ඔන්න නොකිව්වැයි කියන්නෙපා, මේ අද මං කියන්න එන කතන්දරේ මහ ලොකු කේස් එකක් නෑ. මේක නිකම්ම නිකං සබන් කෑල්ලක කතන්දරයක් විතරයි.
ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර පාවිච්චියට තිබුනේ එක සබන් කෑල්ලයි. මං කියන්නේ ඇඟේ ගාන සබන්. රෙක්සෝනා, ලක්ස්, සඳුන්, සමන්, කොම්ඹ, ඩෙටෝල්, ලයිෆ්බෝයි වගේ ඒවා. රෙදි හෝදන්න ගත්තු සන්ලයිට්, ස්නෝවයිට් නැත්තං පස්සේ කාලේ වොන්ඩර්ලයිට් වගේ ඒවා නොවෙයි!
අම්මයි, තාත්තයි, මායි, මල්ලිලා දෙන්නයි පාවිච්චි කෙරුවේ ඒ එකම සබන් කෑල්ලයි.
ලොකු මහත්වෙලා පේරාදෙනියේ සිර දඬුවම විදින්නය යනකොට තමයි හා හා පුරා කියලා මට ම කියලා සබන් කෑල්ලක් ගත්තේ. සබන් කෑල්ලක් විතරක් නොවෙයි ප්ලාස්ටික් සබන් පෙට්ටියකුත් ගත්තා!
http://kathandara.blogspot.com/2014/02/soap-comradery.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, February 28, 2014
Tuesday, February 25, 2014
චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis
මං මේ කියන්න යන කතන්දරේ පත්තරේක තිබීලා කියෙව්වේ දැන් අවුරුදු දහයකට පාළහකට විතර ඉස්සර කාලෙක.
මේ ලඟදී මේ ගැන ආපහු සිහියට ආවේ මතුගම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමති කෙනෙක් වෙන කන්නංගර ගැන W3Lanka එකේ පැරා ලියපු ලිපිය නිසායි.
ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක කියන්නේ ලංකාවේ හතරවෙනි අගමැතිවරයායි. පොර ගේ සම්පුර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඉපදිලා තියෙන්නේ 1899 දී. දේශපාලන පලිගැනීමකට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ 1959 දී යි.
http://kathandara.blogspot.com/2014/02/what-if-analysis.html

Thursday, February 20, 2014
හෝඩියේ පන්තියේ සිත්තරාවිය - Wonder years
දවසේ පැය විසි හතරෙන් අප අවදිව සිටින එයින් තුනෙන් දෙකකටත් වැඩි කාලය පුරා, වසරේ තුන්සිය හැටපස් දවස පුරා, අප අවට සිදුවන, අප නෙත් ගැටෙන, අපට අසන්නට ලැබෙන, අප අත්දකින, සියක් දහසක් දර්ශන, සංසිද්ධි, කතාබහ අතරින් වසර ගණනාවකට පසුවද නොමැකී මතකයේ රැඳි තිබෙන්නේ කවර ඒවාද යන්න තීරණය වෙන්නේ කුමන සාධක මතද යන්න මට සැමදා ඇති ප‍්‍රශ්නයකි.
අද කළ යුතු දේ අමතක වුවද, ඊයේ රාත‍්‍රියේ ආහාරයට ගත්තේ මොනවාදැයි දැන් මතකයේ රැඳී නොමැති වුවද, දශක ගණනාවකට කලින් එක් දිනයක සිදුවුණු සමහර අති සරල කුඩා සිදුවීම් අද ද මතක පොතෙන් නොමැකී තිබීම පුදුමයක් ම වේ.
මේ එවැනි එක් සුන්දර මතකයක් ඔබ හා බෙදා ගන්නට කාලයයි.
http://kathandara.blogspot.com/2014/02/wonder-years.html

