දැන් අවුරුදු දෙකකට කලින් මං මේ බ්ලොග් එකේ තේරවිල්ලක් පල කළා. ඒක ඔරිම ඔරිජිනල් එකක් හින්දා අපේ කෂ්ටියට තෝරන්න සෑහෙන කාලයක් ගියා. මෙන්න ඒක කතන්දරේට පාර.
ඒ තේරවිල්ලෙන කියවුණේ පරම්පරාවෙන් පරම්පරාවට යන චක්කරයක් ගැනයි.
අද මං මේ කියන්න යන්නේත් ඒ වගේම චක්කරයක් ගැනයි.
හැබැයි මේක විෂම චක්කරයක්. අප විසින් පිටු දැක අවසන් කළ යුතු විෂම චක්කරයක්!
මෙන්න මං කියන්න යන පළමුවෙනි කතන්දරය.
http://kathandara.blogspot.com/2014/03/stop-it-right-there.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Friday, March 28, 2014
අපේ අයියලා ගේ (සහ නංගිලා ගේ) හෝමෝෆෝබියාව - One step forward, two steps backward?
මේ දිනවල ලෝක ශූරතා විස්සයි විස්සේ ක්‍රිකට් තරගාවලිය බංගලාදේශයේ දී පැවැත්වේ. කලාතුරකින් ක්‍රිකට් මැච් නරඹන, ඊටත් වඩා කලාතුරකින් ක්‍රිකට් ක්‍රීඩා කරන මා එසේ කලාතුරකින් ක්‍රීඩාකරන විට පා දඟ පන්දු යවන්නේ වමතිනි. පන්දුවට පහරදෙන්නේ ද වමතිනි.
වමත් පිතිකරුවන් සහ පන්දු යවන්නන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහ වෙනත් ජාතික කණ්ඩායම්වල ද සිටියද ඒ සුළුතරයකි.
බහුතරයක් ක්‍රිකට් ක්‍රීඩකයෝ මෙන්ම ලෝකයේ බහුතරයක් පුද්ගලයෝ ද දකුණත්කාරයෝ ය. මා ද පෑනකින් පැන්සලකින් ලියන්නේ දකුණු අතෙනි. බත් කන්නේ ද දකුණතිනි.
http://kathandara.blogspot.com/2014/03/one-step-forward-two-steps-backward.html

Wednesday, March 26, 2014
බඩගිනිවෙලා මා ගිය කල පුතුගෙ ගෙට - Childhood story-time
ඒ කාලේ මට අවුරුදු හතක් විතර ඇති. ඒ කියන්නේ මගේ මල්ලිලා ට වයස හයක් සහ හතරහමාරක් වගේ ඇති.
එදා රෑ අපේ අම්මා කුස්සියේ උයමින් හිටියා. අපේ තාත්තාගේ මහ ගෙදර කුස්සිය කියන්නේ පොඩි කාමරයක් නිකං අඩි 8x12 වගේ. ඒකේ එක පැත්තක බිම ලිප් තුනක් හදලා තිබුණා. උඩින් තිබුණේ ලීවලින් හදලා තිබුණු දුම. ඒ දුමේ තමයි හැලිවලං තිබුණේ.
කුස්සියේ අනිත් පැත්තේ මුළු ඉඩම පිරෙන්න ලොකු ලී පෙට්ටියක් තිබුණා අපේ තරමටම උස. ඒ පෙට්ටියේ තිබුණේ ආච්චී ගේ කුඹුර වගා කරලා ලබා ගන්න වී අස්වැන්නයි.
http://kathandara.blogspot.com/2014/03/childhood-story-time.html

Saturday, March 22, 2014
මැදිවිය යනු කුමක්ද? - What is the middle age?
මට මැදිවිය යනු කුමක්ද කියන ප්‍රශ්ණය තදින්ම යලිත් හිතුණේ ඊයේ මං සඳහන් කරපු මියගිය පීටර් පෙරේරා ගේ "මැදිවිය ද තරුණය!" කියන බ්ලොග් එකේ නම හින්දයි.
මට මතකයි මං පුංචි කාලේ අපේ තාත්තා ගේ, බාප්පලා ගේ වයසට මාත් කවදා හරි පත්වෙනවා නේද කියලා ගැන හිතුණාම බුදු අම්මෝ කියලා කියනවා. දැන් මගේ ඒ කියන වයසටත් වැඩිය වැඩිමල්, වයස දොළහක් වෙන මගේ පුතාටත් මං ගැන එහෙම හිතෙනවා විය යුතුයි.
නමුත්, දැන් තමයි ඇත්තටම හිතෙන්නේ ඒ මොන විහිළුවක් ද කියලා!
මොනවා වුනත් මේ මැදිවිය කියන්නේ මොකක්ද?
http://kathandara.blogspot.com/2014/03/what-is-middle-age.html

