-time-that-was.html

Sunday, September 16, 2012
බැලූන්වලින් සොමිය ලබන්නෝ - Balloon Fetish, what the....?
අපි පොඩි කාලේ චිත්‍රකතාවක් ගියා මොකක්ද මන්දා පත්තරේක, ඒ කතාවේ නම ප්ලාස්ටික් ආදරේ.
මේකේ තිබුණේ, අර රෙදි සාප්පුවල සාරි ගවුම් අන්දලා ෂෝ කේස් ඇතුලේ දාලා තියෙන ප්ලාස්ටික් පිළිරුවකට ආදරය කරපු මිනිහෙක් ගැනයි.
මේක ආදරයක් ද, ෆෙටීෂ් එකක් ද මන්දා? මොනවා වුණත් පොර ඒ ඉටි රූපේ දිහා බලාගෙන ඉඳලා වින්දනයක් ලැබුවාය කියලායි පෙනුනේ.
ප්ලාස්ටික් සිහින කතාව ඉවර වුනේ කොහොමද කියලා නං මට මතක නෑ. මොකද, කතාව අතරමගදී මං ලොකු ළමයෙක් වෙලා චිත්‍රකතා බලන එක අත හැරලා දාපු හින්දා!
http://kathandara.blogspot.com/2012/09/balloon-fetish-what-the.html

Saturday, September 15, 2012
රත්නායක මහත්තයලා ගේ දානේ ගෙදරදී බණ ඇසුවෙමි - Retirement chairs
අප කුඩා කල ගමේ පන්සලේ බණ අසන්නට යෑම අපි සිරිතක් ලෙස කළෙමු. ගමේ පන්සල යැයි කිව්වාට එය ඇත්තටම අල්ලපු ගමේ පන්සලයි. නමුත් අපේ ගමේ කෙලවර පිහිටි අවසාන ඉඩමේ විසූ අපට එය අපේම පන්සල විය.
කොහොමටත්, පුරාණ රජමහා විහාරයක් වූ මේ පස්සලේ හතර පේරුවෙන් එකකට අපේ ඔෆීෂියල් ගම ද ඇතුලත් වුණු නිසා එහි අවුලක් තිබුණේ නැත.
සරොං ඇඳගෙන පන්සල් ආ යුතුය කියා නාලන්ද පියතිලකගෙන් මට අවවාද ලැබුණේ මේ පන්සලේදී බවද මතක් කරමි.
පන්සලේ බණ මඩුව වනාහී එකතු කිරීමේ ලකුණක හැඩය ගත් ජ්‍යාමිතිකව සමමිතික අක්‍ෂ හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි සිව් කොණින් ම ඇතුලත පැමිණිය හැකි වූ අතර ගොඩනැගිල්ලේ හරි මැද බණ දේශකයා සඳහා වූ වේදිකාව පිහිටියේය.
http://kathandara.blogspot.com/2012/09/heading-for-chair.html

තවත් පඬිවදනක් (කෙමිස්ට්‍රි අරහං අයට නොවේ!) - A Chemistry lesson
මට මේ ළඟදී හම්බ වුණා හද්ද පරණ සටහන් පොතක්. මේක මං ඒ ලෙවල් කරන කාලේ ලියපු එක කවි එකතුවක්. අර ඇන්තලොජි ඔෆ් පොයම්ස් කියන්නේ. අන්න ඒවායිං එකක්.
මට පරණ පවක් පළ දීලා නිරපරාදේ දෙවෙනි පාරට ඒ-ලෙවල් කරන්න වුණු කතාව කලින් දවසක කිව්වානේ. මේ කාලයේ දවස් හයක් ඇතුලත ලියපු කවි (වගේ ඒවා) හැට තුනක් මේ පොතේ තියෙනවා.
පොතේ නම- වසන්ත පුර්ව නිර්මාන සංග්‍රහය හෙවත් සය දිනක සටහන්.
මෙන්න ඒකේ මං ලියලා තියෙන කවියක් උණ පුරුකක දාලා, ඇද ඇරලා, දිග හැරලා, මං අද හදාගත්තු පඬිවදනක්.
http://kathandara.blogspot.com.au/2012/09/chemistry-lesson.html

