මේ කියන දවසේත්, සෙනසුරාදාවක් ද කොහෙද, මං නුගේගොඩ ගියා එලෝළු, කුළුබඩු ගන්න. මං සාමාන්‍යයෙන් කරන්නේ සුපර් මාකට් එක ඇතුලේ කාර් කට්ට දාලා, පයින් ගිහින් බඩු අරගෙන එනවා පොලෙන්. ඊට පස්සේ නාවල පාරේ තියෙ සතොසෙට ගිහින් ඉතුරු අඩුම කුඩුම ටික ගන්නවා.
එදා මං එලෝළු මළු අතේ කටේ එල්ලගෙන කාරෙක ලඟට එද්දී, කවුදෝ සුදු සරමක් සහ කමිසයක් ඇඳගත්තු පොරක් හිනා වී ගෙන මා ලඟට ආවා.
"සර්, මං මේ බැලුවේ සර් ගේ කාරෙක දිහා. විකුණන්නෙ හෙම අදහසක් නැද්ද සර්?"
"විකුණන්න නං අදහසක් තියෙනවා. ඇයි අහන්නේ?"
"නෑ සර්, විකුණනව නං, මං අඳුණන මහත්තයෙක් ඉන්නවා මේ ජාතියේ ම ටොයොටා එකක් හොයන."
ඒ කියනවාත් එක්කම කළු කලිසමකුයි, අත් කොට ෂර්ට් එකකුයි ඇඳපු මහත්තයෙක් එතනට ආවා.
http://kathandara.blogspot.com/2011/06/blog-post_29.html
කතන්දරකාරයා ලියන කතන්දර බ්ලොග් එකේ කතන්දර කියවන්න මෙතනිනුත් යන්න පුළුවනි.
Wednesday, June 29, 2011
Monday, June 27, 2011
රතු කොරොල්ලා කාර් එකක් විකිණීමට තිබේ! - A Red Corolla Car 4 Sale
වැඩට යන එන එකත් ඉතිං කාර් එකේම කරන්න තිබුණා තමා. හැබැයි ඉතින් එකම ප්‍රශ්ණය වුනේ ප්‍රෙට්‍රල් ගහන එකයි. අර පෙට්‍රල් ලීටරයක් රුපියල් විස්සට තිබුනේ අපේ ඇන්ටි ලා ගේ පයිප් ඩ්‍රීම්ස් වල විතරනේ!
ඒ දවස්වල මං සාමාන්‍යයෙන් ගහන්නේ ලීටර් දහයයි. එකෙන් සතියක් විතර දුවනවා. ප්‍රෙට්‍රල් නැට්ටටම හිඳුනට පස්සේ තවත් ලීටර් දහයක් ගහනවා.
කොරොල්ලා එකේ එන්ජිම 1500 සී.සී. එකක්. ඉතිං ලීටරයකින් කිලෝ මීටර් දහයක් විතරවත් වැඩ කරන්නේ නෑ කොළඹ අවට ගමන් වලදී. කොහොමටත් කොරොල්ලා කාර්වල පෙට්‍රල් පිච්චීම ටිකක් වැඩියි කියල නේ කියන්නේ.
වැඩට ගිහින් ආපහු එනවා කියන්නේ ලීටර් තුනක විතර කේස් එකක්. ඒ සල්ලිවලින් දවස් දහයක් විතර වගේ බස් එකේ වැඩට ගිහින් එන්න පුළුවන්. ඉතිං කොහොමද හිත හදා ගන්නේ කාර් එකේ යන්න.
http://kathandara.blogspot.com/2011/06/red-corolla-car-4-sale.html

