Monday, October 31, 2011

දාම් ඇදීමට කැරැක්ටර් සැටිෆිකේට් එකක්? - A Chess move in a Draughts game

ටිකක් හිනාවෙන්න බ්ලොගේ ලියන අභීතට මලියදේවෙන් අයින් වෙද්දී හම්බ වුණාලු පිටු දෙකක කැරැක්ටර් සර්ටිෆිකේට් එකක්.

ඉස්කෝලවලින් හම්බවෙන ඔය සැටිෆිකේට් දිග වෙන්නේ තමන් කොරන ඇක්ස්ට්‍රා කරිකියුලර් වැඩ ගොඩ හින්දයි.

මං දහයේ පන්තියේ ඉඳලා ස්ටඩි කරපු ඉස්කෝලෙන් ලැබිච්ච සැටිෆිකේට් එකේ නං මගේ ඒ-ලෙවල් රිසල්ට්ස් වලට අමතරව තිබුනේ පේලි දෙකකයි. ඒකට හේතුව තමයි ඉස්කෝලේ හැට-හුටමාරක් සංගම්, සංවිධාන තිබුණට මං හිටියේ සංගම් දෙකෝම දෙකේ වීමයි.

එකක් එනර්ජී කන්සරවේෂන් සොසයිටි. ඒ සංගමෙන් මොනව කළාද කියලා දැන් නං මට මතක නෑ.

අනික තමයි දාම් සංගමය.

http://kathandara.blogspot.com/2011/10/drafts.html

Sunday, October 30, 2011

මල් නම් ජයරත්න, ජයරත්න නම් මල් - Such is life!

උපන් දිනෙන්, උපන් දිනේ ගෙවිල ගිහිං, අපිත් ටික ටික නාකි වෙනව. දෙමව්පියන් ගේ මරණයේ දුක අත්විඳින්න වෙනව. තව ටික කාලෙකින් අපේ දරුවන්ටත් ඔය දුක එන එකත් වලක්වන්න බෑ.

පහුගිය දවස්වල යාළුවෝ දෙතුන් දෙනෙකු ගේ ම අම්මල තාත්තල නැතිවුණා.ඒ වගේ වෙලාවලදී මළ ගෙදරට මල්වඩමක් ගෙනියන වැඩේ සෙට් කළේ අපේ යාළුවෙක්. පොර ගේ නම ජයරත්න.

දෙතුන් පාරක් ඔය සිද්ධිය වුණාට පස්සේ තමයි අපේ කෙනෙකුට මතක් වුනේ ඔය මාතෘකාවට දාලා තියෙන "මල් නම් ජයරත්න, ජයරත්න නම් මල්!" කියන අතීත ආවර්ජනා පාඨය.

http://kathandara.blogspot.com/2011/10/such-is-life.html

Saturday, October 29, 2011

දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you

ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිතේ. අපේ අම්මා ඒ කාලේ ශ්‍රී සඟරාව එකතු කරලා තියෙනවා පොත් පෙට්ටියක්ම පුරෝලා.

මට මතක හැටියට, මේ සඟරාවේ තිබුණු එක විශේෂාංගයක් තමයි "මහ දිග කතාව".

ඕක "මහ දිග කතාව" කිව්වට මොකද සාමාන්‍ය කෙටිකතාවක්. සඟරාවේ තිබුණු අනිත් ලිපි එක්ක බැලුවාම, පිටු ගානක් දිගට යන හින්දයි මේ මහදිග කතාව කියලා නම වැටිලා තිබුනේ!

ඕනෑම මහදිග කතාවක් කෙටියෙන් කියන්න පුළුවන්.

http://kathandara.blogspot.com/2011/10/too-long-let-me-shorten-it-for-you.html

Friday, October 28, 2011

බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere

දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.

මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ.

මං පොඩි කාලේ ඉඳලාම පොරක්!

දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.

http://kathandara.blogspot.com/2011/10/blog-post_28.html

Thursday, October 27, 2011

පන්සීයයි, මල කෙලියයි නොහොත් දෙමගුල! - Five hundred posts as a B'day present

මතකද නන්ද කුමාරයා?

පොර ගේ දෙමගුලක් ම එකම දවසේ යෙදිලා තිබුණා. ජනපද කල්‍යාණි සමග විවාහ වීම යි, කිඹුල්වත් පුරයේ රජකමට පත්වීමයි.

ඕකට තමයි කියන්නේ දෙමගුල කියලා.

අපේ යාළුවෙක් හිටියා, එයාට මුලින් ලැබුණු පුතාත්, ඊලඟ අවුරුද්දේ ලැබුණු දුවත් දෙන්නාම ඉපදුනේ අවුරුද්දේ එක දවසේ. ඉතිං ගෙදර බර්ත් ඩේ පාටි එකයි තියෙන්නේ ළමයි දෙන්නටම. අපිත් ගියා ඉස්සර ඒ ගොල්ලෝ අහල පහල ඉන්න කාලේ තෑගි දෙකක් අරං බර්ත්ඩේ පාටියට.

http://kathandara.blogspot.com/2011/10/five-hundred-posts-as-bday-present.html

Wednesday, October 26, 2011

අනේ කතන්දර ඔයා කළු වෙලා! - Sri Lankan Bruce Wills

මේ කතන්දරේ කියලත් බැරි නොකියත් බැරි එකක් නිසා ටික දවසක් අල්ල අල්ල හිටියා ලියන්නේ නැතුව.