Thursday, September 13, 2012
ප්‍රොජෙක්ට් මීටිමේ දී ලියූ සංයුක්ත මෙව්වා එකක් - What a boring meeting!
සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.
මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.
අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.
මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.
http://kathandara.blogspot.com.au/2012/09/what-boring-meeting.html

Tuesday, September 11, 2012
ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?
මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.
අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.
අපදාරේ!
ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.
http://kathandara.blogspot.com.au/2012/09/point-of-no-return.html

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!
ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.
ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.
http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html
අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.
http://kathandara.blogspot.com.au/2012/09/oh-my-goat.html

Sunday, September 9, 2012
චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!
දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?
ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.
සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.
කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.
හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.
අන්න ඒකයි අද කතන්දරය.
මෙන්න අද කයිය.
http://kathandara.blogspot.com.au/2012/09/back-to-square-one.html

Thursday, September 6, 2012
ඇදුරුතුමාට තද වෙලා ලු! ඉතිං මට පාන් යැ? - Phone ethics
අපි කෝල් එකක් ගන්න අංක ඔබන කොට අපි දන්නවා කාටද මේ කතා කරන්නේ කියලා.
නමුත් කෝල් එක ලැබෙන කෙනාට කාගෙන්ද මේ කෝල් එක එන්නේ කියලා අපි කියන්නේ නැතුව දැනගන්න නම්:
-එක්කෝ, කෝල් එක එන්නේ මොබයිල් ෆෝන් එකකට ඇඩ්‍රස් පොතේ තියෙන කෙනෙකුගෙන් වෙන්න ඕනෑ
-නැත්තම්, ලෑන්ඩ් ලයින් එකේ කෝල් එක එන අංකය පෙන්වන පහසුකම තිබිලා අංකය අදුනා ගන්න හැකි වෙන්න ඕනෑ.
මෙහෙම නොවෙන අවස්ථාවලදී සහ විශේෂයෙන් ම අපේ හොඳම හිතවතෙකුට කතා කරන විට දී හැර තමන් කවුද කියලා හඳුන්වලා දීලා කතාව පටන් ගැනීම කෝල් එක ගත්තු කෙනා ගේ යුතුකමයි.
සමහරු ඉන්නවා කතාව පටන් ගන්නේ මෙහෙමයි.
"ආ, මේ මම කතා කරන්නේ, කොහොමද අර වැඩේ?"
හරියට අපිට දිවැස් තියෙනවා වාගේ.
http://kathandara.blogspot.com.au/2012/09/phone-ethics.html

කවියෙන් පණිවිඩ ඇරීම - Message in a Poem
කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.
කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.
හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.
"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".
එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.
http://kathandara.blogspot.com.au/2012/09/message-in-poem.html

අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day
විවිධ හේතු නිසා අද මට මගේ තාත්තාව සිහිවුණා. පුතාගෙනුත්, දුවගෙනුත් ආදරය සමග තෑගි, උම්මා සහ කඩ්ල්ස් ලැබීම එයින් එක හේතුවක්.
ලෝකේ සදාකාලික පොදු නියමයක් තමයි අපේ තාත්තලා ගේ පරම්පරාව අපිට වඩා වෙනස් ය කියන එක. ඒක අපේ තාත්තලාට, අපිට වගේම අපේ දරුවන්ටත් පොදු දෙයක්.
අපේ තාත්තලා ළමයින්ට ඇති ආදරය පෙන්නුවේ උම්මා දීලා, බදා ගෙන කඩ්ල්ස් දීලා, හුරතල් කරලා නෙමෙයි.
දුරින් ඉඳලා, හිනාවකින් සංග්‍රහ කරලා, ඔළුව අත ගාලා, හොඳයි කියලා වගේ සරල දේවලින් තමයි ඒ පරම්පරාවේ අය දරුවන්ට තමන්ගේ ආදරය පෙන්නුවේ.
http://kathandara.blogspot.com.au/2012/09/fathers-day.html

