Tuesday, May 31, 2011

ඔසප්! ඔසප්!! ඔසප්!!! - මාස දෙකකින්, තුනකින් පමා වූවත් එය නිට්ටාවටම සුවකර දෙමි

නිතඹ ලෙළවමින් ලැසි ගමණින් ඇදෙන තරුණියකි. ඇය දුටු අසල සිටි තරුණයෙකු සෙමෙන් දෙවරක් උරුහම් බා, "ආ ගුඩ් මෝනිං නංගී!" යයි පැවසුවේය.

නොරිස්සුම් බැල්මක් හෙලූ තරුණිය, ඉඟ ගස්සා අඩිය ඉක්මන් කර යන්නට පටන් ගත්තාය.

ඉන් සැලුනේ තරුණයා නොවේ.

"මේ, නංගී, ඕවා තියා ගන්න එපා, හරිය?"

ඔහු මවිතයට පත් කරමින් තරුණියගෙන් ලැබුනේ යස පිළිතුරකි.

http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

Friday, May 27, 2011

මේක චිකන් ද, ෆිෂ් ද? - Is this chicken or fish

මං කලින් දවසක කියලා තියෙනවානේ නාඩි වාක්‍යය බලන්න ගිය කතන්දරේ?

ඉතිං මං ඔය කියන ස්ථානෙට ගිහිල්ලා රස්තියාදු වුණු දෙවෙනි දවසෙද කොහෙද මට තිබුණා පොඩි පහේ බඩගින්නක්.

වාසනාවට වගේ එතනම තිබුණා, මට මතක හැටියට ඔය සාස්තරකාරයෝ හිටපු ගොඩනැගිල්ලේ ම යට තට්ටුවේ තරමක හෝටලයක්.

ඔන්න ඉතිං මං ඇතුලට ගිහිල්ලා, වාඩිවෙලා, කෑමට දෙයක් ගැන අහලා බැලින්නම් මේක දකුණු ඉන්දියානු වර්ගයේ සයිවර් කඩයක්. තිබුනේ උළුඳු වඩේ, මසාල වඩේ, ඉට්ලි, තෝසේ, අල බෝල වගේ ඒවා විතරයි.

වඩේ ටිකක් ගේන්න කියලා, කෑල්ලක් කඩාගෙන, පිඟානට දා ගත්තු සාම්බාරු ටිකක ඩිප් කරලා කටේ ඔබා ගත්තා. තිබුණු බඩගින්න හින්දා ද මන්දා නිකං දිව්‍යලෝක රහක් තමා දැනුනේ.

http://kathandara.blogspot.com/2011/05/is-this-chicken-or-fish.html

Wednesday, May 25, 2011

එලෝළු ජීවිතේ - Living with vegetables

තවත් සමහරු ඉන්නවා, පොඩි කාලේ මස් මාංශ කෑවට පස්සේ විවිධ හේතු නිසා ඒක අතහැරලා වෙජිටේරියන් වුණු අය.

මගේ අම්මා එක්කෙනෙක්. අම්මා මීට අවුරුදු දහයකට විතර ඉස්සර මස්, මාළු කෑම අතහැරියා. සිල්ගන්න මහරගම ධර්මායතනයට යන්න පටන් ගත්තට පස්සෙද කොහෙද මේ වෙනස් වීම වුනේ. මුලින් චිකන්, මූදු මාළු සහ බිත්තර හැර අනිත් දේවල් නැවැත්තුවා. පස්සේ ඒවත් අල්ලලා දැම්මා.

උපන්දා සිට හෝ ජීවිතේ පස්සෙන් පහු හෝ මාංශ භක්‍ෂණය නොකර ඉන්න අයට මං නං කියන්නේ "එළවළු ජීවිත" කියලයි.

අද කතන්දරේ මේකයි.

