Thursday, August 30, 2012

කූනිස්සෙකු ගේ මතකය - Memory and Fuzzy Logic

අපේ මොලේ කියන්නේ කොම්පීටර් එකක් නම්, ඒක ඩිසයින් කරපු එකා මාර සිරා ෆසී ලොජික්කාරයෙක් වෙන්න ඕනෑ.

මොකද මේකේ හාඩ් එකේ අපි සේව් කරගන්නේ මොන මොනවාද, දවස පුරා රෑම් එකේ තිබුණාට රෑට නිදාගන්න ස්විච් ඕෆ් කළාම මකලා දාන්නේ මොනවාද කියන කාරණා පිටුපස්සේ තියෙන්නේ විස්තර කරන්න බැරි තරමට ෆසීම ෆසී ලොජික් (Fuzzy Logic) එකක්.

ඉතාම වැදගත් දේවල් අමතක වෙලා සුපියල් දාස් ගණං පාඩු වෙනවා. මතකය හරිගස්සා ගන්න කරණ උත්සාහවලට හරස් වෙන්නේ ද අමතක වීමමයි (මතකද මං ලියු මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ කියන කතන්දරේ?) ඒක එහෙම වුණාට ඒ අතරේ කිසිම වැදගත්කමක් නැති ට්‍රිවියල් දේවල් දශක ගණනාවක් හිතේ රැඳී තියෙනවා. ඒ විතරක් නොවෙයි විටින් විට මතක් වෙනවා.

මං හතේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච මෙන්න මේ සිද්ධිය මට තාමත් මතක ඇයි කියන එක මටම හිතා ගන්න බෑ!

http://kathandara.blogspot.com.au/2012/08/memory-and-fuzzy-logic.html

Tuesday, August 28, 2012

අධ්‍යාපන අර්බුදයේ ගැඹුර කොච්චරද? මෙච්චරයි! - How deep is the education crisis? This deep!

අද ලංකාවේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? දීර්ඝ කාලයක් තිස්සේ නිසි පරිදි ආයෝජනයක් නොකිරීමේ පල විපාක තමයි.

වැඩේ කියන්නේ මීට අවුරුදු ගණනාවකට කලින් මං මුලින්ම විශ්ව විද්‍යාලයකට ගිය කාලෙත් ඔය අර්බුදේ තිබුණා. ඒ ගැන කතා බහ කළා. වාද කළා. ප්‍රශ්නය ඔද්දල් වෙවී ඉදිරියටම ගියා.

උං හිටියත් එච්චරයි. උං ගිහින් මුං ආවත් එච්චරයි.

දැන් මෙන්න මට මතක් වුණු කතන්දරේ.

http://kathandara.blogspot.com.au/2012/08/how-deep-is-education-crisis-this-deep.html

Sunday, August 26, 2012

හික් හික් හික් කුරුක් කුරුක් - Sundae Ispashal Axetra

බ්ලොග් ලෝකයේ හිනා වෙන විදි දෙක තුනක් තියෙනවා නේ.
ලොල්,
බිපෙසි,
හිකිස්
කියන්නේ ඉන් කීපයක්.

මං ඕවායින් වැඩියෙන්ම කැමති "හිකිස්" කියන එකටයි. ඒකට හේතුව තමයි මං පොඩි කාලේ අපේ ගෙවල් පැත්තේ නැගලා ගිය හිනාවෙන ක්‍රමයක් ඊට සමාන නිසා.

නාලන්ද පියතිලක තමයි මේ ක්‍රමය මට කියලා දුන්නේ. පොර ගේ මස්සිනා ජීත් සිරිතිලකත් මේ ක්‍රමයට තමයි ඒ දවස්වල හිනා වුනේ.

මෙන්න මෙහෙම.

http://kathandara.blogspot.com.au/2012/08/sundae-ispashal-axetra.html

Friday, August 24, 2012

සතියේ පඬි වැකිය - Nothing else to do today!

"ආයුබෝවන්" යන සිංහල ආශිර්වාදය ක‍්‍රම ක‍්‍රමයෙන් අප අතරින් ගිලිහෙමින් පවතී. එය අද වන විට සම්ප‍්‍රදානුකූල උත්සව අවස්ථාවන්ට පමණක් සීමා වී ඇත. ඒ වෙනුවට අද අපි, "How are you?" යන්නේ පරිවර්තනයක් ලෙස සැලකිය හැකි, "කොහොමද?" යන අර්ථ විරහිත පදය යොදා ගන්නට පුරුදු වී ඇත්තෙමු. ජාතික ඇඳුමට වඩා කලිසම ඇඟට පහසු වූවා සේම, "කොහොමද?" යන්න දිවට පහසු වූවා සේය.

බොහෝ විට "ආ-ඉ-බෝං" කියා උච්චාරණය කෙරෙන, "ආයුබෝවන්" යන පදයේ අප දන්නා පරිදි තේරුම නම් ඔබේ ආයුෂ වැඩි වේවා යන්නයි. මෙය ඉතා උසස් පැතුමකි. ආශිර්වාදයකි.