ඊලඟට ලියන්න පටන් ගත්තු වෙලෙත් ආයෙ හිත වෙනස් වෙලා, මේ කතන්දරේ ට පොඩි පෙරවදනක් වගේ සලකන්න පුළුවන් කතෘ අඥාත කතන්දරේ විතරයි ලිව්වේ.

මට වෙන්ඩ කතන්දරවල කිසිම හිඟයක් නැතත්, ඉතිං අන්තිමේදී හිතුණා, ඕ.පු., ඔන්න ඔහේ ලියල දානව කියලා!

මෙන්න කතන්දරේ!

http://kathandara.blogspot.com/2011/10/sri-lankan-bruce-wills.html

Tuesday, October 25, 2011

බූට් කාලා තියෙනවාද? - Never give up hopes!

චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.

ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!

හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!

http://kathandara.blogspot.com/2011/10/never-give-up-hopes.html

Monday, October 24, 2011

සුදු සරොං සහ මැයි දින ජොක්කු - May day, May day, May day!

ඉස්සර මට මතකයි ටවුමේ රෙදි කඩවල්වල එලියේම මේ රෙඩි මේඩ් වවුල් ජොක්කු මිටි ගණං එල්ලා තියෙනවා. ඒත් මං ඇන්දේ ගෙදර මහපු වවුල් ජොක්කු තමයි.

තවත් කාලයක් ගියාම නං වෙයාවෙල් වගේ ෆැක්ටරිවල මහපු ජොක්කු කඩෙන් අරං අඳින්න පුළුවන් වුනා.

වෙයාවෙල් වගේ ජොක්කු සාමාන්‍යයෙන් සුදු පාටයි. හැබැයි ගමේ පොරවල් ඇඳපු වවුල් ජොක්කු සාමාන්‍යයෙන් වෛර්ණයි.

ඒ දවස්වල "පමුණුව" කියලා ගමක් ගැන අපි අහලාවත් නොතිබුණාට මේ වවුල් ජොක්කු මහන්නත් ඇත්තේ කට් පීසස් වලින් ම තමයි මයෙ හිතේ. මේ ගැන චමින්දත් කියා තිබුණා.

ලන්කට් වවුල්ලු විතරක් නෙමේ අද කාලේ ජොක්කුත් තියෙනවා වෛවර්ණ, ඊස්ට්මන් වර්ණ, සමනල වර්ණ. ඒ වගේ ජොක්කුන් ට මගේ මිතුරෙක් නමක් දැම්මා "මැයි දින ජොක්කු" කියලා.

ඒ කතාව වුනේ පස්තාච්චි කාලේ තායිලන්තයේ දී යි.
http://kathandara.blogspot.com/2011/10/may-day-may-daymay-day.html

බැඳපු අයට උපදෙස් කීපයක් (බඳින්න හිතං ඉන්න අයටත් හොඳයි!) - Advice for married people (my version)

අද මේ ලිපිය ලියන්න හේතුව මේකයි. දැන් ඔය විටින් විට ඔය ඊ-මේල්වලින් අපිට එනවානේ විවිධ උපදෙස්? අපේ සමහරු ඉන්නවා උං, තමන් කියවන්නත් කලින් අනිත් අයට ඒක ෆෝවර්ඩ් කරලා ඉවරයි.

මට එන බොහොමයක් ඒ වගේ චේන් ඊ-මේල්වල මං තමයි අවසාන පුරුක.

නමුත් මේ ලඟදී ආපු එකක තිබුණු සමහර කරුණු මගේ හිතට අල්ලලා ගියා. මොකද ඒ සමහර ඒවා අත් දුටුවයි සත්තකයි නිසා.

ඉතිං, ඒ ඊ-මේල් එකේ කොටස් මට ඕනෑ විදියට කපලා කොටලා, වෙනස්කරලා, මගේ අනුවර්තිත සංස්කරණයක් තමයි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකට දාන්නේ.

මෙන්න බැඳපු උන්ට උපදෙස්. පිරිමි ඇසකින් ලියන්නේ. කාන්තා පක්‍ෂය ඇය වෙනුවට ඔහු යොදා කියවන්න.

http://kathandara.blogspot.com/2011/10/advice-to-married-people-my-version.html

Saturday, October 22, 2011

මගේ උණහපුළු පැටියා - My cute little Slender Loris

උණහපුළුවාට උගේ පැටියා රත්තරං ය කියලා කියනවනේ. කොච්චර කැතවුණත් තමන් ගේ දේ තමන්ට ලොකුයි. ඒක අර ඇනෝ කියන නාසිසිසම් ද මොකක්ද වුණත් මට නං ලොකු ප්‍රශ්ණයක් නෑ ඒ ගැන.

මෙන්න මං සෙකන්ඩ් ඉයර් එකේදී ලියපු හොඳම කවිය.

හොඳම කියන්නේ මගේ අනිත් කවිවලට සාපේක්‍ෂව මිස වෙනත් අර්ථයකින් නෙමේ.