මැදිවිය ද තරුණය! නමුත් අද තරමක් දුක හිතුණු දවසක් - Death of a blogger
මාස කීපයකට කලින් දවසක මං කතන්දරයක් ලිව්වා අර අමරසිරි පීරිස් ගේ "හන්තානට පායන සඳ" සින්දුවේ රිවර්ස් ඇක්ෂන් එක ගැන.
දවසකට විතර පස්සේ මං වෙන බ්ලොග් එකක මාතෘකාවක මේ ගැන කියවෙනවා දැකලා ඒ මොකක්ද කියා බලන්න ගියාම තමයි මුලින්ම "මැදි වියද තරුණය!" කියන බ්ලොග් එක ඇස ගැටුණේ.
ඒ බ්ලොග් එකේ දුරු රටක ඉන්න මැදිවියේ පිරිමියෙක් ලංකාවේ ඉන්නා තමන් කාලෙකට ඉස්සර ලව් කරපු නමුත් දැන් විවාහක ඉස්කෝලේ හාමිනේ කෙනෙකුට ලියන ලියුම්වල අනුසාරයෙන් කියවුණේ තරමක දුක්බර ආදර කතාවක්.
http://kathandara.blogspot.com/2014/03/death-of-blogger.html

බල්ලා බත් කයි කතන්දරේ කියූ නැන්දාගෙන් තවත් කතන්දරයක් - Political debates among middle-aged people
පොඩි කාලේ වැඩිහිටියන්ගෙන් කතන්දර අසා රස විඳ නොමැති අය වේ නම් ඒ ඉතා සුළු පිරිසක් විය යුතුය. "අනේ, කතන්දරයක් කියන්නකෝ?" යනුවෙන් කෙරෙන අපේ ඉල්ලීම් ඇතැම් විටෙක ඔවුනට කරදරයක් වෙන්නටද ඇත. නමුත් ඒ ඉල්ලීම් සෑම විටෙකම පාහේ ඉටු කෙරිණි.
මා කුඩා කාලයේ තාත්තාගෙන් කතන්දරයක් කියන්නැයි ඉල්ලූ විට ඔහු කියූ ඉබි පැටවුන් ගේ කතන්දරය ගැන මම මීට පෙර දිනක කීවෙමි. ඒ කෙසේ වෙතත් තාත්තා අපට නොයෙකුත් ඉතිහාස කතන්දර රාශියක් කියා දුන්නේය. ඉතිහාසය තාත්තා ගේ ප්‍රියතම විෂයක් විය.
මා පළමුවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කාලයේ මට "බල්ලා බත් කයි, කොල්ලා හූ කියයි!" යනුවෙන් වාක්‍යයක් පවසා නිර්මාණාත්මක ලේඛනය ගැන පාඩමක් කියා දුන් නැන්දා ඔබට මතක ඇතැයි සිතමි.
http://kathandara.blogspot.com/2014/03/political-debates-among-middle-aged.html

වෙන්ඩ සින්දුව වෙච්ච වගයි! - Yet another dream comes true!
අමරසේකරකාරයා ගේය පද සාහිත්‍යය ගැන මොනවා කිව්වත් මං හිතන විදියට නම් කවියක් සින්දුවක් වෙනවා කියන්නේ ඒ කවිය කාලයක් පවතින්න, කීප දෙනෙකුගේ හෝ හිතේ මතකයේ රැඳිලා තියෙන්න තියෙන ඉඩකඩ වැඩිවෙනවා.
කොටින්ම මෑත යුගයේ හොඳම සිංහල කවියා විදියට සැලකෙන මහගම සේකර ගේ කවිවලට වඩා පොදු ජනයා අතර රැඳී තියෙන්නේ, ඒ කියන්නේ දනන් තුඩ තුඩ රැව් දෙන්නේ, පොර ලියපු, අමරදේව ලා, නන්දා මාලිනී ලා ගායනා කරපු සින්දු තමයි.
ගේය පද කියන්නේ සිංහල කාව්‍යය නමැති කෙත පුරන් කරන වල්පැල ය කියලා අමරසේකරකාරයා කියන කොට මට නං එහෙනං බම්බු ගහ ගනිං කියලා කියන්න හිතෙන්නේ ඒකයි.
http://kathandara.blogspot.com/2014/03/yet-another-dream-comes-true.html

