අප කුඩා කල ගමේ පන්සලේ බණ අසන්නට යෑම අපි සිරිතක් ලෙස කළෙමු. ගමේ පන්සල යැයි කිව්වාට එය ඇත්තටම අල්ලපු ගමේ පන්සලයි. නමුත් අපේ ගමේ කෙලවර පිහිටි අවසාන ඉඩමේ විසූ අපට එය අපේම පන්සල විය.
කොහොමටත්, පුරාණ රජමහා විහාරයක් වූ මේ පස්සලේ හතර පේරුවෙන් එකකට අපේ ඔෆීෂියල් ගම ද ඇතුලත් වුණු නිසා එහි අවුලක් තිබුණේ නැත.
සරොං ඇඳගෙන පන්සල් ආ යුතුය කියා නාලන්ද පියතිලකගෙන් මට අවවාද ලැබුණේ මේ පන්සලේදී බවද මතක් කරමි.
පන්සලේ බණ මඩුව වනාහී එකතු කිරීමේ ලකුණක හැඩය ගත් ජ්‍යාමිතිකව සමමිතික අක්‍ෂ හතරකින් සමන්විත ගොඩනැගිල්ලකි. එහි සිව් කොණින් ම ඇතුලත පැමිණිය හැකි වූ අතර ගොඩනැගිල්ලේ හරි මැද බණ දේශකයා සඳහා වූ වේදිකාව පිහිටියේය.
http://kathandara.blogspot.com/2012/09/heading-for-chair.html
No comments:
Post a Comment