ඔන්න එකමත් එක රටක හිටියා කුමාරයෙක්. මේ කුමාරයා ගේ නම කතන්දර. මේ කතන්දර කුමාරයාට එක දවසක් හම්බ වුණා පින්වන්ත කුමාරිකාවක්. (පින්වන්ත ය කිව්වේ ඇයි කියලා තව මොහොතකින් තේරෙයි!)

http://kathandara.blogspot.com/2011/05/living-with-vegitables.html

Monday, May 23, 2011

වෙජිටේරියන්ස් ලා ගේ ලෝකය

සාමාන්‍යයෙන් සිංහල අපේ සම්මත පිළිගැනීම නම් එළවළු කන ශාක භක්‍ෂකයින්ට වඩා මස් ගිලින මාංශ භක්‍ෂකයින් උසස් ය කියන එක බව හැමෝම වගේ දන්නවා නේද?

ආයෙත් කියනවා නං, මස් කන අය එළවළු විතරක් කන අයට වඩා උසස්!

මෙහෙම කියන්නේ මං හෙම නෙමේ. වික්ටර් රත්නායකත් සාක්‍ෂි, සී.ටී. ප්‍රනාන්දු ත් සාක්‍ෂි.

http://kathandara.blogspot.com/2011/05/carnivorous-vs-herbivorous-or-is-it.html

Sunday, May 22, 2011

මෙහි අළුත් මාළු විකිණීමට තිබේ!

අපේ මුල් කතන්දරේ හිටිය තාත්තයි පුතාටයි පස්සේ කාලෙක හිතුණා මොකක් හරි බිස්නස් එකක් කරන්න ඕනෑ කියලා. මාළු වෙළදාමටයි හිත ගියේ.

ඉතිං දෙන්නා ගමේ හන්දියේ මාළු ලෑල්ලක් අටවලා, පෑලියගොඩට ගිහින් පාමංකඩ විල්සන් කරු ගේ කඩෙන් කිලෝ එක රුපියල් පනහ ගානේ දීලා මාළු ගෙනල්ලා විකුණන්න පටන් ගත්තා.

ටික ටික බිස්නස් දියුණු වෙනකොට, දෙන්නට හිතුණා පොඩි පහේ බෝඩ් ලෑල්ලකුත් ගහන්න.

දෙන්න කතාවෙලා බෝඩ් එකක් ඇඳලා හයි කළා.

http://kathandara.blogspot.com/2011/05/fresh-fish-for-sale-here-dudes.html

Friday, May 20, 2011

මැරෙන එකත් පණ යන වැඩක්!

නිරෝගීකම කියන එක නිකං පිරිසිදු වාතය වගේ දෙයක්. අපිරිසිදු වාතය නහයට දැනෙන කොට තමයි තේරෙන්නේ පිරිසිදු වාතයේ වැදගත්කම. ඒ වගේම, අසනීප වෙනකං අපිට තේරෙන්නේ නෑ නිරෝගීකමේ තිබුණු වැදගත්කම!

මාත් හිතං හිටියේ මං හොඳ සනීපෙන් ඉන්නව කියලයි. නමුත් අන්තිමේදී කපල දැම්ම වගේ ඇදගෙන වැටෙන තුරුම දන්නේ නෑ.

එදා මං පුතාව ඉස්කෝලෙ දාන්න ගියේ උදේටත් නොකා බඩගින්නේ. කාර් එක නැවැත්තුවට බහින්න හිතුනේ නෑ. බැස්සට ඇවිදින්න හිතුනේ නෑ. ඇවිද්දට, ඒ ඇවිද්දේත් මහා අමාරුවෙන්.

http://kathandara.blogspot.com/2011/05/near-death-experience-of.html

Wednesday, May 18, 2011

මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය

මෙන්න මං ලියපු සින්දුවක්. මාතෘකාව මානුෂික යුද්ධය ගැන ලියවුණු අමානුෂික ගීතය.