Saturday, March 15, 2014
කාරෙකෙන් ගිය අංකල් ගේ කතන්දරය මෙන්න සුද්ද සිංහලෙන්ම - Keep away from Carbon Monoxide
මං පෙරේදා ලියපු අර ශල්‍යකර්මයකට පස්සේ සිහිය එන මනුස්සයෙක් එතකොට අහල පහල හිටිය ලස්සන ගෑණු කෙනෙක් තමන්ගේ බිරිඳය කියලා දැන ගෙන පුදුමවෙන "ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!" කතන්දරය කියවපු පාඨක අංකල් කෙනෙක් තමන් මේ ඊයේ පෙරේදා විඳපු අත්දැකීමක් මට ලියලා එවලා තිබුණා.
මේ කතාව අපි හැමෝටම කවදා හරි දවසක, කවදා හරි වෙලාවක, ඉතා වැදගත් වෙන්න ඉඩ තියෙන නිසා, අද දාන්න හිටිය මගේ විදුහල්පති අංකල් කෙනෙක් ගැන කතාව පසුවට කල් දලා, ඊට වඩා වැදගත් මේ ප්‍රායෝගික වැදගත්කමක් තියෙන කතන්දරේ පලකරන්න හිතුණා.
මෙන්න ඒ කතන්දරේ. අවධානයෙන් කියවන්න.
http://kathandara.blogspot.com/2014/03/carbon-monocide.html

Wednesday, March 12, 2014
ජැක්පොට් එක ඇදුණා - Brownie points to last forever!
මේ කතන්දරේ මං දැනගෙන ටික දවසක් වෙනවා. නමුත් අදයි මේක ලියලා දාන්න වෙලාවක් ලැබුණේ.
දැන් අපි ජීවත්වෙන හැම වෙලාවකම අවට තියෙන වාතය ආශ්වාස කරනවා නේද?
ඒක නිකම්ම වගේ කෙරෙන නිසාත්,
අර ෂොපින් සෙන්ටර් එකේ ටොයිලට් එකට යද්දී වගේ රුපියල් දහයක් දෙන්න ඕනෑ නැති නිසාත්,
අපිත් ඔහේ හුස්ම ගන්නවා,
පෙනහැල්ල වැඩ කරනවා,
හාට් එක පම්ප් වෙනවා,
ලේ ගමන් කෙරෙනවා,
අපි ජීවත්වෙනවා.
http://kathandara.blogspot.com/2014/03/brownie-points-forever.html

Monday, March 10, 2014
කතන්දරකාරයා කියවන බ්ලොග් - Not just a "my car, my petrol" case
අන් සෑම බ්ලොග්කරුවන් මෙන්ම මම ද බ්ලොග් පාඨකයෙක් මි. පාඨකයෙකු ලෙස මා කියවන බ්ලොග්වල ලයිස්තුව මේ බ්ලොගයේ දකුණු අත පැත්තේ දක්වා ඇත.
මුළදී මෙය තිබුණේ එක ලයිස්තුවක් ලෙසයි. පසුව සිංහල බ්ලොග්කරුවන් ගේ සංසදයේ බ්ලොග් කියවනයේ පොලිටිකල් බ්ලොග් වෙන් කොට ඒවා කුස්සිය පැත්තේ කාමරයට දැමූ පසු මා කළේ මගේ ලයිස්තුවේ තිබූ පොලිටිකල් බ්ලොග් වෙනමම ලයිස්තුවකට ගොනුකොට එය ඉදිරියට ගැනීමයි.
එයින් මද කලකට පසු කාන්තාවන් ලියන බ්ලොග්වලට කරන සැලකීමක් ලෙස මා කළේ මගේ ලයිස්තුවේ තිබූ ඒ කැටගරියේ බ්ලොග් එකට ගොනු කොට ඒ ගොනුවට ඉහළම ස්ථානය දීමයි. මෙදිනම සෙසු බ්ලොග් මා කියවන කතන්දර සහ මා කියවන කවි ලෙස වෙන් වෙන්ව ගොනු කළෙමි.
http://kathandara.blogspot.com/2014/03/not-just-my-car-my-petrol-case.html

බල්ලා බත් කයි, එතකොට කොල්ලා? - My first lesson in creative writing
"බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න" කියා සමහර නිවෙස්වල ගේට්ටුවේ බෝඩ් ගසා තියෙනවා දැකලා ඇති නේද? ඒ සමහර තැන්වල බල්ලන් ඇත්තේම නැත. ඉන්නා තැන්වලද බොහෝ විට ඉන්නේ එකෝම එක බල්ලෙකි.
එනමුත් බල්ලන්ගෙන් කියා මිස "බල්ලාගෙන් ප්‍රවේශම් වෙන්න!" කියා ඒක වචනයෙන් අනතුරු හඟවා තියෙනවා මා දැක ඇත්තේ එකම එක වරක් පමණි. එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්ස්" කියා නොව එහි "බිවෙයාර් ඔෆ් ද ඩෝග්" කියා ලියා තිබුණි.
එලෙස බෝඩ් ලෑලි නැති නිවෙසක් අසලට පැමිණ බල්ලා බැඳලා ද? කියා ඇසීම සාමාන්‍ය සිරිතකි. බල්ලා දුටුවහොත් සහ ඌ බුරාගෙන පැන්නොත් බල්ලා කයි ද? කියා ඉබේම වගේ ඇසේ. මේ වගේ ප්‍රශ්නවලට "අපොයි ඌට තාම බඳින වයසක් නෑ!" කියා හෝ "දුන්නොත් නං ඌ කයි ඕනෑම දෙයක්!" යනාදී වශයෙන් පිළිතුරු දීම උචිත නොවේ. බල්ලන් තමන් ගැන එවැනි කච කැඩිච්චි කතා කියණු ඇසීමට අකමැතිය.
http://kathandara.blogspot.com/2014/03/my-first-lesson-in-creative-writing.html

