Saturday, March 5, 2011

කතන්දරකාරයා නාඩි වාක්‍යම් සාස්තරේ අහපු හැටි

දැන් අවුරුදු කීපයකට කලින් මට පොඩි චාන්ස් එකක් ලැබුණා, නාඩි වාක්‍යම් කියන සාස්තරය අහන්න යන්න.

වැඩේ සෙට් වුනේ මෙහෙමයි.

මගේ වැඩ පොලේ හිටියා චන්ද්‍රගුප්ත කියලා පොරක්. මිනිහට චන්ද්‍රගුප්ත කියලා මං ඒ නම දැම්මේ මිනිහා, ටිකක් නෙමේ හොඳටෝම, ඔය ගුප්ත විජ්ජා වැඩවලට කැමති හින්දයි.

කොටින් ම පස්සේ කාලෙක චන්ද්‍රගුප්ත කාරයා බබෙක් ගැනත් පිස්සු වැටිලා හිටියා. බබා ගේ නම හායි ද කොහෙද? ඒ දවස්වල කටේ නිතරම තිබුනේ ඔය "හායි බබා" ගැනයි.

ඉතිං "හායි බබා" හම්බ වෙන්න ඉස්සර කාලේ පොර අපට නිතරම වගේ රස කර කර කියනවා ඔය නාඩි වාක්‍යම් අනාවැකි ගැන කතන්දර.

http://kathandara.blogspot.com/2011/03/blog-post.html

No comments:

Post a Comment