ජීවිතයේ අගය, ජීවත් වීමේ අගය, ඉතාමත් හොඳින් දැනෙන්නේ, ජීවිතය අවසාන වීමට ඔන්න මෙන්න කියා තිබී ඉන් ගොඩ ආ විටය. අවුරුදු සියයක් ජීවත්වීමට අවශ්‍යතාවයක් මෙන්ම දිරියක් ද එවිට ඇතිවේ. වාසනාවකට හෝ අවාසනාවකට හෝ මෙවැනි මරණමංචක අත්දැකීමක් ලැබ, ඒ ගැන අන් අයට පවසන්නට ඉඩ ලැබෙන්නේ අප අතරින් කිහිප දෙනෙකුට පමණි.

http://kathandara.blogspot.com.au/2012/08/nothing-else-to-do-today.html

Wednesday, August 22, 2012

එක්සිබිෂන් මාසම්, බුක් ලිස්ට් සාදම් : Help me with my book list for September

සැත්තැම්බරේ ලඟ එනවා. පොත් කාවෝ දඟලනවා!

මට මතකයි මං අටේ පන්තියේ විතර ඉන්න කාලේ අපේ පුංචම්මා එක සැත්තැම්බරේක මාව එක්කා ගෙන ගොහින් ගුණසේනේ පොත් සේල් එකෙන් පොත් අරං දුන්නා.

දැන් කාලේ නං සැත්තැම්බරේට තියෙන පොත් ප්‍රදර්ශනේ හෙවත් බුක් සේල් එකට යන්නනේ කවුරුත් මග බලාගෙන ඉන්නේ.

ඉතිං මටත් හිතුණා මේ පාර බීඇම්අයිසීඇච් එක පැත්තේ ගියොත් ගන්න ඕනෑ පොත් ලයිස්තුවක් හදන්න.

http://kathandara.blogspot.com.au/2012/08/help-me-with-my-book-list-for-september.html

Monday, August 20, 2012

අවජාතක දරුවා නොහොත් පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව - Once upon a time....

එකල්හි අප මහා පස්වෙනි ජෝර්ජ් මහ රජාණෝ හිරු නොබසින අධිරාජයේ දැහැමෙන් සෙමෙන් රාජ්‍යය විචාරමින් කල් යවනා කාලයේ, ඉන්දීය සයුරේ කඳුළු බිඳුව නම් වූ විරුදාවලි ලද එක්තරා කොදෙව්වක බස්නාහිර පලාතේ සියනෑ කෝරළයේ පරගස්දෙනිය නම්වූ පසල් දනව්වේ විසුවා වූ කෙළෙඹි පුත්‍රයෙකි.

තම බිරින්දෑ සමග කාලයක් තිස්සේ පවුල් කෑවා වුවද දරුවෙකු නොමැති වූ නිසා ඔහු විසුවේ තරමක කණස්සලෙන් බව අද අපට සිතිය හැක.

මේ කාරණය නිසා හෝ වෙනත් හේතු කාරණා නිසා හෝ මේ අඹුසැමි යුවල අතර නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, හැල හැලැප්පීම්, වලි හෝ කචල් තිබුණේ දැයි පාරම්පරික ප්‍රවාදයෙහි සඳහන් නොවේ.

දිගටම කියවන්න මෙතනින්:

http://kathandara.blogspot.com/2012/08/once-upon-time.html

Saturday, August 18, 2012

ගුඩ් ඇනෝලා වෙනුවෙන් කතන්දරයක්: මා දුටු සුන්දරතම සිහිනය - The most beautiful dream I have ever seen!

මා මෙතෙක් දැක ඇති සුන්දරතම සිහිනය මෙසේය.

මා වැතිර සිටියේ සවිමත් ලෝහමය ඇඳක් මතුපිට දමා තිබූ සුවපහසු මෙට්ටයක් මතය. එහි සුදු පැහැති ඇතිරිල්ලක් එලා තිබුණි. මා හිස රැඳී තිබුනේද ඉතා සුව පහසු වූ සුදු කවරයක් දැමූ කොට්ටයකය.

විවිධ වයර් සහ ටියුබ් ඒ මේ අද ඇද බැඳ තිබුණද ඒවායින් මේ සුන්දර සිහිනයට කිසිදු බාධාවක් වූ බවක් නොපෙනුණි.

මා සිටියේ සිවිලිම දෙස බලාගෙනය. මගේ මුළු මහත් සිහිනයම ඉතා අලංකාර ලෙස මැවුණේ ඒ සිවිලිමේය.

මගේ දෑස් වැසී තිබුණේ යැයි මම නොසිතමි. ඇස් වසා කොයි ලෙසකින් සිහින දකින්නද?