Wednesday, March 5, 2014
පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!
අර සුද්දෝධන රජ්ජුරුවෝ තමන්ගේ පුතාට නමක් දාගන්න වාත වෙච්ච හැටි ගැන කියවෙන කතාව දන්නවා නේ?
ඒ දවස්වල අහුබුදුවන් හිටියේ නෑනේ. ඉතිං වෙන බමුණෝ ටික දෙනෙකුට එන්න කියලා කන්න බොන්න දීලා පුතාව පෙන්නලා තාත්තා කියලා තියෙනවා කොල්ලට නමක් දාලා දෙන්නැයි කියලා.
බමුණෝ කරලා තියෙන්නේ නිකම්ම නිකං නමක් දාන්නේ නැතුව කොලු පැටියා ගේ අංග ලක්‍ෂණ හෙම බලලා ඇඟිලි එක දෙක උස්සලා අනාවැකි කියන්න පටන් ගත්තු එකයි.
කොහොමින් හරි අන්තිමේදී 'සිද්ධාර්ථ' කියලා නමක් දැම්මාලු.
http://kathandara.blogspot.com/2014/03/come-see.html

කොල ඉරුණු යුරෝපයේ චාරිකාව - Unfinished business
දැන් දවස් දෙක තුනකට කලින් බකමුණු කතා බ්ලොග් එකේ පලවුණු "රොමාගේ වාසනාව සහ බස්සාගේ අවාසනාව" කියන කතන්දරේ කියවන කොට තමයි මට මේ අද මං කියන්න යන කතන්දරේ සිහියට ආවේ.
මේක මං පොඩි කාලේ කියවපු පොතක් ගැනයි.
බස්සා බාගෙට කියවලා තිබුණු පොත වගේම මේ මං කියවපු පොතෙත් කොල ඉරිලා, කැඩිලා ගිහිණුයි තිබුණේ.
පොතේ මුල හරියේ කොල කීපයක් අඩුයි. ඒක නං වැඩියෙම අවුලක් වුණේ නෑ කතාව අල්ලාගෙන යන්න. නමුත් පොතේ අවසානය තිබුණු කොලත් කැඩිලා ගිහින් තිබුණු එකේ පාඩුව නම් දරාගන්න බැරි වුණා.
http://kathandara.blogspot.com/2014/03/unfinished-business.html

Friday, February 28, 2014
සබන් කෑල්ලක කතන්දරයක් - Soap Comradery
ඔන්න නොකිව්වැයි කියන්නෙපා, මේ අද මං කියන්න එන කතන්දරේ මහ ලොකු කේස් එකක් නෑ. මේක නිකම්ම නිකං සබන් කෑල්ලක කතන්දරයක් විතරයි.
ඉස්සර අපි පොඩි කාලේ අපේ ගෙදර පාවිච්චියට තිබුනේ එක සබන් කෑල්ලයි. මං කියන්නේ ඇඟේ ගාන සබන්. රෙක්සෝනා, ලක්ස්, සඳුන්, සමන්, කොම්ඹ, ඩෙටෝල්, ලයිෆ්බෝයි වගේ ඒවා. රෙදි හෝදන්න ගත්තු සන්ලයිට්, ස්නෝවයිට් නැත්තං පස්සේ කාලේ වොන්ඩර්ලයිට් වගේ ඒවා නොවෙයි!
අම්මයි, තාත්තයි, මායි, මල්ලිලා දෙන්නයි පාවිච්චි කෙරුවේ ඒ එකම සබන් කෑල්ලයි.
ලොකු මහත්වෙලා පේරාදෙනියේ සිර දඬුවම විදින්නය යනකොට තමයි හා හා පුරා කියලා මට ම කියලා සබන් කෑල්ලක් ගත්තේ. සබන් කෑල්ලක් විතරක් නොවෙයි ප්ලාස්ටික් සබන් පෙට්ටියකුත් ගත්තා!
http://kathandara.blogspot.com/2014/02/soap-comradery.html