පොල් ගස තාල වර්ගයේ
තල් ගස තාල වර්ගයේ
පොල් ගස් යට තල් ගස් යට
බෝල ගැසූ කොලු රංචුව අද කොහේද?
උන් සුවර්ගයේ

ඉතුරු ටිකයි, MP3 එකයි මෙන්න මෙතන.

http://kathandara.blogspot.com/2011/05/inhumane-song-written-about-humane-war.html

Tuesday, May 17, 2011

කැමති නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න!

මේ කවි ටික මං ලිවුවේ දැනට අවුරුදු දෙකකට විතර කලින් (ජූලි 2009).

මේක මං මීට කලින් දාපු දිව්‍යලෝකේ ගිය ගමන, කටුබැද්දේ කුකුල්ලු දෙන්නා වගේ කයි කතන්දරයක් නං නෙමේ. ඒ හින්දා රනින් කමෙන්ට්‍රියක් දෙන්නේ නං නෑ.

ඒ එක්කම තට්ටෙන් සොමිය දීම, ඉන්න ටිකේ ඉඳිමු සුදෝ ජොලිය දමාලා වගේ පුද්ගලික අත්දැකීමක් ගැන ලියවුණු කවි පන්තියකුත් නෙමේ.

කයි-කතන්දරයක් කෙසේ වෙතත් කවි-ප්‍රහේලිකාවක් කියලා කියන්න පුළුවනි.

ඉස්සර කාලේ එක්තරා ගුරුවරයෙක් කියන්න පුරුදු වෙලා හිටියා වගේ, ඕනැ නං කියවන්න, එපා නං (ඒත්) කියවන්න.

http://kathandara.blogspot.com/2011/05/modern-folk-poems-to-read-even-if-you.html

Thursday, May 12, 2011

උ‍ෙග අ໦මයි ຺න්‍ෙ‍න්

සාමාන්ය‍ෙයන් අ໦ම මතක් කරල බຒනව කියන්‍ෙ‍න් සිරාම සිරා බැනිල්ලක් ‍ෙ‍න්.

‍ෙ‍໦ක නං එ‍ෙහම බැනිල්ලක් ගැන කතන්දරයක් ‍ෙන‍ෙ‍໦.

‍ෙ‍කා‍ෙ‍හාම වුනත් ඉතිං අපිට බනින්න හි‍ෙතන්‍ෙ‍න් නං හි‍ෙ‍ත් ‍ෙ‍ක්න්තියක් ආවහමය කියන එක කාටත් ‍ෙ‍පා຺ සත්යයක්.

මට නං වැຌය ‍ෙ‍ක්න්ති යන්‍ෙ‍න් මා එක්කම නිසා වැຌ‍ෙයන්ම බැන ගන්න හි‍ෙතන්‍ෙ‍න් මටමයි!

තමන්ට බැණ ගත්තත් අනුන්ට බැන්නත්, ඒක ‍ෙ‍හාඳ පු໯ද්දක් නං ‍ෙන‍ෙ‍໦.

Read the full story:

http://kathandara.blogspot.com/2011/05/blog-post.html

Tuesday, May 10, 2011

පෙම් කිරීමට උපදෙස් පාඩම් අංක 1 - කොල්ලන්ට පමණයි

කිසිම ගුරු මුෂ්ඨියක් නැතුවයි මේ කියන්නේ ඇත්ත ඇති හැටියේ.

දැන් ඔන්න හිතන්න තමන්ගේ හිතේ අදහසක් තියෙන කෙල්ලෙක් ඉන්නවා. හොඳට දන්නවා, අඳුණනවා, කතා කරනවා. නමුත් එතනින් එහාට මොකුත් නෑ කියලා.