මේ සිහිනය ඇරඹුනේ කෙසේද යන්න හෝ එය අවසාන වූයේ කෙලෙසකද යන්න හෝ පිළිබඳව කිසිදු තොරතුරක් අද මගේ මතකයේ නැත.

මට මතක මගේ සිහිනය පමණකි.

http://kathandara.blogspot.com.au/2012/08/most-beautiful-dream-i-have-ever-seen.html

Friday, August 17, 2012

නෝටි ඇනෝ ලා වෙනුවෙන් අද ස්පැෂල් කතන්දරයක් : කන හාරන හැටි එදා සහ අද - Removing Ear Wax : Yesteryear and Today

නව ද්වාරයෙනී ගලනා වු ඕජස් මේ කුණූ සිරුරා යැයි පැරණි ගීතයක කියවේ. මෙය එන්නේ අහවලා ගයන සංසාරේ භවේ දුකා (සම්බෝලයි බතුයි කකා) නමැති ගීතයේ මැද හරියේය. (අහවලා යනු මයිකල් පීරීස් යැයි සිතන්නෝ මා ලියූ කතන්දර දෙකහමාර බලන්න)

මේ ගීතයට අනුව මිනිස් සිරුරේ ස්ථාන නවයකින් ඕජස් ගලන්නේ ලු. ඒවා මොනවාදැයි සොයා බැලීම මා හිතාදර නෝටි ඇනෝලා ට බාර කරමි.

මා අද කියන්නට යන්නේ ඉහත කී එක් ද්වාරයකට සම්බන්ධ, මෙතෙක් සිංහල බ්ලොග් අවකාශයේ දී මා දන්නා තරමින් කතාබහට ලක් නොවුණු, කලාඳුරු පිළිබඳවය.

http://kathandara.blogspot.com.au/2012/08/removing-ear-wax-yesteryear-and-today.html

Monday, August 13, 2012

කැකිරි, පිපිඤ්ඤා, චීන පටස්, රතිඤ්ඤ සහ මිලියනය - Supercalifragilisticexpialidocious

දැනට අවුරුදු විස්සකට විතර ඉස්සර ආණ්ඩුවෙන් හෝ ගාලා ගුරු පත්වීම් දුන්නා. මේ අළුත් ගුරුවරු හුඟ දෙනා බොහෝ විට ඒ-ලෙවල් කරලා විවිධ හේතු නිසා එතනින් ඉස්සරහට යන්න බැරුව නතර වුණු අය.

උගන්නනවා කියන්නේ සෙල්ලමක් නොවෙයි නේ. විශේෂයෙන්ම පාසල්වල උගන්වන අයට විෂය කරුණු වගේම ඉගැන්වීමේ ක්‍රමවේදය ගැනත් හොඳ දැනුමක් තියෙන්න ඕනෑ. ඒ දැනුම දෙන්න තමයි ගුරු පුහුණුව තියෙන්නේ.

මේ මුලින් කියපු නවක ගුරුවරුන් ගැන ආපු මුලිකම චෝදනවා තමයි ඉගැන්වීමේ ක්‍රම ගැන තියා උගන්වන දේවල් ගැනවත් දැනුමක් නැතිය කියන එක.

ඔන්න ඒ දවස්වල පැතුරුණු රසවත් කතාවක් තමයි මේක.

http://kathandara.blogspot.com.au/2012/08/supercalifragilisticexpialidocious.html

Saturday, August 11, 2012

අරුණී ශපීරෝ, ගනු කඩුව, එනු සටනට! - To Aruni Shapiro with love!

අරුණී ශපීරෝ යනු සිංහල බ්ලොග් අවකාශයේ නම රැන්දූ වනිතාවකි. මා භාවිතාකරන භාෂාවෙන් පොර ළමයෙක් යැයි කිව හැක. වරෙක මම ඇයව සිංහල බ්ලොග් ලොවේ සුවිශේෂී තනතුරකට ද යෝජනා කළෙමි. වරෙක මම ඇයට හොඳ පාඩමක් උගන්වන්නට ද හැදුවෙමි.

අරුණී ශපීරෝ ගේ බ්ලොගය විදග්ධ ලිපිවලින් පිරී ඇත. ඇය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තියකි. විශ්ව දැනුම සිංහලෙන් බෙදන්නීය. කොටින්ම ඇය ඇවිදින විශ්ව කෝෂයක් බඳුය.

ඒ මා ඇය ගැන අවංකවම සිතන ආකාරයයි.

මා පොඩි කාලයේ උගත් "පූජාච පූජනීයානං!" යන මංගල කරුණට අනුව යමින් මා ඇයට ගරු කරමි.

බ්ලොග් ලිවීමට අමතරව අරුණී ශපීරෝ ගේ සහ මගේ සුළු හෝ සමානකම් ඇත්තේ ඒ කිහිපයක් පමණි.