වැඩේ හිතෙන තරමටම ලේසි නෑ! - It was not that easy!
මාක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුක් උගුලට මං අහුවෙලා ඇබ්බැහි වෙලාද කියලා බලන්න සතියක උපවාසයකට නිරත වෙලා ඒක ජය ගත්තට පස්සේ මගේ ඊළඟ ව්‍යාපෘතිය වුණේ ලැරී පේජ් ගේ බ්ලොගර් එකෙන් ගැලවිලා සතියක් බ්‍රහ්මචරියාවෙන් ඉන්න පුළුවනි ද කියලා ටැස් කොරලා බලන එකයි.
ඒ සතිය අද උදේ ගෙවුණා.
මේ ලියන්නේ මගේ ඒ අත්දැකීම කෙටියෙන් හරි ඔහේලා එක්ක බෙදා ගන්නයි.
http://kathandara.blogspot.com/2014/02/it-was-not-that-easy.html

මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!
කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.
ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!
මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.
http://kathandara.blogspot.com/2014/02/one-down-many-to-go.html

Sunday, February 9, 2014
ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
බහුතරයක් පොඩි එවුන් වගේම මාත් පොඩි කාලේ දෙමව්පියන්ගෙන්, ආච්චී සීය ලා ගෙන්, අනිත් වැඩිහිටියන්ගෙන් රසවත් කතන්දර අසා දැනගෙන තියෙනවා.
අපේ තාත්තා නිතරම අපිට කියපු කතන්දරයක් තමයි ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ. ඒ ගැන මං අවුරුදු තුනකට විතර කලින් දවසක ලිව්වා.
ළමයින්ට කියන සාමාන්‍ය සුරංගනා කතාවලට වැඩියෙන් මගේ සිත ගත්තේ නං යක්කු ගැන කතන්දරයි. ඒකට හේතුව සමහර විට ඔය කියන සුරංගනාවෝ කියන කට්ටිය බොහෝවිට බටහිර චරිත වීම වෙන්න ඕනෑ. අපි ඉතිං කවදත් කැමති දේශීය දේවල්වලට නේ! අන්න ප්‍රායෝගික ජාතික චින්තනය!!
http://kathandara.blogspot.com/2014/02/he-is-still-around.html

බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!
මේ දවස්වල සංගක්කාර් බංගලාදේශයේ වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. තව ටික දවසකින් පොර තෙන්ඩුල්කාර්වත් පරද්දන්න බැරි නැහැ ඔය යන විදියට.
බංග්ලාදේශ් ගැන ඇහෙන කොට මට මතක් වුණේ මට තරමක් දන්නා බංගලාදේශ්කාරයෙක්වයි.
මට මුලින්ම බංග්ලාදේශ්කාරයෙක්ව මුණ ගැහුණේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තේ ගිහින් තැප්ප කාලේයි. අපි ඒ දවස්වල බංග්ලාදේශ්වලට කිව්වේ ඔළිද රට කියලයි. බංග්ලාදේශ්කාරයින්ට කිව්වේ බංගියෝ කියලයි.
http://kathandara.blogspot.com/2014/02/talking-tips-from-your-friend-mr-bangiya.html

ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!
ඕනෑම දේකට ඇබ්බැහි වීම හොඳ නැතිබව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
අරක්කු බීම, සිගරැට් බීම, ගංජා, හෙරොයින් බීම වගේ දේවල්වලට විතරක් නොවෙයි, ගේම් ගැසීම, ෆේස් බුකියේ කල්මැරීම සහ බ්ලොග් ලෝකයේ සැරිසැරීම, ලිවීම, කීයවීම, කමෙන්ට් කිරීම වගේ දේවලටත් එකසේ ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා හොඳටෝම.
ඉතිං මොකක්ද මේ ඇබ්බැහි වීම කියන්නේ? කොහෙමද ඒ බව දැනගන්නේ?
http://kathandara.blogspot.com/2014/02/testing-if-you-are-really-addicted.html

Monday, February 3, 2014
තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?
වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.
මේකේ නම රට ගිය ඇත්තෝ.
එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.
විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.
http://kathandara.blogspot.com/2014/02/oh-no-not-again.html

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel
මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.
මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?
ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.
ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.
http://kathandara.blogspot.com/2014/02/enter-camel.html

