Wednesday, February 27, 2013

පුකත්වය යනු කුමක්ද සහ පුකත්වය හෙළිදරව් වීම - Arseholedness exposed!

පුකත්වය යනු කුමක්දැයි හොඳින් සැකහැර දන්නන් කිහිප දෙනෙක් මේ කතන්දරය කියවන පිරිස අතර සිටින්නට ඉඩ ඇත. ඒ සමගම වචනය ඇසූ පමණින්ම පුකත්වය යනු කුමක්දැයි පිළිබඳව තරමක අදහසක් ඇතිකර ගැනීමට තවත් බොහෝ දෙනෙකුට හැකි වෙනු ඇත.

ඒ කෙසේ වෙතත්, මා මේ සැරසෙන්නේ පුකත්වය යනු කුමක්දැයි පහදා දෙන්නයි. වඩාත් නිවරදිව කිවහොත් පුකත්වය යනුවෙන් මා අදහස් කරන දේ ගැන පහදා දෙන්නයි. පුකත්වයට නිර්වචනයක් ලබා දෙන්නයි.

http://kathandara.blogspot.com/2013/02/arseholedness-exposed.html

Saturday, February 23, 2013

නිරුවත හෙලිවීම (මෙය හිකිස් හිකිස් කේස් එකක් ගැන නොවේ) - Nakedness Exposed!

අප සැම උපන්නේ නිරුවතිනි.

එහෙත් දැන් අපි රෙදි ඇඳ පැලඳ සිටිමු.

මොන රෙද්දෙන්, වස්ත්‍රයෙන් ගත වසා ගත්තද ඇතුලේ තිබෙන්නේ නිරුවත ය.

නිරුවත යනු යථාර්තයයි. නිරුවත හෙලිවීම යනුවෙන් අදහස් කෙරෙන්නේ යථාර්තය හෙලිදරව් වීමයි. හක්කේ දල්වා ගෙන ඇති බුදු රැස් නිවී බොක්කේ ඇති දඩමස් පෙනෙන්නට වීමයි.

මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව ලියන්නේ එවැනි නිරුවත හෙලිවීමක් පාදක කරගෙන ලියවුණු කවියක් ඔබට ඉදිරිපත් කිරීමටයි.

http://kathandara.blogspot.com/2013/02/nakedness-exposed.html

බාලචන්ද්‍රන් දරුවා ගේ මරණය, මිනිසුන් සහ නොමිනිසුන් - Balachandran, humans and evil beings

ඊයේ මම ඇඬුවෙමි.

ඒ බාලචන්ද්‍රන් මරාදැමීමට පෙර හා පසු ඡායාරූප දැක ඒ සම්න්ධයෙන් පලවී තිබුණු වාර්තාව කියවීමෙන් පසුවය.

එලියකන්ද වධකාගාරය ගැන රෝහිත මුණසිංහ ලියූ පොත කියවා ඇඬු මා ඊයේ ඇඬීම අරුමයක් නොවේ.

මා ඊයේ ඇඬුවේ බාලචන්ද්‍රන් වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ දොලොස් වියට එළඹෙන වයසේ සිටින මගේ පුතා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ මා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ මගේ පියා වෙනුවෙනි.

මා ඊයේ ඇඬුවේ ලොව සියළු පුතුන් සහ පියවරුන් වෙනුවෙනි.

මේ පුවත අසා කම්පා නොවුනු පුතෙකු, පියෙකු හෝ මවෙකු සිටීදැයි පුවත් වෙබ් අඩවිවල, බ්ලොග් අඩවිවල දමා තිබුණු ප්‍රතිචාර නොකියවූයේ නම් මට සිතා ගත නොහැකි වෙනු ඇත.

http://kathandara.blogspot.com/2013/02/balachandran-humans-and-satanic-beings.html

Tuesday, February 19, 2013

තවත් එක් චූ කතන්දරයක් (නොතේරෙන අයට කේස් එක අවශ්‍යම නම් පහදා දෙනු ලැබේ!) : Bladder control ~ for women only

අපේ වැඩිහිටි ඥාතිවරියක් දින කිහිපයක් ගත කිරීමට අප නිවසට පැමිණියාය. සති අන්තයේ සෙනසුරාදාවේ ඇයව ද රැගෙන පොඩි පහේ විනෝද චාරිකාවක් යෑමට හාමිනේත් මමත් සැලසුම් කළෙමු.