එහෙම ගත්තොත් මේ ලෝකේ නිරපේක්‍ෂ දේවල් කියලා ජාතියක් තියෙනවායැ. සේරම සාපේක්‍ෂයි!

මේ කවිය මගේ හිතට ආවේ ෆර්ස්ට් ඉයර් එකේ මැද හරියේ විතර. අන්තිමේදී තටමලා, තටමලා මේක මේ විදියටවත් එලියට ගත්තේ සෙකන්ඩ් ඉයර් එකේත් මාස දෙක තුනක් ගියාට පස්සෙයි.

එහෙම වද විඳලා වදපු උණුහපුළු පැටියා මෙන්න!

http://kathandara.blogspot.com/2011/10/my-cure-little-slender-loris.html

Friday, October 21, 2011

කහ ඇඹරීම - එනම් - ජොක්කු නොඇඳ බයිසිකල් පැදීම හොඳද? නරකද? (බැඳපු කාන්තාවන් මේ කතන්දරේ කියවූවාට කමක් නෑ) : Riding bikes without undies?

මං ටවුමේ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වුණු සංසිද්ධිය ගැන ලියපු කතන්දරේ මාතෘකාවේ ම දැම්මා ඒ කතන්දරේ කාන්තා පක්‍ෂය බලන්න එපා කියලා.

එහෙම කලේ මගේ සයිස් එක ගෑණු දැනගන්න එක වලක්වන්න නං නෙමේ.

මගේ කමිස, ටී ෂර්ට්, කලිසං සයිස් ඒකේ දාලා තිබුනේ ලඟදී එන මගේ උපන් දිනේට තෑගි තෝරන්න ලේසි වෙන්නයි. නමුත් අර කියපු කන්සියුමර් වෝනින් එක දැම්මේ අවංකවම කාන්තා සුභ සිද්ධිය වෙනුවෙනුයි.

එදා එහෙම කළාට, මේ පෙරේදා ලියපු වවුල් ජොක්කු සහ ගොනා කානුවේ කතන්දරේ දී නම් කෙල්ලන්ට බලන්න එපා කියල පාරිභෝගික අවවාදයක් දාන්න බැරිවුණා. ඉතිං, ඒක කියවන්න ආපු අපේ කාන්තා පක්‍ෂයේ අය, චීයා, නෝ කමෙන්ට්ස්, no comments ආදී ප්‍රතිචාර දක්වලා තිබුණා.

Read it all:
http://kathandara.blogspot.com/2011/10/blog-post_21.html

ලන්කට් ගැන ඇවිස්සුනු චමින්ද ගේ මතකය - Chaminda gets nostalgic about Lankets (පාරිභෝගික අවවාදය: මෙය පිරිමි කතාවකි)

මං ලියපු ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව ගොනා කානුවේ කියන කතන්දරය කියවපු හුඟ දෙනෙකුගේ අතීත මතකයන් අවදිවෙලා තිබුණු බව පෙනුනා දාල තිබුණ ප්‍රතිචාර වලින්. එක් පාඨකයෙක් ඉංගිරිසියෙනුත් කමෙන්ටුවක් දාලා ගිහින්.

මට හිතුනා ඒකේ සිංහලානුවාදයක් දාන්න.

http://kathandara.blogspot.com/2011/10/chaminda-gets-nostalgic-about-lankets.html

Thursday, October 20, 2011

රේන් රේන් ගෝ එවේ - Come again another day!

ඔය රැවුලත් ඕනෑ, කැඳත් ඕනෑ කියන කතාව නං මහ විහිළුවක්. ඔය දෙකම නැතුවත් ඉන්න පුළුවනි අපූරුවට. මාත් ඉඳලා, හිටලා රැවුල සේරම කපලා දානවා. කැඳ නං බීපු කාලයක් මතක නෑ.

ඉතිං රැවුල ද කැඳ ද කියන කැඳ බොන රැවුලන් ගේ උභතෝකෝටිකය මට නං මහ ඉටිගෙඩියක් නෙමෙයි.

හැබැයි වැස්ස ඒ වගේ නෙමේ.

වහින වෙලාවට ඒක මහ වාතයක්. හැබැයි වහින්නෙම නැත්තං ඒක ඊටත් වඩා වාතයක්!

http://kathandara.blogspot.com/2011/10/come-again-another-day.html

Wednesday, October 19, 2011

ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ" ද? (පිරිමින්ට වඩාත් සුදුසුයි)

බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!

මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.

මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.

http://kathandara.blogspot.com/2011/10/batman-jocks.html

Tuesday, October 18, 2011

කියවන්න නෙමේ බලන්න - Life sukz!

කියවලා නොවේ සමස්තයක් විදියට නිරීක්‍ෂණය කරලා තේරුම් ගත යුතු සංයුක්ත කවි වර්ගයට දාන්න පුළුවන් මං ලියපු ජීවිතය කියන කවිය ගැන කයි-කතන්දරේ මං අද උදේ දැම්මා.

මේ සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්න.

