මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.
අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත!
දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මංතුමා පොඩි කාලේ ඉඳලාම සමහර එළවළු ජාති කන්න අකමැතියි.
http://kathandara.blogspot.com/2014/06/hidden-treasure.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Sunday, June 29, 2014
පරණ බඩු සහ අළුත් බඩු - Old is gold?
පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද?
කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද? යැයි ඇසීම එවැන්නකි.
මෙයට නිවරදි පිළිතුරු දෙකකි.
එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය.
හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද? යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" යන්නය.
අද මා මේ කතන්දරය ලියන්නේ එවැනි වෙනත් වැදගත් කරුණක් ගැන කතා කරන්නයි.
මේ තේරවිල්ල බලන්න.
http://kathandara.blogspot.com/2014/06/old-is-gold.html

Wednesday, June 25, 2014
හොඳයි කොරලා කෝ බලමු එහෙනං - Who dares wins..!
මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක්. හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම.
ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි) මූදු මාළු කෑවා.
මහනායකලාත් අබෞද්ධ වැඩක් කියා පස්සෙන් පහු තීරණය කරපු මිරිදිය මාලු නං කෑවෙම නෑ වගේ. ඔන්නං එක දවසක් කාලා ඇති.
මස් කෑවෙත් මගුල් ගෙවල්වල හරි නෑදෑ ගෙදරක හරි ගියාම විතරයි. ඒත් ඉතිං බොහෝ විට චිකන් විතරයි. හරක් මස්, ඌරු මස් වගේ ජාති තාමත් අපේ මහ ගෙවල්වල උයන්නේ නෑ සාමාන්‍යයෙන් අද වුණත්.
ඒත් විස්ස විජ්ජාලෙට යන්න ගෙදරින් පිටවුණාට පස්සේ ඒ සේරම වෙනස් වුණා. මස් නැත්තං කොහොමද අර අක්බාර් හෝල් එකේ මුදලාලි ගේ බත් පිඟාන කන්නේ? මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි!
පස්සෙන් පහු මස් හෝ මාළු ජාතියක් නැතුව බත් කෑමක් නැති වුණා, හාල්මැස්සෝ සහ කරවල ජාති කියන්නේ කලාතුරකින් කන ඩෙලිකසි එකක් බවට පත්වුණා!
අර පින්වන්ත කුමාරියෙක් ගැන කතන්දරේත් මේකට කෙළින්ම සම්බන්ධයි.
ඉතිං අද කතන්දරේ මේකයි.
http://kathandara.blogspot.com/2014/06/who-dares-wins.html

Saturday, June 21, 2014
ගණංකාර කතන්දර දෙකහමාරක් - Anyone for "user pays"?
අද මට කියන්න හිතුණා පොඩි ගණංකාර කතන්දර දෙක හමාරක් විතර.
මීට කලින් 2011 ඔක්තෝබරයේ දී ත් මං මේ වගේ කතන්දරයක් ලිව්වා ලස්සෙට කොඩිය නම් බිලියනේට දාන්නේ මොකක්ද? කියන නමින්.
ඊට පස්සේ ඒක දෙගුණයක් කරලා තවත් කතන්දරයක් ලිව්වා 2012 අගෝස්තුවේ දී කැකිරි, පිපිඤ්ඤා, චීන පටස් රතිඤ්ඤා සහ මිලියනය කියන නමින්.
මේකත් ඒ කැටගරියේ එකක් තමයි.
http://kathandara.blogspot.com/2014/06/blog-post_21.html

කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් - Silly me!
අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද?
සමහරවිට එහෙම වෙන්නේ මොකක් හරි දෙයකින් ඒ මතකය නැවත උත්තේජනයවීම හින්දා වෙන්න ඇති, එහෙම නැත්තං ඒක නිකම්ම නිකං අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.
අද කියන්න යන මේ කතන්දරේට සම්බන්ධ සිද්ධිය හදිසියේම මගේ මතකයට ආවේ ඇත්තටම ඇයි කියලා මට තාම හිතාගන්නට බෑ.
අර මං කලින් දවසක ලියපු කූණිස්සෙකුගේ මතකය වගේ නොවිසඳුණු කේස් එකක් මේකත්.
මේකයි කතන්දරේ.
http://kathandara.blogspot.com/2014/06/blog-post.html

