Wednesday, September 4, 2013

කරල් ඇහිඳින්නෝ - The first shade of September

මෙන්න මං පොරොන්දු වූ විදියටම සැප්තැම්බරේ කතන්දර බ්ලොගය සරසන පළමුවෙනි විචාරය. මේක 2007 දී ලියපු එකක්.

බහුතරය නොවූවද, සංවේදී සිත් ඇත්තෝ ලොව බොහෝ ය. අනුන් ගේ දුකින් ඔවුන් සිත් සසල වේ. ඒ දුක, වේදනාව තමන්ගේ ම යැයි ඔවුනට හැඟේ. හදවත් බරවේ. සුසුම් ඉපදේ. නෙත් බොඳවේ.

සැබෑ සමාජ විප්ලවවාදියෝ ද සංවේදී සිත් ඇත්තෝ ය. අනුන්ගේ දුක, සමාජ අසාධාරණය දැක ඔව්හූ සැලෙති. කිපෙති. ඒ නැති කරනට සපථ කරති. සමහරු අවි ද අතට ගනිතිි. වනසති. අවසන අවිගත්තෝ වැනසෙති.

කවියෝ ද සංවේදී සිත් ඇත්තෝ වෙති. දීන දුක, සමාජ අසාධාරණය හමුවේ ඔව්හූ ද සසල වෙති. ඒ දුක වේදනාව තමන්ගේ ම යැයි සලකති. හදවතින් හඬති. සුසුම් හෙළති. බොඳවූ දෙනෙතින් යුතුව තම අත්දැකුම් සහ එනිසා ජනිත වූ හැඟුම් සමුදාය පොදු අත්දැකුමක් බවට පෙරළනු වස් කව් ගොතති. එමගින් සමාජ පෙරළියක් පතති.

මෙනයින් බලන කළ කවියා සොඳුරු විප්ලවවාදියෙක් බව පැවසිය හැක.

තම තුන්වන කාව්‍ය සංග්‍රහය වන ”කරල් ඇහිඳින්නෝ” කෘතිය පසුගිය දා (2007) එළි දැක්වූ ටියුඩර් අමරසේනයෝ එවැනි සොඳුරු විප්ලවවාදීන් අතර කවි කග අතැති මහා සෙන්පතියෙකි.

http://kathandara.blogspot.com/2013/09/first-shade-of-september.html

No comments:

Post a Comment