මං සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ ලියලා ආට් සර්කල් බිත්ති පුවරුවේ දාපු ඒ එකම එක කවිය දැකපු ඒ දවස්වල අපේ ඉංජිනේරු පීඨයේ හිටිය කෂ්ටිය මං හිතන්නේ මං ලියපු අනිත් සේරම කවිවලින් ලබපු සමස්ත වින්දනයට වඩා වැඩි වින්දනයක් ඒ එක කවියෙන් ලැබුවා!

ඉතිං මං ආයේ පාරක් ලිව්වා ඒ වගේ සංයුක්ත කවියක්. ඒකේ මාතෘකාවත් "ජීවිතය".

මෙන්න බලන්න ඒක

http://kathandara.blogspot.com/2011/10/life-sukz.html

මොනවද බං මේ විකාර? - What the hell is this?

ඉස්සර අපේ තාත්තා මොකක් හරි වැදගත් යමක් කියන්න යන සමහර වෙලාවලදී කියන දෙයක් තියෙනවා.

"හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?"

ඔය ප්‍රශ්ණෙ ඇහැව්වහම කවුරුවත්ම එපා කියන්නේ නෑ. හැබැයි තාත්තා උත්තරයක් දෙනකම් ඉන්නේ නෑ එයා ගේ කතාව පටන්ගන්න.

මං මේ කරන්න යන්නේත් අන්න ඒ වගේ දෙයක්.

හොඳ විශ්වාස ඇත්තක් කියන්නද?

http://kathandara.blogspot.com/2011/10/composite-poetry.html

Monday, October 17, 2011

තායිලන්තයේ සිට අගුණකොළපැලැස්ස දක්වා - From Thailand with love

කාලෙකට ඉස්සර කතන්දර හාමිනේ යි, මායි ගියා ඉන්දියාට පොඩි පහේ ට්‍රිප් එකක්. මං අර බැංකුකාරයෝ ලෝක අමාරුකාරයෝ කතන්දරේ ලිව්වේ ඒ ට්‍රිප් එකට ලේස්ති වෙන කාලේ වෙච්ච බැංකු අකලංචියක් ගැණයි.

රට යනකොට බැංකු යන්නේ ඩොලර් ගන්නනේ. ඉතිං අපි ඩොලර් අරං ගිහින් එහේදී ඉන්දියානු රුපියල්වලට මාරු කළා.

ඒකෙනුත් ඉතිං බැංකුකාරයින් ට තමයි වාසිය. කෙලින්ම ඉන්දියන් රුපියල් අරං ගියා නං බැංකු කොමිෂන් ගෙවන්න වෙන්නේ එකපාරයි.

http://kathandara.blogspot.com/2011/10/from-thailand-with-love.html

බොම්බිලි කරවල උයන්න ගොස් ඇණ ගත්තෙමි! Bombay Duck, What the?

බිරින්දෑ නෑගම් ගිය අල්ල පනල්ලේ පරිප්පු කාපු හැටි ගැන මං ලියපු කතන්දරේ ඊලඟට එදා හදපු බීන්ස් විත් පීනට්ස් රෙසිපිය සහ බීෆ් කතන්දර ස්ටයිල් දක්වා ඇදිලා ගියා.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් කියන්න යන්නේ ඊලඟට මං බොම්බිලි හදන්න ගිහිල්ලා ඇන ගත්තු හැටියි!

බොම්බිලි කරවල පැකට් එකක් කඩෙන් ගෙනල්ල ගෙදර තිබුණ දැන් මාසෙක විතර ඉඳල. හාමිනේ හදන පාටක් නැති හින්ද මට හිතුන පොඩි "ට්‍රයල් ඇන්ඩ් එරර්" පාරක් දාල බලන්න.

http://kathandara.blogspot.com/2011/10/bombay-duck-what.html

Saturday, October 15, 2011

බලන්න ඒකෙත් හැටි!

බලන්න ඒකෙත් හැටි!

මං ඉස්කෝලේ ටීචර් කෙනෙක් කොල්ලෙකුට බැනපු එක ගැන ලිපියක් ලිව්ව කියල ඉස්කෝලේ අයිතිකාරයෙකුට තද වුණා මතකනේ.

පහුගිය සාහිත්‍ය මාසේ කයි-කතන්දර කියල පටන් අරං දැන් මං සෑහෙන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලය ගැන ලියපු කවි පල කරලා තියෙනවා මේ බ්ලොග් එකේ. ඒ ලියපු තරමක් ලිව්වේ පේරාදෙනිය ගැන දුක්බර කවි. කොටින්ම කියනවනං පේරාදෙනියේ යන්න බැරි වුණාය කියල හිතේ දුකෙන් ඉඳල තියෙන සෑහෙන පිරිසක ගේ හිත හැදෙන තරමටම නෙගටිව් කවි ඒවා.

හැබැයි අද වෙනතුරු කවුරුවත් ම වලියට ආවේ නෑ මා එක්ක, අඩෝව්, කවුද ඩෝව්, අපේ කැම්පස් එකට කතන්දර හදන්නේ, ඩෝ! කියාගෙන.

බලන්න ඒකෙත් හැටි!