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!
ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.
හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.
අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.
ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.
http://kathandara.blogspot.com.au/2012/09/spring-has-sprung-or-autumn-breeze-and.html

Thursday, August 30, 2012
කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic
අපේ මොලේ කියන්නේ කොම්පීටර් එකක් නම්, ඒක ඩිසයින් කරපු එකා මාර සිරා ෆසී ලොජික්කාරයෙක් වෙන්න ඕනෑ.
මොකද මේකේ හාඩ් එකේ අපි සේව් කරගන්නේ මොන මොනවාද, දවස පුරා රෑම් එකේ තිබුණාට රෑට නිදාගන්න ස්විච් ඕෆ් කළාම මකලා දාන්නේ මොනවාද කියන කාරණා පිටුපස්සේ තියෙන්නේ විස්තර කරන්න බැරි තරමට ෆසීම ෆසී ලොජික් (Fuzzy Logic) එකක්.
ඉතාම වැදගත් දේවල් අමතක වෙලා සුපියල් දාස් ගණං පාඩු වෙනවා. මතකය හරිගස්සා ගන්න කරණ උත්සාහවලට හරස් වෙන්නේ ද අමතක වීමමයි (මතකද මං ලියු මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ කියන කතන්දරේ?) ඒක එහෙම වුණාට ඒ අතරේ කිසිම වැදගත්කමක් නැති ට්‍රිවියල් දේවල් දශක ගණනාවක් හිතේ රැඳී තියෙනවා. ඒ විතරක් නොවෙයි විටින් විට මතක් වෙනවා.
මං හතේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච මෙන්න මේ සිද්ධිය මට තාමත් මතක ඇයි කියන එක මටම හිතා ගන්න බෑ!
http://kathandara.blogspot.com.au/2012/08/memory-and-fuzzy-logic.html

Tuesday, August 28, 2012
අධ්‍යාපන අර්බුදයේ ගැඹුර කොච්චරද? මෙච්චරයි! - How deep is the education crisis? This deep!
අද ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? දීර්ඝ කාලයක් තිස්සේ නිසි පරිදි ආයෝජනයක් නොකිරීමේ පල විපාක තමයි.
වැඩේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මං මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිය කාලෙත් ඔය අර්බුදේ තිබුණා. ඒ ගැන කතා බහ කළා. වාද කළා. ප්‍රශ්නය ඔද්දල් වෙවී ඉදිරියටම ගියා.
උං හිටියත් එච්චරයි. උං ගිහින් මුං ආවත් එච්චරයි.
දැන් මෙන්න මට මතක් වුණු කතන්දරේ.
http://kathandara.blogspot.com.au/2012/08/how-deep-is-education-crisis-this-deep.html

Sunday, August 26, 2012
හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra
බ්ලොග් ලෝකයේ හිනා වෙන විදි දෙක තුනක් තියෙනවා නේ.
ලොල්,
බිපෙසි,
හිකිස්
කියන්නේ ඉන් කීපයක්.
මං ඕවායින් වැඩියෙන්ම කැමති "හිකිස්" කියන එකටයි. ඒකට හේතුව තමයි මං පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ නැගලා ගිය හිනාවෙන ක්‍රමයක් ඊට සමාන නිසා.
නාලන්ද පියතිලක තමයි මේ ක්‍රමය මට කියලා දුන්නේ. පොර ගේ මස්සිනා ජීත් සිරිතිලකත් මේ ක්‍රමයට තමයි ඒ දවස්වල හිනා වුනේ.
මෙන්න මෙහෙම.
http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html