අඩෝ මරක්කලයා! - Hey you seafarer!
අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි අතිශය මානුශික සංකල්ප අනුව තම ජීවිතය හැඩගසා ගන්නට අපට හොඳින් උදව්කර ගත හැකි බුද්ධ ධර්මයට නිගා දෙන ගණින්නාන්සේලා පිරිසක ගේ උසි ගැන්වීම් සහ එයට වක්‍රාකාරව උල්පන්දම් දෙන ඇතැම් දේශපාලුවන් ගේ ක්‍රියාදාමය නිසා රටම නැවතත් අගාධයට වැටෙන්නට යන මේ මොහොතේ, එකී එක් ගණයෙකු ගේ අධෝ මුඛයෙන් පිටවූ වදන් වැලක් මට අන්තර්ජාලය හරහා අසන්නට ලැබුණි.
එහිදී ඔහු කීප විටක්ම පැවසු වචනයක් වූයේ "මරක්කලයින්" යන්නයි.
"මරක්කලයින්" යන්නද "හම්බයින්" යන වචනයද සාමානයෙන් මුස්ලිම් ජාතිකයින් යැයි හැඳින්වෙන ඉස්ලාම් ආගම අදහන ජන කොටසට එක්තරා ආකාරයකට නිග්‍රහ කිරීම සඳහා වර්තමානයේ දී භාවිතා වෙන බව අපි දනිමු.
එසේ වුවද, අප සමහරුන් සමහර විට නොදන්නා කරුණක් නම්, මේ "මරක්කලයින්" හම්බ "හම්බයින්" යන වචන වලට මුල්වී ඇත්තේ මුහුදු තරණය සඳහා යොදා ගන්නා ලද බෝට්ටු වර්ග දෙකක් බවයි.
http://kathandara.blogspot.com/2014/06/hey-you-seafarer.html

නපුරු පෙම්වතෙකු ගේ චූල්ල කතා වස්තුව - Cruelty defined!
මේ නපුරු පෙම්වතා මට මේ කතන්දරේ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින්. දශක දෙකක් විතර වගේ ගෙවිලා ගිහින් තිබුණත්, කතන්දරේ සාරාංශය එදා වගේම අදත් ඒ විදියටම වැදගත් කියලයි මට හිතෙන්නේ.
ඒ හින්දා තමයි මට හිතුනේ මෙච්චර කාලයක් පොරොත්තු ලේඛනයටවත් දාන්නේ නැතුව හිටපු මේ ඉතා කෙටි කතන්දරේ අද ලියලා දාන්න.
කතා නායකයාට නමක් අවශ්‍යම නෑ, හැබැයි ඕන්නම් කියමුකෝ ආසිරි කියලා.
ආසිරි මේ කියන කාලේ ලව් කේස් එකක පැටලිලා හිටියා ප්‍රියානි කියලා කෙල්ලෙක් එක්ක. දෙන්නාම විසි ගණංවල මුල හරියේ හොඳ තරුණ වයසේ.
http://kathandara.blogspot.com/2014/06/cruelty-defined.html

Sunday, June 15, 2014
සිංහල ළමයින් ට දෙමල ආරේ නම්? - Is this a new trend?
ළමයින් ගේ නම් ගැන මං මීට කලින් කතන්දර කීපයක්ම ලියලා තියෙනවා.
ඒවායින් මං කැමතිම කතන්දරයක් තමයි අර එක පවුලක මුලින් උපන්න කෙල්ලෝ තුන්දෙනාට නියම ලස්සනට රයිම් වෙන නම් දාපු දෙමව්පියෝ හතරවෙනියා පුතෙක් වුනාම ඒ තමන්ගේ නීතිය තමන්ම කඩලා අංජබජල් නමක් දාපු කේස් එක.
නම් ගැන කතාකරන කොට සිංහල අයට සාමාන්‍යයෙන් වාසගමක් කියලා එකක් තියෙනවා නේ.
අපේ තාත්තලා ගේ සහ ඊට උඩ පරම්පරාවල මේ වාසගම ආවේ සාමාන්‍ය ක්‍රමයට නමේ මුලටයි. අපේ කාලේ වෙනකොට ඒක ඉංගිරිසි ක්‍රමයට නමේ අගට එකතු වුණා. සමහරු තාමත් මුලටයි අගටයි දෙකටම පාවිච්චි වාසගම කරනවා.
http://kathandara.blogspot.com/2014/06/is-this-new-trend.html

