Sunday, March 27, 2011

මෙලෝ රහක් නැති වාර්තාවක් - සමාවෙන්න - Keeping Kathandara Blog in Check

ඉරිද කියන්නේ මෙලෝ සතෙක් බ්ලොග් බලන්නේ නැති දවසක් කියලයි "මගේ ලෝකයේ" අයිතිකාර "රංග" කියන්නේ.

වෙන ඉරිදා දවස් වගේ නෙමේ නේ අද ඉරිදා. ඊයේ රෑ මැච් එක බල බල ඉඳලා තාමත් නිදිමතයි. මේ දවස්වල දවසක් ඇර දවසක් හරියටම උදේ හයට දාන කතන්දරේ අද ඉරිදා සෙට් කරන එකත් ඒ හින්දා මග හැරුණා.

කොහොමටත් අද තියෙන්නේ අළුත් ම කතන්දරයක් නෙමේ, ටිකක් පරණ එකක්. හැබැයි හුඟ දෙනෙකුට මේක මග ඇරිලා ඇති නිසායි ආපහු දාන්නේ.

මේ කතන්දරය ගෙතෙන්නේ, මගේ වැරදි හොයන්න බාර ගත්තු කීප දෙනෙක් (හෝ එක් කෙනෙක්) දාපු ප්‍රශ්ණයක් නිසයි.

මං දවස් කීපයකට කලින් පල කරපු "ගේ ලඟ හන්දියේ රාජා ගේ කඩේ" කතාවට ඊට දවස් තුනකට පස්සේ කමෙන්ටුවක් දාපු "WhoAmI" කියවන්නිය මෙන්න මෙහෙම කියනවා.

==========මෙලෝ රහක් නැති ඒ වාර්තාව මෙතනින් කියවන්න=====================

http://kathandara.blogspot.com/2011/03/keeping-kathandara-blog-in-check.html

No comments:

Post a Comment