ලංකාව චීනයේ යටත් විජිතයක් වුනොත් හිතේ හැටියට බොන්න පුළුවන් වෙයිද? - Oh, these Chinese!
දැන් ඉතිං ලංකාවේ හැම ලොකු ප්‍රොජෙක්ට් එකම පාහේ කෙරෙන්නේ චීන කොම්පැනිවලින් නේ.
මේකෙන් කිරිමැටි කන ලංකා කිඹුලන්ට හොඳ කාලෙකුත්, අසරණ ගැරඩියන්ට, තලගොයින්ට නරක කාලෙකුයි උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය.
චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරි වුණොත් ලංකාව චීනෙට සින්න වෙන්නත් ඉඩ තියෙනවා.
ණය අරගෙන ඒකේ හිලව්වට නොවුණත්, අර ඉස්සර කෝට්ටේ යුගයේදීත් චීන හමුදාවක් ඇවිල්ලා ලංකාවේ රජවෙලා හිටිය අලගක්කෝණාර් කෙනෙක්ව ද කොහෙද අල්ලං ගියා කියලා කියනවානේ!
http://kathandara.blogspot.com/2014/01/oh-these-chinese.html

වයසට යෑම නොහොත් අද අද එයි මරු පින් කර ගන්නේ! - Donkey to Camel transformation
ළමා කාලේ ඉඳලා කොලු කාලෙට එළැඹීම හෙවත් කොල්ලා ලොකුවීම ගැනත්, එතැන් සිට තරුණ වියට පිවිසීම ගැනත් මං කතන්දර දෙකක් ලිව්වා දැන් ටික දවසකට කලින්.
ඒ දෙකටම පදනම වුනේ මගේ ම අත්දැකීම්.
මේ සති අන්තයම අවිවේකයෙන් ගෙවිලා, ඒ මදිවාට අද සඳුදා ගත්තු අතිරේක නිවාඩුවත් ගෙවිලා ගියාට පස්සේ තමයි තේරුණේ, ජීවිතයේ පසු කාලීනව එළැඹෙන අදියර වෙන් කරලා හඳුණා ගන්නේ කොහොමද, ඒ එක් එක් අදියරකින් ඊලඟ එකට පැනීම නිසැකවම තේරුම් ගන්නේ කොහොමද කියලා.
කාල වේලාව කොච්චර හිඟ වුණත් ඒ අත්දැකීම ගැනත් පොඩි වචනයක් දෙකක් ලියලා දාන්න හිතුණා!
http://kathandara.blogspot.com/2014/01/donkey-to-camel-transformation.html

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment
මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?
ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.
ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.
http://kathandara.blogspot.com/2014/01/secret-balls-adjustment.html

Saturday, January 25, 2014
සුදු ජාතික බෞද්ධ භික්‍ෂුව හිර ගෙදරට! - Monk and the prisoners
ඊයේ මේ කතන්දරේ කියන්න පටන් ගන්න කලින් හිතට ආපු පෙර කතාව ලියලා ඉවර වෙන කොට මේක ලියන්න වෙලාව ඉතුරු වුනේ නෑ. ඒක නිසා වෙනදා කතන්දර පලකරන දිනක් හැර දිනක් පිළිවෙල පොඩ්ඩක් අමතක කරලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න හිතුණා!
මේකත් "ලූ" කතන්දරයක්.
අපි දන්න සේරම බණ කතාත් ඉතිං "ලූ කතන්දර" නේ.
ඔන්න සුදු ජාතික බෞද්ධ භික්‍ෂුවක් ඉන්නවා ලු අජාන් බ්‍රහ්ම් කියලා. එංගලන්තේ ඉපිදිලා "ඔරිජිනල්" සියම් නිකායක මහණ වුණු කෙනෙක්. ඒ නිසා තායිලන්තේ වනවාසී භික්‍ෂුන් ගේ පිළිවෙත තමයි ලු ගෙනියන්නේ.
http://kathandara.blogspot.com/2014/01/monk-and-prisoners.html