Thursday, June 12, 2014
නිරුවත් රූමතියෝ - Naked Beauties
ඉංගිරිසියෙන් ටීනේජ් (teenage) යැයි පොදුවේ හැඳින්වෙන ගැටවරවිය යනු අප ළමාවියෙන් තරුණ වැඩිහිටි වියට යන ගමනේ දී ගතකරන එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් ලෙසින් හැඳින්විය හැකිය.
ගැටවර වියේ මුල් අඩවියේ දී අපේ හැසිරීම් ළමා කාලයට වඩාත් සමීපවද, ගැටවර වියේ අවසාන අඩවියේ දී අපේ හැසිරීම් තරුණ වැඩිහිටි කාලයට වඩාත් සමීපවද ක්‍රියාත්මක වෙන බව අපි අත්දැකීමෙන් ම දනිමු.
උසස් පෙළ හදාරන කාලයේදී මේ ගැටවර හෝමෝන උතුරා යන්නට පටන් ගත් විට, සිරුරේ ඇතිවන වෙනස්කම් සමගම සිතේ ද අමුතු සිතුවිලි හට ගන්නට පටන් ගනී. සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පාඩමේදී කියා දුන් පොඩි පොඩි ලිංගික කරුණු වලට අමතරව වෙනත් ක්‍රමවත් අධ්‍යාපනික පැහැදිලි කිරීමක් අපට කිසි විටක පාසලෙන් හෝ නිවසෙන් හෝ නොලැබුණු නිසා ඒ බෝට්ටුවේම සිටින සම වයසේ මිතුරන්ගෙන් ලැබෙන අනිසි අදහස් සහ උපදෙස් මත අපේ සිත් තරමක් දුරට හෝ හැඩ ගැසීම වැලැක්විය නොහැකිය. අප හැදුණු වැඩුණු සමාජය මේ සම්බන්ධයෙන් අපේක්ෂා කළේ ද එය විය හැකිය.
http://kathandara.blogspot.com/2014/06/naked-beuties.html

විජ්ජාවෙන් හොඳම විජ්ජාව ගැලවිජ්ජාව! - Gelavijja Stage Drama by Nishman Ranasinghe
මට මතකයි මං නමයේ පන්තියේ ඉන්න කාලේ තමයි අන්තිමට තාත්තාගෙන් ගුටියක් කෑවේ.
ඒ ඉස්කෝලෙන් පස්සේ නාට්‍ය තරගයක් බලන්න ගෙදරට නොකියා නතරවෙලා පරක්කු වෙලා ආපු හින්දයි.
එදා ඒ නාට්‍යයේ රඟපාපු අපේ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයින්ගෙන් අඩු වශයෙන් දෙන්නෙක් අද ලංකාවේ සුප්‍රසිද්ධ නළුවෝ.
ඒ ගුටි කෑමෙන් පස්සේ (ඇත්තටම නිකං ටොක්කක් සහ කණ මිරිකීමක් විතරයි) මං ඒ නාට්ට කලාවට තිබුණ ඇල්ම පොඩ්ඩක් පස්සට දැම්මා. ඒ විස්තර පසුව ලියන්නම්.
ඊට පස්සේ පේරාදෙනියේ කම්මලේ ඉන්න කාලේ ඔය "ෆෙෂර්ස් වෙල්කම්", "ෆැකල්ටි ඩේ" වගේ දවස්වල පොඩි පොඩි විනාඩි දහයේ ස්කිට් ලියලා රඟපෑවට ලොකු ප්‍රොඩක්ෂන් එකකට සෙට් වෙන්න ට්‍රයි කරපු දෙපාරම ඒ චාන්ස්වලට කෙල වුණා!
http://kathandara.blogspot.com/2014/06/gelavijja-stage-drama-by-nishman.html