Tuesday, February 25, 2014
චන්ද්‍රිකා කුමාරණතුංග ගේ තාත්තා හෙවත් බණ්ඩාරණායක ගැන අනුර පුතා කියූ කතාවක්! - "What-if" analysis
මං මේ කියන්න යන කතන්දරේ පත්තරේක තිබීලා කියෙව්වේ දැන් අවුරුදු දහයකට පාළහකට විතර ඉස්සර කාලෙක.
මේ ලඟදී මේ ගැන ආපහු සිහියට ආවේ මතුගම හිටපු මන්ත්‍රී කෙනෙක් සහ ඇමති කෙනෙක් වෙන කන්නංගර ගැන W3Lanka එකේ පැරා ලියපු ලිපිය නිසායි.
ඇස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරණායක කියන්නේ ලංකාවේ හතරවෙනි අගමැතිවරයායි. පොර ගේ සම්පුර්ණ නම සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක. ඉපදිලා තියෙන්නේ 1899 දී. දේශපාලන පලිගැනීමකට වෙඩි තියලා මරලා දාලා තියෙන්නෙ 1959 දී යි.
http://kathandara.blogspot.com/2014/02/what-if-analysis.html

Thursday, February 20, 2014
හෝඩියේ පන්තියේ සිත්තරාවිය - Wonder years
දවසේ පැය විසි හතරෙන් අප අවදිව සිටින එයින් තුනෙන් දෙකකටත් වැඩි කාලය පුරා, වසරේ තුන්සිය හැටපස් දවස පුරා, අප අවට සිදුවන, අප නෙත් ගැටෙන, අපට අසන්නට ලැබෙන, අප අත්දකින, සියක් දහසක් දර්ශන, සංසිද්ධි, කතාබහ අතරින් වසර ගණනාවකට පසුවද නොමැකී මතකයේ රැඳි තිබෙන්නේ කවර ඒවාද යන්න තීරණය වෙන්නේ කුමන සාධක මතද යන්න මට සැමදා ඇති ප‍්‍රශ්නයකි.
අද කළ යුතු දේ අමතක වුවද, ඊයේ රාත‍්‍රියේ ආහාරයට ගත්තේ මොනවාදැයි දැන් මතකයේ රැඳී නොමැති වුවද, දශක ගණනාවකට කලින් එක් දිනයක සිදුවුණු සමහර අති සරල කුඩා සිදුවීම් අද ද මතක පොතෙන් නොමැකී තිබීම පුදුමයක් ම වේ.
මේ එවැනි එක් සුන්දර මතකයක් ඔබ හා බෙදා ගන්නට කාලයයි.
http://kathandara.blogspot.com/2014/02/wonder-years.html

වැඩේ හිතෙන තරමටම ලේසි නෑ! - It was not that easy!
මාක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුක් උගුලට මං අහුවෙලා ඇබ්බැහි වෙලාද කියලා බලන්න සතියක උපවාසයකට නිරත වෙලා ඒක ජය ගත්තට පස්සේ මගේ ඊළඟ ව්‍යාපෘතිය වුණේ ලැරී පේජ් ගේ බ්ලොගර් එකෙන් ගැලවිලා සතියක් බ්‍රහ්මචරියාවෙන් ඉන්න පුළුවනි ද කියලා ටැස් කොරලා බලන එකයි.
ඒ සතිය අද උදේ ගෙවුණා.
මේ ලියන්නේ මගේ ඒ අත්දැකීම කෙටියෙන් හරි ඔහේලා එක්ක බෙදා ගන්නයි.
http://kathandara.blogspot.com/2014/02/it-was-not-that-easy.html

මාර්ක් ෂුකර්බර්ග් ගේ ෆේස්බුකියට කොකා පෙන්නූ සිංහල බ්ලොග්කාරයා සහ පොර ගේ මීලඟ ඉලක්කය - One down, many to go!
කලින් දවසක මං කතන්දරයක් කිව්වා මතකයිනේ ඕනෑම දේකට ඇබ්බැහි වීම නරක දෙයක් නිසා, ඒ විදියට ඇබ්බැහි වෙලාද කියලා හොයාගන්න හොඳම ක්‍රමය තමයි ඒ පුරුද්දෙන් ටික කාලෙකට අයින්වෙලා ඉන්න එක කියලා.
ඉතිං ඒ කිව්වා වගේම පහුගිය අඟහරුවාදා ඉඳලා මං ෆේස්බුකියෙන් ලොග් අවුට් වුනා. ගෙදර කම්පියුටරයේ, ෆොන් එකේ හැම තැනකින්ම බුකිය අයින් කරලා දැම්මා. හැබැයි ඉතිං එහෙම ලොග් අවුට් වෙන්න කලින් ඒ බව කියලා ස්ටේටස් අප්ඩේට් එකක් කරන්නත් අමතක කලේ නෑ!
මගේ සැලසුම වුණේ සතියක් බුකියෙන් පිටමං වෙලා ඉන්නයි.
http://kathandara.blogspot.com/2014/02/one-down-many-to-go.html

