ඒ පලාතේ පදිංචියට ගිය මුල් දවස්වල අපි ගියේ රාජා ගේ කඩේට නෙමේ, අනිත් එකටයි. ඒ කඩේ කලේ තරුණ සුන්දර කාන්තාවක්. බඩු අරං සල්ලි දෙන ගමන් "තෑන්ක් යූ!" කියලත් කියනවා.
හැබැයි එකම ප්‍රශ්ණේ තිබුනේ, මේක අර එලියේ ඉඳලා පොඩි කොටුවක් අස්සෙන් බඩු ගන්න ජාතියේ කඩයක්. අපිට බඩු පේන්නේ අඳුරු කඩේ අස්සේ රාක්කවල තියෙනවා විතරයි.
බෝඩ් එකක් තිබුනේ නැති නිසා, මං මේ කඩේට නම දැම්මා "ගෑනි ගේ කඩේ" කියලා.
මේ පොඩි කොටුව ඇතුලෙන් ගණුදෙනු සේරම වෙන නිසා ද කොහෙද මෙතන පොඩි පෝලිමක් වගේත් හැදෙනවා. හැබැයි, අයිතිකාරයාට ඕනෑ අනු පිලිවෙලටයි බඩු දෙන්නේ කවුරු මුලින් ආවත්. දවසෙන් දෙකෙන් කවුරු මට ඉස්සරහ හිටියත් මට මුල් තැන ලැබුණා.
ඒ කියන්නේ කවුරු එතන හිටියත්, මං ගියාම "ආ ඔයාට මොනවද ඕනෑ" කියලා මේ මනුස්සයා බඩු විකුණනවා. වැඩේ ලේසි වුනාට හැබැයි ඉතිං ඒකේ මට පොඩි පහේ අප්සෙට් එකක් දැනුණා. නිකං ලැජ්ජයි, ලැජ්ජයි වගේ ගතියක්.
http://kathandara.blogspot.com/2011/03/blog-post_21.html
No comments:
New comments are not allowed.