Saturday, June 7, 2014
කඩල ආච්චී - Gram seller (ඇනෝනිමසකු ගේ තර්ජනයකට බියෙන් ලියන ලද කතන්දරයකි!)
මා ගමේ කණිෂ්ඨ පාසලේ උගත් කාලයේ එක්සත් ජනපදයේ ආධාර ක්‍රමයක් යටතේ නිපදවුණු විස්කෝත්තු තුන බැගින් අපට විවේක කාලයේ දී නොමිලේ ලැබුණි. ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු වර්ගය රසයෙන් කෙසේ වුවද හැඩයෙන් නයිස් විස්කෝත්තු සේ විය. එකල බහුතරයක් පාසල් සිසුන් දිවා කාලයේ තම කුස පුරවා ගත්තේ මේ විස්කෝත්තුවල පිහිටෙනි.
විස්කෝත්තු කෑමෙන් පසු මා පානය කළේ අම්මා උදෑසන මිශ්‍රකර ප්ලාස්ටික් බෝතලයක් පුරවා දෙන හැලිබොරේන්ජ් නම් වූ කෝඩියල් වර්ගයයි. කෝඩියල් නැති දවස්වල පාසලේ ළිදෙන් වතුර පනිට්ටුවක් ඇදගෙන රිසි සේ බීවෙමු. පහේ පන්තියේ දී පාසලේ ලිඳ සිඳී ගිය නිසා දෝ අපට පන්තියේ දී ම බොන්නට කලගෙඩියක් පුරා වතුර තිබුණි.
http://kathandara.blogspot.com/2014/06/gram-seller.html

Friday, June 6, 2014
දුක යනු කුමක්ද? - No time to do anything!
චතුරාර්ය සත්‍යය ඕපන් සෝස් සංකල්පයකි යන මැයෙන් මම කලකට පෙර කයි-කතන්දරයක් ලියුවෙමි. ඒ මාත්‍යකාව හුදෙක්ම මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගත කළ මුල් කාලයේ ලියූ කවියකට පෙරවදනක් සැපයීම පිණිස සකසන ලද්දක් වූවද, මගේ ඒ ඕපන් සෝස් සංකල්පයකි යන හැඳින්වීමට අදාල කයි-කතන්දරය එය කියවූ කීප දෙනෙකු ගේ විවේචනයට ද ලක්විය.
අද නම් මම එවැනි බඹරුන්ට ගල් ගැසීමක් කරන්නට අදහස් නොකරමි.
මට කියන්නට අවශ්‍ය වී ඇත්තේ, දුක යනු කුමක්ද යන්නය. මෙය වර්තමාන කාලයේ මගේ පුද්ගලික අත්දැකීම් මත පදනම් වූ අර්ථ දැක්වීමක් පමණි. එසේම මෙය කවියක් හෝ කවියක් වගේ එකක් හෝ නොවේ.
http://kathandara.blogspot.com/2014/06/no-time-to-do-anything.html

සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාව – A geriatric joke
රෝහල් සායනක පොරොත්තු කාමරයක සීයලා තුන් දෙනෙක් කතා බහක නිරතව සිටියහ.
එක් සීයා කෙනෙක් මෙලෙස පැවසීය.
"මගේ වයස දැන් අසූවයි. මට තියෙන ප්‍රශ්ණේ තමයි මේ චූ කරන්න අමාරු එක. ඔන්න මං උදේ හතට නැගිටිනවා. එතැන ඉඳලා උදේ අට විතර වෙනකං කරන්නේ ටිකෙන් ටික චූ දාන එකයි. එක පාරට දාන්නත් බෑ. කොච්චර දැම්මත් ඉවරයක් නෑ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක්!"
ඒ ඇසූ දෙවෙනි සීයා මෙසේ පැවසීය.
http://kathandara.blogspot.com/2014/06/geriatric-joke.html

කයි කතන්දර ලිවීමත් කලාවක් ද? - How to become an artiste?
තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි.
ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා. ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා තියෙනවා.
පසු කාලෙක ඔය කවි ලිවීම ගැන මං හිතවතෙකුට ලියා යැව්වේ මෙහෙමයි.
අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දුටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරයි රාලේ
මගෙ කවිකමට ඉතුරුව ඇත්තේ සාලේ!
http://kathandara.blogspot.com/2014/05/how-to-become-artiste.html

Friday, May 30, 2014
ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩලාට (සහ වයිෆරේලාට) ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there!
මාර වැඩේ!
මට අමතක වුණා!
හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.
මොකක්ද දන්නවාද?
අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.
දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා.
එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.
නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.
http://kathandara.blogspot.com/2014/05/for-all-husbands-and-wives-out-there.html

බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop
පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.
බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.
හතේ පන්තියේ දී විතර තමයි මට අර මිගදායේ කේස් එක වුණේ.
ඒ වගේ බුද්ධාගම ගුරුවරු අතරේ අටේ පන්තියේ බුද්ධාගම උගන්වපු ටීචර් වගේ හොඳ ගුරුවරුත් හිටියා.
http://kathandara.blogspot.com/2014/05/ant-and-honey-drop.html

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture
කලබල වෙන්න කාරි නෑ!
මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි.
මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.
දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.
මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා පරිවර්තක කටයුතු කෙරුවේ ආචාර්ය නන්දසේන රත්නපාල.
http://kathandara.blogspot.com/2014/05/killing-vs-torture.html

Saturday, May 24, 2014
සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!
විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය (Allied Health Sciences) කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!
එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා!
අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් තමයි.
උනුයි, මුනුයි නැතුව අරුං ආණ්ඩුවක් පිහිටෙව්වා වුනත් ඔය ප්‍රශ්ණ විසඳිල්ලේ වැඩි වෙනසක් වේවි ය කියලා මං හිතන්නේ නෑ.
http://kathandara.blogspot.com/2014/05/equals-and-unequals.html

ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy!
සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ.
හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!
දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක.
මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න වැඩේ හරි ගියේ නැති නිසා, කතන්දර හාමිනේ ගේ ගමන් පහසුව පිණිස පදිංචි වෙලා හිටියේ ගම්පහ අර රිමෝට් කොන්ට්‍රොල් ඇන්ටි ගේ ඇනෙක්සියේයි.
ඔය කියන කාලේදීම තමයි මං කලින් දවසක කියපු "අඩෝ! උඹ බැඳලා නේද යකෝ?" කියන කේස් එක වුණෙත්.
http://kathandara.blogspot.com/2014/05/free-and-easy-travel-plan-goes-crazy.html

කාන්තාවක් සමග මහ වැස්සේ කුඩයක් යට කිටි-කිටියේ තුරුලූ වී ඇවිද ගියෙමි - It is Spring again!
මං දැන් ටික දවසකට කලින් පරණ හින්දි ෆිල්ම් එකක ඩීවීඩි එකක් බැලුවා. මට මතක විදියට ආරාධනා ද කොහෙද නම. රාජේෂ් කන්නා සහ ෂර්මිලා තාගෝර් තමයි රඟපෑවේ.
මේකේ අළුත (හොරෙන්) බැඳපු ජෝඩුවක් ඉන්නවා. මිනිහා ඉන්දියන් එයාෆෝස් එකේ පයිලට් කෙනෙක්. පොර ගැණිගෙන් සමු අරගෙන ඩියුටි යනවා. ගියා ගියාමයි ආයේ එන්නේ නෑ!
පස්සේ මේ සිංගල් මදර් තමන්ගේ ඒ වෙනකොට කුසේ හිටිය දරුවාව හදා ගන්න කතාව තමයි මේ මූවි එකේ තියෙන්නේ මට මතක විදියට.
දිගටම ඩීවීඩී එක බලාගෙන යද්දී මට මෙතන පොඩි අවුලක් අවුලක් තියෙනවා වගේ දැනුණා.
http://kathandara.blogspot.com/2014/05/its-spring-again.html

Sunday, May 18, 2014
හැපි බර්ත්ඩේ බුදු සාදු! - Happy Birthday Buddha!
වෙසක් උත්සවය සමරන්න මං හැපි බර්ත්ඩේ බුදු සාදු! කියලා ෆේස් බුකියේ දාලා තිබුණු ස්ටේටස් අප්ඩේට් එක දැක්ක සමහරු ඒ ගැන තරමක අප්‍රසාදය පළ කරලා තිබුණා.
අප්‍රසාදය ඒ විදියට තරමකින් නතර වුනේ නං ඉතිං ෆේස් බුකියේ ඉන්නේ පොතේ හැටියට යාළුවෝ නිසාත්, ඒ යාළුවන්ට ඇනෝනිමස් ආතල් ගන්න බැරි නිසාත් වෙන්න පුළුවනි!
මගේ උත්තරේ වුනේ මේකයි.
ඇයි ඉතිං ඒ හැපි බර්ත්ඩේ බුදු සාදු! සුභ පැතුමේ තියන වරද?
http://kathandara.blogspot.com/2014/05/happy-birthday-buddha.html