Sunday, February 9, 2014
ගොරක යකා, දත් දොස්තර යකා සහ පිස්සු යකා - He is still around!
බහුතරයක් පොඩි එවුන් වගේම මාත් පොඩි කාලේ දෙමව්පියන්ගෙන්, ආච්චී සීය ලා ගෙන්, අනිත් වැඩිහිටියන්ගෙන් රසවත් කතන්දර අසා දැනගෙන තියෙනවා.
අපේ තාත්තා නිතරම අපිට කියපු කතන්දරයක් තමයි ඉබි පැටව් තුන්දෙනා ගේ කතන්දරේ. ඒ ගැන මං අවුරුදු තුනකට විතර කලින් දවසක ලිව්වා.
ළමයින්ට කියන සාමාන්‍ය සුරංගනා කතාවලට වැඩියෙන් මගේ සිත ගත්තේ නං යක්කු ගැන කතන්දරයි. ඒකට හේතුව සමහර විට ඔය කියන සුරංගනාවෝ කියන කට්ටිය බොහෝවිට බටහිර චරිත වීම වෙන්න ඕනෑ. අපි ඉතිං කවදත් කැමති දේශීය දේවල්වලට නේ! අන්න ප්‍රායෝගික ජාතික චින්තනය!!
http://kathandara.blogspot.com/2014/02/he-is-still-around.html

බංගලාදේශ්කාරයා ගේ ස්තුති කතාව - Talking tips from your friend Mr Bangiya!
මේ දවස්වල සංගක්කාර් බංගලාදේශයේ වාර්තා පිට වාර්තා තියාගෙන යනවා. තව ටික දවසකින් පොර තෙන්ඩුල්කාර්වත් පරද්දන්න බැරි නැහැ ඔය යන විදියට.
බංග්ලාදේශ් ගැන ඇහෙන කොට මට මතක් වුණේ මට තරමක් දන්නා බංගලාදේශ්කාරයෙක්වයි.
මට මුලින්ම බංග්ලාදේශ්කාරයෙක්ව මුණ ගැහුණේ මං පස්තාච්චි කුපාඩි වැඩේට තායිලන්තේ ගිහින් තැප්ප කාලේයි. අපි ඒ දවස්වල බංග්ලාදේශ්වලට කිව්වේ ඔළිද රට කියලයි. බංග්ලාදේශ්කාරයින්ට කිව්වේ බංගියෝ කියලයි.
http://kathandara.blogspot.com/2014/02/talking-tips-from-your-friend-mr-bangiya.html

ෆේස් බුකියට, බ්ලොග් ලිවීමට, කියවීමට, කමෙන්ට් කිරීමට ඇබ්බැහි වී ඇති දැයි දැනගන්නා ක්‍රමය මෙන්න! - Testing if you are really addicted to FB and Blogging!
ඕනෑම දේකට ඇබ්බැහි වීම හොඳ නැතිබව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
අරක්කු බීම, සිගරැට් බීම, ගංජා, හෙරොයින් බීම වගේ දේවල්වලට විතරක් නොවෙයි, ගේම් ගැසීම, ෆේස් බුකියේ කල්මැරීම සහ බ්ලොග් ලෝකයේ සැරිසැරීම, ලිවීම, කීයවීම, කමෙන්ට් කිරීම වගේ දේවලටත් එකසේ ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා හොඳටෝම.
ඉතිං මොකක්ද මේ ඇබ්බැහි වීම කියන්නේ? කොහෙමද ඒ බව දැනගන්නේ?
http://kathandara.blogspot.com/2014/02/testing-if-you-are-really-addicted.html

Monday, February 3, 2014
තවත් බ්ලොග් කියවනයකින් වැඩක් තියේද? - Oh, no, not again?
වාළුකා කාන්තාරයේ සිට ලිපි ලියන සෙරන්ඩිබ් ඔටුවා ගේ ඔටු කතා බ්ලොග් එක ගැන ලියලා අත ගන්න කලින් මට ඊයේ වාර්තාවුණු ආකාරයට තවත් අළුත්ම සින්ඩිකේටරයක් දොරට වැඩලා තියෙනවා.
මේකේ නම රට ගිය ඇත්තෝ.
එතැන දැක්වෙන විදියට මෙහි අරමුණ ලංකාවෙන් පිටවෙලා වෙනත් රටවල දැනට ජීවත්වෙන අය ලියන බ්ලොග් එකට එකතු කරන්නලු.
විවිධ රටවල ඉන්න අතරේ සිංහල අමතක නොකර කියවීම, ලිවීම හොඳ දෙයක් බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.
මාත් හරිම ආසයි විවිධ රටවල ජීවත්වෙන අපේ අය ඒ ඒ රටවල් ගැන, සමාජය ගැන, පරිසරය ගැන ලියන ලිපි කියවන්න.
http://kathandara.blogspot.com/2014/02/oh-no-not-again.html

