Monday, January 31, 2011

බ්ලොග්කාරයින් ට කෙලවන රයිටර්ස් බ්ලොක් එක

මීට අවුරුදු හතරකට, පහකට විතර කලින් දවසක මට ඇහුණා අපේ රත්නායක රේඩියෝ එකක සාකච්ඡාවක් යන වෙලාවේ හොට් නොම්බරේට කෝල් කරලා පරණ කතාවක් කියනවා. මාතෘකාව වුනේ වතුර නාස්තිය. රත්නායක කිව්වේ පොර පොඩි කාලේ ගම් පලාතේ වතුර නැතුව දුක් විඳපු හැටි ගැණයි.

මං ඔය දවස්වල පොඩි සඟරාවක් එඩිට් කළා. ඉතිං, සංස්කාරක හැටියට මං රත්නායක මහත්තයාට ආරාධනා කළා, ඒ අත්දැකීම් සඟරාවට ලියන්න නිකං තීරු ලිපියක් වගේ. මේක අවුරුද්දකට කලාප හතරක් පලකෙරෙන සඟරාවක්.

http://kathandara.blogspot.com/2011/01/writers-block.html

Wednesday, January 26, 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_26.html

Tuesday, January 25, 2011

තායි කෙල්ලෙක් දාගන්න - හොඳට තායි ඉගෙන ගන්න

කතන්දරකාරයා පස්තාච්චි කුපාඩි වැඩේට සෙට් වෙලා හිටිය තායිලන්තේ ජීවිතය ගැන කතන්දර කීපයක් ම කලින් ලියලා තියෙනවා. මෙන්න තවත් එකක්.

ඔය පස්තාච්චි ආයතනය තියෙන්නේ තායිලන්තේ වුණාට ඒකේ අවුරුදු දෙකක් ඉඳලා ගෙදර එන්න පුළුවනි තායි වචනයක්වත් ඉගෙන ගන්නේ නැතුව. හැබැයි ඉතිං, වචනයක් දෙකක් දැන ගත්තොත් වැඩ තරමක් ලේසි වෙනවා ආයතනයෙන් පිට සහ ආයතනය ඇතුලේ අනධ්‍යයන වැඩ කටයුතු සඳහා.

ඒ හින්දා අපි හුඟ දෙනෙක්, ගනං කරන්න, ආචාර කරන්න, චවන කීපයක් කියන්න ඉගෙන ගත්තා.

http://kathandara.blogspot.com/2011/01/blog-post_24.html

Saturday, January 22, 2011

රත්නායක මහත්තයා ගෑනුන් ගේ xxx හෙව්ව හැටි

මිනිහෙකු ගේ පඩියයි ගෑනියෙකු ගේ වයසයි අහන්න එපා කියලා උපදේශයක් තියෙනවා දන්නවා නේද?

මං ඕක හොඳට පිළිපදින කෙනෙක්. ඒ හින්දා මං පඩිය කීයද කියලා අහන්නේ ගෑනුන්ගෙන් විතරයි. වයස කීයද කියලා අහන්නේ පිරිමින්ගෙන් විතරයි.

අපේ රත්නායක මහත්තයා දන්නවානේ?

රත්නායක මහත්තයත් ගෑණුන්ගෙන් වයස අහන්නෙ නෑ, ඔය වෙන වෙන ප්‍රශ්ණ අහනව මිසක්.

http://kathandara.blogspot.com/2011/01/xxx.html

Friday, January 21, 2011

ලැට් මී සී දිස් චැක් - Lat me see da chack

ගමේ කෙහෙල් කැණක් කපපු, අරක්කු බෝතලයක් හොර පොලක විකුණපු එකෙක් අහුවුනොත් ඉතිං පොලීසිය සාමාන්‍යයෙන් කරන්නේ කුදලාගෙන පොලීසියට ගිහින් කූඩුවට දාලා, නෙලලා, නෙලලා, පස්සේ නඩු දාන එකනේ.

වයිට් කොලර්ස් හොර අංකල් ලා ට සැලකිල්ල වෙනස්.

ඔන්න පණිවිඩයක් යැවුවා, අර හොරා මහත්තයට පොඩ්ඩක් පොලීසියට ඇවිල්ල යන්න එන්න කියල.

මිස්ට හොරා ආව කිසි බයක් සැකක් නැතුව.
http://kathandara.blogspot.com/2011/01/lat-mee-see-da-chack.html

Monday, January 17, 2011

ඇන්ටි ගේ TV එක සහ මගේ Remore Control එක

නමුත් ඇනෙක්සියේ ජීවිතේ පටන් ගත්තට පස්සේ මට ඇතිවුණු ප්‍රශ්ණේ තමයි ඇනෙක්සිය අයිතිකාර ඇන්ටි නොවරදවා ම සිංහල ප්‍රවෘත්ති නරඹන කෙනෙක් වීම. ඉතිං, අයි.ටී.එන්. එකේ ඔය වෙලාවට යන ප්‍රෝග්‍රෑම්ස් බලන්න විදියක් තිබුනේ නෑ ඇනෙක්සියට ආවට පස්සේ. කසාද බඳින්න කලින් ඉල්ලපු ආපදා ණය වත් හම්බ වුණා නම් අපිටම කියලා අළුතින් ටී.වී. එකක් ගන්න තිබුණා.

හැබැයි ඉතිං, දවසක් දෙකක් යනකොට මේ ප්‍රශ්ණය විසඳුණා.