ෆේස් බුක් එකේ වල්මත් වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක් - Listen you three bloggers lost in facebook!
දීර්ඝ කාලයක් තිස්සේ ලැබූ මගේ ඒ අත්දැකීම අනුව බ්ලොග් ලියන සහ නිරතුරු බ්ලොග් කියවන අපි සියළු දෙනාම පාහේ කුඩා කළ සිටම පොත් පත් කියවීමට සහ කවි, කතන්දර ලිවීමට ප්‍රිය කළ අය වෙමු.
අද වෙනත් තරමක් ආකාරයක පිස්සුවක් ලෙස අප මේ නටන්නේ ද එදා නැටූ පිස්සුවමය.
ලියන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ කියවීම එදාට වඩා පලබර වී ඇත.
එලෙසම කියවන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ ලිවීම එදාට වඩා පලබර වී ඇත.
ඉතින් අපි තවදුරටත් මඩවලේ නටන ඌරු පැටවුන් මෙන්, එසේත් නැතිනම් මල්ගොමුවල සරන මී මැස්සන් මෙන් බ්ලොග්වල ඇලී ගැලී සිටිමු.
බ්ලොග් ලෝකය මෙන්ම අන්තරාදායී වුවද මට වැටහෙන හැටියට බ්ලොග් ලෝකය තරම් පලදායී නොවන තවත් මර උගුලක් නම් ෆේස් බුකියයි.
http://kathandara.blogspot.com/2014/01/listen-you-three-bloggers-lost-in.html

Wednesday, January 22, 2014
පිස්සන් කොටුවට ගිය සාදු - All in a days work!
මුලින්ම කියන්නම් පිස්සන් කොටුවට ගිය සාදු ගේ කතන්දරේ. මේක හුඟ දෙනෙක් අහලා තියෙන එකක් නිසා මෙන්න ඉතා කෙටියෙන්.
ඔන්න එක දවසක් හාමුදුරුනමක් ගියාලු පිස්සන් කොටුවට බණක් කියන්න.
මුලින්ම තියෙන්නේ පන්සිල් දෙන එකනේ.
ඔන්න දැන් සාදු නමස්කාරය කියන්න කියලා, ටිකක් වෙලා ඉඳලා තිසරණය කියන්න පටන් ගත්තලු.
බුද්ධං සරණං ගච්ඡාමී
සාමාන්‍යයෙන් නමස්කාරය කියන්නේ ඉතා හෙමින් වුණාට අපි පිස්සෝ හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ තිසරණය සහ පන්සිල් සද්දෙ දාලා කියන්න නේ.
නමුත් මෙතන පිස්සන්ගෙන් කිසිම සද්දයක් නෑ ලු.
http://kathandara.blogspot.com/2014/01/all-in-days-work.html

මෙන්න තවත් (අ)සාර්ථක වෑයමක් - Robber poetry
මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.
අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.
ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.
ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.
මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.
එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.
http://kathandara.blogspot.com.au/2014/01/robber-poetry.html

Saturday, January 18, 2014
ටීනේජ් කාලේ කරපු තවත් ලාමක හොර වැඩ - What else can you do? You are just an inexperienced teenager!
ටීනේජ් කාලේ කියන්නේ ගැටවර වියේ කියන එකයි.
ටීනේජ් කිව්වාම ඒකේ හරියටම වයස් සීමාව, ඒ කියන්නේ තර්ටීන් (අවුරුදු 13) සිට නයින්ටීන් (අවුරුදු 19) දක්වා, ප්‍රමාණාත්මකව අඩංගු වෙනවා. නමුත් ගැටවර වියේ කිව්වාම ඔය කියන ගැටේ සයිස් එක ගැන හරියට ප්‍රමාණාත්මකව අදහසක් ගන්න අමාරුයි.
ගැටිස්සී කිව්වාම කේස් එක වෙනස් වගේ! සමහර විට ගැටිස්සියන්ට හිත යන කාලේ කොල්ලන්ට ගැටවරයෝ කියලා කියනවා ඇති.
ඒත් අර ගාමිණී ෆොන්සේකා හෙම රඟපාපු "ගැටවරයෝ" කියන ෆිල්ම් එක රූපවාහිනීයේ යනකොට ද කොහෙද බලද්දී මට පෙණුනේ ඒ ගැටවර නළුවෝ සෙට් එක නං ගැටවරයින්ගේ තාත්තලා වගේ වයසයි කියලයි.
http://kathandara.blogspot.com/2014/01/what-else-can-you-do-if-you-are-just.html