සම්පූර්ණ කතන්දරයම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/08/to-aruni-shapiro-with-love.html

Thursday, August 9, 2012

සිංහල බුද්ධාගම, සිංහල සුනාමි සහ සිංහල හයිකු - Short but tall...!!!

මං මේ සිංහල හයිකු කියලා කිව්වේ අර "සිංහල බුද්ධාගම", "සිංහල සුනාමි" වගේ අර්ථයෙන්, හරිය?

ඒ කියන්නේ ආරම්භය නොරටක වුනත්, ඒ රටෙන් මෙරටට නම ඇවිත් මෙරටේ පදිංචි වෙච්ච නිසා.

හයිකු කියන්නේ කෙටි කවි වර්ගයක්. ආරම්භය ජපානය.

මෙහෙම කවි ජාතියක් මේ ලෝකේ තියෙනවාය කියලා දැනගන්න කලිනුත් මං කෙටි කවි ලිව්වා. ඒවායේ ආකෘතිය වුනේ පද දෙකක්, එකිනෙක හා අර්ථයෙන් සමානව හෝ අසමානව ගැලපීම සහ පද බිඳීමෙන් ගැලපීමයි.

http://kathandara.blogspot.com.au/2012/08/pygmy-poems.html

Tuesday, August 7, 2012

පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics

ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.

ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.

දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.

මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.

මුළු ලිපියම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

Sunday, August 5, 2012

ලයික් සහ ලොල්-කතන්දර කීපයක් ඉතා කෙටියෙන් - From LIKE to LoL

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට පරණ කතන්දර කීපයක්ම ඉතාමත් සංක්‍ෂිප්තව කෙටියෙන් දාන්නයි යන්නේ. වැඩි විස්තර නෑ.

මෙන්න බඩුව.

ඉස්සර නං ඕකට මං පස්ට ලයික්. ජීවිතේ එක පාරක් නොවෙයි දෙතුන් පාරක්ම.

දැන් නං ඉතිං ඇහෙනකොටත් ලොලේ ලොල්.

http://kathandara.blogspot.com.au/2012/08/from-like-to-lol.html

Friday, August 3, 2012

සැක නොම කළෙමි මම රැවටුනෙමි - Politics in a parallel universe!

නේම් ඩ්‍රොපින් කියන්නේ සාමාන්‍ය විදියට කතා බහක යෙදිල ඉන්න ගමන ඒ මැද්දට ජනප්‍රිය පුද්ගලයෙකු ගේ නමක් ඇදලා ගන්න එකටයි.

ඒ විදියට ලොක්කන් අඳුණනවා වගේ හිතෙන්න කතා කළාම ඔහේලා අපි වගේ සොක්කන්ට පොඩි පහේ පොරත්වයක් ආරූඪ කරගන්න පුළුවනි.

හැබැයි, අරුණි ෂැපීරෝට හොඳ පාඩමක් උගන්වමි, පොඩි කුමාරිහාමිට ලොකු පිළිතුරක් තියා මහින්ද රාජපක්‍ෂට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය වගේ කතන්දර මං ලිව්වේ නං ඒ නේම් ඩ්‍රොපින් වලට නොවෙයි. වෙනත් හේතු නිසායි.

නේම් ඩ්‍රොපින් සඳහාම මං ලියපු කතන්දරේ තමයි සරච්චන්ද්‍ර ගෙන් කාලෝ ෆොන්සේකා ඇසූ ප්‍රශ්නයක් ගැන ජයලත් මනෝරත්න මෙසේ කියයි කියන එක.

ඒ කතන්දරේට නිමිත්ත වුනේ සරච්චන්ද්‍රගේ සිංහබාහු නාට්‍යයේ එක සින්දුවක තියෙන

මම දැනගතිමි
මම සැක කළෙමි

කියන පද පේලියයි.

http://kathandara.blogspot.com.au/2012/08/politics-in-parallel-universe.html

Wednesday, August 1, 2012

කවුද බොලේ මේ කල්‍යාණි? - Who on earth is this Kalyani?

රොනී ලීච් කියන තට්ට පොර ගායනා කරන කවුද බොලේ මේ ඇලිස් සින්දුව දන්නවා නේද? මං කලින් දවසක සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක ලිව්වා වගේ කවුද බොලේ මේ ඇලිස් සින්දුවත් අන්න සුද්දෝ කොප්පේ ගහලා සින්දුවක් හදාගෙන තියෙනවා ලු!

හැබැයි මං අද මේ කියන්න යන "කවුද බොලේ මේ කල්‍යාණි?" කතන්දරේ නං සින්දුවක් ගැන නෙමෙයි. මේක වෙනත් ආකාරයක මෙව්ව එකක්.