READ:
http://kathandara.blogspot.com/2011/01/blog-post_16.html

Friday, January 14, 2011

ඊට වැඩිය හොඳයි දුවේ නියපොතු උල් කර වවපං

අපේ අම්ම මට කියල දුන්න, ඒ ගොල්ලො ඉස්කෝලෙ යන කාලේ, ඒ කියන්නේ පනහේ දශකයේ අග, අහල තිබුණු තවත් විරිදු පෙලක්.


මගේ එකම දුවේ උඹට මම දෙන මේ අවවාදේ
අගේ සිතින් පිළිපැද්දොත් ඉන් මතු දියුණුව පෑදේ

ලිඳකට පැනපං කිව්වත් පනිනා එය එක පිම්මේ
ඔබ දුන් ඔවදනක් නොපිළිගත්තේ කවදද මම්මේ

මෙන්න බලන්න.

http://kathandara.blogspot.com/2011/01/blog-post_14.html

Thursday, January 13, 2011

කෙල්ලන් ට උපදෙස්

මේ විරිදු පෙල අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු එකක්.

ලොවේ දසත පූජිත ගරු සිංහල ජාතියෙ උපන්න
දුවේ උඹට මම දෙන මේ දැනුමැතිකම් සිතට ගන්න

හොඳමයි අම්මේ කියන්න

කපටි තරුණො සිටිති මූණ පුයර ටිකෙන් ඔපය කරන
රැවටි උන්ගෙ කපටි රුවට එපා දුවේ දෙන්න මුහුණ

සිතට ගතිමි ඒ ඔවදන

බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටෙන් දුවේ උඹට නැත කාරිය

ඒක සැබැයි සැබැයි සැබැයි

නිවෙස් ඇමද මැහුම් ගෙතුම් ගේ දොර වැඩ මිසක් එහෙම
ටෙනිස් ගැහිලි ඩාන්ස් නැටිලි එපා දුවේ නැටුම් ගැයුම

අපට මොටද රට කෝලං

හිත් ලොල් වී උදේ හවස දහමෙහි කටයුතු කරන්න
අත් වැල් බැඳ තරුණන් හා හඳපානේ එපා යන්න

එය සිංහල අපට කැතයි

බාරිය ඔබෙ අංග පහෙන් එකක් තමයි දුවේ කොණ්ඩෙ
බාලිය වෙයි දඩුවම් ලැබු කැපුවෝතින් උඹේ කොණ්ඩෙ

පඬිවරයෙක් කියා තිබේ

සම්පූර්ණ විරිදු පෙල මෙතනින් කියවන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_12.html

Monday, January 10, 2011

මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!

තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.

එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.

ඒව තමයි මැනර්ස් කියන්නේ!

ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.

මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.

සම්පූර්ණ කතන්දරේම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post_10.html

Saturday, January 8, 2011

එච්චරයි!

පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.

මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.

ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, ......

කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ.

Read it in FULL:
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html

Friday, January 7, 2011

W3Lanka - ඇනෝනිමස් නැති ආතල් - ටැබූ - ඉන්ද්‍රනාම - ජෙප්පා - ශාස්තෲ

ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.

ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල.

ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා.

ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.

ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.

මුලු ලිපියම මෙතනින් කියවන්න.

http://kathandara.blogspot.com/2011/01/w3lanka.html

Wednesday, January 5, 2011

සුද්දා එනතුරු කට ඇරගෙන බලා සිටියෙමු!

මේ ලඟදිත් සාහිත්‍ය සම්මාන දිනපු සුමිත්‍රා රාහුබද්ද ඒ දවස්වල ලියල තිබුණ නවකතාවක් ඉටි පහන් කියල. මේ නවල් එකේ තිබුණෙ පියා නැති පොඩි ගැහැණු ළමයෙක් එක්ක ගමක ජීවත්වෙන අම්ම කෙනෙක් ගැනයි, ඒ ළමයා ලොකු වෙලා විශ්ව විද්‍යාලයට යන හැටි, එතෙනදි ජවිපෙ 1971 කැරැල්ලට සම්බන්ධවෙන හැටි සහ අවුරුදු ගානකට පස්සේ ඇගේ මරණය සිදුවෙන හැටි. කතාවෙ විදියට මේ දුව, කවුරුත් සුද්දි කියල හඳුන්නපු, ඉතා පැහැපත් ඡවි කළ්‍යාණයක් තිබුණු, ළමයෙක්.

මේ කතාවෙන් ටෙලිනාට්‍යයක් හදන්න ගත්තා අපේ සෝමරත්න අංකල්. පොර ඉස්සෙල්ලාම කලේ ඉටිපහන් කතාවට පෙර කතාවක්, ඒ කියන්නේ ප්‍රීකුවෙල් එකක්, ලිවීමයි. ඉතිං ඉස්සෙල්ලාම ඉටි පහන් කියලා අපි බලන්න ගත්තේ සුමිත්‍රා ගේ කතාව නෙමේ, සෝමා ලියපු පෙර කතාවයි.

මුලු කතන්දරේම මෙතනින් බලන්න:
http://kathandara.blogspot.com/2011/01/blog-post_04.html

Monday, January 3, 2011

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ඇනෙක්සිය

රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.

දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.

මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්

හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.

"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.

"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.

ඉතුරු ටික මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/01/blog-post.html