Friday, November 25, 2011

සංගීතයක් බලන්න ගිහින්..... At a musical show....

ලඟදි නැද්ද සංගීතයක් හෙම බලන්න ගියේ?

ඉස්සර මං හරි කැමතියි සංගීත සන්දර්ශන බලන්න යන්න. මේ කියන්නේ නොමිලේ තියෙන ඒවා. දාහේ පටි ඕනෑ කරන ඒවා නෙමේ.

මේ සංගීත සන්දර්ශන තිබුනේ මහ රූට. ගෙදරින් කාලා හෙම තමයි අපි යන්නේ. ඒ ගිහින් සංගීතේ ඉවර වෙන කල්ම ඉන්නවා වතුරවත් නැතුව. සමහර විට කඩල ගොට්ටක් කනවා. ෂෝ එක ඉවර වෙන වෙලාව වෙන කොට ගෙදර යන්න බස් නෑ. ඉතිං, හැතැප්ම ගාණක් පයින්ම කොටනවා.

පුදුමෙකට වගේ අපේ තාත්තා මං ඒ වගේ සංගීත සංදර්ශන බලන්න යන එකට කිසිම තහනමක් දැම්මේ නෑ. තාත්තා කොල්ල කාලේ නං කවි මඩු මිසක අපේ කාලේ වගේ සංගීත සංදර්ශන තියෙන්න නැතුව ඇති.

දැන් නං ඉඳලා හිටලා වගේ ගියත් යන්නේ ඒ වගේ එළිමහන් සංදර්ශන හිටගෙන බලන්න නෙමේ. ශාලාවල තියෙන ඒවා පුටුවල ඉඳගෙන බලන්නයි.

ලඟදී දවසක එහෙම ගිය වෙලාවකදී මගේ නිරීක්‍ෂණයට අහුවුණු කාරණා කීපයක් ලියන්නයි මේ හදන්නේ. මේක පොඩි කතා කෑලි දෙකක් විතරයි, ඊට වඩා ඇති දෙයක් නෑ!

http://kathandara.blogspot.com/2011/11/at-musical-show.html

No comments:

Post a Comment