Friday, August 24, 2012
සතියේ පඬි වැකිය - Nothing else to do today!
"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are you?" යන්නේ පරිවර්තනයක් ලෙස සැලකිය හැකි, "කොහොමද?" යන අර්ථ විරහිත පදය යොදා ගන්නට පුරුදු වී ඇත්තෙමු. ජාතික ඇඳුමට වඩා කලිසම ඇඟට පහසු වූවා සේම, "කොහොමද?" යන්න දිවට පහසු වූවා සේය.
බොහෝ විට "ආ-ඉ-බෝං" කියා උච්චාරණය කෙරෙන, "ආයුබෝවන්" යන පදයේ අප දන්නා පරිදි තේරුම නම් ඔබේ ආයුෂ වැඩි වේවා යන්නයි. මෙය ඉතා උසස් පැතුමකි. ආශිර්වාදයකි.
ජීවිතයේ අගය, ජීවත් වීමේ අගය, ඉතාමත් හොඳින් දැනෙන්නේ, ජීවිතය අවසාන වීමට ඔන්න මෙන්න කියා තිබී ඉන් ගොඩ ආ විටය. අවුරුදු සියයක් ජීවත්වීමට අවශ්‍යතාවයක් මෙන්ම දිරියක් ද එවිට ඇතිවේ. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මෙවැනි මරණමංචක අත්දැකීමක් ලැබ, ඒ ගැන අන් අයට පවසන්නට ඉඩ ලැබෙන්නේ අප අතරින් කිහිප දෙනෙකුට පමණි.
http://kathandara.blogspot.com.au/2012/08/nothing-else-to-do-today.html

Wednesday, August 22, 2012
එක්සිබිෂන් මාසම්, බුක් ලිස්ට් සාදම් : Help me with my book list for September
සැත්තැම්බරේ ලඟ එනවා. පොත් කාවෝ දඟලනවා!
මට මතකයි මං අටේ පන්තියේ විතර ඉන්න කාලේ අපේ පුංචම්මා එක සැත්තැම්බරේක මාව එක්කා ගෙන ගොහින් ගුණසේනේ පොත් සේල් එකෙන් පොත් අරං දුන්නා.
දැන් කාලේ නං සැත්තැම්බරේට තියෙන පොත් ප්‍රදර්ශනේ හෙවත් බුක් සේල් එකට යන්නනේ කවුරුත් මග බලාගෙන ඉන්නේ.
ඉතිං මටත් හිතුණා මේ පාර බීඇම්අයිසීඇච් එක පැත්තේ ගියොත් ගන්න ඕනෑ පොත් ලයිස්තුවක් හදන්න.
http://kathandara.blogspot.com.au/2012/08/help-me-with-my-book-list-for-september.html

Monday, August 20, 2012
අවජාතක දරුවා නොහොත් පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....
එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණෝ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පලාතේ සියනෑ කෝරළයේ පරගස්දෙනිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.
තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුවද දරුවෙකු නොමැති වූ නිසා ඔහු විසුවේ තරමක කණස්සලෙන් බව අද අපට සිතිය හැක.
මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවල අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.
දිගටම කියවන්න මෙතනින්:
http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html

Saturday, August 18, 2012
ගුඩ් ඇනෝලා වෙනුවෙන් කතන්දරයක්: මා දුටු සුන්දරතම සිහිනය - The most beautiful dream I have ever seen!
මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිහිනය මෙසේය.
මා වැතිර සිටියේ සවිමත් ලෝහමය ඇඳක් මතුපිට දමා තිබූ සුවපහසු මෙට්ටයක් මතය. එහි සුදු පැහැති ඇතිරිල්ලක් එලා තිබුණි. මා හිස රැඳී තිබුනේද ඉතා සුව පහසු වූ සුදු කවරයක් දැමූ කොට්ටයකය.
විවිධ වයර් සහ ටියුබ් ඒ මේ අද ඇද බැඳ තිබුණද ඒවායින් මේ සුන්දර සිහිනයට කිසිදු බාධාවක් වූ බවක් නොපෙනුණි.
මා සිටියේ සිවිලිම දෙස බලාගෙනය. මගේ මුළු මහත් සිහිනයම ඉතා අලංකාර ලෙස මැවුණේ ඒ සිවිලිමේය.
මගේ දෑස් වැසී තිබුණේ යැයි මම නොසිතමි. ඇස් වසා කොයි ලෙසකින් සිහින දකින්නද?
මේ සිහිනය ඇරඹුනේ කෙසේද යන්න හෝ එය අවසාන වූයේ කෙලෙසකද යන්න හෝ පිළිබඳව කිසිදු තොරතුරක් අද මගේ මතකයේ නැත.
මට මතක මගේ සිහිනය පමණකි.
http://kathandara.blogspot.com.au/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