Sunday, June 26, 2011
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
අදත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක යටතේ පලවෙන්නේ ඒ වගේ නේම් ඩ්‍රොපින් කතන්දරයක්. ඇත්තටම මේක කතන්දරකාරයා මීට වසර කිහිපයකට උඩ 2007 දී රෝහණ බැද්දගේ සමග කල සාකච්ඡාවක්.
කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.
--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා
බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
කියවලා බලන්න. මේකේ භාෂා විලාසය වෙනස් සඟරාවක පලකරපු එකක් නිසායි.
--------------------------------------------------------------------------------
කතන්දරකාරයා: ඔබේ ගම හොරණ ප්‍රදේශයේ බව අප අසා තියෙනවා
බැද්දගේ: මගේ ගම හොරණ, පාදුක්ක පාරේ උඩුව ප්‍රදේශයයි. මා මුලින්ම ගමේ පාසැලෙන් අධ්‍යාපනය ලැබුවා. ඉන් පසුව හොරණ තක්ෂිලා විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඉන් පස්සෙ හේවුඞ් කලායතනය ට බැදුනා. එහි ඉගෙනීමෙන් පසුව මම ගුරු වෘත්තිය ට අවතීර්ණ වුනා. මම වෘත්තියෙන් නැටුම් ශිල්පියෙක්. උඩරට නැටුම් කලාව තමයි ඉගැන්නුවේ.
http://kathandara.blogspot.com/2011/06/interview-with-rohana-beddage.html
Friday, June 24, 2011
උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts
කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.
http://kathandara.blogspot.com/2011/06/liar-kathandara-locked-up-in-courts.html

Thursday, June 23, 2011
කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!
ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.
"කීයටද මගේ කේස් එක?"
"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."
පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.
නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම
මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.
http://kathandara.blogspot.com/2011/06/i-know-law.html

Tuesday, June 21, 2011
හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක්
නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!
මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.
මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.
මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?
මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.
වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.
බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.
ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.
http://kathandara.blogspot.com/2011/06/day-at-traffic-courts.html

Sunday, June 19, 2011
අරුණි ෂපීරෝ ට හොඳ පාඩමක් උගන්වමි - බිත්තරේ නොකඩා ඔම්ලට් හැදීම
මහදැනමුත්තා ගේ වැඩිය ප්‍රසිද්ධ නැති ගෝලිච්චි ගේ නම දන්නවාද කියලා මං ලියපු කතන්දරේ මතක ඇතිනේ?
එතනදී මං කිව්වේ බ්ලොග් ලියන අරුණි ෂැපීරෝ නං මහදැණමුත්තා ගේ ගෝලියෙක් නෙමේ මහදැනමුත්තියක් ම ය කියලායි.
මං එහෙම කිව්වේ, අරුණී ඇමරිකාවේ ඉඳන් ලියන එයා ගේ බ්ලොග් එකෙන් අපිට දෙන දැනුම ගැන සලකලා යි. මං හිතන්නේ අරුණී ලියන බොහොමයක් කතන්දර, එයා ගේ සබ්මිට් නොකරපු පී.එච්.ඩී. තීසීස් එකේ තිබුණු ඒවා වෙන්න ඕනෑ.
මංතුමාත් ඔය තීසීස් සම්බන්ධයෙන් නම් ඉන්නේ අරුණී ගේ බෝට්ටුවේ ම තමයි. ඒත් මගේ තීසීස් එකේ බාගෙට ලියපු ඒවා මෙතන ලියන්න නං අදහසක් නෑ. මොකද මේක කතන්දර බ්ලොග් එකක් මිස බයිල බ්ලොග් එකක් නෙමේ නේ!
මේ දවස්වල අරුණී ලියාගෙන යනවා ධනවාදය ගැන ලිපි සීරීස් එකක්.
http://kathandara.blogspot.com/2011/06/blog-post.html

Saturday, June 18, 2011
කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts
ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.
කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.
සූ ගාලා සෙනග!
මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.
"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?
මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?
"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.
http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-goes-to-courts.html