ලියන අප්පුලා ගේ කතන්දරයක් හෙවත් "මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ දේවල් ද?" - Writing for fun!
මං අතීත-අනතීත පොඩි සිදුවීම් දෙකක් අල්ලලා කතන්දරයක් ලියාගෙන ගියත් ඒක ටිකක් දිග වෙච්ච හින්දා පස්සේ හිතුනා කෙටියෙන් මගේ පොයින්ට් එක විතරක් ලියන්න.
මෙන්න අතීත සිද්ධිය
මේ කතන්දර බ්ලොග් ලියන්න කලින් මං මගේ පාසල් ජීවිතයේ විවිධ සිදුවීම් ගැන කතන්දර කීපයක් ලියලා තිබුණා. සඟරාවක් කරන පොරක් මට ලිපියක් ලියන්න කියලා ආරාධනාවක් කළ වෙලේ මං ඒවායින් දෙක තුනක් දුන්නා. පොරත් ඒවා පළ කළා.
http://kathandara.blogspot.com/2014/05/writing-for-fun.html

Tuesday, May 13, 2014
ඉතාලියේ දී මා දුටු බංග්ලාදේශ්කාරයෝ - Bangladeshi's in Italy
පසුගිය වසරේ මට සතියක පමණ කාලයක් ඉතාලියේ නගර දෙක තුනක සංචාරයක් කරන්නට පොට්ට චාන්ස් එකක් ලැබුණා.
මං ඒ කාලේ අහපු දැකපු දේවල් ගැන කතන්දර කීපයක්ම ලිව්වා සමහර විට ඔබ කියවන්නට ඇති. ඒ දවස්වල අමතක වුණු එක කාරණයක් අද අන්සතු දිනපොත බ්ලොගයේ චිතගොන් හි නැව් කැඩීම ගැන තිබුණු ලිපිය කියවද්දී හදිසියේ මතක් වුණු නිසයි මේ ලියන්නේ.
අපි ඉතාලියේ රෝමා නගරයේ විවිධ ඓතිහාසික තැන් නරඹන්නට ගියා දවස් හතර පහක්. ඒ වගේම ෆිරැන්සියා හෙවත් ෆ්ලොරන්ස්වල දවසකුත් වැනීසියා හෙවත් වෙනීස්වල දවස් දෙකකුත් කල් ගත කළා.
http://kathandara.blogspot.com/2014/05/bangladeshis-in-italy.html

ජේමිස් පැකර් කේස් එකේ වගේ ගෑණියි මිනිහයි විරසක වුණාම යාළුවෝ එක පැත්තක් ගන්න එක හරි ද? - Till death do them apart!
මේ කතන්දරේ (ඇත්තටම කතන්දර කීපයක්ම තියෙනවා මෙතන) සිහියට ආවේ මේ ඊයේ පෙරේදා අර ලංකාව ගලවා ගන්න එනවාය කියන දේවදුතයා වෙන ජේමිස් පැකර් ගොයියා දාවිත් ගින්ජල් කියන හාදයෙක් එක්ක කළාය කියන ගුස්ති පොරය ගැන ආරංචිය කණ වැටුණු වෙලේයි.
ජේමිස් සහ දාවිත් දෙන්නා ගජ යාළුවෝ ලු මේ වෙනකල් ම. කොටින්ම මුං දෙන්නාම තමයි මුං දෙන්නා ගේ දෙවෙන මනමාලයෝ විදියට ඉඳලා තියෙන්නේත්.
නමුත් දෙන්නා මේ මෑතකදී විරසක වුණා. ඒකට හේතුව ලෙස සැලකෙන්නේ ජේමිසා තමන්ගේ බිරිඳව දික්කසාද කිරීම යි. දැන් පොර ඊට වඩා තරුණ, රූමත් නිරූපිකාවක් එක්ක සෙට් වෙලා ලු.
මෙතනදී වෙලා තියෙන්නේ ජේමිසා ගේ දෙවෙනි මනමාලයා වෙච්ච දාවිතා තම මිතුරා ගේ හිටපු ගෑණි ගේ පැත්ත ගැනීමයි.
මේ වගේම පොඩි කේස් දෙකකට විතර මටත් මූණ දෙන්න වෙලා තියෙනවා.
http://kathandara.blogspot.com/2014/05/till-death-do-them-apart.html