වාලුකා කාන්තාරයෙන් ඇසෙන ඔටු කතා - Enter the camel
මං ඉපදෙන්නත් ඉස්සර අපේ අම්මාගේ ඥාති වැඩිමහල් සොහොයුරියක් එංගලන්තෙට ගිහින් තියෙනවා රැකියාවට. ඇය හෙදියක්. එහෙට ගිහින් රැකියා කරලා දැන් පැන්ෂන් ගිහින්.
මං මුණවීර ගේ ගුවන් ගමන ගැන ලියපු කතන්දරේ හිටපු බාප්පාත් ඒ වගේ සිංගප්පූරුවේ රස්සාවට ගිය කෙනෙක්. ඇයි, එංගලන්තේ ගිය අංකල්?
ඒ දවස්වල රට රස්සාවකට යනවා කියන්නේ එහේම පදිංචි වෙනවාය කියන එකයි.
ලංකාවේ ඈයෝ පිටරට රැකියාවලට යෑම කියන එකේ මූලික වෙනසක් සිද්ධ වුනේ අරාබිකරයේ රස්සාවලට යෑම පටන් ගත්තු කාලෙයි. ඒ හින්දා තමයි දයානන්ද ගුණවර්ධන ගේ මධුර ජවනිකා නාට්‍යයට ඩුබායි කාන්තාව ගැන වෙනම ජවනිකාවක් ම ඇතුලත් කරළා තිබුණේ.
http://kathandara.blogspot.com/2014/02/enter-camel.html

ලංකාව චීනයේ යටත් විජිතයක් වුනොත් හිතේ හැටියට බොන්න පුළුවන් වෙයිද? - Oh, these Chinese!
දැන් ඉතිං ලංකාවේ හැම ලොකු ප්‍රොජෙක්ට් එකම පාහේ කෙරෙන්නේ චීන කොම්පැනිවලින් නේ.
මේකෙන් කිරිමැටි කන ලංකා කිඹුලන්ට හොඳ කාලෙකුත්, අසරණ ගැරඩියන්ට, තලගොයින්ට නරක කාලෙකුයි උදාවෙලා තියෙනවා කියලයි ආරංචිය.
චීනෙන් ගත්තු ණය ගෙවා ගන්න බැරි වුණොත් ලංකාව චීනෙට සින්න වෙන්නත් ඉඩ තියෙනවා.
ණය අරගෙන ඒකේ හිලව්වට නොවුණත්, අර ඉස්සර කෝට්ටේ යුගයේදීත් චීන හමුදාවක් ඇවිල්ලා ලංකාවේ රජවෙලා හිටිය අලගක්කෝණාර් කෙනෙක්ව ද කොහෙද අල්ලං ගියා කියලා කියනවානේ!
http://kathandara.blogspot.com/2014/01/oh-these-chinese.html

වයසට යෑම නොහොත් අද අද එයි මරු පින් කර ගන්නේ! - Donkey to Camel transformation
ළමා කාලේ ඉඳලා කොලු කාලෙට එළැඹීම හෙවත් කොල්ලා ලොකුවීම ගැනත්, එතැන් සිට තරුණ වියට පිවිසීම ගැනත් මං කතන්දර දෙකක් ලිව්වා දැන් ටික දවසකට කලින්.
ඒ දෙකටම පදනම වුනේ මගේ ම අත්දැකීම්.
මේ සති අන්තයම අවිවේකයෙන් ගෙවිලා, ඒ මදිවාට අද සඳුදා ගත්තු අතිරේක නිවාඩුවත් ගෙවිලා ගියාට පස්සේ තමයි තේරුණේ, ජීවිතයේ පසු කාලීනව එළැඹෙන අදියර වෙන් කරලා හඳුණා ගන්නේ කොහොමද, ඒ එක් එක් අදියරකින් ඊලඟ එකට පැනීම නිසැකවම තේරුම් ගන්නේ කොහොමද කියලා.
කාල වේලාව කොච්චර හිඟ වුණත් ඒ අත්දැකීම ගැනත් පොඩි වචනයක් දෙකක් ලියලා දාන්න හිතුණා!
http://kathandara.blogspot.com/2014/01/donkey-to-camel-transformation.html

බෝල්ස් ඇජස්ට් කිරීම - Secret balls adjustment
මගේ බැචෙක් වෙන සහම්පති විසින් මුලින්ම සොයා ගෙන අත්හදා බලා ප්‍රකාශයට පත්කරණ ලදුව මවිසින් ෆයින් ටියුනින් කර කතන්දරයකින් ඉදිරිපත් කරන ලද තියොඩලයිට්ටුව ආධාරයෙන් ජොකා නිවරදිව ඇඳීමේ ක්‍රමය මතකද?
ඔය කොයි විදියට ජොකා ඇන්දත්, පැය කීපයක් යනවිට පරම්පරා කුට්ටම එහේ මෙහේ වෙන්න ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට පිරිමි අපි කොයි කවුරුත් කරන දෙයක් තමයි පොඩ්ඩක් එහෙට මෙහෙට ඇජස්ට්මන්ට් එකක් කරගන්න එක.
ප්‍රසිද්ධ ස්ධාවවල ඉන්නවා නම් මේක කරන්න ඕනෑ හොර රහසේ වැඩිපුර කාටවත් නොතේරෙන්න නේ.
http://kathandara.blogspot.com/2014/01/secret-balls-adjustment.html