මගේ කතන්දර දෙක තුනක හිටපු සාමා ළමයා මතකයි නේද? එයා තමයි අර මාටින් වික්‍රමසිංහ ලියපු ගොළු හදවත පොත කඩෙන් ගන්න ගියේ. ලෝක ස්වභාවය ගැන කැම්පස් කාලේ අම්මාගෙන් පාඩමක් ඉගෙන ගත්තේ. ඒ විතරක් නොවෙයි, කාල් අංකල් ගේ තේ හැදිල්ල ගැන කතන්දරේ මට කිව්වෙත් සාමා ළමයාම තමයි.

http://kathandara.blogspot.com.au/2012/07/who.html

Sunday, July 29, 2012

මලක් වගේ ඔබ හදවත ගලක් වුනේ ඇයි රත්තරං? - From a petal to thorn...!!!

මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක සින්දුවක් ගැනයි.

මං ගිය ඉරිදා ලියපු "පැරණි රසාංගයක්, නව රිද්ම වෙලා අවුල්වෙලා යනවා" වගේ කේස් එකක් තමයි මේකෙනුත් කියවෙන්නේ.

මෙන්න පද මාලාව.

http://kathandara.blogspot.com.au/2012/07/sunday-come-early.html

Thursday, July 26, 2012

ලෝකේ වෙනස් වෙලා ද? - Has the world really changed for good?

ලෝකේ එන්න එන්න වෙනස් වෙනවා. අළුත් වෙනවා. සමහරු වෙනස් වෙන ලෝකේ එක්ක වෙනස් වෙනවා, අළුත් වෙනවා. තවත් සමහරු අර පරණ ලෝකවලම ඉන්නවා.

ඒ මොනවා වුනත් තමන් ඉන්නේ අළුත් ලෝකේ ද, පරණ ලෝකේද කියලා සැකහැර හොයා ගන්න සරලම ක්‍රමය මෙන්න.

තමන් කරන ජොබ් එක හෝ ඉගෙන ගන්න විෂය කරුණු හෝ ආච්චී එක්ක කියන්න.

ආච්චීට ඒවා ගැන මෙලෝ සංසාරෙක අයිඩියා එකක් නැත්තං, තමන් ඉන්නේ අළුත් ලෝකේ!

ආච්චීට කතාව මීටර් වෙනවා නං ඉතිං තමන් ඉන්නේ තාම පරණ ලෝකේ!

http://kathandara.blogspot.com.au/2012/07/has-world-really-changed-for-good.html

Monday, July 23, 2012

අරූ මූ ගැන නොව මං ගැන කතන්දරයක හෝඩුවාවක් - Golden oldies and cover albums

ගුණදාස කපුගේ තමන් ගේ පැරණි රසාංග ටික සන්ෆවර්ස් ලා එක්ක "නව රිද්ම" කළා මතකයි නේද?

ඔය කාලේ රේඩියෝ ඉන්ටර්වීව් එකක කපුගේගෙන් රේඩියෝ ජොකියා ප්‍රශ්ණයක් ඇහැව්වා ඒ ගැන.

"ඇයි එහෙම සින්දු ටික කෑවේ?" කියලයි ඇහෙව්වේ, ඒ වචනවලින්ම නැති වුණත් වටින් ගොඩින්.

කපුගේ ගේ උත්තරේ දන්නවද?

පොර කිව්වේ මේකයි.

http://kathandara.blogspot.com.au/2012/07/golden-oldies-and-cover-albums.html

Saturday, July 21, 2012

ඇනෝනිමස් ලා ගේ බලවත්කම - Anonymous Power!

ඊයේ මට ආවා හොඳ කමෙන්ට් එකක්. ඇනෝවෙක් ගෙන්. මෙන්න ඒක බලන්න ඉස්සෙල්ලා දැකපු නැති අය.

Anonymous July 19, 2012 10:53 AM

තනිකඩයකු වූ ජී. බී. සේනානායක නතර වී සිටියේ විවාහක වැඩිමහළු සහෝදරයාගේ ගෙදරය. හිටි හැටියේ දවසක ඔහුගේ අයියා නැතිවිය. අවබෝධය වූයේ කවර හෝ හේතුවක් නිසා ඔහු ගෙදරින් තරහ වී ගිය බවයි.

ජී. බී. දුප්පතෙකි. පත්තරයේ දැන්වීම් දමන්නට ඔහු අත මුදල් නැත. ඔහු පත්තරයට තමන්ටම ආවේණික නිසඳැස් අච්චුවේ කවියක් ලීවේය. (උපුටනය මතක ඇති විදියටයි. වචන එසේම නොවිය හැක.)

http://kathandara.blogspot.com/2012/07/anonymous-power.html

Wednesday, July 18, 2012

වයිෆ් තරහා වීම නිසා හබියාට සිදුවිය හැකි පාඩු දෙකක් - Assumptions can go wrong and cause irrecoverable damage

සමහර වෙලාවට අපි අවට සිද්ධවෙන, දකින දේවල් සලකලා ඒ හා සම්බන්ධව විවිධ උපකල්පනයන් කරලා නිගමනයන්ට එළැඹෙනවා. ඊට පස්සේ ඒ නිගමන අනුව හිතලා තීරණ ගන්නවා.