සිටුවරයා සහ වයිෆර්ලා සිව් දෙනා ගැන බුදු සාදු කියා තිබෙන ජොලි ම ජොලි කතන්දරේ :: Rich man and his four wives - evam me sutam
බුදු සාදු ලා ගේ කාලේ ඉතිං රජවරු ගාවට ඉන්න ලොක්කෝ සිටුවරු නේ. මේ අය අද ඉන්න සිටුවරු වගේ බිස්නස් ඩීල්ස්වල අතරමැදියෝ වෙලා ගාණ කපාගෙන සල්ලි හොයපු අය නෙමෙයි, කෙලින්ම බයින් ඇන්ඩ් සෙලින්වලින් සල්ලි හොයපු අය.
අනිත් වෙනස්කම තමයි, අද සිටුවරුන්ට වගේ මේ අයටත් වයිෆ්ලා තුන් හතර දෙනෙක් හිටියාට, ඒවා කෙරිලා තියෙන්නේ අද වගේ හොර රහසේ නොවෙයි, කෙලින්ම එලිපිට.
කොටින්ම බුදු සාදුත් දැනගෙන ඉඳලා තියෙනවා මේ සීන් එක! හැබැයි මොකුත් කියලා නෑ වගේ ඒ ගැන වරදක්.
බුදු සාදු කියලා තියෙන මේ කතන්දරේ ප්‍රොටැගොනිස්ට් සිටුවරයා ට ඉඳලා තියෙනවා වයිෆ්ලාම හතර දෙනෙක්.
පොර හැබැයි මේ හතර දෙනාට සලකලා තියෙන්නේ එක හා සමානව නොවෙයි, වෙනස් ආකාරවලටයි.
එක වයිෆරේකට හොඳට සැලකුවා ලු. සැප දුන්නාලු.
දෙවෙනි වයිෆරේට එච්චරම නැති වුනත් තරමක් හොඳින් සලකලා තියෙනවා.
තුන්වෙනියට ලැබිලා තියෙන්නේ මද සැලකිලි විතරයි.
හතරවෙනි වයිෆරේට කිසිම සැලකිල්ලක් ලැබිලා නෑ!
http://kathandara.blogspot.com/2014/01/rich-man-and-his-four-wives-evam-me.html

Tuesday, January 14, 2014
බ්ලොග් ලියන අය ළමයි කාලේ කළ දේවල් ලිවීම සහ ළමයි වගේ බ්ලොග් ලිවීම - Childish poems
මං මේ මුලින් කියන කතාව සිංහල බ්ලොග් ලෝකයේ වෙන සමහර වැඩ වලට සම්බන්ධ කරගන්න නම් එපා!
විටින් විට අපි කොයි කාටත් ළමා වියට යන්න හිතෙනවා. ඒ කාලේ වගේ පොඩි පොඩි දඟ වැඩ කරන්න හිතෙනවා. පල ඇති ගස්වලට ගල් ගහන්න හිතෙනවා. අපිට වඩා දක්‍ෂ අය ගැන, අපිට වඩා එක එක ගැජමැටික් තියෙන අය ගැන පොඩි ඉරිසියාවක් හිතෙනවා. දෙමව්පියෝ අපට වඩා අපේ නංගීට හෝ මල්ලීට ආදරෙයි කියා හිතෙනවා.
සමහර විට ලොකු වුණාට පස්සෙත් ඒ ළමා ගති ටික ටික එළියට එනවා.
ඒ මොනවා වුනත් ළමා කාලේ මං කරපු, අදත් මං හරිම කැමති එක දෙයක් තමයි කවි ලිවීම.
http://kathandara.blogspot.com/2014/01/blog-post.html

Sunday, January 12, 2014
ආලෝකයේ වේගය යනු කුමක්දැයි අත්දුටුවෙමි! - Just 355 more days to go!
අපේ බැචාලා පිරිසක් එක නිවාඩුවක ගියා තවත් බැචෙකුගේ ගෙදර. මට නං ඒ ගමන යන්න වුනේ නෑ.
ඔය වගේ ට්‍රිප් එකක් ගිහින් ආවාම ඉතිං කාඩ් කෝටියයි නේ.
ඒ දවස්වල කියවුණු ඒ වගේ එක කතාවක් තමයි, බැචා ගේ ගෙදරදී උදේට කන්න ඉඳිආප්ප දුන්නාම අපේ එකෙක් කොච්චර වේගයෙන් කාගෙන කාගෙන ගියාද කියනවා නම් පිඟානේ ඉඳලා උගේ කටට නිකං සුදු පාට රේඛාවක් ඇදෙනවා විතරයි පෙනුණේ කියන එක. මූ ආලෝකයේ වේගයට සමාන වේගයකින් තමයි ඉඳිආප්ප ගහලා ඇරලා තියෙන්නේ.
http://kathandara.blogspot.com/2014/01/just-355-more-days-to-go.html