Saturday, January 25, 2014
සුදු ජාතික බෞද්ධ භික්‍ෂුව හිර ගෙදරට! - Monk and the prisoners
ඊයේ මේ කතන්දරේ කියන්න පටන් ගන්න කලින් හිතට ආපු පෙර කතාව ලියලා ඉවර වෙන කොට මේක ලියන්න වෙලාව ඉතුරු වුනේ නෑ. ඒක නිසා වෙනදා කතන්දර පලකරන දිනක් හැර දිනක් පිළිවෙල පොඩ්ඩක් අමතක කරලා මේ වැඩේ ඉවරයක් කරලා දාන්න හිතුණා!
මේකත් "ලූ" කතන්දරයක්.
අපි දන්න සේරම බණ කතාත් ඉතිං "ලූ කතන්දර" නේ.
ඔන්න සුදු ජාතික බෞද්ධ භික්‍ෂුවක් ඉන්නවා ලු අජාන් බ්‍රහ්ම් කියලා. එංගලන්තේ ඉපිදිලා "ඔරිජිනල්" සියම් නිකායක මහණ වුණු කෙනෙක්. ඒ නිසා තායිලන්තේ වනවාසී භික්‍ෂුන් ගේ පිළිවෙත තමයි ලු ගෙනියන්නේ.
http://kathandara.blogspot.com/2014/01/monk-and-prisoners.html

ෆේස් බුක් එකේ වල්මත් වුණු බ්ලොග්කරුවන් දෙදෙනෙකුට සහ බ්ලොග්කාරියකට පණිවිඩයක් - Listen you three bloggers lost in facebook!
දීර්ඝ කාලයක් තිස්සේ ලැබූ මගේ ඒ අත්දැකීම අනුව බ්ලොග් ලියන සහ නිරතුරු බ්ලොග් කියවන අපි සියළු දෙනාම පාහේ කුඩා කළ සිටම පොත් පත් කියවීමට සහ කවි, කතන්දර ලිවීමට ප්‍රිය කළ අය වෙමු.
අද වෙනත් තරමක් ආකාරයක පිස්සුවක් ලෙස අප මේ නටන්නේ ද එදා නැටූ පිස්සුවමය.
ලියන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ කියවීම එදාට වඩා පලබර වී ඇත.
එලෙසම කියවන්නා සමග කෙලින්ම සම්බන්ධවීමට හැකි නිසා අපේ ලිවීම එදාට වඩා පලබර වී ඇත.
ඉතින් අපි තවදුරටත් මඩවලේ නටන ඌරු පැටවුන් මෙන්, එසේත් නැතිනම් මල්ගොමුවල සරන මී මැස්සන් මෙන් බ්ලොග්වල ඇලී ගැලී සිටිමු.
බ්ලොග් ලෝකය මෙන්ම අන්තරාදායී වුවද මට වැටහෙන හැටියට බ්ලොග් ලෝකය තරම් පලදායී නොවන තවත් මර උගුලක් නම් ෆේස් බුකියයි.
http://kathandara.blogspot.com/2014/01/listen-you-three-bloggers-lost-in.html

Wednesday, January 22, 2014
පිස්සන් කොටුවට ගිය සාදු - All in a days work!
මුලින්ම කියන්නම් පිස්සන් කොටුවට ගිය සාදු ගේ කතන්දරේ. මේක හුඟ දෙනෙක් අහලා තියෙන එකක් නිසා මෙන්න ඉතා කෙටියෙන්.
ඔන්න එක දවසක් හාමුදුරුනමක් ගියාලු පිස්සන් කොටුවට බණක් කියන්න.
මුලින්ම තියෙන්නේ පන්සිල් දෙන එකනේ.
ඔන්න දැන් සාදු නමස්කාරය කියන්න කියලා, ටිකක් වෙලා ඉඳලා තිසරණය කියන්න පටන් ගත්තලු.
බුද්ධං සරණං ගච්ඡාමී
සාමාන්‍යයෙන් නමස්කාරය කියන්නේ ඉතා හෙමින් වුණාට අපි පිස්සෝ හැමෝම වගේ පුරුදු වෙලා ඉන්නේ තිසරණය සහ පන්සිල් සද්දෙ දාලා කියන්න නේ.
නමුත් මෙතන පිස්සන්ගෙන් කිසිම සද්දයක් නෑ ලු.
http://kathandara.blogspot.com/2014/01/all-in-days-work.html

මෙන්න තවත් (අ)සාර්ථක වෑයමක් - Robber poetry
මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.
අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.
ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.
ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.
මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.
එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.
http://kathandara.blogspot.com.au/2014/01/robber-poetry.html

Subscribe to:
Posts (Atom)