පස්සේ බැලින්නම් අර මුලින් කරපු උපකල්පන වැරදියි. ඒ කියන්නේ නිගමන වැරදියි. ගත්තු තීරණවලින් පාඩුයි.

අද මේ කියන්න යන්නේ ඒ වගේ කතන්දරයක්.

ජෙනරික් මාතෘකාවක් දැම්මට මේ කතන්දරෙත් ඉතිං මගේම ජීවිත පොතෙන් පිටුවක් තමයි. ඒ කියන්නේ එක්තරා නිරීක්‍ෂණයක් ගැන වැරදි උපකල්පනයක් මත පදනම් වෙලා වැරදි නිගමනයක් කරලා, ඒ සම්න්ධව ගත්තු තීරණයක් නිසා මට සිද්ධ වුණු පාඩුවක් ගැනයි මේ කතන්දරේ.

එක පාඩුවක් නං බැරියෑ, දෙකක් ම!

http://kathandara.blogspot.com.au/2012/07/assumptions-can-go-wrong-and-cause.html

Monday, July 16, 2012

සුඋදිවේකහා - HBD2UKH

සිංහලයේ මහා සම්මත රාජ පරම්පරාවේ බලි, තරු, රාවණ යුගයේ සිට අද මහ දියසෙන් යුගය දක්වා සියළු තතු මනා ලෙස දන්නා මීවනපලානේ ජයරත්නයන් ගේ මාධ්‍ය ප්‍රකාශක මීවනපලානේ රාජපක්‍ෂයෝ වරෙක මෙලෙස පැවසූහ.

"දිනපතා උදෑසන චිත්ත සමාපත්තියට සමවැදී ලෝකය විමසා බැලීම මගේ දින චර්යාවේ අංගයකි. පසුගිය දිනෙක එසේ චිත්ත සමාපත්තියට සමවැදුණු මට ඔබගේ පෙර අත්භවයක් පිළිබඳව අපූරු කාරණාවක් දැන ගත හැකි විය.

http://kathandara.blogspot.com.au/2012/07/hbd2ukh.html

Sunday, July 15, 2012

මං බ්ලොග් ලිව්වේ ඇයි සහ ලියන්නේ ඇයි? (කිසිදු විවාදාත්මක කරුණක් අඩංගු නැත!) - Past, present and the future

මාතෘකාව ගැන කතා කරන ගමන් ම තවත් දෙයක් තියෙනවා කරන්න. ඒක තමයි එදා නොකළ අනිත් දේ, එනම් ස්තුති කතාව.

මීට අවුරුදු තුනකට කලින් දවසක මට හිතුණා මගේ හිතේ තියෙන කතන්දර ගොන්න බ්ලොග් එකක් හරහා ලියලා දාන්න ඕනෑය කියලා. හොඳට ප්ලෑන් කරලා, සතියකට එක ගානේ කතන්දර මාස තුනක් දාන්න දහතුනක්ම කෙටුම්පත් කරලායි මේ වැඩේට බැස්සේ.

එක්කෝ නැකත හොඳයි නැත්තං පෙරමග සුබ ලකුණු තිබිලා තියෙනවා. තාමත් මං එදා වගේම ගමනේ.

තවත් එකක්. මං අන්වර්ථ නාමයක් යොදා ගත්තේ හැංගෙන්න නෙමේ, බ්ලොගයේ නමට අදාලව චරිතයක් නිර්මානය කරන්නයි. මං කවුද කියලා දන්නෝ දන්නවා.

http://kathandara.blogspot.com.au/2012/07/past-present-and-future.html

Wednesday, July 11, 2012

ගෑල්ළමයෙකුගේ අවාසනාව නිසා හතරේ පන්තියට කලර්ස් පෙන්නා පාස් වුණෙමි - Leaping into the fourth year of existence with colours!

මා මුලින්ම පාසල් ගියේ අප ඒ දිනවල පදිංචිව සිටි තාත්තා ගේ මහගෙදර සිට කිලෝමීටරයක පමණ දුරින් පිහිටි කණිෂ්ඨ විද්‍යාලයටයි.

අපේ නිවස පිහිටා තිබුනේ ගමේ එක් කෙලවරක අවසාන ඉඩමේ නිසා මා ගිය ඒ පාසල අපේ ගමේ පාසල ලෙස හැඳින්වීම නිවරදි නැත. එය අල්ලපු වත්තේ පදිංචිව සිටි නාලන්ද පියතිලකගේ නම් ගමේ පාසලයි. නාලන්දගේ පියාත් මගේ පියාත් ඔවුන් කුඩා කාලයේ ඉගෙනුම ලබා ඇත්තේ මේ පාසලේ ය.