එක්තරා බ්ලොග්කාරයෙක් කැම්පස් විභාගයකින් ෆේල් වූ බව හෙලිදරව්වේ! - What a shame!
පහුගිය දා ඒ ලෙවල්ස් හෙවත් උසස් පෙළ විභාග ප්‍රතිපල ආපු වෙලේ ඒ විභාගෙන් ඉහලින්ම පාස් වුණු ළමයින් පස් දෙනාට විභාගේ නියම වීරයෝ ටික එකතුවෙලා තමන්ගේ පොකැට් එකෙන් තෑගි දෙන අවස්ථාව ගැන මං ලියපු කතන්දරේ මතකයි නේද?
ඔය උසස් පෙළ විභාගේ පාස් වෙලා විශ්ව විද්‍යාලයට යන්න තියෙන අමාරුකම හින්දම, ඒ චාන්ස් එක වැදුණු ගොඩක් දෙනා හිතනවා, එතැන ඉඳලා නිකං වැඩේ හරිම ලේසියි නිකං බයිසිකලයකින් පල්ලමක් බහිනවා වගේ ඇති ය කියලා.
නමුත් ඔය වැඩේ ඒ හිතන තරම් ලේසි නෑ!
http://kathandara.blogspot.com/2014/01/what-shame.html

අහිකුණ්ටික සාස්තරේ - Who wins the next presidential election? - Now that's the question to ask!
ඔය ලංකාවේ ඉන්න අහිකුණ්ටික කියන ජන කොටස ඔහේලා අපි වගේ නොවෙයි ඉතාමත් කිට්ටු ඉන්දියානු සම්භවයක් තියෙන අය. ඒ අය වැඩි දෙනෙක් කතා කරන්නේ ආන්ද්‍ර ප්‍රදේශයේ භාවිතාවෙන තෙලිඟු මිශ්‍ර භාෂාවක්.
මේ මිනිස්සු එක තැන ඉන්නේ නැතිව තැන් තැන්වල ඇවිදිමින් ජීවත්වෙන ජිප්සීස් ලා ජාතියක්. යුරෝපය පුරා පැතිරිලා ඉන්න රෝමානි ජිප්සීස්ලාත් මේ වගේම ඉන්දියාවෙන් එහේට ගිය ජනකොටසක් ය කියලයි කියවෙන්නේ. ඒ අය ගිහිල්ලා තියෙන්නේ නං දැන් අවුරුදු දාහකටත් වඩා කලින් කාලෙකයි.
http://kathandara.blogspot.com/2014/01/who-wins-next-presidential-election.html

Tuesday, January 7, 2014
මිරිසවැටිය අසල සිටි අහිකුණ්ටික ගැහැණිය - Under construction
පොඩි කාලේ මට මතකයි අනුරාධපුරයේ අටමස්ථානවල පොටෝ එක්ක විස්තර ප්‍රින්ට් කරලා තියෙන ලොකු වෝල් පෝස්ටර් එකක් තිබුණා අපේ ආච්චිලා ගේ ගෙදර.
එතන තිබුණු රුවන්වැලි සෑය, අභයගිරිය, ජේතවනාරාමය වගේ අපි සාමාන්‍යයෙන් දන්නා ආකාරයේ චෛත්‍යවලට වඩා වෙනස් හැඩයක් තිබුණු චෛත්‍යයක් තමයි මිරිසවැටිය.
මං දෙකේ පන්තියේ දී ගිය අපේ පවුලේ විනෝද චාරිකාවේදී ඇස් දෙකින්ම දැක්කා මිරිසවැටිය චෛත්‍යයේ උඩ කැල්ල නැති බව. ඉතිං උඩ කෑල්ලයි, යට කෑල්ලයි දෙකම තියෙන දහසක් චෛත්‍ය අතරේ, මේ යට කැල්ල විතරක් තියෙන මිරිසවැටිය අසමසම (යුනික්) එකක් විදියට දීර්ඝ කාලයක් මගේ මතකයේ තිබුණා.
අනුරාධපුරේ තියෙන මොකක් දෝ චෛත්‍යයක් ගැන අපි පොඩි කාලේ අහල තිබුණු එක්තරා කතන්දරයක් මෙන්න මෙහෙමයි.
http://kathandara.blogspot.com/2014/01/under-construction.html