මුළු කතන්දරේම මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2011/10/self-deception.html

Friday, October 14, 2011

ලංකාව මෙට්‍රික් ක්‍රමයට රෙයි! - Millions and Billions

ලංකාව අනාදිමත් කාලෙක ඉඳලා පාවිච්චි කරපු පරණ බ්‍රිතාන්‍ය මිණුම් ඒකක ක්‍රමයෙන් ඉවත්වෙලා මෙට්‍රික් ක්‍රමයට හැරුණේ 1972 දී ද කොහෙද මයෙ හිතේ.

මේ වෙනසත් එක්කම යාර, අඩි, අඟල් වෙනුවට මීටර්, සෙන්ටිමීටර්, මිලි මීටර් ආවා. බෝතල්, ගැලුම් වෙනුවට ලීටර් ආවා. හැතැප්ම වෙනුවට කිලෝමීටර් ආවා. රාත්තල් වෙනුවට කිලෝග්‍රෑම් ආවා. අක්කර වෙනුවට හෙක්ටයාර් ආවා!

ඕවා ඉතිං ආවාය කිව්වට හරිම හෙමින් තමයි ජනතා චිත්ත සන්තානයට කා වැදුනේ. ඔයිට ඉස්සර හාල් විකුණලා තියෙන්නේ සේරුව කියන ටින් එකක් වගේ එකකින් මැණලා, පරිමාව අනුව. දැන් ඒ වෙනුවට හාල් විකුණන්නේ බර අනුවයි කිලෝග්‍රෑම් ගාණට.

http://kathandara.blogspot.com/2011/10/millions-and-billions.html

Thursday, October 13, 2011

විස්ස විජ්ජාලය ගැන කයි දෙකක් - Eternal truth about University life?

මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ එක විනෝදාංශයක් වුනේ කවි ලියන එක. මේවා පල කෙරුණේ ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේයි.

මං කලා කවයට මුලින්ම සෙට් වෙන්න හේතුවත් කවිම තමයි. කැම්පස් යන්න කලින් ලියපු කවි එකතු කරලා හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරපු කවි පොතක්, ඒ දවස්වලම අපේ ඇන්ටි කෙනෙක් ඔෆිස් එකට ගිහින් එතන වැඩකරපු කවියෙකුට පෙන්නලා තිබුණා. මෑන්ස් ගේ යාළුවෙක් හිටියා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න. මංතුමා පේරාදෙනි යන කොට ඒ පොර තුන්වන වසරේ.

පොර තමයි ඒ වසරේ අපේ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති වුනේ. මාත් කමිටු සාමාජිකයෙක් වුණා.

ඊටත් කලින්ම කළේ ලියවුණු කවි කලා කවයේ පුවරුවේ පළකරන්න දුන්නු එකයි.

http://kathandara.blogspot.com/2011/10/eternal-truth-about-university-life.html

Wednesday, October 12, 2011

දුකට පුං! Am I a pessimist?

සමහර නවකතා, කෙටිකතා හෙම බැලුවාම ඒක නිකං හින්දි චිත්‍රපටියක් වගේ ය කියලා කියවෙනවා නේද?

ඒකට හේතුව තමයි, හින්දි විත්‍රපටි කියන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොන බාධක, හිරිහැර, කරදර, දුක්, කම්කටොලු ආවත් අන්තිමේදී දුෂ්ඨයාව පරදලා, තාත්තා ගේ කැමැත්ත එක්ක බඳින්න හම්බවෙන නිසයි.

හරියටම ඔය මොහොතේ අර නැතිවෙච්ච නිවුන් සහෝදරයාත් ඔතනට එනවා.

මඩොල්දූව, අඹ යහළුවෝ වගේ අපිට කියවන්න ලියපු ළමා කතා පවා ඉවරවුනේ ජොලි මූඩ් එකෙන්.

http://kathandara.blogspot.com/2011/10/am-i-pessimist.html

කතෘ අඥාතයි! - A borrowed joke

අද නිකං පොඩි වෙනසකට වගේ මට හිතුණා මං අහල තියෙන විහිළු කතන්දරයක් දාන්න. මගෙන් කියල වැඩි සම්මාදමක් නෑ මේකට. හැබැයි අර මං කලින් ලියල දාපු කතන්දර දෙකකට

1. මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ
2. හන්දියෙන් හැරිලා හරියටම කිලෝ මීටරයක් එන්න

මේ අද කතන්දරේ ටිකක් ලඟින් ලඟින් යනවාය කියලා කියන්න පුළුවන්.

ඔන්න එක්තරා පොරක් ගමණක් යන කොට හොඳට හුරු පුරුදු ඩයල් එකක් දැක්කා. හොඳට කල්පනා කළත් කවුද ඒ කියල මුලින් හරියටම මීටර් කරගන්න බැරි වුණා.

ටික වෙලාවට පස්සේ ඔන්න එකපාරටම සිහිය සැපත් වුණා.

බැලින්නම් මේ වීරසිංහ නේ!

http://kathandara.blogspot.com/2011/10/borrowed-joke.html

Tuesday, October 11, 2011

ඥාණවතී ද පබාවතී ද? Beauty Vs Brains

දැන් අවුරුදු කීපෙකට කලින් අපේ යාළුවෙක් පොඩි විවාද සම්පන්න මාතෘකාවක් ගැන කවියක් ලියලා එව්වා.