අපට නිවසින් පිටත්වෙන්නට තිබුණේ උදෑසන දහයට පමණය. හීලට කිරිබත් කා තේ බීවේ උදේ හතට පමණ නිසා එදා මට නමයට පමණ තේ එකක් බීමට සිතක් පහළ විය.

"ඩාල්, හදන්නකෝ හොඳ ළමයා වගේ තේ. යන්න කලින් තේ එකක් බිව්වොත් හොඳයි වගේ!" මම මා ප්‍රිය බිරිඳ අමතා කීවෙමි.

"නැන්දට ඕනෑ, කිරි තේ ද, නිකං තේ ද, කෝපි ද?" බිරිද නැන්දා විමසුවාය.

http://kathandara.blogspot.com/2013/02/bladder-control-for-women-only.html

Saturday, February 16, 2013

තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!

අර පහේ පන්තියේ සිස්සස්සෙට තියෙන අංක රටා ගණං මතක ළමයි අත උස්සන්න බලන්න.

ඔන්න එක සරල උදාහරණයක්.
1,3,5,7

දැන් ඔහෙලාට තියෙන්නේ මේ රටාවේ ඊලඟට එන අංකය හොයන්නයි.

(පහ පාස් නැති අයගේ ප්‍රයෝජනය පිණිස මෙන්න උත්තරයඃ 9)

මෙන්න තව එකක්.
1,3,7,15 (උත්තරය 31)

මෙන්න තවත් එකක්.
1,2,6,42 (උත්තරය 1806)

ඔය ආකාරයට පහ පාස් අයට වුණත් අමාරු ඉලක්කම් රටා ගණං සෙට් කරන්න පුළුවනි.

රටා කියන ඒවා ඉලක්කම් වලට විතරක් නොවෙයි අදාල වෙන්නේ.

සමහර දෙමව්පියෝ තමන්ගේ ළමයින්ට නම් දාන්නෙත් රටාවකට.

මං දන්න එක පවුළක සහෝදරවරු හතර දෙනෙක් යුනිවසිටියේ හිටියා.

http://kathandara.blogspot.com/2013/02/blog-post.html

Monday, February 11, 2013

පොතකින් උස්සන ලදී - උණු උණු නැත, ටිකක් පරණයි! - A leaf out of Akshara Senaga

"ඉනි අවන්" කරපු අශෝක හඳගම කාළෙකට කලින් "අක්‍ෂරය" කියලා මූවි එකක් කළා. ඒක තහනම් කළ නිසා හුඟ දෙනෙක් ඩීවීඩී එක දැකලා ඇතිනේ?

අක්‍ෂරය කිව්වාම මට මතක් වුනේ අක්‍ෂර සෙනග කියන පොත. මේක නිර්මාණ එකතුවක්. ප්‍රකාශනය කෙරුවේ බූන්දි කාරයෝ.

සයිබර් අවකාශයේ ලේඛන කලාව ගැන උනන්දුවක් තියෙන බොහෝ දෙනෙක් බූන්දි [boondi.lk] වෙබ් සයිට් එක සහ ගූගල් ගෲප් එක ගැන දන්නවා වෙන්න ඕනෑ.