Sunday, January 5, 2014
මහාචාර්ය ලා තුන් දෙනා ගේ කතන්දරේ - What if this is not true?
මේ කතන්දරේ මං අහලා තියෙන ලූ වර්ගයේ කතන්දරයක් මිසක් කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙන නිසා නම් ගම් වෙනදාටත් වඩා වෙනස් කරලායි කියන්න වෙන්නේ. ඔරිජිනල් කතන්දරේට වඩා පොඩි පොඩි වෙනස්කම් තියෙන්නත් ඉඩ තියෙනවා.
ඔන්න එකමත් එක රටක විශ්ව විද්‍යාලයක වැඩකරමින් හිටියා යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නාම මහාචාර්යවරුය කියමුකෝ.
එක යාළුවෙක් ගමේ විදියට ම ඉන්න කැමති ගමේ පොරක්. නම පද්මසිරි.
http://kathandara.blogspot.com/2014/01/what-if-this-is-not-true.html

Friday, January 3, 2014
ජයසේන ගේ අනතුරු හැඟවීම - Jaysena's warning
මගෙන් එලෙස බ්ලොගය පිළිබඳ විස්තර ලැබුණු එක් මිත්‍රයෙක් වූයේ ජයසේනයි. එදින සවස නිවසට ගිය වහාම මගේ මේ අළුත් ඉන්ටර්නෙට් සයිට් එක කියවා බලන බවට ඔහු පොරොන්දු විය.
ඊලඟ සතියේ ජයසේන මුණ ගැසුණු විට ඔහු කතා කලේ තරමක් කල්පනාකාරීවය.
"මං ඔහේ ගේ ඉන්ටර්නෙට් සයිට් එක බැලුවා!" ඔහු කියා සිටියේය.
"ඒ කවි හොඳයි, හොඳ සින්දු හදන්නත් පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඒත් ඔහොම ඒවා හැමෝටම පේන්න ඉන්ටර්නෙට් එකේ දැමීමේ ලොකු අවුලක් තියෙනවා නේද?" ජයසේන අවධාරණය කර අසා සිටියේය.
"ඒ මොකක්ද ජයසේන?"
http://kathandara.blogspot.com/2014/01/jaysenas-warning.html

නව වසරේ පොෂ් ක්‍රමයට පොල් රොටී හදමු - HNY2U
මං දැන් මාස කීපයකට කලින් රොටී හදලා කාපු හැටි ගැන කතන්දරයක් ලියා පල කළා.
එදා මං හදපු රොටී ගැන ලැබුණු එක ප්‍රතිචාරයක් තමයි මොකද ඒ රොටී එක එක සයිස් කියන එක.
ඒ විතරක් නොවෙයි, කාලයක් තිස්සේ රොටි හදලා තියෙන මට තේරුණු දෙයක් තමයි සාමාන්‍ය ක්‍රමයට රොටී අතින් වඩලා, තුනී කරලා හදන කොට, ඒ රොටීවල ඝණකමත් එකිනෙකට වෙනස්වෙන බව සහ හරියට රවුමට, ලස්සනට රොටී ටික සේරම හදාගන්න අමාරුයි කියන එක.
ඒ හින්දා මේ නව වසර සඳහා මං අත්හදා බැලුවා ඒ සියළු දෝශ කෝප තත්වයන්ගෙන් තොරවූ නියර් පර්ෆෙක්ට් පොල් රොටී හදා ගන්නා ක්‍රමයක්.
මේක පොල් රොටී හදන පොෂ් ක්‍රමයක් කියලා කියන්න පුළුවනි.
මෙන්න ක්‍රමය.
http://kathandara.blogspot.com/2014/01/hny2u.html