දැන් මේ කෙල්ලගේ හිතේ තමන් ගැන "ආදර බර මියුරු කල්පනා, සාගර රළ ලෙස උපද්දන්න" ඕනෑ නම් කරන්න ඕනෑ මෙන්න මේකයි.


http://kathandara.blogspot.com/2011/05/1.html

මුවහත නැති මොට්ට කියත - The tale of the blunt saw

ආණ්ඩුවේ සේවකයින් ට තියෙන පුහුණු වැඩසටහනකට සහභාගී වෙන්න ලැබුණා පහුගිය සතියේ දවස් තුනක් පුරාම. මාත් එක්ක තවත් විසි පස් දෙනෙක් ඇවිත් හිටිය මේ කෝස් එකට රජයේ අනෙකුත් ආයතනවලින්.

එතන දේශනවලදී කියවුණු, ඇහුණු දේ අපමණයි.

එයින් ඉතාම පොඩි දෙයක් බෙදා හදා ගන්නයි මේ සන්ඩේ ස්පෙෂල් එක්ස්ට්‍රා එක ලියන්නේ.

මේකයි කතන්දර කෑල්ල.

http://kathandara.blogspot.com/2011/05/tale-of-blunt-saw.html

Wednesday, May 4, 2011

කතන්දරකාරයා ට චරිත සහතිකයක් - A character certificate for Mr Kathandara Karaya

සන්ඩේ ඔබ්සර්වර් එකේ ජොබ් බලන ගමන්ම මට හිතුණා කෝකටත් කියලා, බොසී ගෙනුයි, බොසී ගේත් බොස් වෙන ඒජීඑමෙකු ගෙනුයි රෙෆරන්ස් ලියුම් අරං තියාගන්න ඕනැ කියල. එතකොට ඔය හදිසියේ වත් ඉන්ටර්වීව් එකක් සෙට් වුනොත් පෙන්නන්න පුළුවනි නේ.

ඒජීඑමා ගෙන් ලියුමක් ඉල්ලුවාම පොර කියපි, "කතන්දර ඔයා එකක් ඩ්‍රාෆ්ට් කරල දෙන්න, මං ඒකට අනුව ලියුම හදන්නං!" කියල. පොර සමහර විට අදහස් කරන්න ඇත්තේ, මගේ සුදුසුකම්, පලපුරුදුකම් වැඩිය හොඳින් දන්නේ මංතුමා ම නිසා, ඒ ගැන නිවරදි වාර්තාවක් ලියුමට ඇතුළත් කරන එකයි මගෙ හිතේ.

ඒ මොනවා වුණත් මාත් අතට ආපු චාන්ස් එක අත හැරියේ නෑ. ගිහිල්ලා ලිව්වා මගේ චරිත සහතිකේ.

මගේ බයෝ ඩේඩා පොඩ්ඩක් දලා, වැඩපොළේ කරපු වැඩ විස්තර කරලා හෙම අන්තිමට ලිව්වා මෙන්න මෙහෙම.

http://kathandara.blogspot.com/2011/05/character-certificate-for-mr-kathandara.html

Monday, May 2, 2011

පx යනු පදාර්ථයක් ද පරමාණුවක් ද?

කලින් දවසක මං ස්ථිර වශයෙන්ම කිව්වනේ පුක කියන්නේ කුණුහරුපයක් නෙමේ කියලා.

හැබැයි පx කියන්නේ නම්, අමු කුණුහරුපයක්. ඒකයි ඔය ටයිටල් එකේ තියෙන්න ඕනෑ "ක" යන්න වෙනුවට මං x සලකුණ දැම්මේ.

මං නමේ පන්තියේ ඉගෙන ගන්න කාලේ වැඩිය ටියුෂන් පන්ති ව්යාපාරය ලංකාවේ පැතිරිලා තිබුණේ නෑ. කොළඹ පැත්තේ නං තියෙන්න ඇති.

අපි කොළඹින් හැතැප්ම දහතුනක් විතර විශාල දුරකින් තිබුණු ගමකයි පදිංචි වෙලා හිටියේ. ඒ ළඟ ටවුමේ නං, පොඩි පොඩි කඩ තිබුණා, ඔය ඉංගිරිසි, ගණිතය වගේ උගන්වන.

http://kathandara.blogspot.com/2011/05/x.html