Wednesday, June 15, 2011
කතන්දරකාරයා ස්පීඩ් කර අහුවෙයි - Kathandarakaraya caught speeding
මේ සිද්ධිය වුනේ කතන්දරකාරයා වීරයා සේ රතු කොරොල්ලා කාරෙකෙන් රෝස බබෙක් ගෙදර ගෙනල්ලා සති තුනකට විතර පස්සේයි.
බබා හම්බවෙන්න ඉතිං කතන්තර හාමිනේ මැටනිටි නිවාඩු ගත්තනේ මාස තුනක් විතර. මැටනිටි නිවාඩු කියන්නේ දන්නවානේ මුළු පඩියම ලැබෙනවා.
මේ කියන කාලේ කතන්දර හාමිනේ ගේ වැඩපොලේ පඩි බැංකුවට ගෙවන ක්‍රමයක් තිබුනේ නෑ, මගේ වැඩපොලේ කළා වාගේ. අර ඉස්සර මං බොසී යටතේ වැඩ කරන කාලේ වගේ ලියුම් කවරෙක දාලා දෙන මාසේ පඩි පැකට්ටුව වැඩපොලේ දී ම අත්සන් කරලා ගන්න ඕනෑ.
ඉතිං නිවාඩු පිට බබා ගේ වැඩ කටයුතු කරගෙන ඉන්න කතන්දර හාමිනේව පලමුවෙනි මාසේ පඩි පැකට් එක ගන්න වැඩපොලට එක්කගෙන යන්න මං බාර ගත්තා.
http://kathandara.blogspot.com/2011/06/kathandarakaraya-caught-speeding.html

Tuesday, June 14, 2011
කතන්දරකාරයා ගේ රතු කොරොල්ලා කාර් එකේ ගෙදර ආ රෝස බබා - A pink baby girl comes home in a red corolla
ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)
මළ කෙලියයි කිව්වලු!
අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.
හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.
http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html

Sunday, June 12, 2011
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed
වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.
ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.
බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.
මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.
ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.
"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."
http://kathandara.blogspot.com/2011/06/dr-vickramabahu-karunaratnes-identity.html

Saturday, June 11, 2011
හොඳ වෙලාවට මං කාර් එකක් ගත්තේ - How lucky I am to have a car!
මං වීරයා වගේ තට්ට තනියම ඉලෙක්ට්‍රික් බාස් ට කාරෙක පෙන්නන්න යන වෙලේ තමයි තඩි පැජරොයියෙක් කාරෙකේ පැත්තක්ම ඉරලා දැම්මේ.
මං ඒ ගැන මිරිහාන පොලිසියේ පැමිණිල්ලක් කරන වෙලේ මට කෝල් කරපු ඒ.එස්.පී කාරයෙක් පැජරොයියාගේ අයිතිකාර මහත්තයා සිංගප්පූරු ඉඳලා ආපු ගමන්ම වැඩේ ගොඩින් බේර ගමු කිව්වා!
මට ඇල්ලුවේ නෑ ඒ කතාව.
ඔන්න එතකොට මට මතක් වුණා මේ ඒ.එස්.පී. කාරයාව අඳුණනවා ය කියලා අපේ අල්ලපු ගෙදර අංකල් කියලා තිබුණු බව.
පැමිණිල්ල දාලා ගෙදර ගිය මං අංකල් ට විස්තරේ කියලා, එදාම හවස අංකල්වත් එක්කහු කරගෙන කාර් එකෙන්ම ගියා ඒ.එස්.පී. කාරයා ගේ ගෙදරට.
http://kathandara.blogspot.com/2011/06/how-lucky-i-am-to-have-car.html

Wednesday, June 8, 2011
කාර් එකේ පැජරොයියෙක් හැප්පෙයි! - Pajero Vs Corolla
ඔන්න ඉතිං සල්ලි සල්ලි කියලා බලන්නේ නැතුව, කෙල්ල හම්බවෙන්න කලින් ගත්තු කාර් කට්ට ගෙදර සති දෙකක් ම වේලුණාට පස්සේ මංතුමාට ඩ්‍රයිවින් ලයිසොන් එක ලැබුණාය කියමුකෝ.
හා, හා, පුරා කියල අපි යන්න පිටත්වුනේ හුණුපිටියේ රක්‍ෂණ සංස්ථා කාර්යාලයටයි. ඒ කාර් එක ඉන්ෂුවර් කරන්න. එතන ගිහිල්ලා, ෆෝම් පුරෝලා, කාර් එක පෙන්නලා, සල්ලි ගෙවලා, ඒ වැඩේ කර ගත්තා.
බඩ දරු අම්මාත් කාර් එකේ අරගෙන ගිය නිසා, ටිකක් විතර බයක් ආවත්, ගට්ස් හොඳ හින්දා ඒ ගමන ගිහින් ආවා කරදරයක් නැතුව.
http://kathandara.blogspot.com/2011/06/pajero-vs-corolla.html

