ඔන්න එදා උදේම හාමිනේ කියපි, "කතී අපි පුළුවන් තරම් ඉක්මනට යමු හොස්පිටල් එකට" කියලා. (කතී කියන්නේ කතන්දර කියන නමේ ෂෝට්න් ෆෝම් එකයි. එහෙම තමයි හාමිනේ මට ආදරේට කතා කරන්නේ)
මළ කෙලියයි කිව්වලු!
අපි බලාපොරොත්තු වෙමින් සිටි ඒ දවස ඇවිල්ලා. මාව වෙව්ලලා ගියා. හාමිනේ ඇඳුම් කැඩුම් ආම්පන්න හෙම බෑග් එකකට සෙට් කරලා නේ තිබුනේ. මාත් දනිපනි ගාලා ඇඳ ගත්තා.
හැබැයි පපුව ඩිග්, ඩිග් ගානවා. ඉතිං මට හිතුනා මේ සසල වූ මානසික තත්වයෙන් ඩ්‍රයිව් කරනවාට වඩා හොඳම දේ තමයි අල්ලපු ගෙදර අංකල්ට කතා කරන එක කියලා.
http://kathandara.blogspot.com/2011/06/pink-baby-girl-comes-home-in-red.html
No comments:
Post a Comment