පොර ලිව්වේ දැන් හැදෙන කෙල්ලෝ බුද්ධියට වඩා රූපය ගැන සැළකිළිමත් වෙනවාය, ඒකෙන් මුළු සමාජයම අගතියට යනවාය වගේ කතාවක්.

ඕක බලපු මටත් නිකං ඉන්න වෙලාවක (ඒ දවස්වල කතන්දර බ්ලොග් එක පටන් අරං තිබුනේ නෑනේ) හිතුණා පිළිතුරු කවියක් ලියන්න.

මෙන්න ඒ කවි පන්තිය. රනින් කමෙන්ට්‍රියක් එක්කම දෙන්නං කෝ!

http://kathandara.blogspot.com/2011/10/beauty-vs-brains.html

අපි නොදන්න එලකියුෂන් - The rain in Spain stays mainly in the plain

පොඩි කාලේ අපි දහම් පාසල් යද්දී "බුද්ධඝජ්ඣය (බුද්ධ ගද්‍යය?)" කියලා පොතක් කියෝලා තියෙනවා. ඒකේ තිබුණේ මහා දරුණු මහාප්‍රාණ ශ්ලෝක වගේ ඒවා.

මෙන්න මට මතක එකක්.

"ජය ජය ධර්මරාජ
ජනකෘත ශර්මපූජ
අසදෘශ බුද්ධ ලීල
අතිපරිශුද්ධ ශීල"

ඔය "බුද්ධගජ්ඣය" මුළුමනින්ම කියෝපු කෙනෙකුට නං කිසිම ප්‍රශ්ණයක් වෙන්නේ නෑ, ඕනෑ මහාප්‍රාණයක් ශබ්ද කරලා කියන්න!

http://kathandara.blogspot.com/2011/10/rain-in-spain-stays-mainly-in-plain.html

Monday, October 10, 2011

රත්නායක මහත්තයා ගේ ඉටිරෙද්ද : Kabara-proofing Ramani Method

රත්නායක මහත්තයා කියන්නේ කතන්දර බ්ලොග් එක කියවන බොහෝ දෙනෙකු හොඳන් දන්නා කියන කෙනෙක් නේ. මං පොර ගැන ලියපු කතන්දර සේරම ලයිස්තුව පල්ලෙහා දාලා තියෙනවා නොදන්න අයට බලාගන්න.

අද රත්නායක ගේ උපන් දිනය නිසා මට හිතුණා තව කතන්දර කීපයක් ම පලකරන්න.

ඔන්න කාලෙකට ඉස්සර දවසක රත්නායක මහත්තයා සිය පවුලත් සමග දුර බැහැර මිතුරෙකුගේ නිවසට ගියා. මේ මිතුරා අළුතින් නිවසක් සාදා ඒ ගෙට ගෙවැදීම වෙනුවෙනුයි මේ ගමන යෙදුනේ.

එදා ටිකක් සීතල දවසක්. නමුත් ඉතිං සීතල බියර් එකක් දැක්කාම සීතල කියලා අත හරින්න පුළුවනී යැ, නේද?

http://kathandara.blogspot.com/2011/10/kabara-proofing-ramani-method.html

Sunday, October 9, 2011

කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක් - A letter never sent

ඉස්කෝලේ උසස් පෙල කරන කාලේ අපි හැමෝගෙම සිහිනය වුනේ කැම්පස් යන එකයි. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්ණ නිසා තාමත් හැමෝටම ඒ සිහිනය සැබෑ කරගන්න බැහැ.

යන්න ඕනෑ හැමෝටම කැම්පස් යන්න ප්ලෑන් එකක් ගැන කතන්දරයක් මං මේ දවස්වල ලියාගෙන යනවා.

කැම්පස් සිහිනය සැබෑවෙලා මං පේරාදෙනි ගිහින් එහෙදී ලියපු කවි මේ කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර විදියට සෑහෙන්න දාලා තියෙනවා. ඒවා බහුතරය මං දැම්මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනුයි. අද සෙනසුරාදා නිවාඩු පාඩුවේ ඉන්න දවස නිසා හිතුනා ඔන්න ඔහේ තව එකක් දාන්න.

http://kathandara.blogspot.com/2011/10/letter-never-sent.html

හන්දියෙන් හැරිලා හරියටම කිලෝමීටරයක් එන්න - I am always right!

ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය.

ඒ වගේ තමන්ගේ මතය සහ තමන් ගේ මතය විතරක්ම හරිය කියලා හිතන අය අපිට විටින් විට හමු වෙනවා. මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ වෙච්ච කතන්දරයක් මේ ඊයේ පෙරේදා පල කළා මතකයි නේද?

ඒ වගේ අවූරුදු විස්සේ කොල්ලෙක් ගේ කතාවක් නෙමේ මේ අද කියන්න යන්නේ. ඒ වගේ දෙගුණයක් වයස කාන්තාවක ගේ එකක්.