කලකට පස්සෙමි, වෙළකට බැස්සෙමි - Long time no see!
කතන්දර 1,000 ක් ලියපු මහන්සියේ හති අරින්න සතියක නිවාඩුවක් ගන්න කියලා ප්ලෑන් කළාට අන්තිමේදී ඒක සති හතරක් විතර දිගට ඇදුණා ටිකෙන් ටික.
ඔය අතරේ බ්ලොග් අවකාශයේ වලි ගැන එකෝම එක කතන්දරයක් ලියා පල කරන්න ඉඩ ලැබුණත්, අනිත් මුළු කාලයම ගත වුනේ ලිවීමේ කටයුතුවලින් මුළුමණින්ම බැහැර වෙලයි.
ඒ අතරේ ඉඳලා හිටලා දවසක, දුවන ගමන්ම ෆෝන් එකෙන් ලොග් වෙලා බ්ලොග් තුනක් හතරක් කියෝලා කමෙන්ටුවක් දෙකක් දාගත්තා. එච්චරයි.
ආපහු කතන්දර බ්ලොග් එක යාවත්කාලීන කරන්න ඕනෑය කියලා දැන් දවස් දෙකකට විතර කලින් දිනය හිතුවාට කලින් තිබුණු උණ ටිකක් බැහැලා බැහැලා වගේ ගතියකුත් මට දැනුණා.
මං හිතන්නේ ඒක නම් හොඳ ප්‍රවණතාවයක්!
http://kathandara.blogspot.com/2014/05/long-time-no-see.html

Thursday, May 8, 2014
බ්ලොග් ලෝකාර්ධයේ ඇතිවෙන වලි, වලියෙන් වලි සහ වලි පිට වලි! - A baila from Kathandarakaraya
කතන්දර 1,000 ක් ලියලා දාලා ඒ මහන්සියේ හති අරින්න මේ අවුරුදු කාලේ පොඩි පහේ නිවාඩුවක් විඳින අතරතුරේ ඔන්න ඔහේ නිකමට වගේ වචන දෙක තුනක් ටයිප් කරන්න හිතුණා.
හැබැයි, මේක කතන්දරයක් නම් නොවෙයි, අපේ සිංහල බ්ලොග් ලෝකාර්ධය ගැන පොඩි අදහසක් විතරයි. ඇත්තටම කියනවානම්, මේක සිංහල බ්ලොග් ලෝකාර්ධයේ විටින් විට ඇතිවෙන විවිධාකාර වලි ගැන මගේ අදහසයි.
වාද බයිලා සංදර්ශන දැකලා තියෙනවා නේද?
කාලෙකට ඉස්සර ටීඑන්එල් චැනල් එකේ වාද බයිලා සීරීස් එකක්ම ගියා මට මතකයි. ඒක ඒ දවස්වල මං කැමතිම වැඩ සටහනක්.
http://kathandara.blogspot.com/2014/04/baila-from-kathandarakaraya.html

කතන්දර දහසක් ලියා පළ කළ මහන්සියේ හති රිසි සේ ඇරීමට සතියක නිවාඩුවක් ගන්නෙමි! - Puffing Billy just passed an important milestone!
මං මේ කතන්දර බ්ලොග් එක ලියන්න 2009 ජූලි මාසේ පටන් ගත්තේ මුලින්ම කතන්දර දහතුනක් ඩ්‍රාෆ්ට් කරලා ඉවර කරලායි. මගේ ප්ලෑන් එක වුනේ සතියකට එකක් ගානේ කතන්දර පළකරන්නයි. එතකොට මාස තුනකට බ්ලොග් එක රන් වෙනවා අවුලක් නැතුව.
නමුත් ප්‍රායෝගිකව ඒ විදියට නොවෙයි වැඩ සිද්ධ වුනේ.
ඒ ලියපු කතන්දරත් දැම්මා, අතුරු කතන්දරත් ලියවුණා. අළුතින් ඒවාත් එකතු වුණා. ඒ එක්කම සතියකට එකකට වඩා කතන්දර පළ කිරීමත් සිදුවුණා.
ඒ අතරතුරේ මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවත් එන්න එන්නම දිග් වුණා මිස කවදාකවත් හිඳුණේ නෑ, වරින්වර ආපු කම්මැලිකම් මිස!
http://kathandara.blogspot.com/2014/04/puffing-billy-just-passed-important.html