Tuesday, December 31, 2013
හාල්පාරුවෝ සහ හාල් කෑලි - Best among the rest
ඒ මට මතක විදියට මා උසස් පෙළ නිමවා ගන්ධබ්බ ජීවියක් ගතකරන කාලයේ විය යුතුය. එක් දිනක් මම අපේ අංකල් ගේ බයිසිකලයේ නැගී රත්මලාන ප්‍රදේශයේ මංමාවත්වල කරක් ගැසුවෙමි.
මට යා යුතු නිශ්විත තැනක්, කළ යුතු වෙනත් කාර්යයක් නොමැති වූ නිසා අංකල් ගේ නිවසේ සිට බෙලෙක් කඩේ දෙසට විත්, එතැනින් ගාළු පාරෙන් අනෙත් පසට ගොස් දුම්රිය පොළ පැත්තේ ඔහේ පැදගෙන ගියෙමි.
සමහර විට මා එකම පාරේ දෙතුන් වරක් මේ ලෙස යන්නට ද ඇත.
එක්වරම මා දුටු කොලුවෙක් "මෙන්න හාල්පාරුවෙක්!" යැයි කෑ ගැසීය.
http://kathandara.blogspot.com/2013/12/best-among-rest.html

Sunday, December 29, 2013
විහිළු නොදන්නා විහිළුකාර අංකල්! - Know your limits, people!
මගේ අංකල් ලා කීප දෙනෙක් ගැන මා මීට පෙර කතන්දර ලියා ඇත. ඒ කාලයෙන් පසුව මිය පරලොව ගිය එයින් එක අංකල් කෙනෙක් ගැන මතක සටහනක් තියන්ට ගිය විට එක්තරා බ්ලොග්කාරිනීයක් එය දුටුවේ මුග්ධ ප්‍රතිචාරයක් කියායි.
ඒ කෙසේ වෙතත් අද මා ලියන්න යන්නේ ද අංකල් කෙනෙක් ගැනය.
මේ අංකල් සෑහෙන්න විහිළුකාරයෙකි. දැන් නං ඉතිං පැන්ෂන්කාරයෙක් ද වේ. ඒත් විහිළුවලින් නම් දැන්මම පැන්ෂන් යන පාටක් පේන්නට නැත.
මගේ මේ විහිළුකාර අංකල් පැන්ෂන් යෑම ගැන කියූ අපූරු කතාවක් මම නැවත කතන්දරයක් ලෙස ලියා කලින් දවසක මේ බ්ලොගයේ පළ කළෙමි.
අපේ විහිළුකාර අංකල් මා දන්නා දවසේ සිටම හරි විහිළුකාරයෙකි.
http://kathandara.blogspot.com/2013/12/know-your-limits-people.html

Friday, December 27, 2013
අපිට කෙලවෙන්නේ ඇයි? - Meet real A/L heroes
ඉගෙන ගෙන විභාග පාස් වෙන්නට ඇති අමාරුව එසේ පාස් වුණු උන් හොඳින් දනිති. ෆේල්වුණු උන් ද එය දනිති. ෆේල් වුණු වුන් නොදන්නේ විභාගයක් පාස් වුණු විට හිතට දැනෙන ජොලියයි.
විභාග පාස් වුණු විටත් එයින් හොඳම ජොලිය එන්නේ පන්තියේ පළමුවෙනියා වී හෝ පාසලේ හෝ දිස්ත්‍රික්කයේ හෝ නැතිනම් සමස්ත ලංකාවේන පළමුවෙනියා වී පාස් වූ විටය.
මං පොඩි කාලේ පන්තියේ පළමුවෙනියා වීමේ ජොලිය විඳ ඇත්තෙමි. කතන්දරහාමිනේ නං ඊට වඩා ගොඩක් ඉහලින් ඇති පළමුවෙනි තැන් ද අරගෙන ඇත.
http://kathandara.blogspot.com/2013/12/meet-real-al-hereos.html

Subscribe to:
Posts (Atom)