ඔන්න දවසක් අපිට ආරාධනාවක් ලැබුණා හිතවතියක ගේ ගෙදරට රාත්‍රී භෝහනය සඳහා. අපි මේ ගොල්ලන් ගේ මේ අළුත් ගෙදරට ගිගින් තිබුනේ නෑ ඊට කලින්. ඒ හින්දා මං හොඳට මාර්ග විස්තරේ අහගත්තා.

http://kathandara.blogspot.com/2011/10/blog-post_07.html

දත මැද ගැනීම – හෙවත් – ටැම්පල් ඔෆ් ද සේක්‍රඩ් ටූත් රෙලික් කතාව ඉදිරියට : Get your tooth brushed!

"කෝට්ටේ කළාලේ කිසිල්ලේ දත මැද ගන් රාලේ"

ඔය උඩින් කතාව මං මුලින් දැක්කේ ඓතිහාසික නවකතාවක. ඒ එක්කෝ "දෙගම්බඩ සිංහයා" කියන පොතේ නැත්තම් "සුනේත්‍රා හෙවත් අවිචාර සමය" කියන පොතේ. බොහෝ විට මේ කතාව ඔය කියන පොත් දෙකේම තිබුණා.

ඒ පොත් කියවල නැති අය වුනත් සමහරවිට මේ කතාව අහලා ඇති තේරවිල්ලක් විදියට.

http://kathandara.blogspot.com/2011/10/get-your-tooth-brushed.html

"බීෆ් කතන්දර ස්ටයිල්" සමග "පිරිමි මස් උයන්න දක්‍ෂයෝ ද?" - Are men better cooks (Beef KK style: recipe included)

ගෑණු හුඟ දෙනෙක් කියන කතාවක් තමයි පිරිමින්ට පුළුවන් කියලා හරිම රහට මස් උයන්න.

පරිප්පු කාපු හැටි කියලා මං මේ වෑන්ජං-කතන්දර දාන්න පටන් ගෙන, දෙවෙනි රෙසිපිය (බීන්ස් වීත් පීනට්ස් ඇන්ඩ් සෝයි සෝස්) දාපු වෙලේත් සමහරු එහෙම කිව්වා!

මට හිතෙන විදියට මේ කතාවේ ඇත්තක් වගේම පොඩ්ඩක් විතර මුලාවකුත් තියෙනවා.

ඇත්ත මේකයි. පිරිමි තමයි මුළු ලෝකේ හැම තැනකටම වාගේ උයන්න දක්‍ෂ අය. හොඳ ලොකු හෝටල්වල විතරක් නෙමේ පොඩි ටවුන්වල තියෙන මාතර හෝටලයේ පවා චෙෆ් ලා, කෝකියෝ, බක්කරේ ලා සේරම පිරිම මිස ගෑනු නෙමේනේ.

http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

Thursday, October 6, 2011

දතේ පන්සල, ජනාධිපති සහ අරලිය ගස් (කතන්දරයක්මත් නොවේ!)

මගේ මතය හරි මතය හරිද ඩෝ? කියන මගේ බදාදා කතන්දරේ මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා.

"පහුවදා අංකල්ට ඕනෑ වුණා පුතා එක්ක නුවර දතේ පන්සලට (ටෙම්පල් ඔෆ් ද ටූත්) ගිහින් වැඳ පුදා ගන්න."

දැන් ඔය වාක්‍යයේ තියෙන "දතේ පන්සල" කියන එක මා අතින් නිකං වැරදිලා වගේ ලියවුණු එකක් හෝ අපහාසයට ලියපු එකක් හෝ නෙමේ.

මං හොඳට හිතලා මතලා බලලා මයි ලිව්වේ. මගේ අදහස වුනේ මේ "දතේ පන්සල" ගැන පොඩ්ඩක් විතර සිංහල බ්ලොග්ස්පියරය අවුස්සන්නයි.

http://kathandara.blogspot.com/2011/10/blog-post.html

"බීෆ් කතන්දර ස්ටයිල්" සමග "පිරිමි මස් උයන්න දක්‍ෂයෝ ද?" - Are men better cooks (Beef KK style: recipe included)

ගෑණු හුඟ දෙනෙක් කියන කතාවක් තමයි පිරිමින්ට පුළුවන් කියලා හරිම රහට මස් උයන්න.

පරිප්පු කාපු හැටි කියලා මං මේ වෑන්ජං-කතන්දර දාන්න පටන් ගෙන, දෙවෙනි රෙසිපිය (බීන්ස් වීත් පීනට්ස් ඇන්ඩ් සෝයි සෝස්) දාපු වෙලේත් සමහරු එහෙම කිව්වා!

මට හිතෙන විදියට මේ කතාවේ ඇත්තක් වගේම පොඩ්ඩක් විතර මුලාවකුත් තියෙනවා.

ඇත්ත මේකයි. පිරිමි තමයි මුළු ලෝකේ හැම තැනකටම වාගේ උයන්න දක්‍ෂ අය. හොඳ ලොකු හෝටල්වල විතරක් නෙමේ පොඩි ටවුන්වල තියෙන මාතර හෝටලයේ පවා චෙෆ් ලා, කෝකියෝ, බක්කරේ ලා සේරම පිරිම මිස ගෑනු නෙමේනේ.