මගේ පිනට ඇත මැණිකක් තැනක සඟවලා! - In another 1000 years!
මේ කතන්දරය කියනව ඔබ අතරින් කිහිප දෙනෙකු හෝ සිනමා ශාලාවක නොවෙතත් අඩුවශයෙන් මැතිවරණ චන්ද ප්‍රතිපල විකාශනය කෙරෙන දිනක දී වත් "ලොකුම හිනාව" නම් වූ සිනමා පටය නරඹා ඇතැයි මම සිතමි.
මා මේ ප්‍රහසනය නරඹා දැන් දිගු කලෙකි. එහි ආ දර්ශණවලින් මගේ මතකයේ රැඳී ඇති කරුණු අතර මිනිසුන් දෙදෙනෙක් පාන් සාදන බේකරියක් ඇතුලේ පාන් පිටි මිශ්‍රණය ඇඟ පුරා ගා ගනිමින් සටන් වැදුණු අයුරු ද, ප්‍රෙඩී සිල්වා ගේ "පරණ කෝට්, පරණ කෝට්" නම් අද ද ජනප්‍රිය විකට ගීතය ගයමින් කවුදෝ පාරක් දිගේ ගමන් කරනවා ද වේ.
http://kathandara.blogspot.com/2014/04/in-another-1000-years.html

Friday, April 11, 2014
පුක යන වචනය නිසා, කතන්දර බ්ලොගය විත්තිය වෙනුවෙන් සාක්‍ෂි දෙන්නට අද හෙට උසාවියට යයි ද? - It is going to be a historical judgement!
පුක යනු කුණුහරුපයක් නොවන්නේ ඇයිදැයි පහදමින් මා ලිපියක් ලියා පළ කර වසර තුනක් සපිරෙන්නට තව ඇත්තේ දින දෙකකි.
ඊයේ පෙරේදා උසාවියක ද මේ ප්‍රශ්ණයම සාකච්චා වී ඇති බව විවිධ මූලාශ්‍ර මගින් මට දැන ගන්නට ලැබුණි.
පුක යනු කුණුහරුපයක් නොවන බව නැවත නැවතත් කියන්නට මට අවශ්‍යතාවයක් නැත.
එය එසේම ය.
නමුත් මේ සිද්ධියට සම්බන්ධව උසාවියේ දී කියවී ඇති වෙනත් කරුණක් ගැන කිව යුතුය.
http://kathandara.blogspot.com/2014/04/it-is-going-to-be-historical-judgement.html

පැන්ෂන් පලච්ච සමහරක් වයසක ඩයල්වලට තමන්ට වඩා බාල පරම්පරාව එක්ක ඇති අවුල මොකක්ද? : Grumpy old bigoted men - for no reason!
බෙන්ජමින් බට්න් කියන ෆික්ෂනල් කැරැක්ටර් එක හැරුණාම මේ ලෝකේ උපත ලබන සියළු දෙනා, ළමා වියෙන් තරුණ වියට එළැඹිලා, තරුණ වියෙන් වැඩිහිටි වියට එළැඹිලා, ඉන් පස්සේ ටික ටික නාකිවෙන්න පටන් ගන්නවා ය කියන එක අපි හැමෝම දන්නා කාරණයක්.
"නාකි විසේ ගෙටත් උසේ!" වගේ කතන්දර හැදිලා තිබුණත් ඉහ නිකට පැහිලා වයසට ගිය කෙනෙක්ය කියන්නේ, ලෝකේ ගැන දැනුම් තෙරුම් ඇති, අත්දැකීම් තියෙන පුද්ගලයෙකුටයි. ඒ වගේ කෙනෙකුගෙන් ඊට වඩා බාල අය බලාපොරොත්තුවෙන්නේ ජීවිතයට ආදර්ශයක්, නිවරදිව හිතන්න, ජීවත්වෙන්න අවවාද වගේ දේවල්.
අපේ දෙමව්පියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අපට ඒ උදව් නිරතුරු ලැබුණා.
අපිට වඩා එක්කෝ වයසෙන් අඩු, නැතිනම් අත්දැකීමෙන් අඩු අය දැක්කාම අපි කරන්න ඕනෑ, "මුං මේකවත් දන්නේ නැති මැටි මෝල්ලු ටිකක්!" කියලා අවඥාවෙන්, අපහාසයෙන් කියන එක නොවේ.
http://kathandara.blogspot.com/2014/04/grumpy-old-bigoted-men-for-no-reason.html

Subscribe to:
Posts (Atom)