Tuesday, May 1, 2012

හැම මගුලකටම බලපාන දේශපාලනේ කසාදෙට බලාපනා එක අහන්නත් දෙයක්ද? - Politics and Marriage

දේශපාලනේ නැති තැනක්, නොගෑවිච්ච තැනක් නෑනේ.

කෞතුකාගාරයේ ඉඳලා කැවුතුකාගාරය දක්වාම, අකාරයේ ඉඳලා විකාරය දක්වාම, සූතිකාගාරයේ ඉඳලා ආදාහනාගාරය දක්වාම, මංගලාරාමයේ ඉඳලා චාරිකාරාමය දක්වාම, මල්වත්තේ ඉඳලා පොල්වත්ත දක්වාම, අර්ජුන රණතුංග ගේ ඉඳලා මයිකල් ක්ලාක් දක්වාම දේශපාලනේ.

එහෙව් එකේ කසාදෙටත් දේශපාලනේ බලපාන බව කිව්වොත් ඉතිං පුදුම වෙන්න දෙයක් නෑ.

කසාදේ ගැන කියන කොට මට නං මතක්වෙන්නේ රත්නායක මහත්තයා ගේ බොස් ගේ ලයිස්තුවට මං එකතු කරපු නම්බර් සීරෝ කොන්දේසියයි. ඒක අති වැදගත් එකක් තමයි, හැබැයි මං මේ අද කියන්න යන්නේ ඒ සේරටම වඩා වෙනස් කතාවක්.

තියරියක් කියලා කියන්නත් පුළුවනි.

ඒ කියන වෙනස තමයි, බාහිර පරිසරයේ සාධක පවුල් ජීවිතේට බලපාන හැටි ගැන මේ තියරියෙන් කියවෙන එක.

දැන් මෙන්න මගේ තියරිය.

http://kathandara.blogspot.com.au/2012/04/politics-and-marriage.html

No comments:

Post a Comment