Friday, August 17, 2012
නෝටි ඇනෝ ලා වෙනුවෙන් අද ස්පැෂල් කතන්දරයක් : කන හාරන හැටි එදා සහ අද - Removing Ear Wax : Yesteryear and Today
නව ද්වාරයෙනී ගලනා වු ඕජස් මේ කුණූ සිරුරා යැයි පැරණි ගීතයක කියවේ. මෙය එන්නේ අහවලා ගයන සංසාරේ භවේ දුකා (සම්බෝලයි බතුයි කකා) නමැති ගීතයේ මැද හරියේය. (අහවලා යනු මයිකල් පීරීස් යැයි සිතන්නෝ මා ලියූ කතන්දර දෙකහමාර බලන්න)
මේ ගීතයට අනුව මිනිස් සිරුරේ ස්ථාන නවයකින් ඕජස් ගලන්නේ ලු. ඒවා මොනවාදැයි සොයා බැලීම මා හිතාදර නෝටි ඇනෝලා ට බාර කරමි.
මා අද කියන්නට යන්නේ ඉහත කී එක් ද්වාරයකට සම්බන්ධ, මෙතෙක් සිංහල බ්ලොග් අවකාශයේ දී මා දන්නා තරමින් කතාබහට ලක් නොවුණු, කලාඳුරු පිළිබඳවය.
http://kathandara.blogspot.com.au/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

Monday, August 13, 2012
කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious
දැනට අවුරුදු විස්සකට විතර ඉස්සර ආණ්ඩුවෙන් හෝ ගාලා ගුරු පත්වීම් දුන්නා. මේ අළුත් ගුරුවරු හුඟ දෙනා බොහෝ විට ඒ-ලෙවල් කරලා විවිධ හේතු නිසා එතනින් ඉස්සරහට යන්න බැරුව නතර වුණු අය.
උගන්නනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි නේ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන අයට විෂය කරුණු වගේම ඉගැන්වීමේ ක්‍රමවේදය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ දැනුම දෙන්න තමයි ගුරු පුහුණුව තියෙන්නේ.
මේ මුලින් කියපු නවක ගුරුවරුන් ගැන ආපු මුලිකම චෝදනවා තමයි ඉගැන්වීමේ ක්‍රම ගැන තියා උගන්වන දේවල් ගැනවත් දැනුමක් නැතිය කියන එක.
ඔන්න ඒ දවස්වල පැතුරුණු රසවත් කතාවක් තමයි මේක.
http://kathandara.blogspot.com.au/2012/08/supercalifragilisticexpialidocious.html

Saturday, August 11, 2012
අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!
අරුණී ශපීරෝ යනු සිංහල බ්ලොග් අවකාශයේ නම රැන්දූ වනිතාවකි. මා භාවිතාකරන භාෂාවෙන් පොර ළමයෙක් යැයි කිව හැක. වරෙක මම ඇයව සිංහල බ්ලොග් ලොවේ සුවිශේෂී තනතුරකට ද යෝජනා කළෙමි. වරෙක මම ඇයට හොඳ පාඩමක් උගන්වන්නට ද හැදුවෙමි.
අරුණී ශපීරෝ ගේ බ්ලොගය විදග්ධ ලිපිවලින් පිරී ඇත. ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකි. විශ්ව දැනුම සිංහලෙන් බෙදන්නීය. කොටින්ම ඇය ඇවිදින විශ්ව කෝෂයක් බඳුය.
ඒ මා ඇය ගැන අවංකවම සිතන ආකාරයයි.
මා පොඩි කාලයේ උගත් "පූජාච පූජනීයානං!" යන මංගල කරුණට අනුව යමින් මා ඇයට ගරු කරමි.
බ්ලොග් ලිවීමට අමතරව අරුණී ශපීරෝ ගේ සහ මගේ සුළු හෝ සමානකම් ඇත්තේ ඒ කිහිපයක් පමණි.
සම්පූර්ණ කතන්දරයම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html