නමුත් ඉතිං සමාජය ගොඩ නැගුනේ බහුතරයක් මිනිස්සු වැඩට යන්නයි, ගෑනු ගෙදර ඉඳන් දරුවන් බලාගන්නයි හින්දා, ගෙවල්වල උයන වැඩේ ගෑනුන්ට බාරවුණා. අපේ තාත්තා රැකියාව කළා. අම්මා නිවසේ වැඩකටයුතු කළා!

http://kathandara.blogspot.com/2011/10/are-men-better-cooks-beef-kk-style.html

Wednesday, October 5, 2011

මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ? - My way or no way!

කාලෙකට ඉස්සර ඉඳලා අද දක්වාම මං නිතරෝම වගේ පාවිච්චි කරන ජෝක් එකක් තමයි මෙන්න මේක.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් ඔබේ පැත්තය, අනික හරි පැත්තය!"

මං ජොලියට ඔය කතාව කිව්වට අපේ සමහර ගොයියලා ඉන්නවා, ඇත්තටම හිතන්නේ මෙන්න මෙහෙමයි.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය!"

මෙන්න ඒ වගේ තමන්ගේ මතයම හරි කියලා හිතපු පොරක් ගැන පොඩි කතාවක්.

http://kathandara.blogspot.com/2011/10/my-way-or-no-way.html

Tuesday, October 4, 2011

වෑංජන් කතන්දර - සෝයි, රටකජු සමග බෝන්චි : Beans with peanuts and soy souce

මේ වැංජන් කතන්දරේ මං කාලෙකට ඉස්සෙල්ලා ලියාපු බෝංචි ඇටේ කතන්දරයට වැඩි සම්බන්ධයක් නෑ.

මේක ලියන්න මූලික හේතුව වුනේ සුනිල් එදිරිසිංහ ට වෙච්ච බිරින්දෑ නෑගං ගිය අකලංචිය පහුගිය දාක මටත් වෙච්ච වෙලේ මං කාපූ පරිප්පුව ගැන ලියපු කතන්දරේ අවසානයේ දී දුන්නු පොරොන්දුවයි. මං එදා හදපු අනිත් වෑංජන ජාති දෙකක් ගැන විස්තර දාන්න කියලා ඉල්ලීම් ඇවිල්ලා තියෙනවා.

අද එයින් මුල් වෑංජන් කතන්දරේ -බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සෝයි සෝස්.

http://kathandara.blogspot.com/2011/10/beans-with-peanuts-and-soy-souce.html

Monday, October 3, 2011

කොහෙද යන්නේ? ක්ලාස් යනවද? - Conversation starters

අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් වෙන "කොහෙද යන්නේ?" කියල අහන එක ගැන කතා කීපයක් තමයි මේ ලියාගෙන යන්නේ.

සමහරු ඉන්නවා "කොහෙද යන්නේ?" කියලා නෙමේ අහන්නේ, ඒ ප්‍රශ්ණයට තමන්ම උත්තරයකුත් හිතලා, ඒ උත්තරේ ප්‍රශ්ණයක් විදියට අහනවා.

මෙන්න මේ වගේ.

"ආ, කඩේ යනවා වගේ?"
"ආ, උදේම වැඩට යනවා වගේ?"

මේ වැඩේ දෙපාරක් විතර මට වෙලා තියෙනවා. දෙපාරම මට මල පනින්න කේන්ති ආවා.

http://kathandara.blogspot.com/2011/10/conversation-starters.html

Sunday, October 2, 2011

සිතුවම් සහිත කතන්දරකාරයා ගේ පරිප්පු වස්තුව - Being a single parent for two weeks

ඔය සෙනසුරා ලබපුවාම ගණ දෙයියා පවා බටකොළ කෑවා ය කියනවානේ.

ඒ අනුව බැලුවාම නං මට සිද්ධවුනු පරිප්පු කෑම නං මහ ලොකු දෙයක් නෙමේ. කොහොමටත් මං කන්න කැමතිම කෑමක් තමයි පරිප්පු!

මෙන්න එහෙනං, අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා යටතේ මගේ පරිප්පු කෑම ගැන විස්තරයක්.

http://kathandara.blogspot.com/2011/10/being-single-parent-for-two-weeks.html

Saturday, October 1, 2011

කැම්පස් ජීවිතේ මල් (මල් වැනි කෙල්ලන් ගැන හෝ ඔතපු මල් ගැන හෝ නොවේ!) - Oh, what a feeling!

දැන් ජීවිතේ ගෙවෙන්නේ අක්බාර් එකේ. මාකස් එකේ ඉන්න කාලේ වගේ උදේටයි හවසටයි ඇවිදින්න නැති නිසා දැන් වැඩිපුර පැය බාගයක් ජීවිතේට එකතු වෙලා.

ඒ මදිවට ඉතිං දැන් අපිට රෑට බත් කන ගමන් බලන්න ටෙලිවිෂන් එකකුත් තියෙනවනේ.

ජීවිතේ මල් කියන්නේ මෙන්න මේකටයි.

මේ කතාව කැම්පස් කෙල්ලෝ ගැන හරි ඔතපු මල් ගැන හරි නොවේය කියලා මං කිව්වේ ඒකයි!

http://kathandara.blogspot.com/2011/10/oh-what-feeling.html