එක්තරා සීතල ජනවාරියක මුල් සතියේ සඳුදා උදෑසන හතට පමණ ඇරඹුණු මගේ අවුරුදු දාහතරක පාසල් දිවියෙන් මුල් වසර පහ ගෙවුනේ මේ කණිෂ්ඨ විද්‍යාලයේ ය.

අදින් හරියටම වසරකට පෙර දිනයක මා කණිෂ්ඨ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ සිට තුන්වෙනි ශ්‍රේණියට සමත් වුණු කතන්දරය මම මෙහි ලියා පල කළෙමි.

අද මා මේ කියන්නට යන්නේ මා තුන්වෙනි ශ්‍රේණියේ සිට හතරවෙනි ශ්‍රේණියට සමත් වූ ආකාරයයි.

http://kathandara.blogspot.com.au/2012/07/leaping-into-fourth-year-of-existence.html

Tuesday, July 10, 2012

කැම්පස් එකේ රැග් කතන්දරයක් :: ඔයා මගේ නංගී වගේමයි! - Cruelty at its best

මේ දවස්වල විශ්ව විද්‍යාල රැග ගැන නොයෙකුත් ඊ-මේල් යනාදිය සංසරණය වෙනවා.

ඒවා ඇත්ත වුනත් නැත්ත වුනත්, පහුගිය දශක දෙකක විතර කාලයේ සමාජයේ සිදුවුණු වෙනස්කම් නිසා රැග් එකත් දැන් අති දරුණු තත්වයකට ඇවිල්ලා වගේ.

මගේ අදහස නම්, මේ රැග් මලඉලව්ව නිසා පොදුවේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට වෙන හානිය අනිත් හැම දේකටම වඩා වැඩි නිසා ඔය අසම්මතයේ සම්ප්‍රදායට දැන් පුල්ස්ටොප් එක තියන්න කාලේ වගේ.

දැන් මෙන්න රැග් සීසන් එකේ කතන්දරයක්.

http://kathandara.blogspot.com.au/2012/07/cruelty-at-its-best.html

Monday, July 9, 2012

කලිසම නොගලවා ජොකා ගලවන්න හැකිද? - You may have seen this clip previously!

අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ? සැබෑ ලෝකයේ ජීවත්වෙන අපි සියළු දෙනාම ඉස්සෙල්ලා ජොකා ඇඳලා ඊට උඩින් තමයි කලිසම අඳින්නේ.

හැබැයි සුපර්මෑන් නම් අපි ඔහේලාට වඩා වෙනස්.

පොර ගේ රතු ජොකා අඳින්නේ කලිසමට උඩිනුයි. බැට් මෑන් හරි, ස්පයිඩර් මෑන් හරි, වෙන මොකා මෑන් හරි ඒ විදියට ජොකා ඇඳන් ඉන්නවා මං නං දැකලා නෑ.

ඇත්තටම සුපර් වුමන් අඳින්නේ කොහොමද? දැකපු කාලයක් මතක නෑ!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට ලියවෙන මේ කතන්දරෙන් කියවෙන්නේ සුපර්මෑන්ට හැර අන් සියළු මෑන්ස්ලාට කරන්න බැරි දෙයක් ගැනයි.

http://kathandara.blogspot.com.au/2012/07/you-may-have-seen-this-clip-previously.html

Saturday, July 7, 2012

විස්ස විජ්ජාල පෙයාෆෙසර්ලා ගේ පඩි ගැන දැන් කාලේ හැදෙන ළමයි හිතන හැටි! - Oh these kids (and these University Professors)

ලඟදී දවසක බ්ලොග් එකක් කියොලා ඒකේ තිබුණු එක කතන්දරේකට මං කමෙන්ට් කෙරුවේ "දැන් කාලේ හැදෙන ළමයි!" කියලයි. (මේ බ්ලොග් එක Off the Tangent කියලයි මං හිතන් හිටියේ. නමුත් මට ඒ ලිපිය හොයා ගන්න බැරිවුණා!)

ඒ වෙලාවේ මට මතක් වුණා මගේ වෙන්ඩ කතන්දර ලයිස්තුවේ සෑහෙන කාලයක් තියෙන මේ කතන්දරේ ලියලා දාන්න ඕනෑ කියලා.

මං හිතන්නේ ඔය "දැන් කාලේ හැදෙන ළමයි!" කියන කෑල්ලත් අර මං කලින් දවසක ලියපු තේරවිලි කතන්දරේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යන එකක්.

අපේ සීයා ගේ තාත්තා සීයා ගැන මෙහෙම කියන්න ඇති, සීයා මගේ තාත්තා ගැන කියන්න ඇති. තාත්තා මං ගැන මෙහෙම කියනවා මට මතකයි.

අන්තිමේදී මටත් මගේ දුව ගැන එහෙම කියන්න වුනා!

