මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.
මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.
එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.
ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.
අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.
http://kathandara.blogspot.com/2011/11/few-quick-recepies-from-ramani.html
No comments:
Post a Comment