බූන්දි වෙබ් සයිට් එක 2008 ආරම්භ කරපු දවසේ දොරට වැඩිය "අක්‍ෂර සෙනග" ග්‍රන්ථයට රසික සූරියආරච්චි ලියපු හැඳින්වීම මෙන්න.

http://kathandara.blogspot.com/2013/02/leaf-out-of-akshara-senaga.html

Sunday, February 10, 2013

කවියක් සින්දුවක් කරන හැටි - A new song by Hemal Jayawickrama

සින්දු කවි කරන හැටි නම් අපේ කෂ්ටියට අමුතුවෙන් කියලා දෙන්න අවශ්‍ය නෑ නේ! බොහෝ විට දිනපතා ම, සතිපතා ම හෝ මාස්පතා ම කරලා සෑහෙන්න එක්ස්පීරීයන්ස් තියෙනවා මට නම්.

අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරය කවියක් සින්දුවක් කරන විදිය ගැනයි. පාඩම් පොතක විදියට පියවරෙන් පියවර නෙමෙයි, එකෝම එක උදාහරණයකින්.

http://kathandara.blogspot.com/2013/02/new-song-by-hemal-jayawickrama.html

Thursday, February 7, 2013

අහවල් ඉස්කෝලේ ටීචර් - In Her Majesty's Service

මගේ වැඩිහිටි පරම්පරාවේ රැකියා කළ බාප්පලා, මාමලා, නැන්දලා, පුංචි අම්මලා, ආච්චීලා, සීයලා අතුරෙන් අති බහුතරය ගුරුවරුන් ය.

මා දන්නා තරමින් මේ ලිපිය කියවන බොහෝ දෙනෙකුගේ පවුල්වල තත්වයද එලෙස වෙනු ඇත.

එයට හේතුව මා ලියූ මුල්ම සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන් කියූවෙමි.

වසර දහනවයේ දී රජයේ උප ගුරුවරයෙකු ලෙස රැකියා කිරීම ඇරබූ මගේ පියා පසුව මරදානේ කාර්මික විද්‍යාලය, මීරීගම ගුරු විද්‍යාලය, විද්‍යෝදය විශ්ව විද්‍යාලය වැනි තැන්වලින් කප් ගැසූවද දිගටම ගුරු වෘත්තියේ රැඳී සිටියේ ය.

http://kathandara.blogspot.com/2013/02/in-her-majestys-service.html

Sunday, February 3, 2013

සමලිංගික පරබල්ලා! - Homosexual Pariah dog

මේ ලියන්න යන්නේ කාට හෝ කරන බැනුමක් ගැන නම් නොවේ.

මේක බල්ලෙක් ගැන කතාවක්!

නිකං බල්ලෙක් ගැන කතාවක් නොවෙයි, ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන කතාවක්!!

නිකං ම නිකං ඇමරිකාවේ ඉන්න බල්ලෙක් ගැන නොවෙයි, ඇමරිකාවේ ඉන්න සමලිංගික බල්ලෙක් ගැන කතාවක්!!!


http://kathandara.blogspot.com/2013/02/homosexual-pariah-dog.html

Friday, February 1, 2013

සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature

මේ පහත තියෙන්නේ මට ඊයේ පෙරේදා දවසක ඊ-මේල් එකකින් ලැබුණු ඡායාරූපයක්.

මේක මං හිතන්නේ අවුරුදු හතලිහකට විතර කලින් ගත්තු එකක් වෙන්න ඕනෑ.

මටයි තව මිතුරන් කීප දෙනෙකුටයි මේක එවපු මගේ මිතුරා මෙතන ඉන්න අංකල්ලා පස් දෙනා අඳුණා ගන්න කියලා පොඩි චැලේන්ජ් එකක් කළා.

මං තුමා ඒ ප්‍රහේලිකාවේ 60% ක්ම විසඳුවා.

මෙන්න ඒ ෆොටෝ එක. කියන්න පුළුවනිද බලන්න මේ පස්දෙනා කවුද කියලා.

http://kathandara.blogspot.com/2013/02/whos-who-of-sinhala-literature.html