Thursday, August 9, 2012
සිංහල බුද්ධාගම, සිංහල සුනාමි සහ සිංහල හයිකු - Short but tall...!!!
මං මේ සිංහල හයිකු කියලා කිව්වේ අර "සිංහල බුද්ධාගම", "සිංහල සුනාමි" වගේ අර්ථයෙන්, හරිය?
ඒ කියන්නේ ආරම්භය නොරටක වුනත්, ඒ රටෙන් මෙරටට නම ඇවිත් මෙරටේ පදිංචි වෙච්ච නිසා.
හයිකු කියන්නේ කෙටි කවි වර්ගයක්. ආරම්භය ජපානය.
මෙහෙම කවි ජාතියක් මේ ලෝකේ තියෙනවාය කියලා දැනගන්න කලිනුත් මං කෙටි කවි ලිව්වා. ඒවායේ ආකෘතිය වුනේ පද දෙකක්, එකිනෙක හා අර්ථයෙන් සමානව හෝ අසමානව ගැලපීම සහ පද බිඳීමෙන් ගැලපීමයි.
http://kathandara.blogspot.com.au/2012/08/pygmy-poems.html

Tuesday, August 7, 2012
පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics
ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.
ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.
දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.
මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.
මුළු ලිපියම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

Sunday, August 5, 2012
ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL
අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට පරණ කතන්දර කීපයක්ම ඉතාමත් සංක්‍ෂිප්තව කෙටියෙන් දාන්නයි යන්නේ. වැඩි විස්තර නෑ.
මෙන්න බඩුව.
ඉස්සර නං ඕකට මං පස්ට ලයික්. ජීවිතේ එක පාරක් නොවෙයි දෙතුන් පාරක්ම.
දැන් නං ඉතිං ඇහෙනකොටත් ලොලේ ලොල්.
http://kathandara.blogspot.com.au/2012/08/from-like-to-lol.html

Friday, August 3, 2012
සැක නොම කළෙමි මම රැවටුනෙමි - Politics in a parallel universe!
නේම් ඩ්‍රොපින් කියන්නේ සාමාන්‍ය විදියට කතා බහක යෙදිල ඉන්න ගමන ඒ මැද්දට ජනප්‍රිය පුද්ගලයෙකු ගේ නමක් ඇදලා ගන්න එකටයි.
ඒ විදියට ලොක්කන් අඳුණනවා වගේ හිතෙන්න කතා කළාම ඔහේලා අපි වගේ සොක්කන්ට පොඩි පහේ පොරත්වයක් ආරූඪ කරගන්න පුළුවනි.
හැබැයි, අරුණි ෂැපීරෝට හොඳ පාඩමක් උගන්වමි, පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක් තියා මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය වගේ කතන්දර මං ලිව්වේ නං ඒ නේම් ඩ්‍රොපින් වලට නොවෙයි. වෙනත් හේතු නිසායි.
නේම් ඩ්‍රොපින් සඳහාම මං ලියපු කතන්දරේ තමයි සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි කියන එක.
ඒ කතන්දරේට නිමිත්ත වුනේ සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ එක සින්දුවක තියෙන
මම දැනගතිමි
මම සැක කළෙමි
කියන පද පේලියයි.
http://kathandara.blogspot.com.au/2012/08/politics-in-parallel-universe.html

Subscribe to:
Posts (Atom)