Monday, June 6, 2011
කතන්දරකාරයා කාර් කට්ටක් මිළ දී ගනී - Kathandara karaya buys a Car!
මට මතකයි, අපි පොඩි කාලේ දවසක් තාත්තා අපේ ගමේ තිබුණු කාර් එක කුලියට කතා කරගෙන, කැලණිය පන්සලට ගියා. ඊට අමතරව ඉතිං, නැන්දලා ගේ, පුංචි අම්මලා ගේ මගුල් ගෙවල් වලට තමයි අපි කාර්වල ගියේ.
පාසල් ගුරුවරයෙකු වුණු මගේ තාත්තාටවත්, ඒ පවුලේ වෙන කාට හරි වත් කාර් තිබුනේ නෑ අපි පොඩි කාලේ. අම්මලා ගේ පවුලේත් එහෙමයි.
ඒකටත් එක්ක, මගෙයි කතන්දර හාමිනේ ගෙයි කොළු පැටියා නං උදේ අවදි වෙන්නෙත්, රෑට නිදාගන්නෙත් අත ලඟින් කාර් පෝලිමක් තියාගෙන. ලොකු වෙලා ලැම්බගීනි ජෙලාටෝ එකක් හරි, මසරාටි එකක් හරි, ෆෙරාරි එකක් හරි ගන්නයි කොල්ලා දැම්මම ප්ලෑන් කරන්නේ.
http://kathandara.blogspot.com/2011/06/kathandara-karaya-buys-car.html

Friday, June 3, 2011
සීරියස්ලි ටියුබ් ලයිට් කතාවක්
පුරාතන කියන්නේ අපි කවුරුත් සැමදා ආදරයෙන් සිහි කරන කිරියෙන් ඉතිරී ගිය, සම්පතින් ආධ්‍ය වූ සශ්‍රීක එකක්. මතක් වුනත් සිත ඔකද වෙනවා! හදවත කින්කින් වෙනවා.
මධ්‍යතනත් නරකම නෑ. අපි බොහෝ දෙනෙකු කැමති දෙයක් තමයි. පුරාතනය තරම් නැති වුනත්, මධ්‍යතනත් කිරියෙන්, සම්පතින් පිරී ගිය එකක්.
ඒකටත් එක්ක නූතනය.
http://kathandara.blogspot.com/2011/06/ancient-medieval-and-modern-hey-wait.html

Wednesday, June 1, 2011
සතිෂ් පෙරේරා බඳින්න කෙල්ලෙක් සෙවීමේ දී අනුගමනය කළ ක්‍රමවේදය
සතිෂ්: කතන්දර, මචං උඹ දන්නවද, කවද හරි දවසක බඳින්න යන කෙල්ලගේ උඹ මොකක්ද බලන්න ඕනෑ අවශ්‍යම දෙය කියලා?
මම: මොකක්ද බං ඒ කතාව?
සතිෂ්: නෑ, මං මේ කියන්නේ හිතපං උඹේ ඔය සිහින මාළිගා බිඳ වැටුණු දවසක උඹ කවද හරි මනමාලියෙක් බලන්න යනව කියල. කෙල්ලගේ මොනවද උඹ බලන්න ඕනෑ අනිවාර්යෙන්ම?
මම: බලන්න ඕනෑ දේවල් නං මං දන්නවා බං. එත් බඳින්න කලින් ඒවා අපිට බලන්න දේවිද?
සතිෂ්: උඹ කියන කුණුහරුප නෙමේ බං, මං කියන්නේ නිකම්ම පේන්න තියෙන ඒවා.
http://kathandara.blogspot.com/2011/06/satish-pereras-bride-finding.html

Subscribe to:
Posts (Atom)