"දැන් කාලේ හැදෙන ළමයි!" කියලා දුව ගැන මට හිතුනේ මෙන්න මේ නිසයි.

http://kathandara.blogspot.com.au/2012/07/oh-these-kids-and-these-university.html

Thursday, July 5, 2012

රාවණාගමනයේ දිනය හෙලි කළ ශ්‍රී රාවණා සුර රාජයා - The return of Ravana the Great, date revealed!

මගේ පිය පාර්ශවයේ පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන එන මහා උදළු රාජයා පිළිබඳ කතන්දර පුවත ඔබට මතක ඇතැයි සිතමි. වසර සියයක් පමණ කාලයක් අපට නොකඩවා සේවය සැපයීම හැර ඒ උදළු රාජයා ගේ වෙනස් හාස්කමක් නොමැත.

කුමකටද? ඒ ම මදෑ!

මගේ මව් පාර්ශවයෙන් පට හිමි වූ මහා බලසම්පන්න නවරත්න මුදු රාජයා නම් මහා හාස්කම් සහ අනුහස් සහිත වස්තුවකි.

අද මේ මංතුමා ලිඛිත බසෙන් ම ලියමින් මේ සැරසෙන්නේ ඒ නවරත්න මුදු රාජයාටත් වඩා බලසම්පන්න වස්තුවක් මා සතුව ඇති ඔබ සැමට දැනුම් දීමටයි.

http://kathandara.blogspot.com.au/2012/07/return-of-ravana-great-date-revealed.html

Tuesday, July 3, 2012

සිංහල බ්ලොග් ලිවීම ගැන "අපි නොදන්නා ඇනෝ" ගේ මතය - Why blog? (by Anonymous)

චාමී ලියන රියර් ගේට් නොහොත් "පස්සා දොර" බ්ලොගය දන්නවා නේද? මේ ගැන මං ලිපියක් පල කලා දැන් අවුරුදු දෙකකට විතර කලින්.

පහුගිය දවසක චාමීට හදිසියේම මතක් වෙලා තමන් ගේ බ්ලොග් එකට අවුරුදු දෙකක් පිරිලා නේද කියලා. පොර ඒ ගැන ලියූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස "අපි නොදන්න ඇනෝ" කෙනෙක් සිංහල බ්ලොග් ලිවීම ගැන අදහස් දක්වලා තිබුණා.

ඒ අදහස් නැවතත් මෙතන දාලා ආපහු අවුස්සලා ගන්නයි මං මේ උත්සාහ කරන්නේ.

http://kathandara.blogspot.com/2012/07/why-blog-by-anonymous.html

Monday, July 2, 2012

ජිරා මාමා ගේ බෙල්ල - Pain in the Neck!

ජිරාෆ් කිව්වාම අපිට මතක්වෙන්නේ බෙල්ල දිග උස ශාකභක්‍ෂක සතෙක්. අනිත් වෙජිටේරියන් සතුන්වෙන හරක්, මුවෝ, අශ්වයෝ වගේ එවුන් බෙල්ල පොළොවට හරෝගෙන බිම තියෙන තණකොල විතරක්නේ කන්නේ සාමාන්‍යයෙන්. හරක් නං පොල් පැළත් කනවා.

ජිරාෆ් ගේ බෙල්ල දිග්වෙලා තියෙන්නේ ගස්වල උඩ තියෙන අතුවල කොල කඩලා කන්නත් පුළුවන් වෙන විදියට ස්වභාවික පරිනාමයේ ප්‍රතිපලයක් විදියට කියලයි කියවෙන්නේ.

ඉතිං ජිරා මාමා කෙනෙක් වෙනවා කියන්නේ හරිම ජොලි ලයිෆ් එකක් නේද?

නිකංම නිකං "ලෝ හැඟින් ෆෲට්ස්" විතරක් නොවෙයි අර "නෙලා ගන්න බෑ, අපේ අත දිග නෑ" ආකාරයේ හොඳ හොඳ කැමවලටත් බැස්ටිය දෙන්න පුළුවනි!

ඔන්න ඔතන තමයි අපිට වැරදෙන තැන.

http://kathandara.blogspot.com.au/2012/07/pain-in-neck.html

Sunday, July 1, 2012

කසාඳ බැඳපු ගැණියෙකුට තමන් ගේ මිනිහාට කළ හැකි ලොකුම අපහාසය කුමක්ද? - The worst insulting thing a wife can say to her husband

මා අසා ඇති එක්තරා විහිළු කතාවක මෙසේ කියවෙයි.

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.

Is that in?

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දරුණුතම අපහාසය මෙසේය.

Is that all?

ඒ අපහාස සඳහා මගේ අද මාතෘකාවේ කියවෙන කසාඳ බැඳීමක් අදාල නොවේ.

එසේනම්, කසාඳ බැඳි ගැහැණියකට තම කසාද මිනිහා අමතා කළ හැකි මා මේ කියන අපහාසය කුමක්ද?

http://kathandara.blogspot.com.au/2012/06/worst-insulting-thing-wife-can-say-to.html