වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.
චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.
මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.
ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා.
අංග් සාන් සූ කී ගේ ඒ කතාව මීට අවුරුදු විසි එකකට කලින් කරන්න තිබුණු කතාවක්.
මං හිතන්නේ, මං විතරක් නොවෙයි, ලෝකේ හතර දිග්බාගෙම ඉන්න අහස් ගණනක් මිනිස්සු, ගෑණු කඳුළු හෙලන්න ඇති.
http://kathandara.blogspot.com.au/2012/06/aung-san-suu-kyi.html
No comments:
Post a Comment